ඉදිරිදර්ශන

ආපසු වැඩට යාමේ තල්ලුව ගිනිය නො හැකි දහස් ගනනක් අවදානමට ඇද දමයි

මෙම ලිපිය මැයි 18 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

මෙම සතිය ගෝලීය කොරෝනා  වෛරස් වසංගතයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. වෙනත් ඕනෑම රටකට වඩා වැඩි ආසාදන හා මරන ඇති රටක් වන එක්සත් ජනපදයේ, ට්‍රම්ප් පරිපාලනය හා ආසන්න වශයන් සෑම ප්‍රාන්ත ආන්ඩුවක් ම පාහේ ප්‍රධාන කර්මාන්තශාලා හා වෙනත් සේවා ස්ථාන නැවත විවෘත කිරීමට හා  ආර්ථිකය පුලුල් ලෙස නැවත විවෘත කිරීමට බලය ලබා දී ඇත.

මෙම ප්‍රතිපත්තිය විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත. කොරෝනා  වෛරසය අතිශයින් ම බෝවන අතර ඉතා කුඩා අංශු ලෙස වාතය හරහා හෝ මතුපිට වල තැවරීමෙන් හෝ පැතිරෙයි. ට්‍රම්ප් පරිපාලනය හා මාධ්‍ය විසින් දිරිගන්වනු ලදුව, පොදු ස්ථානවල මහජනයා එක්වීමේ දර්ශන මතුවීමට පටන් ගෙන තිබේ. ප්‍රතිවිපාක තේරුම් නොගෙන පුද්ගලයන් කාර්යයන්හි නිරත වන අතර, ඔවුන් පසුව එයට පසුතැවෙනු ඇත.

අකාලයේ නැවත වැඩට පැමිනීමට කොවිඩ්-19 විශාල ලෙස පුනර්ජීවනය වීමේ අවදානමක් ඇති බව රජයේ ඉහල පෙලේ විද්‍යාඥයින් වන ඇන්තනි ෆෝසි හා රික් බ්‍රයිට් කොංග්‍රසයට පැවසීමෙන් යන්තම් දිනකට පසු, එක්සත් ජනපද මෝටර්රථ කම්කරුවෝ  දසදහස් ගනනක් අද  සගයන්ගෙන් පිරුනු කම්හල්වලට ආපසු එනු ඇත.

මිචිගන්. වොරන් හි පිහිටි ෆියට් ක්‍රයිස්ලර් කම්හලේ සේවා මුරයකින් මොටර්රථ කම්කරුවන් නික්ම යෑම (AP Photo/Carlos Osorio)

ලෝක ජනගහනයෙන් යන්තම් සියයට 4ක් සිටින එක්සත් ජනපදයේ, ලෝකයේ රෝගීන්ගෙන් සියයට 32ක් හා ලෝකයේ මරන වලින් සියයට 29 ක් ඇත. එලඹෙන සතියේ එක්සත් ජනපදයේ මරන සංඛ්‍යාව, ඒ වන විට 91,000 ඉක්මවා යමින් 100,000 දක්වා ලඟා වනු ඇත. මුලුු රෝගීන් සංඛ්‍යාව දැනටමත් මිලියන 1.5 ඉක්මවා ඇත. වෛරසයේ දීර්ඝ බීජෝෂන කාලය නිසා සැබෑ බලපෑම මතු වනු ඇත්තේ මාසය අවසානයේ දී ය.

පාලක පන්තියේ සාපරාධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන්නේ, කොරෝනා  වෛරසයේ ස්වභාවය පිලිබඳව බොහෝ දේ නො දැන තිබෙන අවස්ථාවේ දී ම ය. රෝගයෙන් සුවපත් වී යලි නැවට පැමිනියාට පසු, යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් නෞකාවේ සිටි නැවියන් 13 දෙනෙකු දෙවන වරටත් කොවිඩ්-19ට ගොදුරුවී ඇති බව, ඉතා බිය ගෙනදෙන වාර්තාවක් තුල, හෙලිදරව් කෙරී ඇත. කොරෝනා  වෛරසයෙන් දිවි ගලවා ගැනීම දිගු කාලීන ප්‍රතිශක්තියක් ලබා දෙන්නේ ද යන්න මෙයින් ප්‍රශ්නයට ලක්  කෙරේ.

