ඉදිරිදර්ශන

ගෝලීයව වසංගතය පැතිර යාම හා පසුගිය සතියේ දේශපාලන පාඩම්

මෙම ලිපිය 2020 මාර්තු 21 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

කොරෝනා වෛරස් වසංගතය අතිමහත් ඓතිහාසික වැදගත්කමක් ඇති සිදුවීමක් බව පසුගිය සතිය තුල අවිවා කොරෝනා වෛරස් දිත ලෙස පැහැදිලි වී තිබේ. වසංගතය ලොව පුරා පැතිරෙත්ම, ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වය පවත්නා සමස්ත ලෝක සමාජ පර්යායේ අර්බුදයක් බවට වේගයෙන් විකාශනය වෙමින් පවතී. මරන සංඛ්‍යාව ඉහල යත්ම, ප්‍රධාන නගර අගුලු දමා ඇති අතර මිලියන සිය ගනනක් රැකියා හා ආදායම් අහිමිවීමට මුහුන දී සිටින අතර, සමාජ, ආර්ථික, දේශපාලනික සහ ඊටම එක්ව, ධනවාදී ක්‍රමයේ සදාචාරාත්මක බංකොලොත් භාවය සම්පූර්නයෙන් ම නිරාවරනය ව තිබේ.

ධනවාදයේ සමාජ බංකොලොත්භාවය: වසංගතයකට සූදානම් වීමට ප්‍රධාන ධනේශ්වර රජයන් සාපරාධී ලෙස අසමත් වීම නිසා දහස් ගනනක් සහ මිලියන ගනනක් මරනයට පත්විය හැකිය. ආසාධිතයින් සංඛ්‍යාව 300,000 කරා ලඟා වෙමින් වේගයෙන් ඉහල යමින් පවතී. මරන සංඛ්‍යාව 11,000 ඉක්මවා ගොස් ඇති අතර එය ඝාතීය ලෙස වැඩි වෙමින් පවතී.

මෙම ස්වරූයේ වසංගතයක් අපේක්ෂා කල හැකිව තිබූ හා පුරෝකථනය කල හැකි දෙයකි. කෙසේ වෙතත්, ජනගහනයේ සෞඛ්‍යය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා වන මූලික අවශ්‍යතා නොසලකා හැර ඇත.

්‍රහස්පතින්දා COVID-19 පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු පුද්ගලයෙකු ටෙක්සාස් හි හූස්ටන් හි යුනයිටඩ් මෙමෝරියල් මෙඩිකල් සෙන්ටර් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලැබේ (AP ඡායාරූපය / ඩේවිඩ් ජේ. ෆිලිප්)

ඉතාලිය සමාජ දියවීමක පවතී. ඉතාලි රෝහල්වල අවාසනාවන්ත ලෙස වැතිර සිටින සහ මරනය බලාපොරොත්තුවෙන් සිටින අසරන රෝගීන්ගේ ඡායාරූප සහ අපේක්ෂා භංගත්වයේ හා වියෝගයේ වෙනත් පින්තූර මහජන විඥානයට තියුනුව කාවැදී ඇති අතර එය කිසිදා අමතක නොවනු ඇත. අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ගේ සංඛ්‍යාව පවතින උපකරනවලට වඩා බොහෝ සෙයින් වැඩි ය. ජීවත් විය යුත්තේ කවරෙක් ද, මිය යා යුත්තේ කවරෙක්ද යන්න තීරනය කිරීමට වෛද්‍යවරුන්ට බල කෙරේ. ස්පාඤ්ඤයේ, මිලියන හයකට වඩා ජනගහනයක් සිටින නගරයක් වන මැඩ්රිඩ් හි රෝහල් දරාගත නොහැකි පීඩනයෙ අද්දරටම පැමින පවතී. ප්‍රන්සයේ, පැරිසියානු රෝහල්වල ඇති සියලුම අවකාශ කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පරිවර්තනය කර ඇතත්, වාතාශ්‍රක සහ මූලික උපකරනවල බරපතල හිඟයක් පවතී.

