රුසියානු විප්ලවයේ මේ සතිය

අප්‍රේල් 24-30: ට්‍රොට්ස්කි කැනඩාවේ බ්‍රිතාන්‍ය සිර කඳවුරෙන් නිදහස් කරයි

2017 අප්‍රේල් 24

කැනඩාවේ සිරකඳවුරකින් ට්‍රොට්ස්කි නිදහස් කරන විට, ලෙනින්ගේ අප්‍රේල් ප්‍රවාද මගින් ඇති කල කම්පනයෙන් බොල්ශෙවික් පක්ෂය පෙට්‍රොග්‍රෑඩය තුල අර්බුදයට ගොස් තිබුනි. පක්ෂයේ නගර සමුලුව ආරම්භවූ අතර ඒ තුල ලෙනින්ගේ ආස්ථානයට සැලකිය යුතු සහායක් හිමි විය. ට්‍රොට්ස්කි කැනඩාවේ බ්‍රිතාන්‍ය සිරගෙයින් නිදහස් කරන ලදී. එහි රඳවා සිටි ජර්මානු සෙබලු ඔහු සමග අඛන්ඩව සම්බන්ධකම් පැවැත්වූහ. බාල තත්වයේ තූර්ය වාදක උපකරන සහිතව විප්ලවවාදී ගීතය වාදනය කරද්දී සෙබලු, රුසියානු විප්ලවයට ආචාර කරමින් හා ජර්මානු ආන්ඩුව හෙලා දකිමින් ඔහුට සමුදුන්හ. ලෙනින්ගේ අප්‍රේල් ප්‍රවාද මගින් ඇති කල කම්පනයෙන් බොල්ශෙවික් පක්ෂය පෙට්‍රොග්‍රෑඩය තුල අර්බුදයට ගොස් තිබුනි. එය අප්‍රේල් 20දා (පැරනි අප්‍රේල් 7) ප්‍රව්ඩා පුවත්පතෙහි පල කලේය. පක්ෂයේ නගර සමුලුව ආරම්භවූ අතර ඒ තුල ලෙනින්ගේ ආස්ථානයට සැලකිය යුතු සහායක් හිමි විය.

යුරෝපීය ජනතාවගේ විප්ලවවාදී මනෝභාවයන් නොතකා අධිරාජ්‍යවාදී පාලක පැලැන්ති, ලක්ෂ ගනන් තරුනයින් ජන සංහාරයට දැක්කූහ. රුසියාවේදී තාවකාලික ආන්ඩුව, යුද්ධය පවත්වාගෙන යාමට සහාය දුන්නේය. යුරෝපය පුරා මුලු සමාජයන්හිම ජනතාව සලාක මත පනගැටගසා ගන්නා, උග්‍ර සාගතයකට මුහුනපා තිබුනි.

1917 අප්‍රේල් 24 බර්ලිනය: යූඑස්පීඩීය අලුතෙන් වැඩවර්ජන ඇතිවීම වැලැක්වීමෙහි නිරතවේ

විල්හෙල්ම් ඩිට්මන්, යූඑස්පීඩීයේ නායකයෙක්

පෙර සතියේ මහ වැඩවර්ජන පැහැදිලි ජයග්‍රහනයකින් තොරව කල්තියා අවසන් වුව ද ජර්මානු අධිරාජ්‍යවාදයේ හදවතෙහිම පැනනැගී ඇති විප්ලවවාදී අර්බුදය මොනවට හෙලිදරව් කලේය. “ශ්‍රේෂ්ඨ මහා වැඩවර්ජනවල පාඩම්” යන ශීර්ෂය යටතේ මාක්ස්වාදී ස්පාටකස් ලීගය පත්‍රිකා බෙදාහැරීමට පටන්ගත්තේය. එය පැවසුවේ “කම්කරුවන් තමන් රැවටීමට ඉඩ දී ඇතැයි” යනුවෙනි.

බර්ලින් කම්කරුවන්ගේ මහ වැඩවර්ජන අවසන් විය. මහා කාලකන්නිකම, මහා නීතිවිරහිතකම, වැටලීමේ තත්වය හා ජනසංහාර නොකඩවා සිදුවේ! එසේම දුර්භික්ෂය! ඇත්ත, ආන්ඩුව මස් හා අර්තාපල් වලින් පාන් හිඟය තුලනය කරන බවට පොරොන්දු විය... එහෙත් අපට කලින් ලැබී තිබුන සලාකය අවශ්‍ය තරමට ගෑවිලාවත් තිබුනේ ද? අපි ආන්ඩුවට පැරනි කාලකන්නිකම පවත්වාගෙන යාමේ සහතිකයක් සමග අප රැවටීමට ඉඩ දී සිටිමු!

