එක්සත් ජනපදය පුරා පැරාමිලිටරි පොලීසිය යැවීමේ ට්‍රම්ප්ගේ සැලැස්ම පෙන්නුම් කරන්නේ, පාලක පන්තිය සිවිල් යුද්ධයට සූදානම් වන බවයි

මෙම ලිපිය ජූලි 22 ඉංග්රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපදය පුරා ප්රධාන නගරවල ෆෙඩරල් පැරාමිලිටරි පොලිස් බලකායන් යෙදවීමේ ට්රම්ප් පරිපාලනයේ සැලසුම්, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්රහාරය හා පොලිස් රාජ්ය පාලන තන්ත්ර රූපාකාරයන් ගොඩනැගීම දැඩි කිරීමකි.

පෝට්ලන්ඩ් හි, මෙම බලවේග බලමුලු ගැන්වීම දැනටමත් ලතින් ඇමරිකානු ඝාතක කල්ලි සිහිපත් කරවන දර්ශන පෙන්නුම් කරයි. ලාංඡන හෝ නාම සලකුනු (name tags) නො මැතිව සාමාන්ය ඇඳුමින් සැරසුනු පුද්ගල කල්ලි, විරෝධතාකරුවන් අල්ලා, සලකුනු නො කල වෑන් රථ හා මෝටර් රථවල පටවා, ප්රශ්න කිරීම සඳහා හෝ ඊටත් වඩා දරුනු දේ කිරීම සඳහා පිටතට ගෙන යති.

නිව් යෝක් සිටි, චිකාගෝ, ෆිලඩෙල්ෆියා, ඩෙට්රොයිට්, බැල්ටිමෝර්, ඕක්ලන්ඩ් හා වෙනත් නගරවල ද එවැනි ම ක්රියාමාර්ග ගන්නා බවට සඳුදා ට්රම්ප් තර්ජනය කලේ ය. පොලිස් ප්රචන්ඩයට විරෝධය දැක්වූ අය ගැන සඳහන් කරමින් ට්රම්ප්, “මේ අය අරාජිකවාදීන්, අපේ රටට වෛර කරන අය, අපි ඔවුන්ට ඉදිරියට යාමට ඉඩ දෙන්නේ නෑ” යයි කියා සිටියේ ය.

මෙම ෆෙඩරල් පොලිස් ඒ්ජන්තයින්ට, ඇමරිකානු නගර ආක්රමනය කිරීම සඳහා නීතිමය හෝ ව්යවස්ථාමය පදනමක් නොමැත. කොන්ග්රසය ඔවුන් යෙදවීමට අවසර දී නො මැති අතර ඔවුන් ප්රතිචාර දක්වන සැබෑ හදිසි අවස්ථාවක් නො මැත. ප්රචන්ඩත්වය හා අරාජිකත්වය පිලිබඳ ට්රම්ප්ගේ සියලු ප්රකාශ සම්බන්ධයෙන් ගත් විට, මහම ප්රචන්ඩත්වය සිදු කරන්නේ ඔහුගේ මැරයන් විසිනි.

පෝට්ලන්ඩ් හි ෆෙඩරල් ප්රහාරයට මූලිකත්වය ගෙන ඇත්තේ, රේගු හා දේශසීමා ආරක්ෂක කටයුතුවල යොදවා ඇති දැඩි ලෙස සන්නද්ධ ඒ්ජන්තයින්, හා දේශ සීමාවේ මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කිරීමට සහ සංක්රමනිකයන් රඳවා තිබෙන එක්සත් ජනපද රැඳවුම් කඳවුරුවල කැරලි මැඩපැවැත්වීමට යොදා ගන්නා ලද, බෝටැක් නමින් ප්රසිද්ධ, අභ්යන්තර විශේෂිත ආයුධ හා උපක්රම කන්ඩායමේ(SWAT) සාමාජිකයින් විසිනි.නමුත් පෝට්ලන්ඩ්, එක්සත් ජනපදයේ ආසන්නම දේශ සීමාවෙන් සැතපුම් 400 ක් දුරින් පිහිටා ඇති අතර, බෝටැක් ඉලක්ක කරන්නේ මත්ද්රව්ය ජාවාරම්කරුවන් හෝ සංක්රමනිකයන් නො ව පොලිස් ප්රචන්ඩත්වයට එරෙහි විරෝධතාකරුවන් ය.

