ජෝසෆ් ස්කාලිස් සීපීපීය පිලිබඳ ව පැවැත්වූ දේශනයෙහි සංස්කරනය කරන ලද පිටපත,

පලමුව ඛේදවාචකයක් ලෙස, දෙවනුව විගඩමක් ලෙස: මාකෝස්, දුතර්තේ හා පිලිපීන කොමියුනිස්ට් පක්ෂ

මෙම ලිපිය සැප්තැම්බර් 1දා ඉංග්‍රීසි භාෂාවෙන් පල විය. 

පිලිපීන කොමියුනිස්ට් පක්ෂය (සීපීපී) හා එහි දේශපාලන ක්‍රියාමාර්ගය අනුගමනය කරන විවිධ සංවිධාන, 2016 දී පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේට දුන් සහයෝගය පිලිබඳ ව, ආචාර්ය ජෝසෆ් ස්කලිස් සිංගප්පූරුවේ නැන්යැන්ග් තාක්ෂන විශ්ව විද්‍යාලයේ දී, අගෝස්තු 26දා පහත දැක්වෙන දේශනය පවත්වන ලදී. 1960 ගනන් අග හා 1970 ගනන් මුල, ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් මිලිටරි ආඥාදායකත්වයක් ඇටවීමට කටයුතු කරද්දී, සීපීපීය හා එහි ප්‍රතිමල්ලව පක්ෂයක් වන පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂය (පීකේපී) the Partido Komunista ng Pilipinas (PKP), විසින් සිදුකරන ලද කටයුතුවල ඓතිහාසික සමාන්තරයන් ගවේෂනය කිරීම මගින්, සීපීපීයේ මෙම පිලිවෙතෙහි ඓතිහාසික හා දේශපාලන සම්භවයන් ස්කාලිස් විසින් විභාග කලේ ය. 

බර්ක්ලිහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් දකුනු හා ගිනිකොනදිග ආසියා අධ්‍යයනයන් පිලිබඳ ආචාර්ය උපාධියක් ලබා සිටින ජෝසෆ් ස්කලිස්, නැන්යැන්ග් තාක්ෂනික විශ්ව විද්‍යාලයේ පශ්චාත්-ආචාර්ය පර්යේෂයෙක් වේ. ඔහුගේ විශේෂ විෂය ක්ෂේත්‍රය වන්නේ, කලාපීය සහ ගෝලීය දේශපාලන වෙනස්කම් මත බලපාන ලද හා එම වෙනස්කම් විසින් ඇතිකරන ලද පිලිපීනයේ නූතන විප්ලවවාදී ව්‍යාපාරවල ඉතිහාසය යි. විප්ලවවාදී නායකත්වයේ අර්බුදය: මාර්ෂල් නීතිය හා පිලිපීන කොමියුනිස්ට් පක්ෂ, 1957-1974 නමැති ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය, පීකේපී හා සීපීපී යන ස්ටැලින්වාදී පක්ෂ දෙක අතර දේශපාලන එදිරිවාදීකම් සහ 1972 දී ෆර්ඩිනන්ඩ් මාකෝස් විසින් මාෂල් නීතිය පැනවීමේ දී එම පක්ෂ ඉටුකල ක්‍රියාකලාපය විභාග කලේ ය.

සීපීපීය ගැන කරන විවේචනය කෙරෙහි තියුනු ලෙස සංවේදී වූ සීපීපීයේ ආරම්භක ජෝස් මාරියා සිසොන්, කිසිදු සාක්ෂියකින් තොර ව, ආචාර්ය ස්කලිස් සීඅයිඒ සංවිධානයෙන් ගෙවිම් ලබන ඒජන්තයෙකු ලෙස හෙලාදැක ඇත. ස්ටැලින්වාදී සීපීපීයේ පාවාදීම් පිලිබඳ ඓතිහාසික වාර්තාව ස්ථාපනය කිරීම හරහා ආචාර්ය ස්කලිස්, පිලිපීනයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියට සේවයක් කර ඇත.

ආචාර්ය ස්කලිස්ට සහයෝගය පලකරමින් හා සිසොන්ගේ හා සීපීපියේ මඩගැසීම්වලට විරෝධය පලකරමින්, ප්‍රකාශ එවන ලෙස ලෝසවෙඅ එහි පාඨකයන්ගෙන් ඉල්ලයි.

පහත පලවන්නේ දේශනයෙහි සංස්කරනය කරන ලද පිටපත යි. වීඩියෝව මෙහි නැරඹිය හැකි අතර, ස්ලයිඩනයන් බාගත හැකි ය.

මෙම දේශන මාලාවට පහසුකම් සැපයීම හා අපගේ ශාස්ත්‍රාලික වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට උදවු වීම පිලිබඳ ව, නැන්යැන්ග් තාක්ෂන විශ්ව විද්‍යාලයට (එන්ටීයූ) ස්තුතිය පුදකිරීමට මම කැමැත්තෙමි. එන්ටීයූවේ පීඨය හා කාර්ය මන්ඩලය යන දෙගොල්ලන් ම, මා වෙතත් මගේ වැඩකටයුතුවලටත්, විශාල වසයෙන් උපකාර වී තිබේ.

පසුගිය දසවසර පුරා මම පිලිපීන කොමියුනිස්ට් පක්ෂ පිලිබඳ උගතෙකු ලෙස කටයුතු කර ඇත්තෙමි. විශිෂ්ට ලෙස පොහොසත් හා සාපේක්ෂ ව ප්‍රයෝජනයට නො ගන්නා ලද ප්‍රාථමික මූලාශ්‍ර සමූහයක් ගොඩනගමින්, මගේ පර්යේෂනයේ ගමන් මාවත පුරා, මගේ ශාස්ත්‍රාලීය අධ්‍යයනය එක් සුවිශේෂී කාලපරිච්ඡේදයක් මත එහි යොමුව තියුනු කොට තිබේ. පලමු වරට මා මෙම ව්‍යාපෘතිය දියත් කරද්දී, මට පෙර සිටි උගතුන් කිහිප දෙනෙක් මෙන් මා ද සිතුවේ, සීපීපීය ආරම්භයේ සිට වර්තමානය දක්වා ඉතිහාසයක් රචනා කරනු ඇති බවත්, මගේ වැඩකටයුතු බොහෝ සෙයින් සම්මුඛ සාකච්ඡාමය වාර්තා මත පදනම් කරනු ඇති බවත් ය. මෙම ක්‍රියාවලියේ දී, පෙර සිටි උගතුන් විසින් අනුගමනය කර ඇති මාවතේ ම, මා ද ගමන් කරමින් සිටින බව මට වැටහුනි. වෙලුම් ගනනක් වන හා කලින් දැන නො සිටි ක්ෂිතිජයන් විවෘත කල, අද්‍යතන ලිඛිත වාර්තා හාරා අවුස්සා බලද්දී, මගේ වැඩකයුතුවල කේන්ද්‍රීය දෙය මට හමු විය.

ජෝසෆ් ස්කලිස් දේශනය

මෙම ක්‍රියාදාමයේ දී, සීපීපීයේ ආරම්භය සමගින් පටන්ගත නො හැකි බවත්, පීකේපීයෙන් එය බිඳී වෙන් වූයේ මන්ද යන්න සහ එම බෙදීමට පෙර එහි පැරනි ම සාමාජිකයන් ඉටුකල ක්‍රියාකලාපය සවිස්තරව විභාග කල යුතු බවත්, මම වටහා ගතිමි. ඒ අතර ම, වර්තමානය දක්වා මගේ ලිවීම් අනවරත ව කරගෙන යා නො හැකි බව ද මම දැනගත්තෙමි. ආවරනය කල යුතු පලල් ක්ෂේත්‍රයක් තිබුනි. ඒ අනුව අවසානයේ දී, එකිනෙකට ප්‍රතිවිරුද්ධ කොමියුනිස්ට් පක්ෂ දෙකක් පැවතියේ කෙසේ ද යන්න සහ 1972 දී මාෂල් නීතිය පැනවීමේ දී එම පක්ෂ දෙකට ක්‍රියාකලාපයක් ඉටුකිරීමට තිබුනේ කෙසේ ද යන්න පිලිබඳ අධ්‍යයනයක් බවට මගේ විමර්ෂනය පත් විය. 

ලිඛිත වාර්තාව නානාප්‍රකාර වේ: එනම්, අත්පත්‍රිකා, පත්‍රිකා, පොත් පිංචවල්, ප්‍රකාශයන් හා ප්‍රවෘත්ති පත්‍රිකා ය. මේවායින් බොහොමයක්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය ලෙස හැඳින්වුනු පලල් ක්ෂේත්‍රය තුල සිටි විවිධ සංවිධාන විසින් නිමැවූ, කල් නො පවතින තනි පිටු පත්‍රිකා ය. විවිධාකාර ලේඛනාගාරවලින් පිටු 10,000ක් පමන ඩිජිටල් පිටු බවට පෙරලා ගත් මා, වෙහෙසකර ආයාසයක් හරහා, සෑම ලේඛනයක් ම ලියන ලද්දේ කවර දිනකදැයි යලි නිර්මානය කරගැනීමට හා ඉන්පසු එය පලල් ආඛ්‍යානයක් බවට පත්කිරීමට උත්සාහ දැරූ අතර, අද්‍යතන පුවත් පත් වාර්තා කියවීම මගින් එම ආඛ්‍යානය ප්‍රති-නිර්මානය කලෙමි. පුරා හය හත් වසරක් එකිනෙකට වෙනස් දෛනික පුවත්පත් අටක සෑම මුද්‍රනයක් මෙන් ම සතිපතා පලවන පුවත්පත් ද මම කියවූයෙමි. මාගේ පර්යේෂනය සම්පූර්න වීමට දිගු කාලයක් ගතවූයේ එබැවිනි.

අද දින මා ඉදිරිපත් කරන තේමාව කෙරෙහි මෙවන් බලගතු අභිරුචියක් පැවතීම දැකගැනීම නිසා මම සතුටු වෙමි: පලමුව ඛේදවාචකයක් ලෙස, දෙවනුව විගඩමක් ලෙස, මාකෝස්, දුතර්තේ හා පිලිපීන කොමියුනිස්ට් පක්ෂ. එහෙත්,  ජෝමා සිසොන් ලෙස හඳුන්වනු ලබන ජෝස් මාරියා සිසොන් සීපීපීයේ ආරම්භකයා ලෙස, සමාජ මාධ්‍ය හරහා මා හට ඍජු ව පහර දීම සමගින් පසුගිය සතියේ පිපිරී ගිය මතභේදය,  මෙම දේශනය කෙරෙහි උනන්දුව දැල්වූ එක් අංශයකි. 

මුක්කන් නාසයක් හා විකාර රූපී කෙස්, “මම ට්‍රොට්ස්කිට ආදරෙයි” යනුවෙන් සඳහන් කෑල්ලක් හා ඉතිහාසය විකෘති කිරීම පිලිබඳ පොතක් සමගින්, මා ආචාර්ය උපාධියෙන් සැරසී සිටින පින්තූර අගෝස්තු 18 සිට අගෝස්තු 25දා දක්වා වූ සතිය තුල, සිසොන් විසින් පලකලේ ය. මම “ශාස්ත්‍රාලික ට්‍රොට්ස්කිවාදියෙක් ලෙස පෙනී සිටින, රෝගී, නිහීන ප්‍රති-කොමියුනිස්ට්වාදියෙක් හා සීඅයිඒ යුද උන්මාදයෙන් පෙලෙන ඒජන්තයෙක්” බව ද ඔහු ලිවී ය. මෙය ලිඛිතාපහාසයක් යයි සඳහන් කිරීමට මම කැමැත්තෙමි. මා “සීඅයිඒ  යුද උන්මාදයෙන් පෙලෙන ඒජන්තයෙක්” ලෙස කරන සඳහන තහවුරු කිරීමට ඔහුට සාක්ෂි නැත.

“ද්‍රෝහී ප්‍රජාපීඩක, ජනඝාතක, කොල්ලකාරී හා වංචාකාරී දුතර්තේ පාලන තන්ත්‍රය බලයට පත්වීම හා එහි වත්මන් අපරාධකාරී පාලනය සම්බන්ධයෙන්, නීතිගරුක ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට මෙන්  ම විප්ලවවාදී බලවේගයන්ට වරද පැටවීම සඳහා, ජෝසෆ් ස්කලිස් වැනි විදෙස්ගත හා පිලිපීනය තුල සිටින ට්‍රොට්ස්කිවාදීන් නිරර්ථක උත්සාහයක් දරා ඇතැ” යි ඔහු සඳහන් කරයි.

1969 පටන් පලකරනු ලබන සීපීපීයේ ප්‍රමුඛ ප්‍රකාශනය වන අන් බායන් පුවත්පතේ විශේෂ නිකුතුවක් මා වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා කැපකර ඇත. ඉහත සඳහන් පදනම් රහිත මඩගැසීම ම පුනරුච්ඡාරනය කරමින්, මා “සීඅයිඒහි ගෙවීම් ලබන ඒජන්තයෙක්” යයි පෙරට ගිය සම්මුඛ සාකච්ඡාවක් තුල සිසොන් යලිත් සඳහන් කලේ ය.

ජෝසෆ් ස්කලිස්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා කැපකරන ලද අන් බායන් පුවත්පතේ විශේෂ සංස්කරනය [Photo: Ang Bayan]

“දැනට බොහෝ කලකට පෙර සිට, සැලකිය යුතු කාලයක් පුරා, ස්කලිස්ගේ නිහීන ප්‍රති-කොමියුනිස්ට්වාදී හා ස්ටැලින්වාද-විරෝධී රචනාවන් පිලිබඳ ව මම දැන සිටිනවා. ඔහු දැනට මත් ට්‍රොට්ස්කිවාදියෙක් හා සීඅයිඒ පඩි ලබන ඒජන්තයෙක් ලෙස හොඳින් ම හෙලිදරවු වී තිබෙන බවත්, පිලිපීන කොමියුනිස්ට් පක්ෂය හා මගේ ලේඛන ඉලක්ක කරගෙන පහර දීමටත්, මා හට පහර දෙමින් හා වරදවා ඉදිරිපත් කිරීම මගින් ජීවිකාව සරි කරගැනීමට ගෙවීම් ලබන බවත්,  ඇමරිකානු සහෝදරවරුන් හා මිත්‍රයන් මට කියා තිබෙන නිසා මා ඔහු ව නො තකා හැර තිබෙනවා” යි ඔහු සඳහන් කලේ ය.

නිශ්චිතවම මේ සියල්ල පිලිබඳව සඳහන් කිරීමට  මට අභිලාෂයක් නැතත්, මම තවත් එක් උපුටනයක් කියවන්නෙමි. “ස්කලිස් වනාහි බොරු කාරයෙක් මෙන් ම, අධිරාජ්‍යවාදයේ හා ප්‍රතිගාමීත්වයේ මුරන්ඩු ප්‍රති-කොමියුනිස්ට්වාදී ඒජන්තයෙකි. ඇත්ත වසයෙන් ම, භාවිතාවේ දී ඔහු, දුතර්තේගේ ඝාතක කල්ලිවලට වාසි පිනිස වැඩකරන වනචර ඔත්තුකරුවෙකි.”

මට එරෙහි ඔහුගේ දුෂ්ට චෝදනාවන්ගෙන් එකක් වත් තහවුරු කිරීම සඳහා සිසොන් සාක්ෂි සපයා නැත. මගේ ශාස්ත්‍රාලික වැඩකටයුතු සමග ඔට්ටු වීමට ඔහු බැරෑරුම් උත්සාහයක් දරා නැත. මඩගසන තර්කනයෙහි වචන යොදාගෙන, සරල ව මා හට නම් පටබැඳීම මගින්, මගේ වැඩකටයුතු නො තකා හැරිය හැකි යයි ඔහු විශ්වාස කරන බව පැහැදිලි ය.

අන් බයාන්හි විශේෂ සංස්කරනයේ පිටු තුල ඔහු කරන දාමරික බියවැද්දීම්, සැබෑ තර්ජනයක් ගෙන එන බව පෙන්වා දීමට මම කැමැත්තෙමි. මෙම පක්ෂය දීර්ඝ කාලීන ව එහි දේශපාලන විරුද්ධවාදීන් මරාදැමීමේ නිරත වී තිබෙන අතර, ස්ටැලින්වාදියෙකුගේ මුවෙන් පිටවන “ට්‍රොට්ස්කිවාදියා” යන වචනය, ඝාතනය කිරීමේ තර්ජනයකි. මෙම කරුනෙහි ඓතිහාසික වාර්තාව පිලිපීනය තුල ද ලෝකය පුරා ද ඇති තරම් පැහැදිලි ය.

එහෙත්, සිසොන්ට මා බියවැද්දිය නො හැකි අතර, ඔහුගේ ග්‍රාම්‍ය දේශපාලන මඩගැසීම්වල මම පැටලෙන්නේ ද නැත. මගේ අදහස, මගේ ඓතිහාසික දේශනය සමගින් ඉදිරියට යාම යි.

මෙම ප්‍රහාරයට මුහුන දීමේ දී, මට සහයෝගය පලකරමින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර ඇති ශාස්ත්‍රාලිකයන් හා ජනමාධ්‍යවේදීන් යන දෙගොල්ලන්ගෙන් ම මට සහයෝගය ගලාආ අතර, මගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වී ඇති අයට මගේ කෘතඥතාව පලකිරීමට මම කැමැත්තෙමි. ඊට අමතර ව, ශාස්ත්‍රාලීය නිදහස, ඓතිහාසික සත්‍යය හා මගේ ශාස්ත්‍රීය කටයුතු ආරක්ෂා කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශයක් පලකල අතර, එම ආරක්ෂාවට ද මම කෘතඥ වෙමි. 

මෙම මතභේදය පුපුරා යාමට පෙර, පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන ක්‍රියාමාර්ගය අනුගමනය කරන, පුලුල්  පරාසයක සංවිධානවලින් සැදුම් ලත්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය සමග සම්බන්ධ, ක්‍රියාධරයන් ගනනාවක් ම, දුතර්තේ ආන්ඩුවේ ප්‍රචන්ඩ මර්දනයට ගොදුරුවීමට ප්‍රතිචාර දක්වමින්, මම ප්‍රසිද්ධ ප්‍රකාශයක් ලීවෙමි. සති කිහිපයක් ඇතුලත, අවම වසයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නායකයින් දෙදෙනෙකු වත්, ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුනි. මා විසින් අගෝස්තු 14දා ප්‍රසිද්ධ කල ප්‍රකාශය කියවීමට මම කැමැත්තෙමි.

“මගේ ශාස්ත්‍රාලික හා මගේ ඓතිහාසික වැඩකටයුතු පිලිබඳ ව දැනුවත් අය. පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ද එහි දේශපාලන ක්‍රියාමාර්ගය සමග අනුබද්ධිත විවිධාකාර සංවිධාන ද ඉටුකරන ක්‍රියාකලාපය කෙරෙහි මම අතිශයින් විවේචනශීලී වන බව දනිති. 

“ඒ අනුව නිශ්චිත ලෙස මම, මේ කරුන පිලිබඳ ව පැහැදිලි තැනක සිටීමට කැමැත්තෙමි: රාජ්‍යය ද පැරාමිලිටරි හා නීතියට පිටින් කටයුතු කරන කන්ඩායම් ද විසින් පක්ෂයට හා එයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහි ව එල්ල කරන ප්‍රහාරවලින් මම ඔවුන් මුලුමනින්ම ආරක්ෂා කරමි.

“පිලිපීනයේ වැඩකරන ජනතාවට එල්ල කෙරුනු ප්‍රහාරයක් වන රැන්ඩෝල් එකානිස් ඝාතනය, පොලිස්-රාජ්‍ය පාලනයක් දෙසට වන නාටකාකාර පියවරක් සනිටුහන් කලේ ය.

“ආඥාදායකත්වයේ අන්තරායට එරෙහිව ආරක්ෂාවීම සඳහා, තමන්ගේ ම ස්වාධීන අවශ්‍යතා මත පිහිටාගත්, කම්කරු පන්තියේ එකමුතුව අවශ්‍ය කරයි.

“සීපීපීය හා එහි සහචර කන්ඩායම්වලට එරෙහි මගේ විරුද්ධත්වය පදනම් වන්නේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයට අනවරත ව විරුද්ධ වී ඇති ඔවුන්, එහි අවශ්‍යතා පාලක ප්‍රභූවේ කන්ඩායමක් සමග සන්ධානයක් තනාගැනීමට යටත් කිරීමට හැමදාමත් උත්සාහ දරා ඇත යන කරුන මත යි. දුතර්තේට බලයට පත්වීමට පාවඩ එලමින්, ආඥාදායකත්වයේ අන්තරාය ලඝුකරමින් දුතර්තේ වැලඳගැනීම කරා පක්ෂ නායකත්වය මෙහෙයවන ලද්දේ, මෙම ඉදිරිදර්ශනය හෙවත් ස්ටැලින්වාදයේ ක්‍රියාමාර්ගය විසිනි.

“මේ අනුව, පක්ෂයේ නායකත්වයටත් එහි දේශපාලන ක්‍රියාමාර්ගයටත් මගේ විරුද්ධත්වය, කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීමකි. පක්ෂයට මා විරුද්ධ වන එම අතිමූලික හේතුව -කම්කරු පන්තිය ආරක්ෂා කිරීම- නිසා ම, රාජ්‍යය හා එහි පැරාමිලිටරි හමුදාවන් විසින් එල්ල කරන ප්‍රහාරවලින්, පක්ෂය සමග සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කරන බව මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි.”

