විද්‍යාවට එදිරිව ට්‍රම්ප්: කොවීඩ්-19 සඳහා ප්‍රතිකාර කිරීමේදී හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් භයානක ලෙස ප්‍රවර්ධනය කිරීම

මෙම ලිපිය 2020 අප්‍රේල් 13 දින ඉංග්‍රීසිබසින් පලවින.

කොරෝනා  අර්බුදය පිලිබඳව මාර්තු 19 සිට ධවල මන්දිරයේ  පැවති සෑම පුවත්පත් සාකච්ඡාවකදීම ජනාධිපති ට්‍රම්ප්, දත්ත නොපැහැදිලි බැවින් විශ්වාසදායක විද්‍යාත්මක පරීක්ෂනයක්  අවශ්‍ය බව තමා ගේ කාර්ය සාධක බලකාය තදින් ප්‍රකාශ කරත් දිත්, මැලේරියාවට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ක්ලෝරොක්වීන් සහ හයිඞ්රොක්සික්ලෝරෝක්වින් යන ඖෂධ කොවිඞ්-19 වසංගතයට එරෙහි සටනේදී අත්‍යවශ්‍ය  ඖෂධ අවි වශයෙන් නොසැලකිලිමත් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටියි. 

රෝහල් සහ වෛද්‍ය වරුන් විසින් විශාල වශයෙන් බෙහෙත් මිල දී ගෙන ඇති නිසා ක්ලෝරෝක්වින් පෙති හිඟයක් ඇතිව තිබෙන බවත්, ලූපස් සහ රූමැටොයිඞ් ආතරයිටිස් රෝගීන්ට ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු ලබා ගැනීමට අපොහොසත් වීමෙන් දුෂ්කර තත්වයකට පත් වන බවත් ඇමරිකානු සෞඛ්‍ය පද්ධති ඖෂධවේදීන්ගේ සංගමය මාර්තු 24දා වාර්තා කලේය.

ට්‍රම්ප් මෑතකදී පැවති සාකච්ඡාවකදී මෙසේ පැවසීය, “අපි අති විශාල හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ප්‍රමානයක් මිල දී ගත්තා,  ඔබ දන්නවා, එය විශිෂ්ට මැලේරියා ඖෂධයක්... ඒ වගේම එය [කොරෝනා වෛරස්] මත ක්‍රියා කරන බවට සලකුනු තිබෙනවා, ඒවා ඉතා ශක්තිමත් සලකුනු... අපට ඉතා හොඳ ප්‍රතිපල සමහරක්  සහ ඉතා හොඳ පරීක්ෂන සමහරක් තිබෙනවා. මා  මෙන්ම ඔබත් ඒ පරීක්ෂන දැක ඇත. ප්‍රන්සයේදී ඉතා හොඳ පරීක්ෂනයක් කර තිබුන නමුත්, කදිමයි අපි අවුරුදු කිහිපයක් ගත කර එය අත්හදා බලමු යයි කියන්නට අපට වෙලාවක් නැත.”

ඖෂධ අධීක්ෂනයේ ස්වභාවය පිලිබඳව, ආහාර හා ඖෂධ පරිපාලනයේදී (එෆ්ඩීඒ) බොහෝ සෞඛ්‍ය බලධාරීන් කනස්සල්ල පල කර තිබේ. රෝගයේ ගමන් මග කෙරේ බලපෑම් කල හැකි කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව රෝහල් පරිපාලනයන්ට සහ වෛද්‍යවරුන්ට කොවිඞ්-19 රෝගීන් සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සහ ක්ලෝරෝක්වීන් භාවිතා කිරීමට ඉඩ දීම සඳහා මාර්තු 28 වන දින එෆ්ඩීඒ විසින් හදිසි භාවිත අවසරයක් (EUA) නිකුත් කරන ලදී. කොරෝනා වෛරසයට එරෙහි සටනේදී මෙම ඖෂධවල සැබෑ වටිනාකම තීරනය කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂන EUA විසින් කඩාකප්පල් කර ඇති බව හිටපු එෆ්ඩීඒ කොමසාරිස් ස්කොට් ගොට්ලීබ් සඳහන් කලේය.

හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් නම් ඖෂධ සඳහා බොහෝ වෙලඳ නාම වලින් එකක් වන්නේ ප්ලැකෙනිල් ය. (ඡායා රූපය: Twitter / Manon01901750)

හාවඞ් වෛද්‍ය  විද්‍යාලයේ හිටපු පීඨාධිපති ජෙෆ්රි ෆ්ලෙයර් රොයිටර් පුවත් සේවයට පැවසුවේ,  “ජනාධිපතිවරයා සිය තාර්කික නොවන හැඟීම් සහ ප්‍රතික්‍රියා සමඟ මෙම ක්‍රියාවලිය සඳහා කෙටි මාවත් තනමින් සිටියි. අප සිටින්නේ හදිසි අවස්ථාවක, මෙම සියලු‍ විභවයන් සහිත ප්‍රතිකාර  ක්‍රම  වඩාත්  එලදායී හා වෛෂයික ආකාරයකින් පරීක්ෂාවට ලක් කර සහතික කිරීම ගැන අප අපගේ ආන්ඩු මත රඳා පැවතීම අවශ්‍ය වේ. ”

පාලිත පරීක්ෂනයකින් පරිබාහිරව මෙම ඖෂධ ලබා දීමට එරෙහිව කොක්රාන් බෝවන රෝග සමූහයේ සම්බන්ධීකාරක පෝල් ගාර්නර් අනතුරු ඇඟවූයේ, “ඔවුන් රෝගය තර්ජනයක් ලෙස අඩු තක්සේරු කර එය පැතිරීම වැලැක්වීමට ගන්නා ක්‍රියාවන් නොසලකා හැරීමෙන් ඔවුන්ට හානියක් සිදු කල හැකි අතර, වැඩි පිරිසක් ආසාදනය වීමට හේතු විය හැක. ” ඔහු බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවට  පැවසුවේ, “කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයින් තුල ක්ලෝරෝක්වින් ඵලදායී ලෙස ක්‍රියා කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති” බවයි.

