නේපාලය: කොරෝනා වසංගතයෙන් ජනතාව විශාල දුෂ්කරතාවන්ට මුහුන දෙයි

මෙම ලිපිය 2020 අප්‍රේල් 4 දා ඉංග්‍රීසි බසින් පලවින.

කෙසේ වෙතත්, අගමැති ෂර්මා ඔලි ආන්ඩුව, රටේ බහුතර දුප්පත් ජනතාවට දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ඔෂධ සහ සෞඛ්‍ය ආරක්ෂන උපකරන ලබා දීමට  බලවත් උත්සාහයක් දරා නැත. 

පසුගිය සෙනසුරාදා, නෙප්123.කොම් වෙබ් අඩවිය වාර්තා කලේ, රටේ දිස්ත්‍රික්ක 77 න් එකක් වන ටනාහුන් හි ගල් කැඩීමේ හා ඉදිකිරීම් කර්මාන්ත වල යෙදී සිටි කම්කරුවන් ද ඇතුලුව බොහෝ දෛනික වැටුප් උපයන්නන් හාබොහෝ දුගී ජනයා  ඔවුන්ගේ නිවෙස්වල සිරවී කුසගින්නේ සිටින බවයි.

ප්‍රවාහන සේවා නවතා දමා ඇති නිසා, දස දහස් ගනන් දෛනික වැටුප් කම්කරුවන්, වීදි වෙලෙන්දන් සහ නේපාලයේ විවිධ ප්‍රදේශවලින් පැමිනි දිලිඳු ජනතාව ද රටේ අගනුවර වන කත්මන්ඩු නුවර කොටුවී සිටිති.

ඉහල යන සමාජ අතෘප්තිය ගැන සැලකිලිමත් වූ හිටපු අගවිනිසුරුවරුන් වන කල්‍යාන් ශ්‍රෙෂ්තා සහ සුෂිලා කාර්කි ඇතුලු සංස්ථාපිතයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු, මාර්තු 26 වන දින ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියේ මූලික දුෂ්කරතාවන්ට මුහුනපා සිටින පුරවැසියන්ට විශේෂ සහනයක් ලබා දෙන ලෙසයි. 

දින තුනකට පසු මාර්තු 29 වන දින, ඔලී ආන්ඩුව සහන ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කල අතර, ඊට සෑම මසකම ඒකක 150 ක් දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙන්  සියයට 25 ක වට්ටමක් සහ වැටුප් නොලබන දෛනික කම්කරුවන් සඳහා, සහල්, පිටි, පරිප්පු, ලුනු සහ සීනි සඳහා සියයට 10 ක වට්ටමක් ඇතුලත් විය. කෙසේ වෙතත්, කිසිදු ආදායමක් නොලැබෙන දෛනික වැටුප් කම්කරුවන්ට මෙම වට්ටම් මිල ගනන් පවා ගෙවීමට හැකියාවක් නොමැත.

කොවිඩ්-19 වැලැක්වීම සහ පාලනය කිරීම සඳහා කත්මන්ඩු මෙට්‍රොපොලිටන් නගර සභාව රුපියල් මිලියන 100 ක් (ඇමරිකානු ඩොලර් 830,000) ප්‍රකාශයට පත් කර ඇති නමුත් ජාතික අගනුවර සහ එහි මෙට්‍රෝ ප්‍රදේශයේ වෙසෙන මිලියන 6.5 ක ජනතාව සමඟ ගනන් බැලූ විට එය සොච්චමකි. රටේ බරපතල කාර්ය මන්ඩලයේ හා අඩු පහසුකම් සහිත සෞඛ්‍ය යටිතල පහසුකම් මඟහරවා ගැනීමට එය කිසිවක් නොකරනු ඇත. 

මුහුනු ආවරන පැලඳීම, නිතිපතා සබන් යොදා අත් සේදීම, සනීපාරක්ෂක උපකරන භාවිතා කිරීම, සෙනඟ අතර ගැවසීමෙන් වැලකීම සහ සමාජ දුරස්ථභාවය අනුගමනය කරන ලෙස නේපාල ජනතාවට පවසා තිබේ. කෙසේ වෙතත්, සමාජයේ දුප්පත්ම කොටස්වලට එවැනි අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත නොහැකි අතර, ඔවුන් ජීවත්වන ප්‍රදේශ වල සමාජ දුරස්තභාවය පවත්වා ගැනීමට ද ඉඩක් නොමැත.

