Why and How the GPU Murdered Leon Trotsky - WSWS online interviews with David North October 3 and 10

ඔක්තෝබර් 03 හා ඔක්තෝබර් 10, රාත්‍රි 10.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා, ශ‍්‍රී ලංකා වේලාව

මීට හැත්තෑ පස් වසරකට පෙර 1940 අගෝස්තු 20 දින ලියොන් ට්‍රොට්ස්කි, එවකට ඔහු පිටුවහලේ ජීවත්ව සිටි මෙක්සිකෝ සිටිහි උප නගරයක් වූ කොයොආකාන්හිදී, ජීපීයූ නමැති සෝවියට් රහස් පොලිසියේ ඒජන්තයෙකු විසින් ඝාතනය කෙරුනි. එමඟින් ලෝක සමාජවාදී විප්ලවයේ ශ්‍රේෂ්ඨ න්‍යායාචාර්යවරයාගේ ද නූතන දේශපාලන ඉතිහාසයේ යෝධ පුරුෂයෙකුගේ ද ජීවිතය අවසන් විය.

ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය, විසිවන සියවසේ දේශපාලනිකව අතිශයින්ම අර්ථභාරී අපරාධ අතරට ගැනේ. එය ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ ද වර්ධනය සඳහා දුර දිග යන හා දිගු කල් පවතින ප්‍රතිවිපාක ජනනය කලේය. එහෙත් දශක ගනනාවක් යන තෙක් ට්‍රොට්ස්කි ඝාතනය වටා පැවති වාතාවරනය නිහඬ බව තුල යටපත්ව තිබුනි. ට්‍රොට්ස්කිට එරෙහි ස්ටැලින්වාදයේ දැවැන්ත පරිමාන කුමන්ත්‍රනය, විශේෂයෙන්ම ජීපීයූව විසින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනිවිද ගොස් තිබුනු දුර, ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද යටගැසීමට හේතුව විය.

1975දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, 1940 ඝාතනය පිලිබඳව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ පලමුවන පෘතුල හා ක්‍රමානුකූල පරීක්ෂනය දියත් කරන ලදී. ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය නමින් දන්නා මෙම පරීක්ෂනය, ට්‍රොට්ස්කිගේ ජීවිතයට එරෙහිව ස්ටැලින්ගේ කුමන්ත්‍රනයෙහි සාර්ථකත්වය සහතික කල, හතරවන ජාත්‍යන්තරය අභ්‍යන්තරයේ ක්‍රියාත්මකවූ, විශේෂයෙන්ම පැරිසියේ, මෙක්සිකෝ සිටි හා නිව් යෝර්ක් නගරවල ජීපීයූ ඒජන්ත ජාලය හෙලිදරව් කිරීමට මුල් විය. ජාත්‍යන්තර කමිටුවේ පරීක්ෂනයට පැබ්ලෝවාදීහු හා ව්‍යාජ වාම සංවිධාන දරුනු ලෙස විරුද්ධ වූහ. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඇතුලත පැලපදියම් කර සිටි ඔත්තුකරුවන් හෙලිදරව් කිරීම, “ඒජන්ත ඇම වැනීම” ලෙස ඔවුන්ගේ හෙලා දැකීමට ලක් විය. සෝවියට් සංඟමය විසුරුවා හැරීමෙන් පසුව මුදාහරින ලද රාජ්‍ය ඔත්තු සේවා ලියකියවිලි, ජාත්‍යන්තර කමිටුවේ සොයාගැනීම් තහවුරු කර, ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය සුජාත කර තිබියදීත් ඔවුන්ගේ ආස්ථානය එලෙසම පවතී.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘමන්ඬලයෙහි සභාපති වන ඩේවිඩ් නෝර්ත්, ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හතලිස් වසරක ඉතිහාසය තුල ප්‍රමුඛ චරිතයක් බවට පත්ව සිටියි. ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය පරීක්ෂනය තුල ඔහු මූලික ක්‍රියාකලාපයක් ඉටු කලේය. මෙම ඔන්ලයින් සම්මුඛ සාකච්ඡාවන්හිදී ලෝසවෙඅ මාධ්‍යවේදී ඇන්ඩ්‍රියා පීටර්ස්, ට්‍රොට්ස්කි ඝාතනයේ අර්ථභාරය, ජාත්‍යන්තර කමිටුවේ පරීක්ෂනයෙහි මූලාරම්භය හා වර්ධනය ද පරීක්ෂනයේ මූලික සොයාගැනීම් ද පිලිබඳව නෝර්ත් සමඟ කතාබහ කරනු ඇත.

