දින කිහිපයක දී ඉන්දියාව කොරෝනා රෝගීන් මිලියන 2 ඉක්මවා යාමට නියමිතය

මෙම ලිපිය ජූලි 30 ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

අගමැති නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) නායකත්වයෙන් යුත් ආන්ඩුවේ සෙසු ඇමතිවරුන් ඔවුන්ගේ නායකත්වය යටතේ ඉන්දියාව කොවිඩ්-19ට එරෙහිව “සාර්ථක සටනක්” දියත් කරමින් සිටින බව  දිගින් දිගට ම නරුම ලෙස කියා සිටින අතර, වෛරසය සැබවින් ම රට පුරා ප්‍රචන්ඩ ලෙස පැතිරෙමින් පවතී; ඒමෙන් ම මේ වන විට සෞඛ්‍ය ආරක්ෂන පහසුකම් නො පවතින, ඉන්දියාවේ ජනාකීර්න නගරවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ද දැන් ගැඹුරින් මුල් බැස ගනී.

වර්තමානයේ, එක්සත් ජනපදය හා බ්‍රසීලයට පසු ව ලෝකයේ තුන්වන වැඩි ම ආසාදන සංඛ්‍යාවක් ඇති රට ඉන්දියාව යි. සමස්ත ආසාදන මිලියන 1.5 ක දරුනු සන්ධිස්ථානයක් පසු කර ඇත. වාර්තාගත කොවිඩ්-19 මරන සංඛ්‍යාව අනුව ඉන්දියාව  හයවන ස්ථානයේ පසුවන අතර මරන සංඛ්‍යාව 34,191 කි. කෙසේ වෙතත්, ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය විසින් සපයන ලද සංඛ්‍යාලේඛන සැබෑ ආසාදන හා මරන සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු බව බොහෝ දෙනාගේ පිලිගැනීම යි.

නිල සංඛ්‍යාලේඛන අනුව බැලුව ද, ලෝකයේ ඉතාමත් වේගයෙන් ඉහල යන රෝගීන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. එක්සත් ජනපදයේ දින 40ක් සහ බ්‍රසීලයේ දින 36ක් සමඟ සසඳන විට නිල රොගීන් සංඛ්‍යාව දින 19ක් තුල දෙගුන වී තිබේ. පසුගිය දින හය තුල ඉන්දියාව දිනකට නව රෝගීන් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ, අඟහරුවාදා රෝගීන් 49,292 ක් ද ඇතුලුව යි. පසුගිය දින 12 තුල නව ආසාදිතයන් මිලියන භාගයක් ලියාපදිංචි කෙරී ඇත.

සෞඛ්‍ය සේවකයින් 2020 ජූලි 11 වන සෙනසුරාදා ඉන්දියාවේ මුම්බායි හි ඩියෝනාර් මුඩුක්කුවේ COVID-19 රෝග ලක්ෂන සඳහා නිවැසියන් පරීක්ෂා කරති. (AP ඡායාරූපය / රාජනීෂ් කකාඩේ)

ප්‍රමුඛ වසංගත රෝග විද්‍යාඥයින් හා වෛද්‍ය විශේෂඥයින් විශ්වාස කරන්නේ වසංගතයේ බලපෑම මෙම සංඛ්‍යාලේඛනවලට වඩා බෙහෙවින් වැඩි බව යි. ජුලි 25 වන දින ද වයර් නම් වෙබ් අඩවියේ මාධ්‍යවේදී කරන් තාපාර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මිචිගන් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යා හා ජෛව විද්‍යාව පිලිබඳ මහාචාර්ය බ්‍රාමර් මුකර්ජි කියා සිටියේ කොවිඩ්-19 ඉන්දියාව පුරා “කුනාටුවක්” මෙන් නැගී එන බව යි. “දුබල” සෞඛ්‍ය සේවා පද්ධති සහිත ගම්මානවලට වෛරසය පැතිරීම ගැන ඇය කම්පාව ප්‍රකාශ කලා ය. මුකර්ජිගේ තක්සේරුව අනුව, ඉන්දියාවේ හඳුනා නො ගත් කොවිඩ්-19 රෝගීන් මිලියන 20ත් 30ත් අතර සංඛ්‍යාවක් ඇත. සති හයක් ඇතුලත සැබෑ ආසාදන සංඛ්‍යාව මිලියන 100 කරා ලඟා වනු ඇතැ යි ඇය විශ්වාස කරයි. 

