ශ්‍රී ලංකාවේ සසප මැතිවරන උද්ඝෝෂනය: කම්කරුවෝ සංස්ථාපිතයේ පක්ෂ හෙලා දකිති

මෙම ලිපිය ජූලි 25 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

අගෝස්තු 5දා පැවැත්වීමට නියමිත මහ මැතිවරනයට, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) බලගතු ලෙස මැදිහත් වෙමින් සිටිති.

කොලඹ, මධ්‍යම කඳුකරයේ වතුකර දිස්ත්‍රික්කයක් වන නුවර එලිය සහ යුද්ධයෙන් ඉරිතැලී ගිය උතුරු පලාතෙහි අගනුවර වන යාපනය යන දිස්ත්‍රික්ක තුනට අපේක්ෂකයන් 43ක් ඉදිරිපත් කරමින් සසප තරඟ වදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ), විපක්ෂ එක්සත් ජාතික පක්ෂය (එජාප), සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන මැතිවරනයට තරඟ කරන ප්‍රධාන ධනපති පක්ෂ, සියලු වැඩකරන ජනතාවට එරෙහි පන්ති යුද්ධයේ න්‍යාය පත්‍රය ඉදිරියට ගැනීම සඳහා සිංහල ස්වෝත්තමවාදය අවුලුවමින් සිටිති. දෙමල හා මුස්ලිම් පක්ෂ ද ඔවුන්ගේ ම ජාතිකවාදී හා වර්ගවාදී පූච්චානම් සමගින් එයට ප්‍රතිචාර දක්වා තීබේ.

පක්ෂයේ ක්‍රියාමාර්ගය ඈන්ෆීල්ඩ් වත්තේ කම්කරුවන් සමග සාකච්ඡා කරන සසප සාමාජික කේ. කාන්දීපන්

“යුද්ධයට, සමාජ ව්‍යසනයට හා ආඥාදායකත්වයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වදිනු”   යන පක්ෂයේ මැතිවරන ප්‍රකාශය පුලුල් ලෙස බෙදාහැර ඇති සසප උද්ඝෝෂකයෝ, කම්කරු පන්තියේ වැදගත් කොටස් සමග එය සාකච්ඡා කර තිබේ. පක්ෂයේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂකයන්ට මිලිටරිය විසින් හිරිහැර කිරීමට එරෙහි සසප ජාත්‍යන්තර උද්ඝෝෂනයට ද සහාය  පලකර ඇති කම්කරුවන් හා තරුනයින්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්නට යොමු කරනු ලබන විරෝධතා පෙත්සමකට අත්සන් තබා ඇත.

සසප උද්ඝෝෂකයන් පසුගිය සතියේ, රත්මලානේ ප්‍රධාන දුම්රිය කර්මාන්ත ශාලා අසල පිහිටි කම්කරු නිවහන් ප්‍රදේශයේ කම්කරුවන් හමු විය. ලංකාවේ විශාලතම දුම්රිය කර්මාන්ත ශාලා පිහිටා ඇති මෙම වැඩපොල අතීතයේ දී කම්කරුවන්ගේ බලගතු අරගලවල කේන්ද්‍රස්ථානයක් වී ඇත.

1970 ගනන්වල මෙම වැඩපොලේ කම්කරුවන් 5,000ට අධික පිරිසක් සේවයේ යෙදුන ද දැන් එම සංඛ්‍යාව 2,000කට කප්පාදු කර තිබේ. අනුප්‍රාප්තික ආන්ඩු විසින් පිරිවැය කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වසර ගනනක් තිස්සේ අලුත් වැඩියා නො කර තිබෙන කම්කරු නිල නිවාසවල දැන් ජීවත් වන්නේ කම්කරුවන් කිහිප සියයක් පමනි.

කොවිඩ්-19 හේතුවෙන් ක්‍රියාවට දැමූ මාස දෙකක අගුලු දැමීමකින් ඉක්බිති ව ආන්ඩුව ආපසු වැඩට යාමට නියෝග කල තතු යටතේ, රත්මලානේ කර්මාන්ත ශාලා මැයි මාසයේ දී යලි විවෘත කරනු ලැබුනි. වැඩපොලෙහි ප්‍රමානවත් ආරක්ෂක පියවරයන් නොමැති වීම ගැන කම්කරුවන් සිය කනස්සල්ල හා කෝපය පලකල ද වෘත්තීය සමිති ආන්ඩුවේ විධානය මුලුමනින්ම අනුමත කලහ.