එක්සත් ජනපදයේ, හෙදියන් සහ වෛද්‍යවරුන් විසින් මූලික වෛද්‍ය උපකරන සඳහා දැඩි ආයාචනා නිකුත් කර ඇත. මුහුනු ආවරන හිඟය හේතුවෙන් අවශ්‍ය විටෙක ස්කාෆ් සහ පට ලේන්සු භාවිතා කරන ලෙස වෛද්‍ය සේවකයින්ට උපදෙස් දෙමින් සීඩීසී ය පසුගිය සතියේ මාර්ගෝපදේශ නිකුත් කලේය. මුළු රටේ ම ජීවිතාරක්ෂක වාතාශ්‍රක ඇත්තේ 160,000 ක් පමනක් වන අතර, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මිලියනයකට ආසන්න ප්‍රමානයක් අවශ්‍ය විය හැකිය. වෛරසයේ පලමු සිද්ධිය වාර්තා වී මාස දෙකක් ගත වී ඇතත්, බොහෝ මිනිසුන්ට දරුනු රෝග ලක්ෂන පැවතුනත් පරීක්ෂා කිරීමට පවා නොහැකි වී තිබේ.

ඇමරිකානුවන් මිලියන හැත්තෑපහක් ජීවත් වන්නේ බොහෝ ව්‍යාපාර සහ සමාජ ක්‍රියාකාරකම් වසා දමා ඇති ප්‍රාන්තවල ය. මිලියන ගනනක් ජනයා ඔවුන්ගේ රැකියා, ඔවුන්ගේ පවුල්, දරුවන් ගැන භීතියට පත්වන අතර, ප්‍රමානවත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ නොදී මූලික අවශ්‍යතා පවා මිලදී ගැනීමට හැකි වේ දැයි කල්පනා කරමින් සිටිති. වෙනත් ජීවිත තර්ජනාත්මක රෝගවලින් පෙලෙන රෝගීහු රෝහල් අධික ලෙස වැසී ඇති බැවින් අවශ්‍ය ප්‍රතිකාර හා සැත්කම් කර ගැනීමට නොහැකි වනු ඇතැයි කනස්සල්ලට පත්ව සිටිති. මානසික බලපෑම ගනනය කල නො හැකිය.

ධනේශ්වර ක්‍රමයේ ආර්ථික අසාර්ථකත්වය: දශකයකට අඩු කාලයක දී දෙවන වතාවට ලෝක ආර්ථිකය බිඳ වැටෙමින් පවතින අතර, මේ වතාවේ එය 2008 ට වඩා විශාල පරිමානයකිනි. නිෂ්පාදන හා සේවා කර්මාන්ත ඇන හිටින විට ආයෝජන බැංකුවක් වන ගෝල්ඩ්මන් සැක්ස් සිකුරාදා නිවේදනය කලේ එක්සත් ජනපදයේ වසරේ දෙවන කාර්තුවේ දී (අප්‍රේල්-ජූනි) ආර්ථිකය පෙර නොවූ විරූ ලෙස සියයට 24 කින් හැකිලෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. මෙය එක්සත් ජනපද ඉතිහාසයේ කාර්තුවක ඇති වූ විශාලතම සංකෝචනය වනු ඇති අතර එය මහා අවපාතයේ දී සිදු වූ දේ පවා ඉක්මවා යනු ලබයි.

ඉදිරි මාස කිහිපය තුල ලොව පුරා කම්කරුවන් මිලියන 25 ක් දක්වා රැකියා අහිමිවිය හැකි බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය වාර්තා කරයි, නමුත් මෙය විශාල අවතක්සේරු කිරීමකි. එක්සත් ජනපදයේ පමනක්, විශ්‍රාන්ති හා ආගන්තුක සත්කාර අංශයේ රැකියා මිලියන 14 ක් අනිවාර්ය වසා දැමීම් වලට යටත් වනු ඇත. මූඩි විශ්ලේෂන වාර්තා කරන්නේ රැකියා මිලියන 80 කට ආසන්න ප්‍රමානයක් හෝ එක්සත් ජනපද ආර්ථිකයෙන් අඩක් පමන අවදානමට ලක්ව ඇති බවයි.

