කොරෝනා වසංගත ව්‍යසනයේ ප්‍රතිවිපාක, බුද්ධිමය හා සංස්කෘතික ජීවිතයට කෙසේ බලපාන්නේ ද?

ඩේවිඩ් වොල්ෂ්
1 අප්‍රේල් 2020

මෙම ලිපිය 2020 මාර්තු 27 දින ඉංග්‍රීසියෙන් පල කෙරින.

වර්තමාන ගෝලීය සෞඛ්‍ය හා ආර්ථික ව්‍යසනයට පූර්වාදර්ශ නැත.

කෙටිකාලීන ප්‍රතිපලය කුමක් වුවත්, සමාජ ජීවිතය සහ විඥානය කිසි විටෙකත් ඔවුන් පසුකර ආ තත්වය කරා නොපැමිනෙනු ඇත. රුබිකන් ගංඟාව තරනය කර ඇත. පවත්නා පර්යාය, මිලියන ගනනාවකගේ දෑස් හමුවේ මෙතැන් සිට පෙනෙනු ඇත්තේ, අවජාතක මෙන්ම, තම අඛන්ඩ පැවැත්මට ක්ෂනික තර්ජනයක් ලෙසය.

බොහෝ දේශපාලන ගැටලු සහ බොහෝ ව්‍යාකූලතා ඇතිවිය හැකි නමුත් ජනගහනයේ පුලුල් ස්ථරයන්ගේ විඥානය වේගයෙන් වමට හැරෙමින් තිබේ.

කෙසේවෙතත්, වර්තමාන අර්බුදයට පෙර මාස හා අවුරුදු ගනනාව තුල නිල “රැඩිකල්,” ශාස්ත්‍රීය හා කලාකාරී කවයන් තුල පවා වැඩි අවධානයක් දිනාගෙන තිබුනේ, ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය පිලිබඳ වඩ වඩාත් අසිහියෙන් යුත් හා ආත්මාර්ථකාමී දේශපාලනයයි. ශ්‍රේෂ්ඨ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය තුල මෙන්, “අපේ කාලයේ නිර්නයකාරී  ප්‍රශ්නය ” නිදසුනක් ලෙස “ සුදු වරප්‍රසාද ” , වහල්භාවයට වන්දි ගෙවීම, #මීටූ ව්‍යාපාරය හෝ ලිංගික ප්‍රචන්ඩත්වය හෝ  අනර්ථකාරී “රුසියානු මැදිහත්වීම” පිලිබඳ කාරනය ගැන ගිනිය නොහැකි තරම් ලිපි ලේඛන, පොත් සහ ප්‍රකාශ මහජනයා අතරට පත්කරනු ලිබින.  

යමෙකු හැමවිටම කියනු ඇති පරිදි දැවෙන ප්‍රශ්න පමනක් වුනත්, මෑත මාසවල එවැනි කවයන්ගේ වඩාත්ම දැවෙන ප්‍රශ්න බවට පත්ව තිබුනේ, “වහල් හිමියන්ගේ කැරැල්ලක්” ලෙස ඇමරිකානු විප්ලවය හෙලාදැකීම වටා ඒබ්‍රහම් ලින්කන් “වර්ගවාදියෙකු” ලෙස අපහාසයට ලක් කරමින්, රෝමන් පොලන්ස්කි, වුඩි ඇලන් සහ ස්ලැසිබෝ ඩොමින්ගෝ (දැන් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින) සහ  චිත්‍රපට නිෂ්පාදකවරයකු වන හාවි වේන්ස්ටේන් ජීවිතාන්තය දක්වා සිරගත කිරීම ය.

 " වරප්‍රසාදිත " සුදු පිරිමි, ලිංගික ප්‍රචඩකාරීන් හා පුටින් ගේ නියෝජිතයන් නොවන්නට,  ඇමරිකාව ඉතා පහසුවෙන් තවත් ඒඩ්න්ගේ උද්‍යානයක් ලෙස වරද්දා ගත හැකිව තිබුනාය යන අදහස අපට ඒත්තු ගන්වනු ඇත.

