වසංගත අර්බුදය පිලිබඳ පක්ෂ නායකයින්ගේ රැස්වීම: වැඩෙන මහජන විරෝධයට මුහුන දීම සඳහා ධනපති පාලක පන්තියේ මංමුලාසහගත වෑයමක්

ලංකාවෙන් වාර්තාවන කොරෝනා රෝගීන් ගනන සියය ඉක්මවද්දී, වසංගතය මැඩීම සඳහා සර්වපාක්ෂික අදහස් ලබාගැනීමේ ප්‍රකාශිත අරමුන සහිතව, මාර්තු 24 දා අගැමති මහින්ද රාජපක්ෂ සිය නිල නිවසේදී සියලු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවූවේය. 

හමුදාපති ඇතුලු මිලිටරියේ සහ පොලිසියේ ප්‍රධානීන්ද කැඳවනු ලැබූ රැස්වීමට රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොජපෙ) සමඟ මැතිවරන සන්ධානයකට එලඹී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) නියෝජිතයින්, විපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ, එජාපයෙන් බිඳී මැතිවරනයට වෙනම ඉදිරිපත් වන හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ මුස්ලිම් සහ දෙමල ධනපති පක්ෂ නියෝජිතයෝ රැස්වීමට සහභාගී වී සිටියහ.

අගමැති රාජපක්ෂ මෙම සර්වපාක්ෂික රැස්වීම කැඳවනු ලැබුවේ, වසංගතයෙන් මතු කෙරුනු සමාජ අර්බුදය හමුවෙි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවෙි ක්‍රියාපිලිවෙත සමිබන්ධයෙන් වැඩෙන මහජන විරෝධය මධ්‍යයේ ය. 

ඒ වනවිට, රෝගීන් භාර ගැනීම සඳහා රෝහල්වල ධාරිතාව සහ අනෙකුත්   සෞඛ්‍ය පහසුකම් සීමාසහිත වීම, අවම ආරක්ෂිත පහසුකම් හෝ නොමැති කමින් වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය සේවකයන් අවදානමි තත්වයන් යටතේ සේවයේ නිරතවීම, නිසි සමාජ ආරක්ෂන ක්‍රම්වේදයන් නොමැතිකම ආදී සියලු තීරනාත්මක ගැටලු  කම්කරු-පීඩිත මහජනතාවන් අතර බරපතල අතෘප්තියකට තුඩු දෙමින් තිබූ අතර එය ආන්ඩුවට එරෙහි පුලුල් විරෝධයක් බවට වර්ධනය වීමේ ඉඩකඩ පැවතුනි. 

අනුප්‍රාප්තික සියලු ධනපති ආන්ඩු විසින් පසුගිය දශක කීපය පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල සිදුකල අනවරත කප්පාදුවල පලවිපාක කමිකරු-පීඩිත මහජනතාව අත් විඳ ඇත. වසංගත ව්‍යසනය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පැන නංවා ඇති අර්බුදය එම කප්පාදුවල ප්‍රතිඵලයක් ලෙස දැක ගන්නා මහජනතාව, සමස්ත ධනපති පංතියට පමනක් නොව, ධනපති ක්‍රමයටම එරෙහිව පෙරලිකාරීව නැගී සිටිතැයි පාලක පන්තියේ සෑම කන්ඩායමක්ම එකසේ බියට පත්වී සිටිති. 

ගෙවීගිය මාස කීපය තුල වෙිගයෙන් වැඩුනු පංති අරගල මාලාව, වසංගත ව්‍යසනයෙන් ජනිත කොට ඇති මහජන විරෝධය මගින් යලි පුබුදුවා ඉස්මත්තට ගනු ඇතැයි පාලකයෝ ගනන් බලති. එදින රැස්වීමට සහභාගී වූ සියල්ලෝම එවන් මහජන කැලඹීමකට මුහුනදීම සඳහා ධනපති පාලක පන්තියේ පුලුල් සන්ධානයක් ගොඩනගා ගැනීමේ අවස්ථාවක් ලෙස සර්වපාක්ෂික රැස්වීම දැකගත්හ. 

