ඉන්දියාවේ ව්‍යසනකාරී අගුලු දැමීම මධ්‍යයේ මෝදි, කොරෝනා වෛරස් වාර්තා වාරනය කිරීමට උත්සාහ කරයි

මෙම ලිපිය 2020 අප්‍රේල් 4 දින ඉංග්‍රීසි බසින් පලවින.

ව්‍යසනය ඉන්දියාවට සිදු කරන බලපෑම සහ ඒ පිලඳව ආන්ඩුව ගන්නා පියවරයන්ට අදාල පුවත් පල කිරීම, ප්‍රකාශනය සහ විකාශනය කිරීමට ප්‍රථම නව දිල්ලියේ අවසරය ලබා ගත යුතු වන පරිදි මාධ්‍ය ආයතනවලට නියෝගයක් නිකුත් කරන ලෙස ආන්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් ඉන්දියානු සොලිසිටර් ජෙනරාල් ටුෂා(ර්) මේතා, ඉන්දියාවේ ඉහල ම උසාවියෙන් ඉල්ලීමක් කලේ ය.

ඉන්දියානු ව්‍යවස්ථාව මගින් සහතික කරන ලද ප්‍රකාශනය සහ මාධ්‍ය නිදහස පැහැදිලි ලෙස ම උල්ලංඝනය කරන, මාධ්‍ය පාලනය කිරීම සහ ඒ්වා දඬු ගැසීමට වලිකන නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ආන්ඩුවට තරවටු කරනු වෙනුවට උසාවිය, “අසත්‍ය පුවත්“ පලකිරීමේ අහිතකර බලපෑම පිලිබඳ ආන්ඩුවේ කෝපාවිශ්ට  විරෝධයට උල්පන්දම් දුන්නේය. ඉනික්බිති ව කොරෝනා වෛරස් වසංගතය පිලිබඳ ආන්ඩුවේ ආස්ථානය ප්‍රචාරය කරන ලෙස මාධ්‍යට  බලකිරීමටත්  “සංවර්ධනය පිලිබඳ නිල ආස්ථානය“ ප්‍රචාරය කිරීමට මාධ්‍ය ආයතන අපොහොසත් වුවහොත් “අසත්‍ය පුවත්“ ප්‍රචාරය වෙනුවෙන් නඩු පැවරීමට කෙරෙන තර්ජනය එයට ඈඳීමටත් යෝජනා කරයි.

මූල්‍යමය කාරනා මත කොවිඩ්-19 පරීක්ෂන ඉතාමත් සුලුවෙන් සිදු කරමින් සහ ඉතා අබලන් තත්වයේ පවතින ඉන්දියානු  සෞඛ්‍ය පද්ධතිය සවි ගැන්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගනිමින් සිටින අතර, ඉන්දියාව සාර්ථක ලෙස කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කරන බවට සති ගනනාවක් මුලුල්ලේ ආන්ඩුව සහ මෝදි පෞද්ගලිකව ම කයිවාරු ගැසූහ.  

ඉක්බිතිව මාර්තු 24 දා හවස් යාමයේ මෝදි තම පිලිවෙත ක්ෂනික ව වෙනස් කලේ ය. පැය කිහිපයක අනතුරු ඇඟවීමක් සමග එදින මධ්‍යම රාත්‍රියේ සිට, ඉතාම සුලු පිරිසක් හැරුනු කොට සෙසු බිලියන 1.37ක් වූ ඉන්දියානු ජනතාව ඉදිරි දින 21ක කාලයක් සඳහා තම නිවෙස්වලට ම වී සිටිය යුතු පරිදි දීප ව්‍යාප්ත අගුලු ලෑමකට ඉන්දියාව යටත් වන බව ඔහු ප්‍රකාශ කලේය. 

ඊනියා අවිධිමත් අංශයේ ඉතා සුලු වැටුපකට සේවය කරන සහන අහිමි මිලියන සිය ගනනක් වූ ඉන්දියානුවන් ඉදිරි සති තුනක කාලයක් විරැකියාවෙන් පෙලෙමින් තමන් සහ තම පවුල් නඩත්තු කරන්නේ කෙසේද යන්න පිලිබද මෝදි කිසිදු පැහැදිලි කිරීමක් නොකලේ ය.