රේගු හා දේශසීමා ආරක්ෂක (සීබීපී) නිලධාරීන් සමග ආගමන හා රේගු බලාත්මක කිරීම (අයිසීඊ) හා ප්රවාහන ආරක්ෂක පරිපාලනය (ටීඑස්ඒ) ඇතුළු වෙනත් ආයතනවලින් ගෙන්වාගත් සන්නද්ධ කන්ඩායම් සම්බන්ධ වෙති. සීබීපී මෙන්ම, මේවා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංරචක වන අතර, එහි ඉහල නිලධාරීන්, එනම් ට්රම්ප්ගේ හෙංචයියන් වන චැඩ් වුල්ෆ් හා කෙන් කුචිනෙලිගේ උපදෙස් පරිදි ඔවුන් යොදවා තිබුනි. ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව(ඩීඑච්එස්) විසින් රට පුරා ස්ථානගත කිරීම සඳහා නිලධාරීන් 2,000 ක් සූදානම් ව තබා ඇති බව වාර්තා වේ

සාරාර්ථයෙන්ම ට්රම්ප්, ඔහුගේ පෞද්ගලික අධිකාරිය යටතේ ක්රියාත්මක වන සංක්රමනික විරෝධී ෆැසිස්ට්, විශේෂ අවි හා උපායික කන්ඩායම් (SWAT) හා ප්රාදේශීය පොලිස් බලකායන්ගෙන් සමන්විත පැරාමිලිටරි බලකායක් ශක්තිමත් කිරීමට උත්සාහ කරයි.

පැහැදිලි ඓතිහාසික සමාන්තරයන් ඇත. පලමුවන ලෝක සංග්රාමයේ පරාජයෙන් පසු ජර්මන් පාලක පන්තිය, ෆ්රිකෝර්ප්ස් නිර්මානය කිරීමට අනුග්රහය දැක්වීය. හමුදා සේවයෙන් මුදා හැරුනු සේල්දාදුවන්ගේ දැඩි ලෙස සන්නද්ධ කන්ඩාමක් වූ මෙය, කම්කරු පන්තියට එරෙහිව කම්පන හමුදා ලෙස ක්රියා කලේ, විප්ලවවාදී නායකයන් වන රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබ්නෙක්ට් ඝාතනය කරමිනි. ෆ්රිකෝර්ප්ස් හිට්ලර්ගේ ක්ෂනික ප්රහාරක (storm troops) භට කන්ඩායමේ ආරම්භක පිරිස වූහ.

ආර්ජන්ටිනාව, චිලී, බ්රසීලය හා අනෙකුත් ලතින් ඇමරිකානු රටවල සීඅයිඒ පිටුබලය ලත් මිලිටරි තන්ත්ර, 1970 දශකයේ, කර්මාන්තශාලාවල සටන්කාමීන් තුරන් කිරීම සඳහා ආර්ජන්ටිනාවේ කොමියුනිස්ට් විරෝධී සන්ධානය (Triple A) වැනි ෆැසිස්ට් පැරාමිලිටරි සංවිධාන යොදා ගත්හ. ට්රිපල් ඒ් හි මුද්රාව වූයේ, ඔවුන්ගේ ගොදුරු බුවනෝස් අයර්ස් හා අනෙකුත් නගරවල සැරිසැරූ සලකුනු නොකල ෆෝඩ් ෆැල්කන්ස් වාහන වෙත ඇදගෙන යාමයි. දීර්ඝ වධහිංසා පැමිනවීමෙන් පසු, හෙලිකොප්ටර් සහ ගුවන් යානා වලින් මලසිරුරු නිරන්තරයෙන් අත්ලාන්තික් සාගරයට දමනු ලැබී ය.

