ඉදිරිදර්ශන

රෙම්ඩෙසිවිය’ “ප්‍රාතිහාර්ය ඖෂධයක්” ලෙස: විද්‍යාවට එරෙහිව වැඩට යාමේ ප්‍රචාරනය

මෙම ලිපිය මැයි 1වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන පරිදි, ජාතික සෞඛ්‍ය ආයතන(එන්අයිඑච්) විසින් අලුතින් නිකුත් කරන ලද රෙම්ඩෙසිවිය’(Remdesivir) නම් ඖෂධයේ මූලික ප්‍රතිඵල කොරෝනා  වෛරස් වසංගතය සුව කිරීම සඳහා “වැදගත් සොයා ගැනීමකි.” 

ඒ සමගම එය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් “පැහැදිලි පොරොන්දුවක්” (එම්එස්එන්බීසී පුවත්) ලබාදෙන “කොරෝනා වෛරස්  ඖෂධයක්” (සීඑන්එන් පුවත්) පිලිබඳ ශුභ ආරංචියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම අත්හදා බැලීමේ වලදී එක පෙලට ලබාදෙන “ධනාත්මක ප්‍රතිඵල” (නිව්යෝක් ටයිම්ස්) අනුව එය “කොරෝනා වෛරස් සුවපත් වීමේ කාලය” (ෆොක්ස් පුවත්) වේගවත් කල බවට වාර්තා ඇත.

සාමාන්‍ය තත්වයන් යටතේ, ජාතික සෞඛ්‍ය ආයතන විසින් වාර්තා කරන ලද ප්‍රතිඵල පර්යේෂකයන් විසින් උනන්දුවෙන් සටහන් කර ගනු ඇත්තේ,නව හා සංකීර්න වෛරස් සංසිද්ධියකට ඵලදායී ප්‍රතිචාරයක් සෙවීම සඳහා වන අඛන්ඩ හා දිග්ගැස්සුනු උත්සාහයක කොටසක් ලෙස  ය.

නමුත් මෙම “වැදගත් සොයා ගැනීම” පිලිබඳ මාධ්‍යවල ප්‍රසාදය සිදුවන්නේ වැඩට යාමේ උද්ඝෝෂනය නීත්‍යානුකූල කිරීමේ හා වෛරසය “පාලනය යටතේ” පවතින අතර  අර්බුදය මුලුමනින් ම අවසන් වී ඇති බවට හැඟීමක් ඇති කිරීම සඳහා වන වඩ වඩා උමතු උත්සාහයක් මධ්‍යයේ ය.

ඇට්ලන්ටා හි ගැලවීමේ හමුදාවේ හෙදියක් එන්නතක් ලබාදීමට සූදානමින් (ඒපී ඡායාරූපය / ඩේවිඩ් ගෝල්ඩ්මන්)

කොවිඩ් 19 සඳහා ඵලදායී ප්‍රතිචාරයක් සෙවීමේ ප්‍රයත්නයන් සඳහා කෙරෙන පර්යේෂන වැදගත් දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කල යුතු ය. නමුත් රෙම්ඩෙසිවිය’ පිලිබඳව කරන ප්‍රකාශයන් හා ඒවා ඉදිරිපත් කරනු ලබන අරමුන අතිශයින් ම සැක සහිත ය.

ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිලිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනි ෆෝසි, විද්‍යාත්මකව සලකාබැලෙන දේවල් සහ මහජන සෞඛ්‍යයේ අවශ්‍යතාවලට වඩා දේශපාලන පීඩනය මගින් මෙහෙයවෙන ප්‍රකාශ කරමින් සිටින්නේ යැයි කෙනෙකුට වැඩි වඩියෙන් හැඟී යා හැකිය. 

දන්නා දේ විෂය පථයට වඩා සීමිතය. එන්.අයි.එච් පුවත්පත් නිවේදනයට අනුව, වඩා දරුනු ශ්වසන රෝග ලක්ෂන ඇති COVID-19 රෝගීන්ගෙන්  රෙම්ඩෙසිවිය’ ඖෂධය ලබාදුන් රෝගීන් සුව වීමට ගතවූ මධ්‍යන්‍ය කාලය දින 11 ක් වූ අතර එය ඖෂධ නොවන ප්‍රතිකාර  (placebo)  ලබාගත් අයගේ දින 15 ට සාපේක්ෂව  31% ක වර්ධනයකි. තවදුරටත් පුවත්පත් නිවේදනය වාර්තා කලේ, ‍ප්‍රතිඵල සංඛ්‍යානමය වශයෙන් වැදගත් නැති බව  ෆෝසි සඳහන් කලත් ඖෂධය ලබා ගත් අයගේ මැරෙන අනුපාතය 11.6% සිට 8.0% දක්වා අඩු වූ බවයි.

