මාර්තු බිඳවැටීමෙන් පසුව සිදුවූ වෝල් වීදියේ විශාලතම වැටීම

මෙම ලිපිය ජූනි  12 වනදා ඉංග්‍රීසි බසින් පලවිය

මාර්තු මැද භාගයේ සිට මූල්‍ය වෙලඳපොලවල් කැටිගැසුන විට, ෆෙඩරල් මහ බැංකුව ඒවාට පිටුබලය සැපයීම සඳහා විශාල මැදිහත් වීමක් සිදු කල ද වෝල් වීදියේ විශාලතම කඩාවැටීම සිදුවිය.

ෆෙඩරල් මහ බැංකුවේ මැදිහත්වීමෙන් පසුව මාස තුනක කොටස් උත්පාතයේ ප්‍රතිපලයක් ලෙස එස් ඇන්ඩ් පී 500 සියයට 45 කින් ඉහල ගොස් වසර ආරම්භයේදී එහි ඉහලම මට්ටමට පැමිනි මාර්තු 16 දා සිට එහි නරකම දිනය වූ ඊයේ සියයට 5.9න් පහත වැටුනි.

ඩව් ජෝන්ස් සියයට 7 ක වැටීමක් සලකුනු කරමින් ඒකක 1,800 ට වඩා පහත ගියේය. සතියේ මුල වාර්තාගත ඉහලකට නැඟුනු අතර අධි තාක්‍ෂනික නාස්ඩැක් දර්ශකය සියයට 5.3 කින් පහත වැටුනි.

Trader Michael Gallucci on the floor of the New York Stock Exchanමයිකල් ගැලූචි නිව් යෝර්ක් කොටස් වෙලඳපොලේ මහලේ. (ඒපී ඡායාරූපය / රිචඩ් ඩ්‍රිව්)ge. (AP Photo/Richard Drew)

වෝල් වීදියේ “භීතියෙහි මානය” ලෙස බොහෝ විට හඳුන්වනු ලබන කෝබෝ අස්ථාවරත්ව දර්ශකය සියයට 48 න් ඉහල ගොස් 41ට සේන්දු  විය.  මාර්තු මාසයේ වෙලඳපොල නොසන්සුන්තාවයෙන් පසු එහි විශාලතම එක්දින නැඟීම එයයි.

ඊයේ වෝල් වීදියේ තියුනු වැටීමෙන් පසුව යුරෝපයේ ද සැලකිය යුතු පසුබෑමක් වාර්තා විය. කලාපීය ස්ටොක්ස් 600 දර්ශකය සියයට 4.1 න් ද එක්සත් රාජධානියේ ෆුට්සි 100 දර්ශකය සියයට 4 න් ද පහල ගියේය. 

තියුනු පහත වැටීමට ප්‍රධාන හේතුව වූයේ, බදාදා මහ බැංකුව විසින් නියම කරන ලද ආර්ථික අපේක්ෂාවන් පිලිබඳ වාර්තාවේ අඩංගු එක්සත් ජනපද ආර්ථිකය පිලිබඳ අඳුරු දැක්මයි. එක්සත් ජනපද ආර්ථිකය වසර තුල සියයට 6.5 කින් හැකිලෙන අතර 2020 අවසන් වන විට විරැකියා අනුපාතය සියයට 9.3 ක් වනු ඇතැයි එය සඳහන් කලේය.

මහ බැංකුවේ සභාපති ජෙරොම් පවෙල් අනතුරු ඇඟවූයේ, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට වසර ගනනාවක් ගතවනු ඇති අතර මිලියන ගනනක් විය හැකි, ඉක්මනින් වැඩට යාමට නොහැකි පුද්ගලයින් පිරිසක් සිටින බවය.

පසුගිය මාස තුන තුල පොම්ප කරන ලද ඩොලර් ට්‍රිලියන 3 ට වඩා වැඩි ලාභ මුදල් ප්‍රවාහය අඛන්ඩව පවත්වා ගන්නා බවත්, ශුන්‍යයට ආසන්න පොලී අනුපාත  අවිනිශ්චිත කාලයක් සඳහා පවතින බවත් පවෙල් වෙලඳපොලට සහතික විය .

