කොවිඩ්-19 සඳහා චීනයට දොස් නැඟීමට එක්සත් ජනපද ප්‍රචාරක ව්‍යාපාරය බොරු ගොතයි

මෙම ලිපිය 2020 අප්‍රේල් 24 දින ඉංග්‍රීසි බසින් පලවින.

කොවිඩ්-19 වසංගතයට චීනය වගකිව යුතු බවට කරන ප්‍රකාශය උලුප්පා දක්වමින් මෑත දිනවල ඇමරිකාවේ සහ යුරෝපයේ පාලක කවයන් ආක්‍රමනකාරී මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කර තිබේ. චීනය ඉලක්ක කර ගත් නඩු මාලාවක් සමඟ අත්වැල් බැඳගෙන, ඇමරිකාවට සහ එහි යුරෝපීය සහචරයින්ට ඩොලර් ට්‍රිලියන ගනනක් වන්දි ගෙවන ලෙස චීනයට බලකරමින්, දකුනු චීන මුහුදට එක්සත් ජනපද නාවික හමුදා බලඇනියක් අලුතින් යවා  ඇත.

වසංගතයේ පලමු කේන්ද්‍රස්ථානය වන චීනයේ වුහාන් හි වෛරස් විද්‍යාගාරයකින් කොවිඩ්-19 ඇති කරන වෛරසය පැන ගිය බවට මෙම තර්ජනාත්මක උද්ඝෝෂනයේ කේන්ද්‍රයෙන් නැඟෙන චෝදනා සනාථ කල නොහැකි ය. කොවිඩ්-19 යනු චීන විෂබීජ-යුද වැඩසටහන් වල නිෂ්පාදනයක් බවට සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය කටකතා ද මෙම උද්ඝෝෂනය මඟින් නීත්‍යානුකූල කරනු ලැබේ. ඇමරිකානු සහ  ප්‍රමුඛ ජාත්‍යන්තර විද්‍යාඥයින් පුන පුනා කරන ප්‍රකාශ හමුවේ මෙම ප්‍රචාර සියල්ලම පදනම් විරහිතය.

නීතිවිරෝධී ලෙස ආක්‍රමනය කිරීම සඳහා 2003 දී, කඩතුරාවක් ලෙස ඉරාකයේ “ජනඝාතක අවි” තිබෙන බවට 2002 දී එක්සත් ජනපදය ප්‍රචාරය කල බොරුව මෙන් ම මෙය ද නිර්ලජ්ජිත ය. වෛරසයේ ජානමය  අනු චීනය විසින් සිතියම් ගත කරනු ලැබ ජාත්‍යන්තර ජීව විද්‍යාඥයින්ගේ පරීක්ෂාවට ලක්වී ඇත. කලින් හඳුනාගෙන නොතිබුන එය , ස්වාභාවිකව ඇති වන කොරෝනා ව‍ෛරසයක් බව ඔවුන් තහවුරු කර ඇති අතර, වවුලන්ගෙන් සම්භවය වූ එය මීට පෙර කිසිදු විද්‍යාගාරයක පරීක්ෂාවට භාජනය වී නොතිබුනි.

කෙසේවෙතත්, කොවිඩ්-19 යනු  චීන කටයුතුවල දුෂ්ඨ ප්‍රතිපලයක් බවට කෙරෙන නිර්දය ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වෙමින් තිබේ. පසුගිය සති අන්තයේ දී, කොවිඩ් -19 රෝගීන් 730,000 ක් සහ මරන 39,000 ක් කරා එක්සත් ජනපදය  ලඟා වෙද්දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,   චීනය හිතාමතාම වසංගතය අවුලුවා ඇති බවට සැක පල කලේය: “පැතිර යාමට පෙර එය චීනය තුල නැවැත්විය  හැකිව තිබුන අතර එසේ නොවීය, මුලු ලෝකයම ඒ නිසා දුක් විඳිනවා. … එය වැරැද්දක් නම්, වැරැද්ද වැරද්දමයි. නමුත් ඔවුන් දැනුවත්ව වගකිව යුතු නම්, ඔව්, මම අදහස් කලේ, එවිට එහි ප්‍රතිවිපාක තිබිය යුතු බව විශ්වාස කරන බවයි. ”