පෝට්ලන්ඩ් හි ට්රම්ප්ගේ ඒජන්තයින් විසින් පැහැරගෙන ගොස් ඇති අය තමන්ගේ කථා පැවසීම සඳහා නිදහස් කර ඇත. ෆෙඩරල් නියෝජිතයන් හත් දෙනෙකු පමනක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, බොහෝ සේ සුලු අපරාධ ගනයට ගැනෙන දේ සඳහාය. භාවිතා කර ඇත්තේ කඳුළු ගෑස් සහ “මාරාන්තික නො වන” වෙඩි උන්ඩ මිස සජීවී පතොරම් නො වේ. නමුත් පූර්වාදර්ශ සැකසී තිබේ. පසුබිමෙහි හමුදාව මැදිහත් වී බේරුම්කරුවන් ලෙස කටයුතු කරන අතර, පැරාමිලිටරි හමුදා යෙදවීමේ පියවරයන්ට මිනිසුන් හුරු විය යුතු ය.

ට්රම්ප්ගේ ඒකාධිපති උත්සාහයේ ප්රධාන ඉලක්කය කම්කරු පන්තිය යි. ට්රම්ප් පරිපාලනයේ කටයුතු සිදුවන්නේ, පාලක පන්තිය සමාජ ගැටුම් හා ප්රතිරෝධයේ දැවැන්ත වර්ධනයක් අපේක්ෂා කිරීමේ ප්රකාශනය ලෙසය.

තමන්ට ඩොලර් ට්රිලියන ගනනක් ලබා ගැනීමෙන් පසු, සංගත හා බැංකු විසින් ආපසු වැඩට දැක්කීමේ මිනීමැරු උද්ඝෝෂනයක් ක්රියාත්මක කරමින් සිටින අතර, එය මේ වන විටත් කොරෝනා වෛරස් රෝගීන් හා මරන ඉහල නැඟීම සලකුනු කර තිබේ. තාවකාලික තහනමකින් පසු නැවත නිවාස අත්පත් කර ගැනීම් ආරම්භ කිරීමට නියමිත අතර සතියකට ඩොලර් 600 ක ෆෙඩරල් විරැකියා සහනාධාරය මේ සතිය අවසානයේ දී නිමා වීමට නියමිත ය.

රැකියා ස්ථාන හා කර්මාන්තශාලා තුල කෝපය පැසවමින් තිබෙන ඇති අතර, කම්කරුවන් බලහත්කාරයෙන් වැඩෙහි යෙදවීම නිසා තමන්ගේ ජීවිත මෙන්ම පවුලේ අන් අයගේ ද ජීවිත අවදානමට ලක් කිරීම ප්රතික්ෂේප කිරීමට පටන් ගෙන තිබේ. ලමයින්, ඔවුන්ගේ පවුල්, ගුරුවරුන් සහ සියලු ම පාසල් සේවකයින්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල කරමින්, යන්තම් සති කිහිපයක් ගතවෙද් දී, රජයේ පාසල් නැවත විවෘත කිරීමට විශේෂයෙන් දැඩි විරෝධයක් පවතී.

ට්රම්ප්ගේ ක්රියා (ප්රචන්ඩත්වයේ) දැඩි උත්සන්න වීමක් වන අතර, ඒවා ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ දිග්ගැස්සුනු අර්බුදයක ප්රතිඵලය යි. ට්රම්ප් පරිපාලනය දේශීය විරෝධයට එරෙහිව “ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ” සියළු මෙවලම් යොදා ගනිමින් සිටී. සැබවින් ම, ලෝසවෙඅ මුල සිට ම අනතුරු ඇඟවූ පරිදි, මෙය එහි අපේක්ෂිත අරමුන යි.