මේ වන විටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අය පරීක්‍ෂා කිරීම, හුදකලා කිරීම හා ප්‍රතිකාර කිරීමේ විශ්වීය ක්‍රමවේදයකින් තොර ව කම්කරුවන්ට නැවත වැඩ කිරීමට බල කෙරෙයි. එබැවින් සෑම සේවා ස්ථානයකට ම වසංගතයේ නව පිපිරුමක නව කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ හැකියාව ඇත.

සමාජ දුරස්ථභාවය හා අගුලු දැමීමේ නියෝග නොමැති වී නම් “අප්‍රේල් මාසය අවසන් වන විට එක්සත් ජනපදයේ තවත් මිලියන 10ක පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමට ඉඩ තිබූ” බව “ හෙල්ත් ඇෆයාස්” (Health Affairs) සඟරාවේ පල වූ නව ලිපියක් ඇස්තමේන්තු කරයි. එවැනි සංඛ්‍යාවක්, මාසයෙන් මසයට ඝාතීය ලෙස වැඩි වීම, මෙම ආරක්ෂක පියවරයන් අවසන් කිරීම සම්බන්ධයෙන් පෙර තබා කිව හැකි ප්‍රතිඵලය යි.

ට්‍රම්ප්ගේ පුරාජේරු පැත්තක තිබියදී, නැවත විවෘත කිරීම සිදු වන්නේ කොරෝනා  වෛරස් වසංගතය පරාජය කර හෝ අඩුම ගානේ මැඩපවත්වා ඇති නිසා නො වේ. කර්මාන්තශාලා සහ සේවා ස්ථාන නැවත විවෘත කරමින් තිබෙන්නේ, කම්කරුවන් නැවත වැඩට පැමින අතිරික්ත වටිනාකම හා ලාභ උත්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කල යුතු යැයි සංගත අයිතිකරුවන් ඉල්ලා සිටින බැවිනි. 

වෝල් වීදියේ පවතින කුරිරු මානසිකත්වය දැන ගැනීමට කැමති ඕනෑ ම කෙනෙකුට ආයෝජන බැංකුකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා මත පදනම් වැනිටි ෆෙයාර් (Vanity Fair ) හි පල කෙරුනු විලියම් කොහාන්ගේ මෙම සතියේ වාර්තාව විමසා බැලිය හැකිය. සිරස්තලය  දැනුම් දෙන්නේ වෝල් වීදියේ එක් පදිංචිකරුවෙකුගේ අදහස යි: “මිනිසුන් මැරෙනු ඇත. මිනිස්සු මැරෙනවා. ”

වසංගතයේ බලපෑම බැහැර කිරීම සඳහා මෙම බැංකුකරුම මූල්‍ය වෙලඳපොල ප්‍රලාපයක් භාවිතා කලේ ය. “අවම පුද්ගලයින් සංඛ්‍යාවක් සඳහා අපට රට වසා දැමිය නොහැක” යැයි ඔහු පැවසීය. “මෙය 100% මරන අනුපාතයක් නො වේ. එය පදනම් ඒකක වල සංඛ්‍යාවකි. ”

ඔවුන් දස දහස් ගනනකගේ මරන ගැන කතා කරන්නේ, මූල්‍ය කවයන් තුල පොලී අනුපාතවල චලනය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා භාවිතා වන පදයක් වන “පදනම් ඒකක” යොදා ගනිමිනි.

