ඉදිරිදර්ශන

පාසල් යලි විවෘත කිරීමේ ව්‍යායාමය නතර කිරීමට රටපුරා මහා වැඩ වර්ජනයක් සඳහා!

මෙම ලිපිය අගෝස්තු 5 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

වැඩෙන කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ පාසල් නැවත විවෘත කිරීමේ උත්සාහයට එරෙහිව ගුරුවරුන්, සිසුන් හා දෙමාපියන්ගේ වැඩෙන ව්‍යාපාරයක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ.

පසුගිය මාසයේ දී, එක්සත් ජනපදයේ ගුරුවරුන් හා දෙමාපියන් 300,000කට වැඩි පිරිසක් යලි පාසැල් වලට දැක්කී‍මේ උද්ඝෝෂනයට  විරුද්ධ ෆේස්බුක් කන්ඩායම් සමඟ එක් වී ඇත. මිසිසිපි, ඇරිසෝනා, ෆ්ලොරිඩා, අයෝවා, ඇලබාමා සහ තවත් බොහෝ ප්‍රාන්තවල විරෝධතා හා උද්ඝෝන පවත්වා තිබේ. සඳුදා  නගර දුසිම් ගනනක විරෝධතා පැවැත්විනි.

මෙම ව්‍යාපාරය සාර්ථක කිරීම සඳහා, පාලක ප්‍රභූන්ගේ මිනීමැරු ප්‍රතිපත්තියට එරෙහි මහා වැඩ වර්ජන ව්‍යාපාරයක් තුල කම්කරු පන්තියේ සියලු කොටස් සමඟ ගුරුවරුන් එක්සත් කරමින්, එය ජාතික පරිමාන අරගලයක් දක්වා වර්ධනය කල යුතු ය. 

රිපබ්ලිකානුවන් හා ඩිමොක්‍රටිකයන්ගේ සහය ඇතිව පාසල් නැවත විවෘත කිරීමේ ප්‍රයත්නය ආපසු වැඩට දැක්කීමේ වඩා පුලුල් උද්ඝෝෂනයේ අත්‍යාවශ්‍ය කොටසක් වී ඇත. මැයි මාසයේ සිට බලාත්මක වන පරිදි කම්කරුවන් නැවත වැඩට ආ යුතු ය යන ඉල්ලීම ජුනි සහ ජූලි මාස වන විටත් මරන 50,000කට වග කිව යුතු ය. එහෙත් කම්කරුවන්ගේ දරුවන් පාසැල්වල නො මැති නම් පාලක පන්තියට ඔවුන් ආපසු වැඩට කැඳවා ගත නො හැක.

නැවත රැකියාවට යාමට හෝ කුසගින්න, නිවාස නැතිකම හා අසරනභාවයට මුහුන දීමට කම්කරුවන්ට බල කරමින්, ෆෙඩරල් විරැකියා සහන කප්පාදු කිරීම හෝ තුරන් කිරීමට උත්සාහ කිරීමේ ව්‍යායාමයේ එක ම තර්කය මෙය යි.

විද්‍යාව පැහැදිලි ය: ලමයි කොවිඩ්-19 බෝවීමට සමාන ලෙස ගොදුරු වෙති. වැඩිහිටියන්ට සමාන හෝ වැඩියෙන් වෛරසයට ගොදුරු වීමේ හැකියාවක් ඔවුන්ට ඇත, අසමමිතික වාහකයන් වීමට වැඩි ඉඩක් ඇත, එමෙන් ම ඕනෑ ම වයස් කාන්ඩයකට වෛරසය සම්ප්‍රේෂනය කිරීමේ  වැඩි ඉඩක් පවතියි. පසුගිය සතියේ අඩු වසයෙන් නැවත විවෘත කරන ලද පාසල් හතරක කොවිඩ්-19 සඳහා ධනාත්මක සිසුන් හමු වී තිබුනි. නැවත විවෘත කරන ඕනෑ ම පාසලක් එම ප්‍රජාව පුරා වෛරසය පැතිරීම සඳහා ප්‍රධාන රෝගවාහකයක් බවට පත්වනු ඇත.

පාසැල් නැවත විවෘත කිරීමට දරන උත්සාහයෙන් අදහස් වන්නේ, සිසුන් අසනීප වී මිය යනු ඇති බවත්, ගුරුවරුන් අසනීප වී මිය යනු ඇති බවත්, හා දෙමව්පියන් අසනීප වී මිය යනු ඇති බවත් ය.

