ඉදිරිදර්ශන

කෝවිඩ්-19 මරන සංඛ්‍යාව ඉහල යමින් තිබියදී “මහ හඬ නංවා ව්‍යාපාර අරඹන” මෙන් ධවල මන්දිරය ඉල්ලා සිටියි

මෙම ලිපිය 2020 අප්‍රේල් 9 දා ඉංග්‍රීසි බසින් පලවිය. 

සමස්තයක් ලෙස ලෝකයට මෙන්ම දැන් ගෝලීය අර්බුදයේ කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදයේ ජනතාවට අඟහරුවාදා සහ බදාදා කොරෝනා වෛරස් වසංගතයේ දරුනුතම දින දෙක විය.

ලොව පුරා මිලියන 1.5 කට වැඩි පිරිසක් කෝවිඩ්-19 ආසාදනය වී ඇති අතර මරන සංඛ්‍යාව 90,000 දක්වා ලඟා වී තිබේ. රටවල් තුල සමස්ථ මරන සංඛ්‍යා බිහිසුනු ය: ඉතාලියේ 18,000 කට ආසන්න සංඛ්‍යාවක් ද, ස්පාඤ්ඤයේ හා එක්සත් ජනපදයේ 15,000 කට ආසන්න සංඛ්‍යාවක් ද, ප්‍රන්සයේ 11,000 කට ආසන්න සංඛ්‍යාවක් ද, බ්‍රිතාන්‍යයේ 7,000 කට වඩා ද මිය ගියහ. ජර්මනිය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල 2,200 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

බදාදා, එක්සත් ජනපදයේ එක් දිනක් තුල ඇඟ කිලිපොලා යන 1,940 ක ජනතාවක් මියයද්දී, යථාර්ථය අවතක්සේරු කිරීම හා ප්‍රතික්ෂේප කිරීම උදෙසා නව ආඛ්‍යානයක් නිර්මානය කරගැනීමට සාමූහික උද්ඝෝෂනයක් පැවතුනි. අතිවිශාල වූත් ක්‍රමයෙන් වැඩිවෙන්නාවූත් මරන සංඛ්‍යාව නොතකා දේශපාලන නිලධාරීන් නිකුත් කර ඇති සෑම පුවත් වාර්තාවක් සහ ප‍්‍රකාශයක් ම ආරම්භ කර ඇත්තේ “බලාපොරොත්තු ඇතිකරවන ලකුනු” පවතින බවත් කෝවිඩ් 19ට එරෙහි සටන කඩ ඉමක් පසු කර ඇති බවත් යන ප‍්‍රකාශවලිනි.

පාලක ප‍්‍රභූවේ දෘෂ්ටි කෝනයෙන් බලන කල වසංගතය ගැන මහජනයා උනන්දු කිරීම තවදුරටත් ප‍්‍රයෝජනවත් දෙයක් නොවේ. මුල්‍ය පද්ධතියට ඩොලර් ට්‍රිලියන ගනනක දැවන්ත ඇපයක් ක්‍රියාවට දැමීම සඳහා කොවිඩ්-19 අර්බුදය ගසා කා ඇත. 

මූල්‍ය කතිපයාධිකාරයට 2008 අර්බුදයෙන් පසුවටත් වඩා විශාල ඇපදීමක් ලැබී ඇත, නමුත් මේ වතාවේ වසර ගනනාවක් තුල නොව එය සති කිහිපයක් තුල ලැබිනි. මෙය ඇමරිකානු ඉතිහාසයේ කොටස් වෙලඳපොලේ වඩාත්ම පුපුරන සුලු වර්ධනයට හේතු වී තිබේ. ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය දර්ශකය සති තුනකට අඩු කාලයකදී සියයට 25 කින් ඉහල ගොස් තිබේ.

