ඉදිරිදර්ශන

වසංගත මරන සංඛ්‍යාව 100,000ට ආසන්න වෙද්දී ඩව් ජෝන්ස් ඒකක 25,000 ඉක්මවයි

මෙම ලිපිය මැයි 27 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

මාර්තු 23න් පසු පලමු වතාවට 26දා උදෑසන නිව් යෝක් කොටස් වෙලඳපොල නැවත විවෘත කරන ලදී. ආරම්භක සීනුව නාද කිරීම සැමරීමට පැමින සිටි අය අතර නිව්  යෝක් ආන්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ ද විය. ඔහු තම දෛනික කොරෝනා වෛරස් යාවත්කාලීන කිරීම පිලිබඳ කනස්සලු සහගත ස්වභාවය අතහැර දමා, වෝල් වීදියේ ආයෝජකයින් සමඟ වැලමිටෙන් ආචාර සමාචාර කර ගත්තේ ය.  ඊලඟ පැය හයහමාර තුල මූල්‍ය ප්‍රජාව, වසංගතයේ බුල් වෙලඳපොල (bull market) සැමරීම දිගට ම කරගෙන ගියේ ය.

මාර්තු මාසයේ දී කොටස් වෙලඳපොල වසා දැමූ විට ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය, ඒකක 18,000 දක්වා පහත වැටුනි. එතැන් සිට එය දල වශයෙන් සියයට 40 කින් ඉහල ගොස් තිබේ. කෙයාස් පනත මගින් සපයන ලද ඩොලර් ට්‍රිලියන ගනනක ඇප මුදල්වලින් තරවී ඇති ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය තවත් ඒකක 530කින් ඉහල නඟිමින්, 22දා එහි ගනදෙනු අවසන් කලේ සියයට 2.2ක වර්ධනයක් සහිතවය.

ආරම්භක සීනුවෙන් මිනිත්තු 15ක් ඇතුලත ජනාධිපති ට්‍රම්ප් උද්‍යෝගිමත් ට්වීටර් පනිවිඩයක්  නිකුත් කලේය. “කොටස් වෙලඳපොල නැගීම විශාලය, ඩව් (ජෝන්ස්) ඒකක 25,000 ඉක්මවයි. එස් ඇන්ඩ් පී 500 ඒකක 3000ට වඩා වැඩියි ප්‍රාන්ත ආන්ඩු හැකි ඉක්මනින් විවෘත කල යුතු ය. ශ්‍රේෂ්ඨත්වයට මාරුවීම නියමිත කාලයට පෙර ආරම්භ වී තිබේ. ඉහල පහල යෑම් තිබෙනු ඇත, නමුත් ලබන වසර හොඳ ම එකක් වනු ඇත!

නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආන්ඩුකාර ඇන්ඩෘෘ කියෝමෝ රින්ග්ස් 2020 මැයි 26 වන අඟහරුවාදා නිව්යෝර්ක් හි NYSE වෙලඳ පොල නැවත විවෘත කිරීම සනිටුහන් කිරීමේ ආරම්භක සීනුව නාද කරයි. (නිව් යෝර්ක් කොටස් හුවමාරුව ඒපී රූප හරහා)

ජනගහනයෙන් අති බහුතරයක් වාසය කරන ලෝකයක, අනුස්මරන දින සති අන්තයේ අවසානය හා ගිම්හානයේ අර්ධ නිල ආරම්භය සනිටුහන් කරන්නේ, මරනයේ නව වටයක්  මෙන් ම අන්ත අනාරක්ෂිත භාවය, අඩමානය හා සැබෑ අන්තරායට මාරුවීමේ ආරම්භය යි. මාරාන්තික විපත් පිලිබඳ සංඛ්‍යාව පෙන්වනු  ඇත්තේ “ඉහල යාම්” පමනි. 2020 ගිම්හානය අවසානයකට එලඹෙන විට, කොවිඩ්-19න් මියගිය අයගේ සංඛ්‍යාව 200,000 ඉක්මවනු ඇත. ට්‍රම්ප් පට්ට බොරුකාරයෙකු මෙන් ම දේශපාලන අපරාධකරුවෙකි. ඔහු පූර්න ලෙස හිට්ලර් කෙනෙකු වීමට තරම් මෝඩයෙක් වන නමුත්, අව්‍යාජ ෆැසිස්ට් ව්‍යාපාරයක මහජන පදනම ද ඔහුට නැත. ඔහුගේ වැඩසටහන ගැන අව්‍යාජ ජනප්‍රිය දෙයක් නොමැත. ට්‍රම්ප්ගේ සැබෑ ආධාරක කන්ඩායම වන්නේ සමාජීය වශයෙන් පරපෝෂිත සංගත -මූල්‍ය මරන 100,000ට වඩා ඩව් ජෝන්ස් ඒකක 25,000 වැදගත් බව ප්‍රකාශ කරයි.