 දුර්වල සැලසුමක් සහිත සහ ඛේදනීය ලෙස නොසූදානම් හා  කඩිමුඩියේ කල අගුලු ලෑම සමාජ ව්‍යසනයකට තුඩු දී ඇති අතර, ඉන්දියානු කම්කරුවන් හා පීඩිතයන් ඉමහත් දුෂ්කරතාවන්ට ඇද දමනු ඇත. සාපරාධීත්වයෙන් නොඅඩු, ආපසු හැරවිය නොහැකි වනු ඇති, ඉන්දියාව පුරා වසංගතය පැතිරීම නැවැත්වීමට දරන ව්‍යාජ උත්සාහයන් හමුවේ, පුලුල් දුප්පත්කම,ඉහල ජන ඝනත්වය, නාගරික ප්‍රදේශවල අබලන් වූ මහජන සෞඛ්‍ය පද්ධතිය හා ඉන්දියාවේ බොහෝ ගම්බද ප්‍රදේශවල සෞඛ්‍ය ආරක්ෂන පහසුකම් නොමැති තතු යටතේ, කොවිඩ් 19 මෙම රට තුල මිලියන ගනනක් මරා දැමීමේ තරජනය එල්ල කරයි.

මිලියන ගනනක් වූ සංක්‍රමනික වැඩ කරන ජනයාට තමන්ගේ උපකාරයට කිසිවක් නො මැතිව, තම තමන්ගේ ගම්බිම් බලා කිලෝමීටර සිය ගනන් දුර ඇවිද යාමට සිදුවීම ගැන පසුගිය සති එකහමාරක කාලය තුලදී ඉන්දියාවේ සහ ලෝකය පුරා වෙසෙන ජනතාව කම්පාවෙන් සහ ක්‍රෝධයෙන් පසුවෙති.

මිනිස් සමූහයන් ඉන්දියාවේ පාරවල් වලට පැමිනෙද්දී, දින ගනනක් යන තුරු ආන්ඩුව කිසිවක් කලේ නැත. පසුව වසා දැමීමේ පස් වන දිනයේ දී,  ඉන්දියානු ග්‍රාමීය ප්‍රදේශවලට කොරෝනාව ගෙන යාම වලකනු වස් සංක්‍රමනික වැඩකරන ජනතාව ප්‍රාන්ත සීමා තරනය කිරීම නවතා ලිය යුතු බවට හා තාවකාලික අවතැන් කඳවුරුවල ඔවුන් ගාල් කල යුතු බවටත් නියෝග  කලේ ය.

ආන්ඩුවේ නො හැකියාව සහ නො තැකීම පිලිබිඹු කරමින්, හාමතේ පෙලෙන බලාපොරොත්තු සුංවූ සංක්‍රමනික වැඩ කරන ජනතාවගේ නවතම ඡායාරූ සහ වීඩියෝපට නිකුත්  වීමත් සමග මෝදි, පසුගිය 29දා සිය මාසික ගුවන් විදුලි කථාවේ දී නරුම ලෙස සමාව අයැදීය. “විශේෂයෙන් ම දුප්පත් ජනතාව ඇතුලු ඔබ සියලු දෙනාගේ ජීවිත අපහසුතාවට පත්වන පරිදි මෙම දැඩි ක්‍රියාමාර්ග ගැනීම පිලිබඳ මා සමාව අයදිනවා.“ ඉන්දියානු අගමැති පැවසීය . “ඔබ සමහරෙක් මා සමග තරහ වන බව මා දන්නවා. නමුත් මේ සටන ජය ගැනීමට මෙම කටුක පියවර අත්‍යවශ්‍යයි“ යනුවෙන් ඔහු ප්‍රසිද්ධියේ බොරු කනගාටුවක්  පල කලේය.

කෙසේ නමුත් ඔහුගේ කථාවේ කැපී පෙනෙන අඩුවක් වූ, බොහෝකොටම සලාකය වැඩිකිරීමේ ස්වරූපයෙන්, සති හා මාස ගනනක අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහනවල සොච්චම් වැඩි කිරීම පිලිබඳව, මාර්තු 26දා  මුදල් ඇමති නිර්මලා සීතාරාමන් නිවේදනය කලාය.

