ඉන්දියාවේ ඛේදජනක අගුලු දැමීම කොරෝනා වෛරස් පැතිරීම නැවැත්වීමේ උත්සාහයන්ට වල කපන අතරම දුප්පතුන් පීඩාවට ලක් කරයි

මෙම ලිපිය 2020 මාර්තු 30 දා ඉංග්‍රීසියෙන් පලවිය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් හදිසියේම අසංවිධානාත්මකව මාර්තු 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට සති තුනක් දක්වා අගුලු දැමීම විශේෂයෙන්ම මිලියන ගනනක් කම්කරුවන්ට  සහ ගම්බද පීඩිතයින්ට විශාල දුශ්කරතා මතු කර ඇත. මෙය පැහැදිලිවම මාරාන්තික කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට ගත් පියවර වලට පැහැදිලිවම වලකපනු ඇත.

සති කිහිපයක් තිස්සේ මෝදි ඇතුලු ඉන්දියානු පාලනාධිකාරය ඉන්දියාව කොරෝනා වෛරස් වසංගතය පාලනය කර ඇති බවට පුරසාරම් දෙඩීය. ඔවුන්ගේ ප්‍රකාශ පදනම් වූයේ සාපේක්ෂව අඩු සංඛ්‍යාවක් වූ තහවුරු වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව මතය. කුඩා අසාදන සීඝ්‍රතාවක් වාර්තා වී ඇත්තේ පරීක්ෂන ගනන අඩු නිසා බවට වෛද්‍ය විශේෂඥයන් කල අනතුරු ඇඟවීම් ඔවුන් නොසලකා හැරියහ.

ඉන් පසු පසුගිය අඟහරුවාදා සවස මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව හදිසියේම ගියර් මාරු කලේය. කොරෝනා වෛරසයට එරෙහි උත්සාහයන් මුලුමනින්ම විදේශ රටවල සිට පැමිනීම තහනම් කිරීම මතට අවධානය යොමු කරමින් වටිනා මාස දෙකක් නාස්ති කිරීමෙන් අනතුරුව මෝදි පෙර නොවූ විරූ ලෙස අගුලු දැමීමක් නිවේදනය කලේය.

සංක්‍රමනික කම්කරුවන් ඔවුන්ගේ පවුල් සමඟ

“ආසාදන දාමය බිඳ දැමීමට” රැඩිකල් පියවර නොගතහොත් බොහෝ දෙනෙක් මිය යනු ඇතැයි කියා සිටි අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ බිලියන 1.37 ක සමස්ත ජනතාවටම ඉදිරි දින 21 සඳහා ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින ලෙස නියෝග කලේය. සාපරාධී නොසැලකිලිමත්කමකින් ඔහු එසේ කලේ ග්‍රාමීය ප්‍රදේශවල සහ බොහෝ නාගරික මුඩුක්කු ජනතාවට ආහාර හා ජලය ලබා ගත හැකි ආකාරය පැහැදිලි නොකරමිනි. ඔවුන්ට වැඩ කිරීමට නොහැකි නම් ඔවුන් ගෙවන ආකාරය කෙසේ ද යන්නවත් සඳහන් නොකෙරිනි.

එහි ප්‍රතිඵලය වී ඇත්තේ මිනිසුන්ගේ විශාල අසංවිධිත චලනයන් ඇතුලුව කොවිඩ්-19 රෝගීන් ව්‍යාප්ත වීමට හිතකර කොන්දේසි විවර කරදෙන වියවුලකි. ඒවා සංඛ්‍යාත්මකව හා භූගෝලීය වශයෙන් නාගරික සිට ග්‍රාමීය ඉන්දියාව දක්වා ව්‍යාප්ත වී තිබේ.

ආන්ඩුව අගුලු දැමීම සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර ජනතාවට ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමට පැය කිහිපයක් දීමත් සමග මිලියන ගනනක් ජනතාව සිල්ලර වෙලඳසල් සහ කඩ සාප්පු වෙත දිව ගියහ..