සීකිව්(CQ) සහ එච්සීකිව් (HCQ) ක්‍රියා කරන ආකාරය

හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්, එච්සීකිව්, (HCQ) සහ ක්ලෝරෝක්වීන් සිකිව් (CQ) යනු ප්‍රති මැලේරියා ඖෂධ ලෙසත්   රූමැටොයිඞ් ආතරයිටිස් සහ ලූපස් එරිතිමැටෝසස් රෝගයන්ට (rheumatoid arthritis and lupus erythematosus) ප්‍රතිකාර කරන හා ප්‍රදාහයන්ට එරෙහිව සටන් වදින ඖෂධය. ඒවා අවුරුදු 70 කට වැඩි කාලයක් තිස්සේ භාවිතාවේ පවතියි. කොවිඞ්-19 සඳහා ඒවා භාවිතා කිරීමට ඇති උනන්දුව ඉහල ගොස් ඇත්තේ ඒවා, (සාර්ස්-කොවි-2 යනු කොවිඞ්-19 වෛරසය හඳුන් වනු ලැබු මුල්ම නමයි) සාස්- කොවි - 2 වෛරසයට එරෙහිව ප්‍රති-වෛරස ක්‍රියාකාරිත්වය “වීදුරු පරීක්ෂන නලයක් තුල” නිරූපනය කර ඇති බැවිනි. එමගින් සාස් කොවි - 2 වෛරසය සමඟ මෙම ඖෂධ අන්තර් ක්‍රියාකිරීම පිලිබඳ අධ්‍යයනයන්, මිනිසාගේ “ජීව විද්‍යාත්මක සන්දර්භයෙන්” පිටත රසායනාගාර තුල දී සිදු කල බව අදහස් වේ. මෙම ප්‍රතිඵල යහපත් යයි පෙනෙන්නට තිබුන ද ඖෂධ ලබා ගන්නා පුද්ගලයා තුල සමාන ප්‍රතිචාරයක් ඔවුන් පුරෝකථනය නොකරයි.

එවැනි රසායනාගාර අත්හදා බැලීම් මඟින්, වෛරසය සෛල තුලට ඇතුලු‍ විය හැකි ආකාරය, ජනනය වීම සහ පැතිරීම  පිලිබඳ තොරතුරු සපයන වඩාත් සවිස්තරාත්මක පරීක්ෂන සඳහා උපකාරී වේ. වෛරසයේ ක්‍රියාකාරකම් වලක්වන යාන්ත්‍රනයන් අවබෝධ කර ගැනීම සඳහා එච්සීකිව් (HCQ) වැනි ඇතැම් චිකිත්සක  ඖෂධ අත්හදා බැලීමට ද ඒවා ඉඩ දෙයි. මෙම මූලික අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ, සීකිව් (CQ) මගින් බලපෑමට ලක් වූ සෛලවල ච්‍ය අගය වැඩි කරන අතර, වෛරසය ශ්වසන සෛලයේ පිටත පටලයට සම්බන්ධ වීම වලක්වන බවයි. එය වෛරසයේ ACE2 පෘෂ්ඨ සෛල ප්‍රතිග්‍රාහක සමඟ ගැටෙමින් ද ස්පයික් ප්‍රෝටීන වලට බාධා කරමින් ද ආසාදනය සඳහා මූලිකව අවශ්‍ය පියවරක් වන සෛලයට බන්ධනය වීම වලක්වන බවත් පෙන්වා දෙන ලදී.

විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද තවත් යාන්ත්‍රනයක් නම්, කොවිඞ්-19 ආසාදනයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රෝගීන් තුල දක්නට ලැබෙන සයිටොකීන් ස්ටෝම් ව්‍යාධියට එරෙහි චිකිත්සක බලපෑම වැඩි දියුනු කල හැකි ප්‍රතිශක්තිකරන පද්ධතිය නියාමනය කිරීමට ඖෂධ වලට ඇති හැකියාවයි. කොවිඞ්-19 රෝගීන් පිලිබඳ මූලික සායනික අධ්‍යයනවලින් පෙන්නුම් කලේ, ඔවුන්ගේ අධික දැවිල්ල ඇතිකරන අනු හා රෝග විනිශ්චය පිලිබඳව දුබල  කමක් තිබු බවයි. 

