ඉදිරිදර්ශන

ජෙනරල් මෝටර්ස් ලාභ ඉල්ලා සිටියදී එජ තුල ස්වසන අධාරක යනත්‍ර හිඟය දස දහස් ගනනක් ජීවිත අනතුරේ හෙලයි.

මෙම ලිපිය මාර්තු 28දා ඉංග්‍රීසි බසින් පලවිය

සෑම දින දෙකකට වරක්ම කොවිඩ්-19 ආසාදිතයන් ගනන දෙගුනයක් වෙත්දී එක්සත්ජනපදය පුරා නගර වල ඇති රෝහල් සිය උපරිම ධාරිතාවයට ලඟා වෙමින් සිටී. සිකුරාදා ආසාදිතයන් ගනන 100,000 ඉක්මවූයේ 20,000 කට ආසන්න නව ආසාදිතයන් ප්‍රමානයක්  වාර්තා වීමත් සමගය. මුලු මරන සංඛ්‍යාව 1500 බවට පත් කරමින් 250 කට වඩා පිරිසක් මිය ගියේය.   

මේ අතර වාරයේ වෛද්‍යවරුන් සහ හෙදියන් රට පුරා පවතින ආරක්ෂක උපකරන සහ සෞඛ්‍ය සේවා උපකරන වල හිඟයකට මුහුනපා සිටී.

මවුන්ට් සිනානි හී හෙදියන් අපද්‍රව්‍යය බහාලීමට භාවිතා කරන බෑගයන් ඇදගෙන සිටින ආකාරය (ඡයාරූපය:ෆේස්බුක්, ඩයනා ටොරස්)

දිවි බේරාගත හැකි ස්වසන ආධාරක වලපවතින හිඟය, කොරෝනා වෛරසයෙන් සිදුවන මරන ගනන අති මහත් ලෙස ඉහල නංවන කේන්ද්‍රීය සාධකය බවට සීඝ්‍රයෙන් මතුවෙමින් තිබේ.  

“හිඟය හේතුවෙන්” “දැඩි ලෙස රෝගීව සිටින අය” “දැඩි සත්කාර ඒකක සඳහා හෝ ස්වසන ආධාරක සඳහා සුදුසුකම් නොලබනු ඇතැයි” එජ වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙස මතු වෙමින් පවතින ඩිට්‍රොයිට් හී හෙන්රි ෆෝර්ඩ් සෞඛ්‍ය පද්ධතිය රෝගීන්ට අනතුරු ඇඟවීය. ඩිට්‍රොයිට් හී නගරාධිපති මයික් ඩගන් (හිටපු සෞඛ්‍ය සේවා විධායකයකි) එම ලිපිය වග වර්නනා කලේ “ඔවුන් ප්‍රකාශයට පත් කල දෙය අවංකය” යනුවෙන් ප්‍රකාශ කරමින්ය. 

අනෙකුත් සෞඛ්‍ය සේවා පද්ධති ඊටත් වඩා බිහිසුනු පියවරයන් සූදානම් කරමින් සිටී. වොෂින්ටන් සහ ඇලබාමා යන ප්‍රාන්ත, මානසික වශයෙන් ආබාධිත පුද්ගලයන් සඳහා ජීවිතාරක්ෂක සත්කාරයන් ලබා දීම ප්‍රතික්ෂේප  කිරීමට ඉඩලබා දෙන නීති ක්‍රියාත්මක කරමින් සිටී.   

ස්වසන ආධාරක යන්ත්‍ර සලාක ලෙස  බෙදා දීම සඳහා වන ප්‍රාන්තයේ හදිසි අවස්ථා සැලැස්ම විසින්,  “ස්වසන ආධාරක යන්ත්‍ර සලාක ලෙස බෙදා දීමේ අවස්ථාවකදී, විශේෂයෙන්ම, බුද්ධිමය වශයෙන් අබාධ සහිත නිශ්චිත මිනිසුන් කොටසකට, ඒවාට ප්‍රවේශ වීමේදී වෙනස්ව සලකන අතර ඔවුන් ඒවාට ප්‍රවේශ වීමෙන් වලක්වයි... ‘දරුනු සහ දැඩි මානසික ඌන වර්ධනයක් සහිත රෝගීන්ට යාන්ත්‍රික ස්වසනාධාරක සහය ලබා නොදීමට’ රෝහල් වලට නියෝග කෙරෙයි... මෙම පිලිවෙත දරුවන් සඳහාද අදාලය.” යනුවෙන් ඇලබාම ආබාධිත උපදේශන සේවාව විසින් ගොනු කරන ලද නඩුවක සඳහන් වෙයි. 

දින කිහිපයක් ඇතුලත සෞඛ්‍ය වෘත්තිකයන්, කවුරුන් ජීවත් විය යුතුද කවුරුන් මිය යා යුතුද යන්න තමන්ට තීරනය කිරීමට බල කෙරෙන තත්වයක් තුල සිය බිහිසුනුම සිහිනයේ ජීවත් වෙනු ඇත. 