බොහෝ ශාස්ත්‍රාලිකයන් හා පලල් මහජනයා මෙම ප්‍රකාශයට ඉතා උනුසුම් ව ප්‍රතිචාර දක්වා ඇතත්, සිසොන් හෝ සීපීපීය සමග අනුබද්ධ කිසිවෙක් මෙම ප්‍රකාශය පිලිගෙන නැත. මා ඝාතක කල්ලි වෙනුවෙන් පෙනී සිටින ඔත්තුකරුවෙකු යයි සිසොන් කියාපායි.

දුතර්තේගේ ඝාතක කල්ලි සැබෑ තර්ජනයක් බවට සැකයක් නැත. ජාතික පරිමාන ව මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය ඇරඹුනේ, දුතර්තේ තනතුර භාරගැනීමත් සමග ය.

ඝාතක කල්ලිවලට ගොදුරු වන්නන්ගෙන් අතිමහත් බහුතරය දුගීන් ය. පැල්පත් නගර වෙතින් පැමිනෙන, රෝද තුනේ සයිකල් රියැදුරන්, මාලු වෙලෙන්ඳන්, අපරාධ චෝදනා එල්ල වී නැති සුලු අපරාධකරුවන් වන ඔවුන් සෑම රාත්‍රියක ම මරා දමනු ලැබේ. වරෙන්තුවකින් තොර ව පොලීසිය විසින් සිදුකරන ඝාතන ද ඊට අමතර ව පැරාමිලිටරි සංවිධාන හා අවශේෂ ඝාතක කන්ඩායම් විසින් සිදුකරන ඝාතන ද තිබේ.

මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයෙහි කොටසක් ලෙස පොලීසිය විසින් මරා දමන ලද පුද්ගලයන් ගනන පිලිබඳ ආන්ඩුවේ නිල සංඛ්‍යා ලේඛනයෙන් මා හට ඉතා ම මෑත දී ලබාගත හැකි වුනු සංඛ්‍යාව 6,000ක් විය. එහෙත්, පුවත්පත්වල නිතර පලවන ගනන් හිලවුවලට අනුව, පොලීසිය විසින් මරා දමන්නන්ට වඩා කිහිප ගුනයකින් වැඩි පිරිසක්, පැරාමිලිටරි සංවිධාන හා අවශේෂ කන්ඩායම් විසින් ඝාතනය කරනු ලබන බව අපි දනිමු. වර්තමානයේ දී සංඛ්‍යාවන් නිරවද්‍ය ව තක්සේරු කිරීම අතිශයින් දුෂ්කරය. පිලිපීන පොලීසියේ නිල සංඛ්‍යා ලේඛන යොදාගනිමින් සහ අප දන්නා පරිදි පැරාමිලිටරි ඝාතක කල්ලිවලට හා පොලීසියට ගොදුරු වන්නන්ගේ අනුපාතය යොදාගනිමින් සමස්ත ඝාතන ගනන අපට තක්සේරු කල හැක. එවන් ගනන් බැලීම් අනුව ගොදුරු වූවන් 30,000කට ආසන්න වන අතර, එය ද සාපේක්ෂ ව පරිස්සම් සහගත දල තක්සේරුවක් බව පෙනේ.

මෙයට “ජන සංහාරයක්” යන ලේබලය ඇලවිය හැකි යයි මා විශ්වාස කරන අතර, එය වනාහි මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේ නාමයෙන් දුගීන්ට එරෙහි ව සිදුකරන මනුෂ්‍ය සංහාරයකි. දුතර්තේගේ මතට එරෙහි යුද්ධය, පිලිපීන මහජනයා අතර අතිශයින් ජනප්‍රිය යයි ජාත්‍යන්තර මාධ්‍ය තුල ඔබ දැකගන්නවා නිසැක ය. මෙම සිද්ධීන් වඩා ගැඹුරින් විභාග කරන අනාගත ඉතිහාසඥයන් හා සමාජ විද්‍යාඥයන්,  වඩා සංකීර්න ආඛ්‍යානයක් කරා එලඹෙනු ඇතැයි මට විශ්වාස ය. මතට එරෙහි යුද්ධයට සියයට 80ක පමන සහයෝගයක් තිබේ යයි සොයාගන්නා සමීක්ෂනයන් ම, ඉතා කලාතුරකින් උපුටා දක්වන තවත් සංඛ්‍යාවක් නම්, පිලිපීන ජාතිකයන් 10කින් 8 දෙනෙක් ම මත්ද්‍රව්‍ය යුද්ධයේ දී තමන් ඝාතනයට ලක්වනු ඇතැයි බිය වන බව යි.

සමීක්ෂනයට භාජනය කරන ඔබ, ඔබගේ ජීවිතය පිලිබඳ ව බියෙන් පසුවන බව පිලිගත හොත්, ඒ සමග ම ඔබ මතට එරෙහි යුද්ධයට විරුද්ධ වී යයි ප්‍රකාශ කරන බව ඔබ පිලිගන්නේ ද? මතට එරෙහි යුද්ධයට විරුද්ධ ව කවරාකාර හෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම, යම් ආකාරයක මරන දඬුවමක් ලෙස දැකගන්නා බව මම සිතමි. මතට එරෙහි යුද්ධය විශාල වසයෙන් ජනප්‍රිය යයි මම විශ්වාස නො කරමි.

සිසොන් මා වෙත එල්ල කල ප්‍රසිද්ධ ප්‍රහාරයේ එක් ප්‍රකාශයක් නම්, සීපීපීය දුතර්තේ පාලන තන්ත්‍රයට සහයෝගය දුන් බව “පට්ටපල් බොරුවක්” බව යි. “යුද වැදී සිටින පාර්ශව දෙකක් අතර පවතින සාම සාකච්ඡා දුතර්තේට දෙන සහයෝගයක් හා මහජනයා පාවාදීමක් ලෙස අර්ථකථනය කල හැක්කේ, ට්‍රොට්ස්කිවාදියෙකුට පමනි” යි සිසොන් ලීවේ ය. පැහැදිලි ව පවසන්නේ නම්, මගේ තර්කය එය නො වේ. මම, සාම සාකච්ඡාවලට පහර දීම හෝ පක්ෂය දුතර්තේට සහයෝගය දුන් ක්‍රමය එය යයි කියා නොසිටිමි. මා ඉදිරියේ දී පැහැදිලි කරන පරිදි, ඔවුන්ගේ සහයෝගය ඊට වඩා පැහැදිලි හා ගැඹුරට දිව යන්නකි.

සිසොන්ගේ ප්‍රකාශයෙන් මෙම වාක්‍යය වෙන් කර දැක්වීමට මම කැමැත්තෙමි: “වසර දෙකක් පුරා දුතර්තේ තන්ත්‍රය විසින් දුගී ජනයා නීතියට පරිබාහිර ව ඝාතනය කිරීමේ දී, සීපීපීය එයට සහයෝගය දුන්නේ ය යන්න පට්ටපල් බොරුවකි.” මා විසින් ඓතිහාසික සාධක විමර්ශනය කරද්දී, ඔබ මෙම සූත්‍රගත කිරීම මතකයේ තබාගැනීම මට අවශ්‍ය ය.

සියල්ලටත් වඩා, මෙම දේශනයේ දී මා අපේක්ෂා කලේ, ෆර්ඩිනන්ඩ් මාකෝස් බලයට පත්වූ හා 1969 සිට 1972 දක්වා වූ පූර්ව කාලපරිච්ඡේදයක් පිලිබඳ ව අවධානය යොමු කිරීම යි. සීපීපීය දුතර්තේ පාලන තන්ත්‍රයට සහයෝගය දුන්නේ ය යන්න බොරුවක් බව සිසොන් ඍජු ව ම කියාපා ඇති තතු තුල, සමහර විස්තර සහිත ව අද්‍යතන වාර්තාව විමර්ශනය කිරීම පලමු ව අවශ්‍ය බව මට හැඟේ.

දුතර්තේ තනතුරට පත්වීම පිලිබඳ ව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය හා සීපීපීය බෙහෙවින් උද්‍යෝගීමත් වූ බව, මගේ ශ්‍රාවකයේ බොහෝ දෙනා යලි මතකයට ගනු ඇති බව නිසැක ය. මෙම උද්‍යෝගීමත් සහයෝගය දැන් අනවරත ව ප්‍රතික්ෂේප කරනු ලැබේ. එය කිසිදා සිදු නො වූ බව අපට කියනු ලබයි. මගේ මුහුනුපොත් පිටුව මත මෑතක දී අදහස් දැක්වූ අයෙක්,  ඉතා නිවැරදි යයි මට හැඟීයන අදහසක් පලකලේ ය. “අපට ගෑස් ආලෝකය එල්ල කරන්නාක් මෙන් දැනෙනවා” යි ඔහු කීවේ ය. එම ගුනාංගීකරනය සතුව යම් සත්‍යයක් තිබෙන බව මම සිතමි.

සාක්ෂි විමර්ශනය කිරීම ඇරඹීමට පෙරාතුව, තවත් එක් කරුනක් සඳහන් කිරීමට මම කැමැත්තෙමි: පක්ෂයේ සාමාජිකයෙක් වන්නේ හෝ නො වන්නේ කවුරුන් ද යන්න මා නො දන්නා අතර, එය මම එතරම් ගනනට ද නො ගන්නෙමි. මෙය මා උනන්දු වන තොරතුරක් නො වේ; තව ද එය එසේ වුවත්, මා එය හෙලිදරවු කරන්නේ ද නැත. පක්ෂයේ ප්‍රසිද්ධ මුහුනුවලින් ඔබ්බට, මෙය මට තොරතුරක් නො වේ.

එතෙකුදු වුවත්, පොදු දේශපාලන ඉදිරිදර්ශනයක් හා දිශානතියක් බෙදා හදා ගන්නා, කන්ඩායම් ගනනාවක් තුල සංවිධානය වී සිටින පලල් මහජන ව්‍යාපාරයක්, පිලිපීනය තුල තිබෙන බව අපි දනිමු. මෙම සංවිධාන කොමියුනිස්ට් පක්ෂය විසින් රහසේ පාලනය කරන බවට මම චෝදනා නො කරමි. මම ඔවුන්ට රතු ලේබල් නො අලවමි. ඒ වෙනුවට මා ප්‍රකාශ කරන්නේ, ඔවුන් පක්ෂය සමග පොදු දේශපාලන ක්‍රියාමාර්ගයක් බෙදා හදා ගන්නා බව යි. සැලකිය යුතු විස්තර සහිත ව, එම දේශපාලන ක්‍රියාමාර්ගයේ ස්වභාවය මා විභාග කරන අතර, අවසාන විග්‍රහයේ දී එම ක්‍රියාමාර්ගය සමන්විත වන්නේ, ජාතික ධනේශ්වරයේ ප්‍රගතිශීලී කොටස සොයාගෙන, එය සමග එකතු වීමේ ගවේෂනයකිනි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය සීපීපීය සමග බෙදා හදා ගන්නා මෙම දිශානතිය එයට, නිරන්තරයෙන් තිබී ඇතුවා පමනක් නො ව, පක්ෂය විසින් ප්‍රගතිශීලී ලෙස හඳුනාගන්නවුන් සමග එය ද අනවරත ව සම්බන්ධ වී ඇත.

රොඩ්‍රිගෝ දුතර්තේ යනු කවුද? දුතර්තේ, 1960 ගනන්වල දී පිලිපීන කොමියුනිස්ට් පක්ෂයෙහි තරුන සංවිධානයේ සාමාජිකයෙක් විය. 1980 ගනන්වල දී ඔහු, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කොටසක් වන බයාන්හි ප්‍රමුඛ සාමාජිකයෙක් විය. ජෝමා සිසොන් ම මෙය කිවූ නිසා අපි මෙය දනිමු. සුවිශේෂී ලෙස කෲර දේශපාලන චරිතයක් වූ ද ඝාතක කල්ලිවල ප්‍රධානියා ලෙස ක්ෂනික ව පෙරමුන ගත්තා වූ ද දුතර්තේ, දකුනේ දවාවෝ නගරයේ බලයට පත්විය. මෙම ප්‍රසිද්ධියෙහි ප්‍රතිඵලයක් ලෙස, එවකට ජනාධිපතිනිය වූ ග්ලෝරියා මැකපාගල් අරෝයෝ, ඔහු ඇයගේ අපරාධ-විරෝධී කොමිසමට පත් කලාය. “පැහැරගැනීම් හා නීති-විරෝධී මත්ද්‍රව්‍ය වැලැක්වීමේ ඉතා ම ඵලදායී ක්‍රමය වන්නේ, අපරාධකරුවන් නඩු නො අසා මරාදැමීම” යි සඳහන් කරමින්, දුතර්තේ 2002 දී අපරාධ-විරෝධී සමුලුව ඇමතී ය.

2016 දී දුතර්තේ අද්භූත ජනක ලෙස ෆැසිස්ට්වාදී චරිතයක් බවට පරිවර්තනය නො වූ බව පැහැදිලි කිරීමේ අවශ්‍යතාව නිසා, මා විසින් තෝරාගෙන ඇති දුතර්තේ කරන ලද ප්‍රකාශ කිහිපයක් වෙන් කොට දැක්වීමට මම අපේක්ෂා කරමි. ඔහුගේ ගමන් මාවත ඒ වන විටත් විනිවිද පෙනෙනසුලු විය.

“නීතියට පිටින් මිනීමැරුම්වල නිරත කිසිවෙක් ඔහුගේ මුහුන ආවරනය කර නො ගනී” යි, දුතර්තේ යටතේ දවාවෝ නගරයේ ක්‍රියාත්මක වූ ඝාතක කල්ලි පිලිබඳ විමර්ශනය කල එක්සත් ජාතීන්ගේ විශේෂ කොමසාරිස්වරයා ප්‍රකාශ කලේ ය. වෙනත් වචනවලින් කියතොත්, මෙම ක්‍රියාවන්ට නිල අනුග්‍රහය තිබුනි. සෑම කෙනෙක් ම මෙය දැන සිටියේ ය. දුතර්තේ නගරාධිපති ලෙසද කටයුතු කල දශකයක කාලයක් පුරා, මල සිරුරු සිය ගනනක්, බියකරු සාක්ෂි සම්පාදනය කලේ ය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයෙහි ප්‍රතිචාරය විරෝධය පෑම නො වී ය. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කොටසක් වන ගැබ්රියේලාහි කොංග්‍රස් සභිකාවක් වූ ලූස් ඉලගන්, 2009 දී මැනිලා ටයිම්ස්හි පලකල ප්‍රකාශයක, දුතර්තේගේ නගරාධිපති ධුර භූමිකාව මෙසේ උත්කර්ෂයට නැංවූවා ය: “නගරාධිපතිවරයා අපේ සහයෝගය ලැබීමට සුදුසු වේ. අපි දැන් බුක්ති විඳින පර්යාය පවත්වාගෙන යාමට, නගරාධිපතිවරයා කර ඇති දෙය, නගරයෙන් පිටත සිටින්නන්ට අගය කල නො හැක. දුතර්තේ නායකත්වය අප ව ආරක්ෂිත ව හා සුරක්ෂිත ව තබා ඇත.”

මේ ප්‍රකාශයෙහි යම් සත්‍යයක් තිබේ. දුතර්තේගේ නගරාධිපති  පාලනය කාලය තුල, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ අය නීතියට පිටින් ක්‍රියාත්මකදවූ ඝාතනයන්හි ගොදුරු බවට පත් නො වී ය. ඔවුහු ක්‍රියාධරයන් නො වූ හ. සත්‍ය වසයෙන් සීපීපීය හා එන්පීඒ පවා ඉලක්ක බවට පත් නො වුනි. ඉලක්ක බවට පත්වූයේ, දැන් ඔහුගේ ජනාධිපති ධුරය යටතේ ඉලක්ක බවට පත්වන දුගීන් ම ය.

පිටාඕ හා දුතර්තේ වර්නනා කරන සීපීපීයේ කුරුටු චිත්‍ර

2015 කරා අපි ඉක්මනින් ගමන් කරමු. ඒ වන විට දුතර්තේ ජාතික වේදිකාවට ගෙන එනු ලැබ තිබුනි. පිලිපීනය තුල “ජනාධිපති ධුරය දැරිය හැකි” ප්‍රසිද්ධ අයෙක් බවට ඔහු පත්කරනු ලැබිනි. සීපීපී-එන්පීඒ විසින් ඔහු වෙනුවෙන් ඔසවා තිබූ මිටිය හා දෑකැත්ත සහිත කොඩියක් ඉදිරිපිට දී, 2015 ජනවාරියේ මාධ්‍ය හමුවක් පැවැත්වූ දුතර්තේ, තමන් තේරී පත්වුව හොත්, කොංග්‍රසය අහෝසි කොට, සමාජ ආරක්ෂනය ඇතුලු ආන්ඩුවේ වත්කම් පුද්ගලීකරනය කොට, සීපීපීය සමග සභාග ආන්ඩුවක් බිහි කරන බව නිවේදනය කලේ ය. අලුතින් පුද්ගලීකරනය කරන ලද සමාජ සුභසාධන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස ජෝමා සිසොන් පත්කිරීමට ඔහු පොරොන්දු විය. “නගරාධිපති දුතර්තේ ජනාධිපති විය යුතු” යි, කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භකයා වූ සිසොන් මුහුනුපොතෙහි ප්‍රතිචාර දක්වමින් සඳහන් කලේ ය.

සීපීපීය දුතර්තේට සහයෝගය දුන්නේ ය යන්න පට්ටපල් බොරුවක් බව මතක තබාගන්න.

මැයි 25, 2015: මෙම නගරය තුල ක්‍රියාත්මක වූ ඝාතක කල්ලි විසින් 1990 ගනන් අග පුද්ගලයන් 1,000ට අධික පිරිසක් ඝාතනය කර තිබුනු බවට පලවූ හියුමන් රයිට්ස් වොච් වාර්තාවක්, ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවක දී දුතර්තේට අභිමුඛ කරනු ලැබිනි. ඝාතක කල්ලිවල ප්‍රධානියා වූයේ තමන් බව ආඩම්බරයෙන් තහවුරු කරමින් ප්‍රතිචාර දැක්වූ දුතර්තේ, පසුව ප්‍රසිද්ධියට පත්වූ මෙම ප්‍රකාශය කලේ ය: “මා ජනාධිපති වුව හොත් එම සංඛ්‍යාව 100,000ක් වනු ඇති. මම මල සිරුරු මැනිලා බොක්කේ මාලුන්ට කන්නට දමන්නෙමි.”

මෙය මහා පරිමාන මිනීමැරීම පිලිගැනීමක්, කෝපය දනවන දේශපාලන ප්‍රකාශයක් සහ ඍජු අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතු ව තිබූ මාධ්‍ය බොහොමයක් හා දේශපාලනඥයන් ගනනාවක් ම, මෙයට ප්‍රතිචාර දැක්වූයේ දුතර්තේ විහිලු කරන්නේ ය යනුවෙන් බව, මා සඳහන් කල යුතු ය. මේ දේශනයේ මීට පෙර මා සඳහන් කල මරාදැමූවන් 30,000ක තක්සේරුව කෙසේ හෝ නිවැරදි ගනනට ආසන්න වන්නේ නම්, දුතර්තේ උත්සාහ දරමින් සිටින්නේ, ඔහුගේ පොරොන්දුව ඉටුකිරීමට යි.

ලියොන්ෂියෝ පිටාඕ වෙනුවෙන් කැපකල උත්සවයක් අමතන දුතර්තේ

2015 ජූලි මාසයේ දී, සීපීපීයේ සන්නද්ධ අංශය වන නව මහජන හමුදාවේ නායකයෙකු වන, කා පාරාගෝ නමින් ප්‍රසිද්ධ ලියොන්ෂියෝ පිටාඕ වෙනුවෙන් කැපකරන ලද, උත්සවයක් පවත්වන ලදී. එය පවත්වන ලද්දේ දවාවෝ නගරයේ දී ය. සිද්ධිය සැඟවීමට උත්සාහයක් හෝ ආරක්ෂාව පිලිබඳ උත්සුකයක් නො තිබුනි. මෙම “විප්ලවවාදී නායකයාට” ගෞරව කිරීම පිනිස, විශාල සෙනගක් සීපීපීය විසින් බස්රථවලින් ගෙන එනු ලැබී ය. “එක්සත් පෙරමුන දිගුකල් දිනේවා! පිලිපීන කොමියුනිස්ට් පක්ෂය දිගුකල් දිනේවා!” යන පක්ෂයේ ධජ වේදිකාව මත ලෙල දුනි. වේදිකාව මධ්‍යයේ, මිටියේ හා දෑකැත්තේ ද සන්නද්ධ අංශයේ ද ධජවල ඡායාරූප එල්ලා තිබුනි. සැකයකින් තොර ව ම ඔවුන් ජාත්‍යන්තර  ගීතය ගායනා කිරීමෙන් අනතුරුව, පක්ෂය විසින් ආරාධිත කථිකයා ලෙස රොඩ්‍රිගෝ දුතර්තේ ඉදිරියට පැමිනවී ය. පුද්ගලයින් 100,000ක් මරාදැමීම අධීක්ෂනය කරන බව, මාසයකට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබූ ඝාතක කල්ලි ප්‍රධානියාට, කොමියුනිස්ට් පක්ෂය විසින් එහි නායකයෙකුට ගෞරව කිරීම පිනිස, වේදිකාව ලබා දුනි.

යලි මතකයට ගන්න: සීපීපීය දුතර්තේට සහයෝගය දුන්නේ ය යන්න පට්ටපල් බොරුවකි.

සන්නද්ධ අරගලය ඉදිරියට ගනිමින් හා පිටාඕ සිහිපත් කරමින් පක්ෂය, දවාවෝ නගරය කුරුටු චිත්‍ර වලින් සැරසී ය. පිටාඕගේ මුහුන ලඟින්ම ඔවුහු රොඩ්රිගෝ දුතර්තේගේ ඡායාරූපය ප්‍රදර්ශනය කලහ.

