ඇමරිකානුවන් මිලියන 150 ට පමන වෛරසය ආසාදනය වනු ඇති බව කොංග්‍රසයේ වෛද්‍යවරයා කියයි

මෙම ලිපිය 2020 මාර්තු 12 දා ඉංග්‍රීසි බසින් පලකෙරිනි.

එන්බීසී මාධ්‍ය වාර්තාවකට අනුව, එක්සත් ජනපද කොන්ග්‍රසයේ සහ ශ්‍රේෂ්ඨාධිකරනයේ වෛද්‍යවරයා වන වෛද්‍ය බ්‍රයන් මොනාහාන්, වැසූ දොරවල් පිටුපස සිට සෙනෙට් කාර්ය මන්ඩලයට දන්වා සිටියේ, එක්සත් ජනපදයේ මිලියන 70 ත් 150 ත් අතර විශාල සංඛ්‍යාවකට කොවිඩ්-19 ආසාදනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

යුරෝපය තුල ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ද එවැනිම සංඛ්‍යාවක් ප්‍රකාශ කර ඇති අතර, ජර්මනියේ සියයට 70 ක් පමන, එනම් මිලියන 58 ක් පමන ජනතාවකට ආසාදනය විය හැකිය.

එන්බීසී හි වාර්තාව පලවුනේ, ලොව පුරා අවම වශයෙන් සමස්ත රෝගීන් සංඛ්‍යාව 126,000 ක් දක්වා ද මරන 4,600 කට  වැඩි සංඛ්‍යාවක් ද පෙන්නුම් කරන දත්ත මධ්‍යයේ ය. එය ලෝක පරිමානව සියයට 50 ක වැඩිවීමකි.  කලින් දවසේ වැඩිවීම සියයට 30 විය. පසුගිය සති දෙක තුල චීනයෙන් පිටත රෝගීන් සංඛ්‍යාව 13 ගුනයකින් වැඩි වී 40,000 ඉක්මවා ගිය අතර ආසාදන වාර්තා වී ඇති රටවල් සංඛ්‍යාව තුන් ගුනයකින් වැඩි වී තිබේ.

වර්තමාන අනුපාතයට අනුව, මෙම මාසය අවසන් වන විට චීනයෙන් පිටත එක්සත් ජනපදයේ පමනක් ආසාදනයන් මිලියනයක් වනු ඇත. මෙය සමහරවිට අප්‍රේල් දෙවන සතිය තුල.

ලෝක සෞඛ්‍ය සංවිධානය (ඩබ්ලිව්එච්ඕ) විසින් කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් (pandemic) ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසුව මොනාහාන්ගේ ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් වූ අතර, වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා පියවර ගැනීමේදී ආන්ඩු  “අකාර්යක්ෂම බවේ භයානක මට්ටම්” වල පවතින බව ඉන් කියා සිටියේය. ඒ අතරම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් අනතුරු ඇඟවූයේ, එය සමහර රටවලට “ධාරිතාව” හෝ “සම්පත්” නොමැති කම නිසා පමනක් නොව, “සමහර රටවල් අධිෂ්ඨානයක් නොමැතිකම” පෙන්නුම් කර තිබීම බවයි.

කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කල ජූඩි ෂේප් (මැද), ඇගේ බෑනා වන මයිකල් ස්පෙන්සර්ට (වම් පසින්) හාදුවක් දෙයි, ෂේප්ගේ දියනිය වන ලෝරි ස්පෙන්සර්, දකුනුපසින්, සියැටල් අසල කිර්ක්ලන්ඩ්, වොෂ් හි පිහිටි ජීවිතාරක්ෂක මධ්‍යස්ථානයේ කවුලුවක් හරහා එකිනෙකා දෙස බලා සිටි අයුරු. 2020 මාර්තු 11, බදාදා, පමිනීම පිලිබඳ දුරකථනයෙන් සටහන් තබයි. (AP ඡායාරූපය / ටෙඩ් එස්. වොරන්)

මෙය වඩාත් පැහැදිලිව පෙනුනේ 11දා රාත්‍රියේ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රයිම් ටයිම් ජනාධිපති දේශනයේදී ය. සිය අදහස් දැක්වීමේදී, පෙනී ගිය පරිදි  කලබලයට පත්ව සිටි ට්‍රම්ප්, පුලුල් වන සෞඛ්‍ය අර්බුදයට එරෙහිව සටන් කිරීමට නව ක්‍රියාමාර්ග කිසිවක් ප්‍රකාශයට පත් කලේ නැත. ඒ වෙනුවට ඔහු එක්සත් රාජධානියෙන් හැරුනු විට යුරෝපයේ සිට පැමිනෙන සියල්ලන්ට දින 30 ක් දක්වා ප්‍රතිගාමී තහනමක් පැනවූ අතර කුඩා ව්‍යාපාර හා විශාල සමාගම්වලට ආර්ථික සහන සැලසීම සඳහා හදිසි බලතල භාවිතා කලේය.