උත්තරීතර හමුදා ආඥාපතිත්වය හා ආන්ඩුව සමග පෙලගැසීම ගැන ස්පාටකස් ලීගය, දක්ෂිනාංශික වෘත්තීයසමිති නායකයන් හෙලාදුටුවෝය. අවසානයේ පත්‍රිකාව මැයි දිනයේ අලුත් ප්‍රධාන වර්ජනයක් සඳහා කැඳවුම් කරයි: “කම්කරුවනි! මැයි දිනය සඳහා සූදානම් වන්න. මෙදින සියලු කම්හල් හා වැඩපලවල වැඩ මුලුමනින්ම නතර කල යුතුය! සාමය, නිදහස, පාන් සඳහා අරගලය ඉදිරියට!”

ජෝර්ජ් ලෙඩිබෝ හා විලියම් ඩිට්මන් ඇතුලු ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ (යූඑස්පීඩී) නායකයින් හා එහි පාර්ලිමේන්තු නියෝජිතයෝ පාර්ලිමේන්තුව තුල මෙම වැඩ වර්ජනය සඳහා කැඳවුම් කල විට වහාම ඉන් ඈත් වූහ.

වැඩවර්ජනය පැවැත්වෙද්දී යූඑස්පීඩී නායකයෝ කම්හලක් පාසා ගොස් රැඩිකල් කථා පැවැත්වූහ. ඔවුහු වර්ජකයින් තම ඉල්ලීම්, ආහාර තත්වය වැනි තනිකරම ආර්ථික ප්‍රශ්න වලට හෝ ආන්ඩුව හා යූඑස්පීඩී දේශපාලඥයින් අතර සාකච්ඡා පිලිබඳ බලාපොරොත්තුව මත රැඳවීමට වගබලා ගත්හ. මේ මගින් ආන්ඩුව වාචිකව දුන් පොරොන්දු ගැන කියා වර්ජනය අවසන් කිරීමට දක්ෂිනාංශික වෘත්තීය සමිති වලට ඉඩ ලැබුනි.

අප්‍රේල් 25 මෙසිඩෝනියානු පෙරමුන: බ්‍රිතාන්‍යය හා බල්ගේරියානුවන් අතර ඩෝරියන් සටන ඇරඹෙයි

1917 මෙසිඩෝනියානු පෙරමුන

දින හතරක කාලතුවක්කු වෙඩිමුර වලින් පසුව බ්‍රිතාන්‍ය පාබල හමුදා, මෙසිඩෝනියානු පෙරමුනේ බල්ගේරියානු ආරක්ෂක වලලු බිඳගෙන යාමේ අරමුනෙන් ඉදිරියට ගියහ. සේනාංක තුනක් තුල සංවිධානය කල සෙබලු 43,000ක් පමන ප්‍රහාරයට මෙහෙයවන ලදී.

මෙසිඩෝනියානු පෙරමුන අටවන ලද්දේ 1915ය. 1914 ජූලියේ ඔස්ට්‍රෝ-හංගේරියාව, සර්බියාවට එරෙහි යුද්ධ ප්‍රකාශ කිරීමෙන් පසුව, මුල් අදියර වලදී සර්බියානු භූමිභාගයන්ට ඇතුලුවූ එහි හමුදා පසුබස්වන ලදී. වඩාත් තීරනාත්මක ලෙස සැලකුන දෙවන ආක්‍රමනය, ජර්මානු හා බල්ගේරියානු හමුදා ඒකාබද්ධව දියත් කලේ 1915 ඔක්තෝබරයේය. එම තතු හමුවේ සර්බියානු හමුදාවට ඇල්බේනියානු ආද්‍රියාතික් මුහුද දක්වා පසුබැසීමට බල කලේය. ග්‍රීසියට බ්‍රිතාන්‍ය හමුදා යවනු ලැබුව ද ඔවුන්ගේ පැමිනීම පසු බසින සර්බියානු හමුදාවට සහාය සඳහා ප්‍රමාදවූවා වැඩිය. පසුව මිත්‍ර පාක්ෂික හමුදා මැසිඩෝනියානු පෙරමුන පිහිටුවා ගත්හ. එය ඇල්බේනියා වෙරලෙහි සිට ඒජියන් මුහුද දක්වා පැතිර තිබුනි. එය, ඔස්ට්‍රෝ-හංගේරියානු, බල්ගේරියන්, ජර්මන් හා එවක ඔටෝමන් හමුදාවන්ට එරෙහිව, බ්‍රිතාන්‍ය, ප්‍රන්ස, රුසියානු, ඉතාලියානු, ඇල්බේනියානු හා සර්බියානු හමුදා එක් කලේය.