2016 මැතිවරනය පැමිනි විට, සාමාන්‍යයෙන් තම වෙනස්වන පන්නයෙන් කටයුතු කල දුතර්තේ, ජනාධිපති ධුරය සඳහා ඔබගේ අපේක්ෂකත්වයේ නිල කවුලුව අවසානයට පැමිනෙමින් තිබේ යයි ප්‍රකාශ කරමින්, අසාමාන්‍ය දෙයක් සිදුකලේ ය. අඩිය පසුපසට ගත් ඔහු, තමන් ජනාධිපති ධුරයට තරඟ නො කරන බව නිවේදනය කලේ ය. දුතර්තේගේ පක්ෂයේ අපේක්ෂකයා ලෙස තෝරා ගන්නා ලද්දේ, එතරම් වැදගත් පුද්ගලයෙකු නො වූ මාටින් ඩිඥෝ ය.

සන්ධානගත වීමට ජනාධිපති අපේක්ෂකයෙක් සොයමින් සිටි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය, 2013 දී ඔවුන් සෙනෙට් සභාව සඳහා අනුමත කර තිබුනු ග්‍රේස් පෝට මුක්කුව දුන්නේ ය. මකබායන් සභාගයේ සෙනෙට් අපේක්ෂක නේරි කොල්මෙනාරෙස් ඇයගේ ලැයිස්තුවෙන් තරඟ වැදුනි.

එහිදී නාටකාකාර විචක්ෂනශීලී භාවයකින් කටයුතු කල දුතර්තේ, තමන් යලිත් තරඟයට සම්බන්ධ වීමට තීරනය කර ඇතැයි නිවේදනය කලේ ය. ඩිඥෝ ඉවත් වූ අතර, දුතර්තේ ජනාධිපති ධුරය සඳහා උද්ඝෝෂනය ඇරඹුවේ ය. ඒ වන විටත් පෝ සමග විධිමත් බැඳීම් සකසාගෙන තිබූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට, මෙය අභියෝගයක් විය. පෝ වෙනුවෙන් උද්ඝෝෂනය කිරීමට ඔවුහු බැඳී සිටිය හ.

මින්දනාඕ නගරයේ දුතර්තේ වෙනුවෙන් උද්ඝෝෂනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයෙහි ආධාරකරුවන්

එහෙත්, අන් අක්බායන්, අන් ක්පාවිස් හා ඔවුන්ට අනුබද්ධ සංවිධාන, මින්දනාඕ නගරය හා දකුනු පිලිපීනය පුරා, පෝ වෙනුවට දුතර්තේ වෙනුවෙන් උද්ඝෝෂනය කල හ. කලාපය පුරා සැරිසැරූ උද්ඝෝෂන ට්‍රක් රථ, අන්ක්පාවිස්, නේරි කොල්මෙනාරෙස් හා රොඩ්‍රිගෝ දුතර්තේගේ පෝස්ටරවලින් සැරසී තිබුනි.

මෙම උද්ඝෝෂනයෙහි කේන්දයේ සිටියේ, දවාවෝ නගරයෙහි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය සමග අනුබද්ධ චරිත වන අතර, අනාක්පාවිස් නියෝජිත අයික් කැසිලාඕ ඒ අතරින් සුවිශේෂී විය. දුතර්තේගේ ආදර්ශ සලකුන වන මිටමෙලවූ අතින් ආචාර දක්වන ඔහුගේ මුහුනුපොත් පිටුවෙන් ම ලබාගත් ඔහුගේ ඡායාරූප, අනාක්පාවිස් ව්‍යාපාරය කලාපය පුරා උද්ඝෝෂනය කිරීම පෙන්නුම් කරයි. 

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයෙහි මින්දනාඕ අපේක්ෂකයින් වූ කැසිලාඕ සහ බයාන් මුනා සංවිධානයෙහි කාලෝස් සාරටේ, “තේරී පත්වන ජනාධිපති ලෙස විශ්වාස කල හැකි රොඩ්‍රිගෝ දුතර්තේට පූර්න සහයෝගය” නමැති ප්‍රසිද්ධ ප්‍රකාශයකට මැයි මාසයේ දී අත්සන් තැබූ හ.

පෝ වෙනුවෙන් උද්ඝෝෂනය කරමින් සිටි මැනිලා නගරයෙහි බයාන් මුනා සංවිධානයේ සමහර නියෝජිතයෝ, දුතර්තේට අනුමැතිය පලකිරීම සඳහා, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය පියවර තබමින් සිටි වේගය හේතුවෙන් විස්මයට පත් වූ හ. මුහුනුපොතට පිවිසි සිසොන්, මැයි මාසයේ දී ප්‍රසිද්ධියේ ඔවුන්  විවේචනය කලේ ය. ඔහු මෙසේ ලිවී ය: “ඔබ හුදෙක් ධනපතියන්ට පහර දීම පමනක් නො කල යුතු යි ... කොම්ප්‍රදෝරුවන්ට කතා කරමින් ඔවුන් ඒත්තු ගැන්වීමට වැඩ කරද්දී පවා අපට ජාතිකවාදී ධනපතියන් සමග වැඩ කල හැකි යි ... අපේ මධුසමය ඇරඹෙමින් තිබෙනවා පමනයි. අපි ඔහුට කතා කරමින් සිටිනවා. ඔහු අපට තනතුරු පිරිනමා තිබෙනවා.”

පුලුල් පරාසයක සංවිධාන රොත්තකින් ඇදගන්නා ලද තරුන නායකයන්ගේ රැස්වීමකට, සිසොන් 2016 ජුනි 10දා සුවිශේෂී වසයෙන් අලුකුත්තේරු කතාවක් කලේ ය. “දවාවෝ නගරයේ නගරාධිපති ලෙස කටයුතු කරද්දී දුතර්තේ, පොදු ජීවිතයේ දී කාන්තාවගේ භූමිකාව හඳුනාගෙන අගය කොට ඇති අතර, කාන්තාවන්ට හා දුගී ලමුන්ට පහසුකම් නිර්මානය කොට, කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය කෙරෙහි ඔහුගේ පිලිකුල ප්‍රදර්ශනය කර තිබෙනවා” යි ඔහු කියා සිටියේ ය. මෙය ඇඟ කිලිපොලා යන පචයකි.

ස්ත්‍රී දූෂන සිදුකර ඇති මිනිසුන් වෙතට ගොස්, ඔහුට පලමුව යාමට ඉඩ නො දී ඔවුන් ව පොලඹවමින්, විහිලු කිරීම හෙවත් ස්ත්‍රී දූෂන “විහිලු කිරීම” ගැන දුතර්තේ කුප්‍රකට ය. ඔහුගේ මාධ්‍යහමුවල දී ඔහු ගැහැනු වාර්තාකාරියන්ට රූපාස්වාද සිවුරුහන් බායි. සීපීපීය අවසානයේ දුතර්තේ සමග අමනාප වූ අවස්ථාවේ, සීපීපීයේ කාන්තා සාමාජිකාවන්ගේ යෝනි ප්‍රදේශයට වෙඩි තබමින් ප්‍රහාර එල්ල කිරීම සඳහා මිලිටරිය කැඳවන කතාවක් දුතර්තේ විසින් කරනු ලැබී ය.

මේ වනාහි “කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය කෙරෙහි පිලිකුල ප්‍රදර්ශනය කර ඇති” මිනිසෙක් නො වේ.

කාන්තාවන්ගේ අයිතීන් ගැන කතා කිරීමේ දී, සිසොන් සතුව එතරම් විශ්වාසනීයත්වයක් නැති බව මා විසින් එකතු කල යුතු ය. විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වා තිබෙන කාන්තා කේඩර්වරියන් දශක ගනනාවක් තිස්සේ විනයගත කිරීමේ පිලිවෙතක් පක්ෂය විසින් පවත්වාගෙන ගියේ ය. මෙය වනාහි, කතෝලික පල්ලියේ තම සමහර සගයන් පසුබැස යාම වැලැක්වීමට නායකත්වය පැත්තෙන් දැරූ උත්සාහයක් විය. පුරුද්දක් වසයෙන්  පක්ෂයේ දේශපාලන නායකත්වයට පත්වීමෙන් කාන්තාවන් වලක්වනු ලැබේ.

ජුනි 10දා තරුන නායකයන් අමතා සිසොන් මෙසේ කියාගෙන ගියේ ය:

“දැන් පෙනෙන්නට තිබෙන්නේ, අනෙකුත් දේශප්‍රේමී හා ප්‍රගතිශීලී බලවේගයන් සමගින් කොමියුනිස්ට් පක්ෂය සහභාගි වන, පක්ෂය හා දුතර්තේ පරිපාලනය අතර සභාග ආන්ඩුවක් වර්ගයේ එකක්. එය, ජාතික සමගියේ, සාමයේ හා සංවර්ධනයේ ආන්ඩුවක්. ...එම නිසා පැන නගින ප්‍රශ්නය වන්නේ, මහජන යුද්ධයකින් තොර ව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්න කල හැකි ද යන්න යි. ...”

මෙම ප්‍රශ්නයට පිලිතුරු නො දුන් ඔහු, ඒ වෙනුවට අවධාරනයෙන් යෝජනා කලේ දුතර්තේ සමග වන සභාග ආන්ඩුවක් යටතේ නව මහජන හමුදාවට හරියට ම සිදුවනු ඇත්තේ කුමක් ද යන්න යි.

“විප්ලවවාදී සන්නද්ධ කන්ඩායම්, සාමයේ හා සංවර්ධනයේ කොන්දේසි යටතේ, පරිසරයේ හා කර්මාන්තවල ආරක්ෂකයින් බවට පත්විය හැකි යි. සන්නද්ධ හමුදාවන්ට ඒකාග්‍ර වීමට ඉඩදිය හැකි යි.” 

තමන් වඩා යහපත් ලෝකයක් සඳහා සටන් කරන බව විශ්වාස කරමින්, ආයුධ අතට ගෙන තිබූ නව මහජන හමුදාවේ කේඩරයෙන් අතිමහත් බහුතරයක් වන්නේ, තරුනයින් ය. රට තුල පවතින අත්‍යසාමාන්‍ය දුගී භාවයට අන් විසඳුමක් නැති බව මෙම තරුන ජනයා ඒත්තු ගෙන සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් තම ජීවිත කැපකර තිබේ.

සාමාජිකත්වය ලබා ඇති පරමාදර්ශවාදී හා ස්වයං-කැපකිරීම් සහිත තරුනයින් ඇතුලු පක්ෂයේ සන්නද්ධ අංශය, කර්මාන්තවල ආරක්ෂක භටයන් බවට පරිවර්තනය කරනු ඇතැයි සිසොන් ප්‍රකාශ කලේ ය. සිසොන් මෙම පරිවර්තනය සිදුවන බව කියා සිටියේ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදය යටතේ මිස සමාජවාදය යටතේ නො වන බව මතක තබාගන්න. එන්පීඒය ආරක්ෂක භටයන් බවට පත්කරනු ඇත්තා වූ මේවා, පුද්ගලික ධනපති සංගතයන් ය. දශක ගනනක් පුරා පක්ෂයේ කේඩරය මර්දනය කිරීම, ම්ලේච්ඡ ලෙස වධබන්ධනයට පැමිනවීම හා මරා දමනු ලැබීම පිලිබඳ වගකීම දරන, පිලිපීන සන්නද්ධ හමුදාවන්ට එන්පීඒය ඒකාග්‍ර කල හැකි බවට ද ඔහු තර්ක කලේ ය.

අලුතින් පත්වුනු දුතර්තේ පරිපාලනය යටතේ, ජනාධිපතිධුරයෙහි ස්වභාවය පැහැදිලි වීමට, කල්ගත නො වුනි. “ජීවිතය පිලිබඳ ඒකාධිපතිමය රසයක් සූදානම් කරමින් සිටින, ධුරය භාරගැනීමට නියමිත ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේ යටතේ, රාත්‍රී හදිසි ප්‍රහාරයක දී, පිලිපීනයේ අගනුවර පුරා හඬමින් සිටින ලමුන්, කලබලකාරී බීමත් පුද්ගලයන් හා කමිස රහිත මිනිසුන්, සන්නද්ධ පොලීසිය විසින් රඳවා ගනී. රාත්‍රියේ නගරයේ වීදිවල තනිපංගලමේ සිටින ලමුන්ගේ දෙමාපියන් සිරගත කරගනු ලැබී ය” යි ජුනි 12දා ඒජන්සි ෆ්‍රාන්ස් ප්‍රෙස් ලීවී ය. නව පරිපාලනෙය් පලමු සතිය ඇතුලත හමු වූ සිරුරු සංඛ්‍යාව ගොඩගැසුනි. ලේ තැවුරනු කාඩ්බෝඩ් පුවරු දෙපස තිබිය දී, මරනයට පත්වූවන්ගේ සිරුරු වීදිවල විසිරී තිබුනු අතර, මනුෂ්‍ය සංහාරයේ ඡායාරූප, පිලිපීන මාධ්‍යයන්ගේ මුල්පිටුවල පලවුනි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය හුදෙක් දුතර්තේට අනුමැතිය පලකලා පමනක් නො වේ. ඔවුහු මත්ද්‍රව්‍ය යුද්ධයට ද අනුමැතිය දුන් හ. අනාක්බයාන් මහ ලේකම් අයින්ස්ටයින් රෙසීඩ්ස් ජුනි 26දා මෙසේ ලිවී ය: “අන්තරායකාරී මත්ද්‍රව්‍ය හා අපරාධවලට එරෙහි දුතර්තේගේ යුද්ධය දුගීන්ට වාසි සහගත බව අපි විශ්වාස කරමු.”

බයාන් මහ ලේකම් රෙනාට් රෙයේස් ජූලි 4දා මෙසේ ලිවී ය: “සරල ව සඳහන් කරන්නේ නම්, ඔහු අපගේ මිත්‍රයෙකි.” බයාන් සංවිධානයට දුතර්තේ සමග “වෙනස්කම්” තිබෙන බව පිලිගන්නා අතර ම, ඔහු මෙසේ තර්ක කලේ ය: “පසුගිය මාසය තුල, ජනාධිපතිවරයා එකඟ විය නො හැකි යමක් ප්‍රකාශ කල සෑම අවස්ථාවක දී ම, අපගේ සන්ධානය දුර්වල කරනු ඇත.” ඔහු තම පාඨකයන්ට මෙසේ ආයාචනා කලේ ය: “අඩු තරමින් අපි ඔහුට අවස්ථාවක් දිය යුත්තෙමු.”

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ උත්සුකය වූයේ එය යි. දුතර්තේ නිරත ව සිටියේ ෆැසිස්ට්වාදී ජන ඝාතක උද්ඝෝෂනයක බවට ඔවුන් මහජනයාට අනතුරු ඇඟවූයේ නම්, එය ඔවුන් ජනාධිපතිවරයා සමග පවත්වාගෙන යන සන්ධානය දුර්වල කරනු ඇත.

දුතර්තේගේ පදවිප්‍රාප්තිය සඳහා බයාන් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කලේ ය: “මහජනයාගේ දින සියයේ න්‍යාය පත්‍රය” නමැති එය, “දුතර්තේගේ ජාතිකවාදී හා ජන-හිතවාදී පිලිවෙත් හේතුවෙන් පිලිපීන ජනයා ප්‍රමෝදයට පත් වේ” යි ප්‍රකාශ කලේ ය.

දුතර්තේගේ සලකුන වන අත මිට මොලවා පෙන්වන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ සාම සාකච්ඡාකරුවන් හා සිසොන්

දුතර්තේගේ පදවිප්‍රාප්ති කතාවෙන් පසු, මලකඥාංහි ජනාධිපති මාලිගය වෙත ඔවුන්ට සාදරයෙන් කැඳවුම් කරන ලද අතර, එහි දී ඔවුහු ජනාධිපතිවරයාට ප්‍රකාශය ඉදිරිපත් කරමින්, අත මිට මොලවා උස්සා ඔහු සමග ඡායාරූප සඳහා පෙනී සිටිය හ.

“ජනාධිපති දුතර්තේ දිගුකල් දිනේවා!” යි ප්‍රකාශ කරමින් සිසොන් ඔහුගේ ප්‍රකාශය අවසන් කලේ ය.

යලිත් මතකයට ගන්න: සීපීපීය දුතර්තේට සහයෝගය දුන්නේ ය යන්න පට්ටපල් බොරුවකි.

දුතර්තේ ජාතිය අමතා  කතා කලේ ය. අවාසනාවකට මෙන් එම කතාව, අප සියලු දෙනා වඩාත් හොඳින් දන්නා වර්ගයේ, වැල්වටාරම් සහිත ග්‍රාම්‍ය කතාවක් විය. ඔහුගේ කතාවෙන් කොටසකදී ඍජු ව ම ආමන්ත්‍රනය කලේ මිලිටරියට හා පොලීසියට ය. “මගේ රට විනාශ කරමින් සිටින මෙම තකතීරුවන් සංහාරය කිරීමට තිබෙනවා” යි ඔහු ප්‍රකාශ කලේ ය. “කිසිදු (අපරාධකරුවෙක්) දුටුව හොත්, ඔවුන් සුදු කොඩියක් පෙන්වා යටත් වුවත්, එනම් අපරාධකරුවන් නො වන අයටත් එරෙහි ව යුද්ධයේ යෙදෙමින්, ඔවුන්ට වෙඩි තබන ලෙස මම මිලිටරියට කීවා. ඔවුන්ට වෙඩි තබන්න, අනුකම්පාවක් පෙන්වන්න එපා.” අනාක්බයාන් සංවිධානය, දුතර්තේ ජාතිය අමතා කල කතාව “නැවුම් වාතය සහිත හුස්මක්” බව ප්‍රකාශ කලේ ය. පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ප්‍රකාශනය වන අන් බයාන් 2016 ජුනි 26දා මෙසේ ලිවී ය: “මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් අහවර කිරීමට හා ඔවුන්ට දඬුවම් දීමට දුතර්තේ ගන්නා පියවරයන්ට, මහජනයා මුලුමනින් සහයෝගය දෙනු ඇත.” ඊට සති දෙකකට පසු, ජූලි 7දා අන් බයාන්  මෙසේ ප්‍රකාශ කලේ ය: “පලල් ව පැතිරුනු මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව විප්ලවවාදී හමුදාවන් සමග සහයෝගයෙන් වැඩකිරීම සඳහා දුතර්තේ කරන කැඳවුම, සීපීපීය සාදරයෙන් පිලිගනී.” ලුවී ජලන්දෝනි අගෝස්තු මාසයේ දී අන් බයාන්හි ප්‍රකාශ කලේ: “විප්ලවවාදී ව්‍යාපාරය හා දුතර්තේ අතර සම්බන්ධය අතිවිශිෂ්ටයි.”

“පිලිපීන ජනයා ප්‍රමෝදයට පත්ව සිටිති,” බයාන්, දින 100 මහජන න්‍යාය පත්‍රය, 2016 ජුනි 29

සීපීපීයේ නව මහජන හමුදාවට ආයාචනයක් නිකුත් කරමින්, ජූලි 1දා දුතර්තේ පිලිපීන සන්නද්ධ හමුදා අමතමින් කතාවක් කලේ ය. “(මත්ද්‍රව්‍ය වෙලඳාම් කරන්නන්) මරාදමමින් අපේ ගැටලුව සඳහා වන විසඳුම වේගවත් කිරීමට ඔබලාගේ කැලෑ උසාවි kangaroo courts යොදාගන්න.” “මත්ද්‍රව්‍ය-විරෝධී සහයෝගිතාව සඳහා ජනාධිපති දුතර්තේ කල කැඳවුමට ප්‍රතිචාරයක්” යන හිසින් ඊට පසු දින ම ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වූ සීපීපීය ප්‍රකාශ කලේ: “පලල් ව පැතිරුනු මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව විප්ලවවාදී හමුදාවන්ගේ සහයෝගය ඉල්ලමින් ජනාධිපති දුතර්තේ කල කැඳවුම පක්ෂය විසින් සාදරයෙන් පිලිගනී.” සීපීපීය මෙසේ සඳහන් කලේ ය: “ජනාධිපති දුතර්තේ නීති-විරෝධී මත්ද්‍රව්‍ය වෙලඳාමට තරවටු කරන ආකාරය අපි අනුමත කරමු.” 

මේ වන විට මාසයක් ගත වී තිබූ අතර, මල සිරුරු ගනන සිය ගනනක් විය. ජනාධිපතිවරයාගේ ඍජු අනුග්‍රහය සමගින්, අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වූ ඕනෑම අයෙකුට පොලීසිය වෙඩි තැබී ය. සීපීපීය එය අනුගමනය කලේ ය. “අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වන ඕනෑම අයෙකු සමග සන්නද්ධ ප්‍රන්ඩත්වයෙන් යුතුව සටන් කිරීමට එන්පීඒ මනාප” යයි ඔවුන්ගේ ප්‍රකාශය තවදුරටත් සඳහන් කලේ ය.

ඊ ලඟ දිනයේ ම, සීඑන්එන් සිසොන් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලද අතර, එහි දී ඔහු ජාත්‍යන්තර ශ්‍රාවකයට නිවේදනය කලේ, පක්ෂය මත්ද්‍රව්‍ය වෙලඳාම පිලිබඳ චෝදනාවට ලක්වූවන් මතට ප්‍රචන්ඩ ලෙස කඩාපනිනු ඇති බව යි. එන්පීඒහි උසාවිවල දී සැකකරුවන් වෙත නිසි අධිකරන ක්‍රියාදාමය ප්‍රදානය කරන්නේ කෙසේදැයි විමසූ විට, “විප්ලවවාදී නීතිය” ක්‍රියාවට දැමීමට පෙර, “මහජන චෝදකයා” චුදිතයාගේ පාපොච්ඡාරන ස්වරූපයෙන්  සාක්ෂි ලබාගෙන මූලික සාක්ෂි ඉදිරිපත් කරනු ඇති බව යි.

