ට්‍රම්ප් ධවල මන්දිරය පිලිබඳ බෝල්ටන්ගේ තොරතුරු: එක්සත් ජනපද පාලක ප්‍රභූව අතර ගැටුමේ තවත් වෙඩිමුරයක්

පැට්‍රික් මාටින්
22 ජූනි 2020

මෙම ලිපිය මැයි 19 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

ට්‍රම්ප් ධවල මන්දිරයේ 2018 අප්‍රේල් සිට 2019 සැප්තැම්බර් දක්වා ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කල ජෝන් බෝල්ටන්ගේ නව ග්‍රන්ථය, ට්‍රම්ප් ජනාධිපති ධුර කාලය ආරම්භයේ පටන්ම එය අස්ථාවර කල, විශේෂයෙන්ම එහි විදෙස් පිලිවෙත මුල්කරගෙන, ඇමරිකානු පාලක ප්‍රභූව තුල දිගින් දිගටම පවතින ගැටුම ප්‍රකාශයට පත් කරන තවත් පහරක් සනිටුහන් කරයි.

පවුලේ ව්‍යාපාර හා තමන් යලි තේරීපත්වීම  ගැන පමනක් සැලකිලිමත් වන -එය පුදුම  හෙලිදරව් කිරීමක් නොවේ - මෝඩයෙකු, කරදරකාරයෙකු ලෙස ට්‍රම්ප්ට චෝදනා කිරීම කෙරෙහි මාධ්‍ය අවධානය යොමු කර ඇත ද පොතේ ප්‍රධාන වැදගත්කම එය,  ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය මුලුමනින්ම දක්ෂිනාංශික දෘෂ්ටි කෝනයකින් විවේචනය කර තිබීමයි.

ඉරානයේ භූමි ප්‍රදේශය උඩින් පියාසර කරමින් තිබූ එක්සත් ජනපද හමුදා ඔත්තු ඩ්‍රෝන යානයක් ඉරානය විසින් වෙඩි තබා බිම හෙලීමෙන්  පසුව, ඉරාන ඉලක්ක වෙත කෘස් මිසයිල ප්‍රහාර එල්ල නොකිරීමට 2019 ජූනි මාසයේදී,  අවසන් මොහොතේ ට්‍රම්ප් ගත් තීරනය ගැන බෝල්ටන් විශේෂයෙන් කනගාටු වේ. මිනිසුන් රහිත ඩ්‍රෝන් යානයක් විනාශ කිරීමට පලිගැනීම සඳහා  ඉරාන සොල්දාදුවන් 150 දෙනෙකු ඝාතනය කිරීම “සමාන නොවන” ක්‍රියාවක් ලෙස ලෝකය සලකනු ඇතැයි ට්‍රම්ප් ට්වීටර් සටහනකින් පැවසීය.

එක්සත් ජනපදයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් (ඒපී ඡායාරූපය / මාටින් මෙජියා)

මෙම ක්‍රියාවට දැඩි ලෙස විරුද්ධ වීමෙන් පසුව මාස දෙකකට පසුව බෝල්ටන් ඉල්ලා අස්විය, නැතහොත් සේවයෙන් පහ කරනු ලැබුවේ ය. වසරකට පසුව ඔහු දැන් ලියන්නේ, ඉරාන වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය නොකිරීමට ට්‍රම්ප් ගත් තීරනය “ඕනෑම ජනාධිපතිවරයකු විසින් කරන ලද මා දුටු වඩාත්ම මෝඩ ක්‍රියාව” බවයි. එම ප්‍රකාශයෙන්  ට්‍රම්ප් ගැන කියනවාට වඩා බෝල්ටන් ගැන කියවෙයි.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පොත ගැන පලවූ සමාලෝචනයට අනුව, බෝල්ටන් විනාශ කිරීමට බලාපොරොත්තු වූ ඉරාන ඉලක්කවලින් එකක් වූයේ, ඉරාන විප්ලවවාදී ආරක්ෂකයින්ගේ ප්‍රභූ කුඩ්ස් බලකායේ ඉහලම නායක කාසිම් සුලෙයිමානි ය. මාස හතකට පසු, 2019 ජුනි මාසයේදී ඇතිව තිබූනාටත් වඩා තුනී කඩතුරාවක් යටතේ  සුලේමානි සහ තවත් ඉරාන හා ඉරාක නිලධාරීන් දස දෙනෙකු ඝාතනය කල ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයකට ට්‍රම්ප් නියෝග කලේය.