වසංගතය සඳහා චීනය “දැනුවත්ව වගකිව යුතු ද” යන්න පිලිබඳ ට්‍රම්ප්ගේ සමපේක්ෂනය අනුගමනය කරමින් ඩිමොක්‍රටික් පක්ෂ මාධ්‍ය, චීනයට පහර දී වුහාන් විද්‍යාගාරවලට දොස් පැවරීය. “බොහෝ විශේෂඥයින් පවසන්නේ, චීනය හිතාමතාම වෛරසය ආයුධයක් ලෙස නිර්මානය කල බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි” යනුවෙන් වොෂිංටන් පෝස්ට් කතුවැකියක ලියා ඇති අතර, එවැනි ප්‍රකාශ “කුමන්ත්‍රන කතා” බව පිලිගනී. “බොහෝ” විශේෂඥයින් චීන විෂබීජ යුද්ධය පිලිබඳ කුමන්ත්‍රන න්‍යායන්ට විරුද්ධ බවට කරන ප්‍රකාශ නොමඟ යවන සුලුය, ඇත්ත වශයෙන්ම: සියලු විද්‍යා විශේෂඥයෝ, මෙම පදනම් විරහිත හා ගිනි අවුලුවන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරති.

 “වඩාත් සිත් සසල කරන පැහැදිලි කිරීමක් නම්, වවුලන්ගෙන් බෝවන වෛරස් පිලිබඳ පර්යේෂන සිදු කර ඇති වුහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් කොරෝනා වෛරසය නොදැනුවත්වම පැතිරී ඇත යන්නයි.  චීනය හෙලා දකිමින් පුවත්පත, “වංචාව, වසන් කිරීම සහ ඉතිහාසය නැවත ලිවීම යන චීන ආකෘතිය,  ගැටලුවේ කොටසක් මිස විසඳුම නොවේ” යනුවෙන් ලිවීය.

මෙම බොරු සියල්ලම පතුරවන්නේ, කොවිඩ්-19ට හේතුවූ  වෛරසය ගැන, ප්‍රමුඛ විද්‍යාත්මක ප්‍රකාශනවල ලිපි දුසිම් ගනනකින් විද්‍යාත්මක පැහැදිලි කිරීම් කර තිබෙන තත්වය හමුවේය. නේචර් සඟරාවෙහි “සාර්ස්-කොව්-2 හි ආසන්න සම්භවය” නමින් පලවූ එවන් ලිපියක, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ජීව විද්‍යාඥයින් කන්ඩායමක් මෙසේ ලියා ඇත: “ජානමය අනුවල දත්ත පිලිබඳ සංසන්දනාත්මක විශ්ලේෂනයකින්, සාර්ස්-කොව්-2 හි මූලාරම්භය ගැන පෙරාගත  හැකි දේ මෙහිදී අපි සමාලෝචනය කරමු. අපි සාර්ස්-කොව්-2 වෛරසයේ ජානමය අනුවල කැපී පෙනෙන ලක්ෂන පිලිබඳ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරන අතර ඒවා පැන නැගිය හැකි අවස්ථා සාකච්ඡා කරමු. අපගේ විශ්ලේෂනයන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, කොවිඩ්-19යනු රසායනාගාරවල නිර්මානයක් හෝ හිතාමතාම මෙහෙයවන වෛරසයක් නොවන බවයි.”

චීන විද්‍යාඥයින් විසින් මුලින්ම සපයන ලද වෛරසයේ ජානමය හා අභ්‍යන්තර ව්‍යුහය පිලිබඳ සවිස්තරාත්මක විශ්ලේෂනයක් මත පදනම්ව කතුවරුන් නිගමනය කලේ, සත්ව විද්‍යාත්මක හුවමාරුව (එනම්, සතුන් තුල ස්වභාවිකව බිහිවන වෛරසයක් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීම) සාර්ස්-කොව්-2   බිහිවීමට හේතු වූ බවයි. ඔවුන් මෙසේ ලිවීය, “ජානමය හැසිරවීමක් සිදු කර ඇත්නම්, බීටා කොරෝනා වෛරසවල  ඇති ප්‍රතිලෝම-ජාන පද්ධති කිහිපයෙන් එකක් භාවිතා කිරීමට ඉඩ තිබුනි. කෙසේ වෙතත්, ජානමය දත්ත ප්‍රතික්ෂේප කල නොහැකි ලෙස පෙන්නුම් කරන්නේ, සාර්ස්-කොව්-2  කලින් භාවිතා කල වෛරස් මූලාශ්‍රයකින් ලබා ගත් එකක් නොවන බවයි. ඒ වෙනුවට, අපි යෝජනා කරන්නේ සාර්ස්-කොව්-2   හි මූලාරම්භය ( “The proximal origin of SARS-CoV-2,”) පැහැදිලි කල හැකි අවස්ථා දෙකක්: 

(i) මිනිසාට ඇතුලුවීමට පෙර සත්ව ධාරකයා තුල සිදුවන ස්වභාවික වරනය.