“විප්ලවවාදී නීතිය” හා “මහජන උසාවි” පිලිබඳ දීර්ඝ හා ලේවැකි ඉතිහාසයක් පක්ෂය සතුව ඇත. 1980 ගනන්වල දී, පක්ෂයේ ම ක්‍රියාධරයන් ඉලක්ක කරගනිමින් අභ්‍යන්තර විරේක කිරීම් මාලාවක් ම පක්ෂය විසින් දියත් කලේ, ගැඹුරට ම විනිවිදි මිලිටරි ඒජන්තයන් යයි ඔවුන් හංවඩු ගසන්නවුන් දඩයම් කරද්දී ය. වධ බන්ධන පමුනුවා ලබාගත් “සාක්ෂිකරුවන්ගේ” සාක්ෂිවල පදනම මත, සීපීපීය තමන්ගේම කේඩරයේ 1,000ක් පමන මරාදැමී ය.

සිසොන්ගේ ප්‍රකාශය යලි මතකයට ගන්න: “සීපීපීය දුතර්තේ තන්ත්‍රයට සහයෝගය දුන්නේ ය  යන්න පට්ටපල් බොරුවකි.” එහෙත්, යථාර්ථයේ දී පට්ටපල් බොරුවක් වන්නේ කුමක්දැයි ඔබට පැහැදිලි වී ඇතැයි මම බලාපොරොත්තු වෙමි. සීපීපීය දුතර්තේට සහයෝගය නො දුන්නේ ය යන්න පට්ටපල් බොරුවකි.

“සමගිය” යන මාතෘකාවට යටින් සිසොන් හා දුතර්තේ පෙන්නුම් කරන ග්‍රැෆික් චිත්‍රයක්. සිසොන් ඔහුගේ මුහුනුපොත් පිටුව මත මෙම ඡායාරූපය යලි යලිත් බෙදාහැරී ය.

සහයෝගය දීම සාධාරනීකරනය කිරීමට හා ඉන්පසුව එය වසං කිරීමට, බොරු යොදාගන්නා ලද මෙම සහයෝගය දීම හා එය හකුලා ගැනීම විසින්, පක්ෂයෙහි ඓතිහාසික හැසිරිමේ තීරනාත්මක අංශයක් සකස් කරන රටාවක් ඉදිරිපත් කරයි. මෙය පැහැදිලිවම ස්ථාපනය කිරීමට මා කැමති අංශයකි. පක්ෂයෙහි සමස්ත ඉතිහාසය එහි නායකත්වය විසින් මුසාකරනය කරනු ලැබ තිබේ. මේ දේශනයෙන් ඔබ එක් දෙයක් පමනක් ග්‍රහනය කරගන්නේ නම්, එය වනාහි ඓතිහාසික සත්‍යය වෙත කරන ලාලසීය ආයාචනයක් විය යුතු ය.

පක්ෂය හා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන දුතර්තේට සහයෝගය දුන් තවත් අවස්ථාවක් පෙන්වා දීමට මා  කැමති ය. එය මට විශේෂයෙන් ඛේදජනක ය. 

මාෂල් නීතිය පැනවීමට පෙරාතු දවස්වල, කොමියුනිස්ට් පක්ෂයේ තරුන අංශය වූ, ජාතිකවාදී තරුනයන් හෙවත් කබටාං මකබායන් (කේඑම්) සංවිධානයේ නමින්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය හා සීපීපීය, රොඩ්‍රිගෝ දුතර්තේගේ ජාතිකවාදයට ගෞරවය පිනිස, “ගවාද් සුප්‍රිමෝ සම්මානය” Gawad Supremo Award පිරිනැමීය.

කබටාං මකබයාන්හි ඉහල ම සම්මානය ගවාද් සුප්‍රිමෝ සම්මානය පුද්ගලයන් දෙදෙනකුට පිරිනමා ඇති අතර, එය පිරිනමා ඇත්තේ රොඩ්‍රිගෝ දුතර්තේ හා ජෝස් මාරියා සිසොන් යන දෙදෙනාට ම පමනි. කබටාං මකබායාන් වෙත බැඳුනු තරුනයින්, බොහෝ අංශවලින් සමස්ත පරම්පරාවක හොඳ ම ස්ථරයන් ය. ස්වයං-කැපකිරීම් සහිත ඔවුහු, අඛන්ඩ ව ශ්‍රමය යෙදවූහ. මාකෝස්ගේ ආඥාදායකත්වය දක්වාවූ කාලයෙහි ඉතිහාසය පිලිබඳ වැඩකටයුතුවල දී, මෙම තරුනයින් ද ඔවුන්ගේ කැපකිරීම හා කැපවීම කෙරෙහි ප්‍රගාඨ අගය කිරීමක් කරා මම පැමිනුනෙමි. ඒ අතර ම, මෙම කැපකිරීම යොදගෙන ඔවුන්ගේ නායකත්වය කල දෙය පිලිබඳ ව ප්‍රගාඪ විරුද්ධත්වයක්, මම වර්ධනය කලෙමි.

ගවාද් සුප්‍රිමෝ සම්මානය රොඩ්‍රිගෝ දුතර්තේ වෙත පිරිනැමීම මට පෙනෙන්නේ එක් අවසන් පාවාදීමක් ලෙස ය. වසර පනහකට පෙර ආඥාදායකත්වයට එරෙහි ව සටන් වැදුනු පුද්ගලයන්ගේ කැපකිරීම් සහ ඔවුන්ගේ සියලු වධවේදනාවන්, දේශපාලන සන්ධානයකට පහසුකම් සලසා ගැනීම පිනිස, ෆැසිස්ට්වාදී මැරයෙකුගේ පපුව මත ඇමිනීමට නියමිත අවලක්ෂන කුසලතා අඩයාලමක් බවට හරවන ලදී.

ඓතිහාසික කරුනු වෙත හැරීමට මට අවශ්‍ය ය. කබටාං මකබායාන් යනු කුමක් වී ද? පක්ෂය දුතර්තේ සමග පැවැත්වූ සන්ධානයෙහි ඓතිහාසික මූලයන් මොනවා ද? වර්තමානය අවබෝධ කරගැනීමට අපට ආධාර වන උපදේශාත්මක සමාන්තරයන් තිබේ ද?

මගේ තක්සේරුව ආරම්භ වන්නේ ජෝමා සිසොන් සමගිනි. අප උත්සුක වන සිද්ධි තනි පුද්ගලයෙකු සමගින් ආරම්භ නො වන අතර, මෙහි සලකා බලන ඉතිහාසය සිසොන්ට වඩා බොහෝ ඈතට දිව යයි. අපගේ කතාවේ මූලයන්, පූර්ව කාලීන ස්ටැලින්වාදී පක්ෂයක් වන, පිලිපීන කොමියුනිස්ට් පක්ෂය (පීකේපී) ගොඩනැගීම සමගින් ආරම්භ වේ. ස්ටැලින්වාදය යනුවෙන් මා අදහස් කරන්නේ කුමක්දැයි මම නිශ්චිත ව විස්තර කරන්නෙමි.  පීකේපීය ගොඩනගන ලද්දේ 1930 ගනන්වල විශාල ගොවි අංශයක් ද සමඟය. එය ජපාන වාඩිලාගැනීමටත් පසුව අලුතෙන් පිහිටවූ ස්වාධීන රාජ්‍යයටත් එරෙහි ව මෙන්ම, හක් කැරැල්ල නම් ගොවි කැරැල්ලක් අධීක්ෂනය කල අතර, 1950 ගනන්වල බොහෝ සෙයින් රහසිගත ව වැඩ කලේ ය. මෙම ඉතිහාසය මට මෙහි දී ආවරනය කල නො හැක.

අද දින මගේ දේශනය, සීපීපීය ගොඩනැගීමට මග පාදමින් පීකේපීය තුල ඇති වූ බෙදීම හා පක්ෂ දෙක ම මාෂල් නීතිය පැනවීමට උපකාර වූයේ කෙසේදැයි තර්ක කිරීම මත කේන්ද්‍රගත කිරීමට මට අවශ්‍ය ය. බෙදී යාමෙන් පසු 1950 ගනන්වල පීකේපීය අකර්මන්‍ය වීමෙන් පුනර්භවය ලැබ, නව පක්ෂයක් ගොඩනැගීමේ දී, ජෝස් මාරියා සිසොන් තරම් කේන්ද්‍රීය භූමිකාවක් අන් කවර හෝ පුද්ගලයෙක් ඉටුකලේ නැත. 

සිසොන්ගේ පසුබිම විශේෂයෙන් උපදේශාත්මක ය. ඔහු රටෙහි පොහොසත් ම පවුලකින් පැමිනියේය. ඔහුගේ මුත්තා වූ දොන් ලීන්ඩ්‍රෝ සෙරානෝ, 19 වන ශතවර්ෂයේ අවසන් කාර්තුව සමයේ, උතුරු ලුසොන්හි විශාලතම වත්ත පාලනය කලේ ය. තමන්ගේ මුත්තා ඔහුගේ උපන් නගරයෙන් සියයට 80කටත්, තවත් නාගරිකයන් හතරක විශාල කොටස්වලටත්, හිමිකම් කී බව සිසොන් මත් යලි මතකයට නැංවී ය. වත්තෙන් ලැබූ ලාබයෙන් ඔහු “පලාතේ විශාලතම මන්දිරය ඉදිකලේ ය. කාමර 25ක් සහිත වූ එයට, සිය ගනනකට වාඩි විය හැකි ව තිබූ භෝජනාගාරයටත්, කුඩා පල්ලියකටත්, පලාතේ විශාලතම එක වූ මට්ටම් හතරක ගබඩාවටත් අතිරේක ව, වර්ග මීටර්  5,000 භූමි අවකාශයක් තිබුනු බව කියනු ලැබේ.” සිසොන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මත පදනම් ව ලියන ලද ඔහුගේ ම මතක සටහන්වලින් මෙම විස්තරය උපුටාගනු ලැබින.

ජෝමා සිසොන්ගේ සීයා වූ දොන් ජෝර්ජොනියෝ සිසොන්, දොන් ලීන්ඩ්‍රෝගේ දියනියක් හා විවාහ විය. ස්පාඤ්ඤ විජිත පාලන තන්ත්‍රය යටතේ, කබුගාඕහි අවසාන ගොබෙර්නදොර්සියෝ (ආන්ඩුකාරයා) ඔහු විය. සුලු කාලයක් පැවති පිලිපීන සමූහාන්ඩුව සමයේ නාගරික සභාපති ධුරයට පත් ඔහු, කබුගාඕහි නගරාධිපති බවට පත්වෙමින් ඇමරිකානුවන් යටතේ, තමන්ගේ තනතුර යලි ලබාගැනීමට සමත් විය.

1921 වන විට, සිසොන් පවුලේ වත්තට, කුලී ගොවි හමුදාවක් වැඩ කල යෝධ දුම්කොල අංශයක් ඇතුලත් විය. අන්තර්-විවාහ මගින් එක්සත් කරන ලද හා බෙදා දෙන ලද විහිදුනු ඉඩම් දේපොල හා ගොවි සේවාලාභීන් සහිත වූ සිසොන් පවුල, වැඩවසම් වරප්‍රසාද මූර්තිමත් කලේ ය. පවුල් සබඳතාවල යෝධ ජාලාවක කේන්ද්‍රයෙහි ඔහු සිටියේ ය. ඔහුගේ මාමාවරු දෙදෙනෙක් කොංග්‍රස් සභිකයන් වූ අතර, එක් මාමා කෙනෙක් නුවේවා සෙගොවියාහි අගරදගුරු වූයේ, ඔහුගේ ලොකු මාමා ආන්ඩුකාරයා වෙද්දී ය. ඔහුගේ තවත් මාමා කෙනෙක්, පිලිපීන විශ්ව විද්‍යාලයේ සභාපති වූ අතර, තවත් මාමා කෙනෙක් මැතිවරන කොමිසමේ (කොම්ඉලෙක්) ප්‍රධානියා විය. ඉරිදා දේව මෙහෙයේ ඉදිරිපෙල බංකු, ඔහුගේ පවුල වෙනුවෙන් වෙන්කරනු ලැබුනි. ඉඩම් බදු ගෙවීමට හා ධාන්‍ය බීජ ඉල්ලමින් ද නිවස වටා දාසකම් කිරීමට හා විශේෂ සලකා බැලීම් සඳහා ආයාචනා කරමින් ද ගොවි කුලීකරුවෝ සෑම දිනක ම නිවසට පැමිනිය හ. මේ සියල්ල සිසොන්ගේ මනෝවිද්‍යාව හැඩගැස්වී ය.

1970 දී ග්‍රැෆික් වීක්ලි සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ඔහුගේ මව, ඇය චෙං නමින් හැඳින්වූ තම පුත්‍රයා “මගේ අන් කිසි ලමයෙකුට වඩා වැඩකාරියන් ඉල්ලා සිටීමට පුරුදු වී සිටියා. වැඩකාරියන්ට අඛන්ඩ ව ඔහු බලාගැනීමට සිදු වුනා. ඔහු කිසිකලෙක තමන්ගේ වැඩ කරගත්තේ නැහැ. නාන කාමරයේ දී පවා ඔහුගේ තුවාය හා  ඇඳුම් ලබා ගැනීමට මෙහෙකාරියන්ට කතා කල බව ඇය පැවසුවාය.

එහෙත් මෙම වරප්‍රසාදිත ලෝකය පැවතුනේ අතුරුදන් වෙමිනි. දොන් ලීන්ඩ්‍රෝගේ වත්තෙහි හාල්, දුම්කොල, ඉන්ඩිගෝ හා මැගේ යන දැව ද තිබුනි.  එහෙත් මේවාට 20වන ශතවර්ෂයේ දී පැවතුනේ අල්ප අලෙවියකි. සීනි, යෝධ ගෝලීය වැදගත්කමක් සහිත ඒකාධිකාරී භාන්ඩයක් බවට පත්  වූ අතර, ඉන්ඩිගෝ හා මැගේ කෘතිම සායම් හා කෘතිම රෙදිපිලිවලින් විස්ථාපනය කෙරුනි. සහල් නිෂ්පාදන මධ්‍යස්ථානය, බොහෝ සෙයින් නුවේවා එසිහා පලාත වෙතට මාරු වුනි. පවුලේ දේපොලවල ප්‍රධානත්වය දුම්කොල වලට හිමි වුවත් එයට එහි පැරනි ධනය නඩත්තු කරගෙන යාමට නො හැකි විය.

පවුලේ දේපොල පුම්බා ගැනීමේ අටියෙන්, සිසොන්ගේ පියා වූ සලුස්තියානෝ, ඔහුගේ මමා වූ විසෙන්තේ මයියාරිට 1949 දී ලිපියක් ලිවුවේ, ආන්ඩුවේ “රහස් ඒජන්තයෙක්” බවට පත්වීමට තමන් මනාප බව අභ්‍යන්තර ලේකම්ට දන්වන ලෙස ඉල්ලා සිටිමිනි. සිසොන්ගේ සහෝදරයා වන රාමොන් සිසොන්ගේ හවායි විශ්ව විද්‍යාලයේ පවතින ලිපි එකතුව තුල, මෙම ලිපිය සුරක්ෂිත කොට තිබේ. ඔහු මෙසේ ලිවී ය:

“මධ්‍යම ලුසොන් ප්‍රදේශයේ හා පිලිපීනයේ අනෙකුත් ප්‍රදේශවල විරුද්ධවාදීන්ට එරෙහි වර්තමාන උද්ඝෝෂනයේ දී, ලේකම් සෝටෙරෝ බලුයුට් අභ්‍යන්තර දෙපාර්තමේන්තුවට රහසිගත ඒජන්තයින් බඳවා ගන්නා බව, විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් මට දැනගන්නට ලැබී තිබේ.” මෙහි සඳහන් කෙරුනේ හක් කැරැල්ල ගැන ය. හක් කැරැල්ල මර්දනය කිරීමේ රහසිගත ඒජන්තයෙකු වීම මගින්, පවුලේ දේපොල පුම්බා ගැනීමට සිසොන්ගේ පියා මාවත් සොයමින් සිටියේ ය.

පවුලේ ඇදවැටෙන මූල්‍ය වත්කම්වල තේරුම, සිසොන්ගේ අවකාශ තරමක් සීමා වූ බව යි. ඔහු තවමත් වරප්‍රසාදිත දරුවෙක් වූ නමුත්, තීරනාත්මක ව සීමිත වත්කම් සහිත ව ඔහු හා ඔහුගේ සහෝදරයන් ගතකලේ, වැඩවසම් බවින් අඩු නාගරික පැවැත්මකි. ඒ ද සීමිත අර්ථයකිනි. තනි වචනයකින් කිවහොත්, ඔවුහු සුලුධනේශ්වර වූ හ.

සිසොන්ගේ සහෝදරයෝ මාකෝස් පරිපාලනය යටතේ වෛද්‍යවරයෙක්, දන්ත වෛද්‍යවරයෙක් හා තාක්ෂනවේදියෙක් බවට පත් වූ අතර, සිසොන්  “නීතිඥයෙකු වී, හාවඩ් සරසවියට ගොස් දේශපාලන නායකයෙකු වීමට” අපේක්ෂා කලේය. ඔහුගේ උපාධි හා පශ්චාත්-උපාධි අධ්‍යාපනය, ඔහුගේ මාමා වූ විසෙන්තේ සින්කෝ සභාපති ධුරය දැරූ පිලිපීන විශ්ව විද්‍යාලයේ දී සිදුවිය. යූඑස්ඒඩ්හි USAID පූර්වගාමියා වූ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියෙන් (අයිසීඒ) තම බෑනාට අවශ්‍ය අරමුදල් ලබා දීමට සින්කෝ ක්‍රියා කලේ ය.

ක්ලාරෝ එම්. රෙක්ටෝ

සියල්ලටත් වඩා, ක්ලාරෝ එම්. රෙක්ටෝගේ අදහස් මගින් හැඩගන්වන ලද, දේශපාලන ඉදිරිදර්ශනයක් වර්ධනය කරගැනීම සිසොන් ආරම්භ කලේ, ඔහුගේ පශ්චාත්-උපාධි වෘත්තීය ජීවිතය සමයේ ය.

“ජාතිකවාදී ධනවාදය” සඳහා කරන ලද කැඳවුම් සහිත දේශන සමගින්, 1950 ගනන් අග හා 1960 ගනන් මුල සමස්ත සමාජ ස්ථරයක අදහස්, රෙක්ටෝ විසින් හැඩගැස්වී ය. ලොව පුරා කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ආර්ථිකයන් මෙන්, පිලිපීන ආර්ථිකය මුහුන දුන් මූලික ගැටලුවකට ඔහු ආමන්ත්‍රනය කලේ ය. ජාත්‍යන්තර මූල්‍ය  ප්‍රාග්ධනය ද අන් කවරකටත් වඩා ඇමරිකානු ව්‍යාපාරික අවශ්‍යතා ද පිලිපීන ආර්ථිකය මත ආධිපත්‍යය දැරූ අතර, එය හැඩගස්වන ලද්දේ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුකූල ව ය. වඩාත් දක්ෂ කථිකයෙක් ලෙස, පිලිපීන ධනපතියන්ගේ අවශ්‍යතා රෙක්ටෝ විසින් උච්ඡාරනය කලේ ය.

1957 පෙබරවාරි 24දා කැවිටේ ජේසීස් ආයතනයට රෙක්ටෝ කල කතාවක් උදාහරනයකි. “හුදෙක් විදේශීය ධනපතියන් විසින් කාර්මීකරනය කිරීම වලක්වා, රට පිලිපීන ධනපතියන් විසින් කාර්මීකරනය කිරීම” සඳහා ඔහු කැඳවුම් කලේ ය. “අපේ ස්වාභාවික සම්පත් පිලිපීන ප්‍රාග්ධනය විසින් සූරාකෑම; විදේශීය ධනවාදය වෙනුවට පිලිපීන ධනවාදය වර්ධනය කිරීම හා ශක්තිමත් කිරීම; ජාතික ආදායම ඉහල දමා ගන්නා අතර, එය බොහෝ සෙයින් පිලිපීනුවන් නො වන්නන්ගේ ප්‍රතිලාභ පිනිස ඇදී යාම වැලැක්වීම” ඔහුගේ කැඳවුම් අතර විය.

රෙක්ටෝගේ මූලික උත්සුකය වූයේ පිලිපීන ධනවාදයේ වර්ධනය යි. ගාෂියා පරිපාලනයේ පිලිපීනය පලමුව පිලිවෙත හරහා, මෙම ක්‍රියාමාර්ග ඔස්සේ පියවරයන් ගනු ලැබී ය. පිලිපීනය තුල ඇමරිකානු ප්‍රාග්ධනයේ වරප්‍රසාද, එහි පැරනි යටත් විජිතයේ නීති තුලට වොෂින්ටනය විසින් නිදන්ගත කරනු ලැබ තිබුනි. එහි ප්‍රතිඵලයක් ලෙස, පලමුවෙන් පිලිපීනය පිලිවෙතේ ඉලක්ක බවට බොහෝ සෙයින් පත්වූයේ චීන ව්‍යාපාරික ප්‍රජාව යි. ඔවුන් දඩමීමා කරගෙන, ඔවුන්ගේ වත්කම් පැහැරගනු ලැබිනි.