ඩෝරියන්හිදී බ්‍රිතාන්‍ය හමුදා ආරම්භයේදී බල්ගේරියානු අගල් අල්ලා ගත්ත ද වෙනත් තැන්වල ප්‍රහාරය ලැබූ පරාජය හමුවේ, කලින් සිටි තැන්වලට පසුබැසීමට ඔවුන්ට බල කෙරුනි. ඉන් පසුව අලුතින් පෙරට යාම සඳහා දරන ලද උත්සාහයන් අප්‍රේල් 27 දක්වා පසුබස්වන ලදී අලුතින් ජයග්‍රහනයක් ලැබීමට අසමත් වීමෙන් කලකිරීමට පත් බ්‍රිතාන්‍ය ආඥාපතීහු, මැයි මුල තවත් ප්‍රහාරයක් සඳහා නියෝග කලහ. එය ද පරාජයට පත් කරන ලදී. මැයි 8දා වන විට ඩෝරියන් සටන අවසන්වී තිබුනි. එහිදී 12,000ක් බ්‍රිතාන්‍ය හමුදා ද 2,000ක් බල්ගේරියානුවෝ ද විපතට පත්වූහ.

1917 අප්‍රේල් 26, බර්ලිනය: වෘත්තීය සමිති නායකත්වය උත්තරීතර අනදෙන මන්ඩලය ඉදිරියේ වැඳ වැටෙයි

ලුතිනන් ජෙනරාල් විල්හෙල්ම් ග්රො එනර්

බර්ලිනයේ විශාල කම්හල්වල කම්කරුවන් අතර පැවතියේ කැරලිකාරී මානසිකත්වයකි. මේ අතර ජර්මානු උත්තරීතර ආඥාපති ෆීල්ඩ් මාර්ෂල් ජෙනරාල් පෝල් වොන් හින්ඩන්බර්ග්, ඕනෑම වැඩවර්ජනයක් හෙලා දකින, එවැන්නක් “පීතෘ භූමියට හා පෙරමුනේ සටන්කරන සෙබලුන්ට කරන ද්‍රෝහිකමක්” ලෙස හඳුන්වමින් චක්‍රලේඛයක් නිකුත් කලේය. සමාජ ප්‍රජාතන්ත්‍රික වෘත්තීය සමිති නායකයෝ, යුද්ධය සඳහා තම අනිවාර්ය කැපවීමත්, පූර්න සහායත්, අනාගතයේ එවන් ඕනෑම වර්ජනයක හුස්ම හිරකරන බවටත් අධිරාජ්‍ය ආන්ඩුවට සහතික වීම සඳහා කඩිමුඩියේ දිව ගියහ.

වෘත්තීය සමිති මධ්‍යම නායකත්වයත්, සේවක සංගමයත් යුද කාර්යාලයේ සභාපති විල්හෙල්ම් ග්රො එනර් වෙත මෙසේ ලියා යැවූහ. ඇමති මාර්ෂල් ජෙනරාල් වොන් හින්ඩන්බර්ග්ගේ ලිපිය අප වෙත යොමු කිරීම පිලිබඳව ගරු උතුමානන්ට අප ස්තුතිවන්ත වෙමු. මෙම ලිපියේ මගපෙන්වීම් සමග අපගේ පූර්න එකඟතාව අපි පලකරන්නෙමු.

මේ පැයේදී වැඩ නතර කිරීම් මගහැරගත යුතුව ඇත. ඉහලම ප්‍රමුඛත්වය ලැබෙන්නේ රීකයේ පැවැත්ම හා ආරක්ෂාවටයි... අප වෙහෙස නොබලා පෙන්වාදී ඇති කාරනය නම්, වැඩ වර්ජන මගින්, ආරක්ෂාව සඳහා වන සැපයුම් හිතූමතේට කැපාහැරීම මගින් අපගේ හමුදාවන්ගේ බලය දුබල කිරීමට යොමුවූ අය, අපගේ රටට එරෙහිව සිදුකරන්නේ පාපයක් බවයි. අප ගෞරවනීය ඔබ තුමාගෙන් ඉල්ලා සිටින්නේ, මෙම ලිපිය ගැන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් ජෙනරාල් වොන් හින්ඩන්බර්ග්ට දැනුම් දෙන ලෙසයි.

මේ ලිපිය ඊට පසුවදා, එනම් අප්‍රේල් 27දා ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍ර” පක්ෂයේ (එස්පීඩී) ප්‍රධාන පුවත්පත වන ෆොර්වර් ට්ස්හි Vorwärts පල කරන ලදී.

