ඉදිරිදර්ශන

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් මාස තුනකට පසුවත් පොලිස් ප්‍රචන්ඩත්වය දිගට ම

පොලිස් ප්‍රචන්ඩත්වය හා වර්ගවාදය අවසන් කරන ලෙස ඉල්ලා බහු වාර්ගික හා බහු ජනවාර්ගික උද්ඝෝෂන අවුලුවාලූ, ෆ්ලොයිඩ් ඝාතනයෙන් මාස තුනකට පසු ද, පසු බැසීමේ කිසිදු සලකුනක් නො මැති ව පොලීසිය එක්සත් ජනපදය පුරා තම ත්‍රස්ත පාලනය දිගට ම ගෙන යයි.

මිනියාපොලිස් පොලිස් නිලධාරියෙකු විසින් මිනිත්තු 8 කට වඩා වැඩි කාලයක් තම දනහිසින් බෙල්ල තදකර ෆ්ලොයිඩ් ඝාතනය කල මැයි 25 වනදා සිට, අවම වශයෙන් පුද්ගලයින් 235 දෙනෙකු එක්සත් ජනපද පොලීසිය විසින් ඝාතනය කර තිබේ. මේ වසරේ දී ඝාතන වේගය 1,000 ඉක්මවා යාමට නියමිත ව ඇත්තේ, දිනකට පුද්ගලයින් 3 කට ආසන්න ගනනක් පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම සමගිනි.

කෝපාවිෂ්ඨ විරෝධතා පුපුරා යාමේ නවතම සිදුවීම, 29 හැවිරිදි අප්‍රිකානු ඇමරිකානු හය දරු පියෙකු වන ජේකබ් බ්ලේක් විස්කොන්සින් ප්‍රාන්තයේ  කෙනෝෂා නගරයේදී පොලිස් නිලධාරියෙකු විසින් පිටුපසට හත් වතාවක් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම යි. වෙඩි තැබීමෙන් බ්ලේක් පුදුම සහගත ලෙස දිවි ගලවා ගත් අතර, ඔහුගේ පියා චිකාගෝ සන් ටයිම්ස් පුවත්පතට අඟහරුවාදා කියා සිටියේ, තම පුතා දැන් ඉනෙන් පහල අංශභාග තත්වයට පත්ව ඇති බවත් ඔහුගේ තුවාලවලින් සම්පූර්න සුවය ලබයි ද යන්න වෛද්‍යවරුන්ට අවිනිශ්චිත බවත්ය.

අසල සිටි අයෙකු විසින් ජංගම දුරකථනයක් හරහා  සමාජ මාධ්‍යවල පල කර ඇති වීඩියෝවක් පෙන්වන්නේ, බ්ලේක් පොලිස් නිලධාරීන්ගෙන් ඉවතට යමින් තම  SUV වර්ගයේ මෝටර් රථයට නඟින අවස්ථාවේ, තුවක්කුවක් අතැති සුදු නිලධාරියෙකු ඔහුගේ කමිසයෙන් ඇදගෙන ගොස් අතේ දුරින් වෙඩි හතක් ඔහුගේ පිටුපසට එල්ල කරන අයුරු යි. ඔහුට වෙඩි තබන විට බ්ලේක්ගේ පුත්තු  තිදෙනෙක් වාහනයේ පිටුපස සිටියහ.

“මගේ පුතාට වීදියේ දී බල්ලෙකු මෙන් වෙඩි තැබූ පොලිස් නිලධාරීන් කෙනෝෂා නගරයේ සිදු වූ සෑම දෙයකටම වගකිව යුතුයි”  බ්ලේක්ගේ පියා පැවසුවේ,  පෙලපාලිකරුවන්ට පොලීසිය විසින් පහර දීමෙන් පසුව සිදුවූ, ගිනි තැබීම් සහ කොල්ලකෑම් ගැන සඳහන් කරමිනි. “මගේ පුතා ඒකට වගකිව යුතු නෑ. මගේ පුතාට ආයුධයක් තිබුනේ නෑ. ඔහුට තුවක්කුවක් තිබුනේ නෑ.”

