රංචු ප්‍රතිශක්තියට එරෙහිව ෆවුසි අනතුරු අඟවයි: “මරන සංඛ්‍යාව දැවැන්ත වනු ඇත”

මෙම ලිපිය අගෝස්තු 15 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

සම්මුඛ සාකච්ඡාව අතරතුර මැකෝනාගී ඇසුවේ, “ලෝකයේ සෑම කෙනෙකුටම රෝගය වැලඳුනහොත් කුමක් සිදුවේ ද? එය නිකම්ම පහව යනවාද? ” ෆවුසි නිශ්චිතවම අනතුරු ඇඟවූයේ, “සෑම කෙනෙකුටම එය ආසාදනය වුවොත් … බොහෝ දෙනෙක් මිය යනු ඇත.”

ඊට පෙර දින, රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී CDC) අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ්, වෙබ්එම්ඩී WebMD සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී එලෙසින්ම අනතුරු ඇඟවූයේ, “අපට එලඹෙන සෘතුවේ COVID ඇති වීමට ඉඩ ඇතිවාක් මෙන්ම එලඹෙන සෘතුවේ උන රෝගය ද ඇති වනු ඇත” යනුවෙනි. “මහජන සෞඛ්‍ය පිලිබඳ දෘෂ්ටි කෝනයෙන් බලන කල, අප මෙතෙක් මුහුන දෙන දරුනුම සෘතුව” එය විය හැකිය. මේ දෙකේම සංයෝජනය අපට හැසිරවිය හැකි ප්‍රමානයට වඩා වැඩි වන බැවින් “ඇතැම් රෝහල් පද්ධති අපහසුතාවට පත්වීමට” බොහෝ දුරට ඉඩ ඇත.

වොෂින්ටනයේ කැපිටොල් හිල්හිදී 2020 ජූලි 41දා, බෝවන රෝග හා ආසක්තමිකතා පිලිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි, කොරෝනා වෛරසය ගැන කොන්ග්‍රස් අනු කමිටුව හමුවේ සාක්ෂි දෙයි. ඒපී-කෙවින් ඩියේෂ්-පූල් Kevin Dietsch/Pool via AP

හැම විටම සිදුවන පරිදි, ෆවුසිගේ අඩු තක්සේරුව පවා, රටට හෝ ලෝක ජනගහනයට වෛරසය ආසාදනය වීමට ඉඩ හැරීමෙන් ලබා ගන්නා “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ඕනෑම ප්‍රතිපත්තියක ආසන්න අවදානම ගෙනහැර දක්වයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති COVID-19 හි මරන අනුපාතය පිලිබඳ වර්තමාන අඩු අගය සියයට 0.6 ක් වන අතර, මේ ආකාරයෙන් (herd immunity) රෝගය පැතිරීම වැලැක්වීම සඳහා අවම වශයෙන් ජනගහනයෙන් අඩකටවත් වෛරසය ආසාදනය විය යුතුය. එකට ගත් කල මෙයින්, එක්සත් ජනපදය තුල පමනක් 993,000 කට වැඩි සංඛ්‍යාවක් ඇතුලුව වසංගතයෙන් ලොව පුරා අවම වශයෙන් මිලියන 23 ක් මිය යනු ඇත.

ෆවුසි පවසන පරිදි, “මරන සංඛ්‍යාව දැවැන්ත වන අතර එය කිසිසේත්ම පිලිගත නොහැකිය.” එක්සත් ජනපදයේ වර්තමාන මරන සංඛ්‍යාව 171,000 ඉක්මවන අතර රෝගීන් මිලියන 5.4 කි. මෙය දැනටමත් අතිවිශාල සංඛ්‍යාවකි. රංචු ප්‍රතිශක්තිකරනය පිලිබඳ අවම තක්සේරුව ලබා ගැනීම සඳහා, දැනට තක්සේරු කර තිබෙන මුලු ප්‍රමානයට වඩා හය ගුනයකින් වැඩි මරන සංඛ්‍යාවක් අවශ්‍ය වේ.