(ii)  සත්ව ධාරකයාගෙන් මිනිසාට ඇතුලුවීමෙන් පසුව සිදුවන ස්වභාවික වරනය 

(i) natural selection in an animal host before zoonotic transfer; and (ii) natural selection in humans following zoonotic transfer.”)

වෙනත් සත්ව වාහකයන්ගෙන් මිනිසුන් වෙතට කඩාවැදුන නව, මාරාන්තික වෛරස් හදිසියේ පැතිරීම, චීන නිෂ්පාදනයක් නොව ප්‍රසිද්ධ ජාත්‍යන්තර සංසිද්ධියකි. සජීවී සත්ව වෙලඳපොලවලින් මිනිසුන්ට ආසාදනය වූ වවුල් වෛරසයකින් කොවිඩ්-19 මතුවීම සිහියට නංවන්නේ, 2002 දී චීනයේ පලමු සාර්ස් නියුමෝනියා වෛරසය මතුවීම යි. කෙසේ වෙතත්,  1981 දී අප්‍රිකාවෙන් මතුවූ, ඒඩ්ස් රෝගයට හේතු කාරක වූ එච්.අයි.වී වෛරසය හෝ මන්කිපොක්ස් යනුවෙන්  2003 දී එක්සත් ජනපදයේ දී හැඳින්වූ වෛරසය, එකම ස්වාභාවික සංසිද්ධිය සඳහා උදාහරන වන්නේය.

මීට පෙර හඳුනාගෙන නොතිබූ කොවිඩ්-19 වෛරසය හදිසියේම පැතිර යා හැකි ආකාරය ගැන, නව එංගලන්ත වෛද්‍ය සඟරාවේ ලිවූ එක්සත් ජනපද වෛද්‍යවරුන් කන්ඩායමක්,  “පැන්ඩෝරාගේ පෙට්ටියෙන් (සියලු දුර්විවිපාක ඇතිකරන) පැනගත් තවත් නව කොරෝනා වෛරසයක්” යන මාතෘකාව යටතේ විශ්ලේෂනය කරමින්, මෙම රෝග උපුටා දක්වා ඇත. 

“සාර්ස්-කොව්-2  බඳුනකින් එලියට ආවේ නැත” යයි ඔවුන් සඳහන් කලා. “ආර්එන්ඒ අනුපිලිවෙලින් වවුලන් තුල නිහඬව සංසරනය වන වෛරස් වලට සමීපව සමාන වන අතර, වවුලෙකුගෙන් ජනනයවූ වෛරසය, චීනයේ සජීවී සත්ව වෙලඳපොලවල විකුනන සත්ව විශේෂයන්ට ආසාදනය වී ඇති බව වසංගත තොරතුරු මඟින් ගම්‍ය වන්නේය. …

ආර්එන්ඒ ජානමය කොටස් “ජානමය වශයෙන් දෝෂ සහිත” වන මෙම වර්ගයේ වෛරසයට, ඉතා වේගයෙන් විකෘති වී හදිසියේම මිනිසුන්ට බෝ විය හැකි බව එය පැහැදිලි කලේය. (It explained that this type of virus, whose RNA genetic material is “genetically error-prone,” can mutate with great speed and suddenly become infectious in humans.) මානවයාගේ  ජානමය අනුවල එයින් සියයට 1 ක් පරිනාමය වීමට වසර මිලියන 8ක් ගත විය. බොහෝ සත්ව ආර්එන්ඒ වෛරස් සියයට 1 දින කිහිපයකින් පරිනාමය විය හැකිය. සත්ව වෛරස් මතුවීම අප වැඩි වැඩියෙන් දකින්නේ මන්දැයි වටහා ගැනීම අපහසු නැත. ”… (It took the genome of the human species 8 million years to evolve by 1 percent. Many animal RNA viruses can evolve by more than 1 percent in a matter of days. It is not difficult to understand why we increasingly see the emergence of zoonotic viruses.”)

