ඉදිරිදර්ශන

අසමානතාවයේ වසංගතය: ඇමරිකානු ධනවාදය ජීවිත නොතකා ලාභ උපයයි

මෙම ලිපිය ජූලි 2දා ඉංග්‍රීසි බසින් පලවිය.

එක්සත් ජනපදය සිටින්නේ කෝවිඩ්-19 වසංගතයේ විනාශකාරී යලි හිස එසවීමක් මධ්‍යයේ ය. අඟහරුවාදා, වාර්තාගත ලෙස පුද්ගලයින් 50,701 ක් කොරෝනා  වෛරස‌යේ  ආසාධිතයින් බව පරීක්‍ෂන මගින් තහවුරු කෙරුනු අතර එය මෙතෙක් වාර්තා වූ ඉහලම දෛනික එකතුවයි. ඇමරිකාව තුල දින හතක් අලුත් රෝගීන් 40,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් අඛන්ඩව ආසාධිත වූ අතර, මේ සතියේ දෛනික ආසාදිතයින් මෙම මාසය ආරම්භයේ දී මෙන් දෙගුනයක් ඉහල ය. 

දැන් මියගිය සංඛ්‍යාව 130,000 කි. මෙය දල වශයෙන් පලමු ලෝක යුද්ධය, වියට්නාම් යුද්ධය සහ කොරියානු යුද්ධය යන සියල්ලේම මරනවල එකතුවට දල වශයෙන් සමාන වේ. රෝගය වර්තමාන වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ඇමරිකාව තුල මෙම මාසය අවසන් වන විට දෛනික රෝගීන් 100,000 ක් දක්වා ලඟා විය හැකිය. ගිම්හානය අවසන් වන විට මිලියනයකින්  හතරෙන් එකක ජනතාවක් මිය යා හැකිය.

වසංගතයට කැපවී ඇති රූපවාහිනී විවරනයේ අප්‍රමාන පැය ගනන්වල සහ ගනන් කල නොහැකි පුවත්පත් තීරුවල මෙම ව්‍යසනයට හේතු වන ආර්ථික අවශ්‍යතා පිලිබඳව කිසිදු විමසීමක් කර නොමැත. 

කෙන්සිංටන් කැපිටල් ඇක්විසිෂන් කෝපරේෂන් හි විධායකයින් 2020 ජුනි 26 වන දින නිව්යෝක් කොටස් වෙලඳපල වෙලඳ වාර අවසන් කිරීමේ සීනුව නාද කරයි. (ඒපී ඡායාරූප: නිව් යෝර්ක් කොටස් හුවමාරුව) [AP Photo/New York Stock Exchange]

සත්‍යය නම්, වසංගතයේ පුනර්ජීවනය යනු ට්‍රම්ප් පරිපාලනය විසින් මෙහෙයවන ලද නමුත් සමස්ත දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේම සහය ඇතිව, සමාජයේ අවශ්‍යතාවන් මූල්‍ය කතිපයාධිකාරයේ ආර්ථික අවශ්‍යතාවන්ට යටත් කිරීමේ සවිඥානික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බවයි.

පසුගිය මාස තුන තුල ඇමරිකානුවන් 115,000 කට වැඩි පිරිසක් කෝවිඩ්-19 මගින් මියගොස් ඇති අතර මිලියන 45.5 ක් පෙර නොවූ විරූ වෛද්‍ය, සමාජ හා ආර්ථික ව්‍යසනයක් මධ්‍යයේ විරැකියාවට ගොදුරු වී ඇත. 

එහෙත් කොටස් වෙලඳපොලට සහ ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරය සම්බන්ධයෙන් තත්වය ඊට බෙහෙවින් වෙනස් ය. ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිලිබඳ සංවිධානය සියවසක යුද්ධයක් අතරතුර නොවන දරුනුතම ආර්ථික අර්බුදය ලෙස හඳුන්වන තත්වයක් යටතේ ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය දශක තුනක් තුල සිය විශාලතම උත්පාතය ප්‍රදර්ශනය කර තිබේ.

ඩව්ජෝන්ස් දර්ශකය මේ වසරේ දෙවන කාර්තුවේදී සියයට 18 කින් ඉහල ගිය අතර එය 1987 න් පසු ලැබූ විශාලතම කාර්තුමය ලාභයයි. නැස්ඩැක් ඊටත් වඩා වේගයෙන් වර්ධනය වූ අතර එය වසර ආරම්භයේ පටන් සියයට 30.6 කින් ඉහල යමින් එම දර්ශකය සියයට 12 කින් ඉහල දැම්මේය. 

