ශ්‍රී ලංකා ට්‍රොට්ස්කිවාදීහු අන්තර්ජාල රැස්වීමක් පවත්වමින් මැතිවරන ව්‍යාපාරය ආරම්භ කරති

අපේ වාර්තාකරුවන්
27 මාර්තු 2020

මෙම ලිපිය 2020 මාර්තු 26 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) 2020 මහ මැතිවරන උද්ඝෝෂනය පසුගිය 22දා සිය ෆේස්බුක් පිටුවේ සජීවී අන්තර්ජාල රැස්වීමක් පවත්වමින් දියත් කලේ ය. සසප කොලඹ, යාපනය හා නුවරඑලියා යන දිස්ත්‍රික්ක තුනට අපේක්ෂකයින් 43 දෙනෙකු ඉදිරිපත් කරයි. “යුද්ධය, සමාජ විනාශය හා ආඥාදායකත්වයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීම” යන තම මැතිවරන ප්‍රකාශය  මාර්තු 21 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුලින් ප්‍රකාශයට පත් කරන ලදී.

සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන ලද දේශනය දෙමල භාෂාවට පරිවර්තනය කරන ලදී. තෙදින කොවිඩ්-19 ජාතික ඇඳිරි නීතිය මධ්‍යයේ මාර්තු 22 වන දින පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් 100 කට අධික පිරිසක් සහභාගී වූහ. එතැන් සිට දෙදහසකට වැඩි පිරිසක් වීඩියෝව නරඹා ඇත.

රැස්වීම මුලින් නැරඹූ බොහෝ දෙනා එය තමන්ගේ මුහනු පොතෙහි පිටුවල බෙදාගෙන (share) ඇත. වඩාත් පුලුල් ඔන්ලයින් අධ්‍යාපන සැසි පවත්වන මෙන් කල ඉල්ලීම් ද සමඟින් බොහෝ දෙනෙක් මෙම අවස්ථාවට සුබ පැතුම් එක් කලහ. සහභාගී වූ ඇතමෙක් සසප ප්‍රතිපත්ති පිලිබඳව ඔවුන්ගේ නිරීක්ෂන විද්‍යුත් තැපෑලෙන් එවා ඇත (බලන්න: “ශ්‍රී ලංකා කම්කරුවෝ හා තරුනයෝ සසප මැතිවරන වැඩසටහන අනුමත කරති”).

විජේ ඩයස්

රටේ පවතින දේශපාලන තත්ත්වය පැහැදිලි කරමින්, සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් කියා සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව විසින් මුලු දිවයිනටම බලපැවෙත්වන පරිදි දවස පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම නිසා පක්ෂය එදින පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසිද්ධ රැස්වීම අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට කටයුතු කල බවයි.

“කොරෝනා වෛරසය පැතිරීමේ කොන්දේසි යටතේ ජනතාවගේ හැසිරීම සීමා කිරීම නීත්‍යානුකූල යැයි පිලිගත හැකි වුව ද, දැන් අන්ඩුව, විවිධ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා රාජ්‍ය නිලධරයන් විසින් නීති විරෝධී ලෙස එය භාවිතා කරනු ලබන්නේ, වසංගතය කඩතුරාව කරගෙන ජනතාව මත තම ආධිපත්‍යය පැටවීමටයි. 

