කොවිඩ් 19 වසංගතය ඉන්දියාව පුරා පැතිර යද්දී මෝඩී අගුලු දැමීමේ සීමා ලිහිල් කරයි.

මෙම ලිපිය මැයි 8 වනදා ඉංග්‍රීසි බසින් පලවිය

මහා පරිමාන ව්‍යාපාර මත වාරු වී  සිටින ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව කොවිඩ්-19 ආසාදිතයින් ගනන ඉහල යමින් තිබියදීත්  ආර්ථිකය “නැවත විවෘත කිරීමට” බල කරමින් සිටින අතර එමඟින් කම්කරු පන්තිය සූරා කෑම පූර්න ලෙස වේගයෙන් ආරම්භ කිරීමට ඉඩ සලසා ඇත.

මැයි 3 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ ඉන්දියාවේ දින 40 ක අගුලු දැමීම මැයි 17 දක්වා තවත් සති දෙකක කාලයක් දීර්ඝ කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැයි 1 දා නිවේදනය කලේය. කෙසේ වෙතත්, වානිජ හා කර්මාන්ත බොහොමයක් නැවත ආරම්භ කිරීමට ඉඩ සැලසෙන පරිදි රටේ වැඩි ප්‍රදේශයක, තව දුරටත් “සීමා ලිහිල් කිරීමක්” කරන බවට ඔහු  පැවසීය. මෝදි තම පොරොන්දු වූ “ක්‍රමයෙන් ලිහිල් කිරීම” යුක්ති සහගත කලේ රැකියා සහ සියලු ආදායම් අහිමි වී ඇති මිලියන ගනනක් වූ ඉන්දියාවේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ දුක්ඛිත භාවය පතමින් සහ වසංගතය පැතිරීම සීමාකර ගැනීමේදී අගුලු ලෑම සාර්ථක වී ඇති බව උලුප්පා දක්වමිනි.

යථාර්ථය නම්, තත්වය අනතුරුදායක බවය. කොවිඩ්-19 රෝගීන් සහ මරන සමස්තයක් ලෙස ඉහල යමින් පවතින අතර, මුම්බායි හි මුඩුක්කු ඇතුලු ප්‍රධාන දේශීය පැතිරීම් ගනනාවක් ඇති අතර,රටේ ජනාකීර්න මුඩුක්කු සහ එහි මහජන සෞඛ්‍ය පද්ධතියේ දුර්වලතාව හේතුවෙන් ඒවායින් ඕනෑම එකක වේගයෙන් විනාශකාරී ජීවිත හානි සිදුවිය හැකිය.

විවිධ දිස්ත්‍රික්කවලින් අතරමංව සිටින සිසුන් වන අඟහරුවාදා ඉන්දියාවේ ප්‍රයග්රාජ් හි පිහිටි සිය ගම්බිම් කරා ගමන් කිරීම සඳහා බලා සිටිති, 2020 අප්‍රේල් 28(ඒපී පොටෝ/ රාජේෂ් කුමාර් සිං)

මැයි 1 සිට 6 දක්වා කාලය තුල කොවිඩ්-19 රෝගීන් 15,000 කට වඩා වැඩි වී ඇති අතර එය 37,257 සිට 52,987 දක්වා ඉහල ගොස් ඇති අතර මරන 1,223 සිට 1,785 දක්වා සියයට 45 කින් ඉහල ගොස් තිබේ.

