අසාන්ජ් හා මැනිං නිදහස් කරනු! සසප හා සසජාතශි කොලඹදී උද්ඝෝෂනයක් පවත්වයි

මෙම ලිපිය 2020 පෙබරවාරි 2 දින ඉංග්‍රීසි බසින් පලවිය

ජුලියන් අසාන්ජ් හා චෙල්සි මැනිං වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කිරීමට බල කරමින්, සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ මාර්තු 3දා කොලඹදී උද්ඝෝෂනය කරයි. එය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගෝලීයව ගෙනයන උද්ඝෝෂන ව්‍යාපාරයේ කොටසකි.

2019 අප්‍රේල් මස ශ්‍රී ලංකාවේ සසප අසාන්ජ් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ පිකට් උද්ඝෝෂනයක්

විකිලීක්ස් ප්‍රකාශක අසාන්ජ්ට එරෙහිව පෙබරවාරි 24දා බ්‍රිතාන්‍ය උසාවියකදී ආරම්භවූ ගොතන ලද නඬු විභාගයේ ඉලක්කය, ඔහු ඇමරිකාවට උදර්පනය කිරීමයි. කිසිදු අපරාධයක් සිදුකර නැති අසාන්ජ්, නිර්නාමිකව හඳුන්වන බ්‍රිතාන්‍යයේ “ගුවන්තනාමෝව“ හෙවත් බෙල්මාර්ෂ් බන්ධනාගාරය තුල සිරගතකර සිටී. ඔහු සිරකොට ඇති ම්ලේච්ඡ කොන්දේසි යටතේ, ඔහුගේ මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කෙරෙන අතර ඔහුගේ ජීවිතයටම තර්ජනය එල්ල කෙරේ.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර නීල් මෙල්සර් හා ඉහල වෛද්‍ය විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ, අසාන්ජ් වධ බන්ධනයට ලක්කර ඇති බවත්,  නිදහස් කර සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුනහොත් ඔහු මිය යාමට ඉඩ ඇති බවත් ය. මෙම අනතුරු ඇඟවීම් ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදය විසින් නොසලකා හැර තිබේ. ඇමරිකාවට උදර්පනය කරනු ලැබුනොත් විකිලීක්ස් ප්‍රකාශක හා ඕස්ට්‍රේලියානු පුරවැසියා, බොරු කඩාකප්පල්කාරී චෝදනාවන්ට වරදකරු කර, වසර 175ක් දක්වා වන ජීවිතාන්ත සිර දඬුවමකට යටත්කර, ෆෙඩරල් ඇමරිකානු බන්ධනාගාර ජාලයේ අඳුරුම කුටියක රඳවනු ඇත.

ඇමරිකාව හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් සිදුකරන ලද යුද අපරාධ සනාථ කරන තොරතුරු, හිටපු ඇමරිකානු හමුදා භටයෙකු හා තොරතුරු හෙලිකරන්නෙකු  වූ චෙල්සි මැනිං විසින් ලබදෙන ලදුව ප්‍රසිද්ධියට පත්කිරීම, අසාන්ජ්ට එල්ල කර තිබෙන චෝදනාවයි. මැනිං අත්අඬංඟුවට ගෙන වධයට ලක්කර වසර 35ට සිරගත කරනු ලැබීමෙන් වසර 7ට පසුව නිදහස ලැබුවේ, 2017දී ඇගේ සිරගත කිරීමේ කාලය ලිහිල් කිරීම නිසාය. එහෙත් විකිලීස් ආරම්භකයාට එරෙහිව සාක්ෂි ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය යලි වතාවක් සිරගත කරනු ලැබින. මෙම දිරිමත් පුද්ගලයින්ට චෝදන නඟා ඇත්තේ, ඔවුන් වොෂින්ටනයේ යුද අපරාධ හෙලිකිරීමට පසුබට නොවූ බැවිනි.

පසුගිය මාස ගනනාව තුල විවිධ සංවිධාන හා ලොව පුරා මිලියන ගනන් ජනතාව අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටියහ. කම්කරු පන්තිය දේශපාලන අරගලයට නායකත්වය සම්පාදනය කල යුතුය. අසාන්ජ් හා මැනිං නිදහස් කර ගැනීමේ හා භාෂනයේ නිදහස ද සියලු මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් ද රැකගත හැකි සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියයි.

මෙම උද්ඝෝෂනයට සම්බන්ධ වෙමින්, ජාත්‍යන්තර උද්ඝෝෂන ව්‍යාපාරයට සහාය දෙන ලෙස සසප හා සසජාතශි, කම්කරුවන්, සිසුන්, තරුනයින් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

උද්ඝෝෂනයේ විස්තර

මාර්තු 3 වන අඟහරුවාදා සවස 4

කොලඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට

Loading