“දැනට ප්‍රකාශයට පත් කර ඇත්තේ පොලිස් ඇඳිරි නීතියයි. මෙයට හේතුව හදිසි නීතියක් ප්‍රකාශයට පත්කිරීමේ දී ජනාධිපති රාජපක්ෂට ව්‍යවස්ථානුකූල සීමා පැනවී ඇති හෙයිනි. එය නීතියෙන් වලංගු වීමට නම්, හදිසි තත්වය අනුමත කිරීම සඳහා විසුරුවා හැරුනු පාර්ලිමේන්තුව දින 10 ක් ඇතුලත නැවත කැඳවිය යුතුයි. විසුරුවා හැරුනු පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බැවින් මෙම ක්‍රියා පටිපාටිය මග හැරීමට ආන්ඩුව තීරනය කර තියෙනවා. ඒ වෙනුවට ඇඳිරි නීතිය පිටුපස රාජපක්ෂ අත්තනෝමතික ලෙස දිවයින අගුලු දමා, මිලිටරිය බාරේ තබා ඇත”යි ඩයස් පැවසී ය.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට ආන්ඩුව වහාම ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට බලය ලබා දී ඇත්තේ එහි මිලිටරීකරන ප්‍රතිපත්තියේ කොටසක් ලෙසයි. ලියාපදිංචි නොවී ගුවන්තොටුපොලෙන් ලිස්සා ගිය අය ලුහුබැඳීමේ මුවාවෙන් රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන අතර, වසර තිහක් තිස්සේ පැවති දෙමල විරෝධී යුද්ධයේ අවධිය සිහියට නංවමින් පොලිස්-හමුදා මාර්ග බාධක සෑම තැනක ම පිහිටුවා තිබෙනවා.

මේ අතර, මීට ටික දිනකට පෙර විද්‍යුත් මාධ්‍ය හරහා නිකුත් කරන ලද නියෝගයක් මගින්, කිසිදු ව්‍යවස්ථාමය පදනමක් නොමැතිව මැතිවරන කොමිෂන් සභාවේ සභාපති, “වෛරස් තුරන් කිරීම සඳහා ශක්තීන් සංකේන්ද්‍රනය කිරීම සඳහා රටේ සියලුම දේශපාලන කටයුතු නතර කරන ලෙස ඉල්ලා සිටියා.” කෙසේ වෙතත්, අපගේ ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන අතර,  අන්තර්ජාල රැස්වීම පවත්වමින් පෙරට යාමට අපි තීරනය කලා.

මෑතක දී සිදු වූ කුරිරු සිදුවීමක් පිලිබඳව ඩයස් අවධානය යොමු කලේ ය. “නොඉවසිය හැකි ලෙස තදබද බන්ධනාගාර, මර්දනකාරී ධනේශ්වර පාලනයේ ඒකාධිපති ක්‍රියාමාර්ගවල නරකම තත්වයන් පෙන්නුම් කරනවා. දින කිහිපයකට පෙර ආන්ඩුව  සිරකරුවෙකු වෙත පැමිනෙන අමුත්තන් සංඛ්‍යාව සතියකට එක් පුද්ගලයෙකුට සීමා කලා. මෙම ප්‍රකෝපකාරී නියෝගය නිසා සිරකරුවන් අතර ආතතියක් නැඟී ආ අතර එය අනුරාධපුර බන්ධනාගාරයේ දී සිරකරුවන්ගේ විරෝධතාවකට තුඩු දුන් අතර, පොලිස් වෙඩි තැබීමකින් සිරකරුවන් දෙදෙනෙකු මරුමුවට පත් කරමින්, කිහිප දෙනෙකුට තුවාල සිදු කලා.

“2013 න් පසු රටේ මාරක පොලිස් වෙඩි තැබීමක් සිදු වූ පලමු අවස්ථාව මෙයයි. ඒ අවධියේදී, වර්තමාන ජනාධිපතිගේ වැඩිමහල් සොහෙයුරා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ අතර ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කැලා යැයි ඔහු සඳහන් කලේ ය. 

කොරෝනා වෛරසය පිලිබඳ පලමු සිද්ධිය පසුගිය දෙසැම්බරයේ චීනයේ වාර්තා වුනා. සමකාලීන ගෝලීය ආර්ථික, වානිජ හා සමාජ කටයුතු සැලකිල්ලට ගන්නා විට, එවැනි වෛරසයක් ලොව පුරා ව්‍යාප්ත වීමේ සම්භාවිතාව තේරුම් ගැනීම දුෂ්කර නෑ. නමුත් ධනේශ්වර ලෝකයේ කිසිදු රටක පාලක පන්තියක් සති කිහිපයක් තිස්සේ අනතුර ගැන අවධානය යොමු කලේ නෑ.