මෙම කුනුවූ “ සදාචාරාත්මක ” කුරුස යුද්ධයට ජාත්‍යන්තර ව්‍යාජ වම්මු උද්‍යෝගයෙන් එක් වූහ. ප්‍රන්සයේ නව ධනපති-විරෝධී පක්ෂය (එන්පීඒ) නියෝජනය කරන මනොන් බොලැන්ස්කි, ඉන්ටර්නැෂනල් විව් පොයින්ට් වෙබ් අඩවියේ පල කරන ලද ලිපියකින්, නූතන ප්‍රන්ස ඉතිහාසයේ තීරනාත්මක අවස්ථාවක් වන ඩ්‍රයිෆස් සම්බන්ධතාවය ගැන කථා කරන, පොලන්ස්කිගේ ජේ ඇකියුස් “නිලධාරියෙක් හා ඔත්තුකරුවෙක්“ යන චිත්‍රපටය මර්දනය කිරීමේ ව්‍යායාමය සමග සම්පූර්නයෙන් ද  අවිවේචනාත්මකව ද පෙලගැසුනි. හැම ආකාරයකින්ම ඉහල රාජ්‍ය නිලධාරයෙක් හෝ දක්ෂිනාංශික පලාත් මන්ත්‍රීවරයෙක්  ලෙස කටයුතු කරමින් බොලැන්ස්කි, "ජේ ඇකියුස් යන පොලැන්ස්කිගේ නවතම චිත්‍රපටය කෙලින්ම විකාශනය කිරීමෙදී හා එයට  මූල්‍ය සම්පත් ලබාගැනීමේදී කිසිදු බාධාවක් හෝ සීමාවක් නොවීය“ යි කෝපයෙන් බෙරිහන් දුන්නේය.  " සැලකිය යුතු පන්ඩිත කමකින් යුක්තව ඇය,  ප්‍රන්ස ආන්ඩුවේ දිරිගැන්වීම සහ සහාය ඇතිව,පොලැන්ස්කිගේ නිෂ්පාදනය තිරගතවීම අවහිර හෝ බාධා කිරීම, " අදහස් ප්‍රකාශනයේ නිදහසට පහර දීමක් නොවේ“ යයි තර්ක කරයි. යථාර්තයේදී, “අතවර කිරීමේ සංස්කෘතියට“ විරුද්ධත්වය පලකරන ධජයකින් ඔතා තිබෙනතාක් දුරට  විවෘත ආඥාදායක පියවරයන් ද ඇතුලු ඕනෑම දෙයක්, පිලිගන්නා තැනක මේ මිනිසුන් සිටින බව පෙන්නුම් කරයි. 

ජේ ඇකියුස් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර රෝමන් පොලන්ස්කි

වසංගතය විසින් නිර්මානය කරන ලද නව කොන්දේසි, එවැනි අදහස් සහ ඒවාට අනුබල දුන් බලවේගයන් සහ තවමත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අයට මහත් අර්බුදයක් විය.

ගැහැනු පිරිමි, සුදු, කලු, ලතින් ඇමරිකානු සහ සංක්‍රමනික යන සෑම ජන කොටසකටම බලපාන වර්තමාන විස්තීර්න, ජීවිතයත් මරනයත් පිලිබඳ අර්බුදයට, මෙම සමාජ කොටස් දක්වන නොතැකීම අදාලවන්නේ කෙසේ ද? මිලියන ගනනක් දැන් තීරනය කල  යුතු ප්‍රශ්නය, තම පවුල් වලට ගෙවල් කුලී හා ආහාර සඳහා මුදල් ගෙවීමට මුදල් නැතිකම ද නැතිනම් නැවත රැකියාවට ගොස් මාරාන්තික රෝගය ආසාදනය වීමේ හා වෛරසය  පැතිරවීමේ වාහකයෙක් බවට පත්වන්නේ ද යන්නයි. 