එසේ වුවද, විද්‍යාත්මක සාක්ෂි කෙරෙහි පූර්න අවඥාවකින් යුතුව එක්සත් ජනපද මාධ්‍ය සහ නිලධාරීන්,  වුහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් (ඩබ්ලිව්අයිවී) වෛරසය පැතිර ඇති බවට සනාථ නොකල, නොපැහැදිලි ප්‍රකාශයන් ප්‍රවර්ධනය කරයි. මෙම ආයතනය 2015 දී ඇමරිකාවේ ටෙක්සාස් හි ගැල්වෙස්ටන් ජාතික රසායනාගාරය සහ ප්‍රන්සයේ ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂන ආයතනය (INSERM) සමඟ එක්ව පී 4 අධි ආරක්ෂිත විද්‍යාගාරයක් ලෙස, සංවර්ධනය කරන ලදී. ඒ බෙහෙවින්ම අනතුරුදායක රෝගකාරක වෛරස් පිලිබඳව පරියේෂන කිරීමටය. ඊට වඩා අඩු ජෛව ආරක්ෂන ශ්‍රේනියක් සහිත පී2 තවත් ජීව විද්‍යාත්මක පර්යේෂනාගාරයක් වුහාන් හි පිහිටුවා ඇත.

එක්සත් ජනපදයේ වෙලඳ සාකච්ඡාකරුවෙකු වන පීටර් නවරෝ කියා සිටියේ, වසංගතය පතුරවා ඇත්තේ චීනයේ ඩබ්ලිව්අයිවීය වීමට  බොහෝ දුරට ඉඩ ඇති බවයි.  සිය විද්‍යාගාරවල කොවිඩ්-19 වෛරසය නොමැති බව සනාථ කරන ලෙස ඔහු චීනයෙන් ඉල්ලා සිටියේය. “අප දන්නා දෙය නම්, මෙම වෛරසය ඇතිවීමට හේතු කාරකවූ භූමිය, එම පරීක්ෂනාගාරයේ සිට සැතපුම් කිහිපයක් ඇතුලත පිහිටා ඇති බවයි,” නවරෝ පැවසීය. " සරලම පැහැදිලි කිරීම වඩාත්ම ඔබින්නේය යන, ඔකාම්ගේ දැලිපිහි (අනවශ්‍ය තරම් තර්ක ගොඩනඟා නොගැනීම) ක්‍රමය ඔබ සරල ලෙස අනුගමනය කරන්නේ නම්, එය පතුරුවා හැරියේ තම පරියේෂනාගාරය නොවන බව ඔප්පු කිරීම චීනයේ යුතුකම යයි මම සිතමි."

චීනයට පහර දෙමින් සිය කතුවැකිය ප්‍රකාශයට පත් කිරීමට පෙර වොෂිංටන් පෝස්ට්, වුහාන් පරියේෂනාගාරය වෛරසය නිෂ්පාදනය නොකලේ නම්, අවම වශයෙන් වෛරසය කාන්දු වූ බව පිලිගැනීමට තිබුනා යයි සඳහන් කල ජොෂ් රොජින් විසින් රචිත තීරුවක් පලකර තිබුනි. “කොරෝනා වෛරස් කතාවේ මූලාරම්භය පිලිබඳ මූලික ප්‍රශ්නවලට පිලිතුරු දීම චීන ආන්ඩුව තවමත් ප්‍රතික්ෂේප කරන අතර, (වෛරසය) පරියේෂනාගාරයක් සමඟ සම්බන්ධ වී ඇත්දැයි සොයා බැලීමේ ඕනෑම උත්සාහයක් ද මැඩපවත්වයි” යනුවෙන් රොජින් කියා සිටියේ, නම් නොකල එක්සත් ජනපද ජාතික ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වමිනි: “මේ මොහොතේ, පරියේෂනාගාරයෙන් කාන්දුවූ බව කියන පැත්තේ ලෙජරය වෙඩි උන්ඩ තුඩු අමෝරාගෙන ඇතත්, අනෙක් පැත්තෙන් කිසිවක් නැත. ”