එක්සත් ජනපදය හා ගෝලීය ආර්ථිකය පිලිබඳ නරක අතට හැරෙන ආර්ථික දෘෂ්ටියක් හමුවේ මෙම ඇපකර පවා ප්‍රමානවත් නොවන බව ඊයේ වෙලඳපොලෙන් පලවූ ප්‍රතිචාරයෙන් පෙනී යයි. වෝල් වීදිය වැඩි වැඩියෙන් ඉල්ලා සිටී.

වර්තමානයේ  කිං කැනියුට් මෙන් එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්, වෙලඳපොල පහත වැටෙමින් තිබියදී, මහ බැංකුව ඉදිරිපත් කරන ලද ආර්ථික දෘෂ්ටිය හෙලා දැකීම සඳහ‍ා ට්විටර් සටහනකින් මැදිහත් විය. 

“ෆෙඩරල් මහ බැංකුව බොහෝ විට වැරදියි,” ඔහු ලිවීය. “මම  ද සංඛ්‍යා දකින්නෙමි, ඔවුන්ට වඩා බොහෝ දේ කල හැකි. අපට ඉතා හොඳ තුන්වන කාර්තුවක්, හතරවන කාර්තුවක් සහ 2021 අපගේ හොඳම වසරක් වනු ඇත. ”

වෙලඳපොල කඩාවැටීම සිදුවුනේ,  ජුනි 6න් අවසන් වන සතිය තුල විරැකියා සහන සඳහා තවත් ඉල්ලීම් මිලියන 1.54 ක් ගොනු කර ඇති බවට වන වාර්තාවක් නිසාය. වසංගතය ආරම්භ වීමෙන් පසුව මිලියන 44.2ක් දක්වා මුලු සංඛ්‍යාව ඉහල නැඟුනි.

එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ගොස් ඇති අතර, මේ වන විට මරන සංඛ්‍යාව 112, 000 ඉක්මවා නඟින අතර දිනකට අලුත් රෝගීන් 1000 වාර්තා වෙයි. ඒ, සති ගනනක් තිස්සේ නිරිත දිග ප්‍රාන්තවල අගුලු දැමීම් අවසන් කරන තතු තුල ආසාදන ඉහල නැඟීම හමුවේය.

එහෙත් වෝල් වීදියේ ලාභ ඉහල නැංවීම සඳහා ක්‍රියාවට නඟන යලි වැඩට දැක්කීමේ මාරක පිලිවෙත, ප්‍රතිවිපාක කවරක් වුවත් නතර නොවන බව ට්‍රම්ප් පරිපාලනය පැහැදිලි කර ඇත.

“අපට නැවත ආර්ථිකය වසා දැමිය නොහැක” යයි භාන්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් සීඑන්බීසී ව්‍යාපාරික නාලිකාවට පැවසීය. “මම හිතන්නේ ඔබ ආර්ථිකය වසා දැමුවහොත් ඔබ වැඩි හානියක් සිදු කරනු ඇති බව අපි ඉගෙන ගත්තා කියලයි.”

වර්ෂය අවසානයේ විරැකියාව සියයට 10 කට ආසන්න වනු ඇතැයි යන අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කරමින් මුන්චින් ට්‍රම්ප් අනුගමනය කලේය. දෙවන භාගයේදී ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇතැයි කියා සිටි ඔහු, වසංගතයක ප්‍රතිපල ගැන අනාවැකි කීමේදී සාම්ප්‍රදායික ආර්ථික ආකෘතීන් දුර්වල ලෙස සන්නද්ධ වී ඇති බව පැවසීය. මෙම ප්‍රකාශ සිහිගන්වන්නේ පෙබරවාරි මස අවසානයේදී ට්‍රම්ප් කොරෝනා වෛරසය ගැන පැවසූ  “යම් දවසක එය ප්‍රාතිහාර්යයක් මෙන් අතුරුදහන් වනු ඇත” යන්නයි.

එක්සත් ජනපදය තුල V- හැඩැති ආර්ථික ප්‍රකෘතියක් සිදු නොවන බවට මහ බැංකුව සහ අනෙකුත් අනාවැකි කරුවන්ගේ පැහැදිලි අනතුරු ඇඟවීම් තිබියදීම, ගෝලීය ආර්ථිකයේ වේගවත් පසුබෑම ද වෝල් වීදියේ අස්ථාවරත්වයට ප්‍රධාන සාධකයක් විය.

පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 2020 දෙවන කාර්තුවේදී ගෝලීය වෙලඳාම සියයට 27 න් පහත වැටෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව එක්සත් ජාතීන්ගේ වෙලඳ හා සංවර්ධනය පිලිබඳ සමුලුව (UNCTAD) ඊයේ ප්‍රකාශ කලේය. අප්‍රේල්  මාසයේ පමනක් බලශක්ති නිෂ්පාදනවල වෙලඳාම සියයට 40 න් පහත වැටී ඇති අතර මෝටර් රථ නිෂ්පාදන සියයට 50 කින් පහත වැටී ඇති බව UNCTAD කියා සිටියේ ය.

මූල්‍ය ක්ෂේත්‍රෙය් සියලු අංශ වලට  ලැබුන මහ බැංකුවේ සහයෝගය හමුවේ එස් ඇන්ඩ් පී 500 නොකඩවා ඉහල නැඟුනි. එසේ වුවත් සමහර ඇස්තමේන්තු වලට අනුව, දර්ශකයට ඇතුලත් සමාගම් තුනෙන් එකකට වඩා ඉපැයීම් මාර්ගෝපදේශ ලබා දී නැත. 

එස් ඇන්ඩ් පී 500 සමාගම්වල ආදායමෙන් සියයට 40 ක් විදේශීය විකුනුම් වලින් ලැබෙන තතු හමුවේ,  එක්සත් ජනපද මූල්‍ය වෙලඳපොලවල් ලෝක ආර්ථිකයේ වර්ධනයන්ගෙන් නිදහස් නොවේ. එහි සියලු දර්ශක යොමු ව ඇත්තේ ගැඹුරු වන පසුබෑමකට ය.

සමස්ත වසරේම ගෝලීය වෙලඳාම 2019 හා සසඳන කල සියයට 20 කින් පහත වැටෙනු ඇතැයි එය පුරෝකථනය කලේය.

වසංගතයේ ගෝලීය බලපෑම් පිලිබඳ දරුනුම අනතුරු ඇඟවීම්වලින් එකක් මේ සතිය මුලදී ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (ඕඊසීඩී) විසින් නිකුත් කරන ලදී.

ඕඊසීඩී ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ලෝරන්ස් බූන් පැවසුවේ,  විරැකියාව, ව්‍යාපාර බංකොලොත් වීම සහ සමාජ දුරස්ථභාවය කෙරෙහි  වසංගතයේ බලපෑම උත්සන්නව ඇති අතර එය  අවපාතයකින් සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත්වීම වලක්වනු ඇති බවයි.

“බොහෝ අය V- හැඩැති ප්‍රකෘතියක් දකින නමුත් එය මුලු දුරම නොයා අතර මැද නතර වනු ඇතැයි අපි සිතමු,” ඇය පැවසුවාය.

ඕඊසීඩී අනාවැකියට අනුව: “2021 අවසානය වන විට, ආදායම් අලාභය යුද සමයෙන් මෙපිට  පැවති කුමන හෝ අවපාතයක මට්ටම ඉක්මවනු ඇත. එවැන්නක් ජනතාවන්ට හා ආන්ඩු වලට දිගු කල් පවත්නා උග්‍ර ප්‍රතිවිපාක ගෙන එනු ඇත.”

දෙවන රැල්ලක් වලක්වා ගත්ත ද ගෝලීය ආර්ථිකය, 2020 මුල් භාගයේදී සියයට 12 කින් හැකිලෙනු ඇති අතර 2021 අවසන් වන විට වුවත් එය මේ වසර ආරම්භයේදී පැවති මට්ටමට වඩා පහලින්  පවතිනු ඇත. නමුත් උතුරු ශීත සෘතුව තුල වෛරසයේ දෙවන රැල්ලක් ඇති වුවහොත් ගෝලීය නිමැවුම ලබන වසරේදී තවත් සියයට 10 කින් අඩු වනු ඇත.

Loading