වගකිවයුතු නිලධාරියාට චෝදනා කර අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඉරිදා සහ සඳුදා රාත්‍රියේ කෙනෝෂාහි වීදි බැසි කළු හා සුදු විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්, රබර් උන්ඩ සහ ගම්මිරිස් කුඩු ප්‍රහාර වලට  මුහන දීමට සිදුවිය. සඳුදා පස්වරුවේ නගරයේ ඩිමොක්‍රටික්  නගරාධිපති සමඟ මාධ්‍ය හමුවකට සහභාගී වීමට උත්සාහ කරමින් සිටි නිවැසියන්, ඉල්ලීම් හඬ නැගූ අවස්ථාවේ ඒ හා සමානව ම කැරලි මර්දන ආම්පන්නවලින් සන්නද්ධ ගම්මිරිස් කුඩු ඉසින පොලීසියට මුහන දුන්නේ, ආතතිය ඉහල දමමිනි.

ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ්, සිට චිකාගෝ, ඉලිනොයිස් සහ මිචිගන්හි ඩෙට්‍රොයිට් දක්වා වූ නො නවතින ඝාතන වලට එරෙහිව මෑත දිනවල පැනනැඟුන විරෝධතා, පොලීසියේ  අනුකම්පා විරහිත කඩා පැනීම්වලට මුහුන දී ඇත. ජනමාධ්‍යවේදීන් ඇතුලු සිය ගනනක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් බොහෝ දෙනෙකුට ගම්මිරිස් ඉසින, ගම්මිරිස් බෝල, රබර් උන්ඩ සහ “මාරාන්තික නොවන” යැයි සැලකෙන වෙනත් ආයුධවලින් පොලීසිය පහර දී තිබේ.

ලතින් ඇමරිකානු ආඥාදායකත්වයන් සිහිපත් කරන දර්ශනවලට සමාන ලෙස, සලකුනු නොකල වෑන් රථ භාවිතා කරමින් අල්ලා පැහර ගෙන යාම ඇතුලුව, පෝට්ලන්ඩ් විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට, පසුගිය මාසයේ දී  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෙඩරල් ඒ්ජන්තයින් මෙහෙය වීය.

විරෝධතාකරුවන්ට එරෙහිව ඔවුන් කෙලින් ම යොදා ගැනීම සම්බන්ධ පුලුල්ව පැතිරුනු කෝපය නිසා, එක්සත් ජනපද දේශ සීමා මුර සංචාරවල යොදවා ඇති බෝටැක් ඒකකය ඇතුලු මෙම හමුදා බොහෝකොටම ඉවත්කර ඇති අතර, නිව් යෝක් හා පිටිස්බර්ග්හි නම් නොකල නිලධාරීන් විසින් තමන්ගේම පැහරගෙන යාමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් පසුව පොලීසිය ට්‍රම්ප්ගෙන් ඉඟිය ලබා ගෙන ඇත. ඩිමොක්‍රටික නඟරාධිපති වරුන්ගේ අනුමැතිය ඇතිව ඩිට්‍රොයිට් හා චිකාගෝ ඇතුලු විශාල නඟර ගනනාවක, පොලිසිය පසෙකින් සිය ගනන් ෆෙඩරල් ඒජන්තයින් යොදවනු ලැබින.

ට්‍රම්ප් සහ රිපබ්ලිකානුවෝ විවෘතවම විරෝධතාකරුවන් මත පොලිස් ප්‍රචන්ඩත්වය සහ පහර දීම් උසිගනන්වමින් සිටිති; රිපබ්ලිකන් ජාතික සමුලුවේ පලමු දිනයේදී 25 වතාවක් ‘පොලිසිය’ යන යෙදුම සඳහන් කෙරුනේ,“අන්ත වාමාංශිකයන්ගේ මැර පාලනයෙන්” සමාජය ආරක්ෂා කරන ලෙස ආයාචනා කරමිනි. ජනාධිපතිවරයා තම කාලයෙන් බොහෝ වේලාවක් කාර්යාලයේ ගත කර ඇත්තේ, තම පෞද්ගලික පාලනය ආරක්ෂා කර ගනු පිනිස ප්‍රාදේශීය හා ජාතික මට්ටමෙන් පොලීසිය ශක්තිමත් කරමිනි.