වොෂින්ටනය 2002 දී,  තමන් සතුව ජනඝාතක අවි නොතිබූ බව ඔප්පු කිරීමට නොහැකි තත්වයකට ඉරාකය පත් කලා සේම, එක්සත් ජනපද නිලධාරීන්, වසංගතය පැතිරීමට පෙරාතුව වෛරසය තම සන්තකයේ නොතිබුන බව ඔප්පු කල නොහැකි තත්වයකට චීනය පත්කරමින් සිටී. මෙම සන්දර්භය තුල, “ලෙජරය”  වෛරසය පිලිබඳ චීන වගකීම පෙන්වා දෙයි යන පෝස්ට්හි ප්‍රකාශය  ප්‍රතිගාමී වංචාවකි. යථාර්ථය නම්, වසංගතයට පෙර චීනය සතුව වෛරසය නොතිබිය හැකි හා නොතිබුන  බවට විද්‍යාත්මක සාක්ෂි වලින් අධික බරක් දමා තිබුනේය යන්නයි.

වසංගතයට පෙර, කොවිඩ්-19ට හේතු වූ සාර්ස්-කොව්-2 වෛරසයේ සාම්පල තමන් සතුව තිබූනේය යන චෝදනාව,  වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ (ඩබ්ලිව්අයිවී)  නිලධාරීන් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇතිවා පමනක් නොව, ජාත්‍යන්තර විද්‍යාඥයින්, ආයතනය සතුව වෛරසය තිබුන බවට කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කර තිබුනි. ඕස්ට්‍රේලියානු-නවසීලන්ත විද්‍යා ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන ස්කයිමෙක්ස්, සාර්ස්-කොව්-2 වෛරසයේ මූලාරම්භය පිලිබඳව සිඩ්නි විශ්ව විද්‍යාලයේ පරිනාමීය වෛරස් විද්‍යා මහාචාර්ය එඩ්වඩ් හෝම්ස් ද ඇතුලු ජීව විද්‍යාඥයින්ගෙන් අදහස් විමසා තිබුනි.

හෝම්ස් මෙසේ ලිවීය, “සාර්ස්-කොව්-2 සමීපතමයෙකු වන්නේ, රැට්ජී13 නම් වවුල් වෛරසයයි. එය වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ තබා ඇත. මෙම වෛරසය සාර්ස්-කොව්-2 හි ආරම්භය බවට පදනම් විරහිත අනුමාන පවතී. 

කෙසේ වෙතත්, (i) රැට්ජී13  සාම්පල  චීනයේ (යුනාන්) සිට කොවිඩ්-19 මුලින්ම සොයාගත් ස්ථානයට ගෙන යන ලදී;  (ii) සාර්ස්-කොව්-2 සහ  රැට්ජී13   අතර ජානමය අනුවල අපසරන මට්ටම පරිනාමීය වෙනසක සාමාන්‍ය වන අවුරුදු 50 (හා අවම වශයෙන් අවුරුදු 20) ට සමාන වේ. එබැවින් සාර්ස්-කොව්-2 රැට්ජී13 වෙතින් බෝවී ආ ඒවා නොවේ. ” (However, (i) RaTG13 was sampled from a different province of China (Yunnan) to where COVID-19 first appeared; and (ii) the level of genome sequence divergence between SARS-CoV-2 and RaTG13 is equivalent to an average of 50 years (and at least 20 years) of evolutionary change. Hence, SARS-CoV-2 was not derived from RaTG13.”)

වෙනත් වෛරස් රසායනාගාර ගසාකෑම මගින් සාර්ස්-කොව්-2 වෛරසය නිපදවිය හැකි බවට කරන ප්‍රකාශ විද්‍යාඥයින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට හේතුව ද නේචර් අධ්‍යයනයෙන් පැහැදිලි කලේය. 

මෙම වෛරසයේ සම්පූර්නයෙන්ම නව අංගයන් වෙත තමන් යොමු වූ බව කියන ඔවුන්, එයට බහු අවයවික ඉරිතැලීම් අඩවියක් සහ එහි මතුපිට O- සම්බන්ධිත ග්ලයිකන්ස් නම් අනු ද ඇතුලත් ය. වෛරසය භයානක දෙයක් බවට පත්කිරීමේදී මෙම ලක්ෂන ඉතා වැදගත් යැයි සැලකේ: ඒවා, වෛරසය ඒසීඊ2  ප්‍රතිග්‍රාහකින් සමඟ බැඳෙමින්  මිනිස් සෛල වලට විනිවිද යාමට ප්‍රතිශක්තිකරන පද්ධතිය මගින් හඳුනා ගැනීමෙන්  භාවිතා කරයි. විද්‍යාගාරයක් තුල තවත් වෛරසයක් හසුරවද්දී,  එවැනි ලක්ෂන මතු වීමට ඉඩක් නොමැති බව නේචර් ලිපිය අවධාරනය කරයි.

