එක්සත් ජනපද මිලිටරිය මැතිවරන අර්බුදයට සම්බන්ධ නොවනු ඇතැයි ඉහලම ජෙනරාල්වරයා කියයි

මෙම ලිපිය අගෝස්තු 31 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

එක්සත් ජනපද මිලිටරි නිලධාරියෙකු වන ඒකාබද්ධ මාන්ඬලික ප්‍රධාන සභාපති ජෙනරාල් මාක් මිලී සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, 2020 ජනාධිපතිවරනයෙන් පැන නගින ඕනෑම ආරවුලක් විසඳීම සඳහා එක්සත් ජනපද හමුදාවට කිසිදු කාර්යභාරයක් නොමැති බවයි.

නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්‍රටික් සාමාජිකයන් දෙදෙනෙකු වන මිචිගන්හි එලිසා ස්ලොට්කින් සහ නිව් ජර්සි හි මිකී ෂෙරිල් යන අයගේ ලිපියකට ප්‍රතිචාර දක්වමින් මිලී මෙසේ ලිවීය: “මැතිවරනයේ යම් අංශයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති වුවහොත් මිලිටරිය නොව, එක්සත් ජනපද අධිකරන නීතිය සහ කොන්ග්‍රසය එය  විසඳාගත යුතුය . … මෙම ක්‍රියාවලිය තුල එක්සත් ජනපද මිලිටරියට කිසිදු කාර්යභාරයක් නොමැත.

“මම සහ සන්නද්ධ හමුදාවේ සෑම සාමාජිකයෙක්ම එක්සත් ජනපදයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය දැක්වීමට සහ ආරක්ෂා කිරීමට සහ අනදෙන දාමයේ නීත්‍යානුකූල නියෝග පිලිපැදීමට දිවුරුම් දිව්රුම් දී සිටින්නෙමු‍. අපි එක්සත් ජනපද ව්‍යවස්ථාවට පිටුපාන්නේ නැහැ. ”

ජෙනරාල් මාක් මිලී 2019 ඔක්තෝබරයේදී

 මිනියාපොලිස් පොලිසිය විසින් මැයි 25 දා ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමෙන් පසු ඇති වූ විරෝධතා මැඩපැවැත්වීම සඳහා හමුදාවට ආයාචනා කරන බවට ට්‍රම්ප් කල තර්ජනය සම්බන්ධයෙන්, ජූලි මාසයේ පැවති කොන්ග්‍රස් මිලිටරි කමිටු පරීක්ෂනයකින් පසුව ස්ලොට්කින් සහ ෂෙරිල් ජෙනරාල් මිලී සහ ආරක්ෂක ලේකම් මාක් එස්පර් වෙත ලිපි යවා තිබේ. 

1807 කැරලි  පනත ක්‍රියාත්මක කරමින් විරෝධතා මැඩීම සඳහා  ඇමරිකානු නගරවල වීදිවලට මිලිටරිය යවන බවට ජුනි 1 වන දින ට්‍රම්ප් තර්ජනය කලේය. එස්පර්, මිලී සහ සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික ඉහල හමුදා නිලධාරීන්ගේ ප්‍රතිරෝධයට මුහුන දීමෙන් පසුව -  මිලිටරි මැදිහත්වීමක් දේශපාලනිකව හා ප්‍රායෝගිකව සූදානම්කර නැතැයි ඔවුන් සැලකූ නිසා - ට්‍රම්ප් පසුබැස්ස අතර 1807 නීතිය ක්‍රියාත්මක නොකලේය. එහෙත් ඔහු වොෂිංටන් ඩී.සීයේ දවස් කිහිපයක් හමුදාව යෙදවීය.

“වාර්තාව සඳහා” 2020 ජනාධිපතිවරන ප්‍රතිපලය මිලිටරිය විසින් තීරනය කරනු නොලබන බවට ප්‍රකාශයක් නිකුත් කිරීම අවශ්‍ය යැයි ඉහල ජෙනරාල්වරයාට හැඟීයාම පෙන්නුම් කරන්නේ එය, එක්සත් ජනපදය තුල දේශපාලන ආතතීන්ගේ අසාමාන්‍ය ප්‍රකාශනයක් ලෙසය.