හංගේරියානු විද්‍යාඥයකු වූ හාන්ස් ඇන්ඩර්සැග් විසින් 1934 දී සීකිව් (CQ) සොයා ගන්නා ලදී. සංවර්ධනය වෙමින් පවතින රටවල එහි තොග පිරිවැය අගය ඇමරිකානු ඩොලර් 0.04 ක් පමන වන නමුත් එක්සත් ජනපදයේ මාත්‍රාවකට ඩොලර් 5.30 ක් වැය වේ. ලෝකයේ මැලේරියාව ආවේනික ප්‍රදේශවල බහුලව භාවිතා කිරීම නිසා මැලේරියාව යම් ආකාරයකින් එයට ප්‍රතිරෝධය දක්වයි. සීකිව්හි (CQ) සෘනාත්මක ඖෂධ අන්තර් ක්‍රියා කිහිපයක් ඇති අතර අධික මාත්‍රාව මාරාන්තික විය හැකි බැවින් ප්‍රවේශමෙන් නිරීක්ෂනය කල යුතුය.

2003 දී සාස් කොරෝනා වෛරසය සොයා ගැනීම සහ චීනයේ කොවිඞ්-19 ඇවිලයාම කලමනාකරනයේ වගකීම දැරූ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය  නන්ෂාන් ෂොං පවසන පරිදි,  සීකිව් (CQ) ඉතා ඵලදායී ප්‍රතිකාරයක් නොවන නමුත් එහි බලපෑම් කෙරෙහි අවධානය යොමු කල යුතුය.

එච්සීකිව්හි (HCQ)  සායනික අත්දැකීම්

1946 දී ප්‍රථම වරට සංස්ලේෂනය කරන ලද සීකිව් (CQ) හි අඩු විෂ සහිත ව්‍යුත්පන්නයක් වන එච්සීකිව් ද මෙවැනිම විභව ශක්තියක් පෙන්නුම් කර ඇති බව වෛද්‍ය මැන්ලි වැන්ග් පවසයි. එහෙත්, වෛද්‍ය  වැන්ග්  ගේ කන්ඩායම නිගමනය කරන්නේ, ඔවුන්ගේ    සොයාගැනීම් සනාථ කිරීම සඳහා සායනික පරීක්ෂන අවශ්‍ය බවයි.

එච්සීකිව් (HCQ), ප්ලැකෙනිල් (Plaquenil) ලෙසද හැඳින්වේ. එක්සත් ජනපදයේ දී 1955 වසරේ අනුමත කරන ලද අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට අන්තර්ගතය.  මෙම ඖෂධය විවිධ ස්වයං ප්‍රතිශක්තිකරන ආබාධ සඳහා ප්‍රතිකාර කිරීම සහ තවමත් සීකිව් (CQ) වලට සංවේදී මැලේරියා ආසාදන සඳහා භාවිතා කරනු ලැබේ. ඇතැම් හෘද රෝග, දියවැඩියාව හෝ සමේ රෝග (psoriasis)) ඇති පුද්ගලයින් සඳහා එච්සීකිව් (HCQ) භාවිතා කිරීමේදී ප්‍රතිවිරෝධතා ඇතිව තිබේ. අධික මාත්‍රාවක්  ගැනීමෙන් හදිස්සි රෝගාබාධ, හුස්ම ගැනීම අවහිර කිරීම සහ වෙන්ටි්‍රක්‍යුලර් ෆිබි්‍රලේෂන් - හෘදයේ රිද්මය ක්‍රියා විරහිත වීම -ට හේතුවේ. එච්සීකිව් (HCQ) නිර්දේශ කල යුත්තේ ඖෂධ ගැන හුරුපුරුදු වෛද්‍යවරයකු විසිනි.

“ජීවීන් තුල” (In-VIVO අධ්‍යයනයන් මගින් මෙම ඖෂධ සමස්ත ජීවන ක්‍රියාවලියටම ඇති කරන බලපෑම පරීක්ෂා කරයි. සත්ව අධ්‍යනයන් සහ මානව සායනික පරීක්ෂන එවැනි අධ්‍යනයන්හි  ප්‍රධාන අංග වේ. මෙම ඖෂධ වල කාර්යක්ෂමතාව තහවුරු කිරීම ඉතා වැදගත් වන්නේ, ප්‍රතිකාර කරන ස්ථානයේදී ලබාදෙන ඖෂධයේ ක්‍රියාකාරී සංඝටකය නිසා රෝගියාගේ පරිවෘත්තීය  ක්‍රියාවලියට බලපෑම් කල හැකි බැවිනි. කොවිඞ්-19 ට එරෙහිව කාර්යක්ෂමතාව තිබියදීත්, රෝගියාට ඖෂධ  අධික ලෙස විෂ සහිත බව ඔප්පු විය හැකිය.

වුහාන් හි වෛද්‍යවරුන් එච්සීකිව් (HCQ)  ඖෂධය කොවිඞ්-19 රෝගීන්ට ලබා දීමෙන්  කිසිදු වාසියක් අත් නොවුන බව පෙන්වාදී ඇත. එක් වෛද්‍යවරයෙක් කියා සිටියේ දරුනු රෝගී ලක්ෂන සහිත රෝගීන් 16 දෙනෙකුට තමා ප්‍රතිකාර කල බවයි.  එච්සීකිව්  වලින් ඔවුන්ට කිසිදු සහනයක් නොලැබුන අතර එක් රෝගියෙකු තුල බරපතල අසාමාන්‍ය  හෘද රිද්මයක් වර්ධනය වීම නිසා මිය ගිය පසු ඔහු එම ඖෂධ භාවිතය නතර කලේය. ඒ හා සමානව, වුහාන් හි දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරයකු විසින් ද මෙම ඖෂධය ලබාගත් රෝගීන් පිලිබඳ ඒ හා සමාන ප්‍රතිඵල සටහන් කර තිබුනි. මේවා තක්සේරු කිරීම් උපකල්පන ඇගැයීම් මත පදනම් වී ඇති බව ඔවුහු      පිලිගනිති.