(It pointed to totally new features of this virus, including a polybasic cleavage site and molecules called O-linked glycans on its surface. These features are thought to be critical in making the virus dangerous: they protect the spike the virus uses to bind to ACE2 receptors and penetrate human cells from detection by the immune system. The Nature article stressed that it is highly unlikely that such features could have emerged while another virus was manipulated in a lab.)

ඔවුන් මෙසේ ලිවීය, “පටක රෝපනය හෝ සත්ව ඡේදය අනුව උපකල්පිත සාර්ස්-කොව්-2  පරම්පරාවේ වෛරසයක් පූර්ව හුදකලා කිරීමක් ඉල්ලා සිටිනු ඇත. පොලිබේසික් ක්ලිවේජ් සන්ධිස්ථානයක් පසුකාලීනව උත්පාදනය කිරීම සඳහා පටක රෝපනය හෝ මිනිසුන්ගේ ඒසීඊ 2 ප්‍රතිග්‍රාහක සහිත සතුන් තුල නැවත නැවත ගමන් කිරීම අවශ්‍ය වනු ඇත, නමුත් එවැනි කාර්යයන් මීට පෙර විස්තර කර නොමැත. අවසාන වශයෙන්, පුරෝකථනය කරන ලද ඕ-සම්බන්ධිත ග්ලයිකන් උත්පාදනය මඟින් සෛල පටය බිඳීයාම හේතුවෙන් සිදුවීමට ඉඩක් නැත. මන්දයත් එවැනි ලක්ෂන මඟින් ප්‍රතිශක්තිකරන පද්ධතියක මැදිහත්වීම පෙන්නුම් කරයි. ”

(They wrote, “a hypothetical generation of SARS-CoV-2 by cell culture or animal passage would have required prior isolation of a progenitor virus with very high genetic similarity, which has not been described. Subsequent generation of a polybasic cleavage site would have then required repeated passage in cell culture or animals with ACE2 receptors similar to those of humans, but such work has also not previously been described. Finally, the generation of the predicted O-linked glycans is also unlikely to have occurred due to cell-culture passage, as such features suggest the involvement of an immune system.”)

පැනනැඟිය යුතු ප්‍රශ්නය නම්, අධිරාජ්‍යවාදී පාලක පන්ති කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන්නේ මන්ද යන්නයි. එයින් ඇඟවෙන්නේ චීනය ලෝකයට වස දීමට උත්සාහ කල බවයි. එනමුත් පලමු ගොදුර බවට පත්වුනේ චීන නගරයක් වන වුහාන් ය.

වර්තමාන චීන විරෝධී ප්‍රචාරක ව්‍යාපාරය අවබෝධ කර ගැනීම සඳහා 14 වන සියවසේ යුරෝපයේ හටගත් ගෝලීය වසංගතය  සිහියට නඟා ගැනීම වටී. වෛරස් හා බැක්ටීරියා වල පැවැත්ම ගැන දැන නොසිටි  කාලයක, රෝගය තේරුම් ගැනීමට හෝ ඊට ප්‍රතිකාර කිරීමට නොහැකිව, වසංගතයට මුලුමනිම නිරාවරනය වීමෙන් ජනගහනයෙන් තුනෙන් එකක් මිය ගියේ ය. වසංගතය නිසා ජනතාව මුලුමනින්ම වසා ගත්තේ කම්පනය හා භීතියෙනි. යුදෙව්වන් ලිංවලට විෂ යෙදීම නිසා මෙම රෝගය පැතිර ඇති බවට කටකතා පැතිර යත්ම, ක්‍රිස්තියානි ජනතාව කැරලි ගැසීම, සංහාර සංවිධානය කිරීම සහ බටහිර යුරෝපයේ නගරවල යුදෙව් ජනගහනය සමූලඝාතනය කිරීමට පටන්ගත්හ.

