මහ බැංකුව පොලී අනුපාතය අඩු කල ද වෙලඳපල දිගටම පහත වැටේ

මෙම ලිපිය 2020 මාර්තු 4 දා ඉංග්‍රීසි බසින් පල විය.

එක්සත් ජනපද මහ බැංකුව සිදු කල සියයට 0.5 ක හදිසි පොලී අනුපාත පහත දැමීම හමුවේ,  ඩව් ජෝන්ස් දර්ශකය 21දා, තනි දිනක  වාර්තාගත වැඩිම එකක 1,294 කින් ඉහල යාමෙන් පසු 22දා වෝල් වීදිය යලි කඩා වැටුනි. මහ බැංකු තීරනයෙන් පසුව ඩව් ජෝන්ස් ඒකක 300 කින් ඉහල නැඟුන අතර වෙලඳපලේ තියුනු ලෙස පහත අගයක් පෙන්වූ කොටස් අගය, පසුව ඉහල ගිය ද දවසේ ඉතිරි කාලය නැවතත් පහත වැටීම ඇරඹුනි. එක් අවස්ථාවක දී එය ඒකක 997 කින් පහත ගියේය. දිනය අවසානයේදී එය 786 න් හෙවත් සියයට 2.9 න් පහත වැටුනි.

වසර දෙකක කාලයක් තුල දර්ශකය එහි විශාලතම එක්දින ඉහල යාම වාර්තා කිරීමෙන් පසුව එස් ඇන්ඩ් පී 500, සියයට 2.8 න් පහල ගිය අතර නස්ඩැක් සියයට තුනකින් පමන පහත වැටුනි.

නිව් යෝර්ක් කොටස් වෙලඳපොල භූමියෙහි දිස්වන රූපවාහිනී තිරයක් [අනුග්‍රහය: ඒපී ෆොටෝ/රිචඩ් ඩ්‍රිව්]

2008 මූල්‍ය අර්බුදයෙන් පසු පලමු වරට, නියමිත රැස්වීම් අතරතුර, 21දා සවස ටෙලි සම්මන්ත්‍රනයක දී ඒකමතිකව එකඟ වූ පරිදි මහ බැංකුව පොලී අනුපාතය පහත දැම්මේය.

මෙම තීරනය නිවේදනය කරමින් මහ බැංකුවේ සභාපති ජෙරොම් පවෙල් කියා සිටියේ, කොරෝනා වෛරසය සහ එය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග “යම් කාලයකට මෙහි සහ විදේශයන්හි ආර්ථික කටයුතු වලට  බරක් වනු ඇති” බවයි. වෙලඳපොලවල් ශක්තිමත් කිරීම සඳහා මහ බැංකුව ගත් තීරනය, ආසාදන වේගය අඩු කිරීම හෝ අවහිරවුන සැපයුම් දාම යථාවත් නොකරන අතර, “අපගේ ක්‍රියාව ආර්ථිකයට අර්ථවත් උත්තේජනයක් සපයනු ඇතැයි අපි විශ්වාස කරමු.”

එහෙත් එය ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කල හැකි බවට ඇඟවුම් තිබේ. මෙම තීරනයට පොදු ප්‍රතිචාරයක් වන්නේ “අප නොදන්නා කුමක් මහ බැංකුව දන්නේ ද” යන ප්‍රශ්නයයි. එපමනක් නොව, මෙම තීරනය බැංකු කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි, අඩු පොලී අනුපාත නිසා ඔවුන්ගේ ලාභ අඩු වනු ඇත. බැංකු  සහ අධි තාක්‍ෂනික කොටස් වැටීම සමඟ වෙලඳපල ද පහත වැටුනි.

එක්සත් ජනපද  සහ ගෝලීය ආර්ථිකයේ තත්වය පිලිබඳ දිගු කාලීන උත්සුකයන් පිලිබිඹු වූයේ, වසර 10  එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර ප්‍රතිලාභ පහත වැටීමෙනි. එක් අවස්ථාවක දී එය සියයට එකකට වඩා පහත වැටුනි.  දිනය අවසානයේ එම මට්ටම මඳක් ඉහල ගිය ද එය වාර්තාගත අවම මට්ටමක පැවතුනි.