ෆවුසි සහ මැකෝනාගී අතර සම්මුඛ සාකච්ඡාව, එක්සත් ජනපදයේ මරන සංඛ්‍යාව පිලිබඳ සීඩීසියේ නව ඇස්තමේන්තු නිකුත් කල දිනයේම සිදු විය. සෑම ප්‍රාන්තයකම දෛනික මරන අනුපාතය ස්ථාවර හෝ තරමක් අඩු වුවත්, සැප්තැම්බර් පලමු සතිය වන විට වාර්තාගත මරන සංඛ්‍යාව 200,000 ක්  වනු ඇතැයි එය පුරෝකථනය කර තිබේ. මරන අනුපාතය යලි ඉහල යාමට පටන් ගතහොත්, කම්කරු දිනය වන විට මරන 225,000 ක් පමන විය හැකිය. සීඩීසී ඇස්තමේන්තුවට සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් Health Metrics and Evaluation, ආයතනයේ ඇස්තමේන්තුව ඇතුලත් වන අතර, පසුගිය සතියේ එය අනාවැකි පල කලේ, දෙසැම්බර් 1 වන විට පුද්ගලයින් 295,000 ක් මිය යනු ඇති බවටයි.

ඇමරිකාවේ අවම මරන සංඛ්‍යාව, කොරෝනා වෛරස් රංචු ප්‍රතිශක්තිකරන ඉමට පැමිනීම අවශ්‍යය. අනුග්‍රහය wsws.org

එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් වසංගතයේ තත්වය පිලිබඳව ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිලිබඳ ආයතනයේ (NIAID) අධ්‍යක්ෂ ඇන්තනි ෆවුසි,  මැතිව් මැකෝනාගී (Free State of Jones) රංඟන ශිල්පියා විසින් ඊයේ පවත්වන ලද, ඇමරිකාවේ කොරොනා වසංගතයේ තත්වය පිලිබඳ සම්මුඛ සාකච්ඡාවකට එක්විය.

ෆවුසි, ආසියාව සහ එක්සත් ජනපදය වසංගතයට දක්වන ප්‍රතිචාරය අතර වෙනස සාකච්ඡා කිරීම සඳහා යම් කාලයක් ගත කලේය. “[ආසියානු රටවල්] දොරගුලු දැමූ විට, ඒවායේ දෛනික කොරෝනා වෛරස් ආසාදන “ඉතා පහත් මට්ටමකට බැස ගියේය. ” ඊට වෙනස්ව එක්සත් ජනපදයේ , “පහල යනවා වෙනුවට ඉහල ගොස් ඇත. අපි දිනකට සානුවක හැඩයෙන් යුත් ආසාදන 20,000 ක (අනෙක් පස හැරවූ, U හැඩය ගන්නා) ස්ථාවර මට්ටමකට ගෙන ආවෙමු. එය කිසිසේත්ම පිලිගත නොහැකිය.” ඊට පස්සේ, “නැවත ඇමරිකාව විවෘත කිරීමට පටන් ගත් විට… අප එය ක්‍රමානුකූල ආකාරයකින් කලේ නැහැ.” ෆවුසි තවදුරටත් මෙසේ පැවසීය, “ඉතින් සිදු වූ දේ, අපි විවෘත කිරීමට පටන් ගත් විට, එය තිස් හතලිස්, පනස්, හැට ගනන් දක්වා ඉහල නැඟුන අතර, අපි දිනකට හැත්තෑදහසක් [නව ආසාදන] කරා ලඟා වීමු. අපි දැන් පනහක් දක්වා පහත බැස සිටිමු.  අපි ප්‍රායෝගිකව කිසිවක් නැති තැනට යා යුතුව තිබුන නමුත් එසේ   සිදු වුනේ නෑ."