පෙබරවාරි 29 වන දින ෂෙජියැන්ග් විශ්ව විද්‍යාල ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද එකම තෝරාගත් චීන අධ්‍යයනයට, කොවිඞ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී එච්සීකිව් (HCQ) භාවිතය පිලිබඳ නියමු අධ්‍යයනයක් සඳහා ඇතිකරගත් එකඟතාවයෙන් පසුව මද හා මධ්‍යස්ථ මට්ටමේ රෝග ලක්ෂන පෙන්වන රෝගීන් 30 දෙනෙකු සහභාගි කර ගන්නා ලදී. 

නව ප්‍රතිකාරවල ඵලදායීතාවය පරීක්ෂා කිරීමේදී අහඹු ලෙස තෝරාගත් අත්හදා බැලීම් අවශ්‍ය වේ. රෝගීන් කන්ඩායමක් ඖෂධ නොමැතිව ද තවත් කන්ඩායමකට දින පහක් යන තෙක් එච්සීකිව් මිලිග්‍රෑම් 400 බැගින් ද ලබාදී පරීක්ෂනයට බඳුන් කරන ලදී. දින හතකට පසු, ආර්එන්ඒ. පරීක්ෂනයෙන් හෙලිවුනේ, එච්සීකිව් ලබා දුන් රෝගීන් 15 දෙනෙකුගෙන් දෙදෙනෙකු තුල පමනක් වෛරසය ඉවත්ව ඇති අතර අනෙක් කන්ඩායමේ එක් රෝගියෙකුගේ වෛරසය ඉවත් ව ඇති බවයි. රෝහල්ගත වීමේ මධ්‍ය කාලය, උන අඩුවීමට ගතවන කාලය සහ පෙනහලු  යථා තත්ත්වයට පත් වීම සමාන විය. අධ්‍යයනයේ ප්‍රධාන දුර්වලතාවය වූයේ රෝගීන්ගේ නියදියේ කුඩා බවයි.

පුවත්පත් වල යොමු කිරීම් සහ 2020 පෙබරවාරි 18 වන දින නිකුත් කරන ලද ජෛව විද්‍යා ප්‍රවනතා පිලිබඳ ආචාර්ය ෂු යැංගේ ලිපියක් උපුටා දක්වමින් රෝග පාලනයට සීකිව් හි ඇති කාර්යක්ෂමතාව පිලිබඳ  මධ්‍යස්ථානය  සඳහන් කරන්නේ, රෝගීන් 100 කට වැඩි පිරිසකගේ ප්‍රතිඵල මගින් නිරූපනය වී තිබෙන්නේ  නියුමෝනියාව උග්‍රවීම, වැඩිදියුනු කල රූපකරනය සහ වෛරස් නිෂ්කාශනය ප්‍රවර්ධනය කිරීම සහ රෝගීවන කාලය කෙටි කිරීම සඳහා වන පාලක ප්‍රතිකාරයට වඩා ක්‍ූ උසස් බවයි. 

කතුවරයාට අනුව මෙය, පාලක හස්තයක් නොමැතිව ක්ලෝරොක්වයින් වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව පිලිබඳ විවෘත ලේබල්, බහු-කේන්ද්‍රීය, අහඹු නොවන මූලික වශයෙන් නීරීක්ෂන මත පදනම් වු පරීක්ෂනයක් විය. කොවිඞ්-19 වැලැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වන ඔවුන්ගේ නිර්දේශයන්ට සීකිව් එක් කිරීමට 2020 පෙබරවාරි 15 වන දින ආන්ඩුව සහ නියාමන බලධාරීන් එකඟ විය. ඊමේල් පනිවුඩයකදී අධ්‍යයනයේ කතුවරයා, ඉහත උපදේශන    රැස්වීමට පමනක් අවධානය යොමු කල නමුත් ඔහුගේ දත්ත සමාලෝචනය සඳහා ඉදිරිපත් කලේ නැත. මෙම ප්‍රකාශිත අධ්‍යයනය  සොයා ගැනීමට ගත් උත්සාහයන් පබ්මෙඞ් වෙබ් අඩවිය තුල කිසිදු ප්‍රතිඵලයක් අත්කර දුන්නේ ද නැත.

පෙබරවාරි මාසයේ පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, සීකිව් (CQ) පිලිබඳ වාර්තාකරුවකුගේ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ සායනික සත්කාර අංශයේ ප්‍රධානී ජැනට් ඩයස් මෙසේ පැවසුවාය. “මෙම අවස්ථාවේදී ක්ලෝරෝක්වින් ඵලදායී ප්‍රතිකාරයක් බවට කිසිදු සාක්ෂියක් නොමැත.  කාර්යක්ෂමතාව   සහ ආරක්ෂාව පෙන්වීම සඳහා ආචාරධර්ම අනුව අනුමත කරන ලද සායනික අත්හදා බැලීම් යටතේ චිකිත්සක පරීක්ෂා කිරීමට අපි නිර්දේශ කරමු.”

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහයොගිතා පරික්ෂනය (SOLIDARITY Trial) නමින් ජාත්‍යන්තර අධ්‍යයනයක් ආරම්භ කර ඇති අතර එය සීකිව් /එච්සීකිව්. (CQ / HCQ) අහඹු ලෙස ඇතුලත් කිරීම සඳහා චිකිත්සක ඖෂධ වල කාර්යක්ෂමතාව සොයා බැලීමට අදහස් කරයි.