ප්‍රතිඵල සංඛ්‍යානමය වශයෙන් වැදගත් වුව ද, එයින් අදහස් වනු ඇත්තේ බරපතල රෝගීන්ගෙන් බහුතරයකගේ ජීවිත බේරා ගැනීමට ඖෂධය සමත් නො වන බව යි.

රෙම්ඩෙසිවිය’ හි අනෙකුත් අත්හදා බැලීම් පිලිබඳව කිසිදු බැරෑරුම් සාකච්ඡාවක් නොමැති අතර, ඒ කිසිවක් වර්තමාන අධ්‍යයනයේ ඉදිරිපත් කර ඇති සාර්ථකත්වයට සමීප වී නොමැත. චීනයේ සායනික අත්හදා බැලීමේ ප්‍රතිඵල බදාදා ලැන්සෙට් නම් විද්‍යාත්මක සඟරාවේ  ප්‍රකාශයට පත් කරන ලද අතර, එදින ම එන්අයිඑච් අත්හදා බැලීමේ ප්‍රතිල නිකුත් කෙරුනි. ලැන්සෙට් අධ්‍යයනයෙන් රෝගියාගේ සුවවීමේ වේලාවන්හි සංඛ්‍යාත්මක ව සැලකිය යුතු අඩුවීමක් සොයා නො ගැනුනි. ඇත්ත වශයෙන්ම, ඖෂධ නොවන ප්‍රතිකාර ගන්නන්ට වඩා රෙම්ඩෙසිවිය’ ගන්නා රෝගීන් වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇත.

මෙම කරුනු නො සලකා හරිමින් ෆෝසි මෙසේ ප්‍රකාශ කලේ ය. “දත්ත මගින් පෙන්නුම් කරන්නේ සුවපත් කාලය අඩු කිරීමේ දී රෙම්ඩෙසිවිය’ ඖෂධයට පැහැදිලි හා කැපී පෙනෙන ධනාත්මක බලපෑමක් ඇති බවයි. ... අපි සිතන්නේ එය දැන් අපට [කොරෝනා  වෛරසයට] ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත යි යන කාරනයට දොර විවර කරමින් සිටින  බව යි. ”

මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ ට්‍රම්ප් පරිපාලනය විසින් ආපසු වැඩට යාම වේගවත් කරමින් සිටීම මධ්‍යයේ වන අතර, එහි දී වෛරසය “පැතිරීම මන්දගාමී කිරීම” සඳහා වන සීමිත ක්‍රියාමාර්ග පවා තුරන් කෙරෙනු ඇත. රටේ අඩකට ආසන්න සංඛ්‍යාවක හා සියලුම ප්‍රධාන කර්මාන්තවල ඉදිරියට යමින් තිබෙන ඔවුන්ගේ “ඇමරිකාව යලිත් විවෘත කිරීමේ සැලැස්ම” තවදුරටත් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා පැයකට වැඩි කාලයක් ප්‍රධාන කර්මාන්තවල විධායකයින් දුසිමක් සමග ඊයේ සාකච්ඡා කලේ ය.

රෙම්ඩෙසිවිය’ මෙම උද්ඝෝනය තුල ට විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට සැකයක් නැත. කම්කරුවන්ට නැවත කාර්යාල හා කර්මාන්තශාලා වෙත යාමට බල කිරීමේ තම උත්සාහයේ දී, ප්‍රධාන බැංකු හා සංගත වසංගතයට දස දහස්  ගනනක් නොව මිලියන ගනනකගේ ජීවිත අවදානමට ලක් කිරීමට ඇති කැමැත්ත දැනටමත් සංඥා කර තිබේ.

කිසි විටෙකත් සඳහන් නො කෙරුනු දෙය වන්නේ, රෙම්ඩෙසිවිය’ නැවත සේවයට පැමිනීමෙන් ඇතිවිය හැකි බලපෑම ‍යන්තමින් අවම කරනු ඇත යි යන කාරනය  පමනි. නිදසුනක් වශයෙන්, කම්කරුවන් නැවත කාර්යාල හා කර්මාන්තශාලා වෙත බලෙන් යවනු ලැබීමත් සමග, එක්සත් ජනපදයේ කොරෝනා වෛරස රෝගීන් සංඛ්‍යාව දහ ගුනයකින් වැඩි වන්නේ නම්, එන්අයිඑච් දත්ත වලට අනුව රෙම්සිඩෙසිවියර් විසින් උපරිම වශයෙන් බේරා ගනු ඇත්තේ ආසාදනය වී හෝ පලමුව මිය නොගිය අයගෙන් සුලු කොටසක් පමනි.