රැස්වීම පවත්වනු ලැබුවේ වසංගතයෙන් පීඩාවට පත් මහජනතාවන් ඉන් මුදා ගැනීම සඳහා පුලුල් වැඩපිලිවෙලක් සකස්කරගැනීමට යැයි මිත්‍යාවක් කම්කරු පන්තිය තුල නොතිබිය යුතුය. 

රැස්වීමේදී සාකච්ඡා වූ කරුනු පිලිබඳ සවිස්තර වාර්තා මාධ්‍යයන්හි පල නොවීමෙන්ම පෙනී යන්නේ එම හමුව පීඩිත ජනතාවන්ට සහන සැලසීම මුල්කරගත් එකක් නොවූ බවයි. වැඩෙන මහජන විරෝධයට මුහුන දෙන්නේ කෙසේද යන්න පිලිබඳව එහිදී බොහෝ යෝජනා ඉදිරිපත් වන්නට ඇතුවාට සැක නැත. වසංගත අර්බුදය ගසා කමින් ආන්ඩුව සමස්ත සමාජයම මිලිටරියේ ග්‍රහනයට ගෙන තිබීම පිලිබඳ සුලු විවේචනයනක් හෝ රැස්වීමට සහභාගී වූ කිසිවෙකුගෙන් එල්ල වූයේ නැත. 

වඩාත්ම උත්ප්‍රාසාත්මක වනුයේ, “වසංගතය මැඩපැවැත්වීම” සඳහා පැවැත්වූ රැස්වීමට සහභාගිවූ සියලු පක්ෂ සෞඛ්‍ය සේවයේ අනවරත කප්පාදුවට ඝෘජුව සහ වක්‍රව සහභාගිවී තිබීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටක දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 5ක අවමයක පැවතිය යුතුයැයි නිර්දේශිත වුවද රජයේ සෞඛ්‍ය වියදම් මේ වන විට සියයට 1.5 ක් වැනි පහල අගයකට ඇද දැමීම සමිබන්ධයෙන් ඔවුන් සියලුදෙනා වගඋත්තරකරුවෝ වෙති.

වසංගතයට මුහුන දීමට සඳහා සමාජ දුරස්ථකරනය පමනක් ප්‍රමානවත් නොවන බවත් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා හැකිතාක් පරීක්ෂන පුලුල් කලයුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධාරනය කර ඇතත් එම නිර්දේශ ආන්ඩුව විසින් නොතැකීම සමිබන්ධයෙන් ඔවුහු සියලු දෙනාම නිශ්ශබිදතාවයෙන් එකගතාව පල කලහ. 

ධනපති පක්ෂයක් බවට මුලුමනින්ම පරිවර්තනය වී වෙමින් රාජ්‍ය යන්ත්‍රයට  තදින්ම බද්ධ වී සිටින ජවිපෙ වෙනුවෙන් පක්ෂ නායක රැස්වීමට සහභාගී වූයේ එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත්ය. “ප්‍රමාද වී නමුත් ආන්ඩුව නිවැරදි තීරන ගෙන ඇති” බව පවසමින් ඔහු ආන්ඩුව පැසසුවේය. 

ජන ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සංයුක්ත වැඩපිලිවෙලක් නොමැතිව දීර්ඝ කාලීනව ඇඳිරි නීතිය පැනවීම සහ සමස්ත රට මිලිටරි ග්‍රහනයට ගැනීමෙි තීරන ජවිපෙ ට අනුව නිවරැදිය. 