ගෝලීය ආර්ථිකය අවපාතයක් කරා ගමන් කරනු ඇතැයි යන බිය නිසා, කොරොනා වෛරසයේ ප්‍රතිපල දැක ගැනීමටත් පෙර සිටම ආයෝජකයින් ආරක්ෂිත ස්ථාන සොයමින් සිටියදී,  වසර ආරම්භයේ පටන් බැඳුම්කර ප්‍රතිලාභ තියුනු ලෙස පහත වැටෙමින් තිබුනි.

වෛරසයේ බලපෑම වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ගෝල්ඩ්මන් සැක්ස් එක්සත් ජනපදයේ වර්ධනය සඳහා වූ පුරෝකථනය, වාර්ෂික මට්ටමකින්, පලමු කාර්තුවේදී සියයට 0.9 ක් දක්වාත් දෙවන කාර්තුවේ ශුන්‍යය දක්වාත් පහත හෙලීය.

ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රකාශය තවදුරටත් පොලී අනුපාත අඩුකිරීම් කෙරෙහි අවධානය යොමු කරමින් කියා සිටියේ, එය වර්ධනයන් සහ ඒවායේ ඇඟවුම් අඛන්ඩව නිරීක්ෂනය කරන බවත් “එහි මෙවලම් භාවිතා කර ආර්ථිකයට ආධාර කිරීම සඳහා සුදුසු ලෙස ක්‍රියා කරන” බවත්ය.

වෙලඳපොලේ ප්‍රතික්‍රියාව පෙන්නුම් කරන්නේ, එයට තවත් වැඩ අවශ්‍ය බවයි . එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් පනිවුඩයකින් ප්‍රකාශිත ස්ථාවරය වූයේ එයයි. “මහ බැංකුව අනුපාත අඩුකරමින් සිටියි. ඒවා තවදුරටත් ලිහිල් විය යුතුය,” ඔහු සටහන් කලේය. “වඩාත් ලිහිල් කිරීම සහ කැපීම!”

ෆෙඩරල් මහ බැංකුව හදිසි පියවර ගනු ලැබුවේ, මැලේසියානු සහ ඕස්ට්‍රේලියානු මහ බැංකු (ආර්බීඒ) විසින් ගාස්තු අඩු කිරීමට ගත් තීන්දු හමුවේ ය. ලෝකයේ දොලොස්වන විශාලතම ඕස්ට්‍රේලියානු ආර්ථිකයට, කොරෝනා වෛරසය පැතිරීම “සැලකිය යුතු බලපෑමක්” ඇති කරන බව ආර්බීඒ පැවසීය.

ප්‍රධාන ආර්ථිකයන්හි ජී 7 සමූහයේ මුදල් ඇමතිවරු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ශක්තිමත්, තිරසාර වර්ධනයක් අත්කර ගැනීම සහ අවාසි සහගත අවදානම් වලින් ආරක්ෂා වීම” සඳහා සුදුසු සියලු මෙවලම් භාවිතා කිරීමට තමන් සූදානම් කර ඇති බවයි, නමුත් කිසිදු සම්බන්ධීකරන ක්‍රියාමාර්ගයක් එය සඳහන් කරන්නේ නැත.

සෞඛ්‍ය පද්ධති සඳහා මූල්‍යමය ආධාර ලබා දෙන බවට ද ඔවුහු පොරොන්දු වූහ. මෙම කැපවීම තුවාලයට ලුනු  වැක්කිරීමක් ලෙස දැක්විය හැකිය. ගැඹුරු කප්පාදු වැඩසටහන් සහ පුද්ගලීකරනයේ ප්‍රතිපලවල කොටසක් ලෙස, සියලු ප්‍රධාන රටවල සෞඛ්‍ය පද්ධතීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර,  සෞඛ්‍ය අර්බුදයට මුහුන දීම සඳහා ඒවා ශක්තිමත් නැත.