භාන්ඩාගාරය කොල්ලකෑමෙන් පසු පාලක පන්තියේ නියෝගය වන්නේ ලාභය නිපදවීමේ රැකියාවට කම්කරුවන් ආපසු යැවීමයි. නියමිත කලට පෙරාතුව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා වඩාත්ම විවෘත උපදේශකයා වන්නේ මූල්‍ය කතිපයාධිකාරයේ බලවත් කොටස් වෙනුවෙන් කතා කරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

"ලොකු සද්දයක් දාල මේක පටන් ගන්න පුලූවන් නම් ඉතා හො`දයි” යනුවෙන් ට‍්‍රම්ප් බදාදා ප‍්‍රකාශ කලේ ය. මම හිතන්නේ අපි එය ඉක්මනින් කරන්නෙමු.  මං හිතන්නේ ඉක්මනට මේක කරන්න පුලූවන්. අපි කාර්ය සටහනට ඉදිරියෙන් ඉන්නා බවයි මගේ හැඟීම. ඒක වෙන්න නම් “අපි කන්දෙ පල්ලමට යන්න පටන් ගන්න  ඕන.” යනුවෙන් ට‍්‍රම්ප් පැවසීය

කෝවිඞ් 19ට නිරාවරනය වීමෙන් පසු “තීරනාත්මක සේවකයන්’’ ආපසු වැඩට ඒම පිලිබඳව උපදෙස් ධවල මන්දීරය විසින් දිවා කාලයෙන් පසු නිකුත් කරන ලදී.

කෝවිඩ්-19 වලට නිරාවරනය වූවන් සඳහා නිරෝධායන පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞසං) මාර්ගෝපදේශ නොසලකා හරින ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින ලේඛනය, “කෝවිඞ් 19ට නිරාවරනය වී ඇතැයි සැකයට භාජනය වීමෙන් පසුවත් සේවකයන් රැකියාවේ යෙදවිය හැකි” බව ව්‍යාපාරිකයින්ට පැවසීය.

මාර්ගෝපදේශන ලේඛන  “තීරනාත්මක කම්කරුවන්” යන්න කොතරම් පලල් ලෙස නිර්වචනය කරන්නේ ද යත් ඊට සමස්ත කම්කරු පන්තිය ම අයත්වන බව පෙනේ.   බලාපොරොත්තු ඇතිකරවන ලකුනු පිලිබඳ මාධ්‍ය උද්ඝෝෂන එල්ල කෙරී ඇත්තේ ඉතාමත් සංකීර්න වූ මහජන සෞඛ්‍ය ප‍්‍රශ්න උඩින් පැන යෑමට ය.

“කොරෝනා වෛරසය සහ එය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා හඳුන්වා දී ඇති පුලුල් ක්‍රියාමාර්ග හේතුවෙන් ආර්ථිකය ඇනහිටී ඇති රට නැවත විවෘත කිරීම සඳහා ආන්ඩුව දරන උත්සාහයේදී මාර්ගෝපදේශය එහි කොටසක්” ලෙස එන්පීආර් නිරීක්ෂනය කලේය.

මෙම මාර්ගෝපදේශ මඟින් කෝවිඩ්-19 වලට නිරාවරනය වී ඇති කම්කරුවෝ - මොවුන්ගෙන් සමහරෙකු ආසාදනයට ලක්වෙති - අනෙකුන්ට රෝගය ඇති කරමින් අනවශ්‍ය  මරනවලට මං සලසන බව සහතික කරයි.

ආර්ථිකය ඉක්මනින් නැවත විවෘත කිරීම සඳහා කැඳවුම් කිරීමේදී ට්‍රම්ප් ගෝලීය සෞඛ්‍ය නිලධාරීන්ගේ නිර්දේශයට පටහැනිව කටයුතු කරයි. අකාලයේ ව්‍යාපාර නැවත විවෘත කිරීම සඳහා වන මොනයම්ම හෝ ක්‍රියාමාර්ගයකට එරෙහිව ලෝසෞසං යේ කලාපීය අධ්‍යක්ෂ හාන්ස් ක්ලූගේ බදාදා පැවති සාකච්ඡාවකදී අනතුරු ඇඟවීය. “දැන් පියවර ලිහිල් කිරීමට කාලය නොවේ,” ඔහු පැවසීය. “සමාජයේ සමස්ත සහයෝගය ඇතිව මර්දනය පිටුපස හඹායාම සඳහා අපගේ සාමූහික ප්‍රයත්නයන් යලිත් දෙගුනයක් හා තුන් ගුනයකින් වැඩි කල යුතු කාලය මෙයයි. ” 

