"දාර්ශනිකයින් මෙතෙක් කර ඇත්තේ ලෝකය විවිධ ක්‍රම වලින් විමසා බැලීම පමනි, එහෙත් අවශ්‍ය වන්නේ එය වෙනස් කිරීමයි." (කාල් මාක්ස්, 1845)

නූතන ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨතම දාර්ශනිකයා වූ ද විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ වූ ද කාල් මාක්ස්ගේ උපතෙන් දෙසිය වන සංවත්සරය 2018 මැයි මස 5දාට යෙදී ඇත. මාක්ස්ගේ රන හඬ වූ ”ලෝකයේ කම්කරුවනි එක්වව්!” යන්න අද දිනයේ සෑම මහාද්වීපයකම නැගී එමින් ඇති පන්ති අරගලය මධ්‍යයේ රැව් පිලිරැව් දෙන්නේය. 2018 පලමු සිව් මාසය තුල දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවෝ දශක ගනනාවකින් පසුව ඇතිව තිබෙන දැවැන්තම පෙලපාලි හා වැඩවර්ජනයන්ට සහභාගී වූහ.

කම්කරු පන්තිය සූරාකෑම මත පදනම්ව ඇති ධනේශ්වර ක්‍රමය අර්බුදයෙන් දෙදරුම් කා ඇත.

ලෝකය පුරාම පාලක ප්‍රභූවන් තම ධනය හා මෙම බංකොලොත් පද්ධතිය රැක ගැනීමට උත්සාහ කරන්නේ, යුද්ධය හා මර්දනය යොදාගනිමින්ය. ආන්ඩු හා සංගත ලොව පුරා කම්කරුවන් සමාජ අසමානත්වයටත්, ආඥාදායකත්වයට හා යුද්ධයටත් එරෙහි පොදු අරගලයකට පිවිසීමේ මාධ්‍ය ලෙස, තොරතුරු හා සන්නිවේදනයේ විප්ලවකාරී මූලාශ්‍රය වන අන්තර්ජාලය වාරනය කරමින් සිටී.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මාක්ස්ගේ උපන් දිනය සමරන්නේ, කම්කරු පන්ති සහෝදරත්වයේ දිනය වන ජත්‍යන්තර මැයි දිනයට සමගාමීව ලොව පුරා රටවල් රැසක සහභාගිත්වයෙන් යුත් අන්තර්ජාල රුලියක් සමගිනි. හතරවන ජාත්‍යන්තරයේ ලොව පුරා සිටින නායකයින් කථිකයන් ලෙස සහභාගී වන අතර මෙම ඓතිහාසික අවස්ථාවට සම්බන්ධ වීම පිනිස ලියාපදිංචි වන්න.