කෙසේ වෙතත් ෆවුසි පැහැදිලි නොකරන දෙය නම්, සමස්ත ජනගහනයම සලකා “අපි” කර්මාන්තශාලා, කාර්යාල සහ ව්‍යාපාර නැවත විවෘත කිරීමට තීරනය නොකිරීම නිසා මිලියන ගනනක් ආසාදන හා දස දහස් ගනනක් මරනයට පත් කර ඇත්තෙමු. වසංගතය පිලිබඳ විශේෂඥයන්ගේ පැහැදිලි අනතුරු ඇඟවීම් නොසලකා හැර, මේ රට පාලනය කරන මූල්‍ය කතිපයාධිකාරය සහ කම්කරු පන්තියට වඩා මුලුමනින්ම වෙනස් ආකාරයකින් කොරෝනා වයිරසය දෙස බලන අය එම තීරනය ගත් බවයි.

ආරම්භයේ සිටම, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂවල ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තියේ සහ එහි දේශපාලන රැවටිලිකාරයන්ගේ ප්‍රධාන අවධානය යොමු වූයේ, ඔවුන්ගේ ධනය ආරක්ෂා කිරීම සහ එය පදනම් කරගත් ධනවාදී ලාභ ක්‍රමය රැකගැනීම කෙරෙහිය. වසංගතය මාර්තු මාසයේදී එක්සත් ජනපදය පුරා පැතිරීම ආරම්භ වූ විට මරන සංඛ්‍යාව ගැන සැලකිලිමත් නොවූ නමුත් කොටස් වෙලඳපොලේ වේගවත් පහත වැටීමක් සිදුවිය.

ඊට ප්‍රතිචාර වශයෙන් මෙම ස්ථරය, එක්සත් ජනපද ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ, මූල්‍ය වෙලඳපොලවල් නැඟිටුවීමට  සහ සංගතවල සේප්පු පුරවා ගැනීමට හිස් චෙක්පතක් ය. ට්‍රම්ප් සහ ඔහුගේ හෙංචයියන්, මාරාන්තික බෝවන රෝග මර්දනය කිරීම හා තුරන් කිරීම සඳහා එක්සත් ජනපදය තුල මහා පරිමාන පරීක්ෂන සහ සම්බන්ධතා සොයා යාමේ ක්‍රියාවලියක් සඳහා “මුදල්” නොමැති බව කියා සිටි නමුත් ජනාධිපති, ඩොලර් 6,000,000,000,000 ක ඇප දීම සඳහා කොන්ග්‍රසය සමඟ උනන්දුවෙන් කටයුතු කලේය.

පොලිටිකෝ ඇතුලු ආර්ථික විද්‍යාඥයින්ගේ වඩාත් ත්‍යාගශීලී ඇස්තමේන්තු පවා පෙන්නුම් කරන්නේ, ඇපදීමෙන් සියයට අටක් පමනක් වෛරසය අවසන් කිරීම සඳහා වන පියවරයන් වෙත ලබාදී ඇති බවයි. ඊට පුද්ගලික ආරක්ෂක උපකරන සෑදීම, ප්‍රතිකාර සඳහා වැඩ කිරීම, සම්බන්ධතා සොයා ගැනීමේ ව්‍යායාමය පුළුල් කිරීම, සමූහ පරීක්ෂන ක්‍රියාත්මක කිරීම සහ එන්නතක් සොයා ගැනීමට වැඩ කිරීම ද ඇතුලත්ය. රැකියාවක් නොමැති ඇමරිකානුවන් මාස ගනනක් යනතෙක් නොනැසී පවත්වා ගැනීම සඳහා සහන සැලසීමට ඉන් දොලහෙන් එකක් පමන වැය කරන ලදී. ඉතිරි සියල්ල ඒවන විටත් පිරී ගොස් තිබුන සුපිරි ධනවතුන්ගේ පෙට්ටගම් වෙත ගලා ගියේය.

ඒ සමගම එම මුදල් ආපසු ගෙවීමට ද සිදු වේ. වෝල් වීදියට ට්‍රිලියන ගනනක් ලබා දී ඇති ආකාරයටම, දැන් ට්‍රිලියන ගනනක් කම්කරු පන්තියේ ශ්‍රමයෙන් උපුටා ගත යුතුව තිබේ. මේ අනුව ට්‍රම්ප්, “අපේ ජනතාවට නැවත රැකියාවට යාමට අවශ්‍යයි” යනුවෙන් ව්‍යාජ ලෙස ප්‍රකාශ කිරීමට පටන් ගත්තේය. මෙම නොසැලකිලිමත් ක්‍රියාවන් වසංගතය පැතිරවීමට පමනක් හේතුකාරකව ඇති අතර ඉන් ජීවිත දහස් ගනනක් අහිමි වීම ට්‍රම්ප්ට හෝ ඔහු නියෝජනය කරන සමාජ ස්ථරයන්ට එතරම් සැලකිය යුතු කාරනයක් නොවේ.

