අගෝස්තු 26 මාර්ගගත දේශනය: “ පලමුව ඛේදවාචකයක් ලෙස, දෙවනුව විගඩමක් ලෙස: මාකෝස්, දුතර්තේ සහ පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂ. ”

අගෝස්තු 26 දේශනයට පෙර පිලිපීන ස්ටැලින්වාදීන් ශාස්ත්‍රාලික ජෝසප් ස්කලිස්ට මඩ ගසයි

මෙම ලිපිය 2020 අගෝස්තු 21 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

පිලිපීනයේ ඉතිහාසය පිලිබඳ ප්‍රමුඛ උගතෙකු වන ජෝසෆ් ස්කැලිස් අගෝස්තු 26 වන දින “ පලමුව ඛේදවාචකයක් ලෙස, දෙවනුව විගඩමක් ලෙස: මාකෝස්, දුතර්තේ සහ පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂ ” යන මාතෘකාව යටතේ මාර්ගගත දේශනයක් online lecture පවත්වනු ඇත. " මෙම දේශනයට සිංගප්පූරු වේලාවෙන් සවස 3 ට, පිලිපීනයේ ද එම වේලාවටම, නිව් යෝර්ක් අලුයම 3ට, බර්ලින් උදේ 9ට, කොලඹ පව 12:30ට, සිඩ්නි සවස 5ට ද සවන් දිය හැක.

බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් අග්නිදිග ආසියානු අධ්‍යයනය පිලිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති ස්කැලිස්, නැන්යැන්ග් තාක්ෂනික විශ්ව විද්‍යාලයේ පශ්චාත් ආචාර්ය පර්යේෂකයෙකි. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ආධාරකරුවෙකු වන අතර, පශ්චාත් යටත් විජිත පිලිපීන දේශපාලනයේ ඉතිහාසය හා විප්ලවවාදී ව්‍යාපාර පිලිබඳ විශේෂඥයෙකි.

නැන්යැන්ග් තාක්ෂනික විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර විද්‍යාලය, කලා සහ විද්‍යා පීඨ සත්කාරකත්වය දරන මෙම දේශනය, ජනතාවට නොමිලේ හා ජාත්‍යන්තරව සවන්දීමේ හැකියාව ඇත. එය පිලිපීන (සීසීපී) කොමියුනිස්ට් පක්ෂය ද එහි ‍දේශපාලන පිලිවෙතට සම්බන්ධ විවිධ දේශපාලන කන්ඩායම් ද 2016 මැතිවරනයේදී රොද්‍රිගු දුතර්තේ ෆිලිපීනයේ ජනාධිපති ලෙස පත්කිරීමට දායක වුනේ මන් ද යන්නට එහිදී පිලිතුරු දෙනු ඇත. එම වසරේ මැතිවරනයට පෙරාතුව සීපීපීය, දුතර්තේ "ෆැසිස්ට්වාදියෙකු" ලෙස හෙලා දුටු නමුත්, ඔහු මැතිවරනයෙන් ජයගත් පසුව ජනාධිපති ලෙස ඔහු පිලිගත්තේය.

එම දේශනය තුලදී, දුතර්තේ ගැන සීසීපීයට ඇති උද්‍යෝගය හා 1972 දී යුද නීතිය පැනවූ හා 1965 සිට 1986 දක්වා රට පාලනය කල ප්‍රති-කොමියුනිස්ට්වාදී ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ ඒකාධිපතිත්වය පිලිගැනීම අතර ඓතිහාසික සමානකම් විමසා බලනු ඇත. වර්තමාන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘන්, 1967 දී PKP සමඟ සම්බන්ධකම් අවසන් කල නමුත් එදිරිවාදී පක්ෂ අතර යටින් පවතින ක්‍රියාමාර්ගික අඛන්ඩතාව, සීසීපීය දුතර්තේට සහයෝගය දැක්වීම තුලින් ප්‍රකාශයට පත්වේ.

පැවැත්වීමට යන දේශනය ස්ටැලින්වාදී පක්ෂයේ ප්‍රහාරයට ලක්ව තිබේ. පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ හා න්‍යායාචාර්ය ජෝස් මාරියා සීසන් අගෝස්තු 18 වන දින පිලිපීනයේ ඉතිහාසය පිලිබඳ ප්‍රමුඛ ශාස්ත්‍රඥයෙකු වන ජෝසෆ් ස්කලිස්ට තර්ජනය හා මඩගසමින් ෆේස්බුක් හි අදහස් පල කලේය.