වසංගතය අර්බුදය අවුලුවා ඇති අතර, ආර්ථික බිඳවැටීමට බලාපන හේතු වඩාත් ගැඹුරුට විහිදී ඇත. මූල්‍යකරන ක්‍රියාවලිය - අතිවිශාල ධනය සමුච්ඡයකරනය බාධාවකින් තොරව හා ක්‍රමානුකූලව සැබෑ නිෂ්පාදක ක්‍රියාකාරකම් වලින් වෙන් කිරීම - මහා බැංකු විසින් (එනම් ප්‍රමානාත්මක ලිහිල් කිරීම) අසීමිත ලෙස ද්‍රවශීලතාවය සම්ප්‍රේෂනය කිරීම මත පදනම්ව දැවැන්ත අස්ථාවර ගෝලීය ආර්ථිකයක් නිර්මානය කල අතර කොටස් වෙලඳපොලවල් වෙන කවරදාටත් වඩා යථාර්ථවාදී නොවන සහ තිරසාර නොවන මට්ටම් කරා දක්කාගෙන යනු ලැබ ඇත.

ධනවාදයේ දේශපාලන අසාර්ථකත්වය: ධනවාදී ආන්ඩු, පලමුවෙන්ම හා ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය, මිලියන ගනනකගේ ජීවිත කෙරෙහි ඔවුන්ගේ හිතාමතාම පවතින උදාසීනත්වය සහ සතුරුකම සම්බන්ධෙයන් හෙලිදරව් කරනු ලැබ තිබේ. රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් වන රිචඩ් බර් සහ කෙලී ලොෆ්ලර් සහ ඩිමොක්‍රටික් සෙනෙට් සභික ඩයැන් ෆයින්ස්ටයින් ඇතුළු ඉහල පෙලේ කොන්ග්‍රස් සභිකයින් එලඹෙමින් තිබෙන ව්‍යසනයට ජනයා සූදානම් කිරීමට කිසිවක් නො කල ද ජනවාරි සහ පෙබරවාරි මාසවල දී ඩොලර් මිලියන ගනනක කොටස් විකුනා දැමූ බවට පල වූ ප්‍රවෘත්ත යත් සමඟ සතිය අවසන් විය.

ඇමරිකානු කතිපයාධිකාරයේ දූෂනය හා නිර්දය භාවය සහ සිය පරිපාලනයේ ප්‍රතිගාමීන්ගේ පෙරෙට්ටුව මුර්තිමත් කරන සමාජ ව්‍යාධීයා, ට්‍රම්ප්, රාජ්‍යයේ ඉහලින් ම සිටී. ට්‍රම්ප් නැවතත් සිකුරාදා සිය ප්‍රවෘත්ති සාකච්ඡාව යොදා ගත්තේ “චීන වෛරසය” ගැන ස්වෝත්තමවාදී ජරාව ඉසිමින් හා, ඔහුගේ පරිකල්පනය තුල පමනක් පවතින, පැමිනීමට ආසන්න එන්නතක් ගැන ප්‍රකාශ කිරමින්, මෙ අර්බුදයේ පරිමාව ප්‍රතික්ෂේප කර මහා සංගත හා මුල්‍ය කතිපයාධිකාරයෙ න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීමට ය.

සෑම දිනක ම නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරනු ලබන්නේ අසීමිත මුදල් හා මූල්‍ය සම්පත් වෙලඳපල සහ සංස්ථා තුලට එන්නත් කිරීම සඳහා වන අතර හදිසි සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා කිසිවක් සිදු නොකෙරේ.