 “සමහර රටවල ධනාත්මක සංඥාවන් තවමත් ජයග්‍රහනය නියෝජනය නොකරයි. මේවා වයිරසය පිලිබඳව අපගේ ග්‍රහනය දැඩි කර ගැනීමට දුර්ලභ අවස්ථාවක් ලබා දෙයි.

වසංගතය පුරාම ලෝසෞසං පැහැදිලි කර ඇත්තේ පුලුල් ලෙස ව්‍යාපාරික වසා දැමීම් ඇතුලු සමාජ දුරස්ථභාවයේ පියවර කෝවිඩ්-19 මර්දනයේ පලමු පියවර පමනක් බවයි.

“මහා පරිමාන කායික දුරස්ථභාවය, චලනය සීමා කිරීම එක් අර්ථයෙන් තාවකාලික පියවරන් වෙයි. මෙයින් සිදු කෙරෙන්නේ ප්‍රජාවන් තුල ආසාදන පැතිරීම යම් තාක් දුරට මන්දගාමී වීම සහ එමඟින් සෞඛ්‍ය සේවා පද්ධතියෙන් පීඩනය ඉවත් කිරීමයි” යනුවෙන් ලෝසෞසං යේ ප්‍රකාශක මයික් රයන් පැවසීය.

එක්සත් ජනපදයේ සිදු වූවාක් මෙන්, රෝහල් සංතෘප්ත වන අතර විශාල පරීක්ෂන ප්‍රමානයක් ආසාදිතව නැවත පැමිනෙන තත්වයන් යටතේ ව්‍යාපාර ආරම්භ කිරීම නුසුදුසු බව ලෝසෞසං යේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

සඳුදා පැවති සාකච්ඡාවකදී රයන් අවධාරනය කලේ, එය නිව්යෝර්ක්, ඩෙට්‍රොයිට් සහ රටේ වෙනත් ප්‍රදේශවල මෙන් “රෝහල හරහා පැමිනෙන රෝගීන්ගේ සංඛ්‍යාව දැනටමත් ඔබේ ඇඳන්හි රැඳී සිටින සංඛ්‍යාව සියයට සියයකට ආසන්න මට්ටමක පවතී නම්, අගුලු දැමීම ඉවත් කිරීම ඉතා නුසුදුසු ය.” යනුවෙනි.

“කොරියාව වැනි කොතැනක හෝ ඔබ දකිනු ඇත්තේ, ඔවුන්ගේ සාම්පලවලින් සියයට 2–6 ක් රෝග ලක්ෂන තිබෙන බව පෙන්නුම් කිරීමයි. පසුගිය සතියේ නිව්යෝර්ක්හිදී පරීක්ෂා කරන ලද සාම්පලවලින් සියයට 37 ක් රෝග ලක්ෂන තිබෙන බව පෙන්නුම් කලේය. ”

තවද, ලෝසෞසං යේ නිර්දේශයන්ට පටහැනිව, එක්සත් ජනපදයට කෝවිඩ්-19 රෝගීන් රැකබලා ගැනීමට කිසිදු පහසුකමක් නොමැත. අතිශයින් රෝගාතුර වූවන්ට තම නිවෙස් තුල සුවය ලබා ගැනීමට පෙලඹවීමෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ආසාදනය වීමේ හැකියාව ඇති කරයි. 

නමුත් ගෝලීය මහජන සෞඛ්‍ය ප්‍රමිතීන් අතිශය දරුනු ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස ෆෙඩරල් ආන්ඩුව මේ සතියේ දිවයින පුරා ඇති කෝවිඩ්-19 පරීක්ෂන මධ්‍යස්ථාන සඳහා ෆෙඩරල් ආන්ඩුවේ සහයෝගය අවසන් කරන බවට බ්‍රහස්පතින්දා කල නිවේදනය හේතුවෙන් සමහරක් වසා දැමීමට තුඩු දෙනු ඇත. 