ප්‍රවීන වෛද්‍යවරයකු වන මනි ඩික්සිත් මාර්තු 22 වන දින කත්මන්ඩු පෝස්ට් පුවත්පතට පැහැදිලි කළ පරිදි: “සනීපාරක්ෂාව වරප්‍රසාදයක් බවට පත්ව ඇත. මධ්‍යම පන්තියේ අයට පවා ඒවා ලබා ගැනීමට අපහසු ය. මෙම ආරක්ෂන ද්‍රව්‍යවල මිල  වැඩ වන අතර හා හිඟ වෙමින් පවතී. ”

ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව, නේපාලයේ ශ්‍රම බලකායෙන් සියයට 62.2 ක් පමන වීදි වෙලෙන්දන්, කසල එකතු කරන්නන්, පිරිසිදු කරන්නන්, රික්ෂෝ අදින්නන් සහ ගෘහස්ථ සහායකයින් ඇතුලුව, අවිධිමත් අංශයේ සේවය කරති. මෙම කම්කරුවන්ට වැඩි වැඩියෙන් මිල අධික දෛනික අත්‍යවශ්‍ය දෑ පමනක් නොව මූලික වෛරස් ආරක්ෂන ද්‍රව්‍ය පවා ලබා ගත නොහැක. 

මාධ්‍ය වාර්තා වලට අනුව, අගුලු දැමීමේ පලමු සතිය තුල එලවලු මිල තුන් ගුනයකින් වැඩි වූ අතර ඒවා දැන් ලබා ගැනීම අමාරු වෙමින් පවතී. අගුලු දැමීමේ කාලය තුල දී, එලවලු ප්‍රවාහනය කිරීමට ආන්ඩුව වාහනවලට අවසර දී ඇතත් රියදුරන්ට සහ ඔවුන්ගේ වැඩ සහායකයින්ට මුහුනු ආවරන හෝ සනීපාරක්ෂක උපකරන ලබා නොදේ. මෙම අනාරක්ෂිත තත්වයන්ට මුහුන දී සිටින ගොවීන් සහ වෙලඳුන් තම නිෂ්පාදන හුවමාරු කර ගැනීමට මැලිකමක් දක්වති. 

පලතුරු සහ එලවලු ව්‍යවසායකයින්ගේ සම්මේලනයේ සභාපති කොම් ප්‍රසාද් ගිමිරේ මාර්තු 27 වන දින මෙසේ පැවසීය. “නරක්වන නිසා, පලතුරු, එලවලු සහ කිරි සඳහා වන ඉල්ලුම අඩු වී ඇති අතර එවැනි ආහාර ද්‍රව්‍ය දින දෙකකට හෝ තුනකට වඩා වැඩි කාලයක් ගබඩා කර තැබිය නොහැක. ” 

ගම් වලින් නගරවලට කිරි ප්‍රවාහනය සීමා කර ඇති අතර දුර බැහැර ප්‍රදේශවල කිරි එකතු කිරීම නවතා දමා ඇත. සත්ව ආහාර නොමැතිකම නිසා කුකුලන් ඇති කරන්නන් ද පීඩාවට පත්ව ඇති අතර ඔවුන්ගේ ව්‍යාපාර දැන් අවදානමට ලක්ව ඇත. විශේෂයෙන්ම නේපාලයේ ප්‍රධාන කෘෂිකාර්මික කලාපය වන තාරායි හි වැසියන් ද ඇතුලු, දෛනික වැටුප් ලබන කෘෂිකාර්මික කම්කරුවන් වඩාත්ම පීඩාවට පත්වූවන් අතර සිටී.

මහා පරිමාන පරීක්ෂන සිදු නොකරන තත්වයක් යටතේ නේපාලයේ මේ දක්වා නිල වශයෙන් තහවුරු වී ඇත්තේ කොවිඩ්-19 රෝගීන් 5 ක් නමුත්,  ඇත්ත සංඛ්‍යාව ඉහල මට්ටමක පවතියි.

බලපෑම දැනටමත් දැකගත හැකිය,” සමාජ විද්‍යා බහාහි කම්කරු හා සංචලතාව පිලිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජීවන් බානියා මාර්තු 21 වන දින කත්මන්ඩු පෝස්ට් පුවත්පතට පැවසීය. 