ආචාර්ය ඩිඩියර් රවුල්ට්ගේ වැඩ කටයුතු

මාර්තු 20 වන දින ප්‍රකාශයට පත් කරන ලද, සුප්‍රසිද්ධ ක්ෂුද්‍රජීව විද්‍යඥයකු සහ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඩිඩියර් රවුල්ට් විසින් කරන ලද කුඩා ප්‍රන්ස අධ්‍යයනයක්, ජනාධිපති ට්‍රම්ප්  පුන පුනා හුවා දක්වයි. රෝගීන් 26 දෙනෙකු දිනකට තුන් වතාවක් එච්සීකිව් (HCQ ) මිලිග්‍රෑම් 200 ක් හා ඇසිත්‍රෝමයිසින් යන ප්‍රතිජීවක ඖෂධ සමඟ දින 10 ක් ප්‍රතිකාර ලබා ඇත. ප්‍රතිකාර ලබා නොගත්      රෝගීන් 16 දෙනෙකුගේ කන්ඩායමක් ද සිටියහ. කෙසේ වෙතත්, එච්සීකිව් ලබාගත් රෝගීන් හය දෙනෙකු අධ්‍යයනයෙන් ඉවත් කර ඇත - එක් අයෙකු මියගොස්, තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර දෙදෙනෙකු අධ්‍යයනයෙන් ඉවත් විය. අවසාන ප්‍රතිඵලවලට මේවා ඇතුලත් නොවීය. රවුල්ට්ට අනුව, එච්සීකිව් ගැනීමෙන් දින හයකට පසු, කොවිඞ්-19 සඳහා සියයට 70 ක්  සෘන ප්‍රතිචාර දක්වා ඇති අතර පාලක කන්ඬායමේ සියයට 12.5 ක් සෘන විය.

ප්‍රන්ස සඟරාවක් වන ප්‍රෙස්ක්‍රයර් ඉන්ටර්නැෂනල් විසින් කරන ලද අධ්‍යයනයක විශ්ලේෂනයෙන් හෙලි වුනේ, “රෝග ලක්ෂන පෙන්වීමට පටන්ගත් දිනය දන්නා රෝගීන් 18 දෙනා අතර, වෛරසය හඳුනා නොගැනීමට පෙර පුලුල් විශ්‍රම්භ ප්‍රාන්තරයක් සහිත මධ්‍ය කාලය දින 7.5 ක් වු බවයි. පාලක කන්ඩායමක් සමාන ප්‍රොටෝකෝලයකට (මුල් රෝගින් 18 තෝරා ගත් ආකාරයටම) අනුව තෝරාගෙන එම කොන්දේසිම අනුගමනය නොකරන විට, මෙම කාලය එච්සීකිව් නොමැතිව වඩා කෙටිද නැද්ද යන්න නොදනී. ”

ෆෝ බෙටර් මෙඩිසින් සඟරාවේ ලියොනිඞ් ෂ්නයිඩර් මෙසේ ලිවීය: “අධ්‍යයනය අහඹු ලෙස සිදු නොවීය. සදාචාරාත්මකව අනුමත කර ඇත්තේ එය ආරම්භ වූ පසුව පමනි. එය සැබවින්ම පාලනය කර නැත: පාලක රෝගීන් 16 දෙනාට විවිධ සායනවල ප්‍රතිකාර කරනු ලැබීය.”

වෛද්‍ය රවුල්ට් සතියකට පසුව එච්සීකිව් සහ (Azithromycin) ඇසිත්‍රොමයිසින් සමඟ ප්‍රතිකාර කල රෝගීන් 80 දෙනෙකු පිලිබඳව, ඒවන විටත් ප්‍රකාශයට පත් නොකල නිරීක්ෂන අධ්‍යයනයක් සිදු කලේය. නැවතත්, දින7 තුල  සියයට 83 ක සෘනාත්මක වෛරස් ප්‍රමානය වේගයෙන් පහත වැටුනි.

උත්තාරන වෛද්‍ය  විද්‍යා   විවරනයක දී රසායනික හා ඉංජිනේරු ප්‍රවෘත්ති උපදේශක මන්ඬලයේ රසායනඥයකු වන ඩෙරෙක් ලෝව් දැඩි විවේචනයක් ඉදිරිපත් කරයි. ඔහු සඳහන් කල සමහර නොගැලපීම් නම්, උන වැලඳී ඇත්තේ රෝගීන්ගෙන් සියයට 15 කට පමනි; හතරක් රෝග ලක්ෂන රහිත වාහකයන් ලෙස සලකනු ලැබූ අතර, ඔවුන් අධ්‍යයනයට බඳවා ගත්තේ කෙසේද යන්න ප්‍රශ්න මතු කරයි; කතුවරයා ප්‍රකාශ කල පරිදි රෝගීන්ගෙන් සියයට 20 කට සීටී ස්කෑන් පරීක්ෂන පහසුකම් නොලැබුනු අතර, ඉන් නියුමෝනියාව පිලිබඳ විකිරනශීලී සොයාගැනීම් ඇත්තේ සියයට 54 කට පමනි.