රටපුරා මහා වැඩ වර්ජනයක් කැඳවීමේ දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගුරුවරනන් හා සියලුම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම පාසල්, සේවා ස්ථාන සහ අවට ප්‍රදේශවල වැසියන් සමඟ පහත සඳහන් ඉල්ලීම් මතු කොට සාකච්ඡා කරන ලෙස යි.

* වෛරසය තුරන් කරන තුරු සියලුම පාසල් වසා තබනු! එක්සත් ජනපදය පුරා වෛරසය පාලනයෙන් බැහැරව සර්පිලාකාරව පැතිරෙන හෙයින්, පෞද්ගලිකව ආරක්ෂිත උපදෙස් සකසා ගත නො හැක.

* පොදු අධ්‍යාපනය හා මාර්ගගත උපදෙස් සඳහා පූර්න අරමුදල්! අධිවේගී අන්තර්ජාල ප්‍රවේශය, ආහාර බෙදා හැරීම, මානසික සෞඛ්‍ය සේවා, විශේෂ අධ්‍යාපන සහාය සහ හොඳම තත්ත්වයේ දුරස්ථ ඉගෙනුම් ලබා දීමට අවශ්‍ය අනෙකුත් සම්පත් සෑම සිසුවෙකුට ම මෙන් ම ගුරුවරයෙකුට ම සහතික කල යුතු ය.

* අනවශ්‍ය නිෂ්පාදන සියල්ල නවත්වනු! වසංගතය මැඩපවත්වන තුරු විවෘත ව පැවතිය යුත්තේ ආහාර නිෂ්පාදනය, වෛද්‍ය ප්‍රතිකාර හා සැපයුම් වැනි ප්‍රධාන කර්මාන්ත පමනි. එම කර්මාන්තවල සේවකයින්ට ආසාදන වැලැක්වීම සඳහා වඩාත් දියුනු ආරක්ෂක මෙවලම් ලබා දිය යුතු ය. අත්‍යාවශ්‍ය නො වන සියලු ම  කම්කරුවන්ට හා දොට්ට දැමූ කම්කරුවන්ට පූර්න විරැකියා ප්‍රතිලාභ හා නිදහස් සෞඛ්‍ය සේවාවට ප්‍රවේශය ලබා දිය යුතු ය.

* පරීක්ෂන හා ආශ්‍රිත පුද්ගලයින් සොයා ගැනීම විශාල වශයෙන් පුලුල් කිරීම සඳහා! වෛරසය මැඩපවත්වීම සඳහා, විශ්වීය පරීක්ෂන ලබා දිය යුතු අතර, මතු වන ඕනෑම සිද්ධියක් සොයා ගැනීම හා පරීක්ෂා කිරීමට හා ආසාදනය විය හැකි අය හුදකලා කිරීමට එහි නිරත වන අය ලක්ෂ ගනනින් බඳවා ගත යුතු ය.

වසංගතයට එරෙහි සටන රඳා පවතින්නේ කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීම මත බව පසුගිය මාස හත පෙන්නුම් කර ඇත. මරන සංඛ්‍යාව ඉහල යන අතර වසංගතය පාලනයෙන් තොරව සර්පිලාකාර ව පැතිරෙමින් තිබෙන්නේ, පාලක පන්තිය සිය ලාභ අවශ්‍යතාවන්ට බාධාවක් වන කිසිදු ක්‍රියාමාර්ගයක් නො ඉවසන බැවිනි.

එයින් අදහස් කරන්නේ වසංගතය පැතිරිය යුතු නම්, එසේ වෙද්දෙන් යන්න යි. දැවැන්ත ජීවිත හානි පිලිබඳ ව පාලක පන්තියේ උදාසීනත්වය ට්‍රම්ප් විසින් සති අන්තයේ ඇක්සියෝස් නම් ප්‍රවෘත්ති වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී,  වඩාත් නග්නව ප්‍රකාශ කරන ලදී. එක්සත් ජනපදයේ දිනකට පුද්ගලයින් 1,000 ක් මිය යතැ යි යන කරුනට ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලූ විට, “ඔවුන් මිය යමින් ඉන්නවා, ඒ්ක ඇත්ත. ඒ්ක එහෙමයි” ට්‍රම්ප් පිලිතුරු දුන්නේ ය

යමෙකුට පන්ති ප්‍රතිපත්තිය පිලිබඳ ව මීට වඩා පැහැදිලි ප්‍රකාශයක් තිබිය නො හැක. සඳුදා සවස, ට්‍රම්ප් ආකාලයේ පාසල් නැවත විවෘත කිරීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමේ අධිෂ්ඨානය ප්‍රකාශයට පත් කලේ, “පාසැල් විවෘත කරනු!!!” යි ට්විටර් පනිවුඩයක් නිකුත් කරමිනි. 