නිව් යෝර්ක් ටයිම්ස් හි ඓතිහාසික මුසාකරනයේ 1619 ව්‍යාපෘතිය, 2016 හා අන් සියලු මැතිවරන වලට රුසියානු මැදිහත්වීම පිලිබඳ විකාර සහ ලිංගික හිරිහැර දඩයම  හුවාදක්වන, සාමාන්‍යයෙන් ස්වයං-උමතුවෙන් හා ස්වයං අනුකම්පාවෙන් පෙලෙන සුලු ධනේශ්වරයේ කිසිවෙකුත්, වත්මන් අර්බුදයට මුහුන දීම සඳහා සුලුවෙන් හෝ සූදානම්ව නොසිටී. 

සිවිල් යුද්ධයේදී කලු හමුදා

 මෙම ක්‍රියාවලිය හුදෙක් 2017 හෝ 2012 දී ආරම්භ වූයේ ද නැත. ඇත්ත වශයෙන්ම, දශක ගනනාවක් තිස්සේ,   ඉහල මට්ටමේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ, විනෝදාස්වාද කර්මාන්තයේ හා ශාස්ත්‍රාලික විශ්වයේ නියැලී සිටියවුන් අතර වඩ වඩාත් ආත්මාර්ථකාමී සහ උදාසීන මනෝභාවය වැඩී ගොස් තිබුනි.

වඩ වඩාත් කම්කරු පන්තිය සූරාකෑම හා දුප්පත් කමට ඇද දැමීම තුල මුල්බැසගත්, දිනෙන් දින ඉහල යන කොටස් වෙලඳපොල සහ සුපිරි ධනවතුන් විසින් ඔවුන්ගේ බැලමෙහෙකරුවන් වෙත සුලු ධනයක් විසිකිරීම මත පදනම්ව, එම නව සමෘද්ධිමත් ස්ථර, පද්ධතිය පිලිබඳව අවංකව විශ්වාස කරමින් එයට සිය පක්ෂපාතිත්වය පල කලහ.

මුදල් හා තත්වයෙන් විස්මෘතව, පැහැදිලිවම ඉතිහාසයේ ජයග්‍රාහී පැත්තේ සිටීම ගැන සතුටට පත්, නහයෙන් එහා නොදකින විවිධ පන්ඩිතයන්, තෙවන හා සිව්වන පෙලේ කලාකරුවන්, හොඳ වැටුප් ලබන දූෂිත මහාචාර්යවරුන් බොහොමයක්,  කලකට පෙර “ඔවුන්ගේ තොප්පි ද සමඟ මොලය ද බෝල කූඩුවේ එල්ලා තබමින්, (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ වාක්‍ය ඛන්ඩයක්) මූල්‍ය නාඩගමට පිලිපන්හ. 

තමන්ගේම අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි, සැලකිය යුතු තරම්  දෘෂ්ටිය බාල්දු වූ සහ ස්වයං-මුලාවේ තත්වය තුල ඔවුන්ට, සියලු අභිමතාර්තයන් හා අරමුනු සදාකාලිකව එසේ යයි ද උග්‍ර ප්‍රතිවිරෝධතා වලින් තොර යැයි ද ඔවුන් සලකන ලද පද්ධතියක් තුල, කොරෝනා වෛරස් අර්බුදයේ වර්ධනය පිලිබඳ මානයන්හි ව්‍යසනය කොතෙක් වනු ඇත්දැයි අනුමානයෙන්වත්  සිතාගත නොහැකි විය. 