එය එසේ යැයි හැඳින් විය හැකි නම්, පෙරටත් වඩා අශිෂ්ට චින්තනය, ට්‍රම්ප් කල්ලිය පුරා පැතිරෙයි. ට්‍රම්ප්ගේ පුත් එරික් සමාජ දුරස්ථභාවය ඩිමොක්‍රටික් පක්ෂ කුමන්ත්‍රනයක් ලෙස බැහැර කලේ, එය තම පියාගේ නැවත තේරී පත්වීමේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට අදහස් කල බව, සෙනසුරාදා ෆොක්ස් නිව්ස් වෙත පවසමිනි.  “ඔවුන් සිතන්නේ තමන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ශ්‍රේෂ්ඨතම මෙවලම, ඒ කියන්නේ රංඟ භූමියකට ගොස්  එය හැම විටම මිනිසුන් 50,000ක් පිරවීම උදුරා ගනිමින් සිටින බවයි” ඔහු පැවසී ය. “ඔබ බලා සිටින්න, ” ඔහු තවදුරටත් පැවසී ය, “අද සිට නොවැම්බර් 3 දක්වා සෑම දිනක ම ඔවුන් එය පෝෂනය කරනු ඇති. නොවැම්බර් 3 න් පසු කොරෝනා  වෛරසයට කුමක් වනු ඇත්දැයි අනුමාන කරන්න, හදිසියේම ඉවත්ව ගොස් අතුරුදහන් වනු ඇත, එවිට සෑම කෙනෙකුටම නැවත විවෘත කල හැකි වනු ඇත. ”

ඇමරිකානු ආන්ඩුව එහි ජනතාව සමඟ යුද්ධයක නියලී සිටී. ට්‍රම්ප් පරිපාලනය මෙම උද්ඝෝෂනයට නායකත්වය දෙමින් සිටින නමුත්, ඔහු උනන්දු කරනු ලැබ ඇත්තේ මාධ්‍ය හා ඩෙමොක්‍රටික් පක්ෂයේ ඊනියා විපක්ෂය විසිනි.

මිචිගන් ප්‍රාන්තයේ මෝටර්රථ කම්හල් අද විවෘත කිරීමට අනුමැ‍තිය දුන්නේ, ඩෙමොක්‍රටික් ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් විසිනි. ඩෙමොක්‍රටික් ආන්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ, කොවිඩ්-19න් සිදු වූ බිහිසුනු මරන සංඛ්‍යාව වෙනුවෙන්, ඒවායේ හිමිකරුවන්ගේ නොසැලකිලිමත්කම, අඩු කාර්ය මන්ඩල හා ලාභ ගරා ගැනීම තුල විශාල කාර්යභාරයක් ඉටු කල, නිව් යෝක් සාත්තු නිවාස වගකීමෙන් නිදහස් කිරීමේ විධිවිධානයක් මෑත කාලීන ප්‍රාන්ත නීතිවලට ඇතුලත් කර ඇත. 

ඊට අමතරව, ට්‍රම්ප්ගේ ඩෙමොක්‍රටික් පූර්වගාමියා වන හිටපු ජනාධිපති බරක් ඔබාමාද සිටේ. සෙනසුරාදා ශිෂ්‍ය විශ්ව විද්‍යාල හා මහා විද්‍යාල ශිෂ්‍ය කන්ඩායම් දෙකකට, මාධ්‍ය‍ හරහා යාමට ප්‍රචාරය කෙරුනු අදහස් ඉදිරිපත් කිරීමක් කලේ ය.

ඔබාමාගේ අදහස් බැරෑරුම් නො වන, නො සැලකිලිමත් මෙන් ම අශෝභන ඒවා විය. ඔහු ට්‍රම්ප් පරිපාලනය ගැන සඳහන් කලේ එක්‍ වරක් පමනි, “මෙම වසංගතය මගින්, (පරිපාලනය) භාරව ඉන්නා පුද්ගලයන්ගෙන් බොහෝ දෙනා තමන් කරමින් සිටින්නේ කුමක්දැයි යන්න දන්නවා කියා පෙන්වන බොරු කඩතුරාව මුලුමනින්ම ඉවත් කර ඇත.”

