ඉදිරිදර්ශන

ගිලීඩ් සයන්ස් සමාගම වසංගතයෙන් මුදල් කොල්ල කයි

මෙම ලිපිය ජූලි 1 දින ඉංග්‍රීසියෙන් පලවින.

යෝධ ඖෂධ සමාගමක් වන ගිලියද් සයන්ස්, වෛද්‍ය රැකවරන හා වෛද්‍ය ආධාර ලබන අය ද ඇතුලු එක්සත් ජනපද ජනගහනයෙන් අතිමහත් බහුතරයකගෙන්, තම කොරෝනා වෛරස් චිකිත්සක ප්‍රතිකර්මය සඳහා දින පහකට ඩොලර් 3,120 ක් අය කරන බව සඳුදා නිවේදනය කලේය. ඖෂධයේ ග්රෑම් දහයෙන් එකක් අඩංගු රෙම්ඩිසිවර් බඳුනකට ඩොලර් 520 ක් අයකරන අතර රත්‍රන්වල  එම බරට වඩා මිල සිය ගුනයකින් වැඩි ය .

මෙය කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ඇමරිකානු ජනතාව කොල්ලකෑමෙන් වෙනස් දෙයක් නො වේ.  ඖෂධයෙන් ලාභයක් ලැබීමට අවශ්‍ය මිලට වඩා එයට  නියම කර තිබෙන මිල 400 ගුනයකින් වැඩි වනු ඇතැයි ගනන් බලා තිබේ. වසර අවසාන වන විට ගිලීද් සමාගම  ඩොලර් බිලියන 1.3 ක් උපයා ගැනීමට අපේක්ෂා කරයි.

ගිලීද් නිවේදනය පැහැදිලි පනිවිඩයකි: මිලියන 10.5 කට වැඩි පිරිසකට ආසාදනය වී ලොව පුරා අවම වශයෙන් 513,000 ක් මරනයට පත් කර ඇති කොවිඩ්-19 වසංගතයෙන් ඇමරිකානු ඖෂධ සමාගම් බිලියන ගනනක් උපයා ගැනිමට සැලසුම් කරයි. පසුගිය දින දෙක තුල වෝල් වීදිය ඒ්කක 800 කින් ඉහල යාම එහි ප්‍රකාශනයකි.

මාධ්‍ය නිවේදනයෙන් ඉක්බිතිව, ගිලීද් කෙරෙහි ඇති වූ පිලිකුල වඩාත් ප්‍රබල ලෙස ඉදිරිපත් කරන ලද්දේ ඒඩ්ස් සෞඛ්‍ය පදනමේ සභාපති මයිකල් වීන්ස්ටයින් විසිනි. “ගිලීද් සයන්ස් අද,  යුද ලාභ ගරන්නෙකු හා සහ ගිජු අවජාතකයෙකු ලෙස පෙනී සිටිමින් සිය  වෙස් මුහුන ගැලවූවේ ය. මෙය එක්සත් ජනපදයේ සිදු වූ මරන 120,000 ට වැඩි සංඛ්‍යාවක් ද ඇලුව ලොව පුරා මිලියන භාගයකට අධික ජනතාවක් මරා දමා ඇති ගෝලීය වසංගතයකට දැක්වූ, මානසිකව දුබල සහ කැපී පෙනෙන ලෙස බිහිරි ප්‍රතිචාරයකි. ”

සමාගමේ මිල ගනන් සාධාරනීය  කිරීමට උත්සාහ කරමින් ගිලීද් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඩැනියෙල් ඕ’ඩේ විවෘත ලිපියක් නිකුත් කලේ ය. මූලික හා සංඛ්‍යානමය වශයෙන් වැදගත් නො වන දත්ත පදනම් කරගෙන ඕ ඩේ කියා සිටියේ, රෙම්ඩිසිවර් පාවිච්චි කර  “යථා තත්ත්වයට පත්වීමට සාමාන්‍යයෙන් ගතවෙන්නේ දින හතරක පමන කෙටි කාලය”  බව යි. ඔහුට අනුව මෙ මඟින් රෝහල් වලට “දල වශයෙන් රෝගියෙකු සඳහා වැයවන මිලෙන් ඩොලර් 12000ක් ඉතිරිකර දෙයි.”