ට්‍රම්ප් විසින්ම මෙම පොතට අතිවිශාල ප්‍රචාරයක් ලබා දී ඇත්තේ, එය මර්දනය කරන ලෙස ඉල්ලා සිටිමින් හා ඒ සඳහා නීතිමය යෝජනා මාලාවක් ගොනු කරන ලෙස අධිකරන දෙපාර්තමේන්තුවට නියෝග කරමිනි. ඩොලර් මිලියන 2 ක අත්තිකාරමක් දැනටමත් ලබා ගෙන ඇති බෝල්ටන්ට, පොතෙන් ලැබිය හැකි ලාභය, ෆෙඩරල් අධිකරනය විසින් අත්පත් කර ගන්නා ලෙස ඩොජ් අඟහරුවාදා ඉල්ලා සිටියේය. බදාදා එය ප්‍රකාශයට පත් කිරීම සම්පූර්නයෙන්ම අවහිර කරමින් තාවකාලික සීමා නියෝගයක් ඉල්ලා සිටියේය.

නීති නිරීක්ෂකයින් පැවසුවේ, මෙම උසාවි ගොනු කිරීම එක් අයෙකුගේ, එනම්  ට්‍රම්ප්ගේ ප්‍රේක්ෂකයන් ඉලක්ක  කර ගත් එකක් වන අතර, එය සාර්ථක වීමේ හැකියාවක් නොමැති බවයි. ජනාධිපති සහ ඔහුගේ ඉහල උපදේශකයන් අතර වන සියලුම සංවාද රහසිගත ඒවා  බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.  එය විධායක ශාඛාවට අදාල වන සියලුම ව්‍යවස්ථාමය හා නෛතික සීමාවන් අහෝසි කරන අතර, ජනාධිපති නීතියට ඉහලින් තබනු ඇත.

පොතක් ප්‍රකාශයට පත් කිරීම තහනම් කරමින් නියෝගයක්, මේ සම්බන්ධයෙන් නම් “පූර්ව සීමාවක්” ලෙස හැඳින්වෙන, නිකුත් කිරීමට කිසිදු ෆෙඩරල් අධිකරනයක් මෙතෙක් එකඟ වී නොමැත. මීලඟ ජුනි 23 වන අඟහරුවාදා පොත අලෙවිය සඳහා මේ වන විටත් විශාල ප්‍රමාන වලින් මුද්‍රනය කර පොත් සාප්පු හා ප්‍රවෘත්ති පත්‍ර  අලෙවි කරන ගබඩාවලට යවා ඇත. අධිකරන දෙපාර්තමේන්තුව ගොනුකර ඇති නඩුව පිලිබඳ මූලික අධිකරන  විභාගයක් අද පැවැත්වීමට නියමිතය.

පොත පිලිබඳව  මාධ්‍යවල පල වූ සාරාංශ වලට අනුව, බෝල්ටන් ට්‍රම්ප් විස්තර කරන්නේ, “විශ්මයජනක ලෙස අඥාන” ( ෆින්ලන්තය රුසියාවේ කොටසක් බවත්, බ්‍රිතාන්‍යය සතුව න්‍යෂ්ටික අවි ඇති බව නොදැන සිටි) අයෙකු හා  ඔහුගේම මැතිවරන හා මූල්‍ය අවශ්‍යතා ගැන නිතරම උනන්දු වන, නිතරම චීනය ද ඇතුලු විදේශීය ආන්ඩුවල සහයෝගය සෙවූවෙකු ලෙසත්ය.