නොවැම්බර් 3 ඡන්ද විමසීමෙන් තමාට අහිතකර ප්‍රතිපලයක් භාර නොගන්නා බවට ට්‍රම්ප් නැවත නැවතත් පැහැදිලි කර ඇති අතර ඔහුගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන් පවසා ඇත්තේ, 2021 ජනවාරි 20 සමාරම්භක දිනය වන විට ඔහු ඉවත්වීම ප්‍රතික්ෂේප කලහොත් ධවල මන්දිරයෙන් ට්‍රම්ප් ඉවත් කිරීමට හමුදාවට සිදුවිය හැකි බවයි. 

බිඩෙන්ගේ ප්‍රකාශ සහ ඔහුගේ ආධාරකරුවන් වන ස්ලොට්කින් සහ ෂෙරිල්ගේ ඉරියව් වලින්, 2020 මැතිවරනයේ අවසාන බේරුම්කරුවන් වන්නේ, ඇමරිකානු ජනතාව නොව මිලිටරිය බව ඔවුන් සලකන බව පෙන්නුම් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා ධනපති ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂයට, කිසිදු බැරෑරුම් කැපවීමක් නොමැති බව මින් පෙන්නුම් කෙරේ.

ඔවුන්ට යාමට හැකිතාක් දුරට මිලීගේ ප්‍රකාශවලින් පෙනී ගියේ, හමුදාව ව්‍යවස්ථාමය ක්‍රියා පටිපාටිවලට අනුකූලව කටයුතු කරන බවයි. “එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව සහ ප්‍රාන්තවල නීති මගින් මැතිවරන පැවැත්වීම සහ මැතිවරන ප්‍රතිපල පිලිබඳ ආරවුල් විසඳීම සඳහා ක්‍රියා පටිපාටි ස්ථාපිත කර තිබේ. ප්‍රාන්ත සහ ෆෙඩරල් ආන්ඩුවේ නීතිවලට අනුව මෙම ක්‍රියාවලීන් අධීක්ෂනය කිරීමට සුදුසුකම් ලත් නිලධාරීන් සිටී. අපි නීතියට ගරුකරන ජාතියක්. අපි නීතියේ ආධිපත්‍යය අනුගමනය කරන අතර පසුගිය මැතිවරන සම්බන්ධයෙන් එසේ කර ඇති අතර අනාගතයේ දී ද එය දිගටම කරගෙන යනු ඇත. ”

 ව්‍යවස්ථාව යටතේ 2020 මැතිවරන ප‍්‍රතිපල තීරනය කිරීමේදී ජනාධිපති ට්‍රම්ප්ට කිසිදු කාර්යභාරයක් නොමැත. ඡන්ද ගනන් කරනු ලබන්නේ ෆෙඩරල් ආන්ඩුව විසින් නොව ප්‍රාන්ත ආන්ඩුවල අධීක්ෂනය යටතේ වන අතර, සෑම ප්‍රාන්තයකම ජයග්‍රාහී අපේක්ෂකයාගේ තෝරන නියෝජිතයෝ, දෙසැම්බර් මාසයේදී සෑම ප්‍රාන්ත අගනුවරකටම රැස්වී ඡන්දය ප්‍රකාශ කරති. ජනවාරි මස මුලදී සෑම ප්‍රාන්තයකම ඡන්ද කොන්ග්‍රසය විසින් විධිමත් ලෙස ගනනය කරනු ලබන අතර, මැතිවරන විද්‍යාලය තුලින් ජයගත් පුද්ගලයා ජනවාරි 20 වන දින ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබේ.

මෙම ක්‍රියාවලියට විභව බාධා රාශියක් ඇත. ප්‍රාන්තයක මහජන ඡන්දය කරට කර නම්, හෝ පුද්ගල ඡන්දය දීම සහ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අතර ගැටුමක් තිබේ නම් - බොහෝ දුරට ධවල මන්දිරය විසින් තැපැල් ඡන්ද විමසීම් අවලංගු කිරීම නිසා - ප්‍රාන්ත මැතිවරනයේ ජයග්‍රාහකයා පිලිබඳ ආරවුලක් පැනැඟිය හැක.

මෙය විශේෂයෙන්ම සිදුවන්නේ, ප්‍රාන්ත පාලනය බෙදී ඇති හෝ ප්‍රාන්ත ආන්ඩුව පාලනය කරන පක්ෂය, එම ප්‍රාන්තයේ මහජන ඡන්දය අහිමි වූ අපේක්ෂකයාට පිටුබලය දෙන අවස්ථාවකය. ප්‍රතිපල ප්‍රශ්නයට බඳුන්ව ඇති ප්‍රාන්ත අතර, පෙන්සිල්වේනියා, මිචිගන්, විස්කොන්සින් සහ උතුරු කැරොලිනාය. සියල්ලේම සිටින්නේ ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුය.   ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය රිපබ්ලිකන් වරුන්ටය.  ඔහියෝ, අයෝවා, ෆ්ලොරිඩා, ජෝර්ජියා සහ ටෙක්සාස්හි, රිපබ්ලිකන්වරු පාලනය කරන ලද ප්‍රාන්ත ආන්ඩු ඇති නමුත් ඩිමොක්‍රටික් බිඩෙන් ප්‍රමුඛත්වයට පත්ව ඇති හෝ ඡන්ද විමසීමේදී කරට කර සිටියි. 