මොනාහාන්ට සෘජුවම පටහැනිව අදහස් දක්වමින් ට්‍රම්ප්, “ඇමරිකානුවන්ගෙන් අතිමහත් බහුතරයකට අවදානම ඉතා අඩුය” යන බොරුව යලිත් අවධාරනය කලේය. ඒ අතරම, ජනාධිපතිගේ ප්‍රකාශයන් සහ රටෙන් අඩකට ආසන්න ප්‍රමානයක් වසංගතයට ගොදුරු විය හැකි බවට එක්සත් ජනපදයේ ඉහල නිලධාරියෙකු විසින් පිලිගැනීම අතර ගැටුම්කාරී වාතාවරනය, ට්‍රම්ප් පරිපාලනයේ පක්ෂාඝාතය,  1918 ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යා උනෙන් පසුව හටගත් වඩාත් අනතුරුදායක මහජන සෞඛ්‍ය අර්බුදය මධ්‍යයේ සමස්ත දේශපාලන සංස්ථාපිතය හමුවේ ඉස්මතු කරයි. .

කොන්ග්‍රස් කාර්ය මන්ඩලයට රිදී රේඛාවක් ලබා දීමට ගත් උත්සාහයක දී මොනාහාන්, වෛරසය වැලඳුනු අයගෙන් සියයට 80 ක් සුවය ලබා ගන්නා බව කියා සිටියේය. කෝවිඩ්-19 රෝගීන්ගෙන් ඉතුරු සියයට 20 ට කුමක් සිදුවේදැයි ඔහු සිතන බවට කිසිදු වාර්තාවක් මෙතෙක් පලවී නොමැති අතර, චීනය සහ ජාත්‍යන්තරව වෛරසයේ පැතිරීමෙන් යම් ඇඟවීමක් ලබා දෙයි.

රෝගීන් දහස් ගනනක් හමුවේ සෞඛ්‍ය සේවා පද්ධතිය අත්‍යවශ්‍යයෙන්ම බිඳ වැටුනු වුහාන් හි වසංගතයේ උච්චතම අවස්ථාවේ දී, මරන අනුපාතය තියුනු ලෙස ඉහල ගියේය. ඒ හා සමානව එක්සත් ජනපදයේදී, ආක්‍රමනශීලී මැඩ පැවැත්වීමේ ක්‍රියාමාර්ග නොගත හොත්, මිලියන ගනනක් මිය යනු ඇත.

වුහාන් හි ලෙඩුන් වැඩිවීමට ප්‍රධාන හේතුව වූයේ වෛරසයම නොව, බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍ය උපකරන හා පිරිස් නොමැති වීමයි. ජනවාරියේ සිට එකතු කරන ලද දත්ත වලට අනුව, කොරොනා වෛරස් රෝගීන්ගෙන් සියයට 15 ත් 20 ත් අතර සංඛ්‍යාවක් දැඩි ශ්වසන ආබාධවලින් පෙලුන අතර, රෝගය සමඟ සටන් කිරීමට ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතියට කල් ලබාදීම පිනිස, දැඩි සත්කාර ඒකකයක්, ඔක්සිජන් හෝ දෙකම අවශ්‍ය විය.

වුහාන් හි රෝහල් රෝගාතුර වූ හෝ රෝගාතුර වෙමින් සිටියවුන්ගෙන් පිරී ඉතිරී ගිය හෙයින්, කෝවිඩ්-19න් දරුනු ලෙස පීඩාවට පත්වූ අයට දිවි ගලවා ගැනීමට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම කල නොහැකි විය. අවසානයේදී ඔවුන් හුස්ම අල්ලමින්ම අවසන්  හුස්ම හෙලීය.