 “කිසිවෙකුත් සිය නපුරුම සිහින වලදීවත් අප හට දසදහස් ගනනක් ස්වසන ආධාරක අවශ්‍ය වේයැයි සිතා නොතිබුන” බවට වන ට්‍රම්ප්ගේ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයකි. ඇත්ත වශයෙන්ම වෛරසවේදීන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ රජයේ ආයතන වලින් පවා ඉදිරිපත් කෙරුනු අප්‍රමාන වාර්තාවන් සහ ලිපි මගින් එවැනි අනතුරු ඇඟවීම් නිවැරදිවම සිදු කර ඇත.  

රජයේ වගවීමේ කාර්යාලය 2003 ඉදිරිපත් කෙරුනු සිය වාර්තාවක් මගින් අනතුරු ඇඟවූයේ “නිරන්තරයෙන් ස්වසන ආසාදනයන් සඳහා අවශ්‍ය වන ස්වසන ආධාරක වැනි වෛද්‍යය උපකරන ඇත්තේ රෝහල් කිහිපයකට පමනක්” බවයි. “දරුනු වසංගත තත්වයකදී හිඟයන්, උදාහරනයක් ලෙස යාන්ත්‍රික ස්වසන ආධාරක හිඟයක් ඇති වනු ඇතැයි” සඳහන් කරමින් සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුව 2005 දී වසංගත ඉන්ෆ්ලුවෙන්සා සැලැස්ම ප්‍රකාශයට පත් කලේය. 

2017 ජුනි මාසයේ රෝග පාලනය කිරීමේ සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය “ඉන්ෆ්ලුවෙන්සා වසංගතයක් සඳහා ස්වසන අධාරක සංචිතගත කිරීම” යන මැයෙන් වසංගතවේදීන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර එහි මෙසේ සඳහන් විය: “ස්වසන අධාරක සහය ඉල්ලා සිටින සියලු පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි සත්කාර ඒකකයන් ට ප්‍රමානවත් තරම් සම්පත් නැතැයි සැලකිය යුතු මට්ටමේ කනස්සල්ලක් පවතී. තරමක දැඩි වසංගතයන් හැසිරවීමට පවා පවතින ධාරිතාවන් ප්‍රමානවත් නොවන බවට පූර්ව අධ්‍යනයන් කරුනු ගෙන හැර දක්වයි.”

කෙසේවෙතත්, ඩිමොක්‍රටිකයන් යන සහ රිපබ්ලිකානුවන් යන දෙපිරිසම යටතේදීම ආන්ඩුව කිසිවක් සිදු කලේ නැත.පසුගිය දශක දෙක තුල සෑම වසරකම මිලිටරිය සඳහා වියදම් කල මුදල, ස්වසන ආධාරක මිලියනයක ජාතික සංචිතයක් ගොඩනැගීමට වියදම් කල හැකිව තිබූ මුදල මෙන් 50 ගුනයකි. එවැනි සංචිතයක් නිෂ්පාදනය කිරීමට ඇඩො බිලියන 15ක් වැය විය හැකිව තිබූ අතර එය බැංකු වලට ඇප ලබා දීමට යොදාගත් ප්‍රමානයෙන් ඉතා සුලු කොටසකි.     

දැන් ඉතා බරපතල ස්වසන ආධාරක හිඟයක් හමුවේ ප්‍රධාන සංගත කොවිඩ්-19 වසංගතය, අධික ලෙස මිල ඉහල දැමීම හරහා සහ අයුතු ලාභ ලබාගැනීම හරහා  අති විශාල ලාභයන් උත්පාදනය කිරීමේ අවස්ථාවක් ලෙස ලෙස දැක ගනී.  

ට්‍රම්ප් පරිපාලනය විසින් කොම්පැනිය ඉල්ලා සිටින ලද මිල ප්‍රතික්ෂේප කිරීම නිසා ස්වසන අධාරක නිෂ්පාදනය කිරීම සඳහා වූ ජෙනරල් මෝටර්ස් හී සැලසුම් බිඳ වැටුනු බව නිව්යෝර්ක් ටයිම්ස් සිකුරාදා වාර්තා කලේය.  

මෙය සිදුවූයේ, “ඇස්තමේන්තුගත වියදම දැරිය හැකිදැයි තක්සේරු කිරීමට තවත් කාලය අවශ්‍යයැයි ෆෙඩරල් හදිසි අවශ්‍යතා කලමනාකරන ඒජන්සිය ප්‍රකාශ කිරීමෙන් පසුවය. එම මිල ඇඩො බිලියන 1කට වඩා වැඩි වූයේ ජෙනරල් මොටර්ස් වෙත මිලියන සියගනනක මූලික ගෙවීමක්ද  සහිතවය.” පසුගිය වසරේදී ජෙනරල් මෝටර්ස් ඇඩො බිලියන 6.5ක ලාභයක් වාර්තා කලේය.

“ඇඩො බිලියන 1.5 ක මිලක් යනු දලවශයෙන් ස්වසන ආධාරකයක් සඳහා ඇඩො 18000කි. සන්සන්දනාත්මකව ගත් විට සමස්ත වියදම, පෙන්ටගනයේ වඩාත්ම දියුනු ප්‍රහාරක යානාව වන F-35  යානා 18ක් මිලට ගැනීමට වැය වන මුදලට සමාන” යැයි ටයිම්ස් පුවත්පත තව දුරටත් සඳහන් කලේය. 