පිලිපීන ධනවාදයෙහි වර්ධනය පිලිබඳ ව රෙක්ටෝ ආමන්ත්‍රනය කිරීමට උත්සාහ දැරූ කිසිදු ප්‍රශ්නයක් විසඳනු නො ලැබී ය. රෙක්ටෝගේ ඉදිරිදර්ශනයට ඇදගනු ලැබූ තරුන කොටස්, රෙක්ටෝගේ දෘෂ්ටිය මල්පල ගැන්වීමට නම්, එය පිටුපසින් මහජන ව්‍යාපාරයක ජවය තිබිය යුතු බව හඳුනා ගැනීමට පටන් ගත් හ. ධනපතියන්ගේ ක්‍රියාමාර්ගය ලෙස දිගට ම පැවතීම ප්‍රමානවත් නො වූ එය, පලල් ජනතාව  විසින් අනුමත කරන ලද ක්‍රියාමාර්ගයක් බවට පත්විය යුතු ව තිබුනි.

කබතාං මකබායන් ආරම්භ කිරීමෙන් කෙටි කලකට පසුව හා එයට ෆර්ඩිනන්ඩ් මාකෝස්ට සහයෝගය දෙන ලෙස සිසොන් විසින් උපදෙස් දීමට කෙටි කලකට පෙර, මැනිලා ටයිම්ස් පත්‍රයට අනුව, එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට කතාවක් පැවැත්වූ සිසොන්, ඔහුගේ ශ්‍රාවකයට මෙසේ කීවේ ය: “අපි පිලිපීන ධනපතියන්ගේ පැත්ත ගනිමින් සිටිමු.” ඔහුගේ මූලික ඉදිරිදර්ශනය වූයේ මෙය යි.

1966 දී ඔහු පැවැත්වූ “ජාතිකවාදියා දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස” නමැති කතාවේ දී, ඔහු මෙම ඉදිරිදර්ශනය ඉතා පැහැදිලි ව විස්තාරනය කලේ ය. පිලිපීන සමාජය කොටස් තුනකට බෙදී ඇතැයි ඔහු තම ශ්‍රාවකයට කීවේ ය.

පන්ති හතරේ පෙරමුන (සීපීපී, ඇඳීම: ටුලොං සා පග්ටුටුරෝ)

“පන්ති ප්‍රවනතා, ද්‍රව්‍යමය අවශ්‍යතා හා දෘෂ්ටිවාදය අනුව ගත් කල, වාමාංශය, කම්කරු පන්තිය හා ගොවි ජනතාව විසින් සැකසිය යතුය. මධ්‍යම අංශය ඊනියා මධ්‍යම පන්තියේ ස්ථර තුනක් වැලඳ ගන්නා අතර, මෙම ස්ථර තුන මත් මධ්‍යම අංශය තුල වාම, මධ්‍යම හා දකුන යනුවෙන් විස්තර කරනු ලැබිය හැක. මධ්‍යය වාමාංශය, බුද්ධි ස්ථරයෙන් හා තමන් මත රඳන කුඩා දේපොල හිමි අප විසින් සුලුධනේශ්වරය ලෙස කිව හැකි අය විසින් සකසනු ලැබේ. මධ්‍ය මධ්‍යම අංශය වන්නේ අපට ජාතික හෝ මධ්‍යම ධනේශ්වරය යයි කිව හැකි ජාතිකවාදී ව්‍යවසායකයන් ය. දේශීය කර්මාන්තය තුල අර්ධ වසයෙන් ආයෝජකයන් වන වෙලෙන්ඳන් හා අර්ධ වසයෙන් කොම්ප්‍රදෝරුවන් ද වන අය මධ්‍යම දකුන තනති. දක්ෂිනාංශය සමන්විත වන්නේ, ජාතිකවාද-විරෝධී කොම්ප්‍රදෝරුවන්, ඉඩම් හිමියන් සහ ඔවුන්ගේ නිහීන බුද්ධිමය හා දේශපාලන ඒජන්තයන්ගෙනි.”

මහජන ව්‍යාපාරයේ දේශපාලන කර්තව්‍යය කුමක් ද? සිසොන් මෙසේ පැවසීය: 

“ප්‍රගතියේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන්ගෙන් සැදුම්ලත් දක්ෂිනාංශය හුදකලා කිරීමේ අභිප්‍රායය සඳහා තුලනය ඇලකිරීමට නම්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්‍රධාන හා යෝධ බලවේග බුද්ධි ස්ථරය, කුඩා දේපොල හිමියන් හා ස්වාධීන හස්තකර්මාන්ත ශිල්පීන් සමග එකමුතු වෙමින්, ජාතිකවාදී ව්‍යවසායකයන් දිනාගනිමින් මධ්‍ය ජාතිකවාදී හෝ අධිරාජ්‍යවාද-විරෝධී හා වැඩවසම්-විරෝධී එකමුතුව යනුවෙන් හඳුන්වන එකමුතුව යි.”

ජනගහනයේ අතිමහත් බහුතරය වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ මූලික කර්තව්‍යය වන්නේ, ඔවුන්ගේ ම ස්වාධීන අවශ්‍යතා වෙනුවෙන් සටන් වැදීම නො ව, ඒ වෙනුවට “මධ්‍යම මැද” හෙවත් ජාතිකවාදී ධනේශ්වරය දිනාගැනීම යි.

මෙය විකිනීමට අමාරු දෙයකි. සිසොන් යථාර්ථයේ දී ඉදිරියට දමමින් සිටියේ බිඳ වැටෙන ආර්ථික විද්‍යාව යි. තවමත් මෙය රීගන්ගේ යුගය නො වූ නිසා, එයට තවමත් එම නම ලැබී නො තිබුනි. රෙක්ටෝගේ කියාපෑම මෙන් ම, සිසොන්ගේ මුල් කාලීන පැහැදිලි කිරීම් තුල එම රූපය ම ලබාගත්තේ, ඔබ පිලිපීන ධනවාදය වැඩි දියුනු කරන්නේ නම්, කම්කරු පන්තිය ඇතුලු සෑම දෙනාගේ ම ජීවිතය බොහෝ සෙයින් වැඩි දියුනු වනු ඇති බව යි. අප අවංක වන්නේ නම්, “ඔබේ හාම්පුතාට සහයෝගය දෙන්න, එය ඔබට යහපත් වේ” යි කම්කරුවෙකුට කීම, මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ඵලදායී සටන් පාඨයක් නො වේ.

සිසොන්ගේ ආචාර්ය වෘත්තීය අවසන් වූ අතර, ඔහු ඉන්දුනීසියාවට ගියේය. බාක්‍රි ඉල්යාස් නමැති ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් ඔහුට මේ සඳහා පහසුකම් සැපයුවේ ය. විශාල ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය (පීකේඅයි) සමග සමීප ව වැඩකල සිසොන්, එහි නැවතී සිටි අඩ වසරක කාලය තුල, මා ස්ටැලින්වාදයේ ක්‍රියාමාර්ගය යනුවෙන් නම් කරන දෙය උගත්තේ ය. එමගින් මා අදහස් කරන්නේ කුමක් ද යන්න පැහැදිලි ව විස්තර කිරීමට මට අවසර දෙන්න.

ස්ටැලින්වාදය යනු හුදෙක් එය පොදුවේ හඳුනාගන්නා යාන්ත්‍රනය ලෙස මා සිතාසිටි -බොරු නඩු, විරේක කිරීම්, ශ්‍රේෂ්ට නායකයා අභිවන්දනය - යනාදිය නො වේ. එම දේවල් ස්ටැලින්වාදයේ කොටස් වන නමුත්, ඒවා එහි අවශ්‍ය ප්‍රකාශනයන් මිස එහි සාරය නො වේ. පලමු කොටත් ප්‍රමුඛ කොටත්, ස්ටැලින්වාදය යනු දේශපාලන ක්‍රියාමාර්ගයකි. ඓතිහාසික වාර්තාව මෙහි බැරෑරුම් කොටස දරා සිටී.

ස්ටැලින්වාදය යනු, පලමුව මොස්කෝවේ ද ඉන්පසු බීජිනයේ ද පාලක නිලධාරී තන්ත්‍රයන්ගේ අවශ්‍යතා ප්‍රකාශයට පත්කරන ලද, දේශපාලන ක්‍රියාමාර්ගයක් විය. ස්ටැලින් ප්‍රමුඛ නියෝජිතයා වූ මෙම සමාජ ස්ථර, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට හොඳින් ම සේවය කරන්නේ, ලෝක සමාජවාදී විප්ලවය දිරිමත් කිරීමෙන් නො ව, සෝවියට් සංගමයේ ජාතික ආර්ථිකය වර්ධනය කිරීමෙන් බව වටහා ගන්නට පටන් ගත්තේ ය. ඔවුන්ගේ වරප්‍රසාදයන්ට අරමුදල් සපයා, ඒවා ස්ථාවර කරන ලද්දේ මෙම ජාතික ආර්ථිකය විසිනි. මේ අන්තයට සේවය කරනු පිනිස, ඊට පෙර පැවති සියලු මාක්ස්වාදයට මූලික වසයෙන් ප්‍රතිවිරුද්ධ වූ, ලෙනින් සිහිනෙන් පවා නො සිතූ දේශපාලන ක්‍රියාමාර්ගයක් වන තනි රටේ සමාජවාදය, ඔවුන් විසින් ප්‍රවර්ධනය කලේය. තනි රටක දේශ සීමාව තුල සමාජවාදය ගොඩනැගිය හැකි යයි ඔවුහු තර්ක කල හ.

සමාජවාදය, ධනවාදයට වඩා පියවරක් ඔබ්බට යා යුතු බව හා  ඒ අනුව, සමාජවාදය ධනවාදයේ ඉහල ම ජයග්‍රහනයන් මත ගොඩනැගිය යුතු බව මාක්ස්වාදයේ අදහස වූ අතර, මෙම ජයග්‍රහනයන් අතරට ලෝක වෙලඳපොල නිර්මානය කිරීම අයත් විය. මේ අනුව, සමාජවාදය ගොඩනැගිය හැකි වූයේ, ගෝලීය පරිමාන ව්‍යාපාරයක් ලෙස පමනි. එහෙත්, ස්ටැලින් යටතේ සෝවියට් සංගමයේ නායකත්වය තව දුරටත් අනුගමනය කල ඉදිරිදර්ශනය මෙය නො වී ය. ස්ටැලින්වාදී ක්‍රියාමාර්ගික අරටුව වූයේ තනි රටේ සමාජවාදය යි.

සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ සියලු දෙනා මෙම ඉදිරිදර්ශනය අනුමත නො කල හ. මෙහි දී, ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ වූ, වාමාංශික විරුද්ධ පාර්ශවය යනුවෙන් හඳුන්වන කන්ඩායම, ස්ටැලින්ට බරපතල ලෙස විරුද්ධ විය. ස්ටැලින්ට විරුද්ධව ට්‍රොට්ස්කි ඉදිරිපත් කලේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය ලොව පුරා ක්‍රියාවට දමන සමාජවාදී විප්ලව හරහා පමනක් සමාජවාදය ගොඩනැගිය හැකි යයි තර්ක කල, නො නවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය යි. එය එක් රටක් තුල ගොඩනැගිය නො හැකි විය. එම නිසා දේශපාලනික කර්තව්‍යය වූයේ, ලොව පුරා කම්කරුවන් හා ගොවීන් සමාජවාදය සඳහා සටන තුල සංවිධානය කිරීම යි.

තනි රටක සමාජවාදයේ ක්‍රියාමාර්ගය වැලඳගත් ස්ටැලින්වාදයේ ජාත්‍යන්තර අවශ්‍යතා වූයේ, සියල්ලට ඉහලින් ධනේශ්වර බලවතුන් සමග වෙලඳ හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සුරක්ෂිත කරගැනීම යි. භාන්ඩ සඳහා වෙලඳපොලවල්, බැර කර්මාන්ත ගොඩනැඟීම සඳහා සැපයුම් මූලාශ්‍ර සහ එහි දේශසීමාවන්හි ස්ථාවරත්වය එයට අවශ්‍ය විය. ඔවුන්ට එවැනි දේවල් සුරක්ෂිත කරගත හැකි වූයේ කෙසේ ද? ඒ පිලිබඳව සාකච්ඡා පැවැත්වීමට කවර බරක් දැරිය යුතු ද?

පක්ෂය විසින් තමන්ගේ ම නිර්මානයක් වූ රුසියානු විප්ලවයේ සාර්ථකත්වය හා මාක්ස්වාදයේ උරුමය, ස්ටැලින්ට හා නිලධරයට සුවිසල් දේශපාලන ප්‍රාග්ධනයක් වන, භූගෝලය පුරා විහිදී සිටි කොමියුනිස්ට් පක්ෂවල කේඩරය ලබා දුන්නේ ය. ධනපති පන්තියේ කොටසක් සමග මිත්‍ර වන ලෙස ඔවුහු මෙම කේඩරයට උපදෙස් දුන් හ. මේ ආකාරයට, මහජන ව්‍යාපාරයක සහයෝගය යොදාගනිමින්, භූගෝලය පුරා පාලක පන්තීන් සමග ගනුදෙනු කිරීමට ඔවුන්ට හැකි විය. බොල්ශෙවිකයන්ගේ විරුද්ධවාදී මෙන්ශෙවිකයන් විසින් ඉදිරිපත් කල පැරනි න්‍යායයක් වූ, අවධි-දෙකේ විප්ලවය පිලිබඳ අදහස පුනස්ථාපනය කරමින්, ධනපති පන්තියේ කොටසකට සහයෝගය දීම සඳහා න්‍යායික සාධාරනීකරනයක් ස්ටැලින්වාදීන් විසින් නිර්මානය කලේ ය. 

පිලිපීනය වැනි ධනේශ්වර වර්ධනය කල්පසු වූ රටවල් තුල, විප්ලවයේ කර්තව්‍යයන් තවමත් සමාජවාදී නැතැයි, අවධි-දෙකේ න්‍යාය තර්ක කලේ ය. පලමුව ජාතික හා ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන් ක්‍රියාවට දැමීම අවශ්‍ය වූ අතර, ඒවා අතරට ඉඩම් ප්‍රතිසංස්කරනය ඇතුලත් විය. මේවා යෝධ වැදගත්කමක් සහිත කර්තව්‍යයන් විය. මෙම ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සම්පූර්න කරන තෙක්, සමාජවාදී පියවරයන් ක්‍රියාවට දැමීමට උත්සාහ කිරීම කල නො හැකි බව අවධි-දෙකේ න්‍යාය තර්ක කලේ ය.

කර්තව්‍යයන් තවමත් සමාජවාදී නොව ධනේශ්වර ස්වභාවයක් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, ධනපති පන්තියේ කොටසක් අවශ්‍යයෙන් ම ප්‍රගතිශීලී භූමිකාවක් ඉටුකරනු ඇතැයි තර්ක කල ස්ටැලින්වාදීන්, එම ස්ථරයන් “ජාතික ධනේශ්වරයේ ප්‍රගතිශීලී කොටස” ලෙස නම් කලේ ය.

ඒ අනුව, ස්ටැලින්වාදයේ මූලික ක්‍රියාමාර්ගය වූයේ මෙය යි: තනි රටේ සමාජවාදය, අවධි-දෙකේ විප්ලවය හා ධනපති පන්තිය සමග සන්ධානයක් අවශ්‍ය වූ පන්ති හතරේ පෙරමුන යි.

හතරවන ජාත්‍යන්තරය තුල සංවිධානය වූ ට්‍රොට්ස්කි හා වාමාංශික විරුද්ධ පාර්ශවය, මෙම ක්‍රියාමාර්ගයට විරුද්ධ වෙමින්, කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ධනපති පන්තිය, ජාතික හා ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන් ක්‍රියාවට දැමීමට මූලික වසයෙන් ම අසමත් බවට තර්ක කලේ ය.

උදාහරනයක් ලෙස පිලිපීන ධනපතියෝ, ඉඩම් ප්‍රතිසංස්කරනය ක්‍රියාවට නො දමනු ඇත්තේ, ඔවුන් ඉඩම් හිමියන්ගෙන් වෙන් වූ පන්තියක් නො වන නිසා ය. යථාර්ථයේ දී, සියලු මහ ධනපතියන් ඉඩම් හිමි ප්‍රභූන් ද වේ. ඔබ, පසුගිය වසර 50 පුරා සීපීපීයෙහි සන්ධානවල ඉතිහාසය විභාග කරන්නේ නම්, ඔවුන්ගේ සගයන්ගෙන් බොහෝ දෙනා සීනි කර්මාන්තයට සම්බන්ධ ඉඩම් හිමි නියෝජිතයන් බව දැකගනු ඇත. මේ බලවේගයන්ට ඉඩම් ප්‍රතිසංස්කරනය ක්‍රියාවට දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් ක්‍රියාවට දැමිය හැක්කේ, ගොවීන්ට ද නායකත්වය දෙමින් තමන්ගේ ම ස්වාධීන අවශ්‍යතා සඳහා සටන් වදින කම්කරුවන්ට පමනක් වන අතර, ඒ සඳහා ඔවුන් සමාජවාදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කල යුතු වී යයි ට්‍රොට්ස්කි තර්ක කලේ ය.

ස්ටැලින්වාදයේ ක්‍රියාමාර්ගය යනුවෙන් මා අදහස් කරන්නේ කුමක්දැයි තහවුරු කිරීමෙන් ඉක්බිති ව, 1960 ගනන්වල හා 1970 ගනන් මුල එහි දේශපාලන ප්‍රකාශනය සොයා බැලීමට මම කැමැත්තෙමි. 

මාඕගෙන් දීර්ඝ ව උපුටා දක්වමින්, 1967 මුල දී සිසොන් තරුන ශ්‍රාවකයක් ආමන්ත්‍රනය කලේ ය. මාඕ මෙසේ සඳහන් කොට තිබුනි:

“ධනවාදය කෙරෙහි බියවන සමහර අය මේ දක්වා අවබෝධ කරගැනීමට අසමත් වන්නේ, එහි වර්ධනය දෙන ලද නිශ්විත කොන්දේසි යටතේ සිදුවීම වෙනුවෙන් කොමියුනිස්ට්වරු පෙනී සිටිය යුත්තේ ඇයි ද යන්න යි. විදේශ අධිරාජ්‍යවාදයේ හා දේශීය වැඩවසම්වාදයේ පීඩනය යටතේ, ධනේශ්වර වර්ධනයේ නිශ්චිත කොටසක් ආදේශ කිරීම හුදෙක් ඉදිරි ගමනක් පමනක් නො ව, නො වැලැක්විය හැකි ක්‍රියාවලියකි. එය නිර්ධනීන්ට මෙන් ම ධනේශ්වරයට ද වාසිදායක වන අතර, සමහර විට නිර්ධනීන්ට වඩා වාසිදායක වේ.”

ධනවාදය ධනේශ්වරයට වඩා නිර්ධනීන්ට හොඳ බව මාඕ ප්‍රකාශ කල බව අවධානයට ගන්න. ස්ටැලින්වාදය, මාක්ස්වාදයේ නාමයෙන් රෙක්ටෝට පහතට බේරෙන තර්ක සපයා තිබුනි. සිසොන්ගේ මාඕ උපුටා දැක්වීම තවදුරටත්:

“අද දින චීනයේ අතිශයින් බහුලව ඇත්තේ, දේශීය ධනවාදය නො ව, විදේශීය අධිරාජ්‍යවාදය හා දේශීය වැඩවසම්වාදය යි; ඇත්ත වසයෙන් ම අපට තිබෙන්නේ ධනවාදයේ ඇබිත්තකි.”

සිසොන් මෙම ඉදිරිදර්ශනය විස්තාරනය කලේ ය: “සමාජවාදී සමාජයක් ගොඩනගනු ලැබීමට පෙර, ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී කොන්දේසි පලමුව පැවතිය යුතු බව මාක්ස්වාදයේ මූලික මූලධර්මයකි. අද දින අපට පිලිපීනය තුල අවශ්‍ය වන්නේ, සමාජවාදය පිලිබඳ ප්‍රශ්නය උඩ බෙදීමට පෙර, අපගේ ම ස්වෛරීත්වය අවධාරනය කිරීමටත්, පිලිපීන ප්‍රජාතන්ත්‍රවාදය කරා එලඹීමටත් තරම් ශක්තිමත් වන සවිඥානික ජාතික එකමුතුවකි.”

මෙය කාරනයේ සාරය යි. සිසොන්ට අනුව, පිලිපීනය සඳහා සමාජවාදී ඉදිරිදර්ශනය වූයේ, සමාජවාදය සඳහා තවමත් කාලය එලැඹ නැති බව යි. ප්‍රගතිශීලී ධනපතියන් සොයාගෙන ඔවුන් සමග සන්ධානගත විය යුතු විය.

සිසොන් පීකේපීයේ නායකත්වයේ සිටින කාලයේ, පක්ෂය විසින් මුද්‍රාව තබන ලද ජාතික ධනේශ්වරයේ පලමු ප්‍රගතිශීලී නියෝජිතයා වූයේ, ජනාධිපති දියොස්දාදෝ මැකපගාල් ය.

1962 දී ඉන්දුනීසියාවේ සිට පෙරලා පැමිනි විට, අලුතින් තනන ලද සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත වූ පීකේපීයේ විධායක කමිටුවට සිසොන් පත්කරනු ලැබී ය. කමිටුවේ අනෙක් සාමාජිකයන් අතර, වෘත්තීය සමිති නායක ඉග්නේෂියෝ ලැක්සිනා සිටියේ ය. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රහසිගත පත්‍රිකා පරීක්ෂා කිරීමේදී ලැක්සිනා, හුදෙක් පක්ෂ විධායක කමිටුවේ සාමාජිකයෙක් පමනක් නො ව, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රඳවනු ලැබ සිටි සීඅයිඒ නියෝජිතයෙකුගේ නිත්‍ය ඔත්තුකරුවෙකු බවත් මම සොයාගත්තෙමි. පක්ෂය තුල වර්ධනයන් දැනුම් දීම සඳහා, ලැක්සිනා එම තානාපති කාර්යාල නියෝජිතයා නිරන්තරයෙන් හමු විය.

