නරඹන්න: දේශනය මගින් දුතර්තේ තන්ත්‍රය නඟාසිටුවීමට පිලිපීන කොමියුනිස්ට් පක්ෂය ඉටුකරන කාර්යභාරය හෙලි කරයි

මෙම ලිපිය අගෝස්තු 27 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

පිලිපීනයේ ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේගේ කුරිරු තන්ත්‍රය නඟාසිටුවීමට එරට කොමියුන්ස්ට් පක්ෂය ඉටුකරන කාර්ය භාරය පැහැදිලි කරමින් බදාදා ඉතිහාසඥ ජෝසෆ් ස්කාලීස් විසින් සිංගප්පූරුවේ නැන්යැන්ග් තාක්‍ෂනික විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් දේශනයක්  පවත්වන ලදී.

“පලමුව ඛේදවාචකයක් ලෙස, දෙවනුව විගඩමක් ලෙස: මාකෝස්, දුතර්තේ සහ පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂ” යන මාතෘකාව සහිත දේශනය, පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ (සීපීපී) ද එහි නිර්මාතෘ හා “න්‍යායාචාර්ය” ජොසේ මාරියා සිසන්ගේ ද දෙපිටකාට්ටු  භූමිකාව හා ඔවුන් පදනම්ව සිටින බංකොලොත් ස්ටැලින්වාදී හා මාඕවාදී ඉදිරිදර්ශනය පිලිබඳ විනාශකාරී නිරාවරනයකි.

 

ජෝසප් ස්කාලිස් 5.43 මිනිත්තුවේදී වීඩියෝවෙන් හඳුන්වා දුන් අතර ඔහුගේ දේශනය 8.51 මිනිත්ත=වේ දී ආරම්භ විය.

සමකාලීන මූලාශ්‍ර තොරතුරු සවිස්තරාත්මකව විමසා බැලීමෙන්, 2016 දී ෆැසිස්ට් පන්නයේ පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේට සීපීපීය දුන් සහයෝගයත් කලින් පැවති කොමියුනිස්ට් පක්ෂයක් විසින් මාකෝස් ආඥාදායකත්වය අනුමත කිරීමත් අතර දේශපාලන අඛන්ඩතාව ගෙනහැර දැක්වේ. 

දේශනයට පෙර දිනවලදී සීසන්, කිසිදු සාක්ෂියක් නොමැතිව ස්කාලිස් සීඅයිඒ ඒජන්තයෙකු ලෙස හංවඩු ගසමින් ඔහුට අපහාසාත්මක ප්‍රහාරයක් එල්ල කලේය. දේශනයට පෙර දින එනම් අගෝස්තු 25 වන දින සීපීපී, සිය ඇන්ග් බයාන් පුවත්පතේ විශේෂ සංස්කරනයක් සීසන් සමඟ කල සම්මුඛ සාකච්ඡාවක් සඳහා කැප කලේය. “සීපීපී සහ පිලිපීන විප්ලවයට එරෙහි ට්‍රොට්ස්කිවාදී ප්‍රහාර පිලිබඳ විවේචනය” යන මාතෘකාව යටතේ එය පැවැත්වින. එහිදී කිසිදු සනාථ කිරීමකින් තොරව ස්කලිස්ට එරෙහි ඔහුගේ බොරු පුනරුච්ඡාරනය විය.

සිය දේශනය ආරම්භයේ දී ස්කාලීස්, “සීපීපීය දුතර්තේගේ සහායකයා විය” යන්න විශාල බොරුවක් බවට කරන සිසන්ගේ සාහසික ප්‍රකාශය ක්‍රමානුකූලව බිඳ දමයි. ෆැසිස්ට් ජනාධිපති සහ මත්ද්‍රව්‍යවලට එරෙහි ඔහුගේ යුද්ධය සමඟ සීසන්, සීපීපී සහ එය සන්ධානගත පෙරමුනට ඇති සමීප සම්බන්ධතාවය, ඒවායේම ඡායාරූප සහ උද්ධෘත ස්වරූපයෙන් ස්කලිස්, ප්‍රතික්ෂේප කල නොහැකි පරිදි ඉදිරිපත් කරයි. ඔහුගේ දේශනය තුල ස්කලිස්, එහි මාඕවාදී දෘෂ්ටිවාදය පරීක්ෂා කිරීම මත පදනම්ව, සීපීපීය දුතර්තේ වැනි පුද්ගලයින් “ප්‍රගතිශීලී ධනේශ්වරයේ” නියෝජිතයන් ලෙස ප්‍රවර්ධනය කර ඇත්තේ මන්දැයි විමසා බලයි. දුතර්තේ නිරන්තරයෙන් කම්කරු පන්තිය සහ ගොවි ජනතාවට විරුද්ධව ගොස් තිබේ. .

මෙම දේශනයට ලොව පුරා විසිරී සිටින ප්‍රමුඛ පෙලේ විද්වතුන්, මාධ්‍යවේදීන් සහ පුලුල් මහජනතාව සහභාගී වූහ. එක්සත් ජනපදය, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව, හොංකොං, ශ්‍රී ලංකාව ඇතුලු ආසියාවේ බොහෝ ප්‍රදේශවලින් ද පිලිපීනයෙන් ඉතා සැලකිය යුතු පිරිසක් ද ඊට සහභාගී වූහ. වාචික ප්‍රශ්න සියයකට අධික ප්‍රමානයක් ඉදිරිපත් කරමින් ඔවුහු, දේශනය සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ වූහ.

දේශනයෙන් පසුව, සමාජ මාධ්‍යවල මහජන සාකච්ඡාව දිගටම පැවති අතර එහිදී ස්කලිස්ගේ ඉදිරිපත් කිරීම සඳහා ජනතාව ප්‍රතිචාර දැක්වීය. ප්‍රතිචාරය අතිශයින්ම ධනාත්මකය. එක් අයෙක් ලිවුවේ, “දේශනයෙන් මම තිගැස්සුනා. " මම බලාගෙන හිටියා, බිත්තියට හේත්තු වුනා, එතරම් හෙලිදරව් කිරීම්, ගැඹුරු පර්යේෂන" තවත් අයෙක් පැවසීය. තවකෙක් දේශනය හැඳින්වූයේ “පුපුරු ගසන!” සහ “ඓතිහාසික තොරතුරු වලින් ඉමහත් ලෙස පිරී ඇති දැඩි කතාවක්” ලෙසය. එක් විචාරකයෙක් ස්කාලීස්ට ස්තූති කලේ ඔහුගේ “නිර්භීත හා පොලව දෙදරවන ඉදිරිපත් කිරීම” ගැන ය.

ස්කාලීස්ගේ දේශනය අවසන් වන්නේ, ප්‍රතිගාමී අරමුනු මුල්කරගෙන ලොව පුරා රටවල ඓතිහාසික මුසාකරනයේ ක්‍රමෝපාය භාවිතා කරනු ලබන කොන්දේසි යටතේ, ඓතිහාසික සත්‍යය සඳහා වූ උද්වේගකර ආයාචනයකිනි. පසුගිය සියවස පුරා ස්ටැලින්වාදය සහ එහි චීන ප්‍රභේදය වන මාඕවාදය විසින් ඉටු කරන ලද විසකුරු භූමිකාව පිලිබඳ හැඳින්වීමක් ලෙස දේශනය පුලුල් ලෙස බෙදා හැරීමට හා අධ්‍යයනය කිරීමට සුදුසු ය. දේශනය සඳහා සබැඳිය හැකිතාක් පුලුල් ලෙස සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍යයන් හරහා බෙදා ගැනීමට අපි අපගේ පාඨකයින් උනන්දු කරමු.