ඒ වෙනුවට, රංචු ප්‍රතිශක්තිය පිලිබඳ ප්‍රතිපත්තිය යටතේ කම්කරුවන්ට දූෂිත වාතාවරනයක් සහිත කම්හල් හා වෛරස් පතුරවන කර්මාන්තශාලා වෙත නැවත යාමට බල කෙරේ. අර්බුදයට ගෙවීම සඳහා පාලක ප්‍රභූව, මාරක තත්වයන් යටතේ මිලියන ගනනක් ආපසු වැඩට දක්කා ඇත. එය, වසංගතය ප්‍රජාවන් පුරා ව්‍යාප්ත වීමට ඉඩ සලසයි. දස දහස් ගනනක් මරනයට හෝ ආබාධිත තත්වයට පත් කෙරේ. ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය දිගටම සිදුවීමට ඉඩ හැරියොත්,  ෆවුසිගේ අනතුරු ඇඟවීම් ජීවමාන බියකරු සිහිනයක් වනු ඇත.

මෙම මාරක, ජන සංහාරයක් යයි ද කිව හැකි ප්‍රතිපත්තිය , සෘතුව ලඟාවී තිබියදී දැන්  වෙන කවරදාකටත් වඩා වේගයෙන් අනුගමනය කරනු ලැබේ. ට්‍රම්ප්ට අනුව “පාසල් විවෘත විය යුතුය !!!” ආර්ථිකය නැවත විවෘත කිරීම සඳහා ඇති එකම ක්‍රමය ලමයින් නැවත පාසල් වෙත පිටත්කර හැරීමෙන් ඔවුන්ගේ දෙමාපියන් නැවත රැකියාවට දැක්කීම බව ඔහු දනී. වසංගතයේ මාරාන්තික ප්‍රතිවිපාක ලමයින්ට අඩුවෙන් බලපාන බවට නඟන ඝෝෂාව, පාසල් විශාල වශයෙන් නැවත විවෘත කිරීම සාධාරනීකරනය කිරීමට යොදා ගනියි. මෙය දැනටමත් ලමුන් සහ ඔවුන්ගේ වැඩි වයස්ගත මිතුරන් හා ඥාතීන් අතර COVID-19 විශාල වශයෙන් ව්‍යාප්ත වීමට තුඩුදී ඇත.

රෝග පැතිරවීම සඳහා ලමයින් යොදා ගැනීම වෙනුවට, තාර්කික ලෝකයක සිදුවිය යුතු පරිදි, එක්සත් ජනපද පාලක ප්‍රභූව ඔවුන්ගේ නැවත විවෘත කිරීමේ ප්‍රතිපත්තිය පිලිබඳ තක්සේරුවක් කර වෛද්‍ය විශේෂඥයින්ට ඇහුම්කන් දිය යුතුය. “එය වසා දමන්න, එසේම කරන්න, එය  හරියට කරන්න” යනුවෙන් සිය ගනනක් වෛද්‍යවරුන්, හෙදියන් සහ වෙනත් වෛද්‍ය නිලධාරීන් විසින් අත්සන් කරන ලද ලිපියේ සඳහන් වන පරිදි, එක්සත් ජනපද ආන්ඩුවේ ප්‍රතිචාරය “දකුනු කොරියාව, ඕස්ට්‍රේලියාව හෝ සිංගප්පූරුව තරම් පලදායී වූයේ නම්, ඇමරිකානුවන් මිය යනු ඇත්තේ දෙදහසකටත් අඩුවෙනි.” “COVID-19 මරන වලින් 99% ක්ම” වලක්වා ගත හැකිව තිබූ බව ලිපිය තවදුරටත් පවසයි.