වෝල් වීදියේ ප්‍රීති ප්‍රමෝදයට හේතු වන ප්‍රධාන සාධක අතර වන්නේ, වෝල් වීදියේ අවශ්‍යතාවන්ගේ වියදමින් වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ක්‍රමානුකූල ව හා  ජාතික වශයෙන් සමායෝජිත සියලු උත්සාහයන් අවසන් වී ඇතැ යි යන විශ්වාස  යි. වෛද්‍ය සමාජ දුරස්ථ කිරීමේ ජාතික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට විද්‍යාඥයින් හා මහජන සෞඛ්‍ය ප්‍රජාව දරන උත්සාහයට, ට්‍රම්ප් පරිපාලනය හා මාධ්‍යයේ සැලකිය යුතු කොටස් විසින් අනවරත හා කපටි උද්ඝෝෂන මගින් උග්‍ර ලෙස වල කපා ඇත. රෝග පාලන මධ්‍යස්ථානය, (Center for Disease Control) ලෝක සෞඛ්‍ය සංවිධානය හා සමස්තයක් වශයෙන් විද්‍යාත්මක ප්‍රජාව අපකීර්තියට පත් කර ඇත. 

වසංගතයේ දරුනුතම තත්වය පහ ව ගොස් ඇත යන මිත්‍යාවට එරෙහි වීමට උත්සාහ කරමින්,  ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් සඳුදා ප්‍රකාශ කලේ, “මේ මොහොතේ, අපි ඉන්නේ දෙවන රැල්ලේ නො ව ගෝලීය  පලමු රැල්ලේ හරි මැද” බව යි.

මහජන මත විමසුම්වලින් පෙනී යන්නේ ජනගහනයෙන් සැලකිය යුතු බහුතරයක් “ආර්ථිකය නැවත විවෘත කිරීමේ” කඩිමුඩියට එකඟ නො වන බව යි. ජනතාව අතර අසීමිත ලෙස වෛරසය පැතිරීමට ඉඩ සලසන, “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තියට පුලුල් මහජන සහයෝගයක් ඇති බව තක්සේරු කිරීමට, අනුස්මරන දින සති අන්තයේ මහජන රැස්වීම්වල දර්ශන වලින් උපුටා ගැනීම වැරැද්දක් වනු ඇත. වටහා ගත හැකි ආශාවකින් පොලඹවන ලද, දීර්ඝ හා පෙර නො වූ විරූ සමාජ හුදකලා කාලයකින් යම් සහනයක් භුක්ති විඳීමට, බොහෝ එවැනි එක්රැස් වීම්, කෙසේ නමුත් නො මග යාමකි.  

එහෙත් එක්සත් ජනපදයේ ඉතිහාසය හා සංස්කෘතිය තුල ගැඹුරට මුල් බැස ගැනුනු ඇතම් ප්‍රවනතා ද ක්‍රියාත්මක වේ. රාජ්‍ය අධිකාරිය කෙරෙහි අවිශ්වාසය හා සතුරුකම පිලිබඳ දීර්ඝ සම්ප්‍රදායක් ඇත, එය මුල් විප්ලවවාදී යුගයේ ජනප්‍රිය සටන් පාඨය වූ “මා පාගා නො දමනු” යන්න දක්වා දිව යයි. පුද්ගලවාදයේ ප්‍රබල අංගයක් ද ඇත, එය පුද්ගල හැසිරීම් නියෝග කිරීමේ උත්සාහයන් තුල දී දුර්මුඛ වෙයි.

කෙසේ වෙතත් මෙම සමාජ හා සංස්කෘතික ලක්ෂන, හොඳින් වර්ධනය වූ පන්ති විඥානයක් හා සමාජවාදී දේශපාලන දිශානතියක් නොමැති වීම තුල හා විශේෂයෙන් ම කොමියුනිස්ට් විරෝධී රූපාකාරය තුල,  පාලක ප්‍රභූව විසින් ප්‍රතිගාමී අරමුනු සඳහා නිරන්තරයෙන් ගසාකා, මෙහෙයවා ඇත. 