වසංගතයේ ආරම්භයේ සිටම ඉන්දියාව විසින් කොවිඩ්-19 පරීක්ෂන දැඩි ලෙස නොසලකා හැර ඇති හෙයින් මෙම සංඛ්‍යා, අධික ලෙස බෝවන වෛරසයේ සත්‍ය ව්‍යාප්තිය බරපතල ලෙස අවතක්සේරුවකි. බිලියන 1.37 ක ජනගහනයක් සිටින රටක ඉන්දියාව විසින් පරීක්ෂන මිලියනයකට වඩා අඩු ප්‍රමානයක් පවත්වා ඇත.  ස්ටැටිස්ටා.කොම් වෙබ් අඩවියට අනුව, ඉන්දියාව ඊයේ වන විට සිදු කර ඇත්තේ, වැසියන් මිලියනයකට පරීක්ෂන 984 ක් පමනක් වන අතර, අනෙක් වෛරස ආසාදිතයින් පනස්දහස ඉක්මවූ සියලුම රටවල් විසින්  කරනු ලබන ඒක පුද්ගල පරීක්ෂන සමග සැසඳූ කල එය ඉතා කුඩා අගයකි.  ඒක පුද්ගල අනුපාතය අනුව තුර්කිය ඉන්දියාවට වඩා 14 ගුනයක්, එක්සත් ජනපදය 24 වතාවකට වඩා හා ජර්මනියට 32 වතාවක් පරීක්ෂන පවත්වා තිබේ.

ඉන්දියාවේ ධනය පාලනය කරන ධනවත් හා සුපිරි ධනවතුන්ගේ කුඩා ස්ථරයේ වත්කම් වලින් පටන් ගෙන ආර්ථිකය නැවත විවෘත කිරීමට ආන්ඩුව ගෙන ඇති තල්ලුව, අගුලු දැමීමේදී වැඩකරන ජනතාවට අත්‍යවශ්‍ය දෑ සැපයීමට නොහැකි වීම සහ රටේ සෞඛ්‍යය ශක්තිමත් කිරීම  යන සියල්ල ආසාදන හා මරනවල වර්තමාන නැගීම ඛේදජනක ලෙස අයිස් කුට්ටියේ  මුදුන් කොටස පමනක් බව සහතික කරයි.

නව අගුලු දැමීමේ අවධියට අනුව ප්‍රාන්ත අතර ගුවන් ගමන්, දුම්රිය, බස් සහ නාගරික උමං මාර්ග පද්ධති යලි ක්‍රියාත්මක කෙරේ. අධ්‍යාපන ආයතන තවදුරටත් වසා තැබේ.

ආර්ථිකය “යලි විවෘත කිරීමේ” කොටසක් ලෙස ආන්ඩුව රටේ දිස්ත්‍රික්ක 733 ඒවා වෛරසයට නිරාවරනය වී ඇති පරිමානය අනුව කලාප තුනකට බෙදා ඇත.

දිස්ත්‍රික්ක 130 ක් ඒවායේ කොවිඩ් 19 ආසාදනය වීමේ ඉහල සීඝ්‍රතාව හේතුවෙන් “හොට්ස්පොට්” හෝ “රතු කලාපයේ” කොටස්  ලෙස නම් කර ඇත

ආන්ඩුව පවසන පරිදි තැඹිලි කලාපයට “දෙසතියක් තුල ආසාදිතයින් වාර්තා නොවූ” දිස්ත්‍රික්ක 284 ක් අඩංගු වේ. කෙසේ වෙතත් අඩු පරීක්ෂන මට්ටමක් යටතේ මෙම පකාශ වල නිරවද්යතාව සැක සහිතය.

“දින 21 තුල නව කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා නොවූ” දිස්ත්‍රික්ක 319 ක් “කොල පැහැ කලාපය” ට ඇතුල් කෙරිනි.

තැඹිලි සහ කොල කලාප වල ටැක්සි සහ රික්ශෝ ගමනාගමනය සීයට පනහක ප්‍රතිශතයකින් සිදු කිරීමට ඉඩ දී ඇති අතර, රතු ප්‍රදේශ වල එය සම්පූර්නයෙන්ම තහනම් ය.

කෙසේ වෙතත්,රතු කලාපයේ පවා, කර්මාන්ත බොහොමයකට, විශේශයෙන් වැදගත් අපනයනකරුවන්ට දැනටමත් ක්‍රියාත්මක වීමට අවසර දී ඇත.  අගුලු දැමීමෙන් නිදහස් කර ඇති අය අතර විශේශ ආර්ථික කලාපවල සමාගම්, කාර්මික වතු / නගර, තොරතුරු තාක්ශන දෘඩාංග නිශ්පාදකයින්, ජූට් කර්මාන්තය සහ ඇසුරුම් ද්‍රව්‍ය නිශ්පාදකයින් ඇතුලත් වේ.