1960 ගනන්වල කැපී පෙනෙන වර්ධනයන්ගෙන් එකක් වූයේ, ලාපියාං මන්ගගාවා (එල්එම්) යනුවෙන් හැඳින්වූ කම්කරු පක්ෂයක් බිහි කිරීම යි. එය වනාහි, සියලු ප්‍රධාන වෘත්තීය සමිති එක්කොට 1963 ජනවාරියේ දී දේශපාලන පක්ෂයක් ලෙස ආරම්භ කරන ලද , කම්කරුවන්ගේ ස්වාධීන සංවිධානයක් විය. එවැන්නක් ඉන් පෙර කිසිකලෙක නො පැවතුනි. එල්එම්හි වඩාත් ම බලගතු තනතුර  වූ මහ ලේකම් ධුරය ලැක්සිනාට පිරිනමන ලද අතර, පක්ෂයේ සියලු ප්‍රසිද්ධ ප්‍රකාශයන් සඳහා වගකීම දරන තනතුර වූ ප්‍රචාරක උප සභාපති තනතුරේ සිසොන් සේවය කලේ ය.

මාස හතක් තුල සිසොන් හා ලැක්සිනා, ස්වාධීන කම්කරු පක්ෂය ජනාධිපති මැකපගාල්ගේ පාලක ලිබරල් පක්ෂය (එල්පී) සමග ඒකාබද්ධ කරනු ලැබුනි. මැකපාගල් ඉන්දුනීසියාවේ සුකර්නෝ සමග මිත්‍ර සම්බන්ධකම් ඇති  කරගනිමින් සිටි අතර, පීකේඅයි හා පීකේපී යන දෙක ම මෙය දැකගත්තේ, භූ-දේශපාලනික නො බැඳි පිලිවෙතක් සඳහා වන පියවරක් ලෙස ය. ඔහු ජාතික ධනේශ්වරයේ ප්‍රගතිශීලී නියෝජිතයා ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීමේ දී ඔවුන්ගේ අභිප්‍රේරනය වූයේ මෙය යි.

1963 වරාය වර්ජනය

සිසොන් හා ලැක්සිනා එල්එම් හා එල්පීයේ ඒකාබද්ධ වීම සූදානම් කලේ, රටෙහි ඉතිහාසයේ තියුනු ම කම්කරු කැලඹිල්ලක් ආන්ඩුව විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කරන අතරතුර ය. 1963 දී, මැනිලා වරායෙහි වෙරලබඩ කම්කරුවෝ වැඩ වර්ජනයකට එලඹුනි. රටේ ප්‍රධාන වරාය වසා දමමින්, වැඩ වර්ජනය දවස් 169ක් පුරා පැවතුනි. වානිජ කටයුතු ඇනහිටී ය. පිකට් වැටේ දී ආන්ඩුව හා හොරිකඩයෝ යන දෙගොල්ලන් ම කම්කරුවන් ඝාතනය කල හ. කිසිදු කම්කරුවෙකුට වැඩ වර්ජන වැටුප නො ගෙවීම හේතුවෙන් සමහර කම්කරුවෝ මන්ද පෝෂනයෙන් මිය ගිය හ. තවත් මාසයකට වඩා කාලයක් ඇදී යාමට නියමිත ව තිබිය දී, වරාය වර්ජනයෙන් සිදුව ඇති ව්‍යාපාරික අලාබය, පෙසෝ බිලියනයකට අධික බව අගෝස්තු මැද දී කරන ලද නිල තක්සේරුවක් සඳහන් කලේ ය.

වරාය ඍජු ව ආන්ඩුව යටතේ පාලනය විය. කම්කරුවන් පිකට් හා වැඩ වර්ජනය කරමින් සිටියේ මැකපගාල් පාලන තන්ත්‍රයට එරෙහි ව මිස පුද්ගලික සමාගමකට එරෙහි ව නො වේ. 1963 අගෝස්තු 6දා, සුකර්නෝ සමග වූ මැනිලා සමුලුව මැකපගාල් විසින් සමාප්ත කරද්දී, ජෝමා සිසොන් හා ඉග්නේෂියෝ ලැක්සිනා ලාපියාං මන්ගගාවා හා ලිබරල් පක්ෂය ඒකාබද්ධ කිරීම අධීක්ෂනය කල හ.

එල්එම් හා එල්පී යන පක්ෂ දෙක ම අත්සන් කරන ලද ලේඛනයක් ප්‍රකාශ කලේ:

“ජනාධිපති දියොස්දාදෝ මැකපගාල්ගේ නායකත්වය යටතේ දැන් කාර්යක්ෂම ලෙස ක්‍රියාවට දැමෙමින් තිබෙන යුගකාරක සමාජීය හා ජාතික ප්‍රතිසංස්කරන පිලිබඳ ව දැනුවත් වන්න;

“ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වන සියලු බලවේගවල එකමුතුවට අඩු කිසිදෙයකට, මෙම ප්‍රතිසංස්කරනවල සාර්ථකත්වය සුරක්ෂිත කල හැකි නො වේ යයි විශ්වාස කරමින්...

“ප්‍රතිසංස්කරන වැඩසටහන්වලට විරුද්ධ වන බලවේගයන් නැෂනලිස්තා (ජාතිකවාදී) පක්ෂයේ ධජය යටතේ එක්රැස්වී ඇතැයි අවබෝධ කරගනිමින්; ...“ඵලදායී පක්ෂ වහා ම එක්සත් කිරීමට එකඟ වෙමු...”

ඔවුන් කම්කරු පන්තියට ඉදිරිපත් කරන ලද තර්කය වූයේ මෙය යි: මැකපගාල්  ප්‍රතිසංස්කරන ක්‍රියාවට දමමින් සිටි අතර, ප්‍රතිසංස්කරනවලට විරුද්ධ බලවේග එල්පීයේ දේශපාලනික ප්‍රතිමල්ලවයා වූ ජාතිකවාදී පක්ෂය තුල එකමුතු ව සිටිය හ. මෙම පදනම මත, සිසොන් හා ලැක්සිනා, මැකපගාල්ගේ එල්පීය සමග ස්වාධීන කම්කරු පක්ෂය ඒකාබද්ධ කල හ.

ඒකාබද්ධ ලේඛනයට අත්සන් තබන විට, ජැටියේ කම්කරුවෝ මාස දෙකක් පුරා වැඩ වර්ජනයේ යෙදී සිටිය හ. වරාය කම්කරුවන්ට සහයෝගය පිනිස, එල්එම්හි මහා වැඩ වර්ජනයක් කැඳවීමට තමන් අපේක්ෂා කරන බව, ලැක්සිනා ප්‍රසිද්ධියේ නිවේදනය කර තිබුනි. මැකපගාල් සමග සබඳතා පිලිබඳව සාකච්ඡා කිරීමට මෙම තර්ජනය යොදාගත් ඔහු, ඉන් අනතුරු ව මහා වැඩ වර්ජනය ආරම්භ කිරීමටත් ප්‍රථම එය අවලංගු කලේ, වරාය කම්කරුවන් අත්හැර දමමිනි.

වරාය කම්කරුවන්ගේ වැඩ වර්ජනය තවමත් ඇදී යමින් තිබුනු සැප්තැම්බර් මුල දී, පිලිපීන ගුවන් සේවා කම්කරුවන් වැඩ වර්ජනයට පිලිපන්නේ, රට තුල සියලු ගුවන් සංචාර වසා දමමිනි. මැකපගාල් පිලිපීන පොලිස් හමුදාව දියත් කල අතර, ඔවුහු සැප්තැම්බර් 8දා පිකට් වැටවල සිටි කම්කරුවන්ට බයිනෙත්තුවලින් පහර දුන් හ. මෙම රැස්වීමට සහභාගි වන එකදු පුද්ගලයෙක් හෝ, මෙම සිදුවීම් කවදා හෝ සිදුවුනු බව දැන සිටි බව ගැන මම සැක කරන්නෙමි. කම්කරුවන්ගේ සංවිධානවල නායකත්වය පිලිබඳ වගකීම් දැරූවන් ඔවුන් පාවාදී තිබුනු නිසා, මෙම කරුනු ඉතිහාසයෙන් මකා දමනු ලැබ ඇත.

එම අවධියේ සිසොන් කඩිමුඩියේ කරමින් සිටියේ කුමක් ද? ඔහු මැකපගාල්ගේ ඉඩම් ප්‍රතිසංස්කරන ක්‍රියාමාර්ගය කෙටුම්පත් කරමින් සිටියේ ය. මකපගාල් පරිපාලනයේ ඉඩම් ප්‍රතිසංස්කරනය ලියනු ලැබ තිබුනේ, ෆෝඩ් පදනමේ වුල්ෆ් ලේඩ්ජින්ස්කි නමැති පුද්ගලයෙක් විසිනි. එහි කාර්යය වූයේ, අඳගොවියන් මුදලින් බදු ගෙවන කුලීකරුවන් බවට හැරවීම යි. 1960 ගනන්වල පසු භාගයේ සම්මුඛ සාකච්ඡාවන්ට සහභාගි වූ ගොවීහු, මෙම පරිවර්තනය තමන්ගේ ජීවිත වඩා නරක අතට හැරවූ බව ප්‍රකාශ කල හ.

සිසොන්ගේ පුද්ගලික වෙබ් අඩවියේ, ඔහුගේ ලේඛන නාමාවලිය තුල තම එක් ප්‍රකාශනයක් ලෙස මෙය ලැයිස්තුගත කර තිබෙන නිසා, ඔහු මෙම අත්පොත එල්එම් සඳහා ලියන ලද බව අපි දනිමු. “පිලිපීන ගොවීන්ගේ විමුක්තිය උදෙසා, ජනාධිපති මැකපගාල්  වෙහෙස නො බලන කරන අරගලය වෙනුවෙන්” ය උපහාර පාඨයක් සඳහන් කරන අතර, සිසොන්ගේ ග්‍රන්ථයේ මුල්පිටුවේ චිත්‍රය, මකපගාල් සිනාසෙමින් සිටින පින්තූරයක් පෙන්වයි. සිසොන් තම පාඨකයන්ට මෙසේ කීවේ ය;

“හුදෙක් කොටස් බදු පාලනය කිරීමක් හා/හෝ වෙහෙස නො බලන ගොවීන් සිවිල් ආරක්ෂකයන් හා මිලිටරි මෙහෙයුම් යොදාගෙන බලයෙන් දමනය කිරීමක් මගින්, ඉඩම් ගැටලුව විසඳිය හැකි යයි ජනාධිපති දියොස්දාදෝ මකපගාල් විශ්වාස නො කරයි.

“කෘෂිකාර්මික ඉඩම් ප්‍රතිසංස්කරන සංග්‍රහය තුල, මූලික ගැටලුවට මූලික විසඳුම සම්පාදනය කරනු ලබයි; බදු-කුලීකරය සම්පූර්නයෙන් අහෝසි කිරීමට නියමිත අතර, ඒ වෙනුවට හිමිකරුවා විසින් වගා කිරීම හඳුන්වාදෙනු ඇත. මෙම ප්‍රධාන අරමුන ඉෂ්ට කරගැනීම සඳහා, මෙම මූලික කෘතිය තුල මුලුමනින් අනාවරනය කරනු ලබන කටයුතු හා මෙහෙයුම් සිදුකරන ඉඩම් ප්‍රතිසංස්කරන ඒජන්සිවල සම්පූර්න සන්නාහයක් ක්‍රියාවට දැමීම, මෙම සංග්‍රහය මගින් යෝජනා කරයි.”

පිලිපීන සමාජය හා විප්ලවය

1963 දී ජෝමා සිසොන් ලියුවේ එයයි. පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ වඩාත් ම වැදගත් කෘතිය බවට පත් වූ පිලිපීන සමාජය හා විප්ලවය නමැති කෘතිය, ඔහු හත් වසරකට පසුව රචනා කලේ ය. තමා 1963 දී ප්‍රධාන ප්‍රචාරකයා ලෙස සේවය කල, ඉඩම් ‍ ප්‍රතිසංස්කරන සංග්‍රහය පිලිබඳ ව ඔහුට කීමට තිබුනේ මෙය යි:

“මකපගාල් රූකඩ පාලන තන්ත්‍රය, ප්‍රගතිශීලී යයි තමන් ම පෙන්වා ගැනීමටත්, ගොවි ජනයා රැවිටීමටත්, කෘෂිකාර්මික ඉඩම් ප්‍රතිසංස්කරන සංග්‍රහය බලාත්මක කලේ ය. එහි කාන්තිමත් සාමාන්‍යකරනයන් ඉවත් කල විට හා ඉඩම් හිමියන්ට වාසිදායක විධි විධානයන් හෙලදිරවු කල විට, ඊට පෙර පැවති සියලු ඉඩම් ප්‍රතිසංස්කරන නීති මෙන් ම, මෙම සංග්‍රහය ද ශූන්‍යයට සමාන වේ. සංකේතාත්මක ඉඩම් ප්‍රතිසංස්කරන ව්‍යාපෘතීන් කිහිපයකට පසු, ප්‍රතිසංස්කරන සංග්‍රහයේ බංකොලොත් භාවය පැහැදිලි වේ...”

මකපගාල්ගේ ඉඩම් ප්‍රතිසංස්කරනය “ඉඩම්හිමි පන්තිය නිතර පුනරුච්ඡාරනය කරන බොරු ආවරනය කිරීම සඳහා වන සාටෝප වචන සංග්‍රහයක්” විය.

ඒ 1970 දී ය. මාදිලිය යලිත් මතකයට ගන්න: පක්ෂය දුතර්තේට සහයෝගය දෙයි; ඔවුන් දුතර්තේට සහයෝගය දුන්නේ ය යන්න “පට්ටපල් බොරුවක්” බව පක්ෂය ප්‍රකාශ කරයි. සිසොන් මකපගාල්ගේ ඉඩම් ප්‍රතිසංස්කරනය පිලිබඳ අත්පොත රචනා කලේ ය; මකපගාල්ගේ ඉඩම් ප්‍රතිසංස්කරන ඉඩම්හිමියන්ගේ අවශ්‍යතා පෙරටුකොට ගනිමින් ගොවීන් රැවටූ බව සිසොන් ප්‍රකාශ කලේ ය. බොරු පිට බොරු.

මකපගාල් සීමිත උපයෝගිතාවකින් යුක්ත වූ බව සනාථ වූ අතර, ඔහු 1964 දී සුකර්නෝට එරෙහි ව හැරුනි. මකපගාල්ට සහයෝගය දැක්වීමේ සිට මාකෝස්ට සහයෝගය දැක්වීම දක්වා වූ පක්ෂයේ පෙරමුනු සංවිධානවල මාරුවක්, සිසොන් විසින් අධීක්ෂනය කලේ ය. මාකෝස් වියට්නාමයට එරෙහි ඇමරිකානු යුද්ධයෙන් පිලිපීනය ඉවත් කරගනු ඇතැයි යන කියාපෑම මත මාකෝස්ට සහයෝගය දෙන ලෙස පක්ෂය කම්කරුවන්ට, ගොවීන්ට හා තරුනයන්ට උපදෙස් දුන්නේ ය.

ෆර්ඩිනන්ඩ් මාකෝස්

එක්සත් ජනපදයේ වියට්නාම හමුදා මැදිහත් වීම ඉහල යාමක් අපේක්ෂා කරමින්, පිලිපීන භටයන් වියට්නාමයට යවන ලෙස ඉල්ලා 1964 දී ලින්ඩන් ජොන්සන් මකපගාල්  හමුවිය. මෙම ආයාචනය කලේ, ටොන්කින් බොක්කේ සිද්ධියට පෙර බව සැලකිල්ලට ගැනීම, ඓතිහාසික වසයෙන් වැදගත් ය.  භටයන් යැවීමට පොරොන්දු වූ මකපගාල්, ව්‍යවස්ථාදායකට පනතක් ගෙනාවේය. ආඥාදායකත්වයක් ක්‍රියාවට දැමීමට උත්සාහ දරන බවට ජනාධිපතිට චෝදනා කරමින්, සෙනෙට් සභාපති ෆර්ඩිනන්ඩ් මාකෝස් මකපගාල්ට පහර දුන්නේ ය.

මාකෝස් වියට්නාමයෙන් හමුදාව ඉවත් කරගනු ඇතැයි යන ප්‍රකාශයේ පදනම මත සිසොන්, ජාතිකවාදී පක්ෂයට සහයෝගය පලකරමින් දේශන මාලාවක් පැවැත්වූ අතර, 1965 නොවැම්බරය වන විට, ගොවි සංවිධානය වන මසාකාට, කම්කරු සංවිධානය වන ලාපියාං මන්ගගාවාට හා අලුතෙන් බිහිකල තරුන සංවිධානය වන කබතාං මකබායන්ට ඔහු උපදෙස් දුන්නේ  ෆර්ඩිනන්ඩ් මාකෝස්ට සහයෝගය දෙන ලෙස ය.

තේරී පත්වීමෙන් සතියකට පසුව, වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ ස්ටැන්ලි කානොව් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී, තමන් පිලිපීන භටයන් වියට්නාමයට යොදවන බව මාකෝස් ප්‍රකාශ කලේ ය.

මාකෝස්ට සහයෝගය දෙන ලෙස උපදෙස් ලැබීමට වසරකට පෙර, කබටාං මකාබයාන් ආරම්භ කර තිබුනි. ආරම්භක සම්මේලනයට ජෝමා සිසොන් කල කතාවේ දී, මේ වන විට සුපුරුදු පූච්චානම් දොඩමින්, ඔහු තම ශ්‍රාවකයට මෙසේ කීවේ ය: 

“අධිරාජ්‍යවාදයේ පාර්ශවයේ සිටින්නේ කොම්ප්‍රදෝරුවන් හා විශාල ඉඩම්හිමියන් ය. ජාතික ප්‍රජාතන්ත්‍රවාදයේ පාර්ශවයේ සිටින්නේ, පිලිපීන ව්‍යවසායකයන්ගෙන් හා වෙලඳුන්ගෙන් සැදුම්ලත් ජාතික ධනේශ්වරයයි; කුඩා දේපොල හිමියන්, ශිෂ්‍යයන්, බුද්ධිමතුන් හා වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් සුලු ධනේශ්වරය සහ අද්‍යතන පිලිපීනයේ අතිමහත් බහුතර තරුනයන් අයත් වන කම්කරු පන්තියෙන් හා ගොවීන්ගෙන් සැදුම්ලත් පලල් මහජනතාව යි.”

පීකේපීයේ සටන්කාමී තරුන අංශය ගොඩනගන ලද්දේ, පන්ති හතරේ පෙරමුනේ හා ධනපති පන්තිය සමග සන්ධානයක ඉදිරිදර්ශනය මත යි.

1965 මුල දී ෆර්ඩිනන්ඩ් මාකෝස් ජනාධිපති ධුරය භාරගනිද්දී හා ජාතික වර්ධනයන් වෙනුවට ගෝලීය හේතූන්ගේ ප්‍රතිඵලයක් ලෙස, යෝධ සමාජ අර්බුදයක් එලඹුනි. ජාතික ආරක්ෂක උපදේශක වෝල්ටර් රොස්ටොව් වෙත රහසිගත පනිවුඩයක් යැවූ එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාෂල් රයිට්, මෙසේ සඳහන් කලේ ය:

“මැනිලා නුවරට යන අපගේ මී ලඟ තානාපතිවරයා පොර බැදිය යුතු ගැටලුවල ගුරුත්වය අතිශයෝක්තියට නැංවීම අනවශ්‍ය ය. පිලිපීනය පිලිබඳ ව දන්නා පුද්ගලයන්, නුදුරු අනාගතයේ දී යෝධ සමාජ නැගී සිටීමක් පුරෝකථනය කිරීම සුපුරුදු දෙයක් බවට පත්ව ඇත. වර්තමාන ජනාධිපතිවරයා, ජනතාවාදී ලෙස තේරී පත්වූ පිලිපීනයේ අවසන් ප්‍රධාන විධායක නිලධාරියා යන්න පිලිබඳ පලල් කතිකාවක් පවතී. ඇමරිකාවේ බොහෝ ඉහල පෙලේ නිලධාරීහු, අප ආසියාවේ දී මුහුන දෙන වඩාත් ම ගාම්භීර හා වඩාත් ම අසතුටුදායක තර්ජනය වන්නේ පිලිපීනය ලෙස සලකති.”

සුහර්තෝ, මාකෝස් හා පිනෝචේ

සමාජ පිපිරීමක් නොවැලැක්විය හැකි විය. ගෝලීය පරිමාන ව පාලක පන්තියේ ප්‍රතිචාරය වූයේ, ආඥාදායක පාලන රූප කරා හැරීමකි. වර්තමානයේ පවතතින තත්වයේ සෙවනැලිවලට වැඩි යමක් මෙහි අඩංගු විය. සමාජ අර්බුදයට හා ගෝලීය ආඥාදායක්තවයේ නැගෙන රැල්ලකට අපි මුහුන දී සිටිමු: සුහර්තෝ, මාකෝස්, පිනෝචේ. ගෝලීය පරිමාන ධනපති පන්තිය මෙන් පිලිපීනයේ පාලක ප්‍රභූවට ද එහි පන්ති තත්ත්වය අනතුරේ හෙලී ඇති බව හැඟුනි. හුදෙක් මාකෝස් පමනක් නො ව, පාලක ප්‍රභූවේ සමස්තය ද මෙම අන්තරායට විසඳුම දුටුවේ ආඥාදායක පාලන රූප තුල යි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අධිෂ්ඨානවත් වූ එක් පුද්ගලයෙක් වත් ඔවුන් අතර සිටියේ නැත.