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අඟහරුවාදා සඳහන් කලේ රටේ දිස්ත්‍රික්ක 739න් අඩක සෑම ඒකක ම අවම වශයෙන් රොගීන් 500 ක් බැගින් වාර්තා වී ඇති බව යි. “ඒ්වායින් 200ක පමන රෝගීන් 1000 කට වඩා සිටින අතර එම දිස්ත්‍රික්කවලින් සියයට 80 කට ආසන්න සංඛ්‍යාවක අවම වශයෙන් එක් කොවිඩ් -19 මරනයක් සිදුවී තිබේ” යැයි ටයිම්ස් වාර්තා කර යි. තත්වය පිලිබඳ අඳුරු චිත්‍රයක් පින්තාරු කරමින් එය තවදුරටත් මෙසේ පැවසී ය. “මෙම නැගී එන ගිනියම් තැන්වල බොහොමයක සෞඛ්‍ය යටිතල පහසුකම් නොමැති අතර රෝගීන්ගේ පිපිරීමක් කලමනාකරනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නො හැකියාව ඔප්පු කරනු ඇත. දැනටමත්, දිස්ත්‍රික්ක 11 ක රෝගීන් සංඛ්‍යාව ඉලක්කම් දෙකක  අනුපාතයකින් වර්ධනය වෙමින් පවතී.

කෙසේ වෙතත්, වසංගතයේ වේගවත් උත්සන්න වීම පිලිබඳ ව මෝදි ආන්ඩුව  එතරම් උත්සුකයක් පෙන්වා නැත. ඒ වෙනුවට, “ඉන්දියාව අනෙක් රටවලට වඩා හොඳින් කටයුතු කරමින් සිටිතැ යි” යන ප්‍රකාශය ගිරවුන් මෙන් පුනුරුච්චාරනය කරයි. ජුලි 26 වන දින සිය මාසික ජාතික ගුවන් විදුලි දේශනයේ දී මෝදි මෙම තර්ක වැල ඉදිරිපත් කරමින් මෙසේ කියා සිටියේ ය, “අනෙකුත් රටවල් ඒක්ක  සසඳන කොට අපේ රටේ ප්‍රකෘතිමත් වීමේ අනුපාතය වඩා හොඳයි”, “මරන අනුපාතයත් ඊට වඩා බොහෝ අඩුයි” ඒ් මෙන් ම “ඉන්දියාව මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත බේරා ගැනීමටත් සමත්වෙලා තියෙනවා.”

මෙම මුසාවන්හි අර්ථය වන්නේ වසන්ගතය හා කිසිදු ආරක්ෂක පියවරක් නො ගැනීම මධ්‍යයේ,කම්කරුවන්ට නැවත රැකියාවට යාමට බල කරමින්, ආර්ථිකය “නැවත විවෘත කිරීම” සඳහා වන රජයේ මිනීමැරුම් තල්ලුව සඳහා කඩතුරාවක් සැපයීම යි.තව ද ඒ්වා මෝදි ආන්ඩුවට හා සමස්ත පාලක ප්‍රභූවට එරෙහි මහජන කෝපය පුපුරා යාම වලක්වා ගත හැකි ය යන බලාපොරොත්තුවෙන්  ව්‍යසනයේ පරිමානය වසන් කිරීමේ මංමුලා සහගත උත්සාහයකි .

කොරෝනා වෛරසය සමඟ පොර බැදීමේ දී ඉන්දියාව “සාර්ථක” වී ඇති බවට වන මෝදිගේ කෝපාන්විත තර්කයට ආන්ඩුවේ ම අඩුතක්සේරු කෙරුනු සංඛ්‍යා පවා සහාය නො දක්වයි.

වයර් සම්මුඛ සාකච්ඡාවේ දී මහාචාර්ය මුකර්ජි, ඉන්දියාවේ ජාතික අගනුවර වන දිල්ලියේ සියයට 23ක් හෝ මිලියන 5ක ජනතාව කොවිඩ්-19 ආසාදනය වී ඇති බව පෙන්වන සමීක්ෂනයක් ගෙන හැර දැක්වූවා ය. “නමුත් 100,000 ක් පමනක් සොයා ගෙන ඇත්තේ” අඩු මට්ටමේ පරීක්ෂන නිසා යැයි මුකර්ජි පැවසුවා ය. ඉන්දියාව පරීක්ෂා කර ඇත්තේ බිලියන 1.3 ක ජනගහනයෙන් සියයට 1.2කට (හෝ සාම්පල මිලියන 17.33ට) සමාන ප්‍රතිශතයක් පමනකි. මෙය පුද්ගලයන් මිලියනයකට පරීක්ෂන 11,400 කට සමාන වේ. මේ අතර එක්සත් ජනපදය සිය ජනගහනයෙන් සියයට 14 ක් හා රුසියාව සියයට 17 කට සමාන සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබේ. “අද වන විට අපි තවත් මිලියන 40 ක් පරීක්ෂා කල යුතුයි” මුකර්ජි පැවසුවා ය.