ජෙනරල් මෝටර්ස් පසුව නිවේදනය කලේ, වෛද්‍ය උපකරන නිෂ්පාදනය කරන කොම්පැනියක් වන වෙන්ටෙක් සමග සහයෝගීතාවයෙන් යුතුව ස්වසන ආධාරක නිෂ්පාදනය සිදු කරනු ඇති බවයි.  

අනෙක් අතට ට්‍රම්ප් පරිපාලනය, ස්වසන ආධාරක සහ අනෙකුත් උපකරන නිෂ්පාදනය කිරීමට බල කරන ආරක්ෂන නිෂ්පාදන පනත බලාත්මක කිරීමෙන් වැලකෙමින් සති ගනනක් ගතකලේ, එයට සංගත මත කිසිදු ඉල්ලීමක් පැටවීමට අවශ්‍ය නොවන නිසාය. ජෙමෝ විසින් දැනටමත් සිදු කරන බවට පොරොන්දු වී ඇති යමක් සිදු කරන ලෙස ජෙමෝ වෙත “බලකිරීමට” තමන් පනත යොදා ගනු ඇතැයි ට්‍රම්ප් සිකුරාදා නිවේදනය කලේය.  

කොටස් වල ඇති හිඟයත් සමග, ඊලඟ මාස දෙක තුල බලාපොරොත්තු වන දැවැන්ත ඉල්ලුමේ ප්‍රසාරනය සඳහා එකදු ස්වසන ආධාරකයක්වත් ලබා ගත නොහැකි වනු ඇත. ටයිම්ස් පුවත් පත සඳහන් කරන ආකාරයට “සමස්ත වැඩි දියුනු කිරීම ගිම්හාන ඍතුවේ මුල වන තෙක්ම, ඇතැම්විට ආසාදනයේ දෙවන රැල්ලක් වන විටද, ප්‍රභල බලපෑමක් සිදු නොකරනු ඇතැයි කර්මාන්ත විධායකයන් පැවසා” ඇත.   

ට්‍රම්ප් පරිපාලනය සහ මෝටර් රථ නිෂ්පාදන දැවැන්තයා කොතරම් ගෙවීමක් ලැබෙනවාද ජෙනරල් මෝටර්ස් කොතරම් ලාභයක් උපයාවිද යන්න සම්බන්ධයෙන් කේවල් කරන අතර මිනිසුන් මිය යමින් පවතී.

සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ, අති විශාල සෞඛ්‍ය සේවා සහ නිෂ්පාදන කොම්පැනිද ඇතුලු ප්‍රධාන සංගතයන් ප්‍රජාතන්ත්‍රීය පාලනය යටතේ පොදු උපයෝගීතාවයන් බවට පරිවර්තනය කිරීම සඳහාය. සියලු සම්පත් තිබිය යුත්තේ සංගත වලට ඇප ලබා දීමට සහ වෝල් වීදියේ ආයෝජකයන්ගේ වත්කම් මිලට ගැනීමට නොව ස්වසන ආධාරක  සහ අනෙකුත් උපකරන  නිෂ්පාදනය සහ රෝහල් ගොඩනැගීම සඳහා වන හදිසි තත්ත්ව වැඩසටහනක් සඳහාය.  

පුද්ගලික දේපල ජීවිත බේරා ගැනීමට හරස් වන තරමට එය බැහැර කල යුතුය. මානව වර්ගයාගේ අප්‍රමාන තාක්ෂනික සහ විද්‍යාත්මක වර්ධනයන් සහ අතිවිශාල නිෂ්පාදන බලවේගයන්, ලාභ අභිප්‍රාය සහ ජාතික රාජ්‍ය පද්ධතිය විසින් ඒවා මත පිහිටුවා ඇති සීමාවන්ගෙන් නිදහස් කර ගත යුතුයි.  

කොරෝනා වෛරස අර්බුදය සමග ගනුදෙනු කිරීමට වන සියලුම බැරෑරුම් උත්සාහයන් සහ එයට සූදානම් වීම නිෂ්පාදන බලවේගයන්ගේ පුද්ගලික අයිතිය විසින් කඩා කප්පල් කොට ඇත. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මෙයයි:ලාභයේ සහ ධනය සංකේන්ද්‍රනයේ පදනම මත පාලක පන්තිය විසින් ආර්ථික ජීවිතය මෙහෙයවනවාද නැතහොත් එය සමාජ අවශ්‍යතාවන්ගේ පදනම මත කම්කරු පන්තිය විසින් මෙහෙයවනවාද. ධනවාදයද සමාජවාදයද. 

සියලුම කම්කරුවන්ට සහ තරුනයන්ට සමාජවාදී සමානතා පක්ෂයට අදම එක් වන ලෙස සහ මෙම සටනට සම්බන්ධ වන ලෙස අපි කැඳවුම් කරමු. 

Loading