ට්‍රම්ප් තමා වෙනුවෙන් පමනක් කථා නො කරයි. “පාසැල් විවෘත කිරීමේ කප්පම්” නම් සඳුදා කතුවැකියක දී, වෝල් ස්ට්‍රීට් ජර්නලය මෙම ප්‍රතිපත්තියට අනුබල දෙන සමාජ උත්සුකයට දොරටුවක් සපය යි.

 පාසැල් නැවත විවෘත කිරීමට දරන උත්සාහයට එරෙහි වෙමින් විරෝධතා දක්වන ගුරුවරුන් “දේශපාලන කප්පම් ගැනීමේ” නියලෙන බවට ජර්නලය හෙලා දකී. වෝල් වීදියේ හොරනෑව මෙසේ ලියයි. “නැතිවූ උපදෙස් දරා ගැනීමට සිදු වන දරුවන් ඔවුන්ගේ ප්‍රාන ඇපකරුවන් ද? තම දරුවන්ට ඉගැන් වීමට අවශ්‍ය නම් දෙමව්පියන් හා බදු ගෙවන්නන්ට තම න්‍යාය පත්‍රය අනුව නැටීමට බල කිරීම සඳහා” ගුරුවරුන් උත්සාහ කරමින් සිටින බව එය ප්‍රකාශ කරයි.

මොනතරම් නින්දිත කුහකකමක් ද! පාලක පන්තිය දශක ගනනාවක් තිස්සේ රාජ්‍ය අධ්‍යාපනය ක්‍රමානුකූලව පරිහානියට පත් කලේ, රාජ්‍ය අරමුදල් කපා හැරීම හා  බලපත්‍ර පාසල් ප්‍රවර්ධනය කිරීම, ප්‍රමිතිගත පරීක්ෂන සහ පුද්ගලික හා කුඩා පාසල් සඳහා අරමුදල් හරවා යැවීමට “පාසල් තේරීමේ” යෝජනා ක්‍රම මගිනි.

සහන ලබා ගැනීම සඳහා වසංගතය භාවිතා කරන බවට ගුරුවරුන්ට චෝදනා කිරීමට ජර්නලයට බලවත් කෝපයක්  ඇත. යථාර්ථයේ දී, මාර්තු අග දී සම්මත කරන ලද කෙයාස් පනත මගින් ද්වීපාර්ශවීය සහයෝගය ඇතිව අනුමත කරන ලද ඩොලර් ට්‍රිලියන ගනනක ඇප මුදල් ඉල්ලා සිටීම සඳහා වසංගතය භාවිතා කලේ මූල්‍ය කතිපයාධිකාරය යි. රාජ්‍ය භාන්ඩාගාරය කොල්ලකෑමෙන් පසු පාලක පන්තිය ඉල්ලා සිටින්නේ, ඒ වෙනුවෙන් ගෙවීම සඳහා ලාභ උපයා ගැනීමට කම්කරුවන් ආපසු වැඩට ආ යුතු බව යි.

කතුවැකිය අවසන් වන්නේ, “කිසිදු දේශපාලන බලවේගයකට ඇමරිකාවේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි නිෂේධ බලය තිබිය යුතු නැත” යන බව පවසමිනි. පන්ති අර්ථයෙන් ගත් කල, ජර්නලය ඉල්ලා සිටින්නේ, පාසල් නැවත විවෘත කරනවාද නැත්නම් වසා තියෙනවා ද යන්න පිලිබඳව ගුරුවරුන්, දෙමාපියන්, සිසුන් සහ සමස්තයක් වශයෙන් කම්කරු පන්තියට අදහස් දැක්වීමට අයිතියක් නැති බව යි.