මේ  අනුව සමාගමේ විධායකයින් නොමසුරු ලෙස “මෙම වටිනාකමට වඩා අඩු මිලක් නියම කිරීමට තීරනය කලේය. හදිසි ගෝලීය අවශ්‍යතාවයකදී පුලුල් හා සාධාරන ප්‍රවේශයක් සහතික කිරීම සඳහා අපි මිලක් නියම කර ඇත්තෙමු. එය එක් රෝගියෙකුට ඩොලර් 2,340 කට සමාන වේ. ” ඔ'ඩේගේ මතය අනුව, මෙය “සියලුම රෝගීන්ට  චිකිත්සාව සඳහා ඉඩප්‍රස්තාව සල” අතර සමාගමේ “දිගුකාලීන වගකීම්” තුලනය කරයි.

මෙම “දිගුකාලීන වගකීම්” මොනවා දැයි  සඳහන් නොවන නමුත් ඒවා කොරොනා වෛරස් රෝගීන්ට අදාල නොවන බව පැහැදිලිය. සායනික හා ආර්ථික සමාලෝචන ආයතනයේ වාර්තාවකින් පෙනී යන්නේ, දින 10 ක ප්‍රතිකාරයක් සඳහා රෙම්ඩිසිවර් සෑදීමට  අවශ්‍ය අමුද්‍රව්‍ය විසින් ඩොලර් 600 කට එය මිල කර ඇති බවයි. ඔඩේ විසින් පුරසාරම් දෙඩූ “පුලුල් හා සාධාරන” වියදම ඒ මෙන් සිව් ගුනයකින් ඉහලය.

එක්සත් ජනපදයේ මිලියන ගනනක් සඳහා ඔවුන්ගේ රක්ෂනය මගින් චිකිත්සක පිරිවැය දරනු ලබන අතර තවත් මිලියන ගනනක් රැඳී සිටින්නේ කොරෝනා වෛරස් ප්‍රතිකාර සඳහා අරමුදල් සපයන කෙයාස්  පනත මත ය.  එම මුදල් සංචිතය ක්ෂයවී ගිය පසු, විශේෂයෙන් වසංගතයට පෙර පවා, ඔවුන්ට තිබුනේ විකල්ප කිහිපයකි. ජනගහනයෙන් සියයට 40 කට ආසන්න පිරිසකට  ඩොලර් 400 ක හදිසි වියදමක් දැරීමට නොහැක. එම මුදල හය හෝ අට ගුනයකින් වැඩිවන කල කෙසේවත් එම මිල දරාගත නොහැකි වනු ඇත.

 තාර්කික ලෝකයක නම්, සෞඛ්‍ය හා මානව සේවා (එච්එච්එස්) ලේකම් ඇලෙක්ස් අසාර් ඉල්ලා සිටිය යුුුත්තේ, ගිලීද් හි අසාධාරන මිල  ඉහල නැංවීම වහාම නතර කරන ලෙසයි. ඒ වෙනුවට ඔහු පොරොන්දු වුනේ,  “ජීවිතාරක්ෂක” ඖෂධයක් ලෙස වර්නනා කල එයින්, ඩොලර් බිලියන 1.56 ක් වටිනා ඖෂධ එච්එච්එස් විසින් මිලට ගන්නා බවටය.

අසාර්ට ඖෂධ කර්මාන්තය සමඟ බොහෝ සබඳතා ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එච්එච්එස් ලේකම් ධුරයට පත්වීමට පෙර ඔහු, ප්‍රධාන ඖෂධ ව්‍යවසායයක් වන එලී ලිලි සහ සමාගමේ සභාපති වූ අතර, ජෛව තාක්ෂන නවෝත්පාදන සංවිධානයේ බලපෑම් කන්ඩාමේ අධ්‍යක්ෂවරයෙකු ද විය. වසංගතය දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී චීනයේ ප්රථම වරට මතුවූ විට, වසංගතය අවතක්සේරු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහු අකටයුතු හෙලිදරව් කරන රික් බ්රයිට්ගේ හෙලා දැකීමට ලක් විය. 