“ශ්‍රී ලංකා පාලක පාලක පන්තියේ ඇස් ඇරුනේ චීන ජාතික සංචාරක කාන්තාවක් ජනවාරි 7 වන දින ආපසු සිය රට බලා යාමට සූදානම් වන විට ගුවන්තොටුපලේදී කොවිඩ් 19 රෝගියෙකු ලෙස හඳුනාගත් අවස්ථාවේදී. ඇය ආසාදනයෙන් සම්පූර්න සුවය ලබා ඇති අතර ජනවාරි 21 වන දින නැවත සිය රට බලා පිටත්ව යාමට නිදහස් කෙරුනා. ඉදිරි දින 50 හෝ සති හතකට වැඩි කාලයක් තිස්සේ ආන්ඩුව නිර්දය ලෙස  විවෘතව කටයුතු කලා. මාර්තු 12 වන දින තවත් සංචාරක මාර්ගෝපදේශකයෙකු ආසාදනය වී ඇති බව සොයා ගන්නා තෙක් ආන්ඩුව පූර්වාරක්ෂක පියවර නොගත්තා පමනක් නො ව, වෛරස් තර්ජනය පිලිබඳව ප්‍රසිද්ධ අනතුරු ඇඟවීමක් පවා නිකුත් කලේ නෑ.

“මේ කාලය තුල දිවයිනේ පන්ති අරගලය තීව්‍ර වෙමින් තිබුනා. ගුරුවරුන් 200,000 ක් පමන එක්දින විරෝධතා වැඩ වර්ජනයකට පැමින සතියක තෙදින වැඩ වර්ජනයක් පිලිබඳව දැනුම් දී තිබුනා. පොරොන්දු වූ වැටුප් වැඩිවීම නොගෙවීම සම්බන්ධයෙන් වතු කම්කරුවෝ වරින් වර වැඩ වර්ජන කරමින් සිටියා. අත්හිටවූ තාවකාලික හා කොන්ත්‍රාත් කම්කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛන්ඩ විරෝධතාවයක නිරත වූනා ” යැයි ඩයස් පෙන්වා දුන්නේ ය.

මාර්තු 12 සිට වෛරසය වේගයෙන් පැතිරෙන්නට පටන් ගත්තේය. මාර්තු 12 සිට 20 දක්වා කාලය තුල රෝගීන් 51 දෙනෙකු සොයා ගත් අතර වෛරස් පැතිරීම වේගයෙන් සිදු විය.

“වෛරසය පැතිරීම සම්බන්ධයෙන් ආන්ඩුව දැක්වූ නිර්දය ප්‍රතිචාරය එයටම සුවිශේෂ කාරනයක් නොවීය. රට දියුනු රටක් හෝ පසුගාමී රටක් වේවා කලාපයේ හා ලෝකයේ සියලුම ධනේශ්වර බලවතුන්ගේ ප්‍රතිචාරයට එය සමගාමී විය. සෑම තැනකම ධනවාදයේ එකම උත්සුකය වන්නේ ලාභය නිෂ්පාදනය කිරීම මිස එය නිපදවන්නන්ගේ (කම්කරුවන්ගේ) යහපැවැත්ම නොවේ.

“ඉන්දියානු වෛද්‍ය පර්යේෂන කවුන්සිලයේ ප්‍රධානී බාලාම් බාර්ගාවා වෛරස් පරීක්ෂන පහසුකම් පුලුල් කිරීම ප්‍රතික්ෂේප කිරීම ගැන කතා කරමින් ප්‍රකාශ කලේ, ධනේශ්වර පාලකයන්ගේ ආකල්පයයි. ඔහු මාධ්‍යයට පැවසුවේ “ප්‍රජා පැතිරීම් තවම ආරම්භ වී නැති නිසා [වෛරසය සඳහා] විශාල පරීක්ෂන ආරම්භ කිරීමට කල් වැඩියි” යනුවෙනි. මෙම චින්තනයට අනුව, පැන නගින යුක්තිසහගත ප්‍රශ්නය, මහා පරික්ෂාවේ අවශ්‍යතාවය පිලිබඳව පාලකයන්ට ඒත්තු ගැන්වීම සඳහා ජීවිත කීයක් කැප කල යුතුද යන්නයි.