2019 දී, 20  කන්ඩායමේ සමුලුවකදී ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින් පිංගේ සහාය ඉල්ලා සිටි බව බෝල්ටන් ප්‍රකාශ කරයි. ඒ ට්‍රම්ප් නැවත තේරී පත්වීම සඳහා අත්‍යවශ්‍ය වන, ප්‍රාන්තවල නිෂ්පාදිත කෘෂිකාර්මික භාන්ඩ චීනය විසින් මිලදී ගැනීමේ ස්වරූපයෙනි. ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් චීනයේ බටහිර පලාතේ ෂින්ජියැන් හි උයිගර් මුස්ලිම්වරුන් විශාල සංඛ්‍යාවක් රැඳවුම් කඳවුරු ගත කිරීමට බීජිනය ගත් තීරයට සහාය දැක්වීය.

ට්‍රම්ප් සහ ෂී අතර සාකච්ඡාවේදී එහි සිටියේ පරිවර්තකයින් පමනක්  බැවින්, බෝල්ටන්ට විස්තර දැනගත හැකි වුනේ, ඔහුට රාජ්‍ය දෙපාර්තමේන්තුව තුල මූලාශ්‍ර තිබූ නිසා හෝ විනය කඩ කරමින් ඔහුට තොරතුරු සැපයීමට ඉදිරිපත්වූවන් නිසා හෝ සමුලුවේ බුද්ධි අංශ නිරීක්ෂන වලිනි. කෙසේ වෙතත් ඔහුගේ චෝදනාව, ජාතික ආරක්ෂක අංශ වලින් ට්‍රම්ප්ට එල්ලවූ තවත් වෙඩි පහරකට සමාන වේ.

අහම්බෙන් හෝ නැතත් ට්‍රම්ප්, බදාදා චීනය උයිගර්වරුන්ට හිංසා පීඩා කිරීමට විරුද්ධව  නීති සම්පාදනය කරන ලදී. එදිනම ඔහුගේ ඩොජ් නීතිඥයින් බෝල්ටන්ගේ පොත යටපත් කරන ලෙස ඉල්ලා සිටියහ.

එම ට්‍රම්ප්-ෂී සංවාදය ගැනම සඳහන් කරමින් වෝල් ස්ට්‍රීට් ජර්නලයේ පල වූ පොතේ උපුටනයක් මෙසේ සඳහන් කරයි. “ට්‍රම්ප් සමඟ තවත් වසර හයක් වැඩ කිරීමට අවශ්‍ය බව ෂී පැවසූ විට එක් විශේෂත්වයක් මතු විය. එනම්, ජනාධිපතිවරුන් සඳහා වන දෙවතාවක ව්‍යවස්ථාමය සීමාව ඔහු වෙනුවෙන් අවලංගු කල යුතු බව මිනිසුන් කියන්නේ යයි ට්‍රම්ප් පිලිතුරු දුන්නේය යන්නයි.

සමාලෝචන වලට අනුව, මෙම පොත බොහෝ දුරට බෝල්ටන් ට්‍රම්ප්ට ගැසූ පහර වලින් සමන්විතය. ඒ කැපී පෙනෙන දුබලකම් සහ විදේශ ප්‍රතිපත්තියේ නොබැරෑරුම්කම නිසා ට්‍රම්ප්ට පහර දීම, විවිධ නායකයින් විසින් ඔහුට දුන් පොරොන්දු ඒ ලෙසම පිලිගැනීම නිසාය. උතුරු කොරියාවේ කිම් ජොන් උන්,  තුර්කියේ රිසෙප් ටයිප් එර්ඩෝගන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ තවත් අය පිලිබඳව බෝල්ටන්ට පැවතියේ අප්‍රසාදයකි.