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා විශාල අරමුදල් ප්‍රමානයක් ඉල්ලා සිටිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ද  බ්‍රහස්පතින්දා එවැනිම ආයාචනයක් කලේය. සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් මෙසේ පැවසීය, “ඊලඟ රැල්ලේ ප්‍රතිවිපාක සඳහා තවත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10 ක් වියදම් කිරීමට සිදුවන්නට කලියෙන්, නව මෙවලම් සඳහා ලෝකයට අවම වශයෙන් ඩොලර් බිලියන 100 ක් වත් වැය කිරීමට සිදුවනු ඇතැයි අපි ගනන් බලා ඇත්තෙමු. විශේෂයෙන්ම නව එන්නතක් නිපදවනවා නම්. ”

ජූලි මාසය අවසන් භාගයේදී පමන වසංගතය දිගින් දිගටම ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබියදී එක්සත් ජනපදය විශාල වශයෙන් ව්‍යාප්ත වූ පරීක්ෂන ක්‍රියාවලියක් මුදාහැරිය යුතු වුවත්, සිදුවන්නේ පවතින ක්‍රියාවලිය පවා ඇකිලී යාමයි. සෞඛ්‍ය හා මානව සේවා සහකාර ලේකම් සහ ට්‍රම්ප් පරිපාලනයේ පරීක්ෂන මූලෝපාය ප්‍රධානී බ්‍රෙට් ගිරොයර්, බ්‍රහස්පතින්දා පරීක්ෂන පහත වැටීම පිලිබඳව ප්‍රශ්න කල වාර්තාකරුවන්ට පහර දෙමින් කියා සිටියේ, “පැතිරීම අඩු කිරීම හා ජීවිත බේරා ගැනීම අරමුනු කරගෙන වක්‍රය සමතලා කිරීම සඳහා අපි දැන් සුදුසු පරීක්ෂන ප්‍රමානයක් කරමින් සිටිමු.” ඉන්පසු ඔහු විවේචන බැහැර කලේ, “ඉලක්කම් සමඟ දුවන පුද්ගලයන්” ලෙසයි.

කෙසේ වෙතත්, බොහෝ දෙනෙක් මියගොස් තිබියදී ප්‍රභූ පැලැන්තිය වෙත මෙතරම් මුදල් යොමු කර ඇති නමුත්, එය නිවැරදි ප්‍රතිපත්තියක් පිලිබඳ ප්‍රශ්නයක් නොව, ධනවාදයේ තර්කනය විසින්ම ඉල්ලා සිටින තත්වයකි. වසංගතයේ ගමන් මාර්ගය නැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග, එනම්, - පරීක්ෂාව, සම්බන්ධතා සොයා ගැනීම, නිරෝධායනය, පීපීඊ නිෂ්පාදනය යනාදිය, ගන්නවාට වඩා කම්කරුවන් මියයාමට හැරීම හා ඔවුන් වෙනුවට වෙනත් අය ආදේශ කිරීම අවසාන වශයෙන් ලාභදායී වේ . අධික ලෙස මුදල් වියදම්වන එවැනි දේවලට අමතර සේවකයින් ලබා ගැනීම අවශ්‍යයෙන්ම නොමිලේ ය. මිලියන ගනනක් දැන් රැකියා විරහිතව සිටියදී.

එහෙත් සැබවින්ම මෙම ජීවිතාරක්ෂක පියවර  ක්‍රියාත්මක කිරීම සඳහා නව දේශපාලන දිශානතියක් අවශ්‍ය වේ. එය යොමු විය යුත්තේ ධනේශ්වර පන්තියේ සහ ඔවුන්ගේ දේශපාලන පක්ෂවල පිරිහෙන හා මිනීමරු ප්‍රතිපත්ති වෙත නොව කම්කරු පන්තිය වෙත ය. ධනවාදයට එරෙහිව  සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වන අරගලය සමඟ බැඳී ඇති දේශපාලන බලය කම්කරුවන් අතට ගැනීමෙන් පමනක්, කොරෝනා වෛරස් වසංගතය පාලනය කර අවසානයේ ජය ගත හැකිය.

Loading