ඇත්ත වශයෙන්ම, ට්‍රම්ප් පරිපාලනය, ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ හා වෝල් වීදිය තමන් කරන්නේ කුමක් ද යන්න හරියට ම දැන සිටී. ඔවුන් මිලියන ගනනක් කම්කරුවන්ට නැවත තම රැකියාවලට යාමට බල කරමින් සිටින්නේ, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කොරෝනා  වෛරසය වැලඳී මිය යන බව හොඳින් දැන ගෙන ය. ඔවුන් මෙය කරමින් සිටින්නේ, දෙපාර්ශවය විසින් ඒකමතිකව අනුමත කරන ලදුව, වෝල් වීදියට ප්‍රදානය කෙරුනු ඩොලර් ට්‍රිලියන ගනන් ගෙවීම සඳහා කම්කරුවන්ගෙන් ලාභය නිස්සාරනය කිරීම නැවත ආරම්භ කිරීමට යි. 

සමාජවාදී සමානාත්මතා පක්ෂය ආපසු වැඩට යාමේ ව්‍යාපාරය හෙලා දකී. අපි දරිද්‍රතාව හා මරනය අතර ඇති ව්‍යාජ තේරීම ප්‍රතික්ෂේප කරමු. මිලියන ගනනක් ජනයා මුහුන දෙන ආර්ථික අර්බුදය වසංගතයේ ප්‍රතිවිපාකයක් නො ව පාලක පන්තිය හා ධනේශ්වර පද්ධතියේ ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක යි.

ලොව පුරා ආන්ඩු සමඟ, ට්‍රම්ප් පරිපාලනය ගනු ලබන සෑම පියවරක් ම පදනම් වී ඇත්තේ සංගත-මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා මත ය. මෙම සාපරාධී ප්‍රතිපත්තියට එරෙහිව, සසප අවධාරනය කරන්නේ, ලාභය හා පෞද්ගලික ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට වඩා, වැඩ කරන ජනතාවගේ හා සමස්තයක් වශයෙන් සමාජයේ උත්සුකතා හා අවශ්‍යතා වලට කොන්දේසි විරහිත ප්‍රමුඛත්වය ගත යුතු බව යි.

අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන අඛන්ඩව වසා දැමීම, විශ්වීය පරීක්ෂන හා සම්බන්ධතා සොයා ගැනීමේ දැවැන්ත වැඩපිලිවෙලක්, සියල්ලන්ට ම උසස් තත්ත්වයේ සෞඛ්‍ය සහතික කිරීම සඳහා සමාජයේ සම්පත් නැවත වෙන් කිරීම, හා වසංගතය තම රැකියාවලට බලපා ඇති සියලුම කම්කරුවන්ට පූර්න ආදායමක් ලබා දීම ඇතුලුව, වසංගතය පැතිරීම වැලක්වීමේ  හා කම්කරු පන්තියේ අවශ්‍යතා සුරක්ෂිත කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීම, සංගත හා මූල්‍ය කතිපයාධිකාරිය විසින් සමාජයේ අඛන්ඩ ආධිපත්‍ය ගනු ලැබීම සමග නො පෑහේ.

සිදුවන සෑම දෙයක්ම ප්‍රදර්ශනය කරන්නේ නො වැලැක්විය හැකි එක් කරුනකි: කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන ඒ අතරම කම්කරු පන්තිය ස්වාධීනව හා ධනවාදයට එරෙහිව  සංවිධානය කිරීමේ සටනකි. කම්කරු පන්තියේ උන්නතිය මූලික කර ගනිමින්, අර්බුදයෙන් මිදීමට මගක් සොයාගත හැකි වන්නේ මේ ආකාරයෙන් පමනි.

Loading