සංක්‍රමනික කම්කරුවන්ට ප්‍රමානවත් සහන සහ පුනුරුත්ථාපන පහසුකම් ලබා දෙන ලෙසත් මෙය කොරෝනාවේ ව්‍යාප්තිය නැවත්වීමේ දී අත්‍යාවශ්‍ය කාරනයක් බවත් සඳහන් කරමින් අලක් ආලොක් ශ්‍රිවස්තවා සහ රශ්මි බන්සාල් යන නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සම් ගොනු කලේ මෙම තතු යටතේය.

31දා පැවැති නඩු විමසීමේ දී අගවිනිසුරු ශරාඩ් අර්වින්ද් බොබ්ඩේ ප්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම නිෂ්ප්‍රභා කරන ලදී. තමන්ට "මානුෂීයව" සලකන බව සහතික කරගැනීම පිලිබඳ සංක්‍රමනික කම්කරුවන්ගේ විශ්වාසය කෙරෙහි තැකීමක් නොකරන බව පෙන්නුම් කෙරෙන ආන්ඩුවකින් කරන නාමමාත්‍ර ඉල්ලීමක් ද මීට ඇතුලත්ය.

 

“ආන්ඩුව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීමට මෙම අවධියේ දී ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳ අප තෘප්තිමත්“ වන්නෙමු යයි බොබ්ඩේ  සහ ඔහුගේ සහචර විනිසුරු එල්. නාගේස්වර රාඕ පැවසීය.

ගුජරාට් සහ මහාරාශ්ට ප්‍රාන්තවලට අයත්  දිල්ලිය සහ සෙසු ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවලින් සංක්‍රමනික කම්කරුවන් සමූහ වශයෙන් නික්ම යාම, ඔවුන්ගේ සුභසාධන සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට ආන්ඩුවට නො හැකි වීමේ නොවැලැක්විය හැකි ප්‍රතිපලය නො ව එය හුදෙක් “වැරදි පුවත්“ ප්‍රචාරය කිරීමේ ප්‍රතිපලයක් බවට සොලිසිටර් ජෙනරාල් මෙහ්තා කල ප්‍රකාශයට විනිසුරුවන් තව දුරටත් සහය දුනි. 

සංක්‍රමනික කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය පිලිබඳ “වැරදි පුවත්“ වලට දොස්පැවරීමේ ආන්ඩුවේ අරමුන, හුදෙක් තම වගකීම්වලින් අතසෝදා ගැනීම පමනක් නො වේ. ශ්‍රිවස්තවා සහ බන්සාල් විසින්, බීජේපී ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් අතුගා දැමීමේ සහ හින්දු අධිපතිවාදය ප්‍රචාරනය කිරීමේ කටයුතුවලට උඩගෙඩි දෙන ඉන්දියාවේ ඉහලම උසාවිය වෙත ගොනු කෙරුනු හා  මහජන අවධානය යොමු වී තිබුනු, ශ්‍රේෂ්ඨාධිකරන නඩු විමසීම සොලිසිටර් ජෙනරල් විසින් යොදා ගත්තේ, ආන්ඩුවේ විවේචකයින් දුර්මුඛ කිරීම පිනිසය.  

මෝදි සහ ඔහුගේ ප්‍රධාන සහචර ස්වදේශ කටයුතු ඇමති අමිත් ශාහ් වෙනුවෙන් පෙනී සිටි මෙහ්තා ඉල්ලා සිටි පරිදි ම නො වූවත්, ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට දරුනු ප්‍රහාරයක් එල්ල වන අන්දමේ තීන්දුවක් ලබා දෙමින් උසාවිය විසින් එය ඉටු කරන ලදී.

“වසා දැමීම නිසා රැකියා අහිමි වූ කම්කරුවන් තමන්ගේ පැවැත්ම පිලිබඳ බියෙන් පසුවන බව අපට දැනගන්නට ලැබුනා.“ යි උසාවිය පැවසීය. සංක්‍රමනිකයන්ගේ සටන හදිසියේ ම පැන නැගීමට හේතුව සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වුනු කටකතා බවට මෙහ්තාගේ සැලසුම් කල ප්‍රකාශය පිලිගනිමින් අධිකරනය පැවසුවේ, "කලබලකාරී තත්වය නිර්මානය වුනේ, වසා දැමීම මාස 3කට වඩා පවතිව බවට ගෙන ගිය අසත්‍ය පුවත් නිසා “ බවය.  