ඉන් අනතුරුව ඇය, මෝදි හා ආන්ඩුවේ නිලධාරීන් වසංගතය පාලනය කිරීමට දරන උත්සාහයේ කාර්යක්ෂමතාව පිලිබඳ සාක්ෂියක් ලෙස හැමදා කයිවාරු ගසන  කරන සංඛ්‍යාලේඛනය වන, ඉන්දියාවේ කොවිඩ්-19  ප්‍රතිසාධන අනුපාතයේ ව්‍යාජ ස්වභාවය හෙලි කලා ය. ආන්ඩුවේ දත්තවලට අනුව, පසුගිය මාස හය තුල කොවිඩ්-19 ආසාදනය වූවන්ගෙන් සියයට 63ක් සුවය ලබා ඇත. නමුත් මහාචාර්ය මුකර්ජි පැහැදිලි කලේ සුවය ලැබුවේ කවුරුන්ද යන්න තීරනය කිරීම සඳහා භාවිතා කරන උපමාන රට අනුව වෙනස් වන බව යි. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ රෝගියෙකු “සුවය ලැබූ” බව ප්‍රකාශ කෙරෙන්නේ පරීක්ෂන දෙකකින් පසුව යි. (ඉන්දියාවේ) ‘සුවය ලැබීම’ තීරනය කෙරෙන්නේ කෙසේ දැයි මම නොදනිමි, ”මුකර්ජි පැවසුවා ය. “සෑම කෙනෙකුටම පරීක්ෂන දෙකක් කලා දැයි යන්න මට සැකයි. (එය එසේ වූයේ නම්) ඉන්දියාවේ පරීක්ෂන ගනන මීට වඩා විශාල වනවා.”

සම්මුඛ පරීක්‍ෂක තාපර් පසුව සිහිපත් කලේ “අප්රේල් දිනවල… ඔබට රෝහලෙන් පිටවීමට ඉඩ දීමට පෙර නිෂේධනාත්මක පරීක්ෂන දෙකක් අවශ්‍ය වූ” බව යි. කෙසේ වෙතත්, ජුනි මාසයේ දී “දිල්ලි  ආන්ඩුව තීරනය කලේ ඔබට උන නො මැති නම්, රෝග ලක්ෂන නො මැති නම්, කිසිදු පරීක්ෂනයකින් තොරව ඔබව නිදහස් කල හැකි” බව යි.

“සුව කල” කොවිඩ් රෝගීන් අතර මාරක මරන පිලිබඳ ප්‍රසිද්ධියේ ලබා ගත හැකි දත්ත නො මැති අතර, රෝගියා බස් රථයකින් නිවස බලා යමින් සිටින අතරතුර සොයා ගැනුනු අවම වශයෙන් එක් සිද්ධියක් ද ඇතුලුව, රෝහලෙන් නිදහස් වූ විගසම මිය යන පුද්ගලයින් පිලිබඳ මනාව ලේඛනගත වූ අවස්ථා කිහිපයක් තිබේ.

මුකර්ජි මෙම වැදගත් කාරනය පිලිබඳව විස්තාරනය නො කල ද, සමාජ අසමානතාවේ බරපතල මට්ටම් කෙරෙහි අවධානය යොමු කලා ය. “අපට ඉන්දියාවේ නිවැරදි රෝහල්ගත කිරීමේ දත්ත නොමැත. කෙටි කතන්දර හුවමාරු කර ගැනීමෙන් මා දුටු දෙය නම් ධනවත් හා සම්බන්ධතා ඇති පුද්ගලයින්ට රෝහල්වලට ඇතුල් වීමට සම්බන්ධකම් තියෙන අතර දුප්පතුන්ට රෝහල් ප්‍රතිකාර නො ලැබීමයි. ” රෝහල් ගත කිරීම “රෝග ලක්ෂන හෝ බරපතලකම මත නොව හුදෙක් ආර්ථික තත්ත්වය මත පදනම් වූවක්.”