ඔක්තෝබර් 03 වන සෙනසුරාදා හා ඔක්තෝබර් 10වන සෙනසුරාදා එක්සත් ජනපද නැගෙනහිර දහවල් වේලාවෙන් පව. 1.00 ට සම්මුඛ සාකච්ඡා ආරම්භ කෙරෙනු ඇත. (කාලවේලා කලාප පරිවර්තන අදාලය - ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 10.30 ට.) සවන් දෙන්නේ හා සහභාගී වන්නේ කෙසේ ද යන්න පිලිබඳ තොරතුරු දැනගැනීම පිනිස කරුනාකර පහත දැක්වෙන පෝරමය යොදාගෙන ලියාපදිංචි වන්න. මෙම වැදගත් සිද්ධිය වෙනුවෙන් දරන වියදම් පියවාගැනීමට මුදල් පරිත්‍යාග කරන ලෙස අපගේ පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Submitting the registration below will register you for both the October 3 and October 10 events.

Available from Mehring Books

ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත් නූතනවාදය හා ව්‍යාජ වමේ දේශපාලනය: මාක්ස්වාදී විමසුමක්

ඩේවිඩ් නෝර්ත් විසිනි

මෙම වෙලුමට ඇතුලත් විවාදාත්මක රචනා, ඉතිහාසය, දර්ශනවාදය හා දේශපාලනය අතර සංකීර්න අන්තර් ක්‍රියාකාරිත්වය විමසා බලයි. ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයට හා පශ්චාත් නූතනවාදයට සම්බන්ධ, මාක්ස්වාදයට සතුරු සමකාලීන දාර්ශනික ප්‍රවනතාවන්ට එරෙහිව කතුවරයා, ඓතිහාසික භෞතිකවාදය ආරක්ෂා කරයි.

විමසා බැලෙන මාතෘකා අතර, බුද්ධි ප්‍රබෝධයේ සම්ප්‍රධායන්ට එරෙහි අතාර්කිකවාදී ප්‍රහාරය, නූතන මනෝරාජිකවාදයේ ප්‍රතිගාමී ස්වභාවය හා වෛෂයික දේශපාලන යථාර්තය වටහාගැනීම තුල ඓතිහාසිකව මෙහෙයවෙන සවිඥානකත්වයේ අර්ථභාරය, වේ. මෙම කෘතිය, හෙන්ඩ්‍රික් ඩි මෑන්, අර්නස්ට් බ්ලොච්, විල්හෙල්ම් රීච් හා හර්බට් මාර්කියුස් වැනි නව-යුතෝපියානු න්‍යායාචාර්යවරුන්ගේ කෘති ඇගැයීමට ලක් කරයි.

Order online

රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස

ඩේවිඩ් නෝර්ත් විසිනි

ප්‍රථම ලෝක සංග්‍රාමයෙන් හා රුසියානු විප්ලවයෙන් සිය වසරකට පසුව ද ව්‍යසනකාරී යුද්ධ, ආර්ථික අර්බුද, සමාජ අසමානතාවය හා ආඥාදායකත්වයේ තර්ජනය යන විසිවන සියවසේ කිසිදු ගැටලුවක් විසඳී ඇත්තේ නැත. සත්තකින්ම අද දිනයේ ඒවා ඊටත් වඩා තියුනු ලෙස අභිමුඛවී ඇතුවා පමනි.

සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංඟමය විසුරුවා හැරීම සලකුනු කරන්නේ, ෆ්‍රැන්සිස් ෆුකුයාමාට අනුව “ඉතිහාසයේ අවසානය” බවත්, එරික් හොබ්ස්බෝම්ට අනුව “කෙටි විසිවන සියවස” බවත් ය යන මතය දරා සිටින සමකාලීන ඉතිහාසඥයින්ට එරෙහිව ඩේවිඩ් නෝර්ත් තර්ක කරයි.

Order online

ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා

ඩේවිඩ් නෝර්ත් විසිනි

මෙම කෘතිය, ඉයන් තැචර්, ජෙෆ්රි ස්වේන් හා රොබට් සර්විස් යන බ්‍රිතාන්‍ය ඉතිහාසඥයින් තිදෙනා විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ට්‍රොට්ස්කි චරිතාපදාන පිලිබඳ තැතිගන්වන ප්‍රතික්ෂේපයක් අන්තර්ගත කර ගනී.

සාධක හා සවිස්තරාත්මක විශ්ලේෂනයක් පෙලගස්වමින් නෝර්ත්, එම ව්‍යායාමය වනාහි, 1920 ගනන්වල ස්ටැලින්වාදී නිලධරය විසින් පලමුව මූලිකත්වය ගනු ලැබූ ට්‍රොට්ස්කිට විරුද්ධ ඓතිහාසික මුසාකරන ව්‍යාපාරයේම දිගුවක් බව පැහැදිලි කරයි.

Order online