වසර 50 කට පෙර: ඊජිප්තුවේ අස්වාන් මහා වේල්ල නිම කිරීම

මෙම ලිපිය ජූලි 20 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

අස්වාන් වේල්ල, අභ්‍යවකාශයේ සිට පෙනෙන පරිදි

දශකයක් පුරා සිදු වූ අස්වාන් මහා වේල්ලේ ඉදිකිරීම් කටයුතු 1970 ජූලි 21 දා සම්පූර්න විය. මෙම වේල්ල ඊජිප්තුවට නව විදුලි බල ධාරිතාවක්ද නයිල් නිම්නයේ ගංවතුර නියාමනය කිරීමේ හැකියාවද ලබා දුන් ඉංජිනේරු තාක්ෂනයේ දැවැන්ත කාර්යයකි. ගංවතුර, පුරාන ඊජිප්තු ශිෂ්ඨාචාරයේ පටන් කලාපය මුහුන දුන් ප්‍රශ්නයකි.

ඊජිප්තු කෘෂිකර්මාන්තය මූලික වශයෙන් පදනම් වූයේ නයිල් ගඟෙන් ඒ අවට ගොවිබිම් වලට ලැබෙන ජලය මතය. එහෙත්, එම භුමි ප්‍රදේශය සහස්‍ර ගනනාවක් තිස්සේ, සමහර වසර වලදී විශාල ගංවතුරට හසුව  අස්වැන්න විනාශ වෙමින් ද අනෙක් වසර වලදී ගංවතුර අඩු වී නියඟයන් ඇති වීමෙන්ද පිඩාවන්ට ගොදුරු වෙමින් පැවතින. නයිල් ගඟේ මෙම වේල්ල ඊජිප්තුවරුන්ට අවශ්‍ය පරිදි ගොවිපලවල් වෙනුවෙන්  විශාල ජල ප්‍රමානයක් ගබඩා කිරීමේ හැකියාව ලබා දුනි. ඒ සමගම ඉහත කී අඛන්ඬ පාරිසරික ගැටලුව සහ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය බෙහෙවින් වැඩි දියුනු කිරීමේ අවශ්‍යතා මෙ මඟින් විසඳා ගත්හ.  

මෙම වේල්ලේ ජල විදුලිබල උත්පාදනය එරට විදුලි බල නිෂ්පාදනය දෙගුනයක් කල අතර එමගින් බොහෝ ඊජිප්තු ගම්මානවලට පලමු වරට විදුලිය ලබා ගත හැකි විය. අස්වාන් වේල්ල එහි උපරිම නිෂ්පාදන ධාරිතාව වන ගිගාවොට් 2.1 මට්ටමට විදුලිය නිපදවන විට එය මුලු ඊජිප්තුවේ විදුලි ශක්තියෙන් අඩකට ආසන්න ප්‍රමානයක් විය.  

අස්වාන් වේල්ල ඉදිකිරීම අතිශයින්ම දේශපාලනික විය. 1950 දශකයේ මැද භාගයේදී ජාතිකවාදී ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නාසර් පලමුව එක්සත් ජනපදය වෙත යොමු වූයේ වේල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් සහ විද්‍යාත්මක සහාය ලබා ගැනීමට ය. කෙසේ වෙතත්, නසාර් සූවස් ඇල ජනසතු කිරීමෙන් පසුව, එක්සත් රාජධානිය, ප්‍රන්සය, සහ එක්සත් ජනපද සහචරයින්ගේ සහාය ලැබූ ඊස්රායලය සමඟ ඇවිලුනු යුද්ධය හේතුවෙන් එක්සත් ජනපද-ඊජිප්තු හවුලකින් වේල්ල සෑදීමේ අවස්ථාව වාෂ්ප වී ගියේය.

ඒ වෙනුවට නසාර් වේල්ල ඉදිකිරීම සඳහා ආධාර සහ සම්පත් ලබාගැනීම පිනිස සෝවියට් සංගමය වෙත යොමු විය. සෝවියට් සංගමය අස්වාන් වේල්ල ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයකට අධික අරමුදලක් සැපයීය. එම විශාල අරමුදල ඉදිරියේ එක්සත් ජනපදය ලබාදීමට සිටි ඩොලර් මිලියන 270ක අරමුදල අඟුටුමිට්ටෙක් සේ විය.  සෝවියට් ඉංජිනේරුවන් විසින් හයිඩ්‍රො ප්‍රොජෙක්ට් ආයතනය තුල මෙම වේල්ල සැලසුම් කෙරින. ඒ සඳහා ඔස්මාන් අහමඩ් ඔස්මාන්ගේ* නායකත්වයෙන් යුත් ඊජිප්තු ඉංජිනේරුවන්ගේ සහයෝගය ලැබින. වේල්ල තැනීමට   අවශ්‍ය කරන විශාල පාෂාන හා මැටි ගෙනයාමට අවශ්‍ය බර යන්ත්‍රෝපකරන ද සෝවියට් සංගමය විසින් සපයන ලදී.

සෝවියට්-ඊජිප්තු හවුල්කාරිත්වය වොෂින්ටනය භීතියට පත් කල අතර එය නසාර් ආන්ඩුව හෙලදැකීමේ කටයුතු 1950 දශකයේ අගභාගයේදී ආරම්භ කොට 1960 දශකය පුරා ක්‍රියාත්මක කලේය. 1970 දී අස්වාන් වේල්ල නිම කරන විට, ඊජිප්තුව ඊස්රායලය සමඟ දිග්ගැස්සුනු යුද්ධයක සිරවී සිටියේය. මෙම යුද්ධයේදී ඊස්රායලයට එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල් විශාල වශයෙන් සහාය දැක්වීය. එම සහය 1967 දී ඊජිප්තුව සහ එහි අනෙකුත් අරාබි අසල්වැසි රටවල් ආක්‍රමනය කල දින හයේ යුද්ධයට (Six Day War) දුන් සහයෝගයේ දිඟුවක් විය. එතැන් සිට ඇති වූ හිරවූ තත්වය තුල (during the stalemate), සෝවියට් සංගමය දිගින් දිගටම නසාර්ට සහාය දුන් අතර, සූවස් ඇල හරහා ඊස්රායලය ඉදිරියට එ්ම වැලක්වීම පිනිස ඊජිප්තුවට ගුවන් යානා සහ රේඩාර් පද්ධති ද ලබා දුනි.

* 1960 ගනන්වලදී ඊජිප්තුවේ විශාලතම කොන්ත්‍රාත් සමාගමක් වූ Arab Contractors සමගමේ හිමිකරු වූයේ ඔස්මාන් අහමඩ් ඔස්මාන් ය. (https://en.wikipedia.org/wiki/Arab_Contractors)

Loading