අවුරුදු 75 කට පෙර: එක්සත් ජනපද බෝම්බ හෙලන යානා යොකොහාමා විනාශ කරයි

මෙම ලිපිය මැයි 25 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

1945 මැයි, බී -29 සුපර් ෆොට්‍රස් යානා යොකොහාමා මත ගිනි බෝම්බ හෙලීම

1945 මැයි 29 වන දින එක්සත් ජනපද ගුවන් හමුදාවේ XXI බෝම්බ යානා අන දෙන්නන්, ජපානයේ ප්‍රධාන නගරයක් වැනසීමේ සිය මෙහෙයුම දියත් කලේය. ප්‍රහාරයෙන් දැවැන්ත ගිනි කුනාටුවක් නිර්මානය වූ අතර, යෝකෝහාමා නඟරයෙන් අඩක් පමන ගිනිබත්වී දහස් ගනනක් මරුමුවට පත් විය. මේ වන විටත් ටෝකියෝ සහ අනෙකුත් නගර විනාශ කර දැමූ ප්‍රහාර මාලාවකින් එකක් වූ මෙහි ප්‍රතිපලය ලෙස ජපානයේ නාගරික ප්‍රදේශ වලින් හතෙන් එකක් විනාශ විය.

මෙම ආක්‍රමනය සිදු කරනු ලැබුවේ, බී -29 බෝම්බ හෙලන ගුවන් යානා 517 ක් සහ පී -51 ප්‍රහාරක යානා 101 ක් යොදාගනිමින්ය. වසර මුල දරුනු සටනකින් පසව ඇමරිකානු මිලිටරිය විසින් යටත් කර ගනු ලැබූ ජපන් දිවයිනක බලකොටුව වූ අයිවෝ ජීමා නුවර සිට යානා පිටත් කර හරින ලදී. කලින් සිදුකල බොහොමයක් ආක්‍රමන මෙන් රාත්‍රියේ  නොව උදේ පාන්දර සිදු කල යොකොහාමා වැටලීම, ජපාන ගුවන් හමුදාවේ මංමුලා සහගත ප්‍රතිරෝධයකට මුහුන දුන්නේය. ජපනුන්  බී -29 යානා හයක් වෙඩි තබා බිම හෙලූ බව වාර්තා වන නමුත් පී -51 යානා ප්‍රතිප්‍රහාර පසුබැස්වීය.

එක්සත් ජනපද හමුදාව,  නගරය සිසාරා බෝම්බ හෙලීමේ මෙහෙයුමක් අලුයම ආරම්භ කල අතර එය විනාඩි 90 ක් පැවතුනි. නගරය මත බෝම්බ ටොන් 3500ක් පමන හෙලා ඇත. නේවාසික වාසස්ථාන සහ වානිජ ගොඩනැගිලි ගිනි අවුලුවන,  ගිනි බෝම්බ ද මේ සඳහා යොදාගෙන ඇත. 

ඒ වන විට යොකොහාමා හි ජනගහනය දල වශයෙන් මිලියනයකි. මෙම ප්‍රහාරය විශේෂයෙන් ඉලක්ක කර ගත්තේ, නගරයේ කම්කරු පන්තිය,  වරායවල්, නිෂ්පාදන මධ්‍යස්ථාන සහ ජනාකීර්න නාගරික ප්‍රදේශයි. බෝම්බ හෙලීම අවසන් වන විට, යොකොහාමාහි ගොඩනැඟිලි වලින්  සියයට 44 ක් විනාශ වී ඇතැයි ගනන් බලා තිබේ. මියගිය හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවමත් නොදන්නා නමුත් ඇස්තමේන්තු 7,000 සිට 15,000 දක්වා පරාසයක පවතී.

මාර්තු 9 වන දින ටෝකියෝවට ගිනි බෝම්බ හෙලීමෙන් පසුව යොකොහාමාවට පහරදෙන ලදී.  පැය කිහිපයක් ඇතුලත නඟරයේ වැඩි කොටසක් සමතලා වූ අතර ජීවිත 100,000 ත් 200,000 ත් අතර සංඛ්‍යාවක් විනාශ විය.  අප්‍රේල්  මාසය පුරාම ටෝකියෝ සහ කුඩා නගරවලට තවදුරටත් ප‍්‍රහාර එල්ල කල අතර, ජපානයේ කාර්මික ධාරිතාවය එමඟින් අතුගා දැමුනි. යොකොහාමා ප්‍රහාරයෙන් පසුව රටේ සිවිල් හා හමුදා බලධාරීන් නිගමනය කලේ, තවදුරටත් එක්සත් ජනපද ප්‍රහාර මැඩපැවැත්විය නොහැකි බවයි.

සිවිල් යටිතල පහසුකම් සහ කම්කරු පන්ති නිවාස ප්‍රදේශ හිතාමතාම ඉලක්ක කරගත් බෝම්බ හෙලීමේ ව්‍යාපාරය, යුද අපරාධයකි. වසර අවසානයේදී එක්සත් ජනපදය, ජපානය ආක්‍රමනය කිරීමට අපේක්‍ෂා කලේය. ඒ සඳහා පසුබිම සකස් කිරීම අරමුනු කරගත් ඉව බව නැති සමූහ ඝාතන ව්‍යාපාරයක් මගින් ජනතාව බිය ගැන්වීමට එය තුඩුදුන්නේය.

1941 නොවැම්බරයේදී පර්ල් වරායට එල්ලවූ ජපාන ප්‍රහාරයට හා ඇමරිකාව යුද ප්‍රකාශ කිරීමට පෙර, එක්සත් ජනපද හමුදාවේ මාන්ඬලික ප්‍රධානී ජෙනරාල් ජෝර්ජ් සී. මාෂල් වාර්තාකරුවන්ට කියා සිටියේ, ගැටුමකදී: “ජපානයේ නගර ගිනි තැබීම සඳහා පියාඹන බෝම්බ යානා වහාම පිටත් කර හරිනු ඇත. සිවිල් වැසියන්ට බෝම්බ හෙලීම ගැන කිසිදු පැකිලීමක් ඇති නොවනු ඇත, එය පරිපූර්න යුද්ධයකි.”

Loading