නිරීක්ෂන අධ්‍යයනය අතරතුර විසර්ජන නිර්නායක වෙනස් විය. තනි තනි රෝගියාගේ දත්ත මෙන්ම වෛරස් ප්‍රමානය ගනනය කිරීම්වල ප්‍රතිඵල නොමැත. පැහැදිලිවම, ප්‍රතිඵල සංසන්දනය කිරීමට පාලක කන්ඬායමක් නොමැත. රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති අතර ප්‍රධාන මහලේ සිටි එක් රෝගියෙකු මියගියේය. දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගී න් දෙදෙනෙකු නැවත ප්‍රධාන මහලට ගෙන ගිය නමුත් ඉතිරි රෝගියාගේ තත්වය වාර්තා නොවීය. ජර්මනියේ සහ එක්සත් ජනපදයේ අනුපාතයන්ට අනුකූලව මරන අනුපාතය සියයට 1.3 ක් වනු ඇත.

ලෝව් මෙසේ ලියයි: “දත්ත ගලපා කරන පාලනයකින් තොරව, සහ එක් එක් රෝගියාගේ දත්ත බැලීමට නොහැකිව, මෙම ප්‍රතිකාරය කොතරම් හොඳදැයි අපි නොදනිමු. එය කෙසේවත් හොඳ දෙයක්දැයි අපි නොදනිමු. එසේ වුවත් කුඩා අත්හදා බැලීමක් තුල සැලකිය යුතු බලපෑමක් ඇති බව අපට පෙනෙන්නට තිබේ, නැතහොත් එතරම් කැපී නොපෙනෙන දෙයක් හෝ දුර්වල ලෙස පාලනය කරන ලද ප්‍රොටෝකෝලයක (පිලිවෙතක) ප්‍රතිඵලයක් ලෙස අපට පෙනේ. අපි දන්නේ නැහැ. වේගයේ අවශ්‍යතාවය මට වැටහී ඇති අතර, මාර්සෙයිල්ස් කන්ඬායම අධ්‍යයනයන් සිදු කර ඒවා පූර්ව මුද්‍රන ලෙස මුදා හැරීම ගැන මම සතුටු වෙමි. නමුත් කොතැනකවත් මෙම කාර්යයෙන්  අපට අවශ්‍ය තරම්  උදව් ලැබෙන්නේ නැහැ. ”

සමපේක්ෂකයෙකු, නීතිඥයකු සහ ෆොක්ස් නිව්ස්

සීඑච්කිව්/ සීකිව් පිලිබඳ ධවල මන්දිරයේ ප්‍රකාශයන්ට පෙරාතුව, ගුප්ත-මුදල් (ක්‍රිප්ටො මුදල්) ආයෝජකයෙකු බවට පත් මිචිගන්හි අක්ෂි වෛද්‍යවරයකු වන ජේම්ස් ටොඩාරෝ මාර්තු 13 වන දින ට්වීටර් පනිවිඩයකින්  කියා සිටියේ, කොවිඞ්-19  සඳහා ඉතා ඵලදායී ප්‍රතිකාරයක් ලෙස ක්ලෝරෝක්වීන් පිලිබඳ සාක්ෂි ලැබී තිබෙන බවයි. ඔහු, ග්‍රෙගරි රිගානෝ නම් නිව්යෝක් නගරයේ නීතිඥයකු සමඟ ගූගල් ලියකියවිලි හා සම්බන්ධ ලිපියක් රචනා කර ඇති අතර, චීනයේ සහ ප්‍රන්සයේ කල මුල් අත්හදා බැලීම් වලින්, කොවිඞ්-19  ප්‍රතිකාර සඳහා සැලකිය යුතු සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව පැවසීය. අත් පිටපතේ සදාචාරාත්මක ඇඟවුම් කෙරෙහි බරපතල සැලකිල්ලක් දක්වමින් ගූගල් සිය වෙබ් අඩවියෙන් එම පත්‍රිකාව  ඉවත් කර ඇත. 

ජනාධිපති ට්‍රම්ප් සිය ධවල මන්දිර ප්‍රවෘත්ති සාකච්ඡාවේදී (HCQ) එච්සීකිව් හි තිබිය හැකි ප්‍රතිලාභ ගැන කතා කිරීමට පෙර රාත්‍රියේ,  ස්ටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ  ශාඛාවක් වන ස්ටැන්ෆර්ඞ් වෛද්‍ය විද්‍යාලයේ උපදේශකයෙකු ලෙස ව්‍යාජ  ලෙස පෙනීසිටිමින් රිගානෝ, ටකර් කාල්සන්ගේ ප්‍රයිම් ටයිම් ෆොක්ස් නිව්ස් චැනල් වැඩසටහනට පෙනී සිටිමින්, එච්සීකිව් කොවිඞ්-19 වෛරසයට ප්‍රතිකාරයක් වූ අතර රෝගය වැලැක්වීමේ විභවයක්ද පවතින බව නිවේදනය කලේය. ඔහු කියා සිටියේ, “කොවිඞ්-19 වෛරසයට එරෙහිව එච්සීකිව්  ්‍යක්‍ූ භාවිතා කිරීමට වහාම නිල අවසරය ලබාදීමට ජනාධිපතිවරයාට බලය තිබේ. ඔහු ඉතිහාසයේ වෙන කිසිම ජනාධිපතිවරයෙකුට වඩා එෆ්ඩීඒ හි සීමාවන් කපා ඇත.” සූදානම් කල ප්‍රකාශයකින් ඔහු කියා සිටියේ, වෛද්‍ය රවුල්ට්ගේ අධ්‍යයනයෙන් කොවිඞ්-19  වෛරසයට එරෙහිව සියයට සියයක් සුව කිරීමේ අනුපාතයක් පෙන්නුම් කරන බවයි.