දැඩි සමාජ දුරස්ථභාවය සහ වෙනත් “ආරක්ශක මාර්ගෝපදේශ” අනුගමනය කරන සේවා යෝජකයන්ට පමනක් කියාත්මක වීමට අවසර ඇති බව ආන්ඩුවේ ප්‍රකාශයෝ පවසති.  එහෙත් ඉන්දියාවේ හාම්පුතුන්, මධ්‍යම හා ප්‍රාන්ත රජයේ පූර්න අනුග්‍රහය ඇතිව, වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ශක රෙගුලාසි නොසලකා හැරීම ගැන කුප්‍රකට ය.

ආයතනික ප්‍රභූව කම්කරුවන්ගේ ජීවිතවලට වඩා ලාභයට ප්‍රමුඛතාවය දෙන ආකාරය පෙන්වන්නේ ඉන්දියාවේ “සාමාන්‍ය කාලවලදී” පවා කාර්මික අනතුරු සහ සේවා ස්ථාන මරන විශාල සංඛ්‍යාවක් වාර්තා වීමයි. ඉන්දියානු තාක්ෂන ආයතනයේ (අයිඅයිටී) අධ්‍යයනයකට අනුව හෙලිදරව් වී ඇත්තේ සෑම වසරකම පුද්ගලයින් 48,000 ක් පමන රැකියා කටයුතු වලදී මියයන බවයි.

ඊයේ ආන්ද්‍රා ප්‍රදේශ් හි කාර්මික මධ්‍යස්ථානයක් වන විශාකාපට්නම් හී රසායනික කම්හලක වායුවක් නිකුත් වීම හේතුවෙන් එකොලොස් දෙනෙක් මියගිය අතර 350 දෙනෙක් රෝහල් ගතා කෙරිනි .මෙම කම්හල අගුලු දැමීමෙන් අනතුරුව නිශ්පාදනය යලි ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක නිරත වී සිටියේය.

ඉරිදා මෝදි "කොරෝනා රනශූරයන්" ලෙස හැඳින්වූ පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින්ට සුබ පැතුම් හා ආචාර එක් කලේය.  පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) හිඟකම හේතුවෙන් වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සිය ගනනක් අසනීප වී ඇති අතර උපකරන හා සේවකයන් හිඟකම හේතුවෙන් රෝහල් අක්‍රීය වී ඇත. මෝදි කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන විවිධ රාජ්‍ය අගනගර වල රෝහල් වලට මල් පෙති ඉසීමටඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක සහ ප්‍රවාහන ජෙට් යානා  යවා ඇත.  

අගුලු දැමීමේදී කුසගිනි-සලාක සහන ලබා දී ඇති මිලියන සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවන්ට සහ අනෙකුත් දෛනික කම්කරුවන්ට නිර්දය ලෙස සැලකීම මගින් කම්කරුවන් සහ පීඩිතයන් සම්බන්ධයෙන් ආන්ඩුවේ ආකල්පය ප්‍රදර්ශනය කරයි.

පොලීසිය විසින් ජනාකීර්න, තාවකාලික අභ්‍යන්තර සරනාගත කඳවුරුවලට ගෙන යාමට පෙර, මිලියන සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවන්, රැකියා විරහිතයන් සහ බොහෝ විට නිවාස නොමැති අය, රජයේ දෝශ සහගත ලෙස පැනවූ මාර්තු 24 වන දින ලොක්ඩවුන් නිවේදනයෙන් අනතුරුව කිලෝමීටර් සිය ගනනක් පයින් සිය ගම්මාන වෙත ආපසු යාමට උත්සාහ කලහ.  