පාසල් නැවත විවෘත කිරීමේ උද්ඝෝෂනයට ට්‍රම්ප් පරිපාලනය මූලිකත්වය ගෙන කටයුතු කරන අතර එයට ද්වි පාර්ශවීය සහයෝගය ලැබේ. ඩිමොක්‍රටික් නගරාධිපති බිල් ඩි බ්ලැසියෝගේ පාසල් නැවත විවෘත කිරීමේ සැලසුමට එරෙහිව ඊයේ නිව් යෝක් නගරයේ ගුරුවරු, දෙමාපියෝ හා සිසුහු විරෝධතා දැක්වූහ.

වසංගතය පැතිර යද්දී රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන්, අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන සඳහා වූ තහංචි ඉවත් කලේ, තම සෞඛ්‍යය හා ජීවිත අවදානමට ලක් කරමින් සංගත සඳහා ලාභ උපයා දීමට කම්කරුවන් නැවත වැඩට  දක්කමිනි.  

ගුරුවරු තනිව ම සටන් කරමින් නො සිටී. සමස්ත කම්කරු පන්තිය තුල ම වර්ධනය වන්නා වූ කෝපයක් හා විරුද්ධත්වයක් තිබේ. ඔවුන්ගේ සගයන් වන්නේ, බාලාංශයේ සිට දොලොස්වැනි ශ්‍රේනිය දක්වා (K-12) පාසල්වල සිසුන් සහ දෙමාපියන් මෙන්ම නැවත විවෘත කිරීමට සුදානම් වෙමින් තිබෙන විද්‍යාල හා විශ්ව විද්‍යාලවල සිසුන් ය.

මස් ඇසුරුම් කම්කරුවෝ, සෞඛ්‍ය කම්කරුවෝ, කෘෂිකාර්මික කම්කරුවෝ, ඇමසොන්, යූපීඑස් හා යූඑස්පීඑස් හි සැපයුම් කම්කරුවෝ, ගමනාගමන කම්කරුවෝ, සේවා කම්කරුවෝ  හා සමස්ත කම්කරු පන්තිය ම එකම සතුරාට මුහුන දෙති. මිචිගන් හා ඔහියෝ ප්‍රාන්ත්වල මෝටර් රථ කම්කරුවෝ දැනටමත් විරුද්ධත්වය සංවිධානය කිරීම සඳහා ස්වාධීන සාමාජික ආරක්ෂක කමිටු පිහිටුවීම අරඹා තිබේ.

මේ සතියේ ෆෙඩරල් විරැකියා ප්‍රතිලාභ අවසන් කිරීම මිලියන ගනනක් රැකියා විරහිතයන්ට දරිද්‍රතාව හා (නිවාසවලින්) නෙරපා හැරීමේ තර්ජනය ගෙන එයි. හොර රහසේ ඩිමොක්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් සාකච්ඡා කරමින් සිටින්නේ මෙම ප්‍රතිලාභ කොපමන ප්‍රමානයක් කපා හරිනවා ද යන්න සහ කම්කරුවන් බිය ගැන්වීම සඳහා හොඳ ම කොන්දේසි නිර්මානය කර කොතරම් ඉක්මනින් ඔවුන් නැවත වැඩට දක්කනවා ද යන්න ගැනයි.

එපමනක් නොව, එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ විරෝධය ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසකි. එක්සත් රාජධානිය, දකුනු අප්‍රිකාව සහ පාලක පන්තිය එකම ප්‍රතිපත්තියක් බලාත්මක කරමින් සිටින අනෙකුත් රටවල පාසල් නැවත විවෘත කිරීමට විරුද්ධ ෆේස්බුක් කන්ඩායම් පිහිටුවා ඇත.

පෙරලා සටන් කිරීමට, ගුරුවරුන් ස්වාධීන සාමාජික සංවිධාන පිහිටුවිය යුතු ය. ගුරු වෘත්තීය සංගම් විසින් සංවිධානය කරන ලද විරෝධතා මුලුමනින්ම අප්‍රමානවත් ය. ඩිමොක්‍රටිකයින් හා පාලක පන්තියට ඉතා කීකරු ඇමරිකානු ගුරු සම්මේලනය (ඒඑෆ්ටී) හා ජාතික අධ්‍යාපන සංගමය (එන්ඊඒ) ගුරුවරුන් අතර සිදුවෙමින් ඇති පෙරලිකාරිත්වය පිලිබඳ ව දැඩි අවධානයෙන් සිටින අතර මෙම ව්‍යාපාරය පූර්වභංග  කර පාලනය කිරීමට උත්සාහ කරති. 2018 හා 2019 දී වෘත්තීය සමිති බටහිර වර්ජිනියා ප්‍රාන්තයෙන් පටන් ගෙන ගුරු වැඩ වර්ජන මාලාවක් නවතා දමා පාවාදීමට පෙරමුන ගත්හ.