ඒ අතර චීනයේ මෙන්ම දකුනු කොරියාව, සිංගප්පූරුව සහ හොංකොං යන රටවල දක්නට ලැබුන පරිදි, දැඩි පරීක්ෂාව, අධීක්ෂනය සහ නිරෝධායන පියවර මගින් වෛරසය පැතිරීම සඵල ලෙස වලක්වා ගත හැකිය. වෛරසයේ කේන්ද්‍රස්ථානය වන චීනයේ දින කිහිපයක් තිස්සේ අලුත් රෝගීන් සංඛ්‍යාව 100 ට අඩු මට්ටමක පවතී. 8,000 කට ආසන්න ලෙඩුන් සංඛ්‍යාවක් සමඟ කටයුතු කලේ වුව ද දකුනු කොරියාවේ, මුලු මරන අනුපාතය සියයට එකකට වඩා අඩුය.  

ආසාදනය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ක්ෂනික හා දුරදිග යන ක්‍රියාමාර්ග නොගතහොත් එක්සත් ජනපදය විනාශකාරී අවස්ථාවකට මුහුන දෙනු ඇත.

අද චීනයේ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන පියවර එක්සත් ජනපද ජනගහනය මත පනවනු ලැබුව ද, අප්‍රේල්  මුල වන විට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 150,000 ත් 200,000 ත් අතර අගයක් දක්වා ඉහල යනු ඇත. 30,000 කට  වැඩි පිරිසකට ජීවත්වීම සඳහා බරපතල වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වේ. මොනාහාන් විසින් පුරෝකථනය කරන ලද මිලියන ගනනකට කෙසේ වෙතත්, මෙවැනි තීරනාත්මක අවස්ථා බොහොමයකට ජීවිතාරක්ෂක සත්කාර සැපයීම සඳහාවත් ප්‍රමානවත් රෝහල් ඇඳන් රට තුල නොමැත.

එක්සත් ජනපදය නිශ්චිතවම නම් කර නොමැති වුව ද, කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා එක්සත් ජනපද සෞඛ්‍ය සේවා පද්ධතියට ඇති නොහැකියාව 11දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෙටි සාකච්ඡාව අවසානයේ දී ගෙනහැර දක්වා ඇත.

විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් මෙසේ පැවසීය: “සමහර රටවල් පැහැදිලිවම, සෞඛ්‍ය සේවකයින්ගේ ආසාදනය තුලින් ඔබට මෙය දැකගත හැකි නමුත්, ආසාදන සම්ප්‍රේෂනය නැවැත්වීමට අවශ්‍ය පියවර තවමත් ක්‍රියාත්මක කර නැත. අපගේ රෝහල් පද්ධති සැලසුම් කර ඇත්තේ සියයට 99 ක කාර්යක්ෂමතාවයකින් යුතුව වැඩ කිරීමටය. වැඩි යමක් කිරීමට ඒවායේ ඉඩක් ඉතිරිවී නැත. ”

ලාභය සඳහා වූ සෞඛ්‍ය සේවයේ දශක ගනනාවක ප්‍රතිපලයක් ලෙස අවම වශයෙන් හිස් රෝහල් ඇඳන්  මෙන්ම වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ වෙනත් වෛද්‍ය වෘත්තිකයන්ට දිගු හා දිගු වැඩ මුර පැටවීමට කටයුතු කර තිබෙන එක්සත් ජනපදය සම්බන්ධයෙන් මෙය වඩාත් සත්‍යයකි.

ට්‍රම්ප්, මර්කල් සහ ලෝකයේ පාලක ප්‍රභූන්ගේ සෑම නියෝජිතයෙකු විසින්ම ඇමරිකානු සහ ජාත්‍යන්තර ජන ජීවිත කෙරෙහි පෙන්වා ඇති උදාසීනත්වය, අකාර්යක්ෂමතාව නොව දේශපාලන සාපරාධීත්වයයි. සෑම විශාල අර්බුදයකදීම මෙන් මූල්‍ය වංශාධිපතිත්වය මෙය, “අතිරික්ත ජනගහනය” අතුගා දැමීමට සහ සමාජ ආරක්ෂන, වෛද්‍ය සේවා, වෛද්‍ය ප්‍රතිකාර සහ විශ්‍රාම වැටුප් අරමුදල් බිලියන ගනනක් ඔවුන්ගේ සාක්කුවලට රුවා ගැනීමට ලැබී ඇති අවස්ථාවක් ලෙස සලකති.

Loading