පූර්වයෙන් පවතින සෞඛ්‍ය ගැටලු නිසා, ආසාදිත පුද්ගලයින්ට කොරෝනා වෛරසය උග්‍ර බලපෑමක් ඇති කරන බව පෙනෙන්නට තිබෙන්නාක් මෙන්, එහි සමාජ හා ආර්ථික බලපෑම ගැන ද එයම කිව හැකිය.

මේ සතියේ, ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් ආවරනය වන  36 දෙනෙකුගෙන් යුත් ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (ඕඊසීඩී) ගෝලීය ආර්ථිකයේ තත්වය පිලිබඳව හදිසි වාර්තාවක් නිකුත් කලේය. වැඩිම වුනත්, මේ වසරේ මුල් කාර්තුවේ චීන වසංගතය උච්චතම අවස්ථාවට පැමිනීමත්, වෙනත් රටවල වෛරසය පැතිරීම මෘදු හා පාලනය කල හැකිය උපකල්පනය මත වුවත්, ගෝලීය වර්ධනය සියයට 2.4 දක්වා පහත වැටිය හැකි අතර එය පසුගිය නොවැම්බරයේ පුරෝකථනය කර තිබුනාට වඩා සියයට 0.5 කින් අඩු විය. ජපානය, දකුනු කොරියාව සහ ඕස්ට්‍රේලියාව වැනි චීනය සමඟ සමීප සම්බන්ධතා ඇති ආර්ථිකයන් විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වනු ඇත.

නමුත් පැතිරීම කල් ඇල්ලුවහොත්, ගෝලීය වර්ධනය සියයට 1.5 දක්වා පහත වැටෙනු ඇත.

ඕඊසීඩී පෙන්වා දුන් පරිදි වෛරසය පැතිරීමට පෙර ලෝක ආර්ථිකයේ සැලකිය යුතු මන්දගාමිත්වයක් පැවතුනේ නම්, මෙම අගය පවා අවතක්සේරු කිරීමක් විය හැකිය. “2019 අග භාගයේදී කාර්මික නිෂ්පාදනය අඛන්ඩව එකතැන පල් වූ අතර, පාරිභෝගික වියදම්වල වර්ධනය මන්දගාමී විය.” ගෝලීය මෝටර් රථ අලෙවිය පහත වැටීමේ වේගය 2019 වන විට මධ්‍යස්ථ වීමට පටන් ගෙන තිබුන ද “ පසුව නැවතත් ඉල්ලුම පහත වැටී ඇත.”

ගෝලීය වෙලඳාම “ඉතා දුර්වල මට්ටමක පවතී”, වෙලඳ පරිමාව විශේෂයෙන් 2019 අවසාන කාර්තුවේදී සහ සමස්ත වසර පුරාම හැකිලී ගියේය.  2009 ලෝක වෙලඳාමේ පසුබෑමෙන් පසුව ඇතිවූ එවැනි පලමු පරිහානිය මෙයයි.

ධනේශ්වර ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් වන ආයෝජන සම්බන්ධයෙන් ද එම කතාවම කිව හැකිය. ඕඊසීඩීයට අනුව, ජී 20 ආර්ථිකයන්හි (චීනය හැර) ආයෝජන වර්ධනය 2018 ආරම්භයේ පටන් වාර්ෂිකව සියයට පහේ සිට පසුගිය වසරේ සියයට 1 දක්වා පහත වැටුනි.

චීනයට එරෙහි එක්සත් ජනපද වෙලඳ යුද්ධයේ ප්‍රතිපල  පෙන්වා දෙමින් වාර්තාව, වොෂින්ටනය විසින් පනවා ඇති ඉහල තීරුබදු “ගෝලීය ඉල්ලුම, වෙලඳාම සහ ආයෝජනවල දුර්වලතාවය පිටුපස ඇති වැදගත් සාධකයක්” බව පැවසීය.