ඇත්ත වශයෙන්ම, වසංගතයක් ගැන අනාවැකි කීමට හැකි වීම වැදගත් කාරනයක් නොවන නමුත් මාක්ස්වාදීහු සැමවිටම ව්‍යසනයන් පිලිබඳව දැනුවත්ව සිටිති. රෝසා ලක්සම්බර්ග් හැඳින්වූ ලෙස, නොවැලැක්විය හැකි ලෙසම අධිරාජ්‍යවාදය ජනගහනය ඇද දමන්නේ,  “දේශපාලන හා සමාජ ව්‍යසන හා කැලඹීම්වල නිමක් නැති දාමයක්” තුලටය. ගෝලීය වශයෙන් ඒකාබද්ධ ආර්ථිකයක වර්ධනය මගින් විශ්වීය මට්ටමකට එය ඔසවා තබන ලදි.

කම්කරු පන්තියට අනතුරු ඇඟවීමට හා විශාල කම්පන සහ අභියෝග සඳහා එය සූදානම් කිරීමට දරන උත්සාහය පිලිබඳව අවස්ථාවාදීන් විසින් මාක්ස්වාදීන්ට නිරන්තරයෙන් චෝදනා කරනු ලබන අතර, “ව්‍යසනකාරී” සහ “අර්බුද භීතියෙන් පෙලෙන්නේ” යයි ඔවුන්ට චෝදනා කරනු ලැබේ.

සමාජවාදයට මාරුවීම සඳහා සමාජවාදී න්‍යායෙන් ඉවත්වීමේ ලක්ෂ්‍යය සෑම විටම “සාමාන්‍ය හා විනාශකාරී අර්බුදයක්” බව ලක්සම්බර්ග් වරක් පැහැදිලි කලාය. මෙම දෘෂ්ටියේ කේන්ද්‍රීය මූලධර්මය සමන්විත වූයේ, “ධනවාදය ස්වකීය අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රතිපලයක් ලෙස අසමතුලිත, ඔරොත්තු නොදෙන තත්වයකට පත්වන බව අවධාරනය කිරීම තුල“ යයි ඇය ලිව්වාය. ව්‍යසනකාරී පොදු වානිජ අර්බුදයක ස්වරූපයෙන් එම අවස්ථාව පිලිසිඳ ගැනීමට හොඳ හේතු තිබුන නමුත් මූලික අදහස සලකා බැලීමේදී එය දරන්නේ, ද්විතීයික වැදගත්කමකි. ”

සති කිහිපයක් තුල ධනවාදය, මානව වර්ගයා “අසමතුලිත” සහ “ඔරොත්තු නොදෙන” තත්වයකට පත්කර ඇත.

රෝසා ලක්සම්බර්ග්

මෙම නව තත්වය තුල, “සුදු වරප්‍රසාදය” හෝ “පිරිමි වරප්‍රසාදය” පිලිබඳ සුලු විශ්වාසයකින් හෝ යුතුව කථා කල හැක්කේ කාටද? වයස සහ සංකීර්න සෞඛ්‍ය තත්වයන් වැදගත් සාධක වන අතර, කොරෝනා වෛරසය එක් ජාතියකට හෝ ජනවර්ගයකට  දඬුවම් කරන බවට කිසිදු සාක්ෂියක් නොමැත. චීන, ප්‍රන්ස සහ ස්පාඤ්ඤ පුරුෂයින් හා කාන්තාවන් මෙන්ම ඉතාලියානුවන්, ඉරාන වැසියන්, ඇමරිකානුවන්, ජර්මානුවන්, කොරියානුවන් සහ ස්වීඩන ජාතිකයන් යන අයගෙන් සමහරු මියගොස් තිබේ. වෛරසය කුමක් කල හැකිද යන්න නම්, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නයිජීරියාව, සෙනෙගල්, කෙන්යාව, මෙක්සිකෝව සහ වෙනත් තැන්වල සෞඛ්‍ය පහසුකම් අඩු ප්‍රදේශ  දැඩි ලෙස ආක්‍රමනය කර ඇත්තේ සිතාගැනීමටවත් නොහැකි පරිදිය.

