අවුරුදු 50 කට පෙර: ආර්ජන්ටිනාවේ හමුදා කුමන්තත්‍රනය

මෙම ලිපිය ජූනි  8වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

ජුවාන් කාලෝස් ඔන්ගනියා

1970 ජුනි 8 වන දින ආර්ජන්ටිනා ජනාධිපති ජුවාන් කාලෝස් ඔන්ගනියා හමුදා කුමන්ත්‍රනයකින් බලයෙන් පහකරන ලදී. ඔහුගේ ආන්ඩුව වෙනුවට හමුදා නායකයින් තිදෙනෙකුගේ නායකත්වයෙන් යුත් හමුදා ජුන්ටාවක් - යුද  හමුදා ලුතිනන් ජෙනරාල් ඇලෙහන්ඩ්රෝ ඇගුස්ටාන් ලැනුස්, නාවික හමුදා අද්මිරාල් පේද්රෝ ඥාවි සහ ගුවන් හමුදා ජෙනරාල් ජුවාන් කාලෝස් රේ - පත් විය.

1966 දී ඔන්ගනියා බලයට පත්වූයේ, ඔහු ම ක්‍රියාත්මක කල කුමන්ත්‍රනයකින්, ජනාධිපති ආතුරෝ ඉලියා බලයෙන් පහ කිරීමෙනි. සියලු  ආකාරයේ සිවිල් නිදහස සහ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා පොලීසිය සහ මිලිටරි බලය යොදාගත් කුරිරු මිලිටරි ආඥාදායකත්වයක් ඔහුගේ අධීක්ෂනය යටතේ පැවතුනි. විශ්ව විද්‍යාලවලට එල්ල කල දැඩි ප්‍රහාරය ජනාධිපති ලෙස ඔහුගේ ප්‍රථම කාර්යයන්ගෙන් එකකි. 1966 ජුලි 29 දින ෆෙඩරල් පොලිසිය ආර්ජන්ටිනාවේ විශ්ව විද්‍යාල වටලා, ඔන්ගනියාගේ මිලිටරි ආඥාදායකත්වයට ප්‍රතිරෝධයක් දැක්විය හැකි යැයි සැක කරන අයට පහර දී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සිදුවීම "La Noche de los Bastones Largos" (the night of the long batons/දිගු බැටන් පොලු රාත්රිය) නමින් ප්‍රකට ය.

ඔන්ගනියා තන්ත්‍රය ඉතා ඉක්මනින් ආර්ජන්ටිනා කම්කරු ජනතාවගේ පිලිකුලට භාජනය විය. වැඩ වර්ජන නීති විරෝධී වූ අතර, වැටුප් කපා හැරීමට නියෝග කරන ලදී. මෙමගින්  ඉහල යන උද්ධමනය හා පහල යන කම්කරුවන්ගේ ජීවන කොන්දේසි තුල ලාභ ශ්‍රමය විදේශීය ආයෝජකයින්ට අලෙවි කල හැකි පරිද්දෙන් කොන්දේසි සකස් කෙරින.

ඔන්ගනියා පාලනයේ අවසානය ආරම්භ වුනේ, 1969 මැයි 29 වන දින “එල්  කොර්ඩොආසෝ” ("El Cordoazo”) යන නමින්   කොර්ඩොආසෝ  නගරයේ පැවති මහා වැඩ වර්ජනයකදී ය. එහිදී පොලිසියට සහ හමුදාවට නගරයෙන් තාවකාලිකව පසුබැසීමට බල කෙරුනි. කෙසේ වුවද, විප්ලවීය නායකත්වයක් නොමැතිව, පෙරොන්වාදය (Peronism) සහ ස්ටැලින්වාදය විසින් පාවා දෙනු ලැබූ කම්කරුවන්ට එම වැඩ වර්ජනය ඔන්ගනියා ආන්ඩුව පෙරලා දැමීම දක්වා වූ ජාතික ව්‍යාපාරයක් බවට වර්ධනය කිරීමට නොහැකි විය. අවසානයේදී කොර්ඩොආසෝ නගරය නැවත අල්ලා ගැනීමට හමුදාවට හැකි වූ අතර වෘත්තීය සමිති නායකයින් සහ තවත් සිය ගනනක් කම්කරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

එහෙත් ඔන්ගනියාගේ ආඥාදායක පාලනයට කම්කරු පන්තිය සාර්ථකව මර්දනය කිරීමට සහ ආර්ජන්ටිනාවේ පාලක පන්තියේ අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වූ බව විදහා දැක්වීමටකොර්ඩොආසෝ නැගිටීම ප්‍රමානවත් විය. එම මහා වැඩ වර්ජනයෙන් වසරක් ගත වෙද්දී ඔන්ගනියා තන්ත්‍රයට මිලිටරියේ පහල නිලධාරීන් හසුරුවා ගැනීම අසීරු වන්නට විය.

ආර්ජන්ටිනා මිලිටරියේ අෙනදෙන නිලධාරි අලෙහැන්ද්රෝ ඇගුස්ටින් ලැනුස් විසින් පාලන තන්ත්‍රයට එරෙහිව කුමන්තනයකට නායකත්වය දෙමින් සිටින බවට සැක කල ඔන්ගනියා, 1970 ජුනි මාසයේදී ඔහු සේවයෙන් නෙරපා හරින ලදී. එහෙත් ලැනූස් ඉවත් කිරීමට ගත් එම උත්සාහය ම කුමන්ත්‍රනයේ ආරම්භයට හේතු විය.

කුඩා ආරක්ෂක බලකායක් සමඟ කැසා රොසාඩාහි පිහිටි ජනාධිපති කාර්යාලය තුල රැකවරන ලබා සිටි ඔන්ගනියාට ඉල්ලා අස්වීමට බල කරමින් ලැනුස් ප්‍රමුඛ නායකත්වය හමුදාව බලමුලු ගැන්වීය. පැය 12 ක සාකච්ඡාවකින් පසු ඔන්ගනියා යටත් වී සිය ධුරය අත්හැර දැමුවේ හමුදා ජුන්ටාවේ පාලනයට රට නතු කර දෙමිනි.

නිල ජනාධිපති ලෙස, ජුන්ටාව විසින්, තවත් හමුදා ජෙනරාල්වරයකු වූ රොබර්ටෝ එම්. ලෙවින්ස්ටන් පත් කලත් ඔහු ධුරයේ රැඳී සිටියේ 1971 මාර්තුවේදී ලැනුස් විසින් ඔහුව නෙරපා හරින තෙක් පමනි. මෙවර ලැනුස් ජනාධිපති ධුරය සෘජුවම තමන්ගේ පාලනයට ගත්තේ ය.

අන්තර්ජාල රැස්වීම
Loading