කොටස් වටිනාකම්වල දැවැන්ත වර්ධනය ඇමරිකාවේ මූල්‍ය කතිපයාධිකාරයේ ධනය පුලුල් කිරීමට හේතු වී තිබේ. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව මාර්තු 18 සිට ඇමරිකානු බිලියනපතියන්ගේ ධනය සියයට 20 කින් හෙවත් ඩොලර් බිලියන 484 කින් ඉහල ගොස් තිබේ. මාර්තු 18 සිට ජුනි 17 දක්වා කාලය තුල එජ බිලියනපතියන් 640 දෙනාගේ මුලු ශුද්ධ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.948 සිට ඩොලර් ට්‍රිලියන 3.531 දක්වා ඉහල ගියේය.

කොටස් වෙලඳපොල උත්පාතයේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයින් පස්දෙනා වන ජෙෆ් බෙසෝස්, බිල් ගේට්ස්, මාක් සකර්බර්ග්, වොරන් බෆට් සහ ලැරී එලිසන් වැන්නන්ගේ ධනය ඩොලර් බිලියන 101.7 කින් හෙවත් සියයට 26 කින් වර්ධනය විය.

ලොව වැඩිම වැටුප් ලබන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක්ගේ පෞද්ගලික ධනය පසුගිය වසර තුල දෙගුන වී තිබේ.

මේ සතියේ ටෙස්ලා සමාගම ටොයොටා සමාගම අභිබවා වෙලඳපල වටිනාකම අනුව ලෝකයේ වටිනාම මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්විය. පසුගිය මාස 12 තුල ටෙස්ලා හි කොටස් මිල පස් ගුනයකින් වැඩි වී ඇති අතර එය මේ සතියේ ඩොලර් 230 සිට ඩොලර් 1,100 දක්වා වැඩි වී තිබේ.

මෙම වර්ධනය පිලිබඳව අදහස් දක්වමින් ෆිනෑන්ෂල් ටයිම්ස් මෙසේ ලිවීය.

සමාගම ජුනි දක්වා කාර්තුවේදී කඩාවැටුනත්, එක දිගට කාර්තු හතරකදී බැංකු ගිනුම් මුදලින් පිරීගිය පලමු වතාව මෙය වනු ඇත.

තම කොටස් වෙලඳාමේ ඉපැයීම් මෙන් 16 ගුනයක් වටිනා වෙලඳාම් ටොයොටා සමාගම කරන අතර, ටෙස්ලා සමාගමේ කොටස් එහි ලාභය මෙන් 220 ගුනයකින් වැඩි වන අතර ම එය වෙනත් ඕනෑම මෝටර් රථ ව්‍යාපාරයකට වඩා බොහෝ ඉහල අගයක් ගනිමින් ඇමසන් වැනි තාක්ෂනික දැවැන්තයෝ දකින ගුනකයන් මෙන් දෙගුනයකට ආසන්නය.

එවැනි අශිෂ්ට කොටස් මිල තක්සේරු කිරීම් වනාහි සැබෑ ආර්ථිකය කඩා වැටෙද්දී පවා කොටස් මිල අහස උසට තල්ලු කර ඇති රජය මූල්‍ය වෙලඳපොලවලට සිදු කෙරුනු දැවැන්ත මැදිහත්වීමක ප්‍රතිඵලයකි. 

කෝවිඩ්-19 පලමු පැතිරී යාමේ සිට ඇමරිකානු ආන්ඩුව විසින් ගනු ලැබූ සෑම ක්‍රියාමාර්ගයක්ම මූල්‍ය කතිපයාධිකාරයේ ධනය ආරක්ෂා කිරීම හා පුලුල් කිරීම අරමුනු කර ගෙන ඇත. ජනවාරි සහ පෙබරවාරි මාසවලදී, රජය තුලත් ඉන් පිටතත් මහජන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු ඇඟවීමට උත්සාහ කරන විට, ට්‍රම්ප් පරිපාලනය වසංගතය නිසා ඇති විය හැකි අනතුරු අවතක්සේරු කල අතර මාධ්‍ය ද එය නොසලකා හැරියේය. 

මාර්තු මාසයේදී, රෝහල් රෝගීන්ගෙන් උතුරා යමින් වසංගතය නොසලකා හැරිය නොහැකි වූ විට, පාලක පන්තිය ප්‍රතිචාර දැක්වූයේ මහජන සෞඛ්‍ය වියදම්වල හදිසි වැඩි කිරීමකින් නොව, මූල්‍ය කතිපයාධිකාරයට දැවැන්තව ඇපදීමෙනි.