පාසල් විවෘත කිරීම හා පාලක පන්තියේ සමස්ත ප්‍රතිපත්තියට එරෙහි ව මහා වැඩ වර්ජනයක්  සූදානම් කිරීම සඳහා අන්තර් සම්බන්ධිත සාමාජික ක්‍රියාකාරී  කමිටු ජාලයක් වර්ධනය කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය සෑම කර්මාන්තයක ම හා අංශයක ම කම්කරුවන්ගෙන්  ඉල්ලා සිටී.

වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා විද්‍යාඥයින් හා වසංගත රෝග විද්‍යාඥයින් අවධාරනය කරන දෙයට ගුරුවරුන් ඉල්ලා සිටින පියවර අනුරූප වේ. පරම වශයෙන්හ එකිනෙකට එරෙහි සමාජ අවශ්‍යතා දෙකක් ගැටේ. ගුරුවරු ජීවිතය වෙනුවෙන් සටන් කරති. පාලක පන්තිය ලාභ හා මරන වෙනුවෙන් සටන් කරති.

වෝල් වීදිය හා මූල්‍ය කතිපයාධිකාරයට පවරා දී ඇති ඩොලර් ට්‍රිලියන ගනන්,  සියලු කම්කරුවන්ට පූර්න විරැකියා ප්‍රතිලාභ ලබා දීම සඳහාත්, සෞඛ්‍ය රැකවරන සහ පොදු අධ්‍යාපනය සඳහා විශ්වීය ප්‍රවේශය ලබා දීම සඳහාත් හරවා යැවිය යුතු ය.

රටපුරා මහා වැඩ වර්ජනයක් දියත් කිරීම බලගතු ආවේගයක් ඇති කරන අතර එකම ජීවිත හා මරනය පිලිබඳ ප්‍රශ්නවලට මුහුන දෙන කම්කරුවන් අතර ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ශක්තිමත් කරනු ඇත. එබඳු අරගලයක තර්කනය, සමස්ත පාලක පන්තියම හා වඩ වඩාත් ඒකාධිපති ක්‍රියාමාර්ග තුලින් සිය පාලනය පවත්වා ගැනීමට උත්සාහ කරන ට්‍රම්ප් පරිපාලනය සමඟ ඍජු ගැටුමක ඇමරිකානු කම්කරු පන්තිය තබනු ඇත.

කම්කරු පන්තියේ සියලු අයිතිවාසිකම්, ජීවත්වීමේ අයිතිය පවා රඳා පවතින්නේ පාලක පන්තිය තුරන් කිරීම හා පුද්ගලික ලාභය මත නො ව සමාජ අවශ්‍යතා මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම මත ය. 

පාසල් නැවත විවෘත කිරීම නැවැත්වීම, වසංගතය පැතිරීම නැවත් වීම  හා තවත් මිලියන ගනනකගේ ආසාදන හා මරන වැලැක්වීමට ඇති එක ම ක්‍රමය වන්නේ, වසංගතයෙන් සිදුවන සියලු දුක් ගැහැටවල ප්‍රභවයට, එනම් ධනේශ්වර පද්ධතියට එරෙහි විප්ලවවාදී අරගලයකට කම්කරු පන්තිය විශාල වශයෙන් බලමුලු ගැන්වීම යි. 

සමාජවාදී සමානාතා පක්ෂය හා එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ  හා ශිෂ්‍යයෝ මෙම සටනේ පෙරමුන ගෙන සිටිති. ඔබගේ අරගලය සංවිධානය කිරීම සඳහා සහාය ලබා ගැනීමට අප හා සම්බන්ධ වන ලෙස අපි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිමු. මෙම අරගලයට සහයෝගය දක්වන ලෙසත්, සසජාතශි ට සම්බන්ධ වන ලෙසත් අපි ශිෂ්‍යයන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. මෙම සටන පිලිබඳ යාවත්කාලීන කිරීම් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කරන ගුරුවරුන්ගේ පුවත් පත්‍රිකාව සඳහා ලියාපදිංචි වන්න.

Loading