අප්‍රේල් 26දා ප්‍රන්සයේ ශාන්ත ජීන් ඩි මොරියන්: අධිරාජ්‍යවාදී බලවත්තු ඇනටෝලියාව බෙදාගැනීමට සාකච්ඡා කරති

සිතියම පෙන්වන්නේ, ඔටෝමන් අධිරාජ්‍යයේ යෝජිත බෙදීමයි

ඉතාලිය ප්‍රන්සය හා මහා බ්‍රිතාන්‍යය යන රටවල නියෝජිතයේ, වයඹ දිග ප්‍රන්සයේ මෙම ගමෙහිදී හමුවී, මැදපෙරදිග සටන් වලට ඉතාලිය හවුල් කර ගැනීම පිලිබඳව සාකච්ඡා කලහ. මෙහිදී ඊසානදිග ඇනටෝලියාවේ, එනම් වර්තමාන තුර්කියේ පාලනය ඉතාලියට පිලිගන්වයි. රුසියාවට ඉස්තාන්බුල් හා එහි සමුද්‍ර සන්ධි ලබාදෙන බවට දී ඇති මිත්‍ර පාක්ෂික පොරොන්දු ගැන උත්සුකවන රුසියාවේ තාවකාලික ආන්ඩුව මේ සමුලුවට කැඳවා නොතිබුනි. ශාන්ත - ජීන්-ඩි-මෝරියන්ට පසුව ආ සයික්ස්-පිකොට් ගිවිසුම, මැද පෙරදිග බ්‍රිතාන්‍යය හා ප්‍රන්සය අතර බෙදාගැනීම අරමුනු කරගත්තේය.

අධිරාජ්‍යවාදී බලවත්තු බහුවාර්ගික, බහු ආගමික ඔටෝමන් අධිරාජ්‍යය මුලුමනින්ම කැබලි කිරීමට සැලසුම් කලහ. ලිවෙන්ටහිදී බ්‍රිතාන්‍යය, ප්‍රන්සය හා ඉතාලිය, අරාබි මහාද්වීපය හා ඇනටෝලියාව යන අලුතෙන් නිර්මානය කල අරාබි හා තුර්කි කොලනිවල ආධිපත්‍යය තබාගැනීමට අදහස් කරගෙන සිටියේය. නැගෙනහිර ඇනටෝලියාව හා කෝකසස්හි, පලමුවෙන් සාර් නිකොලස් යටතේ ද පසුව තාවකාලික ආන්ඩුව යටතේ ද රුසියාව, තමන්ගේ අනුහස ඇති ආමේනියානු රාජ්‍යයක් නිර්මානය කිරීම තුලින් ඔටෝමන් අධිරාජ්‍ය විසුරුවා හැරීමට තර්ජනය කරමින්, ආර්මේනියානු ජාතිකවාදය ගසාකෑවේය.

මේ අතර ඔටෝමන් ආන්ඩුවේ අධිකාරය දැරූ තුර්කි ජාතිකවාදීහු, වාර්ගික පවිත්‍රීකරනය හා සමූහ ඝාතන ව්‍යා පාරයක්, අධිරාජ්‍යයේ ආර්මේනියානුවන්ට එරෙහිව දියත් කල අතර රාජ්‍යය විසින් ලක්ෂ හයක් හා ලක්ෂ 15ක් අතර ජනතාව වනසා දැමීය.

අප්‍රේල් 27 (පැරනි අප්‍රේල් 14) පෙට්‍රොග්‍රෑඩ්: බොල්ශෙවිකයන්ගේ පෙට්‍රොග්‍රෑඩ් නගර සමුලුව ඇරඹේ.

1917 අප්‍රේල්, ලෙනින් ටෝරයිඩ් මාලිගයේදී පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව අමතයි

අප්‍රේල් 22දා (පැරනි) දක්වා පැවති බොල්ශෙවික් පෙට්‍රොග්‍රෑඩ් නගර සමුලුවේදී ලෙනින්, සිය අප්‍රේල් ප්‍රවාද සඳහා සැලකිය යුතු අනුමැතියක් ලබා ගත්තේය. 37ට 3ක් ලෙස ලැබුනු ඡන්දයේදී සමුලුව, තාවකාලික ආන්ඩුව හෙලා දකින යෝජනාවක් හා අවසානයේ බලය සෝවියට් සභා වෙත මාරුකල යුතුයයි යෝජනාවක් සම්මත කලේය. එය කෙටුම්පත් කරනු ලැබුවේ ලෙනින් විසින්ය. පෙට්‍රොග්‍රෑඩයට පෙරලා පැමිනීමෙන් පසුව ලෙනින් විසින් ලබාගත් පලමු සැලකිය යුතු ජයග්‍රහනය එය විය.

තම අප්‍රේල් ප්‍රවාදයන්හි ලෙනින්, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ සාරය අන්තර්ගත කර ගත්තේය. ලෙනින් මෙන්ෂෙවිකයන්ගෙන් නිල වශයෙන් බිඳී වෙන්වීමටත්, පක්ෂය කොමියුනිස්ට් පක්ෂය ලෙස යලි නම්කල යුතු බවටත්, නව විප්ලවවාදී ජාත්‍යන්තරයක් පිහිටුවිය යුතු බවටත්, රුසියානු කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගන්නා මූලෝපායික යොමුවක් හා විප්ලවය යුරෝපය පුරා පැතිරවීම ද යෝජනා කලේය. නගර සමුලුවේදී කමනෙව් හා රයිකොව් ඇතුලු පක්ෂයේ දක්ෂිනාංශය විසින් ලෙනින්ගේ අදහස් වලට විරුද්ධත්වය පල කරනු ලැබුනි.