දේශනය කෙරෙහි මහජන උනන්දුව මකා දැමීමට උත්සාහ කල ද ඓතිහාසික විවේචනවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ සීසන්, ප්‍රසිද්ධියේ ස්කාලීස්ට ලේබල් ගැසුවේ “ශාස්ත්‍රීය ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස පෙනී සිටිමින්, මානසික ව්‍යාධියකින් පෙලෙන උමතු කොමියුනිස්ට් විරෝධියෙකු සහ සීඅයිඒ මානසික යුද්ධයේ ඒජන්තයෙකු" ලෙසය. වෙනත් අවස්ථා කිහිපයක් දී ද ඔහු නැවත නැවතත් එවැනිම චෝදනා එල්ල කර ඇත.

ප්‍රමුඛ ඉතිහාසඥයෙකුට සීසන් විසින් එල්ල කරන ලද සිහි විකල්වූ ප්‍රහාරය, දුතර්තේ බලයට පත්කිරීමට පාවඩ එලන ලද පක්ෂයේ භූමිකාව වසන් කිරීමේ ඔහුගේ අභිලාෂය පෙන්නුම් කරයි. සීපීපී සහ එහි දේශපාලන ඉදිරිදර්ශනයට ගැටගැසුන “ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ” සංවිධාන, ඩාවෝ නගරයේ නගරාධිපති ලෙස කටයුතු කරද්දී දශක ගනනාවක් තිස්සේ දුතර්තේට සහයෝගය දුන්හ. ඔහුගේ පක්ෂ වේදිකාවේ සිට ඔවුන් උද්ඝෝෂනය කල මේ කාලය තුල දුතර්තේ, එම නගරයේ භීෂන ව්‍යාපාරයක් ගෙනගිය ඝාතක කල්ලිවල නායකයා ලෙස ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් විය.

දුතර්තේ බලයට පත්වූ 2016 දී විවිධ “ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ” සංවිධාන, ඔහුගේ ජනාධිපති පාලනයට උද්‍යෝගයෙන් සහාය දැක්වූහ. ඔවුන් කැබිනට් තනතුරු භාර ගත් අතර ඔවුන්ගේ පෙලපාලි සහ පැවැත්වූ කථාවලදී ඔහු වර්නනා කලේය. සිය නිල පුවත්පත වන ඇන්ග් බයාන් හි සීපීපීය මෙසේ ලිවීය. ජනාධිපතිගේ මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය සාදරයෙන් පිලිගන්නා අතර එයට සහයෝගය දක්වන ලෙස “ විප්ලවවාදී බලවේගයන්ගෙන් ” ඉල්ලා සිටියේය. මත්ද්‍රව්‍ය විරෝධී එම යුද්ධය දියත් කල පසුගිය සිව් වසර තුල පොලීසිය සහ පැරාමිලිටරි හමුදා විසින්, තිස් දහසකට අධික පිරිසක් මරාදැමුවේය. එය සමූහ ඝාතන ව්‍යාපාරයක් බවට පත්විය.

සීසන්ට ප්‍රතිචාර වශයෙන් ස්කාලීස් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: "බංකොලොත් දේශපාලන පක්ෂයක නායකයා ලෙස ඔහුගේ ක්ෂනික තර්ජන වලින් මම බියට පත් නොවෙමි. මෙහි දී සීසන් සහ සීපීපීය, ස්ටැලින්වාදී ප්‍රතිගාමිත්වයේ චිර කාලීන සම්ප්‍රදාය අනුගමනය කරති. තර්ජන වලට හා අපහාස වලට වඩා සත්‍යය ශක්තිමත් ය.

“ තම දේශපාලන සහකරුවාගේ අඩන්තේට්ටම් කිරීමේ ක්‍රමවේදයන්ම අනුගමනය කරමින්, දුතර්තේට ප්‍රසිද්ධියේ සහයෝගය දක්වන බව පෙන්වා දීම නිසා සීසන් සහ ඔහුගේ පක්ෂය මාව බොරුකාරයෙකු ලෙස හැඳින්වීම කැපී පෙනෙයි. මෙම දේශනය කිරීමට මට සෑම අයිතියක්ම ඇති අතර මම එය පවත්වමි. මට එරෙහි තර්ජනයන්ට ප්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තරව මගේ සගයන්ගෙන් මට දැවැන්ත සහයෝගයක් ලැබුනි. එයින් අගෝස්තු 26දා පැවැත්වෙන දේශනය සඳහා දැඩි උනන්දුවක් ද ඇති වූ අතර, එයට සහභාගී වන ලෙස සියලු පාඨකයින්ට මම සාදරයෙන් ඇරයුම් කරමි. ”

zoom සූම් හරහා පැවැත්වෙන දේශනයට ලියාපදිංචි වී සහභාගී වන ලෙස අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. ලියාපදිංචිය සිංගප්පූරු වේලාවෙන් සඳුදා රාත්‍රියේ අවසන් වන බැවින් කරුනාකර හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.

Loading