වසංගතය විසින් අවුලුවන ලද ආර්ථික අර්බුදයට ඇමරිකානු මහ බැංකුව ප්‍රතිචාර දැක්වූයේ බැංකු හා ප්‍රධාන මූල්‍ය ආයතනවලට ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 4 ක හදිසි නය ලබා දීමෙනි. ඊනියා කෙයාස් පනත (මහ ව්‍යාපාරිකය සඳහා සහන පැකේජ) සම්මත කිරීමේදී කොන්ග්‍රස් මන්ඩලය ආසන්න වශයෙන් ඒකමතිකව ක්‍රියාත්මක වීමෙන් මීට පිටුබලය දුනි.

ෆොරීන් ඇෆෙයාර්ස් හි ලිපියක සඳහන් වන පරිදි: “මාර්තු මස සහ අප්‍රේල් මස මුල් භාගයේදී ෆෙඩරල් මහ බැංකුව ඩොලර් ට්‍රිලියන 2 කට වඩා වැඩි ප්‍රමානයක් ආර්ථිකයට පොම්ප කලේය. මෙම මැදිහත්වීම ලේමන් බ්‍රදර්ස් ආයතනයේ බිඳ වැටීමෙන් පසු සති හය තුලදී ලබා දුන් මුදල මෙන් දෙගුනයකටත් වඩා බලවත්ය. මේ අතර, වෙලඳපල ආර්ථික විද්‍යාඥයෝ පුරෝකථනය කරන්නේ “මහ බැංකුව 2021 අවසන් වන විට ඩොලර් ට්‍රිලියන 5 කට වැඩි අමතර නය ප්‍රමානයක් මිලදී ගන්නා අතර එය 2008 සිට 2015 දක්වා එහි ඒකාබද්ධ මිලදී ගැනීම් පරයා යනු බවයි. ”

එම කලාපයේම තවත් ලිපියක සඳහන් වූ පරිදි: “මෙම වියදම් මට්ටමට ඉතිහාසයේ පූර්වාදර්ශයක් නැත, ආසන්නයේවත් නොවීය. යුද්ධයේදීවත් නොවීය. සාම කාලය තුල වත් නොවීය. කවදාවත් නොවීය."

වෝල් වීදියේ ඇපදීම සුරක්ෂිත වූ පසු, සමස්ත දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ හැරීම වූයේ නැවත රැකියාවන්ට යලි කැඳවීමේ ඉල්ලීමයි. කෝවිඩ්-19 පැතිරීම වැලැක්වීම සඳහා ව්‍යාපාර වසාදැමීම, වසංගතය සඳහා “ප්‍රතිකාරය” “රෝගයට වඩා නරක එකක් වීම” යැයි නිව්යෝර්ක් ටයිම්ස් හි තීරු රචක තෝමස් ෆ්‍රීඩ්මන්ගේ ප්‍රකාශය ට්‍රම්ප් විසින් පෙරට දමනු ලැබූ අතර එය ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් විසින් රට පුරා ක්‍රියාත්මක කරන ලද ආන්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් විය. 

වසංගතය පාලනය කිරීම සඳහා වන සියලු වැදගත් ක්‍රියාමාර්ග අතහැර දමනු ලැබ ඇති අතර, සෑම කර්මාන්තයකම නියැලී සිටින, සෑම ප්‍රාන්තයකම කම්කරුවන්ට රෝග බෝවීමේ තෝතැනි වන රැකියා ස්ථාන වෙත නැවත සේවයට පැමිනීමට හෝ විරැකියා ප්‍රතිලාභ අත්හැරීමට බල කෙරී ඇත.

සීමිත ආර්ථික ක්‍රියාකාරකම් පැවති කාලය තුල සෞඛ්‍ය ආරක්ෂන යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා කිසිවක් සිදු නොවීය. වසංගතය මර්දනය කිරීමට දන්නා එකම පියවර වන පරීක්ෂන සහ සම්බන්ධතා සොයා ගැනීම සඳහා, වසංගතයට ප්‍රතිචාරය වශයෙන් වෙන් කෙරුනු මහබැංකු අරමුදල් එහි සමස්ත වියදම්වලින් සියයට එකකටත් වඩා අඩුය. එහි ප්‍රතිඵල දැන් විද්‍යමානය. රට පුරා, ආසාදිතයන්ගේ සම්බන්ධතා සොයා යන්නන් 28,000 ක් පමනක් ඇති අතර, එය හිටපු රෝග පාලන මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ටොම් ෆ්‍රීඩන් විසින් ඉල්ලා සිටි සංඛ්‍යාවෙන් දහයෙන් එකකටත් වඩා අඩුය.