ආන්ඩුව විසින් භාන්ඩ සැපයුමේදී බාධා ඇති නොවන බවට කියා සිටියද, බොහෝ නගරවල සාප්පු අත්‍යවශ්‍ය භාන්ඩ නැතිවී ගොස් හෝ ඒවා ඉක්මනින් අවසන් වෙමින් තිබුනි. බොහෝ නගරවල පොරොන්දු වූ අන්තර්ජාල ඇනවුම් ඔස්සේ කෙරෙන බෙදාහැරීම් ක්‍රියාත්මක නොවේ. පොලීසිය විසින් ආහාර සහ වෙනත් ප්‍රධාන භාන්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ දේශසීමා හරහා යාම වැලැක්වීම පිලිබඳව වාර්තා පල විය. වෛරසයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරන නිෂ්පාදකයින් පවා කියා සිටියේ තමන් අමුද්‍රව්‍ය ලබා ගැනීමට වෙහෙසෙන බවත්, ඔවුන්ගේ සමහර කාර්ය මන්ඩලය වැඩට පැමිනීම වලක්වන බවත්ය.

රැකියා අහිමිවීම සහ කිසිදු ඉතිරියක් අහිමිවීම නිසා මිලියන ගනනක් සංක්‍රමනික කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය විශේෂයෙන් කනගාටුදායකය. ඔවුන්ට තම දරුවන් සමග සිය ගම්මානවලට කිලෝමීටර් සියගනනක් ඇවිදීමට සිදුව ඇත. ඔවුන් ගමන් කරන්නේ දුම්රිය සේවය ඇතුලු සියලුම පොදු ප්‍රවාහන කටයුතු ආන්ඩුව විසින් වසා දමා ඇති බැවිනි.

බොහෝ සංක්‍රමනිකයන් අවාසනාවන්ත තත්වයක සිටින අතර සමහරුන්ට වැටුප් ආපසු ලබා නොගෙන පිටව යාමට බල කෙරී ඇත. පුවත්පත් වාර්තා වලට අනුව අවම වශයෙන් සංක්‍රමනික කම්කරුවන් 22 දෙනෙකු සිය නිවෙස බලා යන අතරතුර මියගොස් තිබේ. ඊට දිල්ලි-අග්‍රා අධිවේගී මාර්ගයේ සෙනසුරාදා උදෑසන හෘදයාබාධයකින් මියගිය 38 හැවිරිදි රන්වීර් සිං ද ඇතුලත් ය. ඔහු ඒ වන විටත් ජාතික අගනුවර සිට මධ්‍ය ප්‍රදේශ්හි මොරේනා දිස්ත්‍රික්කයේ පිහිටි සිය ගම්මානය දෙසට කිලෝ මීටර 200 දුරක් ඇවිද තිබිනි. මුම්බායි-අහමදාබාද් අධිවේගී මාර්ගයේ විනාර් හි භරෝල් ගම්මානයේ දී වේගයෙන් ධාවනය වූ ට්‍රක් රථයක ගැටීමෙන් රැකියා අහිමිවීමෙන් පසු නිවස බලා යමින් සිටි තවත් සංක්‍රමනික සේවකයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකුට තුවාල සිදු විය.

ආන්ඩුවේ අක්‍රියාකාරීත්වය සහ උදාසීනත්වය සම්බන්ධයෙන් මහජන විරෝධය වර්ධනය වෙද්දී උත්තර ප්‍රදේශ් හී බීජේපී ප්‍රාන්ත ආන්ඩුව සෙනසුරාදා දිනයේ  රටේ වඩාත්ම ජනාකීර්න ප්‍රාන්ත වල මායිම් වල රඳවා ගෙන සිටින සංක්‍රමනික කම්කරුවන් රැගෙන යාම සඳහා බස් රථ දහසක් සූදානම් කර ඇති බව නිවේදනය කලේය. නැවතත් ආන්ඩුවේ පූර්ව පියවර වල හිඟකම නිසා සංක්‍රමනික කම්කරුවන් ලක්ෂයකට වැඩි පිරිසක් බසයෙහි ඉඩක් ලබා ගැනීමට උත්සාහ දරද්දී විශාල තදබදයක් ඇතිවූ අතර ඉන්  ආන්ඩුවේ "සමාජ දුරස්ථ භාවයේ" පිලිවෙත බිඳ වැටුනි.