පෙනෙන පරිදි කාන්තාවන්ට වඩා පිරිමින්ට මෙම රෝගය වැලඳී ඇත්නම්, මෙය “කාන්තා වරප්‍රසාදය” සඳහා යොදාගත හැකි තර්කයක් නොවේ. පන්ති සමාජයේ සෑම විටම පවතින පරිදි, වැඩිපුර වැඩ කරන දුප්පතුන් අතරින්  සෑම ජනවර්ගයකම හා ලිංගිකත්වයකම පීඩාවට පත්  ස්ත්‍රී පුරුෂයින් නරකම තත්වයට පත්වනු ඇති බවට සැකයක් නැත.

සත්තකින්න්ම, වර්ගවාදය සහ ලිංඟ දේශපාලනය ප්‍රවර්ධනය කරන හඬවල්  නිවීගොස්  නැත.

මාර්තු 24 යූඑස්ඒ ටුඩේ ලිපියක, “කොරෝනා වෛරසය පැතිරීම මුල්කරගෙන දොට්ට දැමීම් වලදී කලු හා ලතින් කම්කරුවන්ට අසමාන ලෙස රිදවා ඇත:“ එය හරියටම ලෝක විනාශය සිදුවන දිනය පැමිනෙමින් ඇත ” වැනි සඳහනක අරමුන, කම්කරු පන්තිය තුල බෙදීම් ඇතිකිරීම හා වාර්ගික ආත්මාර්තය දිරිගැන්වීමයි. මේරිලන්ඩ් හි කුඩා මුද්‍රන සමාගමකින් දොට්ට දමන ලද කලු තනි මවකගේ සිද්ධිය මෙම කොටසින් පෙන්වා දෙන අතර, “වසංගතය නිසා, කුඩා ව්‍යාපාර, ආපනශාලා, හෝටල්, අවන්හල් සහ නිෂ්පාදන සමාගම්වල මෑත දිනවල රැකියා අහිමිවූ සේවකයින් දහස් ගනනක් අතරට ඇය ද වැටේ. බොහෝ දෙනෙක් සුදු නොවන අය වන  එම කම්කරුවන් ගැන සිවිල් අයිතිවාසිකම් කන්ඩායම් කනස්සල්ලට පත්වේ.  බිල්පත් ගෙවීම සහ ඔවුන්ගේ පවුල් පෝෂනය කිරීම ඇනහිටවීමෙන් ආර්ථිකය පහත බසින සර්පිලයකට ඇතුලු කරයි. 

අවශේෂ ජනගහනය ගැන කුමක් කිව හැකිද? ඔවුන් සියල්ලෝම නිරයට යා යුතුද? යූඑස්ඒ ටුඩේ ජාතික නාගරික ලීගයේ නිලධාරියෙකුගේ අදහස උපුටා දක්වමින්, “ආර්ථිකය පරිහානියට පත්වන විට, කලු මිනිසුන් නිතරම එහි බරට කරගහන බව අපි දනිමු.” කම්කරු පන්තියේ සෑම කොටසක්ම දුක් විඳින අතර සෑම කොටසක්ම අරගලයට තල්ලු කරනු ඇත.

ඇත්ත වශයෙන්ම මෑත වසරවලදී, පෙරමුනු ගනනාවක තියුනු වශයෙන්ම පීඩාවට පත් ජනගහනයේ කොටස සුදු පිරිමි කම්කරු පන්තියයි. ඇමරිකානු වෛද්‍ය සංගමයේ (ජේඒඑම්ඒ) නවතම ජර්නලයේ අධ්‍යයනයකින් පැහැදිලි කලේ, 2015 සිට 2017 දක්වා එක්සත් ජනපදයේ ආයු අපේක්ෂාව පෙර නොවූ විරූ ලෙස පහත වැටී ඇති බවයි. මරන අනුපාතය ඉහල යාම සෑම වාර්ගික හා ජනවාර්ගික කන්ඩායමකම කම්කරුවන්ට බලපා ඇති බව සොයාගෙන ඇත. අතිරික්ත මරන විශාල වශයෙන්ම වාර්තා වන්නේ, සුදු කම්කරුවන් අතරය. ඔපියොයිඩ් මත් ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම හා සියදිවි නසා ගැනීම විශේෂයෙන් සුදු පිරිමින් අතර බිහිසුනු ය.