නව කොරොනා වෛරසයට ප්‍රතිකාර කිරීමේ දී රෙම්ඩිසිවර් සැබවින්ම ඵලදායී ද යන්නත් පැහැදිලි නැත. දැඩි උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝම (severe acute respiratory syndrome, SARS) සහ මැදපෙරදිග ශ්වසන සින්ඩ්රෝම (Middle East respiratory syndrome, MERS) කොරෝනා  වෛරස් වලට එරෙහිව ප්‍රතිකර්මයේ (රෙම්ඩිසිවර්)කාර්යක්ෂමතාවය ගිලීද් විසින් පරීක්ෂා කර ඇති අතර, එමඟින් SARS-CoV-2 නම් වසංගත වෛරසයට එරෙහිව එයට ක්‍රියා කල හැකි ද යන්න සමාගමේ සැකයට බඳුන් විය. චීනයේ වෛද්‍යවරු ජනවාරි මාසයේ දී ඒ් මගින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කලහ.

එතැන් පටන් කොවිඩ්-19ට ප්‍රතිකාර කිරීමේදී රෙම්ඩිසිවර්හි කාර්යක්ෂමතාව පිලිබඳව පැවැත්වූ වෛද්‍ය පරියේෂන වලින්‍ පෙනීගොස් ඇත්තේ, වසංගතයට ගොදුරුවූවන් අතර මරන අනුපාතය සැලකිය යුතු ලෙස පහත හෙලීමට එය දායකවී නැති බවයි. ආසාත්මිකතාව හා ආසාදන රෝග පිලිබඳ ජාතික ආයතනය (National Institute of Allergy and Infectious Diseases, NIAID) විසින් අප්‍රේල් මාසයේ කරන ලද පරීක්ෂනයකින් නිගමනය කලේ, “රෙමිඩිස්වර් පාවිච්චි කිරීමෙන් පසුවත් පැවතුනු ඉහල මරන අනුපාත සලකා බලන විට පැහැදිලි වන්නේ, එම අසාදන වැලැක්වීමට ඖෂධය පමනක් පාවිච්චි කිරීම සෑහෙන්නේ නැති බවයි.” මේ සන්දර්භය තුල, පවතින විද්‍යාත්මක දැනුමට අනුව, එම ඖෂධය මිලට ගැනීම පිනිස ඩොලර් බිලියන ගනන් වැය කිරීම නිස්කාරන බව කිව යුතුය. 

 මූලික පර්යේෂන ප්‍රතිඵල නිකුත් කෙරුනු අවස්ථාවේ ,( when the preliminary results were released) NIAID අධ්‍යක්ෂ ඇන්තනි ෆෝසි මෙසේ  ප්‍රකාශ කලේය: “දත්ත මගින් පෙන්නුම් කරන්නේ, ප්‍රකෘතිමත් වීමේ කාලය අඩු කිරීම සඳහා රෙමෙඩිසිවර්හි පැහැදිලි හා කැපී පෙනෙන ධනාත්මක බලපෑමක් ඇති බවයි… [කොරෝනා වෛරසයට] ප්‍රතිකාර කිරීමේ හැකියාව දැන් ඇතැ යි යන කාරනයට එය දොර විවර කර තිබෙන බව අපි සිතමු .

ෆෝසිගේ සහාය ගිලීද් කොටස් අගය නව ඉහලකට ගෙන යාමට උපකාරී විය. වසර ආරම්භයේ සිට, සමාගමේ වෙලඳපල ප්‍රාග්ධනය ඩොලර් බිලියන 96.5 ක් දක්වා, ඩොලර් බිලියන 20.1 කින් ඉහල ගොස් ඇති අතර, ඒ, බොහෝ දුරට වසංගතයට ඵලදායී ප්රතිකාරයක් ලෙස රෙමෙඩිසිවර් ප්රවර්ධනය කිරීමෙනි. මෙය තමන්ම එන්නතක් සඳහා කටයුතු කරන බව පැවසීමෙන් පසුව, ඩොලර් බිලියන 25 කට ආසන්න ශුද්ධ වටිනාකමකින්, එනම්  සියයට 200 කට  වැඩියෙන් සිය කොටස් අගය වැඩිකරගත් ඖෂධ  නිෂ්පාදක මෝඩර්නා සමාගමේ වාසනාව පිලිබඳ ද පිලිබිඹුවකි.  