ඒ සෑම අවස්ථාවකම බෝල්ටන් වඩාත් ආක්‍රමනශීලී හා කරදරකාරී ඉරියව්වකින් කටයුතු කර ඇත.  ට්‍රම්ප් උතුරු කොරියාවට දුන් ප්‍රකාශ සහ සිරියාව තුල එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම දිගටම කරගෙන යාමට ඔහු දක්වන අකැමැත්ත ගැන,  උදාහරනයක් ලෙස, ඒවා මූලෝපායික පරාජයන් ලෙස ඔහු දැකගත්තේය. යුරෝපය, දකුනු කොරියාව, ජපානය සහ ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීමේ ට්‍රම්ප්ගේ අභිලාෂයට ඔහු විරුද්ධ විය

ඉරිදා විකාශය වීමට නියමිත ඒබීසී ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බෝල්ටන් කියා සිටියේ, තමාට ට්‍රම්ප් “වීනාවක් මෙන්” ක්‍රීඩා කල හැකි භාන්ඬයක් යයි පුටින් සිතන බවත් “තමා බරපතල විරුද්ධවාදියෙකුට මුහුන දී සිටින බවක් ට්‍රම්ප්ට නොපෙනුන බවකි. මම හිතන්නේ නැහැ ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කරදර වෙනවා කියලා. ”

බෝල්ටන්ට වෙනත් අදහස් තිබියදී ට්‍රම්ප් මිලිටරි ක්‍රියාමාර්ගයට කැමැත්තක් දැක්වූයේ එක් කාරනයක් සම්බන්ධයෙන්  පමනි. එය වෙනිසියුලාව සම්බන්ධයෙන් වන අතර, එහිදී ඔහු කියා සිටියේ, ට්‍රම්ප් අවස්ථා කිහිපයකදී හමුදා විකල්පයන් තෝරාගත් නමුත්, පෙන්ටගනයේ නිලධාරීන්ගේ බලපෑම් නිසා සහ අවසානයේ පුටින් දුන් දුරකථන ඇමතුමකින් එය අත්හැර දැමීමට සිදුවූ බවත්ය.

යුක්රේනය සමඟ සබඳතා පිලිබඳ ප්‍රශ්නය මත බෝල්ටන් ජනවාරි මාසයේ දී ඉඟි කර තිබුනේ, එවකට අපේක්‍ෂා කල හැකි හා දැන් සැබවින්ම ඔහුගේ ඩිමොක්‍රටික් විරුද්ධවාදියා වන හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන් ගැන විමර්ශනය කිරීමට යුක්‍රේන ආන්ඩුව පොලඹවා ගැනීම සඳහා මිලිටරි ආධාර අත්හිටුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා ඩිමොක්‍රටික් ව්‍යාපාරයට ප්‍රයෝජනවත් විය හැකි වැදගත් තොරතුරු තමා සතුව ඇති බවයි. 

පොතේ අවසාන පරිච්ඡේදය තුලින් බෝල්ටන් යුක්‍රේනයෙන් බැහැරව ගොස්, ඩිමොක්‍රටිකයින් පිලිබඳ පරීක්ෂනයක් සඳහා එරටට ආධාර අත්හිටුවීම සඳහා ට්‍රම්ප් කෙලින්ම සම්බන්ධ වූ, අවම වශයෙන් එක් රැස්වීමකවත් ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට ඉදිරිපත්ව ඇත. “ඊලඟ දවසේ අගෝස්තු 20 වෙනිදා උදේ, මම යුක්‍රේනයේ ආරක්ෂක ආධාර සඳහා ට්‍රම්ප්ගේ මනාපය විමසා බැලූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, ක්ලින්ටන් සහ බිඩෙන් සම්බන්ධ සියලු රුසියානු විමර්ශන තොරතුරු ලබාදෙන තුරු ඔවුන්ට කිසිවක් යැවීමට තමා කැමති නැති බවයි” එක් සමාලෝචනයකට අනුව බෝල්ටන්  ලියා ඇත.