ලෙනින්ගේ අප්‍රේල් ප්‍රවාද පක්ෂ නායකත්වය තුල “පැරනි බොල්ශෙවිකයන්” බොහොමයක් තිගැස්මට පත් කල ද පක්ෂයේ පසු පෙලෙන් ඊට සැලකිය යුතු සහායක් ලැබුනි. නගර සමුලුවේදී ලෙනින් ගරු සභාපති ලෙස පත්කරගත් අතර “වත්මන් කර්තව්‍යයෝ-වත්මන් තත්වය” යන මැයෙන් ප්‍රධාන දේශපාලන වාර්තාව ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. ලෙනින්ගේ අප්‍රේල් ප්‍රවාද පක්ෂ නායකත්වයේ “පැරනි බොල්ශෙවිකයන්” තිගැස්මට පත් කල ද ඒවා පක්ෂයේ පසුපෙලින් සැලකිය යුතු සහායක් දිනා ගත්තේය. නගර සමුලුවේදී ලෙනින් ගරු සභාපති ලෙස පත්වූ අතර “වත්මන් කර්තව්‍යයෝ-වත්මන් තත්වය” යන මැයෙන් ප්‍රධාන දේශපාලන වාර්තාව ඉදිරිපත් කලේය. “තවකාලික ආන්ඩුව හා යුද්ධය පිලිබඳ ආකල්පය” ගැන මූලික යෝජනා කෙටුම්පත් කරන කමිටුවට සහභාගී වීමට ද ඔහුට ඉඩ සැලසෙන්නේය. යෝජනාවන්ට ඇතුලත් විය යුතු කරුනු ලෙනින් ඉදිරිපත් කලේය. “නගර සභා ඡන්ද පිලිබඳව හා සමාජ විප්ලවවාදීන්, මෙන්ෂෙවික් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කන්ඩායම් දෙකටම අයත් නොවන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා තවත් එවැනි දේශපාලන ප්‍රවාහයන්” ඒ අතර විය.

බොල්ශෙවික් පක්ෂය 1912න් මෙපිට නිල සමුලුවක් පවත්වා නොතිබුනි. මේ සතියේ නගර සමුලුවෙහි යෝජනා, එලඹෙන සමස්ත රුසියානු බොල්ශෙවික් සමුලුවේ යෝජනා සඳහා පදනම සපයයි.

1917 අප්‍රේල් 27, බර්ලිනය: වැඩවර්ජිත කම්කරුවන්ට එරෙහි පලිගැනීමේ ව්‍යාපාරය

කාලකන්නි කර් නියෝගය

ෆ්‍රෝවර්ට්ස් Vorwärts යන ප්‍රමුඛ සමාජ ප්‍රජාතන්ත්‍ර පුවත්පතේ තීරනාත්මක සහයෝගය සහිතව ජෙනරාල් විල්හෙල්ම් ග්‍රොඑනර් විසින් නිකුත් කරන ලද නියෝගය සියලු කම්හල් තුල ප්‍රදර්ශනය කෙරේ:

අරාස් බටහිර අස්නි හා ෂැම්පේන්හි අලු පැහැගත් පිට්ටනිවල අපගේ සහෝදරයෝ, ලෝක ඉතිහාසයේ රුදුරුම හා බරපතලම සටනේදී නැගීී සිටිති. අපගේ හමුදා සතුරාට මුහුනදෙන විට වැඩවර්ජනය කරන කවරෙකු හෝ කාලකන්නි කර් ((Hundsfott) කෙනෙකි. ගරුකටයුතු කම්කරුවන්ට, සියලු වර්ගයේ ධෛර්ය සම්පන්න මිනිසුන්ට හා ගැහැනුන්ට මෙහිදී මම නියෝග කරන්නේ, වෙඩිබෙහෙත් කම්හල් වලදී එකමුතුව තම සහෝදරයින්ට දැනුම් දිය යුත්තේ, අපගේ කාලය කෙතරම් දුෂ්කර ද හා අපගේ අනාගත පීතෘ භූමියට අප සියලු දෙනාගෙන් අවශ්‍ය වන්නේ කුමක් ද යන්නය. තව තවත් වැඩ කරන්න, අවාසනාවන්ත යුද්ධය අවසන් වනතෙක් වැඩ කරන්න.... හින්ඩන්බර්ග්ගේ ලිපිය යලි යලිත් කියවන්න. එහිදී ඔබට අපගේ නරකම සතුරන් සැඟවී ඇත්තේ කොතැනකදැයි පැහැදිලි වනු ඇත. නරකම සතුරන් ඇත්තේ අප අතරමය. ඔවුන් බියගුල්ලෝය, ඉනුත් නරකම එවුන් වර්ජන සඳහා උද්ඝෝෂනය කරයි. සමස්ත ජනතාව ඉදිරියේ ඔවුන් හෙලා දැකීම අවශ්‍යය, පීතෘ භූමියටත් හමුදාවන්ටත් ඔවුන් ද්‍රෝහී වෙයි....