ෆිලඩෙල්ෆියා ඉනක්වයරර්හි  ලියන ලද තකතිරු, පසුගාමී  තීරුවක ශීර්ෂ පාඨය තුල සොලමන් ජෝන්ස් මෙසේ සඳහන් කර ඇත: “කොරෝනා වෛරසය මධ්‍යයේ ව්‍යාපාර වසා දැමීම තුලින් සුදු වරප්‍රසාදවල කුනු ඟඳක් වහනය වේ.” සාර්ථක හා අභිලාෂවත් අප්‍රිකානු-ඇමරිකානු ව්‍යවසායකයින් වෙනුවෙන් කතා කරමින් ජෝන්ස් තර්ක කරන්නේ, “කලු ජාතිකයෙකු සතු සෑම ව්‍යාපාරයක්ම අත්‍යවශ්‍ය” බවයි. ඔහු තවදුරටත් මෙසේ පවසයි, “සුදු ව්‍යාපාරිකයින් සහ කම්කරුවන් ද ආර්ථික අලාභ හානි වලින් පීඩා විඳි අතර, කුනාටුවට හසුව කැරකී යන හැමෝටම වගේ ඉන් පිටතට පැමිනිය හැකි යයි සලකාගෙන මෙන් අපගේ නායකයින් කටයුතු කරන දෙස බලන කල පෙනී යන්නේ, සුදු සුරක්ෂිත දැලක් සියල්ලන්ට ඇති බවකි, එය කලු ප්‍රජාවට නැති දෙයකි. ”

අත්ලාන්තික් හි හෙලන් ලුවිස් ඇගේ පාඨකයන්ට දැනුම් දෙන්නේ, “කොරෝනා වෛරසය ස්ත්‍රීවාදයට ව්‍යසනයක්” බවත් “කාන්තාවන්ගේ ස්වාධීනත්වය වසංගතයේ නිහඬ ගොදුරක් වනු ඇති” බවත්ය. මිනිසුන් 25,000 ක් පමන මියගොස් ඇති අතර මිලියන භාගයකට වඩා ආසාදනය වී ඇති නමුත් ලුවිස් මූලික වශයෙන් කනස්සල්ලට පත්වන්නේ, ඇගේ මධ්‍යම පන්තික ජීවන රටාවට එය අහිතකර ලෙස බලපෑම පිලිබඳවයි. එවැනි ව්‍යසනයන්ට “ලිංඟික වශයෙන් මධ්‍යස්ථ ප්‍රවේශයක්” ප්‍රතික්ෂේප කරමින් ද විශාල පිරිසකගේ මරන වැලැක්වීමට සමාජයට ඇති නොහැකියාව මුලුමනින්ම පිිලිගනිමින් ද ලුවිස් තවදුරටත් මෙසේ පවසයි, “දැන් සිතාගත හැකි තරම් දරුනු වන  වසංගත තවදුරටත් නොවැලැක්විය හැකි අතර, ලිංගිකත්වය අතුරු ප්‍රශ්නයක් යැයි තර්ක කිරීමට පෙලඹෙමින් සැබෑ අර්බුදයෙන් ඈත්වීමට එරෙහි විය යුතුය. ”