චිකාගෝ විශ්ව විද්‍යාලයේ බෙකර් ෆ්‍රීඩ්මන් ආයතනය විසින් මහජන මතය හැසිරවීමට හා කෝවිඩ් -19 පැතිරීම පාලනය කිරීමට දරන උත්සාහයන් වලක්වාලීමට මාධ්‍ය දරන උත්සාහය ලේඛනගත කරන වටිනා අධ්‍යයන ගනනාවක් නිකුත් කර ඇත. මහාචාර්යවරුන් වන ලෙනාඩෝ බර්ස්ටයින් (චිකාගෝ විශ්ව විද්‍යාලය), ආකාෂ් රාඕ (හාවඩ් විශ්ව විද්‍යාලය), ක්‍රිස්ටෝපර් රෝත් (වෝර්වික් විශ්ව විද්‍යාලය) සහ ඩේවිඩ් යනාගිසාවා-ඩ්‍රොට් (සූරිච් විශ්ව විද්‍යාලය) විසින් නිකුත් කෙරුනු, “වසංගතයක් අතරතුර  වැරදි තොරතුරු” යන මාතෘකාවෙන් යුත් පත්‍රිකාවක  මෙසේ සඳහන් වේ:

වසංගතයක් පාලනය කිරීමට ගන්නා උත්සාහයන් තීරනාත්මක ලෙස රඳා පවතින්නේ නිවැරදි විශ්වාසයන් ඇති පුරවැසියන් මත ය. නමුත්  2020 දී නව කොරෝනා වෛරසයේ  (COVID-19) පැතිරීම, තර්ජනයේ තරම අවතක්සේරු කරන හා  වසංගතය පාලනය කිරීම සඳහා නිර්මානය කර ඇති ක්‍රියාමාර්ගවල වැදගත්කම බැහැර කරන ප්‍රවෘත්ති සමග අත්වැල් බැඳ ගනී. විශේෂයෙන්, වැඩිපුර ම නරඹනු ලබන කේබල් ජාලය වන ෆොක්ස් නිව්ස්, වසංගතය පිලිබඳ වැරදි තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් පුලුල් විවේචනවලට මුහුන දී තිබේ.

මෙම වාර්තාව ෆොක්ස් විචාරක ෂෝන් හැනිටිගේ ප්‍රකාශ හුවා දක්වන අතර ඔහුගේ නරඹන්නන් සහ  නිවාසවල රැඳී සිටින්න යන ප්‍රතිපත්ති කෙරෙහි ඇති සතුරුකම අතර අනුභූතික සම්බන්ධතාවයක් ඇති කරයි. හැනිටි හා බැඳුනු දක්ෂිනාංශික ප්‍රචාරය, රැකියා හා ආදායම අහිමිවීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ව ඇති ජනගහනයේ කොටස් තුල අනුනාද වන බව ද එය පෙන්නුම් කරයි.

බෙකර් ෆ්‍රීඩ්මන් ආයතනය පල කල අධ්‍යයනයේ අනුභූතික නිගමන කෙතරම් සිත්ගන්නා සුලු වුවත්, එය ප්‍රතිගාමී හා විද්‍යා විරෝධී ප්‍රචාරයන් ව්‍යාප්ත කිරීමට පහසුකම් සපයන ගැඹුරු සමාජ, දේශපාලන, සංස්කෘතික හා බුද්ධිමය පරිසරය පිලිබඳ අවබෝධයක් ලබා නො දේ. එය ෆොක්ස් නිව්ස් සේවය සපයන, සමාජ-ආර්ථික හා පන්ති අවශ්‍යතා පරීක්ෂා කිරීම මග හරී. ෆොක්ස් හා හැනිටිගේ භූමිකාව නිසි ලෙස ලේඛනගත කර තිබුන ද මෙම වාර්තාව, වැඩට යාමේ උද්ඝෝෂනය නො සැලකිලිමත් ලෙස ප්‍රවර්ධනය කිරීමේ යෙදී සිටින, සංස්ථාපිත මාධ්‍යයේ වඩාත් සැලකිය යුතු නියෝජිතයින් විසින් ඉටු කරනු ලබන විසකුරු භූමිකාව නො සලකා හරියි.

