ඉදිරිදර්ශන

කොරෝනා වෛරස් වසංගතය හා සමජවාදය සඳහා ඉදිරිදර්ශනය

මෙම ලිපිය 2020 මාර්තු 30 දින ඉංග්‍රීසි බසින් පලවින.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය මාර්තු 29 වන ඉරිදා, “කොවිඩ්-19 වසංගතය: ධනවාදය හා ඇති වෙමින් තිබෙන සමාජ හා ආර්ථික ව්යසනයනමින් අන්තර්ජාල සංසදයක් පැවැත්වී. සජීවී විකාශය පිලිබඳව සියගනනක් තම අදහස් දැක්වූ අතර, ලොව පුරා විශාල ප්‍රේක්ෂක පිරිසක් එයට සහභාගී වූහ.

ලොව පුරා ධනේශ්වර ආන්ඩුවල  නොසැලකිලිමත්කමට හා සාපරාධී උදාසීනත්වයට එරෙහිව මෙම සංසදය මඟින් වසංගතයට, සමාජවාදී ප්‍රතිචාරයක් සැපයී ය. පාලක පන්තිය හා එහි මාධ්‍ය  ක්ෂමාලාපකයින්ගේ බොරු හා මගහැරීම්වලට එය පිලිතුරු සැපයී ය. සමාජ අසමානතාව හා ධනවාදයට එරෙහි සටනේ කොටසක් ලෙස, සමාජ අවශ්‍යතා සපුරාලීමේ හදිසි පියවර සඳහා සටන් කිරීමට, ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ ඉදිරිදර්ශනයක් එය විස්තාරනය කලේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි ලේඛක ආන්ද්‍රේ ඩමොන්  මෙම සංසදයේ මුලසුන දැරූ අතර  කථිකයන් හතර දෙනෙක්, එනම් වෛද්‍යවරයෙකු හා කොරෝනා වෛරස් වසංගතය පිලිබඳ විශේෂඥයෙකු මෙන් ම ලෝසවෙඅ  ලේඛකයෙකු ද වන වෛද්‍ය බෙන්ජමින් මැටියස්, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති හා එක්සත් ජනපදයේ සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්; එක්සත් ජනපදයේ සසප ජාතික ලේකම් මෙන් ම ජනාධිපති අපේක්ෂක ජෝශප් කිෂෝර්; හා ජර්මනියේ සොසියාලිස්ටිස් ග්ලීචයිට්ස්පාර්ටෙයින් (සසප) හි ප්‍රමුඛ සාමාජිකයෙකු වන ජොහැන්නස් ස්ටර්න්, සංසදය ඇමතූහ.

කොවිඩ් - 19 වසංගතය: ධනවාදය හා ඇති වෙමින් තිබෙන සමාජ හා ආර්ථික ව්‍යසනය

 

වසංගතයේ ගෝලීය පරිමාව සමාලෝචනය කරමින් වෛද්‍ය මැටියස් එය ආරම්භ කලේ ය. වැඩිවන ආසාදන හා මරන සංඛ්‍යා, “යුද කාලීන ඉතිහාස කථාවක්”  පෙන්වනවාක් බඳු යයි ඔහු පැවසී ය. "අප්‍රේල් පලමු සතිය වන විට අප මිලියනයක සීමාව කරා ලඟා වෙමින් ඇති අතර, විය හැකි පරිදිම දෙවන සතිය වන විට,  මිලියන දහයක් ද, මැයි මස මුල් භාගය වන විට රෝගීන් මිලියන 100 ක් ද දැකීමට අපට හැකි වනු ඇත, මෙය අහස උසට ඉහල නැගීමකි."

වසංගතයේ දේශපාලන හා ඓතිහාසික වැදගත්කම, නෝර්ත් විසින් තම හැඳින්වීමේ කතාවේ දී සාරාංශ කරන ලදී. වසංගතය මඟින්, ධනවාදය මත පදනම් වූ සමාජයක ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික හා සදාචාරාත්මක බංකොලොත් භාවය ඉතා සංකේන්ද්‍රිත ස්වරූපයෙන් හෙලිදරව් කර තිබේ,” ඔහු තවදුරටත් මෙසේ පැවසී ය:

වසංගතය යනු ආරම්භක ක්‍රියාවලියක් පිලිබඳ සිදුවීමකි. මේ අර්ථයෙන් ගත් කල, 1914 ජුනි මාසයේ ආදිපාදෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ඝාතනය කිරීමෙන් සති 5කට පසුව 1914 අගෝස්තු මාසයේ දී, පලමුවන ලෝක සංග්‍රාමය පුපුරා යාමෙන් අවසන් වූ සිදුවීම් දාමයේ ආරම්භයටසමාන ය. ඝාතනය යුද්ධය පිපිරීමේ දිනය තීරනය කිරීමට වඩා වැඩි යමක් සිදු නො කලේ ය. නමුත් යුද්ධය ම, එනම් ධනේශ්වර ජාතික එදිරිවාදිකම් හා අධිරාජ්‍යවාදී ආර්ථිකයේ ගෝලීය ප්‍රතිවිරෝධතා, පුපුරා යාම නොවැලැක්විය හැකි විය.