ද හිල් වෙබ් අඩවියේ (“කාන්තාව සහ කොරෝනා වෛරසයේ සැඟවුනු හානිය”) තුල මැඩලීන් සයිමන් කියා සිටින්නේ, “කාන්තාවන් කොවිඩ්-19 වසංගතයේ බර දරා සිටින” බවයි. සාක්ෂි අනුව “කාන්තාවන්ට වඩා පිරිමින් කොරෝනා වෛරසයෙන් මිය යති, එහෙත් කොවිඩ්-19  කාන්තාවන්ට ද නිශ්චිත බලපෑමක් ඇති කරයි” යනුවෙන් සයිමන් ලියයි.  පාසල් වසා දැමීම නිසා ලොව පුරා මිලියන 850 ක් පමන වන ලමුන් රැකබලා ගැනීමේ බර ද  නිසැකවම කාන්තා ජනගහනය මත අසමාන ලෙස පැටවෙන සෞඛ්‍යාරක්ෂාව සැපයීම පිලිබඳව ද මාධ්‍යවේදියාට උදව් කල නොහැකි නමුත් බලලා මල්ලෙන් එලියට ගන්නට පුලුවන.

“ගෝලීය සෞඛ්‍ය සංවාදවලින් බොහෝ දුරට කාන්තාව ඉවත් කර ඇත” සහ “තීරන ගැනීමේ ක්ෂේත්‍රයන්හි කාන්තාවන් නියෝජනය වන්නේ ඊටත් අඩුවෙනි“ යයි ඇය ලියයි.  එක්සත් ජනපද කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය තුල සීමා වර්මා සහ ඩෙබොරා බ්‍රික්ස් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන නමුත් කන්ඬායමේ කාන්තා නියෝජනය සියයට 10 ක් පමනකි.” වරප්‍රසාදිත කාන්තා වෘත්තිකයින්ට දැනටමත් ලැබී ඇතුවාට වඩා වැඩි තනතුරු, වැඩි ආදායමක් හා වැඩි බලයක් සඳහා වන මෙම කදිම වචන මගින් ගෘහස්ථ හා වෙනත් වගකීම්වල බරෙන් මැඩී සිටින වැඩකරන කාන්තාවන්ගේ සැබෑ අවශ්‍යතා නියෝජනය වනවා ද?.

සමහර කන්ඬායම්වල ප්‍රතික්‍රියාව වෙන කවරදාටත් වඩා ආත්මාර්ථකාමී විය හැකි නමුත් එය එකම ප්‍රතික්‍රියාව නොවනු ඇත.

කොරෝනා වෛරස් අර්බුදය, බුද්ධිමය හා කලාත්මක බලවේග ඇතුලු අනෙකුත් බලවේග ද මුදා හරිනු ඇත.

Tටෙරන්ස් මැක්නාලි, 2020දී (Photo credit: Al Pereira)

මෙම වසංගතය වෙනත් ක්ෂේත්‍රවලට මෙන්ම කලා ලෝකයට ද භෞතික බලපෑමක් ඇති කරයි. නාට්‍ය රචක ටෙරන්ස් මැක්නාලි, නලු මාක් බ්ලුම්, සංගීතඥ මනූ ඩිබාන්ගෝ, මයික් ලෝන්ගෝ, මහාමාන්‍ය ෆ්‍රෙඩී රොඩ්‍රිගුස් සහ මාර්සෙලෝ පෙරල්ටා යන අයගේ දුක්ඛිත මරන ද නලුවෙකු හා සංගීතඥයෙකු වන  ප්ලෙසිඩෝ ඩොමින්ගෝටමත් , ජැක්සන් බ්‍රවුන්, ඉඩ්‍රිස් එල්බා, රීටා විල්සන්, ටොම් හෑන්ක්ස්, ඩේවිඩ් බ්‍රයන්, එඩ් ඕ බ්‍රයන්, ඩෙබී මාසර්, රැෂල් මැතිව්ස්, ඔල්ගා කුරිලෙන්කෝ, ක්‍රිස්ටෝෆර් හිව්ජු, ඩැනියෙල් කිම් හා තවත් අයට වෛරසය ආසාදනය වී තිබීමෙන් ද පෙන්වන්නේ,  සෑම තැනකම පැතිරයාමට හා එය සතුව ඇති මාරක විභව බලයයි.