සමහර සේවා යෝජකයින් මේ වන විටත් සේවකයින් රැකියාවෙන් ඉවත් කිරීමට පටන් ගෙන ඇති අතර තවත් සමහරු යම් කාලයක් සඳහා නොගෙවූ නිවාඩු මත රැඳී සිටින ලෙස ඉල්ලා ඇත. කම්පන සහ ආපදා අවස්ථාවන්හිදී බොහෝ විට සිදු වන පරිදි ඉදිරි දිනවලදී එහි බලපෑම් වඩාත් නරක අතට හැරෙනු ඇත.

සෑම වසරකම මිලියනයකට අධික විදේශීය සංචාරකයින් නේපාලයේ සංචාරය කරන අතර, කඳු නගින්නන්, ට්‍රේකර්වරුන් සහ තවත් අය එවරස්ට් කන්ද හා ලෝකයේ උසම කඳු 10 න් 7 ක් ද ඇතුලුව එහි දර්ශනීය කඳුකර දර්ශන නැරඹීමට ඇදී එති. ගොඩබිමෙන් වටව ඇති රටේ සිසිල් කාලගුනය සහ පුරාන හින්දු හා බෞද්ධ ඓතිහාසික ස්ථාන සහ සංස්කෘතික උරුමයන් ප්‍රබල ආකර්ෂනයන් වේ.

නේපාලයේ විශාලතම විදේශ විනිමය උපයන්නා සංචාරක ව්‍යාපාරයෙන් එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් උපයයි. මෙම කර්මාන්තය හෝටල්, ගුවන් සේවා, ප්‍රවාහන, නවාතැන්, ආපනශාලා සහ විවේක කර්මාන්ත යන අංශවල මිලියන 1.5 ක සේවකයින්ට රැකියා සපයයි. 2017 දී ගමන් හා සංචාරක අංශය, රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.8 කට වග කියන ලදි.

වෛරසය පිලිබඳ භීතිය හා ජාතික අගුලු දැමීම, සංචාරක ව්‍යාපාරය මූලික කඩා වැටීමකට ඇද දමා ඇත. සංචාරක, ට්‍රේකින් සහ කඳු මාර්ගෝපදේශක රැකියාවල නියුතු කම්කරුවන් 20,000 කට පමන රැකියා අහිමිවනු ඇතැයි ගනන් බලා ඇත. විදේශීය ට්‍රේකර්වරුන්ගේ සහ කඳු නගින්නන්ගේ වියදම් මත යැපෙන රටේ කඳුකරයේ වෙසෙන ඇස්තමේන්තුගත මිලියනයක වැසියන්ට ද දැඩි  බලපෑමක් එල්ල වනු ඇත.

වඩාත්ම හානියට ලක්ව ඇත්තේ, කඳු නැගීමේ මාර්ගෝපදේශකයින්, නාටාමිවරු සහ හෝටල් සහ ලැගුම්හල් කම්කරුවන්ට රැකියා සැපයීම සඳහා වසන්ත කඳු නැගීමේ සමය මත සම්පූර්නයෙන්ම රඳා පවතින මවුන්ට් එවරස්ට් සංචාරක අංශය යයි.

මේ සියල්ල දැනටමත් දරුනු නේපාල දරිද්‍රතාවය වඩාත් නරක අතට පත් කරනු ඇත. නේපාලය සිටින්නේ ලෝකයේ දුප්පත්ම රටවල් 189 අතරින් 148 ස්ථානයේ ය. ජනගහනයෙන් සියයට 25 ක් පමන නිල දරිද්‍රතා රේඛාවට පහලින් සිටින අතර දිනකට රුපියල් 35 ට අඩු ආදායමක් ලබයි.

මිලියන පහක පමන ජනතාවක් මන්දපෝෂනයෙන් පෙලෙන අතර නේපාලය, ලෝකයේ ඉහලම ලමා මරන හා රෝග අනුපාතයන් වාර්තා කරන රටවල් අතර සිටියි. නේපාලයේ ගර්භනී කාන්තාවන්ගෙන් සියයට හතලිස් අටක් රක්තහීනතාවයෙන් පෙලේ.

 

 

Loading