ට්‍රම්ප්ගේ දෝෂාභියෝගය සකස් කල විවිධ සභා කමිටු ඉදිරියේ පෙනී සිටි කිසිම සාක්ෂිකරුවෙකුට එවැනි සාක්ෂියක් ලබා දිය නොහැකි විය. මන්ද ඔවුන් පහල මට්ටමේ අතරමැදියන් වූ නිසා හා කියෙව් තන්ත්‍රයට එරෙහි පීඩන ව්‍යාපාරයේ එක් හෝ තවත් අංගයක් පිලිබඳ සාක්ෂිකරුවන් වීම නිසාය. එහිදී බෝල්ටන්, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ උප ජනාධිපති පෙන්ස් වැනි ඉහල පෙලේ නිලධාරීන් මෙන්ම ට්‍රම්ප් ද සාක්ෂි දීම ප්‍රතික්ෂේප කර තිබුනි.

දෝෂාභියෝග ව්‍යාපාරයේ පෙරමුන ගත් ඩිමොක්‍රටිකයින්, බෝල්ටන් තරු සාක්ෂිකරුවෙකු ලෙස බඳවා ගැනීමට උත්සාහ කල නමුත් ඔහු ස්වේච්ඡාවෙන් සභා බුද්ධි කමිටුව ඉදිරියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කල අතර  ඕනෑම උසාවි සිතාසියකට විරුද්ධව සටන් කරන බවට දිව්රා තිබුනි. සෙනෙට් නඩු විභාගය ආරම්භ වූ වහාම බෝල්ටන්, සිය ප්‍රසිද්ධ ආස්ථානය  වෙනස් කර සාක්ෂි දීමට ඉදිරිපත් වූනේ, රිපබ්ලිකන් පාලනය යටතේ  ඇති සෙනෙට් සභාව තමා කැඳවීම ප්‍රතික්ෂේප කරන බව  සහතික කරගැනීමෙන් පසුවය.

බෝල්ටන්ගේ පොතට  දැක්වූ ප්‍රතිචාරයේ දී දැන් අනුමාන ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වන බිඩෙන්, දෝෂාභියෝගය ගැන කිසිදු සඳහනක් නොකල අතර, “සදාචාරාත්මක පිලිකුල් සහගත“ යයි ඔහු සඳහන් කල ට්‍රම්ප්ගේ යලි ජනාධිපතිවීමේ  ව්‍යාපාරයට සහාය වන ලෙස ෂීගෙන් ඉල්ලා සිටීම පිලිබඳ චෝදනාවේ දෘෂ්ටි කෝනයෙන් එයට ප්‍රවිෂ්ට විය.  ට්‍රම්ප් ෂී මත යැපීම නිසා චීනයේ වුහාන්හි ආරම්භ වූ කොරොනා වෛරස් වසංගතයේ වැදගත්කම අවතක්සේරු කිරීමට ඔහු පෙලඹී ඇති බව ඔහු පැවසීය.

දෝෂාභියෝග ප්‍රශ්නය මග හැරීමට බිඩෙන්ට පැහැදිලි හේතුවක් තිබේ. හිටපු උප ජනාධිපතිවූ ඔහුගේ පුත් හන්ටර්ට බුරිස්මා යන යුක්‍රේන ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මන්ඬල සාමාජිකයෙක් ලෙස මසකට ඩොලර් 80,000 ක “රැකියාවක්” ඔබාමා පරිපාලනයේ යුක්‍රේන ප්‍රතිපත්තිය භාරව කටයුතු කල ජෝ බිඩෙන් විසින් ප්‍රධානය කරනු ලැබීම පිලිබඳ අපකීර්තිමත් සිද්ධියක් සම්බන්ධයෙන් ට්‍රම්ප් යුක්‍රේනයෙන් පරීක්ෂනයක් ඉල්ලා සිටීම එම හේතුවයි.