එක්සත් ජනපද කොන්ග්‍රසයේ සාකච්ඡා කෙරෙන ඩොලර් ට්‍රිලියන 1 ක යෝජනාව තුලින් බිලියන ගනනක් ගුවන් හා වෙනත් කර්මාන්ත වෙත යන අතර බදු කපා හැරීම, නියාමනය කිරීම සහ වෝල් වීදියට තවත් දීමනා ලබා දීම ආදී වශෙයන් ආයතනික ප්‍රභූ පැලැන්තියට දැවැන්ත උත්තේජනයක් වනු ඇත. කම්කරුවන්ට ගෙවන මුදල, ඔවුන් අවසාන ලැයිස්තුවට ඇතුලත් කල හොත්, දැවැන්ත සමාජ අවශ්‍යතාවයන් සමඟ කටයුතු කිරීමට කිසිසේත් ම ප්‍රමානවත් නොවේ. විශේෂිත කුරිරු ක්‍රියාවක් ලෙස, කොන්ග්‍රසය යෝජනා කරන්නේ බදු නො ගෙවන දුගී අයදුම්කරුවන් “වත්කම් පරීක්ෂාවට ලක්කිරීම” යි.

රට පුරා පැතිර යන ව්‍යසනය ධනවතුන්ට මුදල් එකතු කිරීම සඳහා සමාජ වැඩසටහන් සහ යටිතල පහසුකම් පසකට විසි කරමින්, ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් යටතේ පාලක ප්‍රභූන් විසින් දශක හතරක් තිස්සේ  මුදා හරින ලද සමාජ ගිනි තැබීමේ ප්‍රතිඵලයකි.

ධනවාදයේ සදාචාරාත්මක අසාර්ථකත්වය: කතිපයාධිකාරයේ අශික්ෂිත කෑදරකමට හා දූෂනයට සියල්ල යටත් කරන සමාජයක ධනවාදී ක්‍රමය අපකීර්තියට පත්වෙමින් තිබේ. කොරෝනා වයිරසය නිව්යෝර්ක් හි ව්‍යාප්ත වෙමින් පවතින අතර, අගුලු තැබීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන විට, මෑන්හැටන්හි සුපිරි ධනවතුන් ඔවුන්ගේ පුද්ගලික ජෙට් යානා වලින් හැම්ප්ටන් වෙත ගොස්, එම ප්‍රදෙශයෙ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගබඩා හිස් කරමින්, සමහර අවස්ථාවල එහි ප්‍රාදේශීය ප්‍රජාවන්ටද වෛරසය ආසාදනය වන ලෙස කටයුතු කරමින් සිටිති.

කම්කරුවන්ගේ ජීවිත පරදුවට තැබිය හැකි යැයි සලකන පාලක පන්තිය තුල විස්තර කල නොහැකි මට්ටමේ ආත්මාර්ථකාමිත්වය, අහංකාරය සහ මිනිස් ජීවිතය කෙරෙහි දක්වන නොසැලකිලිමත් බව පවතී. එක්සත් ජනපදය යනු ධනවත් ම පුද්ගලයින් 400 දෙනාගේ සාමූහික ධනය ඩොලර් ට්‍රිලියන 2.96 ක් වන අතර ධනවත් ම ඇමරිකානුවන් තිදෙනා ජනගහනයෙන් පහල සියයට 50 ට වඩා ධනය ඇති සමාජයකි.

කම්කරු පන්තියේ ප්‍රතිරෝධය: සමාජ විරුද්ධත්වය වර්ධනය වෙමින් පවතී. මිචිගන් හා ඔහියෝහි වයිල්ඩ්කැට් (වෘත්තීය සමිති නායකත්වයට පිටතින්) වැඩ වර්ජන සහ පාගමන් නිසා උතුරු ඇමරිකානු මෝටර් රථ කර්මාන්තය තාවකාලිකව වසා දැමීමට සිදුවූයේ කම්කරුවන් ලාභය වෙනුවෙන් “පිරිද්දුම් පේලියේ දී මරා දැමීමට” රථ වාහන සමාගම් වලට ඉඩ දීම ප්‍රතික්ෂේප කල බැවිනි. බොහෝ කම්කරුවන් අනාරක්ෂිත තත්වයන් යටතේ දිගට ම වැඩ කරවන නිසා දැඩි කෝපයකින් පසුවන අතර අනෙක් අය රැකියාවෙන් ඉවත් කරනු ලබන්නේ ජීවත් වීමට කිසිවක් නොමැතිවය.