වර්තමාන වසා දැමීමේ ආර්ථික බලපෑම බොහෝ කලාකරුවන්ට විනාශකාරී වනු ඇත. ඔවුන්ගෙන් බහුතරයක් ජීවිතයේ හොඳම කාලය ගත කරන්නේ අබල් බබල්වය. එහෙත් වඩාත්ම කල් පවත්නා ප්‍රතිපලය මුදල් වලට වඩා, දෘෂ්ටිවාදාත්මක හා බුද්ධිමය වනු ඇත.

ධනවාදයේ සිදුවන හා ආපසු හැරවිය නොහැකි අපකීර්තිය, සමකාලීන චිත්‍රපට, සංගීතය, චිත්‍ර, සාහිත්‍ය හා නාට්‍ය කලාවේ තවදුර වර්ධනයට ප්‍රබල ලෙස බලපානු ඇත. ඕනෑම වියදමකින් ලාභය සඳහා වන කුපාඩි තල්ලුව මඟින් කලාකරුවන් අතර පිලිකුලක් හා භීතියක් ඇති කරයි. එහි යටින් පවතින ම්ලේච්ඡත්වය දකින්ට හැකි ඇස් ඇති සියල්ලන් හමුවේ ඒවා නිරාවරනය වනු ඇත.

දැන් තමන් ද අන් සියල්ලන්ම ද අනතුරේ හෙලන්නාවූ, තමන් ජීවත්වන පද්ධතියේ ආර්ථික හා සමාජ ප්‍රතිගතිතා වඩාත් විවේචනාත්මක ලෙස විමසා බැලීමට  හොඳම කලාකරුවන්ගේ අවධානය යොමු වනු ඇතැයි පුරෝකථනය කිරීමට හැකි බව පෙනේ.  සෙසු ජනතාව ද සමඟ කලාකරුවන්ට, මෙය සිදු වූයේ කෙසේද? වගකිව යුත්තේ කවුද? කුමක් කල හැකිද? යනාදී කරුනු දැනගැනීමට අවශ්‍ය වනු ඇත.

ප්‍රතිපලය වනු ඇත්තේ, සෞන්දර්යාත්මක ප්‍රවේශයක් ලෙස යථාර්ථවාදය පිලිබඳ නව හා වඩාත් බැරෑරුම් උන්දුවක් ද, පවතින තත්වයට විවෘතව විරුද්ධත්වය දක්වන්නාවූ ද, විශේෂයෙන් ජනතාවගේ ජීවිතය හා ඉරනමට ගැටගැසුනු  අය ඉදිරියට ඒමයි. 

සමාජය තුල දැවැන්ත පීඩනයක් ගොඩනැඟෙමින් ඇත. බොහෝ දෙනෙක් ව්‍යාකූල වී, හුදෙකලා වී, ඔවුන්ගේ හඬ හෝ යන තැන සොයාගැනීමට නොහැකි වී සිටී. නැතිනම් තමන්ගේ ගැඹුරු සිතුවිලි සහ හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩක් නැතුව හෝ ඒ සඳහා ධෛර්ය නැතුව සිටී. සෑම දෙයක්ම එක රැයකින් වෙනස් නොවනු ඇති නමුත් ඩිමොක්‍රටික් පක්ෂය තුල පවතින මිත්‍යාවන් ද ප්‍රතිකොමියුනිස්ට්වාදය ඇතුලු අගතීන් ද විනාශ කිරීම කෙසේ වෙතත් සිදුවනු ඇත. ඒ අතර කලාකරුවන් සහ වෙනත් අය, සමාජයේ පූර්න හා රැඩිකල් ප්‍රතිනිර්මානයට නැඹුරු වීම තුලින් ඔවුන්ගේ මාවත සොයා ගනු ඇත.