වසර 25 කට පෙර: ශ්‍රෙබ්‍රනිකා සංහාරයෙන් දහස් ගනනක් මරා දැමේ

මෙම ලිපිය ජූලි 6 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ශ්‍රෙබ්‍රනිකාවේදී සමූල ඝාතනය වුවන් ගොඩ ගැනීම

1995 ජුලි 11 වන දින, බොස්නියානු සර්බ්වරුන් විසින් වටලා ගෙන සිටි  ශ්‍රෙබ්‍රනිකා නගරය අත්පත් කර ගැනීම ආරම්භ විය.  සතියක් පුරා පැවති එයින් බොස්නියානු මුස්ලිම්වරුන් සමූහ ඝාතනයට ලක් විය. රැට්කෝ මැලඩික්ගේ අන යටතේ බොස්නියානු සර්බ්  හමුදාව, බොස්නියැක්වරුන් 8,000 කට වැඩි පිරිසක් ඝාතනය කලහ. එය දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදු වූ විශාලතම සමූහ ඝාතනය යි.

ඒ වන විට එක්සත් ජාතීන්ගේ (එජා) සංවිධානය විසින් ශ්‍රෙබ්‍රනිකා නගරය ආරක්ෂිතෙ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුනත්, බොස්නියානු සර්බ් වරුන්  එය අල්ලා ගැනීම හා සමූල ඝාතන ක්‍රියාත්මක කිරීම වැලැක්වීමට එජා සංවිධානය අපොහොසත් විය. එම ආරක්ෂිත ප්‍රදේශ සේවය කලේ ද   බොස්නියානු මුස්ලිම් ආන්ඩුවේ හමුදා කඳවුරු ලෙස යි. එජා මහලේකම් බූට්රොස් බූට්රොස්-ගාලි විසින් 1995 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කල එජා වාර්තාවක මෙසේ සඳහන් කරයි:  "[බොස්නියානු] ආන්ඩුවේ හමුදා මෑත මාසවලදී ආරක්ෂිත ප්‍රදේශ හා අවට ප්‍රදේශයන්හි හමුදා කටයුතු සැලකිය යුතු ලෙස වැඩි කර ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්… පුලුල් මිලිටරි මෙහෙයුමකට සූදානමින් සිටී.”

එක්සත් ජනපදය, ප්‍රන්සය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය බොස්නියානු සිවිල් යුද්ධය තුල ඔවුන්ගේ මිලිටරි මැදිහත්වීම තීව්‍ර කර ඇත. දශක ගනනාවක් තිස්සේ දැරූ ප්‍රයත්නයක කොටසක් වූ එහි ඉලක්කය වූයේ, ස්ලෝවේනියානු, ක්‍රොඒෂියානු, සර්බියානු, මුස්ලිම්, ඇල්බේනියානුවන්, මොන්ටිනිග්රින්, සහ වෙනත් ජාතිකයන් සමුහාන්ඩුවක් ලෙස එක්සත් වී සිටි යුගෝස්ලාවියාව විනාශ කිරීම යි.  

යුගෝස්ලාවියාවේ කොටස් වූ ක්‍රොඒෂියාවට සහ බොස්නියාවට තම නිදහස  ප්‍රකාශ කිරීම සඳහා  අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ලැබුනි. මෙයින් සිදු වූයේ එම ප්‍රදේශ වල සිටි සර්බියානු ජනගහනය එක වරම සුලුතරයක් බවට පත් වීමයි. බොස්නියාවට විශේෂයෙන් බහුතරයක් නොතිබුනද, මුස්ලිම්වරුන්, සර්බ්වරුන් සහ ක්‍රොඒෂියානුවන් සමූහාන්ඩුව පුරා පැතිර සිටියහ. ඔවුන් අතර අන්තර්-විවාහ සැලකිය යුතු ප්‍රමානයක් ද විය. සිවිල් යුද්ධයට පෙර දශක ගනනාවක් මුලුල්ලේ ජාතිකවාදී සහ වාර්ගික උද්ඝෝෂන මගින් වාර්ගික-ආගමික කන්ඩායම් තුන අතර ආතතීන් මේ වන විට උත්සන්න වී තිබුනි.

මුස්ලිම්වරුන්ට එරෙහිව සර්බියානුවන් විසින් සිදුකරන ලද බිහිසුනු ශ්‍රෙබ්‍රනිකා යුද අපරාධය ඉක්මනින්ම අධිරාජ්‍යවාදීන් විසින් අල්ලා ගත් අතර එය තව තවත් අපරාධ සඳහා මෙන්ම බෝල්කන් කලාපය තුල එකිනෙකා කාකොටාගන්නා යුද්ධ වලට මග පෑදී

සමූල ඝාතනයෙන් ඉක්බිතිව, බොස්නියාව මත අවි තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් ඒකපාර්ශවිකව යෝජනාවක් සම්මත කරන ලදී. මෙය එම ප්‍රදේශවලින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක හමුදා ඉවත් කර ගැනීමට දුන් සහතිකයක් විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක හමුදා ප්‍රථමයෙන් එහි ස්ථාපිත කලේ, නැගෙනහිර බොස්නියාවේ ඊනියා එක්සත් ජාතීන්ගේ “ආරක්ෂිත ප්‍රදේශවල” සිටින මුස්ලිම් සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට යයි කියමිනි.

Loading