එමෙන්ම, “සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා සහ ඔවුන්ගේ      ක්‍රියාකාරිත්වය දායක කරගැනීම සඳහා වන යාන්ත්‍රනයක් සකස්කරන” මෙන් ආන්ඩුවෙන් ඉල්ලා සිටි බව හේරත් පැවසුවේය. ජවිපෙ යෝජනා කරන මෙම යාන්ත්‍රනය මහජනතාව මත සියලු බර පටවන්නක් බව රැස්වීමට පසුදාම තහවුරු විය. මාර්තු 25 දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ, “මේ මොහොතේ එකිනෙකාට උදව් පදව් කරගනිමින් තමන් මුහුන දෙන දුෂ්කරතාවන් ජය ගැනීමේ මානුෂික            ක්‍රියාදාමයකට ජනතාව අවතීර්න විය යුතු” බවයි. ආන්ඩුවේ නොතැකීම හේතුවෙන් නිර්මානය වන පීඩාවන් මහජනතාව විසින්ම දරාගත යුතු බවට දිසානායක උපදෙස් දෙන හැටිය ඒ.         

පරිභෝජන අවශ්‍යතා ඉටුකිරීම කාර්යක්ෂම කිරීම සඳහා යැයි කියමින් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට, රැස්වීමට සහභාගී වූ සෑම පක්ෂයක්ම එකඟතාවය පලකර ඇත. එම බලකාය මෙහෙයවීමේ ප්‍රධානියා වන්නේ තවත් රාජපක්ෂ සහෝදරයෙකු වන බැසිල් රාජපක්ෂයි. 2009 වසරේදී උතුරේ යුද්ධය අවසන් වීමෙන් පසු අවතැන් වූ දෙමල ජනතාවන් පුනරුත්ථාපන කිරීමේ වැඩසටහන් මෙහෙයවීමෙන් ඔහු ලත් අත්දැකීම් නිසා එම වගකීම ඔහුට පැවරූ බව අගමැති රාජපක්ෂ රැස්වීමේදී පැවසීය.

බැසිල් රාජපක්ෂගේ මෙම “අත්දැකීම්” වූ කලී, වර්ගවාදී යුද්ධයේ අවසන් අදියර වලදී එල්ල කල ඉවබව නැති මිලිටරි ප්‍රහාරවලින් අවතැන් වූවන් සඳහා “සහන කඳවුරක්” ලෙස නම් කෙරුනු වවුනියාවේ මැනික් ෆාම් කඳවුර පවත්වාගෙන යාමයි. ආන්ඩුව විසින් “දැවැන්ත සුභසාධන කටයුත්තක්” ලෙස හුවා දක්වනු ලැබුවද මැනික් ෆාම් කඳවුර කුප්‍රකට වූයේ දෙමල ජනයා රුදුරු කොන්දේසි යටතේ ගාල් කර දැමූ සිරකඳවුරක් ලෙසයි. 

පසුගිය පාර්ලිමෙින්තු මැතිවරනයට ඉදිරිපත්වීමට පවා නොහැකි තරමට මහජනතාව අතර කුජීත වූ මෙම රාජපක්ෂ බෑයා සුවිසල් ක්ෂේත්‍ර ගනනක් ආවරනය වන යාන්ත්‍රනයක ප්‍රධානියා බවට පත්කිරීම සමිබන්ධයෙන් රැස්වීමට සමිබන්ධ වූ කවර හෝ පක්ෂයක් විරුද්ධ නොවුනේ මහජනතාවට එරෙහිව     “මැනික් ෆාම්” ආකාරයේ මෙහෙයුමකට අනුමැතිය ලබා දෙමිනි. 