නූතන විද්‍යාව හා තාක්‍ෂනයට සැබවින්ම විශ්මය ජනක බලයක් හා විභවයක් ඇත. ශතවර්ෂයකට අධික කාලයක් තුල සිදු වූ භයානකම වසංගතය මධ්‍යයේ වුව ද, මීට වසර 700 කට පෙර වසංගත වලට ගොදුරු වූවන් මුහුන දුන් තත්වයට වඩා සම්පූර්නයෙන්ම වෙනස් තත්වයකට මානව වර්ගයා මුහුන දෙයි. කොවිඩ්-19 වැනි කලින් නොදැන සිටි රෝග පවා ඇවිල ගොස් සති කිහිපයකින් ඒවායේ රෝග කාරක හඳුනා ගැනීමට,  පරීක්ෂා කිරීමට සහ ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ හෝ එන්නත් සොයා ගැනීමට හැකිය. රෝගියාගේ සම්බන්ධතා සොයා ගැනීමට, හුදෙකලා කිරීමට හා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට හැකි අතර, ආසාදන හා මරන අනුපාතය අඩු කල හැකි ය. ලෝකයේ වැඩ කරන ජනගහනයෙන් ඉතා සුළු කොටසකගේ ශ්‍රමයෙන්, ආහාර හා ඖෂධ  නිපදවීමටත් බෙදාහැරීමටත් හැකිය. එබැවින් ඩොලර් බිලියන ගනන් ඉතිරිකරගෙන ඒවායින් වසංගතය අවසන් කිරීමටත් පලදායී ප්‍රතිකාර ක්‍රම වැඩිදියුනු කිරීමටත් හැකිය.

මෙම ක්‍රමවේදයන් සම්පූර්නයෙන්ම භාවිතා කිරීමට නොහැකි වීමේ හේතුව ධනවාදයේ සමාජ පසුගාමීත්වයයි. දශක ගෙනනාවක කප්පාදුව නිසා රෝහල් සහ වෛද්‍ය පහසුකම් අඩපනව ඇති අතර, කොරෝනා වෛරස්  පිලිබඳ පර්යේෂන සඳහා යොදවන අරමුදල් කාබාසීනියා කර, කම්කරුවන්ගේ ජීවන තත්ත්වය කපාහැර, ඩොලර් ට්‍රිලියන ගනනක් ඇමරිකාවේ සහ යුරෝපයේ සුපිරි ධනවත් ප්‍රභූන්ගේ සාක්කුවලට යවා ඇත. ආන්ඩු, රෝග හඳුනාගැනීම හා නිරෝධායන ක්‍රියාමාර්ග වැඩිදියුනු කලේ හෝ  ප්‍රමානවත් පරිදි මුහුනු ආවරන සැපයීම හෝ කලේ නැත. ඒ වෙනුවට, ඇමරිකාවේ සහ යුරෝපයේ ඉතා කුඩා මූල්‍ය වංශාධිපති පැලැන්තියක් බැංකු හා ව්‍යාපාරික ඇපදීම් වලින් පොහොසත් වූ  අතර, කම්කරුවන් සහ කුඩා ව්‍යාපාරිකයින් මිලියන ගනනක් කොවිඩ්-19 භීතියට අමතරව, විරැකියාව, මූල්‍ය විනාශය සහ කුසගින්න හා සාගින්නෙන් පෙලෙති.

බිහිසුනු ලෙස මිනිස් බිලි සොයා යන අද පාලක පන්තිය උත්සාහ කරන්නේ, ජනතාව පසුගාමිත්වයට තල්ලු කිරීමට ය. විසිවන සියවස තුල යුරෝපයේ දේශපාලන යුදෙව් විරෝධී  ෆැසිස්ට්වාදීන්ගේ මූලෝපාය වුනේ, බිය සහ ජනවාර්ගික වෛරයට ආයාචනා කරමින් කම්කරු පන්තියේ විඥානයට වලකැපීමයි. සියලු සංකීර්න විද්‍යාත්මක ප්‍රශ්න සහ සමාජ ප්‍රතිවිරෝධතා එක් සරල, උමතු සහ මුලුමනින්ම අසත්‍ය සටන් පාඨයක් සමඟ වීසිකර දමනු ලැබේ: චීනයට තඩිබාන්න!

පාලක පන්තියේ චීන විරෝධී උද්ඝෝෂනයට, රෝගයට ප්‍රතිකාර කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නැත. වසංගතයට පෙර වසර ගනනාවක් තිස්සේ වොෂින්ටනය සහ එහි යුරෝපීය සහචරයෝ, වෙලඳ යුද්ධය සහ මිලිටරි වැටලීම් උත්සන්න කිරීමේ ප්‍රතිපත්තිය අඛන්ඩව පවත්වාගෙන යමින් චීනයට තර්ජනය කිරීම සඳහා කල යුතු සියල්ල කලෝය.