සංස්ථාපිතයේ පක්ෂ කෙරෙහි අවිශ්වාසයෙන් පසු වන බොහෝ කර්මාන්ත ශාලා සේවකයෝ, ආරම්භයේ දී සසප උද්ඝෝෂකයන් සමග කතාකිරීමට අදිමදි කලේ ඔවුන් ද තමන්ගේ ඡන්ද ගරා ගැනීමට පැමින ඇතැයි සිතමිනි. එහෙත් සසප උද්ඝෝෂකයන්ට අවශ්‍ය වන්නේ, තමන්ගේ වැඩ කොන්දේසි සහ සමාජවාදී පිලිවෙත් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා පක්ෂයේ අරගලය ගැන සාකච්ඡා කිරීම බව කම්කරුවන් අවබෝධ කරගත් විට, එම තත්ත්වය වෙනස් විය.

එක් තරුන කම්කරුවෙක් මෙසේ කීවේ ය: “දුම්රිය වැඩපොලේ ආරක්ෂක පියවරක් ලෙස ඇඟේ උෂ්නත්වය බලනවා. නමුත් දුරස්ථභාවය රැකගෙන වැඩෙහි යෙදීම කොහෙත්ම කරන්න බෑ. එක කම්කරුවෙකුට කොරෝනා රෝගය වැලඳුනොත් නොවරදවාම අනෙක් කම්කරුවන්ටත් වැලඳිලා තමා නතර වෙන්නේ.

“මුලින්ම මුඛ ආවරන දෙකක් දුන්නා, දැන් සමහරවිට සතියකට ලැබෙන්නෙ එකක් විතරයි. උනුසුම් පරිසරයක් තුල මෙම මුඛ ආවරන පැලඳගෙන එක දිගට  වැඩකිරීම හරි ම අපහසු යි.”

කර්මාන්ත ශාලා සේවකයන් ලබන අඩු වැටුප් නිසා සැලකිය යුතු ලෙස අතිකාල වැඩ කරමින් එම අඩුව පියවාගැනීමට උත්සාහ කල බව ඔහු කීවේ ය. “වසංගතයට පෙර අතිකාල පැය 240 ක් තිබුනා.  දැන් ඒක භාගයකින් කපලා. අතිකාල පැය 240 ක් තිබියදීත් ජීවිතය ගැට ගසා ගැනීම අමාරුවුනු තත්වයකදි දැන් ඒක කොහොමවත් කරන්න බෑ.”

කොරෝනා වෛරස් අගුලු දැමීම හේතුවෙන් මාස කිහිපයක් යන තෙක් නය වාරික අයකිරීම අඩුකිරීමට ආන්ඩුව පොරොන්දු වුව ද කිසිවක් සිදු නො වූ බව ඔහු සඳහන් කලේ ය. “අපිට මේ දේශපාලන පක්ෂ තිත්ත වෙලා තියෙන්නෙ.”

මිතුරෙක් මුනගැසීමට පැමින සිටි තරුන මෝටර් කාර්මිකයෙක්, මහා සමාගම් විසින් පටවනු ලබන වැටුප් හා රැකියා කප්පාදු ගැන සාකච්ඡා කලේ ය. ඇඟලුම් කම්හල් හිමියෝ රැකියා කප්පාදු කිරීම සඳහා කඩතුරාවක් ලෙස කොවිඩ්-19 යොදාගනිමින් තිබෙන බව ඔහු පැවසී ය. ජාත්‍යන්තර ව කම්කරුවන් මුහුන දෙන වඩාත් නරක අතට හැරෙන කොන්දේසි ගැනත්, වැටුප් හා රැකියා කප්පාදු කිරීම්වලට එරෙහි ව හා වැඩපොල ආරක්ෂාව සඳහා කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවත්, සසප උද්ඝෝෂකයෝ සාකච්ඡා කල හ.

උතුරේ සසප සාමාජිකයන් මිලිටරි හිරිහැර කිරීම්වලට භාජනය කිරීම ගැන සඳහන් කිරීමෙන් පසු, ඔහු පක්ෂයේ පෙත්සමට අත්සන් තැබී ය. දුම්රිය නිල නිවාසවල ජීවත් වන කම්කරුවන්, තරුනයන් හා ගෘහනීන් 20ක් පමන ද එයට අත්සන් තැබූ හ.

කොලඹ ග්‍රෑන්ඩ්පාස්හි වරාය කම්කරුවන්ගේ නිල නිවාසවලට ද සසප උද්ඝෝෂකයෝ ගිය හ. කොලඹ වරායේ ප්‍රධාන බහාලූ පර්යන්තයන් විදේශීය සමාගම් විසින් පාලනය කරනු ලබන අතර, බොහෝ කම්කරුවන් සේවයේ යෙදෙන්නේ කොන්ත්‍රාත් පදනමින් හෝ මූලික වැටුපක් පමනක් ලබමින්, මූලික අයිතීන් හෝ විශ්‍රාම සහන වලින් තොර ව ඊනියා “මිනිස්බල සමාගම්” යටතේ ය.