පිලිපීනයේ පොලිස්-රාජ්‍ය පාලනය සඳහා වන සැකිල්ල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ලියා තිබුනු අතර, එය මාෂල් නීතිය එහි පැරනි යටත් විජිතයේ ව්‍යවස්ථාවට ඇතුලු කොට, ජූරියක් විසින් නඩු ඇසීම අවලංගු කලේ ය. මකපගාල් , ගාෂියා හා ක්විරිනෝ ඇතුලු හිටපු ජනාධිපතිවරු ගනනාවක් ම, මෙම වගන්ති යොදාගෙන මාෂල් නීතිය බලාත්මක කරන බවට ඉඟි කොට තිබුනි.

ඔවුන් අසමත් වූ තැන දී මාකෝස් සාර්ථක වූයේ ඇයි? ගෝලීය ඒකාධිපතිවාදයේ නැගීමට හේතු වූ සමාජ අර්බුදයේ හා තමන්ට තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදයේ බාධක දරා සිටිය නො හැකි බවට පාලක ප්‍රභූන් අතර පැවති විශ්වීය මනෝගතියේ සන්දර්භය තුල, ඔහුගේ සාර්ථකත්වය රැඳී පැවතුනි. මා සාදෘශ්‍යයක් ගෙන හැර දක්වතොත්: ෆර්ඩිනන්ඩ් මාකෝස් විසින් ආඥාදායකත්වය ක්‍රියාවට දැමීම සංගීත පුටු තරඟයක් හා පිලිපීනයේ දී අප සඳහන් කරන පරිදි ජෙරුසලමට කරන සංචාරයක් මෙන් විය. සංගීතය නැවතුනේ කොතැන ද, මාෂල් නීතිය පනවන ලද්දේ කොතැන ද යන්න හා ජනාධිපති මාලිගයේ කවරකු වාඩි කරනු ලැබ සිටියත් ඒ ආඥාදායකයෙක් බව හොඳින් දනිමින්, සමස්ත පාලක ප්‍රභූව මැලකඥාං සෙල්ලමේ නිරත ව සිටියේ ය. 

පිලිපීනය පුරා චීන-සෝවියට් බෙදීම හටගත්තේ මෙම සන්දර්භය තුල යි. ස්ටැලින්වාදයට එල්ල වන චෝදනාවන්ගෙන් වඩාත් ම නරක එකක් වන්නේ, චීනයේ හා සෝවියට් සංගමයේ යෝධ ආර්ථිකයන් කිසිදා ඒකාබද්ධ නො කිරීම යි. මා ප්‍රතික්ෂේප කරන “තනි රටක සමාජවාදයේ” ක්‍රියාමාර්ගය සෑමවිට ම මාක්ස්වාදය පාවාදීමක් වූ අතර, එයට යම් තර්කනයක් තිබූ බවට ඔබට තර්ක කල හැකි ය: සමාජවාදය ගොඩනැගීමට පැවතුනේ එක් රටක් පමනක් යන්න යි. එහෙත් 1949ට පසුව, රටවල් ගනනාවක් ම, තමන්ගේ ම ජාතික අවශ්‍යතා සහිත ව, “තනි රටේ සමාජවාදය” ගොඩනැගීමට කැප විය. එම ජාතික අවශ්‍යතා අනිවාර්යයෙන් ම විභේදිත ව පැවති අතර, එම විභේදනයන් සහෝදර ගැටුමක් බවටත්, එම ගැටුම සන්නද්ධ අර්බුදයක් බවටත් හැරුනේ, භූගෝලය පුරා කොමියුනිස්ට්වාදය බෙදා දමමිනි.

නැගෙනිහර යුරෝපයේ බෆර් කලාපයට පිටුපසින්, තරමක් ස්ථාවර කාර්මික පදනමක් මත පිහිටා තිබූ සෝවියට් සංගමයට, වොෂින්ටනය සමග සාමකාමී සහජීවන්යේ ක්‍රියාමාර්ගයක් හැඩගන්වා ගැනීමට සහ එහි රාජ්‍යතාන්ත්‍රික හා වෙලඳ සබඳතා ස්ථාවර කරගැනීමේ උපායක් ලෙස, ලොව පුරා ආඥාදායකයන් සමග සබඳතා ගොඩනඟාගත හැකි විය. ඉන්දුනීසියානු කොමියුනිස්ට්වරුන්, කම්කරුවන් හා ගොවීන් මිලියනයක් පමන මරා දමා, පීකේපීය තලා දැමීමේ නායකත්වය ලෙස සුහර්තෝ බලය ගත් විට, එක්තරා ප්‍රමානයකට ඉන්දුනීසියානු හමුදාව මෙහෙයවෙමින් සිටියේ, සෝවියට් සංගමය විසින් ඔවුන්ට විකුනා තිබූ ආයුධ වලිනි. සංහාරයෙන් ඉක්බිති ව මොස්කෝව, සුහර්තෝ සමග මිත්‍ර සබඳතා තහවුරු කර ගත්තේ ය.

ඒ අතර, වියට්නාමය තුල තායිවානය, ජපානය හා එක්සත් ජනපදයට සාපේක්ෂව නාටකාකාර ලෙස පසුගාමී ආර්ථිකයකට බීජිනය මුහුන දුනි. 1965 දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය එහි දේශසීමා මත ඇති කල තර්ජනය අපසරනය කිරීමේ උත්සාහයක් දරමින්, ලින් බියාඕ “දිග්ගැස්සුනු මහජන යුද්ධය” හෙවත්, ලොව පුරා ගම්බද සන්නද්ධ ගරිල්ලා ව්‍යාපාර නමැති ක්‍රියාමාර්ගය පෙරට ගෙන ගියේය. මෙය තවමත් ජාතික ධනේශ්වරයේ ප්‍රගතිශීලී පාර්ශවය සඳහා සහයෝගය දීමේ ක්‍රියාමාර්ගයක් වූ නමුත්, පාලක ආඥාදායකයන්ට එය එසේ නො වී ය. මම සඳහන් කිරීමට කැමති පරිදි එය, ආදාදායක නාටකයේ කුමන්ත්‍රනකාරී අනුහුරුවක් විය: පිලිපීනයේ මාකෝස් විස්ථාපනයට උත්සාහ කල නමුත්, අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා එසේ නො කල නිනෝයි අකිනෝ වැනි බලවේගයන් ය. ඔවුන් එසේ කලේ, ඔවුන් ම බලයේ සිටින බවට තමන්ටම තහවුරු කරගැනීමට ය. 

සීපීපීයේ සන්නද්ධ ව්‍යාපාරය හා සමාජ අර්බුදය පිලිබඳ එහි රැඩිකල් පූච්චානම් සහිත ඒත්තු ගන්වනසුලු බලවේග, ජාතික ධනේශ්වරයේ කුමන්ත්‍රනකාරී ස්ථරයන් වන, මොවුන්ගේ සේවය පිනිස ගෙන එනු ලැබුවේ ය.

මෙය ක්‍රියාවට දැමූ ආකාරය ප්‍රමානවත් තරමින් විස්තාරනය කිරීමට මට කාලය නැතත්, කරුනු කිහිපයක් ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.

මොස්කෝව වෙත නැඹුරු වුනු පීකේපීය, 1966 දී මාකෝස් පරිපාලනයෙන් ගෙවීම් ලද තානාන්තර බාරගත්තේ ය. කොමියුනිස්ට් රටවල් සමග අන්තර් ක්‍රියා කිරීමෙන් ඔහු වලකා තිබූ පිලිපීන නීතියේ සමහර ප්‍රතිගාමී වගන්ති හේතුවෙන්, ඔහුට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කිරීමට නො හැකි වූ මොස්කෝව සමග සාකච්ඡාවලට පීකේපීය පහසුකම් සැපයි ය.

අද දින විප්ලවය: ප්‍රජාතන්ත්‍රවාදය

පීකේපීය ඉන්පසුව, මාෂල් නීතිය සඳහා ෆර්ඩිනන්ඩ් මාකෝස් සාධාරනීකරනය කල අද දින විප්ලවය: ප්‍රජාතන්ත්‍රවාදය නමැති කෘතිය, වාටියේ සිටි තම සාමාජිකයන් අතර ජනප්‍රිය කරවී ය. කොමියුනිස්ට් පක්ෂයේ වාටියේ සිටි ආද්‍රියන් ක්රිස්ටෝබාල් විසින් එය රචනා කරනු ලැබී ය. එය මෙසේ ප්‍රකාශ කලේ ය; “විප්ලවවාදී න්‍යායකින් තොර ව විප්ලවයක් ඇති විය නො හැකි ය යන ප්‍රකාශය වෙනුවෙන් අපි ලෙනින්ට නයගැති වන්නෙමු. ...විප්ලවය අවධි දෙකකින් යුක්ත බව ලෙනින් අවබෝධ කරගත්තේ ය: පලමු වැන්න ධනේශ්වර වන අතර, ඉන්පසු නිර්ධන පන්ති විප්ලවය යි.”

අවධි දෙකේ විප්ලවය පිලිබඳ තර්කය ස්ටැලින්ගේ මිස ලෙනින්ගේ නො වූ අතර, මෙහි දී වඩා සිත් කාවදින දෙය, මෙය ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ ම හඬ වීම යි. ලෙනින්, ස්ටැලින්ගේ ඉදිරිදර්ශනය පිලිගෙන තිබුන බව ව්‍යාජ ලෙස අඟවමින්, මාෂල් නීතිය සාධාරනය කරන ප්‍රබන්ධ රචනා ලියූ පීකේපීය, ආඥාදායකයෙකුගේ මුවට එම පේලි ගිල්ලවීය. කොතරම් අත්‍යසාමාන්‍ය ක්‍රියාවක් ද!

මාකෝස්ගේ කෘතිය “පිලිපීන සමාජයේ ව්‍යාධීන් පිලිබඳ දිදුලන විශ්ලේෂනයක්” වූ බව පක්ෂයේ දීර්ඝ කාලීන ප්‍රධානී ජේසුස් ලාවා ප්‍රකාශ කලේ ය.

1972 දී මාකෝස් මාෂල් නීතිය පැනවූ විට, පීකේපීයෙන් කොටසක් ඉන් බිඳී, සන්නද්ධ අරගලයක් හරහා පක්ෂය පාලන තන්ත්‍රයට දුන් සහයෝගයට විරුද්ධ වීමට උත්සාහ දැරී ය. මගේ නිබන්ධනයේ මා සවිස්තර ව විස්තාරනය කරන පරිදි, මෙම ස්ථරයන් පක්ෂයෙන් බිඳී වෙන්වීමට පමනට වැඩි කාලයක් ගතකර තිබුනි. පක්ෂයේ තනතුරු දැරූ කොටසක් මාෂල් නීතියට විරුද්ධ වූයේ නම්, පීකේපීයට ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ කැබිනට්ටුවට ඇතුලු විය නො හැකි වනු ඇත. ස්ටැලින්වාදීන් ඔවුන්ගේ විරුද්ධවාදීන් මරා දැමීමට භාවිතා වන භාෂාව යොදාගෙන, ඔවුන්ගේ විරුද්ධවාදීන් ට්‍රොට්ස්කිවාදීන් යයි හෙලාදකිමින්, ඔවුහු ඔවුන්ට අකීකරු සාමාන්‍ය සාමාජිකයන් මරා දැමීමට පටන් ගත්හ. තක්සේරුවක් කිරීම අසීරු වුවත්, පීකේපීය නායකත්වයට මිලිටරි ආඥාදායකත්වයට පිලිගත හැකි වන පරිදි, පක්ෂයේ කේඩර 60ක් 70ක් පමන නායකත්වය විසින් මරා දැමී ය. ගනන් හිලවු තවමත් පැහැදිලි නැතත්, මාකෝස් පාලනය විසින් මරා දැමුවාට වැඩි කොමියුනිස්ට්වරු සංඛ්‍යාවක් පීකේපීය විසින් මරා දැමූ බව නිර්භය ව කිව හැක. 

ක්‍රියාකාරී දේශීය ධනවාදයක් සඳහා කොන්දේසි ක්ෂනික ව නිර්මානය කිරීමට මාකෝස් මාෂල් නීතිය යොදාගනිමින් සිටින්නේ ය යන පදනම මත, පීකේපීය ආඥාදායකයාට දුන් සහයෝගය සාධාරනීකරනය කලේ ය. 1973 මුල පැවති ඔවුන්ගේ හයවන පක්ෂ සම්මේලනයේ දී පීකේපී ය මෙසේ ලිවී ය:

“පිලිපීනය යනු ගතික ධනේශ්වර සංවර්ධනයක් සහිත නව විජිත රටකි. විජිතවාදී කොල්ලකෑම විසින් අපරූපනය කර ඇති එහි ආර්ථිකය ප්‍රධාන වසයෙන් පසුගාමී ය. ...එක්සත් ජනපද අධිරාජ්‍යවාදය නායකත්වය දෙන මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය යටතේ, ප්‍රධාන වසයෙන් වැඩවසම් රටක සිට නවීන ධනේශ්වර ආර්ථිකයක් බවට පිලිපීනය ශක්තිමත් ව පරිවර්තනය කරනු ලැබෙමින් තිබේ. අද දින මාෂල්-නීති ආඥාදායකත්වය යටතේ, ධනේශ්වර ප්‍රගතියේ විශාල වේගයක් අත්දකිමින් සිටී.”

දැන්, ඔබ එය නො දැන සිටියේ නම්, එය කොමියුනිස්ට් පක්ෂයක මුද්‍රාවක් ලෙස අදහස් නො වනු ඇත: ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය මාෂල් නීති ආඥාදායකත්වය හරහා ධනවාදය වර්ධනය කරමින් සිටී. යථාර්ථයේ දී පීකේපීයේ පන්ති දිශානතිය ප්‍රකාශ කල මෙම සූත්‍රගත කිරීම, ඔවුන්ගේ හයවන සම්මේලනයේ දී ප්‍රසිද්ධියට පත්කල ආඥාදායකත්වයට මුද්‍රාව තැබීම ලෙස සේවය කලේ ය. සම්මේලනයෙන් ඉක්බිති ව, පක්ෂයේ සෑම සාමාජිකයෙකුට ම සාමාජිකයෙකු ලෙස සිටීම සඳහා යලි පක්ෂයේ ලියාපදිංචි වන ලෙස බලකෙරුනි. ඔබට පීකේපීයේ සාමාජිකයෙකු වීමට අවශ්‍ය වී නම්, ආඥාදායකයාට මුද්‍රාව තබන මෙම දේශපාලන යෝජනාවට අත්සන් කිරීමට ඔබ බැඳී සිටී.

පීකේපී නායකයන් ක්‍රියාවට දැමුවේ යෝධ දේශපාලනික අපරාධයකි. මාෂල් නීති ආඥාදායකත්වයේ පරිපාලනයට ඔවුහු ඇතුලත් වූ හ. විදේශ කටයුතු, කම්කරු අමත්‍යාංශය හා මිලිටරි ඔත්තු සේවය යන අංශවල තනතුරු ලබාගත් ඔවුන්, මිලිටරි ඔත්තු සේවය තුල ඔවුන්ගේ ප්‍රතිමල්ලවයන් වූ මාඕවාදීන් තලා දැමීම සඳහා වගකීම බාරගත්තේ ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තවමත් ජීවත් ව සිටින අතර, ඉන් සමහරක් ප්‍රමුඛ තනතුරු දරති.

ඒ අතර සීපීපීය දිශාගත වූයේ, ධනේශ්වර විරුද්ධ පක්ෂයේ කුමන්ත්‍රනකාරී කොටස් වෙතට ය. ඒ සමයේ යෝධ සමාජ ව්‍යාපාරය මත ආනුභාවය දැරූ පක්ෂය, සංස්කෘතික විප්ලවයේ හා දිග්ගැස්සුනු මහජන යුද්ධයේ පූච්චානම් යොදාගෙන, මෙම අතෘප්තිය ඔවුන්ගේ ධනේශ්වර සගයන් පිටුපසට දිශාගත කිරීමට සමත් විය.

සියල්ලටත් වඩා, සීනි කර්මාන්තයේ යෝධ සමූහයක කේන්ද්‍රය පදනම් කරගෙන සිටි,  ප්‍රමුඛ දේශපාලන පෙලපතක නිනොයි ඇක්විනෝ සමඟ සීපීය සන්ධානගත විය. අක්විනෝගේ සීනි ව්‍යාපාරය පදනම් කරගෙන සිටි ප්‍රාදේශීය සන්නද්ධ ව්‍යාපාරයක ප්‍රධානියා වූ කොමාන්ඩර් දාන්තේ නම් පුද්ගලයෙකු සමඟ සිසොන් සම්බන්ධ කිරීමට අකිනෝ උදවු කර තිබුනි. සිසොන් හා දාන්තේ අතර හමුව, නව මහජන හමුදාව නිර්මානය කිරීමේ දී උපයෝගී විය.

මගේ නිබන්ධනයේ එන මෙම කරුන, අකිනෝ සීපීපීය සමග පැවැත්වූ සබඳතාවන්ට ගැලී සිටින දුතර්තේගේ සමහර ක්ෂමාලාපකයන් විසින් සන්දර්භයට පිටින් ඩැහැගෙන ඇත්තේ, ආඥාදායකත්වය පැනවීමේ දී මාකෝස් යම් අයුරකින් සාධාරන වී යයි තර්ක කිරීම පිනිස ය. ආඥාදායකත්වය ක්‍රියාත්මක කිරීමේ දී උපකාරක වූ ඔහුගේ ම කොමියුනිස්ට් පක්ෂයේ කුදුමහත් සහයෝගය මාකෝස්ට තිබුනේ ය යන කේන්ද්‍රීය කරුන ඔවුන් හිතාමතා ම මග හරී.

අකිනෝ මාෂල් නීතියේ විරුද්ධවාදියෙක් නො වී ය. 1972 සැප්තැම්බර් 12දා අකිනෝ හා තානාපති කාර්යාලයේ දේශපාලන නියෝජිතයන් අතර වූ හමුවක් සම්පින්ඩනය කරන එක්සත් ජනපද තානාපති කාර්යාල සටහනක් මෙසේ කියයි:

“බලයේ දිගට ම රැඳී සිටීම සඳහා, මාකෝස් හට වඩාත්ම යෝග්‍ය වන උපක්‍රමය මාෂල් නීතිය බව අකිනෝ විශ්වාස කරයි. මාකෝස් අනුගමනය කරන මාවත මෙය නම්, තමන් මාකෝස්ට සහයෝගය දෙන බව අකිනෝ කීවේ ය. නීතිය හා සාමය ද ආර්ථික තත්ත්වය ද ක්ෂනික ව ඛාදනය වෙමින් පවතින තතු යටතේ, රටේ යහපත සඳහා මධ්‍යම ආන්ඩුව පැත්තෙන් ශක්තිමත් පියවර අවශ්‍ය බව අකිනෝගේ දෘෂ්ටිය යි. මධ්‍යම ආන්ඩුව වෙතින් වඩා ශක්තිමත් ක්‍රියාවන් අවශ්‍ය වීමට හේතු ලෙස අකිනෝ පෙන්වා දෙන්නේ ... විරුද්ධවාදීන්ගේ තර්ජනය සහ ගැඹුරු වන නීතිය හා සාමය පිලිබඳ ගැටලුව යි. එවන් ක්‍රියාවක අර්ථය වන්නේ මාෂල් නීතිය යි. ඔහු ජනාධිපති වූයේ නම්, එවන් ශක්තිමත් පිලිවෙතක් අනුගමනය කිරීමට පසුබට නො වන බවත්, කල යුතු කටයුත්ත ලෙස ඔහු සඳහන් කල පරිදි, අනෙක් නිලධාරීන්ට ආදර්ශයක් ලෙස, මැනිලා නුවර ලුනේටා උද්‍යානයේ දී දූෂිත නිලධාරීන් ගනනාවක් මරා දමන බවටත් අකිනෝ ඉඟි කලේ ය.”

අකිනෝ ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙක් නො වී ය. ඔහු සීපීපීය සන්ධානගත ව සිටි සමාජ ස්ථරයන් මුලුමනින් නියෝජනය කල අතර, සීපීපීය ඔවුන් “ෆැසිස්ට්වාදයේ” විරුද්ධවාදීන් ලෙස පෙරට ගෙනාවේය. අවසානයේ, මාකෝස් හා පීකේපී ද අකිනෝ හා සීපීපී ද යන දෙකෙන් කවුරුන් ජයග්‍රහනය කල ද වෙනසක් නො වී ය. ඒ කවුරුන් ද යන්න නො තකා, පිලිපීන කම්කරු පන්තිය ආඥාදායකත්වයට මුහුන දුන්නේ ය.

අවසානයේ ආඥාදායකත්වය අටවනු ලැබූ විට සිසොන්, එය විප්ලවය සඳහා යහපත් බව උත්කර්ෂයට නැංවූයේ, “මර්දනය විරෝධය ජනනය කරන” බව කියාපාමිනි. සෑමවිට ම පක්ෂයේ ක්‍රියාමාර්ගය ලෙස පැවතුනේ මෙය යි: “ෆැසිස්ට්වාදය” ගැඹුරු වන තරමට, විරෝධය ගොඩනැගීමට එය වඩා යහපත් විය. මෙය මූලික ව්‍යාජයකි. ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ දී කම්කරුවන්ට සෑම දෙයක් ම පරදුවට තබන්නට සිදු වේ. දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ දී ඔවුන් හුස්ම ගන්නේ වාතය යි. 