මෝදි හා ඉන්දීය පාලක ප්‍රභූව මෙම යථාර්ථය සැඟවීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරති. කෙසේ වෙතත්, ඉන්දියාවේ රෝගීන් ප්‍රමානය හා මරනවල වැඩිවීම, මහා ව්‍යාපාරිකයන්ට ඉන්දියාවේ දරිද්‍රාපන්න කම්රුවන් හා පීඩතයින්ගෙන් ලාභ මිරිකා ගැනීමට හැකි වන සේ  ආථිකය නැවත විවෘත කිරීමට මොදි ආන්ඩුව විසින් ගනු ලැබූවා වූ ද විපක්ෂය විසින් සහාය දුන්නා වූ ද  තීරනයෙහි සෘජු ප්‍රතිඵලය බව, සැමට පැහැදිලිය. අපනයන කර්මාන්ත හා ඉදිකිරීම් වැනි ප්‍රධාන අංශවලට අප්‍රේල් මස අග දී, කොවිඩ් 19 ගිනියම් තැන්වල පවා මෙහෙයුම් ආරම්භ කිරීමට මෝදි අවසර දුන්නේ, ඉන්දියාවේ නිල කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 35, 365ක් වී මරන සංඛ්‍යාව 1152ක් ව පැවති අවස්ථාවේ දී ය. 

එක්සත් ජනපද හා යුරෝපීය බලවතුන්ගේ අඩිපාරේ යමින්, මෝදි සහ ඉන්දියානු ප්‍රභූව විනාශකාරී හා විද්‍යාත්මක නො වන “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තිය වැලඳගෙන ඇති අතර, ඒ් යටතේ වෛරසයට සාරභූත ලෙස බාධා රහිතව  ජනගහනය හරහා ව්‍යාප්ත වීමට ඉඩ දී ඇත. ආන්ඩුවේ ජාතික වසංගත රෝග විද්‍යා ආයතනයේ විද්‍යාත්මක උපදේශක කමිටුවේ සභාපති හා ආර්ථිකය යලි විවෘත කිරීම සහ “පොකුරු ප්‍රතිශක්තිය” අනුගමනය කිරීම පිලිබඳ විවෘත යෝජකයෙකු වන ජයප්‍රකාශ් මුලෙයිල්, “අගුලු දැමීම සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමත් සමඟ, ඉන්දියාව අවම වශයෙන් මිලියන දෙකක මරන අත්දකිනු ඇත” යි නො සැලකිලිමත් ලෙස පැවසුවේ ය.

මෝදිගේ මාස දෙකක් දීර්ග, නිසි ලෙස සූදානම් නො කෙරුනු අගුලු දැමීම කිසිදු විද්‍යාත්මක සෞඛ්‍ය ආරක්ෂක වැඩසටහනක් සමගින් අත්වැල් බැඳ නො ගැනුනි, වසංගතවට එරෙහි ව තීරනාක්මක සම්පත් බලමුලු ගැන්වීම ගැන කියනුම කවරේ ද? අගුලු දැමීමේ කාලය තුල මෝදිගේ ආන්ඩුව  මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට ප්‍රමානවත් මූල්‍ය හා සමාජ සහයෝගයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵල වන්නේ,  විශාල වශයෙන් සේවයෙන් දොට්ට දැමීම හා විශේෂයෙන් මිලියන ගනනක් දරිද්‍ර සංක්‍රමනික කම්කරුවන්ගේ සමාජ පීඩාවන්හි බිහිසුනු දර්ශන යි.

පාලක ප්‍රභූව මෙම අත්දැකීමෙන් යමක් ඉගෙන ගත්තා නම්, ඒ් ඔවුන් සිය දහස් ගනනකගේ ජීවිත වියදමින් පවා දෙවන අගුලු දැමීමක් සිදු නො කරනු ඇති බව යි. මරන සංඛ්‍යාව කුමක් වුවත් තවත් සම්පූර්න අගුලු දැමීමක් ඇති නො වන බවට මෝදි ප්‍රතිඥා දී තිබේ. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා අඟහරුවාදා කතුවැකියක දී, කොවිඩ්-19 රෝගීන් හා මරන සංඛ්‍යා විශාල වශයෙන් ඉහල යාම හමුවේ සමහර ප්‍රාන්ත ආන්ඩු නැවත පනවා ඇති සීමිත සීමාවන් පවා හෙලා දුටුවේ ය. “ඒ්වා විසින් සිදු කර ඇති දැවැන්ත ආර්ථික හානිය අත්විඳීමෙන් පසු, අගුලු දැමීම දිගට ම කර ගෙන යාම සඳහා තවදුරටත් නිදහසට කරුනු තිබිය නො හැක” ටයිම්ස් ප්‍රකාශ කලේ ය. මධ්‍යම අන්ඩුව  “අගෝස්තු මාසයේ අගුලු හැරීමේ සැලසුම්” සඳහා “සියලු ප්‍රාන්ත සූදානම් කල යුතු ය,” එය අවධාරනය කලේ ය.

Loading