මේ සියල්ලට ඩිමොක්රටික් පක්ෂය මන්දෝසාහී ප්රතිචාරයක් දක්වයි. සැප්තැම්බර් 11 ප්රහාරයෙන් ඉක්බිතිව, පොලිස් රාජ්යයේ සංකීර්න මෙවලම්වලට: ඒනම් දේශප්රේමී පනත(PATRIOT Act), ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ගෘහස්ථ ඔත්තු බැලීම සහ එක්සත් ජනපදය තුල එක්සත් ජනපද හමුදා මෙහෙයුම් පාලනය කිරීම සඳහා උතුරු අනදෙන මධ්යස්ථානය නිර්මානය කිරීමට ඔවුහු උදව් කලහ.

2013 දී බොස්ටන් මැරතන් බෝම්බ ප්රහාරය කඩතුරාවක් ලෙස යොදා ගනිමින් බොස්ටන් ජනයාට එරෙහිව මිලිටරි වටලෑම සිදු කලේ ඔබාමා පාලනාධිකාරය යි. එම අවස්ථාවේ දී ලෝසවෙඅ සඳහන් කල පරිදි, මූලික ව්යවස්ථාමය අයිතීන් උල්ලංඝනය කරමින් මිලිටරි-පොලිස් භටයින් ගෙයින් ගෙට ගොස් සෝදිසි කිරීම සමග, “ඇමරිකානු පාලක පන්තිය සම්මුති විරහිත ඓතිහාසික, නෛතික හා දේශපාලන කඩුල්ලක් පැන්නේ ය. ක්රියාදාමය තීන්දුයි, එමෙන් ම පසුගිය සියවස් දෙක තුල එක්සත් ජනපදය තුල පැවති ප්රජාතන්ත්රවාදී පාලන රූපාකාරයේ හිරු බැස යමින් පවතී.”

බොස්ටන් හි සිදුවීම් පිලිබඳ ඉතිහාසයේ වඩාත්ම මතකයේ සිටිනු ඇත්තේ, මැරතන් තරඟයේ අවසන් රේඛාව අසල බෝම්බ හෙලීම, වැරදිකරුවන් හෝ ඔවුන්ගේ අභිප්රායයන් නො වේ. ඒ වෙනුවට මතකයේ රැඳෙනු ඇත්තේ, වීදිවල මිලිටරි වාහන හා දැඩි ලෙස සන්නද්ධ සොල්දාදුවන් ගෙයින් ගෙට යමින්, විසිත්ත කාමර, නිදන කාමර සහ මුළුතැන්ගෙවල් පීරමින්, පිජාමා වලින් යුත් පාවහන් නැති භීතියට පත්, පවුල් වෙත, ඔවුන්ගේ ප්රහාරක රයිෆල් ඒල්ල කිරීම සමග, ප්රධාන ඇමරිකානු නගරයක් පෙර නො වූ විරූ ලෙස හමුදා අගුලු දැමීමයි. .

ට්රම්ප්ගේ කුමන්ත්රන උත්සාහයන්ට ඩිමොක්රටික් පක්ෂයේ ප්රතිචාරය කුහක මෙන් ම වංක ය. ඔරිගන්හි දී, ප්රාදේශීය හා ප්රාන්ත ඩිමොක්රටිකයෝ ට්රම්ප්ගේ ක්රියා කලාපය “දේශපාලන නාටකයක්” ලෙස බැහැර කිරීමට උත්සාහ කලහ. ආන්ඩුකාර කේට් බ්රවුන් පැවසුවේ “ට්රම්ප් ඔහියෝ හෝ අයෝවා ප්රාන්තයේ දේශපාලන ලකුනු (ඡන්ද) දිනා ගැනීමේ අපේක්ෂාවෙන් ඔරිගන්හි ගැටුමක් අපේක්ෂා කරමින් සිටී” යනුවෙනි.කොංග්රස් මන්ඩල කථානායිකා නැන්සි පෙලෝසි “ජනාධිපති ට්රම්ප්ගේ දේශපාලන "සූදු” ගර්හාවට ලක් කෙරෙන ප්රකාශයක් නිකුත් කලා ය.