එක්සත් ජනපද නාවික හමුදාව දකුනු චීන මුහුදට මැදිහත්වීමත් සමග අධිරාජ්‍යවාදී පාලක ප්‍රභූන්,  මුලුමනින්ම සනාථ නොකල චෝදනා වෙනුවෙන් දැවැන්ත මූල්‍ය වන්දි චීනයෙන් ඉල්ලා සිටී. කොවිඩ්-19 පැතිරවීමේ චෝදනා මුල්කරගෙන ඩොලර් බිලියන ගනනක් වන්දි ඉල්ලා චීනයට එරෙහිව නඩුවක් දැනටමත් ෆ්ලොරිඩාවේ ගොනුකර ඇති අතර, එක්සත් ජනපද මිසෝරි ප්‍රාන්තය ද චීනයට එරෙහිව නඩු පවරන බව නිවේදනය කර තිබේ. බ්‍රිතාන්‍යයේ දක්ෂිනාංශික හෙන්රි ජැක්සන් සංගමයේ බුද්ධි මන්ඩලය විසින් වොෂිංටන් හා යුරෝපීය බලවතුන්ට වන්දි වශයෙන් ඩොලර් ට්‍රිලියන 6.3 ක් ගෙවන ලෙස චීනයෙන් ඉල්ලා සිටි අතර ජර්මානු පුවත්පතක් වන බිල්ඩ්, කොවිඩ්-19 ජර්මානු ආර්ථිකයට කල හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 127 සිට 382 දක්වා වන මුදලක් ගෙවන ලෙස චීනයට දන්වන මෙන් ඉල්ලා සිටියේය. .

එක්සත් ජනපද හා යුරෝපීය පුරවැසියන් සිය දහස් ගනනකගේ මරන වලට චීනය වගකිව යුතු බවට ගිනි අවුලුවන ප්‍රකාශයන් කරන අතරම, චීනය බංකොලොත් කරන දැවැන්ත මූල්‍ය වන්දි ඉල්ලා කරන හඬතැලීම් පිටුපස නිසැක දේශපාලන තර්කනයක් ඇත. ඉරාක යුද්ධයෙන් වසර 20 කට ආසන්න කාලයකට පසු අධිරාජ්‍යවාදී බලවතුන්, ඊටත් වඩා දැවැන්ත ව්‍යසනයක් කරා දෑස් පියාගෙන ලුහුටා යති: ලෝක ආර්ථිකයේ හදවතේම ඇති න්‍යෂ්ටික  බලවතෙක් වන චීනය සමඟ ගැටුම කරා.

චීනයට එරෙහි මෙම ප්‍රතිගාමී හා පදනම් විරහිත අධිරාජ්‍යවාදී ව්‍යාපාරය ප්‍රතික්ෂේප කිරීම ඇමරිකාවේ, යුරෝපයේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ට හා තරුනයින්ට තීරනාත්මක ය. ලොව පුරාවට යවා ඇති මිලියන ගනන්  මුහුනු ආවරන, ශ්වසන යන්ත‍්‍ර සහ වෙනත් ප්‍රධාන වෛද්‍ය උපකරන නිපදවීම සඳහා ශ්‍රමය වැය කල, කොවිඩ්-19 වසංගතය තුරන් කිරීම සඳහා දීර්ග හා කුරිරු අගුල් ලෑමකින් දඬුවම් විඳි චීන කම්කරුවන්, වෙනත් රටවල කම්කරුවන්ගේ සතුරන් නොවේ. අධිරාජ්‍යවාදී යුද්ධයට සහ වසංගතයට එරෙහි පොදු අරගලයකදී ඔවුන් අනෙකුත් කම්කරු පන්තියේ සහෝදර සහෝදරියන් ය.

චීනය හෙලා දකින ඇමරිකානු සහ යුරෝපීය නිලධාරීන් සහ මාධ්‍ය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් බොරුව පදනම් කරගෙන ජාතික වෛරය අවුලුවාලීමේ ෆැසිස්ට් ව්‍යාපාරයක වැරදිකරුවන් ලෙස නිරාවරනය වී සිටිති.

 

Loading