“මෙම ඛේදනීය තත්වය ඉතාමත් උචිත ප්‍රශ්නය මතු කරනවා: අධිරාජ්‍යවාදයේ මෙම ම්ලේච්ඡ ක්‍රියාවට සෙසු අරාබි ලෝකයේ පාලක ප්‍රභූන් දක්වන ප්‍රතිචාරය කුමක්ද? ඔවුන් සියල්ලන්ම එය විකාරයක් යයි නොසලකා හරිනවා. අධිරාජ්‍යවාදයේ ග්‍රහනයෙන් ඉරාන ජනතාව ගලවා ගැනීමට ධනේශ්වර තන්ත්‍රයන් කිසිවෙකුත් ඉදිරිපත් වීමට සූදානම් නෑ. එය අධිරාජ්‍යවාදයට එරෙහිව තමන්ගේ රටේ ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කිරීමට කිසිදු යටත් විජිත හෝ අර්ධ යටත් විජිත ජාතියක කිසිදු ජාතික ධනේශ්වරයකට හැකියාවක් නැත යන ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය පිලිබඳ විචිත්‍ර තහවුරු කිරීමක්. අතිමූලික අයිතිවාසිකම්, එනම් ප්‍රජාතන්ත්‍රවාදී මෙන් ම සමාජීය අයිතිවාසිකම් ආරක්ෂා  කරගත හැක්කේ මිලියන ගනනක ග්‍රාමීය දුප්පතුන්ගේ සහාය ලබන කම්කරු පන්තියේ බලය ස්ථාපිත කිරීමෙන් පමනයි.

“මේ සමගම තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. මෙම දැවැන්ත මානව ඛේදවාචකය වලක්වන්න  එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කරන්නේ කුමක්ද? දෙමල ජාතික සන්ධානය පෙරමුනේ සිටිමින්, සියලු දෙමල ධනේශ්වර පක්ෂ, ඒ වගේම ව්‍යාජ වාම කන්ඩායම් රටේ උතුරු නැගෙනහිර යුද්ධයෙන් විපතට පත් වූවන්ට සාධාරනය ඉටු කරන ලෙස ඉල්ලා සිටින්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පූජාසනය අසල වැඳ වැටෙමිනි.

“මෙහි දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම එහි අනුගාමික ආයතන වැඩකරන ජනතාව රැවටීමේ විකට රූප  මිස වෙන කිසිවක් නොවන බව එලිදරව් වෙලා තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ස්ටැලින්වාදී නිලධරයේ සහාය ඇතිව ප්‍රධාන බලවතුන් විසින් ඒවා පිහිටෙව්වේ, නැගී එන විප්ලවවාදී අරගල පසුපසට තල්ලු කිරීමේ ප්‍රතිගාමී ව්‍යාපෘතියේ කොටසක් ලෙස බව ඩයස් අවධාරනය කලේ ය.

ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: මේ ස්වභාවයේ යුද්ධ හා ව්‍යසන, පාලන ක්‍රමය පිලිගත යුතුය යන තර්කනය ප්‍රශ්න කිරීමට වැඩකරන ජනතාව හා තරුනයන් පොලඹවන අවධීන් වන බව අවධාරනය කල යුතු වෙනවා. පාලක පන්ති තමන්ගේ පාලනයේ කුරිරු ස්වභාවයෙන්, ජනතාවගේ මූලික අවශ්‍යතා පවා සපුරාලීමට තමන්ට ඇති නොහැකියාව හෙලි කරනවා.

“මෙම අභියෝගාත්මක තත්වයන් යටතේ, වැඩකරන ජනතාවගේ මෙන් ම තරුනයින්ගේ දේශපාලන හා සමාජ විඥානය, ධනේශ්වර ම්ලේච්ඡත්වයට එරෙහි විකල්ප දේශපාලන ක්‍රියාමාර්ගයක්  ඉක්මනින් ග්‍රහනය කර ගැනීම කරා යොමු  කරනවා. විප්ලවවාදී පක්ෂයේ මැදිහත්වීම සඳහා මෙම තත්වය ග්‍රහනය කර ගත යුතුයි. ග්‍රාමීය දුප්පතුන් හා සියලු ජන කොටස්වල තරුන තරුනියන් අතර දේශපාලන විඥානය වර්ධනය කිරීම සඳහා තීරනාත්මක වන සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙලින් එය සන්නද්ධ වේ. 