ඉදිරි දින, සති හා මාසවල කර්තව්‍යය වන්නේ ලොව පුරා කම්කරු පන්තිය තුළ සවිඥානික සමාජවාදී නායකත්වයක් ගොඩනැගීමයි.

පසුගිය සතියේ සෑම සිදුවීමක්ම පෙන්නුම් කළේ ධනවාදය අවසන් කිරීමේ හා සමාජවාදය සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවයි. වසංගතය මගින් සන්‍යුක්තව නිරාවරණය වන්නේ පුද්ගලික ලාභය මත පදනම් වූ සමාජයක, නිමක් නැති ධනය සමුච්චය කිරීම සහ ජාතික රාජ්‍යයන්ගේ ප්‍රතිවිරෝධතා මත මහජන සමාජයේ මොනම ගැටලුවකට හො විසඳුම් ලබා දීමට ඇති නොහැකියාවයි.

සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටුව මාර්තු 17 වන දින සිය ප්‍රකාශයෙන් අවධාරනය කල පරිදි, “අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට මඟ පෙන්විය යුතු අත්‍යවශ්‍ය මූලධර්මය නම්, වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා ආයතනික ලාභය සහ පෞද්ගලික ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට වඩා නිරපේක්ෂ හා කොන්දේසි විරහිත ප්‍රමුඛතාවයක් ගත යුතු බවයි. ”

කම්කරු පන්තිය විශ්වීය පරීක්ෂනවලට සහ සෞඛ්‍ය සේවාවට නිදහස් හා සමාන ප්‍රවේශයක් ඉල්ලා සිටිය යුතුය. බලපෑමට ලක්වූවන්ට සම්පූර්න ආදායමක් සහිතව, සියලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම; සමාජයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය කර්මාන්තවල ආරක්ෂිත සේවා කොන්දේසි; සෞඛ්‍ය ආරක්ෂන යටිතල පහසුකම් ගොඩනැගීම සහ සියලුම වෛද්‍ය සේවකයින්ට අවශ්‍ය උපකරන ලබා ගැනීම සහතික කිරීම සඳහා හදිසි වැඩසටහනක් අවශ්‍යය.

කෙසේ වෙතත්, මෙම ඉල්ලීම් වෙන් වෙන්ව නොව සමාජ හා ආර්ථික ජීවිතය පරිවර්තනය කිරීමේ අරගලයට සම්බන්ධව වේ.

“සමාජවාදී විප්ලවයක් නොමැතිව” 1938 දී ට්‍රොට්ස්කි මෙසේ ලිවීය.“ ඊලඟ ඓතිහාසික කාල පරිච්ඡේදයේ දී මහා ව්‍යසනයක් මිනිස් සංහතියේ සමස්ත සංස්කෘතියට තර්ජනය කරයි. ”

මෙම වචන ලියා ඇත්තේ දෙවන ලෝක සංග්‍රාමය ආසන්නයේ ය. එය මිලියන ගනනකගේ ජීවිත බිලිගත් මහා ව්‍යසනයකි. එහෙත් වර්තමාන අර්බුදය තුල ඒවා අලුත් සහ දැවෙන යථාර්ථයක් අත්පත් කර ගනී. කම්කරු පන්තිය හා සමස්තයක් ලෙස මානව වර්ගයා මුහුන දෙන්නේ වසංගතයට එරෙහි සටනකට පමනක් නොව ධනේශ්වර ක්‍රමයට එරෙහිව ද සටනකට ය.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ට, තරුනයින්ට සහ ධනවාදය අවසන් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන සමාජවාදී පදනමක් මත මානව ශිෂ්ටාචාරය අලුත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන සිටින සියලු දෙනාට සසපයට බැඳී සමාජවාදය සඳහා අරගලය ගෙන යන ලෙස ඉල්ලා සිටී.

Loading