අප්‍රේල් දෙවනදා පොලීසිය විසින් සිමෙන්ති මික්සර් ට්‍රක් රථයක නාසික් සිට ලක්නව් දක්වා ගමන් කරමින් සිටි සංක්‍රමනික කම්කරුවන් 14 දෙනෙක් සොයා ගන්නා ලදී. කම්කරුවන් මික්සරය තුල රැඳී සිටින ආකාරය දැක්වෙන  කම්පනකාරී වීඩියෝවක් ඉක්මනින් ව්‍යාප්ත වූ අතර එහිදී පොලීසිය සැක කටයුතු නිසා වාහනය නැවැත්වීමෙන් අනතුරුව බෑග් සහ ඔවුන්ගේ බඩු බාහිරාදිය පපුවලට අල්ලාගෙන සිටිනු දක්නට ලැබිනි.

සති දෙකකටත් අඩු කාලයකදී ආහාර සඳහා අයිතිය ව්‍යාපාරය වාර්තා කලේ කුසගින්න, වෙහෙස, රාජ්‍ය ප්‍රචන්ඩත්වය, සියලු ආදායම් අහිමිවීම නිසා ඇති වූ සියදිවි නසාගැනීම් සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමට ඇති නොහැකියාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 270 ක් මේ වන විටත් මිය ගොස් ඇති බවයි.

මිලියන සංඛ්‍යාත සක්‍රමනික කම්කරුවන් මේ වන විට සිය මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට මුදල් සහ සම්පත් නොමැතිව නිවාස වලින් කිලෝමීටර් සිය ගනනක් ඈතින් පිහිටි ජනාකීර්න කඳවුරුවල සිරවී සිටිති.

අපිරිසිදු හා අගුලු දැමූ කඳවුරු ඉන්දියාවේ කුප්‍රකට බන්ධනාගාරවලට සමාන වන අතර ආරක්ශක නිලධාරීන් සංක්‍රමනික සේවකයන්ට හිරිහැර කරති. රාජ්‍ය බලධාරීන් බොහෝ දුරට ඔවුන්ට ආහාර ලබා දීම  රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් පුන්‍යායතනවලට භාර දී සිටිති.

සංක්‍රමනික කම්කරුවන්ගේ දැඩි විරෝධයට මුහුන දෙමින් භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව මැයි 1 දින නිවේදනය කලේ කම්කරුවන් නිවෙස් කරා ප්‍රවාහනය කිරීමට දුම්රිය පහසුකම් සපයන බවයි.  කෙසේ වෙතත්, බොහෝ විට කම්කරුවන්ට තමන්ගේම ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ඉතා ඉක්මනින් මතු දැනුම් දුන් අතර එය බොහෝ දෙනෙකුට කල නොහැක්කකි. උදාහරනයකට ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) විසින් මෙහෙයවනු ලබන කේරල ප්‍රාන්තයේ ප්‍රාන්ත ආන්ඩුව දුප්පත් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ජාර්කන්ඩ් වෙත ප්‍රවාහනය කිරීමට   රුපියල් 875 ක මූලික ගාස්තුවක් ගෙවන ලෙස දැනුම් දුන් බව ඉන්දියා ටුඩේ පුවත්පත වාර්තා කලේය.

ගෙදර යාම ඔවුන්ගේ දුක්ඛිත තත්වය අවසන් නොකරනු ඇත.  සංක්‍රමනික කම්කරුවන් 16,863 දෙනෙකුගේ ආපදා ඇමතුම් මත පදනම්ව ස්වේච්ඡා කන්ඩායමක් වන ස්ට්‍රැන්ඩඩ් වර්කර්ස් ඇක්ෂන් නෙට්වර්ක් (ස්වැන්) විසින් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව සියයට 64 ක් සතුව ඇත්තේ රුපියල් 100 ට වඩා අඩු (ඇමරිකානු ඩොලර් 1.30 ක් පමන) බවයි.  ස්වයං රැකියාවල නියුතු අයගෙන් සියයට 99 ක් අගුලු දැමීමේ කාලය තුල තමන්ට ආදායම් නොමැති බව සඳහන් කල අතර වැටුප් සඳහා වැඩ කල අයගෙන් සියයට 78 ක් කිසිදු වැටුපක් නොලැබුනු බව පවසා ඇත.

Loading