“සමාජවාදී සමානතා පක්ෂය සිය විශ්ලේෂනය ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල නිරන්තරයෙන් වර්ධනය කරනවා වගේම එය සෑම දිනකම භාෂා දුසිම් දෙකකට ආසන්න සංඛ්‍යාවකින් යාවත්කාලීන කරනවා. අප දැනටමත් අපගේ මැතිවරන ප්‍රතිපත්ති ඉංග්‍රීසි, සිංහල සහ දෙමල භාෂාවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය නොවැම්බරයේ පැවති ජනාධිපතිවරනයේදී රාජපක්ෂ ඡන්ද මිලියන 6 කට වඩා ලබාගෙන තිබුනද ඔහුගේ ආන්ඩුව වඩ වඩා මහජන විරෝධයකට මුහුන දී තිබෙනවා. ගෝලීය වසංගතය හේතුවෙන් රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික අර්බුදය කිහිප ගුනයකින් තීව්‍ර වී තියෙනවා. විදේශ ආයෝජකයින් රට හැර යන අතර කොටස් මිල කඩා  වැටීම නිසා  කොලඹ කොටස් වෙලඳපොල සැසි කිහිපයකදීම වසා දැමීමට බල කෙරුනා. රුපියල දිනපතා අවප්‍රමාන වෙනවා. ආනයනික අමුද්‍රව්‍ය නැතිව බොහෝ කම්හල් වැසී ගොසිනි. දහස් ගනන් කම්කරුවන් වන්දි නොමැතිව රැකියා විරහිතයන් බවට පත් වෙලා. ” 

“දෛනික වැටුප් ලබන කම්කරුවන් මෙන්ම අක්‍රමවත් ආර්ථික අංශවල සේවය කරන අය දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. වසංගත තත්වයන් උපයෝගී කරගනිමින් පාලනය මිලිටරීකරනය කිරීමේ උපක්‍රම හැරුනු විට සාමාන්‍ය ජනතාවගේ දැවෙන ගැටලු විසඳීමට ආන්ඩුවට කිසිදු සැලසුමක් නෑ” යනුවෙන් ඩයස් පැවසී ය.

සසප ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරසය සඳහා මහා පරිමාන පරීක්ෂන වැඩසටහනක් දියත් කිරීම හා නවීනතම තාක්ෂනික දැනුමෙන් සන්නද්ධ ව රෝහල් ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කරන්නයි. ඒ කොහොමද? නොමිලේ සෞඛ්‍ය සේවා සඳහා විශාල මුදලක් වෙන් කල යුතුයි. මෙම ව්‍යාපෘති වලට මුදල් සෙවීම සඳහා සියලුම විදේශ නය ගෙවීම් නතර කල යුතුය. වැඩ කරන ජනතාවට හා රැකියා කල හැකි ජනයාට යහපත් ජීවන තත්ත්වයන් සඳහා අවශ්‍ය ආදායම සහතික කල යුතුයි. 

මෙම ඉල්ලීම් කිසිවක් ධනේශ්වර පාලනය යටතේ ඉටු කල නොහැකියි. සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා එය කම්කරු හා ගොවි ආන්ඩුවක් මගින් විස්ථාපනය කල යුතුයි.

සසප ක්‍රියාමාර්ගය, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංඟමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා හා ඊලම් සමූහාන්ඩුවක් ගොඩනැඟීමය. එම ක්‍රියාමාර්ගය පිලිබඳව සාකච්ඡා කරන ලෙස අපි සියලු කම්කරුවන්, තරුනයින් සහ දුප්පතුන්ගෙන් ඉල්ලා සිටිමු. සසපට එක් වී එය මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස ගොඩනැගීමට අපි කම්කරුවන්ට, තරුනයින්ට සහ අව්‍යාජ බුද්ධිමතුන්ට ආරාධනා කරමු.