හාවඞ් හි ෂොරෙන්ස්ටයින් මධ්‍යස්ථානයේ තාක්ෂන හා සමාජ විපර්යාස  ව්‍යාපෘති අධ්‍යක්ෂක ජොආන් ඩොනවාන් එදිනම ට්වීටර් සටහනකින් පැවසුවේ, “බිට්කොයින් ව්‍යවසායකයින් දෙදෙනෙකු වෛරසයට ප්‍රතිකාරයක් යැයි කියමින් ස්වයං ප්‍රකාශිත අධ්‍යයනයක්  භාවිතයට ගැනීමට යෝජනා කරයි. ඔවුන් කිසිදු මුල් පරීක්ෂනයක් සිදුකර නැත, ඒ වෙනුවට ඉතා සීමිත පරීක්ෂන සිදු කර ඇති වෙනත් විද්‍යාඥයින්ගෙන් දීර්ග උපුටා දැක්වීම් එකතු කර ඇත. ”

කොවිඞ්-19 ට එරෙහි රෝග නිවාරකයක් ලෙස සීකිව් එහි කාර්යක්ෂමතාව සනාථ කර තිබේදැයි ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිලිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසිගෙන් ඇසූ විට ඔහු,    “පිලිතුර නැත යන්නයි. ඔබ කථාකරන සාක්ෂි පරීක්ෂන හෝ සාධක වලින් තොර හුදෙක්  කතන්දර පමනි.”

වෛද්‍ය රවුල්ට්ගේ අධ්‍යයනය මාර්තු 13 වන දින ක්ෂුද්‍ර ජීවී නාශක නියෝජිතයින්ගේ ජාත්‍යන්තර සඟරාවේ මුද්‍රනය කර තිබුනි. සඟරාව ප්‍රකාශයට පත් කරන සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රති-ක්ෂුද්‍ර ජීවී රසායනික චිකිත්සක සමාජය (අයි.එස්.ඒ.සී) අප්‍රේල් 3 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “මෙම ලිපිය සමාජයේ අපේක්ෂිත ප්‍රමිතියට අනුකූල නොවන බව මන්ඩලය විශ්වාස කරයි, විශේෂයෙන් ඇතුලත් කිරීමේ නිර්නායකය සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීම් නොමැති වීම සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අනුපිලිවල තීරනය කිරීමේ දි රා්ගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම... නව දත්ත වේගයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් විද්‍යාඥ ප්‍රජාවට උපකාර කිරීම වැදගත් බව අයිඑස්ඒසී හඳුනාගෙන ඇතත්, විද්‍යාත්මක පරීක්ෂාව සහ හොඳම භාවිතයන් අඩු කිරීමේ වියදමින් මෙය කල නොහැකිය. ”

සම්මුඛ සාකච්ඡා වලදී ග්‍රෙගරි රිගානෝ කියා සිටියේ තමා ක්ලෝරෝක්වින් පදනම් කරගත් ප්‍රතිකාරයක් පිලිබඳව  වෛද්‍ය රවුල්ට් සමඟ වැඩ කරමින් සිටි බවයි. මෙම මතභේද මතු වූ දා සිට වෛද්‍ය රවුල්ට් කිසිදු ප්‍රකාශයක් මාධ්‍යයට ලබා දී නැත. නමුත් පසුගිය මාස දෙක තුල ඔහු මාධ්‍යයට කල අදහස් දැක්වීම ගැන සොයාබැලීම වටී. ජනවාරි 21 වන දින සම්මුඛ සාකච්ඡාවකදී වෛද්‍ය රවුල්ට්, කොවිඞ්-19 අර්බුදය බැහැර කරන බවක් පෙනෙන්නට තිබූ අතර, ලෙස් ක්‍රයිසස්ට පැවසුවේ, “මේ සියල්ල පිස්සු ය. එනම්, තවදුරටත් පැහැදිලි කිරීමක් නොමැත. ලෝකයේ යම් රෝගයක් ඇති වූ විට ප්‍රන්සයේ දී එය සිදුවනු ඇත්දැයි අපි කල්පනා කරමු. එය මුලු‍මනින්ම මුලා කරවන සුලු‍ දෙයක් බවට පත්වේ... මම නොදනිමි, මිනිසුන්ට කල යුතු කිසිවක් නැත, එබැවින් ඔවුන් බිය වීමට යමක් සොයා ගැනීමට චීනයට යයි... හොඳයි, එය බැරෑරුම් නොවේ. ”

පෙබරවාරි 24 වන දින ටුවර්  මැග්හි ලිපියක ඔහු චීන දත්ත උපුටා දක්වමින් මෙසේ පැවසීය. “එක දෙයක් ස්ථිරයි. චීන කොරෝනා වෛරස් ආසාදනයක් නිසා රෝගියෙක් මර්සෙයිල් රෝහල්වලට ගියොත්, වෛද්‍ය රවුල්ට් නිර්දේශ කරනු ඇත්තේ ක්ලෝරෝක්වින් යොදාගත් ප්‍රතිකාර සුදුසු බවයි. චීනයේ බොහෝ       රෝගීන් සිටින බැවින් ඔවුන්ට ප්‍රතිකාර ඇගයීමක් කල හැකිය. චීන ජාතිකයන් මෙම විෂය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන අතර, එහිදී ක්ලෝරෝක්වීන් යනු සම්මත ප්‍රතිකාරයයි. ”