ඒ අතරම, පැරාමිලිටරි ඒ්කක සංක්රමනිකයන් හා සමස්තයක් වසයෙන් ඇමරිකානුවන්ට එරෙහි ප්රහාරයක නියලී සිටින සීපීබී, අයිසීඊ හා අනෙකුත් ඒ්ජන්සිවලට සම්පූර්න අරමුදල් සැපයීම ඇතුලුව ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා ලබන සතියේ දී නව අයවැයක් ඉදිරිපත් කිරීමට පෙලෝසි ඒකඟ වූවා ය

ඩිමොක්රටික් පක්ෂය පාලනය කරන නගර ආක්රමනය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් කිසිදු ඩිමොක්රටික් පාක්ෂිකයෙකු ට්රම්ප්ට ඒරෙහිව දෝෂාභියෝගයක් ඉල්ලා නැත.

ට්රම්ප්ගේ නවතම කටයුතු සිදුවන්නේ, 1807 කැරැලි පිලිබඳ පනත ක්රියාත්මක කිරීමට සහ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පොලිස් ඝාතනයෙන් පසුව ඇති වූ මහජන විරෝධතා මැඩපැවැත්වීම සඳහා හමුදා බලය යෙදවීමට ජාතික රූපවාහිනියේ පෙනී සිට මාස දෙකකටත් අඩු කාලයකට පසුව ය.

මිලිටරි හා විශ්රාමික ජෙනරාල්වරුන්ට එරෙහිව කුමන්ත්රනයකට ට්රම්ප් දැරූ උත්සාහයේ දී, ඩිමොක්රටිකයෝ සියලු විරුද්ධත්වයන් අතහැර දැමූහ. එය දේශපාලනික ව සූදානම් කෙරී නො තිබූ හෙයින් ද එය ආපසු කැරකෙනු ඇතැ යි යන බියෙන් ද මිලිටරි නායකයෝ ට්රම්ප්ගේ කටයුතු වලට විරුද්ධ වූහ. එවැනි ප්රධාන පියවරක් තවමත් අවශ්ය නො වන බව ඔවුහු සැලකූහ. ට්රම්ප් තාවකාලිකව පසුබැස, කැරලි මර්දන පනත ක්රියාත්මක නො කලේ ය.

සමාජවාදී සමානතා පක්ෂය ජුනි 8 වන දින අනතුරු ඇඟවූ පරිදි, “අන්තරායෝ බෙහෙවින්ම සැබෑ ඒවාය. ධවල මන්දිරයේ කුමන්ත්රනකරුවන් තම කුමන්ත්රන නතර කර නැත. හමුදාව තම විකල්ප සලකා බලමින් කාලය ගත කරති. පොලිසිය සම්පූර්නයෙන් සන්නද්ධ ව සිටියි. ”

මෙම අනතුරු ඇඟවීම් දැන් සනාථ වෙමින් පවතී. ඉදිරි මැතිවරන පැවැත්වෙනු ඇත්තේ පුපුරන සුලු සමාජ නො සන්සුන්තාව හා දේශපාලන අර්බුදයේ තතු යටතේ ය. තමා පරාජයට පත් වුවහොත් මැතිවරන ප්රතිඵල බාර නො ගන්නා බව ට්රම්ප් දැනටමත් ප්රකාශ කර තිබේ. ඔහු බලහත්කාරයෙන් එලවා දැමීමට හමුදාව මැදිහත් වනු ඇතැ යි ඩිමොක්රටිකයෝ විශ්වාස කරති. පාලක පන්තියේ සියලු කොටස් කම්කරු පන්තියට එරෙහිව සිවිල් යුද්ධයට සූදානම් වෙමින් සිටී.

ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ට්රම්ප්ගේ ප්රහාර හා ජනාධිපති ඒ්කාධිපතිත්වයක් ස්ථාපිත කිරීමේ ඔහුගේ වෑයමට ඒරෙහිව කම්කරු පන්තියේ සමාජ බලය ඒ්කරාශී කල යුතු ය.