පරීක්ෂන පැවැත්වීමේ තත්වය ඊටත් වඩා දරුනු ය. ජාතික මහජන ගුවන්විදුලිය සහ හාවඩ් විසින් කරන ලද එක් සමීක්ෂනයකට අනුව, වසංගතය වලක්වා ගැනීම සඳහා රටෙහි වර්තමාන පරීක්ෂන ධාරිතාව මෙන් දෙගුනයක් තිබිය යුතු අතර, රෝගය මැඩපැවැත්වීම හා තුරන් කිරීම සඳහා පරීක්ෂන ධාරිතාව මෙන් අට ගුනයක් වැඩි කල යුතුය.

දහස් සංබ්‍යාත පැමිනිලි ලැබෙමින් තිබියදී, වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පරිපාලන ආයතනය විසින් සේවා ස්ථානයක කෝවිඩ්-19 හා සම්බන්ධ එක් සිතාසියක් පමනක් නිකුත් කර ඇති අතර කෝවිඩ්-19 පැතිරී යාම කම්කරුවන්ගෙන් සහ ෆෙඩරල් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් සැඟවීමට සංගතවලට අවසර දී ඇත.

තත්වය වඩාත් නරක අතට හැරෙමින් කෙයාර්ස් පනතේ කොටසක් ලෙස සම්මත කරන ලද සතියකට ඩොලර් 600ක සතිපතා ෆෙඩරල් විරැකියා ආධාරය කල් ඉකුත්වීමට නියමිත අතර, රැකියා විරහිත කම්කරුවන් මිලියන ගනනක් එක රැයකින් දුගීකමට ඇද දමනු ලැබේ.

මෑත සතිවලදී, ජනවාර්ගික බෙදීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය නිමක් නැතිව යොමු වී තිබේ. ඩිමොක්‍රටිකයන්ගේ සහාය ඇතිව ට්‍රම්ප් පරිපාලනය චීනයට දොස් පැවරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, ඩිමොක්‍රටිකයෝ රුසියාවට එරෙහි ඔවුන්ගේ මිලිටරි වාචාල කතා උත්සන්න කරති.

සැබෑ ලෝකයේ සමාජ ප්‍රතිපත්තිය තීරනය වන්නේ පන්ති අවශ්‍යතා මත ය. කෝවිඩ්-19 මර්දනය කිරීමට එක්සත් ජනපදය අපොහොසත් වීම එහි සියලුම ප්‍රතිපත්ති මූල්‍ය කතිපයාධිකාරයක් විසින් පාලනය කරනු ලැබීමේ සෘජු ප්‍රතිඵලයකි.

වසරේ මුල් මාස හය තුල පාලක පන්තියේ ප්‍රතිපත්ති සහ අඩාල වීමක් නැතිව වසංගතය පැතිරීම මගින් මඩින ලද අතර, කම්කරු පන්තිය තමන්ගේ ඉල්ලීම් සමඟ අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට පටන් ගෙන ඇති බවට බොහෝ සලකුනු තිබේ.

ඩෙට්රොයිට් හි ෆියට් ක්‍රයිස්ලර් කම්කරුවන් වැඩ නතර කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාකාරී ආරක්ෂක කමිටු පිහිටුවා ඇත්තේ කැලිෆෝනියාවේ රිවර්සයිඩ් හි හෙදියන් සිය ගනනක් වැඩ වර්ජනයක නිරත වී සිටින අතරතුරය. ආරක්ෂිත රැකියා ස්ථාන ඉල්ලා සිටින ජර්මනියේ ඇමසන් කම්කරුවන්, ප්‍රමානවත් වැටුපක් ඉල්ලා සිටින සිම්බාබ්වේ හෙදියන් සහ අර්ඩෝගන්ගේ රජය විරැකියා ප්‍රතිලාභවලට පහරදීමට විරුද්ධ තුර්කියේ කම්කරුවන්ගේ අරගලද මීට එකතුවී ඇත. 

වසංගතයට එරෙහි සටන වෛද්‍ය පෙරමුනේ පමනක් නොව දේශපාලන පෙරමුනෙහි ද දියත් කල යුතුය. නැගී එන ගෝලීය කම්කරු පන්ති අරගල සමාජවාදී පදනමක් මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමේ දේශපාලන වැඩපිලිවෙලින් සන්නද්ධ කල යුතුය.

Loading