මාධ්‍ය සිරස් තල මගින් මේ අවස්ථාවේ රට පුරා ජනිත වී ඇති සමාජ ව්‍යසනය පිලිබඳ ඉඟි ලබාදෙයි. "කොවිඩ්-19 අගුලු දැමීමේදී දිල්ලියේ දුප්පත් සහ නිවාස නොමැති පුද්ගලයින් බොහෝ දෙනෙකුට කුසගින්නේ සිටීමට බල කෙරේ (ද ප්‍රින්ට්,මාර්තු 27); "ඉන්දියාවේ හෝ චීනයේ නොවේ: ඉන්දියාවේ කොරෝනා වෛරස් අගුලු දැමීම ලෝකයේම දරුනුම අගුලු දැමීමයි [1947දී ඉන්දියාව වාර්ගික පදනමෙන්]බෙදීමෙන් අනතුරුව විශාලම සංක්‍රමනිකයින් පිරිසක් පා ගමනේ"(ස්ක්‍රොල්,මාර්තු 29);"මුම්බායි පොලිස් නිලධාරීන් කන්ටේනර් දෙකක් විවෘත කරද්දී සංක්‍රමනික කම්කරුවන් 300 අධික ගනනක් සොයා ගැනේ"(එන්ඩීටීවී,මාර්තු 26);"වෛරසයට පෙර කුසගින්න අපව මරා දමනු හැකිය: සංක්‍රමනික කම්කරුවන් අගුලු දැමීම මධ්‍යයේ පා ගමනක"(ද වයර්,මාර්තු 27)

මෙම ව්‍යසනය වඩාත් කටුක තත්වයට පත් වීමට හේතුව වූයේ විවාදයකින් තොරවම අසංවිධානාත්මක සහ නොසැලකිලිමත් අගුලු දැමීම  වෛරසය පැතිරීමට උදව් වීමය. මන්ද යත් ඉන්දියාවේ අබලන් වූ හා අඩපන වූ මහජන සෞඛ්‍ය යටිතල පහසුකම්ම්, දරිද්‍රතාවය සහ ඉහල ජන ඝනත්වය මහජනතාවගේ ජීවිත මිලියන ගනනක් අහිමි වීමේ ඛේදවාඡකයක තර්ජනය මතු කෙරිනි.

මෝදි අගුලු දැමීම නිවේදනයෙන් දින දෙකකට පසු මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමනන් රුපියල් කෝටි 1.7ක (ඇමරිකානු ඩොලර් බිලියන 22.5)ක සහන සේවා පැකේජයක් නිවේදනය කලේය. එය ඉන්දියාවේ දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 0.8 කට සමානය. එක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් ගත් කල ඩොලර් 16කි.

නමුත් මෙම සොච්චම් මුදල පවා  බොහෝ දුරට ව්‍යාජයකි. මාර්තු 27 වනදා එන්ඩීටීවී සීඑල් එස් ඒ සංවිධානය සිදු කල පර්යේශනයක් උපුටා දක්වමින් පෙන්වා දුන්නේ මධ්‍යම රජයෙන් සැපයෙන්නේ බිලියන 400-500ත් අතර නව මුදල් ප්‍රමානයක් පමනක් බවයි. (එය මුලු පැකේජයෙන් තුනෙන් එකකටත් වඩා අඩුය)."ඉතිරිය ප්‍රාන්ත ආන්ඩු හෝ දැනටමත් පවතින වියදම් යලි සකස් කිරීමකින් ලැබෙනු ඇත."

මේ අතර රජයේ ඉල්ලිම පරිදි ඉන්දියානු සංචිත බැංකුව ඉන්දියානු සහ විදේශ ධනපතීන්ගේ අපේක්ෂා ඉහල නැංවීම සඳහා මූල්‍ය වෙලඳපොලට රුපියල් ට්‍රිලියන 3.7 (ඩොලර් බිලියන 49.4ක්) එන්නත් කිරීමට පියවර ගෙන ඇත.

සීතාරාමන් සුලු සහන ක්‍රියාමාර්ග වල අර්ථය "කිසිවෙකු හෝ කුසගින්නේ නොසිටින බව කියා සිටියේය- මෙය රජය විසින් වයස අවුරුදු පහට අඩු ලමුන්ගෙන් සියයට 90කට වඩා මන්දපෝෂනයෙන් පෙලෙන බව පිලිගත් රටකි

භාරතීය ජනතා පක්ෂ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ රජයේ පියවර හේතුවෙන් මිලියන 800 ක ජනතාවට සහල් හෝ තිරිඟු කිලෝග්රෑම් 5 ක් ඉදිරි මාස තුන සඳහා නොමිලේ ලැබෙනු ඇති බවයි."ඔවුන් දැනටමත් කිලෝ පහකට වැඩියෙන් ගෙන ඇත" එමෙන්ම "හරිම ගාන කිලෝ එකයි". ඇය තවදුරටත් "සලාක කාඩ්පත් හිමියන්ට මහජන බෙදාහැරීමේ පද්ධතියෙන් (පීඩීඑස්) ආහාර බීජ සහ ධාන්‍ය වාරික දෙකකට ලබාගත හැකි යැයි සඳහන් කලේය.