විනිසුරුවන් පසුව, "මාධ්‍යයේ නිදහසට" පහරදීම යුක්තිසහගත කිරීම පිනිස සංක්‍රමනික කම්කරුවන්ගේ දුක්ගැනවිලි නරුම ලෙස උපයෝගී කර ගත්තේය. "එවන් ප්‍රවෘත්ති සත්‍යයයි විශ්වාස කරමින් ඒ් අනුව කටයුතු කල බියෙන් තැතිගත් එම සංක්‍රමනිකයන්ට ඒ් නිසා සිදුවුනේ කියා නිමකල නොහැකි පීඩාවකි. මෙහිදී සැබවින්ම සමහරෙකුට සිය ජීවිත පවා අහිමි විය. එබැවින් අපට, විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍යවල ව්‍යාජ ප්‍රවෘත්ති නිසා මතුවන තර්ජනය නොතකා හල නොහේ."

වසංගතය පිලිබඳ පුවත් පල කිරීමට පෙර මාධ්‍ය ආයතන ආන්ඩුවේ අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාවයේ මුවාවෙන් මෝදි ආන්ඩුව ගෙන ආ සෘජු මාධ්‍ය වාරන විධානය ප්‍රතික්ෂේප කරන අතර ම, උසාවිය තවත් කදිම වැඩක් කලේ ය.

වසංගතයේ තත්වය පිලිබඳ වර්ධනයන් ප්‍රසිද්ධ කිරීමේ ලා ආන්ඩුව විසින් පිහිටුවීමට යෙදුනු වෙබ් අඩවියේ ඇති “නිල“ තොරතුරු පමනක් මාධ්‍ය ආයතන මගින් භාවිතා කල යුතු ය යන ආන්ඩුවේ සැලැස්ම උසාවිය අනුමත කරන ලදී.

“මුද්‍රිත, විද්‍යුත් හෝ සමාජ මාධ්‍ය ජාල, කලබලකාරී තත්වයන් ඇතිවිය හැකි, තහවුරු නො කරන ලද පුවත් බෙදා නො හැරීමේ බලවත් වගකීමකින් කටයුතු කරාවි ය යි අප විශ්වාස කරන“ බව ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන කමිටුව  නිකුත් කල  නියෝගයේ සඳහන් විය.

“වසංගතය පිලිබඳ නිදහස් සාකච්ඡාවට මැදිහත් වීමට අපගේ කිසිදු අදහසක් නො මැති බව විනිසුරුවරු ප්‍රකාශ කර සිටිය ද ඔවුන් කලේ හරියටම ඒ් දෙයයි. "ඒහෙත් වර්ධනය පිලිබඳ නිල තොරතුරු පමනක් ප්‍රසිද්ධ කිරීමට මාධ්‍ය ආයතන  මෙහෙවීය.“ 

ඔවුහු, තම තීන්දුව තවදුරටත් සවිමත් කිරීමට,“කලබලකාරී වාතාවරනයකට තුඩු දිය හැකි ව්‍යසනයක් හෝ එවන් බරපතල තත්වයක් පිලිබඳ ව්‍යාජ අනතුරු ඇඟවීමක් “ ප්‍රචාරය කරන්නන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිලිබඳව සඳහන් වන, කොන්ග්‍රස් පක්ෂය විසින් මෙහෙයවුනු එක්සත් ප්‍රගතිශීලී පෙරමුනු ආන්ඩුව විසින් 2005 දී සම්මත කර ගැනුනු, ව්‍යසන කලමනාකරන පනතේ 54වන පරිච්ඡේදය හුවා දැක්වූහ.

කෙලින් ම නො වූවත්, ආන්ඩුවේ වාරන ඉල්ලීමට උසාවිය කොල එලිය දැල්වීම අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතුය: -කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නවතනු වස් මිනිසාගේ ගමන් බිමන් සීමා කිරීමේ අත්‍යාවශ්‍ය පියවර ගැනිීම තිබියදීම, පාලනයේ ඒකාධිපති ක්‍රමෝපායන් වර්ධනය කිරීම සඳහා මෝදි ආන්ඩුව සහ සමස්ථයක් ලෙස ඉන්දියානු ප්‍රභූ පැලැන්තිය මෙම වසංගතය ගසාකෑමට උත්සාහ කරයි. 

Loading