මොඩර්නා, එන්නතක් නිපදවීමේදී ප්‍රගතියක් ලබා ඇති බවට කරන ලද නිවේදනය වටා ගොනුවූ මාධ්‍ය උමතුව හේතුවෙන්, ආන්ඩුවේ “වාර්ප් ස්පීඩ්” (ඹඹරෙකුගේ වේගය) එන්නත සංවර්ධන මෙහෙයුමේ ප්‍රධානියා ලෙස ට්‍රම්ප් විසින් හසුකර ගන්නා ලද මොඩර්නා මන්ඬලයේ සාමාජික මොන්සෙෆ් ස්ලූයි, සිය ධනය ඩොලර් මිලියන 2.4 න් වැඩිකර ගත්තේය.

ඖෂධ යෝධයන්ගේ කොටස් මිල ගනන් ඉහල නැංවීමට අමතරව, මාධ්‍ය විසින් රෙම්ඩෙස්විර් සහ මෝඩර්නාගේ එන්නත “ආශ්චර්යමත් ඖෂධ ” ලෙස ප්‍රවර්ධනය කිරීමෙන්, COVID-19 වසංගතය පැතිරෙන ස්ථාන වන කර්මාන්තශාලා සහ සේවා ස්ථානවල කම්කරුවන් නැවත සේවයට දැක්කීමේ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා ද සේවය කලේය.

17 වෝල් වීදිය වසංගතය දකින්නේ විභව ලාභ උල්පතක් ලෙස ය. මාර්තු මාසයේ සිට ඇප වශයෙන් ඩොලර් ට්‍රිලියන 6 ක් (අවම වශයෙන්) ලබාගෙන ඇති බැංකු හා ප්‍රධාන සමාගම්, කොරෝනා වෛරස්  ප්‍රතිකාර සඳහා අධික මුදලක් අය කිරීම මගින්, ඇමරිකානු සහ ලෝක ජනගහනය ප්‍රාන ඇපකරුවන් ලෙස ගනිමින්, අමතර බිලියන ගනනක් මඩිගසාගනු ඇත.

ගිලියද් යනු එක්සත් ජනපදයේ ව්‍යාපාරික අවනීතියට එක් උදාහරනයක් පමනි. මෑත අතීතයේ දී, ෆ්ලින්ට් ප්‍රදේශයේ විෂ පැතිරීම, බෝයිං 737 මැක්ස් යානා බිඳ වැටීම් දෙකක්, ඔපියොයිඩ් වසංගතය සහ පීජී ඇන්ඩ් ඊ නිසා ඇති වූ කැලිෆෝනියා ලැව්ගිනි දැකගත හැකි විය. මෙම අපරාධ සම්බන්ධයෙන් කිසිදු විධායකයෙකු මෙතෙක් බන්ධනාගාරයට යවා නැත. බැරක් ඔබාමාගේ නීතිපතිවරයා 2013 දී කොන්ග්‍රසයට පැවසූ පරිදි, අද දවසේ කොල්ලකාර ප්‍රභූන් “සිරගත කිරීමට තරම් ලොකු වැඩිය.

COVID-19 වසංගතයට ඇමරිකානු ධනවාදයේ විනාශකාරී ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ, මානව සෞඛ්‍යය පෞද්ගලික ලාභයට යටත් කිරීම හා ධනවාදය අවසන් කිරීමේ අවශ්‍යතාවය  යි. මෙහි අර්ථය,  ඖෂධ යෝධයින් ද සෑම ප්‍රධාන කර්මාන්තයක්ම ද අත්පත් කර ගැනීම සඳහා සමස්ත කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සහ මෙම ඒකාධිකාරයන් පොදු අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ආයතන බවට පරිවර්තනය කිරීමයි. කම්කරු පන්තිය මත, ව්‍යාපාරික අවශ්‍යතා පවත්වාගෙන යන ආඥාදායකත්වය අහෝසි කල යුතු අතර ආර්ථික ජීවිතය කම්කරුවන් අතට පත් කල යුතුය.

Loading