පසුව වෛද්‍ය රවුල්ට් උපුටා දක්වමින්, “ඔබ දන්නවා, ඉතාලියේ කොරෝනා වෛරසයට වඩා ස්කූටර් අනතුරු වලින් වැඩි මරන ප්‍රමානයක් සිදුවෙනවා. මෙම මනෝභාවය සහ මාධ්‍යවල පලායාම, මානව වගර්යාගේ සංවේදීතාවයේ සිට වඳවීමේ අවදානම දක්වා ගමන් කරයි. මානව විද්‍යාත්මකව, අප මියයෑමට සෑම විටම හේතුවක් තිබේ, සෑම  පරම්පරාවකටම මිනිස් විශේෂ අතුරුදහන් වීම වටා මනඃ කල්පිතයන් ඇත. ”

පර්යන්ත පෙනීම නැතිවීම, දරුනු උදරයේ කැක්කුම සහ අසාමාන්‍ය හිසරදය වැනි අහිතකර අතුරු ආබාධ හේතුවෙන් ස්වීඩනයේ රෝහල් කිහිපයක් කොවිඞ් 19  රෝගීන්ට (CQ) සීකිව් නිර්දේශ කිරීම නවතා දමා ඇති බව අප්‍රේල්  6 වනදා නිව්ස්වීක් සඟරාවේ සෞඛ්‍ය අංශය සඳහන් කලේය. සහල්ග්රෙන්ස්කා විශ්ව විද්‍යාලයේ  රෝහල් ආසාදන සායනයේ වෛද්‍යවරයකු වන මැග්නස් ගිස්ලන් ප්‍රාදේශීය මාධ්‍යයට පැවසුවේ, “අප මුලින් සිතුවාට වඩා බරපතල අතුරු ආබාධ ඇති බවට වාර්තාවී තිබේ. විශේෂයෙන් හෘදවස්තුවේ බරපතල අතුරු ආබාධ අපට බැහැර කල නොහැකි අතර එය දැඩි මාත්‍රාවකින් යුක්ත ඔසුවකි. ඊට අමතරව, ක්ලෝරෝක්වින් කොවිඞ් 19 කෙරෙහි බලපෑමක් ඇති කරන බවට අපට ප්‍රබල සාක්ෂි නොමැත. ”

ඊලඟ දවසේ එනම් අප්‍රේල් 7දා, පැහැදිලි කිරීමකින් තොරව, රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථානය ඔවුන්ගේ චිකිත්සක විකල්ප මාර්ගෝපදේශය යාවත්කාලීන කරමින්, “කොවිඞ් 19 වැලැක්වීම හෝ ඊට ප්‍රතිකාර කිරීම සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA-එෆ්ඩීඒ) විසින් අනුමත කරන ලද ඖෂධ හෝ වෙනත් චිකිත්සක නොමැත. ”යයි සඳහන් කලේය. යාවත්කාලීන කිරීමට පෙර මඟපෙන්වීමෙහි සඳහන් වුනේ, “කොවිඞ් 19 සඳහා ප්‍රතිකාර කිරීමට හයිඩ්‍රොක්සික්ලෝරොක්වයින් ප්‍රශස්ත මාත්‍රාව සහ කාලසීමාව නොදන්නා නමුත්, සමහර එක්සත් ජනපද වෛද්‍යවරුන් විවිධ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් මාත්‍රාවන් පිලිබඳව වාර්තා කර ඇත.” එව්සීකිව් පිලිබඳ ඕනෑම සඳහනක් දැන් ඉවත් කර ඇත, නමුත් ට්‍රම්ප් එය නිර්දය ලෙස ප්‍රවර්ධනය කරයි.

නූතන ඖෂධ විද්‍යාවේ නිතර දක්නට ලැබෙන්නේ, නව ඖෂධ සෛල රේඛාවල පරීක්ෂා කිරීමේදී බලාපොරොත්තු සහගත බවක් පෙනුනත්, මිනිස් පලමු අදියර අත්හදා බැලීම්වලට හඳුන්වා දුන් විට, ඒවාට කාර්යක්ෂමතාවයක් නොමැති බව හෝ රෝගියා වඩාත් නරක අතට හැරවීම එනම් හදවතට, වකුගඩු වලට, අක්මාවට හානි කරන බව පෙන්නුම් කර ඇත. කොවිඞ් -19  වසංගතය චිකිත්සක ප්‍රතිලාභ සහිත නව ඖෂධ සොයා ගැනීම සඳහා මාවතක් සම්පාදනය කරයි. නමුත් දැඩි විද්‍යාත්මක ක්‍රියාදාමයන් තුලින් මෙය නිරූපනය විය යුතු අතර එමඟින් ඖෂධ ක්‍රියා කරන බවට රෝගීන්ට සහතික විය හැකි අතර ට්‍රම්ප්ගේ වාක්‍ය ඛන්ඩය වන  “ප්‍රතිකාරය” රෝගයට වඩා නරක නොවිය යුතුය යන්න (එනම් ප්‍රතිකාර සඳහා දරන වියදම රෝගයෙන් සිදුකරන හානියට වඩා අඩු විය යුතුය යන්නයි) ඔහුට විරුද්ධව දමා ගැසිය හැකිය.

Loading