 “බලාපොරොත්තු ඇතිකරවන ලකුනු” පිලිබඳ මාධ්‍ය උද්ඝෝෂන අරමුනු කෙරී ඇත්තේ ආර්ථිකයේ කොටස් නැවත විවෘත කිරීම වටා ඇති අතිශය සංකීර්න මහජන සෞඛ්‍ය ප්‍රශ්න මග හැරීමත් සහ ඒ වෙනුවට සමාජ දුරස්ථභාවය සිදු කිරීම නිසා ඇති වූ යම් සාර්ථකත්වයන් මගින් රෝගය පරාජය වී ඇති බවට කරන ප්‍රකාශය සමඟ සමාන කිරීමටය.

රෝහල් සංතෘප්ත වී තිබියදීත්, පරීක්ෂා කිරීම සහ නිරෝධායනය සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබියදීත්, ට්‍රම්ප් පාලනාධිකාරය සහ ලොව පුරා අනෙකුත් ආන්ඩු විසින් ව්‍යාපාර විවෘත කිරීම සඳහා දරන උත්සාහයන් රෝගය විනාශකාරී ලෙස නැවත ඇතිවීමේ අවදානමක් ඇති කෙරෙයි. ජනමාධ්‍යය සහ ට්‍රම්ප් පාලනාධිකාරය විසින්, දෙවන රැල්ලක අන්තරාය ගැන කිසිවක් නොකියැවෙයි.

මහජන සෞඛ්‍ය ආරක්ෂන යටිතල පහසුකම් අතිමහත් ලෙස පුලුල් කිරීමත්, පරීක්ෂන, නිරෝධායන සහ සම්බන්ධතා සොයා ගැනීමේ හැකියාවන් ඉහල නැංවීමත් සඳහා සමාජ දුරස්ථභාවයේ පියවරයන් විසින් ලබා ගත් කාලය හදිසි ලෙස භාවිතා කිරීම අවශ්‍ය වේ.

කම්කරු පන්තිය සමහන් කල නොහැකි පන්ති ගැටුමකට මුහුන දෙයි. කොරෝනා ‍වෛරස් වසංගතය පැතිරීමත් සමඟ අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීමට බල කිරීම සම්බන්ධයෙන් කම්කරුවන් දහස් ගනනක් වැඩ වර්ජන හා විරෝධතා පවත්වා තිබේ. මෝටර් රථ කම්හල්, කර්මාන්තශාලා සහ තවත් බොහෝ සේවා ස්ථාන වසා දැමීමට සංගත ඇමරිකාවට බල කලේ මෙම ප්‍රතිරෝධයයි. ආසාදන හා මරන සංඛ්‍යාව ඉහල යන කොන්දේසි යටතේ ඇමරිකාව යලිත් “ව්‍යාපාර සඳහා විවෘත” යැයි ප්‍රකාශයට පත් කිරීමට ට්‍රම්ප් සහ ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂ හවුල්කරුවන් දරන උත්සාහයන් සමාජ විරෝධයේ දැවැන්ත උතුරායාමක් අවුලුවනු ඇත.

ධනේශ්වර ආන්ඩු සහ සංගත හා මූල්‍ය විධායකයින්ගේ ඉල්ලීම්වලට එරෙහිව කෝවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ දී ප්‍රමුඛ විද්‍යාඥයින්ගේ හා මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ආරක්ෂිත සේවා ස්ථාන ඉල්ලා සිටින කම්කරුවන්ගේ ඉල්ලීම් සමඟ පෙල ගැසෙයි. මානව වර්ගයා මුහුන දෙන මූලික විකල්පයන් වන්නේ “ධනවාදී ලාභ ක්‍රමය සහ මරනය හෝ සමාජවාදය සහ ජීවිතය” බව පසුගිය සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කලේය.

Loading