වසර 50ට වඩා පැරනි සංකීර්නයෙහි බොහෝ නිවාස, වරාය අධිකාරිය විසින් ප්‍රතිසංස්කරනය කර නැත.  තමන් මේ නිවාස වලින් ඉවත් කර, වෙනත් ස්ථානවල පවතින “අඩු ආදායම් ලාභී” නිවාස සංකීර්න වලට ගාල් කොට, මෙම වටිනා ඉඩම් දේපොල වෙලඳාම්කරුවන්ට පැවරීමට පරිපාලනය සැලසුම් කරමින් සිටින බවට කම්කරුවෝ සැක කරති.

නෙට්බෝල් ක්‍රීඩිකාවක් වන සමන්ති කොලඹ වරායේ ක්‍රීඩා අංශයේ සේවය කරයි. ප්‍රධාන ධනපති දේශපාලන පක්ෂවලට විකල්ප ලෙස පෙනී සිටි පක්ෂවලට තමන් කලින් ඡන්දය දුන් බව ඇය කීවා ය. එම සංවිධාන කර ඇත්තේ “මහජනයා මත වඩ වඩාත් බර පැටවීම පමනක්” බව ප්‍රකාශ කල ඇය, මෙවර මැතිවරනයේ දී කිසිදු පක්ෂයකට ඡන්දය නො දී සිටීමට වරාය කම්කරුවන් සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කලා ය.

“අපි තරුන කාලේ හිතුව ජේවීපී (ජවිපෙ) එකට වෙනසක් කරන්න පුලුවන් කියලා, එ්ත් පහුගිය කාලේ ඒගොල්ලන්ගේම වැඩ නිසා ඒ විශ්වාසය නැති වුනා. ඒගොල්ලෝ කලෙත් අනිත් ධනපති ආන්ඩු ආරක්ෂා කරපු එක” යැයි ඇය පැවසුවාය. 

ලොව පුරා ආන්ඩු කොරෝනා වෛරස් වසංගතයට දක්වා ඇති ප්‍රතිචාරය ගැන ද ඇය කතා කලා ය: “ඇමරිකාවේ ට්‍රම්ප් පාලන තන්ත්‍රය ඇතුලු සියලුම ආන්ඩු හිතන්නේ වයසක මිනිස්සු මැරෙන්ට අරින එකෙන් තමන්ට වාසි ලැබෙන බවයි. ඔවුන්ට ඕනේ කරලා තියෙන්නේ වසංගතය මර්දනය කරන්න නෙමෙයි, දුප්පත් මිනිස්සු මැරෙන්ට අරින්ටයි. ලංකාවේ උනත් ආන්ඩුව ජනතාවගෙන් කොවිඩ්-19 වසංගතය පාලනය කරන්න සල්ලි ඉල්ලනවා, හැබැයි ධනපතියන්ගෙන් මොකුත් ගන්නේ නැහැ.

සමන්ති සසප උද්ඝෝෂකයෙක් සමග කතා කරයි

තරුන දොඹකර ක්‍රියාකරුවෙක් වන කපිල, වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය කිරීමේ සැලසුම් වලට කම්කරුවන් අතර ඇති විරෝධය ගැන කතා කලේ ය. “නැඟෙනහිර පර්යන්තය පුද්ගලීකරනය කරන්න සාකච්ඡා පටන් ගත්තේ (වත්මන් අගමැති) මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරපු කාලේ. පහුගිය යුඑන්පී (එජාප) ආන්ඩුව කාලේ මේක ඉන්දියා ජපන් හවුල් සමාගමකට දෙන්න ගිවිසුම් අස්සන් කලා.

“වත්මන් ආන්ඩුව ඒක අලුත් කරලා අස්සන් කරන්න යනවා. වරාය නැගෙනහිර පර්යන්තය පුද්ගලිකරනය කරන එක මොන ආන්ඩුව ආවත් අනිවාර්යෙන් කරනවා. එහෙම වුනොත් කම්කරුවන් විශාල ගනනකට රස්සා නැති වෙනව.”

කම්කරුවන්ගේ ජීවන තත්ත්වය කාබාසීනියා වීම හා පුද්ගලීකරන වැඩ කෙරීගෙන යන්නේ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව බව කපිල කීවේ ය. “ඔවුන් ධනපති දේශපාලන පක්ෂවලට ගැටගැසී සිටිනවා” යි ඔහු කීවේ ය.