රැස්වීමේදී පක්ෂ නායකයින් ඉදිරිපත් කල ප්‍රශ්න හා ඒවාට ලැබුනු පිලිතුරු විසින් දිගින් දිගටම පැහැදිලි වූයේ මෙවැනි ව්‍යසන තත්වයකදී මහජනතාව ආරක්ෂා කර ගැනීමෙහි ලා ලංකාවේ ධනපති පාලක පන්තිය සතු අන්තික නොහැකියාවයි. “රෝගින්ට අවශ්‍ය කරන ඇඳන් සහ ශ්වසානාධාර ප්‍රමානවත් නොවේ නම් ඒවා ආනයනය කල යුතු” යැයි එජාප නායක වික්‍රමසිංහ යෝජනා කල විට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ ප්‍රකාශ කලේ “සෑම රටක්ම මේ හා සමාන ව්‍යසනයකට මුහුන දී සිටින නිසා ඔවුන් එම උපකරන අපනයන නොකරන” බවයි. “මිලිටරියේ සහ පේරාදෙනිය විශ්වවිද්යාලයේ උදව් ඇතිව එම උපකරන ලංකාව තුල නිෂ්පාදනය කරගැනීමට පියවර ගෙන ඇති” බව රාජපක්ෂ පැවසීය.

රෝහල් වල පහසුකම් ප්‍රමානවත් නොවන්නේ හදිසි තත්වයක් උදාවූ නිසා යැයි පැවසීම වංචනිකය. ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් තමා විසින්ම සිදු කරන ලද අනවරත කප්පාදුව හේතුවෙන් සමාන්‍ය තත්වයකදී පවා එදිනෙදා රෝගීන්ගේ අවශ්‍යතා සම්පූර්න කිරීමට අවශ්‍ය පහසුකම් ලංකාවේ රෝහල් පද්ධතිය සතු නොවන බව ඔවුන් සියලු දෙනාම දනී. 

සැබැවින්ම මෙම පාලකයන් ට ඇත්තේ, යමි ව්‍යසනකාරී තත්වයක් උදාවූ පසු එදා වේල පිරිමසා ගැනීමේ ක්‍රමයට විවිධ වැඩපිලිවෙල් අටවමින් මහජනතාවගේ ජීවිතවලින් වන්දි ගෙවීමට සලැස්වීමෙි වාර්තාවකි.    

ඉතිහාසය පුරා, දෙමල පාලක ප්‍රභූවේ වරප්‍රසාද ආරක්ෂා කරගැනීම පිනිස කොලඹ පාලක පන්තියේ ඒ හෝ මේ කන්ඩායමක් පිටුපස වැවුන දෙමල ධනපති පක්ෂ කිසිදු අවස්ථාවකදී දෙමල මහජනතාවන් ලක්වන පීඩාවන් පිලබඳ අව්‍යාජ තැකීමක් කර නැත. 

දෙමල බහුතරයක් වෙසෙන යාපනය දිස්ත්‍රික්කය මිලිටරියේ ග්‍රහනය යටතේ පූර්න අගුලු ලෑමකට ලක් කර ඇති තතු තුල දෙමල මහජනතාවන් මුහුන දෙන ගැටලු පක්ෂ නායක රැස්වීමේදී මතුකිරීමට දෙමල ධනපති පක්ෂ නායකයින් උනන්දු වූ බවට වාර්තා නැත. ඒ වෙනුවට දෙමල ජාතික සන්ධානය නියෝජනය කරමින් සම්බන්ධවූ එම්.ඒ සුමන්දිරන්, නව තාක්ෂනික ක්‍රමවේද යොදාගනිමින් යලි පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මතුකර ඇත.    

ධනපති පන්තියේ පාර්ශ්වයන් අතර විවිධ උපායික මතභේද පැවතියේ වුවත් කම්කරු-පීඩිත මහජනතාවන්ගෙන් තම පංති පාලනයට එල්ලවෙන අභියෝග මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ඔවුහු මුලුමනින්ම සමාන ආස්ථානයක් දරති. එකිනෙකාගේ පිට කසා ගනිමින් ධනපති පාලක පන්තියේ නියෝජිතයන් එක් කඳවුරකට රැස්වී සිටින්නේ කම්කරුවන්ට සහ පීඩිතයන්ට එරෙහිව වඩා දක්ශිනාංශික ප්‍රහාරයකට සූදානම් වීම සඳහාය. 

Loading