ඇත්ත වශයෙන් ම, වොෂිංටන් පෝස්ට් හා නිව් යෝක් ටයිම්ස් යන දෙකම වසංගතය පාලනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග දුර්වල කිරීමේ උත්සාහයන්ට දේශපාලන සුජාතභාවයක් ලබා දී ඇත. මාර්තු මාසය තරම් මෑතක දී ටයිම්ස්  පත්‍රයේ වඩාත් බලගතු තීරු රචක තෝමස් ෆ්‍රීඩ්මන්, ස්වීඩනයේ “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිපත්තිය, අනුකරනය කල යුතු උදාහරනයක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේ ය. කතුවැකි හා අදහස් දැක්වීමේ ලිපිවල පෝස්ට්  පත්‍රය විසින් එම මාවත ම ඉදිරියට ගෙන ඇත. සමාජ දුරස්ථභාවයට හා ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට එරෙහිව ලැන්සිං, මිචිගන් හා වෙනත් නගරවල සංවිධානය කරන ලද කුඩා පෙලපාලි මාධ්‍ය විසින් පුලුල් ලෙස ප්‍රචාරය කරන ලදී. එහෙත් එවැනි විරෝධතා මහජන ව්‍යාපාරයක පරිමානයන් අත්පත් කර ගෙන නොමැත.

පැහැදිලිව ම ධනේශ්වර විරෝධී, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී පදනමක් මත පමනක් වර්ධනය කල හැකි, ක්‍රියාමාර්ගයක් හා ඉදිරිදර්ශනයක් කම්කරු පන්තියට නොමැති තාක් දුරට, ආපසු වැඩට යාමේ උද්ඝෝෂනය, වැඩෙමින් පවතින කලකිරීමට ආයාචනය කරනු ඇත. නමුත් මෙම කලකිරීම විසුරුවා හැරිය හැකි ය.

විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයේ කර්තව්‍යය වන්නේ ඉදිරි මාවත පෙන්වන ක්‍රියාමාර්ගයක් හා ඉදිරිදර්ශනයක් කම්කරු පන්තිය තුල තහවුරු කිරීමයි. 

වසංගතය ඇවිල යාම,  පාලක ධනේශ්වර කතිපයාධිකාරය හා කම්කරු පන්තිය අතර පවතින නො පෑහිය හැකි අගාධය හෙලිදරව් කර තිබේ.  වසංගතයට ප්‍රතිචාර දැක්වීම, තම ආර්ථික අවශ්‍යතා සපුරාලීමේ මාවතට ගැනීමට  පාලක ප්‍රභූවට ඉඩ නො දිය යුතු ය. මිනිස් ජීවිතවල පිරිවැය නො සලකා ඔවුන්, නැවත වැඩට  පැමිනීම ඉල්ලා සිටී. එමඟින් සූරාකෑමේ ක්‍රියාවලිය හා කම්කරු පන්තියේ ශ්‍රම ශක්තියෙන් ලාභය ලාභ මිරිකා ගැනීම ඉදිරියට ගෙන යා හැක.

කම්කරු පන්තියේ මූලික හා අනභියෝග ප්‍රමුඛතා ආස්ථානය, මානව ජීවිත ආරක්ෂා කිරීම ය. වෛරසය පැතිරීමේ අනතුර පවතින කර්මාන්තශාලා හා සේවා ස්ථාන විවෘත කිරීමට විරුද්ධත්වය, කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් පවතී. ආසාදිත මස් ඇසුරුම් පහසුකම් හා මෝටර්රථ කම්හල් වැනි  අනාරක්ෂිත සේවා ස්ථාන වසා දැමීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටී.

සමාජවාදී සමානතා පක්ෂය එවැනි ව්‍යායාමයන් අනුමත කරන අතර ලාභ සඳහා ජීවිත යටත් කිරීමට එරෙහි අරගලය වර්ධනය කිරීමේ දී  කම්කරුවන්ට සහයෝගය ලබා දීමට  හැකි සෑම දෙයක් ම  කරනු ඇත. අපි සංගත කලමනාකරනයේ ග්‍රහනයෙන් සේවකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම බාර ගැනීමට අත්‍යවශ්‍යය, සමාජික කම්කරුවන්ගේ ආරක්ෂක කමිටු ගොඩනැගීම සඳහා වූ අපගේ ඉල්ලීම යලි සවිමත් කරමු.

අවසාන විග්‍රහයේ දී, වසංගතයට එරෙහි සටන, ධනේශ්වර පද්ධතියට එරෙහි දේශපාලන අරගලයකි. ලාභ පද්ධතිය අහෝසි කිරීමේ විප්ලවවාදී ව්‍යාපාරයක අඩිතාලම ලෙස එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව කම්කරු පන්තිය තුල,  බලවත් සමාජවාදී විඥානයක හා දේශපාලන සංස්කෘතියක පුනර්ජීවනයක් එය ඉල්ලා සිටී.

Loading