“කම්කරුවන් සටන් කරන්න පටන් ගන්නකොට ආන්ඩුව, වෘත්තීය සමිතිවලට පොරොන්දු දෙනවා, ඒත් එම පොරොන්දු කිසිදාක ඉටු නො කරන අතර, සමිති නිලධරයට යම් සන්තෝසමක් දෙනවා.” සසපයේ සමාජවාදී ක්‍රියාමාර්ගය පිලිබඳ සාකච්ඡා කිරීමෙන් පසු පක්ෂයේ මැතිවරන ප්‍රකාශය අධ්‍යයනය කිරීමට එකඟ වූ ඔහු ආරක්ෂක පෙත්සමට අත්සන් කලේ ය.

සසප සාමාජිකයෝ පසුගිය සතියේ දී හැටන් නගරය අසල දික්ඔය ඈන්ෆීල්ඩ් වත්ත ඇතුලු තේ වතු කිහිපයකට ගිය හ.

වත්ත පාලනය කරන කැලනි වැලි වතු සමාගම, තමන් වැඩ කරන අංශය තුල නව ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය ක්‍රියාවට දැමීමට උත්සාහ දරා ඇතත් කම්කරුවන් එයට විරුද්ධ වූ බව රාජසේකර් කීවේ ය.

කොඳු කැඩෙන සූරාකෑමේ ක්‍රමයක් වන මෙම ක්‍රමය යටතේ, සෑම කම්කරුවෙකුට හා ඔහුගේ හෝ ඇයගේ පවුලටත්, තේ පඳුරු 1,000ක් පමන නඩත්තු කිරීමට වෙන්කර දෙනු ලැබේ. නෙලන දලු සමාගමට දෙනු ලබන අතර, උපකරන, පොහොර හා අනෙකුත් අයිතමයන් සඳහා සමාගම කරන පිරිවැය අඩු කරගෙන,  එහි “ලාබ අනුපාතය” කපාගැනීමෙන් පසු ඉතිරි “ආදායම” කම්කරු නිෂ්පාදකයාට ගෙවනු ලැබේ.

“අපේ වත්තේ කොටස් කිහිපයක මෙම ක්‍රමය දැනට මත් ක්‍රියාත්මක කර තිබෙනවා. එය පිලිගන්නා ලෙස කලමනාකාරීත්වය අපට බලකරනවා. (මෙය ක්‍රියාත්මක කිරීමේ දී) සියලු වෘත්තීය සමිති කලමනාකාරීත්වය සමග සමීප ව වැඩකරනවා” යි ඔහු කීවේ ය.

ඈන්ෆීල්ඩ් වත්තේ කම්කරුවන් සමග කතා කරන සසප සාමාජිකයෝ

මෙම ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීමට කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳී ක්‍රියාකාරී කමිටු තනාගත යුතු බවට රාජසේකර් එකඟ විය. අගෝස්තු 5දාට පසු කවර ආන්ඩුවක් බලයට පත්වුව ද කම්කරුවන්ගේ ගැටලු නො විසඳෙනු ඇති බව ඔහු කීවේ ය.

තවත් කම්කරුවෙක් වන ඩී. කනගරාජ්, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සසපයේ අරගලය පිලිබඳ ව දැනුවත් ව සිටි අතර, දඩයමට ලක් වූ වෘත්තීය සමිති නායකයෙකු වන එස්. බාලසුබ්‍රමනියම් යලි සේවයේ පිහිටුවීම සඳහා එය ගෙන ගිය අරගලය සිහිපත් කලේය. ඇබොස්ලී වත්තේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට සහයෝගය දුන් සසප, හැටන් නගරයේදී බාලසුබ්‍රමනියම් නැවත සේවයේ පිහිටුවන ලෙස බලකරමින් විරෝධතාවක් පැවැත්වී ය.

“බාලසුබ්‍රමනියම් යලි සේවයේ පිහිටුවනු ලැබීම සඳහා ඔබ ගෙන ගිය අරගලය මම අගය කරනවා. රුපියල් 1,000 දෛනික වැටුපක් සඳහා 2018 දී වතු කම්කරුවන් ගෙන ගිය අරගලයේ පෙරමුනේ සිටීම නිසා ඔහුගේ වැඩ නවත්වනු ලැබුවා. එහි දී කිසිම දෙයක් නො කල වෘත්තීය සමිති, ඔහු යලි සේවයේ පිහිටුවන ලද්දේ ඔවුන්ගේ සටන නිසා යයි දැන් කියා පානවා.”

Loading