ප්‍රාන්ත මැතිවරන ඡන්ද ගනන් කිරීමේ අවසාන තීරනය රඳා පවතින්නේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කරනු ලබන නියෝජිත මන්ත්‍රී මන්ඬලය නැත්නම් කොන්ග්‍රස් සභාව වෙත ය. මැතිවරන විද්‍යාලයේ තීන්දුව අවහිර වී ඇති අවස්ථාවකදී, කොන්ග්‍රසය විසින් ජනාධිපති තෝරා ගනු ඇත, නමුත් ඡන්ද විමසීමේදී එක් එක් ප්‍රාන්තයේ නියෝජිතයාට එහි ප්‍රමානය නොසලකා එක් ඡන්දයක් හිමි වන්නේ ය. වර්තමානයේ, එහි සුලුතර තත්වය නොතකා රිපබ්ලිකානුවන් ප්‍රාන්ත 26 ක නියෝජිතයින් පාලනය කරන අතර, ප්‍රාන්ත දෙකක් එක සමානව බෙදී ඇත.

මෙම සාකච්ඡාවෙන් පැහැදිලි වන පරිදි, ධනේශ්වර පක්ෂ දෙක සමඟ මෙන්ම ඊට පිටතින් ක්‍රියා කරන අන්ත දක්ෂිනාංශික බලවේගයන්ට, මැදිහත් වී ප්‍රතිපල හැසිරවීම සඳහා මෙම ක්‍රියාවලියේ අසංඛ්‍යාත අවස්ථාවන් තිබේ.

ස්ලොට්කින් සහ ෂෙරිල් මතු කර තිබෙන ප්‍රශ්න මෙම විභව බිම් බෝම්බ සමහරක් ස්පර්ශ කරයි. නිල මිලිටරි යුක්තිය පසිඳලීමේදී “කැරැලි ගැසීම් සහ රාජ්‍යද්‍රෝහීත්වය සාපරාධී යයි” සැලකීම සහ හමුදාව නීත්‍යානුකූල නියෝග පමනක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ගැන ඔවුහු මිලීගෙන් විමසූහ.

මිලී මෙසේ පිලිතුරු දුන්නේය, “එක්සත් ජනපදයේ වරකට සිටින්නේ එක් නීත්‍යානුකූල ජනාධිපතිවරයකු පමනක් බව මම පිලිගනිමි.” මිලිටරිය විසින් “නීත්‍යානුකූල ජනාධිපතිවරයා” හඳුනා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙයින් මතුකෙරේ. මන්දයත් මැතිවරනයේදී සහ මැතිවරන ප්‍රතිපල නිකුත්වුනදා සිට සමාරම්භක කාලය දක්වා වූ සංක්‍රාන්ති කාලය පිලිබඳව මතු වන ප්‍රශ්නය ද එයම වන නිසාය. යි.

අගෝස්තු 11 දා ද අත්ලාන්තික්හි The Atlantic පලකල, මිලිටරියේ සුප්‍රසිද්ධ හිටපු නිලධාරීන් දෙදෙනෙකු වන ජෝන් නාග්ල් සහ පෝල් යින්ග්ලිං විසින් නිකුත් කරන ලද විවෘත ලිපියක අනතුරු අඟවා තිබුනේ ට්‍රම්ප්, “අපගේ ව්‍යවස්ථාව උල්ලංඟනය කරමින් ධුරයේ රැඳී සිටින බවටත්, අපගේ මැතිවරන ක්‍රමය සක්‍රියව කඩාකප්පල් කරන බවටත් තර්ජනය කරන්නේ ය" යනුවෙනි. “ඒකාධිපති පාලනයේ කලෙක සිතාගැනීමටවත් නොහැකි වාතාවරනයක්” වලක්වා ගන්නා ලෙස එය මිලීගෙන් ඉල්ලා සිටියේය. එම ලිපියට ද ඔහු වක්‍රව ප්‍රතිචාර දක්වා ඇත.