වසංගතය වර්තමාන අර්බුදයට සමාන සම්බන්ධ කමක් දරයි. වසංගතය ජීව විද්‍යත්මක සංසිද්ධියක් ලෙස සමාජයට දැවැන්ත අභියෝගයක් වන බවට සැකයක් නැත. නමුත්, එවැනි බෝවන රෝගයක හැකියාව පමනක් නො ව, නො වැලැක්විය හැකි බව පවා දීර්ඝ කාලයක් තිස්සේ හඳුනාගෙන තිබුනි. මෙම සිද්ධියේ ඓතිහාසික ස්වභාවය පැන නගින්නේ, වසංගතයට දක්වන ප්‍රතිචාරයෙනි. පවත්නා සමාජයේ පුලුල් අසාර්ථකත්වය, එනම් දේශපාලන නායකයින්ගේ මුග්ධත්වය හා අමානුෂිකත්වය, පාලක පන්තියේ දූෂනය හා පලිගැනීම, ආයතනවල නො හැකියාව සහ ව්‍යාජ මාධ්‍ය විසින් නිර්මානය කරන ලද වීරයන්ගේ බුද්ධිමය හා සදාචාරාත්මක බංකොලොත්භාවය හා වඩාත් ව්‍යාජ අගයන් පවා, එම ප්‍රතිචාරයන් තුලමුලුමනින්ම හෙලිදරව් කර ඇත.

මෙම වසංගතය යම් අවස්ථාවක දී අවසන් වනු ඇත. වසංගතයේ ප්‍රචන්ඩත්වය පහව ගිය පසු පවා, මිනිසුන් හුදකලා ව නැගී සිටින විට, පෙර පැවති තත්වය කරා ආපසු නො යනු ඇත. මෙතරම් කාලයක් තිස්සේ පැවති මිත්‍යාවන් සුනුවිසුනු වී ඇත්තේ, පලමුවන ලෝක සංග්‍රාමයෙන් ඒවා සුනුවිසුනු කෙරුනු ආකාරයට ම ය. සිදුවී ඇති දේ අහෝසි කල නො හැක.

මිනිස් අවශ්‍යතාව පෞද්ගලික ලාභයට යටත් කිරීමේ ප්‍රතිඵලයක් වන, සම්පූර්න නොසූදානමක ප්‍රතිඵලයක් ලෙස අහිමි වූ ජීවිත අමතක නො කෙරෙනු ඇත. විඥානයේ වෙනසක් දැනටමත් සිදු වෙමින් පවතී. ජනතාව ඔල්වරසන් දෙමින් සිටින්නේ, සෞඛ්‍ය කම්කරුවන්ට මිස බැංකුකරුවන්ට නො වේ. පෙර පැවති තත්වයට ආපසු යාමක් සිදු නො වනු ඇත. ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් මෙම සුවිශේෂී ගෝලීය අත්දැකීම පසුකරමින් යථාර්ථය ප්‍රත්‍යක්ෂ කර ගන්නා අතර ඒ ගැන වෙනස් ආකාරයකින් සිතනු ඇත.

කෙටියෙන් කිවහොත් ධනවාදය යලිත් වරක් කැත වචනයක් බවට පත්ව ඇත. මෙම අර්බුදය ගෝලීය දේශපාලන අර්බුදයක් තීව්‍ර කර වේගවත් කරනු ඇත. සමාජවාදය හා ඉතා බැරෑරුම් ආකාරයේ සමාජවාදය, එනම් බර්නී සෑන්ඩර්ස් හා දේශපාලනිකවනො වැදගත් අනෙකුත් පුද්ගලයන්ගේ විකාර නො ව,  ලෙනින්, ට්‍රොට්ස්කි හා රෝසා ලක්සම්බර්ග්ගේ සැබෑ සමාජවාදය, යලිත් ලොව පුරා, වඩාත් ම පුපුරනසුලු ලෙස එක්සත් ජනපදයේ, මහජන ව්‍යාපාරයක් ලෙස ඉස්මතු වනු ඇත.