මෙම “ඊනියා කර් නියෝගය” (Hundsfott Aufruf) කම්කරුවන් ඉදිරියේ වෙනත් බලපෑම් ඇතිකරමින්, ඉක්මනින්ම හෙලාදැකීමට ලක්විය. අධිරාජ්‍යයා හා හමුදා උත්තරීතර ආඥාපතිත්වය කෙරෙහි වෛරය, පෙරමුනේ අගල් තුල පමනක් නොව රට තුලමත් වැඩී ගියේය.

ඊට සපුරා පටහැනි ආකාරයට වෘත්තීය සමිති නිලධරය, නියෝගය ක්‍රියාවට නගමින් එය උනන්දුවෙන් අනුගමනය කලහ. වැඩ වර්ජන වලට සහභාගී වන කම්කරුවන්, විශේෂයෙන්ම නායකයින් හා වඩාත් ක්‍රියාශීලී කොටස්, හඳුනා ගැනීමට සමිති නායකයෝ උදව් කලහ. ඔවුන් වහාම හමුදාවට බඳවාගෙන පෙරමුනට යවනු ලැබුනි. බොහෝවිට ඔවුන්ගේ මරනය කරාය.

මෙම සටනේදී ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ මාධ්‍යමික නායකයෝ, දක්ෂිනාංශික එස්පීඩී හා සමිති නායකත්වය සමග බැරිකේඩයේ එක පැත්තෙහි සිටගත්හ. ජෙනරාල් ග්‍රොඑනර් සමග පැවති රැස්වීමකදී ස්වාධීන එස්පීඩී නායක හියුගෝ හසී, “මැයි දිනයදා කිසිදු වර්ජනයක් නොපවතින බවට” හා කුමන තත්වයක් යටතේ වුව වැඩවර්ජන හටගැනීමට එරෙහිව තමන් සතු සියලු බලය යොදන බවට, ඔහුට පොරොන්දු විය. කෙසේ වුවත් මේ කාරනය ප්‍රසිද්ධියට පත්වුනේ, 1 ලෝක යුද්ධය අවසන්වී වසර 7ක් ගතවූවාටත් පසුවය.

අප්‍රේල් 29 (පැරනි අප්‍රේල් 16) නොවාස්කෝෂියාවේ හැලිෆැක්ස්: ට්‍රොට්ස්කි රැඳවුම් කඳවුරෙන් නිදහස් කරයි

ට්‍රොට්ස්කි, “බ්‍රිතාන්‍යයන් විසින් සිරගත කිරීම” නමින් 1918 පල කල පොත් පිංචක පිට කවරය

ඇම්හර්ස්ට් යුද සිරකරුවන්ගේ කඳවුරෙහි සිටි ට්‍රොට්ස්කි හා අනෙකුත් රුසියානු සංක්‍රමනිකයන්ට කඳවුරේ ආඥාපති කර්නල් මොරිස් විසින් නියෝග කරනු ලැබුවේ, ඔවුන් ඉවත් කරන බවත් සිය බඩු බාහිරාදිය සූදානම් කරගන්නා ලෙසත්ය. තම ගමනාන්තය ගැන දැන නොසිටීම හා බ්‍රිතාන්‍යයින් යටතේ තමන්ට ලැබුන සැලකිලි ගැන අත්දැකීම් සහිත ඔවුහු යන්නේ කොහාට ද යන්න තමන්ට දැනුම්දෙන තුරු කඳවුරෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කලහ.

රැකවල්ලු, සිරකරුවන්ගේ බඩු බාහිරාදිය ඉවත් කිරීම වැනි බලහත්කාරී පියවර ගැනීමට උත්සාහ කලහ. සිය ගනනක් නාවිකයන් හා සෙබලුන්ගේ වැඩී ආ ප්‍රතිරෝධය හමුවේ මොරිස් අවසානයේදී කියා සිටියේ, ට්‍රොට්ස්කි හා අනෙක් පිටුවහලුන් ඕලන්ද දුම් නැවකින් යුරෝපයට යවන බවය.