සීතාරාමන්ගේ ප්‍රකාශය මිලියන 800 ක දුප්පතුන්ගෙන් බොහෝ දෙනෙකුට මෙම සොච්චම් සහයෝගය පවා හිමිවන්නේද යන්න පිලිබඳව ඉතා විශාල ප්‍රශ්නාර්ථ ලකුනක් මතු කලේය. වාර්තා වලට අනුව සලාක කාඩ්පත් දරන්නේ මිලියන 230 පමනකි. බොහෝ සංක්‍රමනික සේවකයන්ට ඔවුන්ගේ පවුල් වාසය කරන ස්ථානය සමග සම්බන්ධ වන පීඩීඑස් ක්‍රමයට ප්‍රවේශ විය නොහැක.

රජයේ “සහන පැකේජයේ” කොටසක් ලෙස, අප්‍රේල් පලමු සතියේ පීඑම් කිසාන් යොජනා වැඩසටහන යටතේ “සෘජු මුදල් හුවමාරුව” හරහා මිලියන ගනනක් ග්‍රාමීය ගොවීන්ට වහාම රුපියල් 2,000 ක් (ඩොලර් 26.65) ලබා දෙන බව ඇය නිවේදනය කලාය. කෙසේ වෙතත්, බොහෝ විචාරකයින් පෙන්වා දුන්නේ මෙය ඇත්ත වශයෙන්ම 2019 මැතිවරනයට පෙර ප්‍රකාශයට පත් කරන ලද යෝජනා ක්‍රමයක පලමු වාරිකය බවයි. ග්‍රාමීය දුප්පතුන් සම්බන්ධයෙන් මෝදි රජයේ අවඥා සහගත ආකල්පය අවධාරනය කරමින්, මෙම පැකේජය මගින් රජයේ එම්.ජී.එන්.ආර්.ඊ.ජී යෝජනා ක්‍රමය යටතේ සේවයේ නියුතු අයට ගෙවනු ලබන දෛනික වැටුප රුපියල් 20 කින් ඉහල නැංවීමට සහතික වූ අතර එමඟින් එය ඉල්ලා සිටින සෑම ග්‍රාමීය පවුලකම එක් සාමාජිකයෙකුට දින 100 ක අවම වැටුප් වැඩක් ලබා දීමට පොරොන්දු විය. 

සියලුම සෞඛ්‍ය සේවකයින් සඳහා රුපියල් මිලියන පහක් (ඩොලර් 66,796) ක වෛද්‍ය රක්ෂන ආවරනයක් රජය විසින් ලබා දෙන බව සීතාරාමන් මහතා පැවසීය. මෙය කොවිඩ්-19 ට එරෙහි සටනේ පෙරමුනෙහි සිටින සෞඛ්‍ය සේවකයින් සඳහා මූලික ආරක්ෂක උපකරන සැපයීමට මෝදි රජයේ සාපරාධී අපොහොසත්කම වසන් කිරීමට මූල්‍යමය වශයෙන් “වන්දි ගෙවීමට” උත්සාහයකි. රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඉන්වෙස්ට් ඉන්ඩියා ඒජන්සියේ මාර්තු 27 දිනැති පිටු හතරක අභ්‍යන්තර ලේඛනයක් සඳහන් කර ඇත්තේ ඉන්දියාවට අවම වශයෙන් ආරක්ෂක ආවරන මිලියන 38 ක් සහ පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) මිලියන 6.2 ක් අවශ්‍ය බව වාර්තා කර ඇත. කෙසේ වෙතත් සමාගම් වලින් පවසා ඇත්තේ ලබා ගත හැකි  මුහුනු ආවරන ප්‍රමානය මිලියන 9.1 ක් වූ අතර පීපීඊ ශරීර ආවරන සංඛ්‍යාව 800,000 ට වඩා අඩු විය.

රටේ ප්‍රාන්ත 36 න් සහ ෆෙඩරල් බලප්‍රදේශ වලින් හතක අවශ්‍යතාවන්ට අදාල ඉන්වෙස්ට් ඉන්දියා ලේඛනය, “මෙයින් අදහස් කරන්නේ එවැනි උපකරන සඳහා ඇති මුලු ඉල්ලුම වඩා වැඩි විය හැකි” බවයි.

ඉරිදා වනවිට ඉන්දියාවේ මුලු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවා ගිය අතර මරන ගනන 27 දක්වා වැඩි විය.

Loading