සිසොන් හුදෙක් මර්දනය විප්ලවයේ වර්ධනයට හේතුවනු ඇතැයි යන ක්‍රියාමාර්ගය දෙගුන තෙගුන කලා පමනක් නො වේ. රට මත මිලිටරි ආඥාදායකත්වය අටවනු ලැබීමෙන් දෙසතියකට පසු, 1972 ඔක්තෝබර් 1දා, ජාතික ධනේශ්වරයේ ප්‍රගතිශීලී කොටස් සොයාගෙන ඒ සමඟ සන්ධානගත විය යුතු යයි ඔහු අවධාරනය කලේ ය:

“විප්ලවවාදී ව්‍යාපාරයට දේශපාලන හා ද්‍රව්‍යමය සහයෝගය දීම සඳහා, පක්ෂය ගම් හා නගරවලින් ජාතික ධනේශ්වරයේ සාමාජිකයන් දිනාගත යුතු ය. ඒ, ඔවුන්ට ම පමනක්, සතුරාට එරෙහි ව අවි දැරිය හැකි යයි අපේක්ෂා කල නො හැකි නිසා ය ...”

මෙම ප්‍රගතිශීලී ධනපතීන් ආයුධ දරනු ඇතැයි පක්ෂය අපේක්ෂා කලේ නැත. එය කම්කරුවන්, ගොවීන් හා තරුනයින්ගේ කර්තව්‍යය විය. ශ්‍රමය වගුරා, වේදනා විඳ, මිය යා යුතු යයි පක්ෂය අපේක්ෂා කලේ මෙම බලවේගයන් ය.

“... ඔවුන්ට මුදලින් හෝ ඕනෑම ක්‍රමයකින් විප්ලවවාදී ව්‍යාපාරයට සහයෝගය, අනුග්‍රහය දැක්විය හැකි ය ...” පක්ෂයට අරමුදල් සැපයීම පිනිස ධනපතීන් මුදල් දෙනු ඇතැයි අපේක්ෂා කෙරුනි. ඊට හිලව් වශයෙන් “පක්ෂය ඔවුන්ගේ නීත්‍යානුකූල අවශ්‍යතා ආරක්ෂා කල යුතු” යි සිසොන් දිගට ම කියාගෙන ගියේ ය.

මාෂල් නීතියට සිසොන්ගේ ප්‍රතිචාරය වූයේ මෙය යි: එය විප්ලවයට වාසිදායක ය; කම්කරුවෝ අවි අතට ගත යුතුය; ධනපතීන් පක්ෂයට මුදල් දෙනු ඇත; ධනපතීන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන ලෙස පක්ෂය සන්නද්ධ කම්කරුවන්ට උපදෙස් දිය යුතුය. 

මාඕ ඉමෙල්ඩා මාකෝස්ගේ අත සිපගනී

ඒ අතරතුර, මාඕ වෙනස්වූ මඟක ගියේ ය. ප්‍රාග් වසන්තය මර්දනය කිරීමෙන් හා සෝවියට් අවශ්‍යතාවන්ට තර්ජනය කරන ඕනෑම සමාජවාදී රටක කටයුතුවලට සෝවියට් සංගමය මැදිහත් වනු ඇතැයි යන බ්‍රෙෂ්නෙව් ධර්මතාව ප්‍රකාශ කිරීමෙන් ඉක්බිති ව, සෝවියට් ආක්‍රමනයක විභව තර්ජනයට මුහුන දුන් මාඕ, සංස්කෘතික විප්ලවය තලා දමා, ලින් බියාඕ පිටුවහල් කොට කිසින්ජර් හා නික්සන් වෙත ලඟාවී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා වොෂින්ටනය සමග සබඳතා ගොඩනඟා ගත්තේ ය. 

ඉන් අනතුරු ව, ලොව පුරා රටවල් වෙත හැරුනු මාඕ, සෝවියට් සංගමය මෙන් ම, ආඥාදායකයන් සමග සබඳතා ඇති කර ගත්තේ ය. ඔහු මාකෝස් හා පිනෝචේ වැලඳගත්තේ ය. මොස්කෝවට නැඹුරු ව සිටි චිලී රටේ කොමියුනිස්ට් පක්ෂය සමග බැඳී සිටි සැල්වදෝර් අයියන්ඩේ ද, කොමියුනිස්ට් පක්ෂය හා චිලී කම්කරු පන්තිය ද පිනෝචේ වසින් තලා දැමූ විට, චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) පිනෝචේ ව සාදරයෙන් පිලිගත්තේ ය.

ඒ සමයේ පැවති සමාජ කැලඹීම් තලා දමමින්, වැඩකරන ජනතාව මර්දනය කිරීමට මාකෝස් මාෂල් නීතිය යොදාගත්තේ ය. මහජන චීන සමූහාන්ඩුව සමග වෙලඳ හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම පිනිස මාකෝස් බීජිනයට පැමිනි අවස්ථාවේ, ෆිලිපීනයේ “අභ්‍යන්තර කටයුතුවලට” සීසීපීය මැදිහත් නො වන්නේ ය යන ප්‍රසිද්ධ ප්‍රකාශයක් මාඕ විසින් නිකුත් කලේ ය.

මාඕ මාකෝස් සමග සබඳතා ඇතිකර ගැනීම, “මහජන චීන සමූහාන්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහනයක් හා පිලිපීනයේ විප්ලවවාදී අරගලයේ ජයග්‍රහනයක්” යයි සිසොන් ප්‍රකාශ කලේ ය. මෙම තර්කය සංක්ෂිප්ත කොට දැක්වීම සඳහා “බොරු” යන වචනය ප්‍රමානවත් නො වේ.

සරල ව ම මෙම සංවිධාන ඇතුලත පමනක් නො ව, ඔවුන්ගේ දේශපාලන ක්‍රියාමාර්ගයේ පදනම මත පවා, මානව හිමිකම් ආරක්ෂා කිරීම කල නො හැක. සීපීපීය හා එයට අනුබද්ධ සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බලවේගයක් නියෝජනය නො කරති. මගේ ඓතිහාසික නිගමනය එයයි.

පක්ෂයේ ම සාමාජිකයන් 1,000ක් මරා දමන ලද අභ්‍යන්තර විරේක කිරීම් සඳහා පක්ෂය වගකිව යුතු විය. අවුරුදු දහය හා එකොලහ තරම් ලාබාල ලමුන් නව මහජන හමුදාවට බඳවාගත හැකි වන පරිදි, 1970 ගනන් අග හා 1980 ගනන් මුල කොමික් පොත් නිෂ්පාදනය කරමින් හා හෝඩි පොත් කියවමින්, එය ලමා සොල්දාදුවන් බඳවා ගත්තේ ය.

මානව හිමිකම් රැකීම කෙරෙහි උනන්දු වන අය වෙනත් තැන් සොයා බැලිය යුතු විය. මෙහි අර්ථය මා සීපීපීයේ හා එහි පෙරමුනු සංවිධානවල මානව හිමිකම් ආරක්ෂා නො කරන්නේ ය යන්න නො වේ. මෙම දේශනය ආරම්භයේ දී රාජ්‍යයේ ප්‍රචන්ඩත්වයෙන් ඔවුන් ඍජු ලෙස ආරක්ෂා කරන බව මම ප්‍රකාශ කලෙමි. මගේ අභිප්‍රාය වෙනත් එකකි. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට, ආඥාදායකත්වයේ නැගීම වැලැක්වීමට  ඔබ උනන්දු වන්නේ නම්, ඔබ හැරිය යුතූ සමාජ බලවේගයන් මේවා නො වේ.

මගේ අවසන් ආයාචනය මෙම දේශනයට සවන් දුන් සියලු ශාස්ත්‍රාලිකයන් ට හා පලල් මහජනයාට ය. “පට්ටපල් බොරු” පිලිබඳ සිසොන් හා සමාගමේ නග්න පුරසාරම, ඔහුගේ ප්‍රචන්ඩ ග්‍රාම්‍යකරන - මා “මගේ ම කෙල රස විඳීය යුතු” යි ඔහු මට කීවේ ය- හා ආචාර්ය ඡායාරූප සංසරනය කිරීම වනාහි අන්ත-දක්ෂිනාංශයේ උපාමාරු ය. මුහුනුපොත මත සීපීපීයේ භාෂාව, ඩීඩීඑස් හෙවත් දුතර්තේගේ ප්‍රබල ආධාරකරුවන්ගෙන් වෙන්කොට දැක්විය නො හැක. “එය කීවේ කවුද? ජෝමා සිසොන් ද ඩීඩීඑස් අඟුටුමිට්ටෙක් ද?” යි දැනගැනීමට ඔබට කුඩා අන්තර්ජාල ප්‍රහේලිකාවක් පිරවීමට සිදු විය හැක. වෙනස ප්‍රකාශ කිරීම ඔබට අසීරු වනු ඇත.

සීපීපීයට ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම කෙරෙහි උනන්දුවක් නැත. මේ කරුනේ දී, ට්‍රොට්ස්කි ස්ටැලින්වාදීන් පිලිබඳ ව කී දේ උපුටා දක්වමින් සමාප්ත කිරීමට මම කැමැත්තෙමි: “සෑම වටවංගුවක් සමගින් ම, ඉතිහාසය අලුතින් හැඩගැස්සවීමට ඔවුන්ට බල කෙරේ.”

මකපගාල්  සමග සන්ධානගත වූ ස්ටැලින්වාදීහු, ඉන්පසුව ඔහු ප්‍රතිගාමියෙක් ලෙස ප්‍රකාශ කොට, කිසි දිනෙක ඔහුට සහයෝගය දී තිබීම පිලිබඳ සාක්ෂි වල දැමූ හ. ඔවුන් මාකෝස් සමග සන්ධානගත වූ අතර, ඉන්පසු නිසැකයෙන් ම ඔහු ප්‍රතිගාමියෙක් විය. මෙම මෝස්තරය යලි යලිත් පුනරුච්ඡාරනය වී තිබේ. ඔවුන් කොරී අකිනෝ සමග සන්ධානගත වූ අතර, ඉන්පසු ඇය ප්‍රතිගාමී විය. දුතර්තේ සමග සන්ධානගත වූ ඔවුහු, දැන් ඔහු ෆැසිස්ට්වාදියෙක් යයි ප්‍රකාශ කරන අතර, ඔවුන්ගේ ම ඉතිහාසයෙහි සාක්ෂි ගෙනහැර දැක්වීම ගැන මා “සීඅයිඒ වෙතින් ගෙවීම් ලබන ඒජන්තයෙක්” යි හෙලාදකිති.

“එබැවින් බොරුව සේවය කරන්නේ, නිලධරයේ මූලික දෘෂ්ටිවාදාත්මක සිමෙන්තිය ලෙස” යි ට්‍රොට්ස්කි තව දුරටත් සඳහන් කලේ ය. සියල්ල එකට බැඳ තබාගන්නේ එයයි.

“නිලධරය හා මහජනයා අතර ප්‍රතිඝතිතාව සමහන් කල නො හැකි වන පමනට, සෑම අශික්ෂිත කමක් ම බොරුව බවට පත් වන පමනට -මෙය දැන් අපි අත්දකිමින් සිටින බව මම සිතමි- එය වඩ වඩා ලජ්ජා විරහිත සාපරාධී මුසාකරනයක් හා අධිකරනමය අවනඩුවක් බවට පත්කරනු ලැබේ.”

වර්තමානයේ දී කියමින් තිබෙන දෙය මත විශ්වාස නො කරන්න. අද්‍යතන ලේඛනගත වාර්තාව සොයාගන්න. නිරවද්‍ය යයි අපට නිශ්චිත විය හැකි එකම දෙය එයයි. ඔබ ම පිරික්සා බලා, ඔබ ම සාක්ෂි විමර්ශනය කරන්න. මෙය හුදෙක් මගේ ක්ෂේත්‍රයට පමනක් නො ව, පොදු ශාස්ත්‍රාලිකත්වයටම වලංගු වේ. ඓතිහාසික සත්‍යය හා සත්‍යය යන අදහස ම ප්‍රහාරයට ලක්  වී පවතින්නා වූ ද ප්‍රකෝපකාරී බොරුවල පදනම මත ලොව පුරා ඒකාධිපතියන් බලය කරා නැඟගන්නා වූ ද යුගයක අපි ජීවත් වෙමු.

සාමාන්‍ය කතිකාව, ප්‍රජාතන්ත්‍රවාදී හා ප්‍රසිද්ධ සාකච්ඡාව, සමීක්ෂනය කල හැකි සාක්ෂි, තර්කානුකූල තර්ක සහ ප්‍රජාතන්ත්‍රවාදයේ හා ඓතිහාසික සත්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් මම කතා කරමි. ඔබට ස්තුතියි.

ප්‍රශ්න හා පිලිතුරු:

ප්‍රශ්නය: හුදෙක් පිලිපීනයේ පමනක් නො ව, සමස්ත ලෝකය පුරාම පවතින වර්තමාන අර්බුදයේ හා වාමාංශය කැබලි වී යාමේ ආලෝකයෙන් ගත් කල, වම හා දකුන දෙපාර්ශවය ම සලකමින්, ලිබරල් රාජ්‍යයේ සිදුවෙමින් පවතින මියැදීම හා ජනතාවාදී රැලිවල නැගීම සමග ගනුදෙනු කරන්නේ කෙසේදැයි ඔබට කෙටියෙන් විස්තර කල හැකි ද?

පිලිතුර: එයට ආමන්ත්‍රනය කිරීමට මම කැමැත්තෙමි. එය විශිෂ්ට ප්‍රශ්නයක්. සැලකිය යුතු කාලයක් පුරා මෙම මාතෘකාව පිලිබඳව පුද්ගලයන් කිහිප දෙනෙක් ට ම කතා කල හැකි ව තිබෙනවා. එම නිසා මම මූලික කරුනු සඳහන් කරන්නම්.

පලමුවැන්න මෙය යි: දුතර්තේ දේශපාලන උදාහරනයක්. ඩොනල්ඩ් ට්‍රම්ප්, ජායර් බොල්සොනාරෝ, ජර්මනියේ ඒඑෆ්ඩී  වැනි දේශපාලන පක්ෂ යනාදී වසයෙන්, ඔහුට ලොව පුරා දේශපාලන සහෝදරයින් සිටිනවා. අපි පොරබදමින් සිටින්නේ ගෝලීය ගැටලුවක් සමග. එම නිසා ඒකාධිපතිවාදයේ නැගීම කෙරෙහි උත්සුක වන අයට පෙන්වා දිය යුතු පලමු කරුන වන්නේ, මෙය ජාතික ප්‍රශ්නයක් නො වන බව යි. අපේ විසඳුම් ජාතික විසඳුම් විය නො හැකි යි. මේ සඳහා ගෝලීය දේශපාලන ඉදිරිදර්ශනයක්, එනම්, ඓතිහාසික සත්‍යයේ ආරක්ෂාව සඳහා නැඟෙන ඒකාධිපතිවාදයට විරුද්ධ ව, කම්කරුවන්, ශාස්ත්‍රාලිකයන් ඇතුලු ගෝලීය පරිමාන මහජනයා අතර ප්‍රගාඪ අන්තර්-ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය යි.

දෙවනුව, ඔබ “වාමාංශයේ කැබලි වී යාම” ගැන කතා කලා. මේ උත්සුකය මා විසින් හඳුනා ගන්නා නමුත්, මගේ මූලික උත්සුකය වන්නේ කම්කරු පන්තියේ කැබලි වී යාම හෙවත්, ආඥාදායකත්වයේ තර්ජනය අවසන් කොට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කල හැකි සමාජීය බලවේගයේ කැබලි වී යාම ගැන යි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, මූලික ව, කම්කරු පන්තියේ එකමුතුව පිලිබඳ ප්‍රශ්නයක්. පිලිපීනයේ ඉතිහාසය පිලිබඳ මගේ ඓතිහාසික තක්සේරුව නිවැරදි නම්, එය, කම්කරු පන්තියේ ස්වාධීනත්වයත්, එහි අවශ්‍යතාත් පිලිබඳ ප්‍රශ්නයක් මිස, ධනපති පන්තියේ ඒ හෝ මේ කොටස සමග සන්ධානගත වීම පිලිබඳව උනන්දුවන කාරනයක් නොවේ.

එය, මෙම ඓතිහාසික වාර්තාවෙන් මා උපුටා ගන්නා ඉතා පැහැදිලි දේශපාලන නිගමනයක්. අවසානයේ දී වාමාංශය කැබලි වී යාම පිලිබඳ ප්‍රශ්නය, මා සිතන ආකාරයට, ජාතික රේඛා ඔස්සේ කම්කරු පන්තිය කැබලි වී යාමට වඩා අඩු උත්සුකයක් සහිත එකක්.

ප්‍රශ්නය: (නො ඇසේ)

පිලිතුර: මෙය දීර්ඝ ප්‍රශ්නයක්. බොහෝ විට මට එයට සාධාරනය ඉටුකල නො හැකි යි. ඒත් මම මේ කරුන පෙන්වා දෙන්නම්. පිලිපීනය තුල විකල්පයක් සොයමින් සිටින අය ආරම්භ කරන්නේ සුලු සීරීමකින් නෙවෙයි. මා සිතන ආකාරයට මෙය ඉතා වැදගත් කරුනක්. ස්පාඤ්ඤ විජිතවාදය පලවා හැරීම සඳහා වූ විප්ලවවාදී ව්‍යාපාරයක් සහ ශ්‍රේෂ්ට කැපකිරීමක් සහිත ව ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි දිග්ගැස්සුනු හා ධෛර්යය සම්පන්න සටනක් දියත් කල පිලිපීනය සතුව, විප්ලවවාදී අරගලයේ පොහොසත් හා සාඩම්බර උරුමයක් තිබෙනවා. ඒ එක්ක ම නැගිටීම් හා සංවිධානගත වීම් මාලවක් සහ මා සඳහන් කල වරාය වැඩ වර්ජනය වැනි, කම්කරු අරගල තිබෙනවා. මේ සියල්ල පිලිපීන ජනතාවගේ, පිලිපීන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ පොහොසත් ඉතිහාසය යි. මෙම ඉතිහාසය මත ගොඩනැගෙන ඕනෑම නව ව්‍යාපාරයක්, මේ ඉතිහාසයෙන් ඉගෙන ගන්නවා ඇත.

එහෙත් එය, හුදෙක් මෙයින්ම ගොඩනැගෙන්නේ නැහැ. ඔබ ආරම්භ කරන්නේ ජාතික දේශසීමා ඇතුලත නො ව, ලොව පුරා පවතින කම්කරු ව්‍යාපාරය සමගින්. පිලිපීනය තුල නව ව්‍යාපාරයක් ගොඩනැගීමට උත්සාහ දරන ඕනෑම අයෙක්, ඔවුන්ගේ දේශපාලන අදහස් හා සංවිධානය වීම සඳහා ලොව පුරා ඔවුන්ගේ සහෝදර සහෝදරියන් වෙත හැරිය යුතු යි. ඔබට ගොඩනැගිය හැක්කේ එමගින්.

ප්‍රශ්නය: මාක්ස්වාදයේ හා ලෙනින්වාදයේ මූලික මූලධර්මවල පදනම මත ගත් විට, ජෝමා සිසොන් යනු සැබෑ නිල් කොමියුනිස්ට්වාදියෙක් ද? එය එසේ නම්, ඒ ඇයි? එසේ නො වේ නම්, යථාර්ථයේ දී ඔහු මාඕවාදියෙක් වෙද්දී, ඔවුන්ගේ පක්ෂයට පිලිපීන කොමියුනිස්ට් පක්ෂය යයි කියන්නේ ඇයි? මෙය වරදවා ඉදිරිපත් කිරීමක් නො වේ ද?

පිලිතුර: මේ පුදුම සහගත ප්‍රශ්නය ගැන ස්තුතියි. ඔව් හා නැහැ. ඓතිහාසික ව ගත් කල, ඒ දෙක ම. කොමියුනිස්ට් ප්‍රකාශනයේ දැක්වෙන අර්ථයෙන් හෝ 1917 ඔක්තෝබරයේ දී බලය ගත් කොමියුනිස්ට් පක්ෂයේ අර්ථයෙන් ජෝමා සිසොන් කොමියුනිස්ට්වාදියෙක් ද? නැහැ, ඔහු කොමියුනිස්ට්වාදියෙක් නො වෙයි. ඔහු ඒ උරුමය දරන්නේ නැහැ. එහෙත්, මෙම උරුමයේ සලුවට මුවා වී තමන් මාක්ස්වාදයේ අඛන්ඩතාව ලෙස පෙනී සිටීමේ හැකියාව ලබා දුන්නේ ස්ටැලින්වාදයේ පාවාදීම යි. මෙම පාවාදීම ඔහුට කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වීමට ඉඩ ලබා දී, මාක්ස්වාදයේ අඛන්ඩ නියෝජිතයා ලෙස පෙනී සිටීමට ඉඩ ලබා දෙනවා. ඔහුගේ ඉහල ම දේශපාලන ප්‍රාග්ධනය මෙය යි: ඔහුට ඔහුගේ ඉතිහාසය දෙසට හැරී මෙය ඔහුගේ යයි කිව හැකි ද? නැහැ. ඔහුගේ ඉතිහාසය වනාහි මා මගේ දේශනය තුල ඉදිරිපත් කර ඇති ඉතිහාසය යි. ඒ නිසා, නැහැ, ඔහු මාක්ස්වාදයේ අඛන්ඩතාව නියෝජනය කරන්නේ නැහැ. එහෙත් ඔහු අනිවාර්යයෙන් ම ස්ටැලින්වාදයේ අඛන්ඩතාව නියෝජනය කරනවා.

Loading