කෙසේ වෙතත්, කෙනෝෂා හි විරෝධතාකරුවන්ට එරෙහිව පොලිස් භීෂනයේ  පාලනය  අධීක්ෂනය කරන්නේ විස්කොන්සින්හි ඩිමොක්‍රටික් පක්ෂය බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

පලමු රාත්‍රියේ විරෝධතාවලින් පසු, විස්කොන්සින් ප්‍රාන්ත ඩිමොක්‍රටික් ආන්ඩුකාර  ටෝනි එවර්ස් විසින් රාත්‍රී 8 ට ඇඳිරි නීතිය බලාත්මක කිරීම සඳහා පොලිසියට ආධාර කිරීමට ජාතික ආරක්ෂක සෙබලුන් 125 ක් යෙදවී ය. නගරවල වීදිවල මුර සංචාරයේ යෙදීමට හා ප්‍රධාන නිදහස් මාවතේ සිට නගරයට වැටී ඇති මාර්ග අවහිර කිරීම සඳහා යොදවා තිබුන ට්‍රක් රථ බැහැර කිරීමට මිලිටරි හම්වීස් (බහුකාර්ය යුද රථ) යොදා ගැනුනි. පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවලට එරෙහිව තව තවත් සම්පත් රැස්කිරීමට ඉඩ දීම සඳහා එවර්ස් අඟහරුවාදා පස්වරුවේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කලේ ය.

“සුදු ආධිපත්‍යයට” සහ “පද්ධතිමය වර්ගවාදයට” මුහුන දෙන බවට පොරොන්දු වන බවට පුන පුනා දොඩවමින් හා නගර වීදිවල විශාල බ්ලොක් අකුරින් පින්තාරු කරමින්,  ඩිමොක්‍රටික් දේශපාලනඥයින් කලු ජීවිත අගනේය (Black Lives Matter) උද්ඝෝෂන සඳහා  සහය පල කරන බවට බොහෝ කතාබහ තිබෙන නමුත් කිසිවක් වෙනස් වී නැත. අඩු ගනනේ පොලිස් ඝාතන වේගය අඩු කිරීමට පවා කිසිවක් කර නැත.

ඇත්ත වශයෙන්ම, විරෝධතාකරුවන් අතර ජනප්‍රිය සටන් පාඨයක් වූ පොලීසියට මුදල් වෙන් කිරීම නැවත් වීමට කරන ඉල්ලීම්වලින් ඩෙමොක්‍රටිකයෝ ඈත්ව සිටිති.  ඩිමොක්‍රටික් පක්ෂය පාලනය කරන මිනියාපොලිස් නගර සභාව විසින් මහජන කෝපය මැඩපැවැත්වීමට හා විසුරුවා හැරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස ෆ්ලොයිඩ් ඝාතනයෙන් ඉක්බිතිව සිදු කරන ලද නගරයේ පොලිස් බලකාය “විසුරුවා හැරීමට” කෙරුනු බොහෝ යෝජනා ඉවත දමා තිබේ.

සිකුරාදා ඒබීසී ප්‍රවෘත්ති සේවය සමඟ තම මැතිවරන සහායිකා සෙනෙට් සභික කමලා හැරිස් සමග, සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන්, පොලීසියට අරමුදල් වැඩි කිරීමට තම පරිපාලනය කටයුතු කරන බව පැහැදිලි කල අතර, ඇත්ත වශයෙන්ම ට්‍රම්ප් පොලිසියට මුදල්  නො දෙනු ඇති බව කියා සිටියේය. “මට පොලිස් දෙපාර්තමේන්තුවට මුදල් නො දී සිටීමට අවශ්‍ය නෑ, මම හිතන්නේ ඔවුන්ට තවත් උදව් අවශ්‍යයි, ඔවුන්ට තවත් සහාය අවශ්‍යයි…” බිඩෙන් ප්‍රකාශ කලේ ය.

පොලිස් ඝාතන සඳහා විසඳුම වනුයේ “හදවත වෙනුවට කකුලට වෙඩි තැබීම” සඳහා නිලධාරීන් පුහුනු කිරීම බව ජූනි මාසයේ උද්ඝෝෂන රැස්වීමක දී බිඩෙන් යෝජනා කලේ ය. මේ අතර, බිඩෙන්ගේ හිටපු ප්‍රාථමික ප්‍රතිවාදියා හා දැන් ප්‍රමුඛ පෙලේ කැපකාර ආධාරකරුවෙකු වන සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් පොලිස් ඝාතනවලට විසඳුමක් ලෙස නිලධාරීන්ට ඉහල වැටුප් ගෙවන ලෙස ඉල්ලා ඇත!

කොවිඩ්-19 වසංගතයට පාලක ප්‍රභූවේ මාරක  ප්‍රතිචාර වලින් තීව්‍ර කෙරී ඇති මහා සමාජ අර්බුදය මඟින් පුපුරන සුලු විරෝධතා අවුලුවා ඇති අතර, එක්සත් ජනපදය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත්කර ඇත. මිලියන සංඛ්‍යාත ජනතාවක් රැකියාවෙන් ඉවත් කර ඇති අතර, ඩොලර්  600 ක ෆෙඩරල් විරැකියා සහන දීර්ග කිරීම් සඳහා කොන්ග්‍රසය සහ ධවල මන්දිරය මාසයක් ගත කර ඇත. මෙහි ප්‍රතිපලයක් වශයෙන් ගෙවීම් කල්පසුවීම නිසා ඉදිරි මාසවල දී මිලියන ගනනකට (නිවාසවලින්) නෙරපා හැරීම හා අත්පත් කර ගැනීමට මුහුන දීමට සිදුවේ.

පොලීසිය යනු, ධනවතුන්ගේ දේපල අවශ්‍යතා ආරක්ෂා කරමින් හා පහල සියයට 90 න් ඔවුන් වෙන් කරන දැවැන්ත සමාජ අගාධය මුර කරමින්, රාජ්‍ය ආරක්ෂාව හා පන්ති පාලනය බලාත්මක කිරීමට අත්‍යාවශ්‍ය, සන්නද්ධ පුද්ගලයන්ගේ විශේෂ ආයතනයකි. ජනවාරි මාසයේ ධවල මන්දිරයේ වාඩි වී සිටින්නේ කවුරු න් ද යන්න නොතකා, පොලිස් ප්‍රචන්ඩත්වය දිගට ම පවතිනු ඇති අතර ඇත්ත වශයෙන්ම තීව්‍ර වනු ඇත. සමාජ ආතතීන් වැඩි වන තරමට දෙපාර්ශ්වයම විසින් අධීක්ෂනය කරනු ලබන පොලිස් ත්‍රස්ත උද්ඝෝෂනය වඩාත් ප්‍රචන්ඩකාරී වනු ඇත.

පොලිස් ප්‍රචන්ඩත්වයට හා වර්ගවාදයට එරෙහි අරගලයට, ධනේශ්වර ක්‍රමයට එරෙහි එක්සත්, ස්වාධීන සමාජ බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සහ වාර්ගික හා වෙනත් අනන්‍යතා රේඛා ඔස්සේ කම්කරුවන් එකිනෙකා බෙදීමට දරන සියලු උත්සාහයන් ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය වේ. සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයින් වන ජෝසෆ් කිෂෝර් සහ නොරිස්සා සැන්ටා කෘස්ගේ මැතිවරන උද්ඝෝෂනයේ   තේමාව  මෙයයි. මෙම උද්ඝෝෂනයට සහය දක්වන ලෙස හා අද ම සසපට එක්වන ලෙස, මෙම ඉදිරිදර්ශනය සමඟ එකඟ වන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු!

[මෙම ලිපිය අගෝස්තු 26 වනදා ඉංග්‍රීසි බසින් පලවිය. ]

Loading