නාග්ල් සහ යින්ග්ලිං ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශයන් නොවේ. ඉරාක යුද්ධයේදී ඔවුන් ලුතිනන්-කර්නල්වරුන් ලෙස ප්‍රමුඛත්වයට පත් විය. ඉරාක ජනතාවගේ වැඩිවන කැරලිකාරිත්වය හමුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ලිහිල්කම සහ නම්‍යශීලීභාවය පිලිබඳව ඔවුහු දැඩි විවේචන එල්ල කලහ. නාග්ල් හමුදාවේ නිල ප්‍රති-ත්‍රස්තවාදී අත්පොත කෙටුම්පත් කලේය.

මිලීගේ ප්‍රතිචාරය සාදරයෙන් පිලිගනිමින් ස්ලොට්කින් සහ ෂෙරිල් නියෝජිතවරියන් කෙටි ප්‍රකාශයක් නිකුත් කර තිබුනි. මෙහිදී ඔවුන් ඉටුකල කාර්යභාරය දේශපාලනික වශයෙන් වැදගත් ය. ඔවුන් 2018 මැතිවරනයේදී හමුදා බුද්ධි අංශවලින් සෘජුවම කොන්ග්‍රසයට පිවිසි නව ඩිමොක්‍රටික් සාමාජිකයන් 11 දෙනාගෙන් දෙදෙනෙකි මේ.

ලෝසවෙඅ විසින් හැඳින්වූ පරිදි මෙම සීඅයිඒ ඩිමොක්‍රටිකයින්, පක්ෂ කටයුතුවල දී වඩ වඩාත් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, පලමුව රුසියානු පිටුබලය ලත් බෙදුම්වාදීන් සමඟ යුද්ධය සඳහා යුක්රේනයට මිලිටරි ආධාර ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එල්ලකල දෝෂාභියෝගයට පක්ෂව තීරනාත්මක තල්ලුවක් ලබා දී ඇත. පසුව වඩා ලිබරල් ප්‍රතිවාදීන්ට එරෙහිව ජනාධිපති අපේක්ෂකත්වයට බිඩෙන් නම් කිරීම සඳහා  සහාය දුන්නේය.

දිගු කලක් සීඅයිඒ නිලධාරියෙකු වූ ස්ලොට්කින්,  තුන් වතාවක් ඉරාකයට යවා ඇත. “අප්‍රේල් අග සිට හෝ මැයි මුල සිට ජනාධිපති අපේ මැතිවරන ප‍්‍රතිපල පිලිබඳ මෙම සැකයේ බීජ වපුරා ඇත්තේ කෙසේද? " යන්න තක්සේරු කර ගැනීමට ඒජන්සිය සමඟ වැඩකල කාලයේදී ලැබූ අත්දැකීම් ගැන සඳහන් කරමින් ඇය, “ අපගේ මැතිවරන ක්‍රියාත්මක කිරීමට සහභාගී වීම හෝ ඡන්ද විමසීම්වලදී නීතිය ක්‍රියාත්මක කිරීම හෝ නිල මිලිටරි සහභාගීත්වය පිලිබඳ දීර්ඝ සහ අඳුරු ඉතිහාසයක් තිබේ” යයි පැවසුවාය.

වෙනත් වචන වලින් කිවහොත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මැඬීමට සහ ආන්ඩු පෙරලා දැමීමට මිලිටරිය සහ පොලීසිය යොදා ගැනීමට ලොව පුරා රටවල් දුසිම් ගනනකදී සීඅයිඒය තුල සිටිමින් උදව් කර ඇති මේ හිටපු සීඅයිඒ ඒජන්තයා, දැන් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපද ආන්ඩුවේ ප්‍රතිපත්තිය යොමුවී ඇති දිශාව හඳුනාගෙන ඇත.

ට්‍රම්ප් සහ ස්ලොට්කින් අතර ගැටුම පවතින්නේ, ප්‍රජාතන්ත්‍රවාදය ද ආඥාදායකත්වය ද යන්න ගැන නොව ඇමරිකානු ජනතාව මත කුමන ආකාරයේ අධිකාරයක් පැනවිය යුතුද යන්න ගැන ය: මුසෝලිනී කෙනෙක් වැනි පුද්ගලවාදී ආ ඥාදායකත්වයක් හෝ රුසියාව, චීනය හෝ දෙකම සමඟ යුද්ධයකට නැඹුරු වූ හමුදා බුද්ධි අංශ පර්යාය මත වාරු වන ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනයක් ද යන්න. 

Loading