ඉදිරි වසර දෙක තුල යුරෝ කලාපයේ වර්ධනය සාමාන්‍යයෙන් සියයට 1 ක පමන මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර වෛරසයේ බලපෑම නිසා මෙම වසරේ මුල් භාගයේ ප්‍රතිපල තවදුරටත් දුර්වල කරයි.

ආයෝජන මට්ටමේ නැති (ජන්ක්) බැඳුම්කර සහ ඊට අංශකයක් ඉහලින් ඇති බීබීබී ශ්‍රේනියට ඇතුලත් බැඳුම්කර වැඩි වැඩියෙන් නිකුත් කිරීම නිසා ගෝලීය නය ඉහල යාම සහ වැඩිවන මූල්‍ය අවදානම් පිලිබඳව අනතුරු ඇඟවූවන් සමඟ ඕඊසීඩී සිය හඬ මුසු  කලේය. පසුගිය වසරේදී, නව බැඳුම්කර වලින් අඩකට වඩා  බීබීබී ලෙස ශ්‍රේනිගත කර ඇති අතර, හතරෙන් එකක් ආයෝජන  මට්ටමට වඩා පහල බැඳුම්කරය.

තියුනු ආර්ථික පසුබෑමකදී මෙම වර්ධනයන් “සැලකිය යුතු ව්‍යාපාරික ආතතීන් පිලිබඳ අවදානම මතු කරයි” යනුවෙන් ඕඊසීඩී ලිවීය. එවැනි තත්වයන් යටතේ, බීබීබී ලෙස ශ්‍රේනිගත කරන ලද බැඳුම්කර, ආයෝජන නොවන බැඳුම්කර මට්ටමට වැටිය හැකිය. “හවුල් බලාත්මක විකුනුම් මගින්, කොරොනා වෛරසයේ ව්‍යාප්තිය නිසා උත්සන්න කරන ලද ආරම්භක පසුබෑමේ මූල්‍ය වෙලඳපොල බලපෑම් වැඩි කරයි.”

කොරෝනා වෛරසයේ බලපෑම  දැනෙන්නට පටන්ගෙන ඇතුවා පමනි. එහෙත් මූලික දේශපාලන නිගමන දැනටමත් උකහා ගත හැකිය.

පාලක ප්‍රභූන් පන්ති ප්‍රතිචාරය දක්වා ඇත: මූල්‍ය කතිපයාධිකාරයේ ධනය ඉහල නැංවීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් වෙලඳපොලට මුදාහැර ඇති අතර  මහජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කිසිවක් සැපයෙන්නේ නැත. උදාහරනයක් ලෙස, එක්සත් ජනපදයේ ට්‍රම්ප් මේ සඳහා ඉල්ලා ඇත්තේ ඩොලර් බිලියන 2.5 ක් පමනක් වන අතර එයින් අඩක්ම වෙනත් සෞඛ්‍ය වැඩසටහන් වලින් ගනු ලැබේ.

එහෙත් ෆෙඩරල් මහ බැංකුවේ නවතම අනුපාත පහත දැමීමෙන් පසුවත් වෙලඳපල පහත වැටීමෙන් ඇඟවෙන්නේ, ඒවා මූල්‍ය වෙලඳපොලවල් යටින් පවතින ආර්ථිකයේ වර්ධනයන් සමඟ ගැටුම්කාරී මාවතක ගමන් කරන බවත්, පසුගිය දශක හතරක කාලය පුරා අනුගමනය කරන ලද,  ලාභදායී මුදල් සැපයුම තුලින් ආර්ථිකය නංවාලීමට උත්සාහ කිරීමේ ප්‍රතිපත්තිය බිඳ වැටෙමින් තිබෙන බවත් ය.

පාලක පන්තියේ ප්‍රතිචාරය වනුයේ, තත්වය ආපසු හැරවීම නොව, කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර දෙගුන කිරීමයි.

Loading