පසුව ට්‍රොට්ස්කි, තමා සිරභාරයේ සිටියදී නාවිකයන් හා සෙබලුන්ගෙන් ලැබුනු උනුසුම් ප්‍රතිචාරය ගැන සිහිපත් කරයි. මගේ ජීවිතය කෘතියේදී ඔහු, තම කැනේඩියානු රැඳවුම “එක් අඛන්ඩ රැස්වීමක් වැනි” බව පවසයි. “මම රුසියානු විප්ලවය ගැන, ලිබ්නෙක්ට්, ලෙනින් ගැන, සිරකරුවන්ට කියා දුනිමි. පැරනි ජාත්‍යන්තරය බිඳවැටීමේ හේතු ද එක්සත් ජනපදය යුද්ධයට මැදිහත්වීම ගැන ද මම ඔවුන්ට කියා දුනිමි. මේ කථා පසෙකින් අපි නිතර කන්ඩායම් වශයෙන් සාකච්ඡා පැවැත්වූවෙමු. අපගේ මිත්‍රත්වය දිනක් පාසා වර්ධනය විය.”

එක් අවස්ථාවක බ්‍රිතාන්‍ය රැකවලුන් ට්‍රොට්ස්කිට ප්‍රසිද්ධ කථා පැවැත්වීම තහනම් කල විට, එයට විරෝධය පලකරමින් සිරකරුවන් 850 දෙනාගෙන් 533ක් අත්සන් තැබූ පෙත්සමක්, බලධාරීන් වෙත ඉදිරිපත් කලේය.

ඊට පටහැනි ලෙස සිරගත කර සිටි හමුදා නිලධාරීන් කුඩා කන්ඩායමක් ට්‍රොට්ස්කිට සතුරු වූහ. ඔවුන් රඳවා සිටියේ ලෑලි ගසා අනෙකුත් සෙබලුන්ගෙන් වෙන්කල කොටසකය.

මෙම සම්බන්ධය ට්‍රොට්ස්කි ඉවත්ව යන තෙක්ම පැවතුනි.

අප කඳවුරෙන් ඉවත ගෙන යන අවස්ථාවේ සහෝදර සිරකරුවන්, ඉතා බලවත් සමුගැනීමක් පැවැත්විය. නිලධරුවන් තම කුටි තුලට වී සිටි අතර සිදුරු තුලින් කුඩා පිරිසක් පමනක් බලා සිටියහ. නාවිකයින් හා කම්කරුවන් පැසේජය දෙපස පෙලගැසී සිටියදී බාල වර්ගයේ බෑන්ඞ් එකක් ජාත්යුන්තර ගීය වාදනය කලේය. සෑම කොනකින්ම අප වෙත දිගු වූයේ මිත්‍රත්වයේ දෙඅත්ය. එක් සිරකරුවෙක් කෙටි කථාවක් පැවැත්වීය. ඔහු රුසියානු විප්ලවයට ජය පතා ජර්මානු රාජාන්ඩුවට සාප කලේය. යුද්ධය මැද්දෑවේ ඇම්හර්ස්ට්හිදී, අපි ජර්මානු නාවිකයන් සමග සහෝදරත්වයෙන් බැඳුනු ආකාරය මතක් වන විට දැන් පවා මගේ සිතට නැගෙන්නේ සතුටකි.

ට්‍රොට්ස්කි හා රුසියානු සිරකරුවන් නිදහස් කිරීමේලා පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව තීරක ක්‍රියාකලාපයක් ඉටු කලේය. ඔවුන් සිරකරුවන්ගේ නිදහස ඉල්ලා සිටින ලෙස තාවකාලික ආන්ඩුවට බල කලේය.

තම රඳවා තැබීම පිලිබඳ පිලිතුරු නොලැබුන ප්‍රශ්නය කැටි කර දක්වමින් ට්‍රොට්ස්කි, අත්ලාන්තික් සාගරය හරහා යෙදුනු සිය ගමනේදී විදේශ ඇමති මිලියුකොව් වෙත ලිපියක් යැවීය:

අප අත්අඩංගුවට ගත්තේ කවුරුන් විසින් කුමක් නිසා ද? බ්‍රිතාන්‍යයට ආන්ඩුවට පිලිගත නොහැකි අදහස් දරන රුසියානු පුරවැසියන් රඳවා තැබීමට දුන් පොදු නියෝගය සැබවින්ම ආවේ බ්‍රිතාන්‍ය ආන්ඩුවෙන්ය යන්න ගැන සැකයක් තිබිය නොහැකිය. මන්ද යත්, අන්තිමේදී ලොයිඩ් ජෝර්ජ් බලයට පත් වුන එම දැවැන්ත ශක්තියේ නාමයෙන්, ඒ බලය කුමක්දැයි විදහා පෑම සඳහා වාසනාවට ලැබුනු මේ අවස්ථාව දැන් අත හැරිය නොහැකි වූ හෙයිනි. විසඳාගත යුතු තවත් එක ප්‍රශ්නයක් නම්, අප අත්අඩංගුවට ගත යුතු පුද්ගලයන් යයි බ්‍රිතාන්‍ය සහ කැනඩා අධිකාරින් ට පෙන්වා දුන්නේ කව්රුන් විසින් ද ? දින 3-4ක් ඇතුලත හැලිෆක්ස් අධිකාරයට, අපගේ අදහස් මොනවාදැයි දැනුම් දුන්නේ කවුරුන් විසින්ද ? අදාල සිද්ධින් මාලාවක් ම පෙන්නුම් කරන්නේ, යුද සගයන්ට මෙම සේවාව සපයන ලද්දේ, අලුත්වැඩියා කරන ලද රුසියානු තානාපති කාර්යාලය විසින්ම බවයි. තමන්ගේ නිල නාමයෙන් “අධිරාජ්‍ය” යන්න කපාදමා සාර් නිකොලස් රජුගේ රූපය තානාපති කාර්යාලයේ පිලිගැනීම් කාමරයෙන් අයින් කල එම තානාපති කාර්යාලය විසින්ම බවයි.

ජර්මානු චිත්‍රශිල්පි මැක්ස් ස්ලිවොග් යුද්ධය පිලිබඳ ඔහුගේ කෘතීන් එලිදක්වයි

මැක්ස් ස්ලිවොග්ගේ මිලිටරි සේවයේ වෘත්තාන්ත (පියාඹන අශ්වයා [Pegasus] ) ලිතෝ මුද්‍රන (මූලාශ්‍රය: මේන්ස්හි ලෑන්ඩ් කෞතුකාගාරය [Landesmuseum Mainz])

ජර්මානු භාවමය චිත්‍ර ශිල්පි මැක්ස් ස්ලිවොග් (1868-1932) මේ වසරේ, චිත්‍ර හා දිය සායම් සිතුවම් සමග තම යුද දිනපොතඉතිහාසය නම් ගොනුව ද එලි දැක්වීය. කෘති දෙකේදීම ඔහු යුද්ධයේ පචන්ඩත්වය ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි. ඔහුගේ ඉතිහාසය ගොනුවට, ෆීල්ඩ් මාර්ෂල් ජෙනරාල් පෝල් වොන් හින්ඩන්බර්ග් සිහිගන්වන, උත්තරීතර හමුදා ආඥාපති වැනි බිහිසුනු ලිතෝමුද්‍රන ඇතුලත්ය. ඔහු පුටු ඇන්දට හේත්තුවී ඇති හිසෙහි තම දබර ඇඟිල්ල තබගෙන සිටියි. හිසෙහි, මොලයේ කොටස් පෙන්නුම් කරන අතර සමහර කොටස් බිම විසිරී ඇත. අනෙකුත් ලිතෝ මුද්‍රන අතර වික්ටර්ගේ සිහිනය, මිලිටරි සේවයේ වෘතාන්තය, හා අවසානය වේ. අවසානය යන සිතුවමෙහි, යුද්ධයෙන් ආබාධිත වූ මිනිසෙකු කොර ගසමින් ගසක් අසල හිටවා ඇති කුරුස සමූහයක් පසුකර යද්දී, එම ගැට සහිත ගසට ඉහලින් රාජාලියෙක් පියාසර කරනු දැක්වේ.

බොහෝ ජර්මානු කලාකරුවන් මෙන් මැක්ස් ස්ලිවොග් ද 1914 යුද්ධ සේවය වෙනුවෙන් කැමැත්තෙන්ම ඉදිරිපත්වූ අයෙකි. ඒ සෙබලෙක් ලෙස නොව නිල යුද චිත්‍රශිල්පියෙකු ලෙසය. එහෙත් අධිරාජ්‍යය පුරා ප්‍රසිද්ධියට පත්ව සිටි කලාකරුවෙක් ලෙස යමෙකු ඔහුගෙන් බලාපොරොත්තු වූ ආකාරයේ දැවැන්ත සටන් චිත්‍ර ඔහු සම්පාදනය කලේ නැත. ඒ වෙනුවට දිය සායම් ද ඇතුලු සිංහයින්ගේ පල්ලිය වැනි ඔහුගේ චිත්‍ර පෙන්වන්නේ, තුවාලකරුවන් හා තුවාල ලත් ඉංග්‍රීසි සෙබලු සහිත පල්ලියකි. එය රුදුරු විනාශය නිරූපනය කරයි. යුද පෙරමුනට ගිය පසුව ඒ සඳහා මුලින් ඔහුට පැවති උද්‍යෝගය මැකී ගියේය. යුද්ධය පිලිබඳ ඔහුගේ අදහස් චිත්‍රයට නැගීමට ඉඩ ලැබෙන අයුරින්, ආපසු නිවෙස බලා යාමට ඔහුට අවසර ලැබුනි.