එපමනක් නො ව, කොවිඩ්19 සඳහා පිලියමක් හෝ එන්නතක් ඵලදායී බව ඔප්පු කරන වඩාත් ශුභවාදී තත්වයක් තුල වුව ද, එය ආර්ථිකය නැවත විවෘත කිරීම සඳහා තර්කයක් නො වේ. දැන් ප්‍රගතියක් ඇති කරමින් පවතින්නේ නම්, එහි තර්කය වනු ඇත්තේ වඩාත් දැඩි පරීක්ෂාව, සම්බන්ධතා සොයා ගැනීම හා ශාරීරික දුරස්ථභාවය යි. මන්ද යත්, ගනන් කල නො හැකි මිලියන සංඛ්‍යාත පිරිසක් කොරෝනා වෛරසයට නිරාවරනය වී අසනීප වීමට හෝ මිය යාමට ඉඩ තිබේ නම්, එය වඩාත් ඛේදජනක වනු ඇති බැවිනි. ඒ අතරම තමන්ගේ සේවා යෝජකයන් සුලුවෙන් හෝ ඉවසිලිවන්ත ව කටයුතු කලේ නම් ඔවුන්ට දුක් විඳීමට සිදු නොවනු ඇති බව ඔවුන් දැන ගනු ඇත.

එමෙන් ම සාර්ථක විය හැකි ප්‍රතිකාරයක් ඔවුන් ඉදිරියේ අඩමානව පවතිද්දී, ඇමරිකානු පාලක ප්‍රභූව කම්කරුවන් නැවත සේවයට යාමට බල කිරීම මුලුමනින් ම සාපරාධී ය.

ෆෝසි හා ඔහුගේ සහායිකා ඩෙබොරා බර්ක්ස්ට හුරුපුරුදු ඓතිහාසික උදාහරනයක් සඳහන් කරන්නේ නම්, 1980 ගනන්වල ඒඩ්ස් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිවෛරස් ඖෂධ නිපදවීම  සිදු වූයේ, රෝගය පැතිරීම වැලැක්වීම සඳහා “ආරක්ෂිත ලිංගික හැසිරීම්” හා වෙනත් ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම හා සමඟ එක් ව බව දැක්විය හැකිය. එන්නත් හා චිකිත්සක පර්යේෂන සිදුකරන බැවින් එන්නත් කටු හුවමාරු කර ගැනීම යෝග්‍ය බව හෝ උපත් පාලන කොපු භාවිතා නො කිරීම සුදුසු බවට කිසි විටෙකත් යෝජනාවක් නො තිබුනි.

මෙම කරුනු කිසිවක් වෝල් වීදිය විසින් මෙම නිවේදනය සැමරීමෙන් වලක්වා නැත. එන්අයිඑච් අත්හදා බැලිමේ ප්‍රතිඵල නිකුත් වූ දින දෙක තුල රෙම්ඩෙසිවිය’ නිපදවන ගිලීඩ්  සයන්සස් සමාගමේ කොටස් මිල සියයට 4 කින් ඉහල ගොස් ඇති අතර, අත්හදා බැලීම  ආරම්භ වූ දා සිට සියයට 20 කට වඩා වැඩි වී ඇත්තේ, ගනන් බැලූ පරිදි ඩොලර් බිලියන 20න් එහි කොටස් හිමියන්ගේ සාක්කු පුරවමිනි. පුවත්පත් නිවේදනය නිකුත් කෙරුනු දිනයේ ඩව් ජෝන්ස් සමස්තයක් ලෙස ඒකක 500කින් ඉහල ගියේ ය.

රෙම්ඩෙසිවියර් අත්හදා බැලීමට ඇමරිකානු පාලක ප්‍රභූව විසින් දක්වන ලද ප්‍රතිචාරයේ හරය මෙයින් නිර්මිතය. වසංගතය උග්‍ර වෙද්දී පවා, ඖෂධය විකිනීමෙන් මෙන්ම එය ඇමරිකානු ජනතාවට නැවත වැඩට යාමට බල කිරීම සඳහා හාම්පුතුන්ට හා ආන්ඩුවට විද්‍යාත්මක කඩතුරාවක් ලෙස යොදාගැනීමෙන්ද මුදල් ඉපයීමට හැකි විය යුතුය.

Loading