කථිකයෝ වසංගතය අනපේක්ෂිත වී යැයි යන ප්‍රකාශ ප්‍රතික්ෂේප කලහ. දශක ගනනාවක් තිස්සේ වසංගත රෝග විද්‍යාඥන් හා අනෙකුත් විද්‍යාඥයින් එවැනි සිදුවීමක් ගැන අනතුරු අඟවා ඇති නමුත් ඒ සඳහා සූදානම් වීමට කිසිවක් සිදු නො වූ බව ඔවුහු සඳහන් කලහ. ඔවුන් චෝදනා කලේ, ජනගහනයේ අවශ්‍යතා වලින් නො ව පාලක පන්තියේ අවශ්‍යතා වලින් අන කෙරී ඇති, ලෝක ආන්ඩුවල ප්‍රතිචාරයට යි.

ගෝලීය දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන ප්‍රතිගාමිත්වයේ කේන්ද්‍රස්ථානය වී තිබෙන එක්සත් ජනපද පාලක ප්‍රභූව, වසර හතලිහක් තිස්සේ  නිමක් නැති ධනය සමුච්චයනය වෙනුවෙන් සියල්ල යටත් කර තිබේවසංගතයට දක්වන ප්‍රතිචාරය, එකම සලකා බැලීම්වලින් තත්වාරෝපිත කර  ඇත.

ඇමරිකාවේදී හුදෙක් ට්‍රම්ප් පරිපාලනය පමනක් නො ව සමස්ත දේශපාලන සංස්ථාපිතය ම මේ තත්වයට වග කිව යුතු බව කිෂෝර් සඳහන් කලේ ය. ඇමරිකානු ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ, වෝල් වීදියට හා සංගත මූල්‍ය ප්‍රභූවට අසීමිත ලෙස මුදල් ලබා දීම සඳහා  ද්විපක්ෂ පදනමක් මත මුදල් සම්පාදනය කරන පනතක් ඒකමතිකව සම්මත කර ගැනීම බව ඔහු පැවසී ය.

එක්සත් ජනපදයේ පවතින කොන්දේසි යුරෝපයේ හා ලොව පුරා ද පවතින බව ජොහැනස් ස්ටර්න් පැහැදිලි කලේ ය. ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුලු මහාද්වීපයේ මහා ව්‍යසනයක් දිග හැරෙමින් පවතින අතර, ආන්ඩු ජාතික ගැටුම්වලින් දෙදෙරා යමින් තිබෙන නමුත් සියල්ලටත් වඩා අවධානය යොමු කෙරෙන්නේ තමන්ගේ ම පාලක ප්‍රභූන්ගේ අවශ්‍යතා ඉදිරියට ගෙනයාම කෙරෙහි ය.

ධනපතියන්ට අවශ්‍ය වන්නේ තමන් ආරක්ෂා කිරීමට තම ආන්ඩුවල මැදිහත් වීමයි. ඔවුන්ගේ බැංකු ගිනුම්වලට වැඩි වැඩියෙන් සම්පත් පොම්ම කිරීම යි. කම්කරු පන්තිය තමන්ගේම රාජ්‍ය බලය නිර්මානය කල යුතු ව තිබේ. මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් සමාජය තාර්කික, විද්‍යාත්මක ආකාරයකින් සංවිධානය කිරීමට, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු රාජ්‍යයක් ගොඩනඟා දේශපාලන බලය අත්පත් කර ගැනීමට සටන් කල යුතු ය. ”

නෝර්ත් තම අවසාන සඳහනේ දී, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨක සංඛ්‍යාවේ, විශේෂයෙන් කම්කරු පන්තිය තුල, වේගයෙන් වැඩී යාම ගැන සඳහන් කලේ ය. සමාජවාදී සමානතා පක්ෂයට හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට එක්වීමට  තීරනය කරන ලෙස ඔහු සවන් දෙමින් සිටි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.

මෙම ලෝකය වෙනස් විය යුතු යි. මෙය අවසාන අර්බුදය නො වන අතර මෙය පැවැත්මේ අන්තිම තර්ජනය ද නොවේ. යථාර්ථය වන්නේ අනාගතය එක්කෝ සමාජවාදී නැත්නම් මනුෂ්‍යත්වයේ විනාශය මෙන් ම මෙම ග්‍රහලෝකයේ විනාශය යි. අප දැන් විඳින අත්දැකීම් භයානක, අනතුරු ඇඟවීමක්. අප එයින් ඉගෙන ගත යුතු අතර, එම පාඩම් අනුව ක්‍රියා කල යුතු ය. ”

සමස්ත විකාශනයම නරඹා එය හැකි තරම් පුලුල් ලෙස බෙදා ගන්නා ලෙස අපි පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading