ඉදිරිදර්ශන

සීපීපී නිර්මාතෘ ජොසේ මාරියා සිසොන්ගේ ස්ටැලින්වාදී අපහාසයන්ට විරුද්ධ වනු! ජෝසප් ස්කලිස්ට සහාය දෙනු!

මෙම ලිපිය අගෝස්තු 24 වනදා ඉංග්‍රීසි බසින් පලවිය

අගෝස්තු 18 වන දින ෆේස්බුක් හි පල කරන ලද විසකුරු හා භයානක අපහාසයක් තුල පිලිපීනයේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ (සීපීපී) නිර්මාතෘ හා දෘෂ්ටිවාදාත්මක නායක ජොසේ මාරියා සිසොන්, පිලිපීන ඉතිහාසය පිලිබඳ ප්‍රමුඛ විශාරදයෙකු වන ජෝසෆ් ස්කලස් “ශාස්ත්‍රීය ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස පෙනී සිටිමින්, මානසික ව්‍යාධියකින් පෙලෙන උමතු කොමියුනිස්ට් විරෝධියෙකු සහ සීඅයිඒ මානසික යුද්ධයේ ඒජන්තයෙකු" යැයි පහර දී ඇත.

සිසොන්ගේ අසාමාන්‍ය පිපිරීම, ඔහු ජ්‍යෙශ්ට පර්යේෂකයෙකු වන, සිංගප්පූරුවේ නැන්යැන්ග් තාක්ෂනික විශ්ව විද්‍යාලය විසින් අගෝස්තු 26 වන දින ස්කලිස් ඔන්ලයින් දේශනයක් පවත්වනු ඇති බවට කරන ලද නිවේදනය ප්‍රතිචාරයක් විය. මෙම දේශනය 2016 දී ෆැසිස්ට් පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේට සීපීපීය දුන්  සහයෝගය සහ “මුල් කොමියුනිස්ට් පක්ෂයක් විසින් මාකෝස් ආඥාදායකත්වය අනුමත කිරීම” අතර “ඓතිහාසික සමාන්තරයන් ගවේෂනය කරනු ඇත”. 

ටේගලොග් භාෂාවේ ව්‍යක්තයෙකු වන්නා වූ ද කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ බර්ක්ලි මන්ඩපයෙන්, අග්නිදිග ආසියානු අධ්‍යයනයන් පිලිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත්තා වූ ද ස්කැලිස්, එක්සත් ජනපදය තුල හා ගිනිකොනදිග ආසියාවේ පුලුල් ලෙස ප්‍රසිද්ධ හා ගෞරවයට පාත්‍ර වන විද්වතෙකි . සීපීපී ඉතිහාසය පිලිබඳ ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය, එමගින් නැවත නැවතත් සිදුකල පාවාදීම් වල මූලයන් තේරුම් ගැනීමට කම්කරුවන් හා තරුනයින් මෙන්ම ශාස්ත්‍රාලිකයින් උත්සාහ කරමින් සිටින පිලිපීනය තුල, වැදගත් උනන්දුවක්  ආකර්ෂනය කර ගෙන ඇත. ස්කැලිස් ලෝක සමාජවාදී වෙබ්අඩවියට පිලිපීන ඉතිහාසය, දේශපාලනය හා සමාජ තත්වයන් පිලිබඳ ලිපි  සපයා ඇත.

සීපීපීයේ දේශපාලන භූමිකාව ආරක්ෂා කිරීමට මුලුමනින්ම අසමත් වූ සිසොන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නියෝජිතයෙකු ලෙස ස්කලිස් හංවඩු ගැසීමේ දී, ඔහුගේ දීර්ඝ පෞද්ගලික මැදිහත්වී අති, ස්ටැලින්වාදී හා  මාඕවාදී හෙලාදැකීම්, තර්ජන සහ ප්‍රචන්ඩත්වය නැවත වමාරයි. “ද්‍රෝහී, කුරිරු, ජන සංහාරක, කොල්ලකාරී හා වංචාකාරී දුතර්තේ තන්ත්‍රයේ බලයට නැගීම සහ වර්තමාන සාපරාධී පාලනය” සම්බන්ධයෙන් සීපීපීයට හා එහි පෙරමුනු සංවිධානවලට දොස් පැවරීමේ ට්‍රොට්ස්කිවාදීන්ගේ” නිෂ්පල  උත්සාහයන් ඔහු විසින් හෙලා දකිනු ලැබේ.

ෆැසිස්ට් දුතර්තේ 2016 දී ජනාධිපති ධුරය දිනාගත් විට සීපීපී හා එහි පෙරමුනු සංවිධාන ඔහුට සහාය පල කරමින් පෙලපාලි පැවැත්වූ බව පිලිපීනය තුල බොහෝ ප්‍රසිද්ධ කාරනයකි. දුතර්තේගේ පලමු රාජ්‍ය දේශනය අවස්ථාවේ දී, සීපීපීයේ බයාන් නම්  පෙරමුනු පර්ෂද කන්ඩායම 40,000 කට ආසන්න පිරිසකගේ රැලියක් පැවැත්වූ අතර එය ඇමතීමට අලුතින් පත් කරන ලද දුතර්තේගේ පොලිස් ප්‍රධානී රොනල්ඩ් ඩෙලා රෝසාට ආරාධනා කලේ ය. සීපීපීයේ තරුන පෙරමුන වන අනක්බයාන් (Anakbayan ) සන්විධානය දුතර්තේගේ කථාව “නැවුම් වාතයේ හුස්මක්” ලෙස පිලිගත්තේ ය

සීපීපීය විසින් නම් කරන ලද ප්‍රමුඛ පුද්ගලයෝ කිහිප දෙනෙක් දුතර්තේ පරිපාලනයේ තනතුරු භාර ගත්හ.  සීපීපීයේ දේශපාලන මාවතට බැඳී ඇති සංවිධාන දෙකක නායකයෝ ද මෙයට ඇතුලත් වූහ. “කිලුසාං මැග්බුබුකිඩ් සා පිලිපිනාස්” (කේඑම්පී) ගොවි සංවිධානයේ දීර්ඝකාලීන ප්‍රධානී රෆායෙල් මරියානෝට ගොවිජන ප්‍රතිසංස්කන දෙපාර්තමේන්තුව බාර දෙන ලදී. වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් වන “කිලුසාං මායෝ යුනෝ” (කේඑම්යූ) හි මින්ඩනාඕ [ප්‍රාන්තයේ]  උප සභාපති ජොයෙල් මැග්ලුන්සෝඩ් කම්කරු හා රැකියා දෙපාර්තමේන්තුවේ උප ලේකම් ධුරයට පත් කරන ලදී.  

ඔහු තම  “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” දියත් කිරීමත් සමග දුතර්තේගෙන් වෙන් වෙනවා වෙනුවට, සීපීපීය ජනගහනයේ වඩාත්ම පීඩිත ස්ථරයන් වෙත එල්ල කරන ලද නීති විරෝධී මිනීමැරුම් ව්‍යාපාරය සාදරයෙන් පිලිගත් අතර, එහි නිල පුවත්පත වන ඇන්ග් බයාන් එයට සහයෝගය දක්වන ලෙස “විප්ලවවාදී බලවේගයන්ගෙන්” ඉල්ලා සිටියේ ය.  පසුගිය සිව් වසර තුල, පොලිස් හා පැරාමිලිටරි හමුදා විසින් 30,000 කට අධික පිරිසක්  ඝාතනය කරන ලද, මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය සමූහ ඝාතන ව්‍යාපාරයක් බවට පත්විය.

ස්කැලිස් සිය ලේඛනවල සීපීපීය හා එහි විවිධ සංවිධාන විසින් නැවත නැවතත් කරන ලද පාවාදීම් වාරාතාගත කර ඇතිවා පමනක් නො ව, ඒවා මුල්බැස ඇත්තේ ස්ටැලින්වාදයේ ප්‍රතිගාමී ජාතිකවාදී දෘෂ්ටිවාදය හා  එහි මාඕවාදී ප්‍රභේදය තුල බව පැහැදිලි කලේ ය. “අවධි දෙකේ න්‍යාය” පිලිබඳ එහි ඉදිරිදර්ශනය ප්‍රකාශ කරන්නේ, පිලිපීනය වැනි ප්‍රමාද වූ ධනවාදී සංවර්ධනයක් ඇති රටවල සමාජවාදය න්‍යාය පත්‍රයෙන් බැහැර වූ බවත් කම්කරු පන්තිය  හා ගොවි ජනතාව  ධනේශ්වරයේ “ප්‍රගතිශීලී අංශයට” සහාය දිය යුතු බවත් ය.

පිලිපීනයේ ස්ටැලින්වාදී පාර්ටිඩෝ කොමියුනිස්ටා පිලිපිනාස් (පීකේපී) පක්ශය, [ඒකාදිපති] ෆර්ඩිනන්ඩ් මාකෝස් ධනේශ්වරයේ ප්‍රගතිශීලී ස්ථර නියෝජනය කල බව කියා සිටි අතර, 1965 දී ජනාධිපති ධුරය දිනා ගැනීමට ඔහුට සහාය දී, 1972 දී යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම මගින් ඔහු ඒකාධිපති බලතල ලබා ගැනීමට සූදානම් වත් ම,  කම්කරුවන් හා ගොවීන් මාකෝස්ට යටත් කිරීමට කටයුතු කලේ ය. 

 පීකේපී තරුන අංශයේ සාමාජිකයෙකු වූ සිසොන්, 1967 දී පක්ෂයෙන් නෙරපා හැරීමෙන් පසු, 1968 දී සීපීපීය පිහිටු විය. සිසොන් මොස්කව් හිතවාදී පීකේපීයට විරුද්ධ වූවත් ඔහු හෝ සීපීපීය කිසි විටෙකත් පීකේපීයේ ද්‍රෝහිකමේ න්‍යායාත්මක මූලයන් නැවත විමර්ශනය කලේ හෝ ස්ටැලින්වාදයෙන් වෙන් වූයේ හෝ නැත. ඔහු ධනේශ්වරයේ එක් හෝ තවත් කන්ඩායමක් “ප්‍රගතිශීලී” ලෙස පින්තාරු කිරීම සඳහා වග කිව යුතු අවධි  දෙකේ න්යායේ මාඕවාදී අනුවාදයක් ප්‍රචාරය කලේ ය. සීපීපී ආධාරයෙන් සිය පාලනය ස්ථාවර කල පාලක පන්තිය, එතන් සිට එහි හවුල් කරුවන් හා කම්කරුවන් මත  ප්‍රහාර එල්ල කලේ ය.

“දේශද්‍රෝහී, කුරිරු, ජන ඝාතක, කොල්ලකාරී හා වංචාකාරී දුතර්තේ තන්ත්‍රය” සීපීපී සහ / හෝ ප්‍රතිවාදී ස්ටැලින්වාදී පක්ෂ විසින් බලයට පත් කිරීමට උදව් දුන්, පිලිපීන ආන්ඩු මාලාවක නවතම අවස්ථාව යි.

ස්කලිස්ට එරෙහි සිසොන්ගේ  නින්දා සහගත ප්‍රහාරයේ අඩංගු භයානක තර්ජනය බැරෑරුම් ලෙස සැලකිය යුතු ය. තමන්ගේ ම පක්ෂයේ විසම්මතික සාමාජිකයන් ද ඇතුලුව, තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ශාරීරික හිංසා හා ඝාතන  පිලිබඳ දීර්ඝ වාර්තාවක් සිසොන් හා සීපීපීයට ඇත. ඔහු “ට්‍රොට්ස්කිවාදීන්” හෙලාදැකීම මතක් කර දෙන්නේ, 1940 අගෝස්තු මාසයේදී ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් හිනි පෙත්තට නැගි, 1930 ගනන්වල විරේක කිරීමේ දී සමස්ත විප්ලවවාදී පරම්පරාවක් ම ඝාතනය කල ස්ටැලින් හා ඔහුගේ මැර පාලන තන්ත්‍රයේ අවලාදයන් ය. 

ජෝසප් ස්කලිස්ට එරෙහිව සිසොන්ගේ අවලාදයන්ට  විරුද්ධ වන ලෙස අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. විරුද්ධත්වයේ ප්‍රකාශ සමාජ මාධ්‍යවල පල කර බෙදා හැරිය යුතු ය. බදාදා පැවැත්වීමට නියමිත දේශනයට පුලුල් ලෙස සහභාගී වන ලෙස ද ලෝසවෙඅ ඉල්ලා සිටී. පිලිපීනයේ සහ ආසියාව පුරා දහසකට වැඩි පිරිසක් දැනටමත් ලියාපදිංචි වී ඇති බව අපට දන්වා තිබේ. ආචාර්ය ස්කලිස්ට විද්වතුන්ගේ සප්‍රතිපත්තික සහයෝගය ද  ලැබී තිබේ.

සීපීපීය තව දුරටත් 1970 හා 1980 දශකවල පිලිපීනයේ වැඩ කල ජනතාවගේ පුලුල් ස්ථරවල ගෞරවය හා සහයෝගය පාලනය නො කරයි. වරප්‍රසාද හා රොඩුබොඩු  වෙනුවෙන් පිලිපීන ධනේශ්වරයේ එක් හෝ තවත් කන්ඩායමක් සමඟ මිත්‍ර වීමට එකිනෙකා සමඟ තරඟ කරන ප්‍රතිවාදී පක්ෂවලට එය බෙදී ඇත. නමුත් ස්ටැලින්වාදයේ හා මාඕවාදයේ කාලකන්නි උරුමය පිලිපීනයේ පමනක් නො ව කලාපය පුරාම පවතී.

සීපීපී පාවාදීමට හේතු වූ කරුනු තේරුම් ගැනීමට අවශ්‍ය, එමෙන් ම පිලිපීනයේ ඒකාධිපතිවාදයට එරෙහි අරගලය පදනම් කර ගැනීමට දේශපාලන ඉදිරිදර්ශනයක් සොයමින් සිටින කම්කරුවන්, තරුනයින් හා බුද්ධිමතුන්ට ස්කලිස්ගේ දේශනය හැඳින්වීමක් සපයනු ඇත.

Loading