වසර 75 කට පෙර: 12 වන පයස් පාප්වරයා යුරෝපයේ විප්ලව තර්ජනය ගැන අනතුරු අඟවයි

මෙම ලිපිය ජූනි 1 දින පලවින.

දෙවන ලෝක සංග්‍රාමය අවධියේ ජර්මනියෙහි සිටි 12 වන පයස්ගේ නියෝජිත සිසේරෙ ඔර්සෙනිගෝ, හිට්ලර් සහ ජෝකිම් වොන් රිබෙන්ත්‍රොප් සමඟ

මිත්‍ර බලවතුන් විසින් නාසි තන්ත්‍රය පරාජය කිරීමත් සමඟ යුරෝපයේ ස්ථාපිත කල “බිඳෙනසුලු සාමය” කම්කරු පන්තික සමාජවාදී විප්ලවයන්ට මග පෑදිය හැකි බවට 1945 ජුනි 2 වන දින 12 වන පයස් පාප්වරයා කාදිනල් විද්‍යාලය අමතමින් අනතුරු ඇඟවීය.

පාප්වරයා තව දුරටත් ප්‍රකාශ කලේ, “යුද්ධය, ආගම හා සදාචාරය පිලිබඳව පමනක් නොව, මිනිසුන් අතර සුහද සබඳතා සඳහා ද බරපතල අනතුරක් නිර්මානය කර තිබේ. ඒ සියල්ලටත් වඩා, එය, සියල්ල අහිමි වී  බලාපොරොත්තු සුන් වී ව්‍යාකූලත්වයට හා කලකිරීමට පත් වූ මැර පිරිසක් නිර්මානය කර තිබේ. මොවුන් විප්ලවය සහ අවනීතියේ පදනම් සවිමත් කර, මිනිසුන් සැලසුම් කල පෙරලා දැමීමටත් එහා ගිය, කෘර ඒකාධිපති පාලනයකට උර දෙනු ඇත."

“නව දේශපාලන හෝ සංස්කෘතික ක්‍රමයක්” ස්ථාපිත කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් පාප්වරයා හෙලා දුටුවේය. ඔහු යේසුස් ගෙනහැර දක්වමින් මෙසේ පැවසීය: “ක්‍රිස්තුස්ගේ වචන අදාල වන්නේ දුප්පතුන්ගේ ලෝකයට යි: 'මිනිසාගේ අන්තිම තත්වය පලමු තත්වයට වඩා නරක වනු ඇත”. වෙනත් වචන වලින් කිවහොත්, කම්කරු බලය ස්ථාපිත කිරීමේ අපේක්ෂාව ෆැසිස්ට් තන්ත්රයන්ටත් වඩා නරක වනු ඇත යන්නයි. 

පයස් මෙම කාරනා පැවසුවේ, සෝවියට් රතු හමුදාව නැගෙනහිර යුරෝපය ඔස්සේ සීග්රයෙන් ඉදිරියට පැමින බලයේ සිටි, තෙවන ජර්මානු රයිකය හා වතිකානුව සමඟ සන්ධානගත වූ, දක්ෂිනාංශික ආඥාදායකත්වය පෙරලා දැමීම ගැන කනගාටු වෙමිනි. ඒ, බටහිර යුරෝපය පුරා සහ ජත්‍යන්තරව මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ ෆැසිස්ට් විරෝධී පර්ටිසන්වරු, ධනපති ක්‍රමයේ බිහිසුනුකම සය වසරක් පුරා නිවැරදිව හඳුනාගෙන, එය සමඟ තීරනාත්මක ගනුදෙනු බේරා ගැනීමේ අරගලය ඉස්මත්තට පැමිනෙමින් පැවති අවස්ථාවේ ය. 

පයස්ගේ  කටුක කතාවෙන් වැඩි ප්‍රමානයක් වෙන් වුනේ, 1933 දී බලයට පත් නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් සමඟ  සම්මුතියට පල්ලිය අත්සන් තැබුවේ මන්ද යන්න පැහැදිලි කිරීම වෙනුවෙනි. කතෝලිකයන්ගේ “ගරුත්වය සහතික කර ගැනීම, ඔවුන්ගේ විශ්වාසයන්, අයිතිවාසිකම් හෝ ක්‍රියා කිරීමේ නිදහස වෙනුවෙන්” තිබූ එකම මාර්ගය එය පමනක් වූ බව ඔහු කියා සිටියේය. 

 නාසිවාදීන් "යක්ෂයින්" (satanic) යැයි කුහක ලෙස පයස් විසින් හෙලාලාදැකීමේ අරමුන වූයේ, පල්ලිය සහ ෆැසිස්ට් පාලන තන්ත්ර සමඟ තිබූ සහයෝගිතාව වසන් කිරීමටත්, එම අන්ත දක්ෂිනාංශික ආන්ඩු වලට සහයෝගය දුන් පූජ්‍ය පක්ෂයේ පුලුල් කොටස් වලට සුක්ෂම ලෙස ජයග්‍රාහී මිත්‍ර බලයන්ට ලංවීමටත් ය. 

පල්ලිය සහයෝගයෙන් කටයුතු කලේ හිට්ලර් සමඟ  පමනක් නොවේ. එය ස්පාඤ්ඤ විප්ලවය කුරිරු ලෙස මර්දනය කිරීමට සහ ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ යටතේ මිලිටරි ආඥාදායකත්වයක් ඇති කිරීමටත්, ඉතාලියේ බෙනිටෝ මුසොලිනිගේ ෆැසිස්ට් තන්ත්‍රය විසින් සිදු කරන ලද යුද අපරාධවලටත් සමීපව සම්බන්ධ වී සිටියේය. ඔහු මෙසේ කතා පවත්වන අතරේ පල්ලියේ අනෙක් ජ්‍යෙෂ්ඨ පුද්ගලයෝ, ෆැසිස්ට් අපරාධකරුවන්ට නීතියෙන් ගැලවී රහසිගතව ලතින් ඇමරිකාව ඇතුලු වෙනත් රටවලට පැනගැනීමේ මාර්ග (rat lines) සංවිධානය කරමින් සිටියහ.

Loading