ජෝස් මරියා සිසොන්ගේ ස්ටැලින්වාදී බේගල් හා මඩ ප්‍රහාරයන්ට ආචාර්ය ජෝශප් ස්කාලිස් ප්‍රතිචාර දක්වයි

මෙම ලිපිය සැප්තැම්බර් 14දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ, ජොමා සිසොන්  ලෙස ද හඳුන්වන, ජෝස් මරියා සිසොන්ගේ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක්, සැප්තැම්බර් 10 වන දින අනක්බයන්-යුරෝපා ෆේස්බුක් පිටුවෙහි පලකර ඇත.  "්‍රොට්ස්කිවාදීන්  හා අනෙකුත් මඬගසන්නන්"  යන්න එහි මාතෘකාවයි. මෙම සම්මුඛ සාකච්ඡාව, මහාචාර්ය ජෝසප් ස්කාලිස් විසින් සීසීපියේ ධනේශ්වර ගැති දේශපාලනය පිලිබඳව එල්ල කරන ලද දැඩි විවේචන වලට  සිසොන්  ප්‍රතිචාර දක්වා ඇති තුන්වන වතාවයි.

" පලමුව ඛේදවාචකයක් ලෙස, දෙවනුව විගඩමක් ලෙස: මාකෝස්, දුතර්තේ හා පිලිපීන කොමියුනිස්ට් පක්ෂ" යන ආචාර්ය ස්කාලිස්ගේ දේශනය, අගෝස්තු මස 26 දින සිංගප්පූරුවේ නැන්යැන්ග් තාක්ෂනික විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී. එතැන් පටන් එය වාර දහස් ගනනක් නරඹා ඇත. පිලිපීනයේ ස්ටැලින්වාදීන්, ෆැසිස්ට් පන්නයේ ජනාධිපති රොද්‍රිගු  සහ ඊට කලින් ඒකාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ඇතුලු ධනේශ්වර දේශපාලනඥයන්ට දී ඇති  පිටුබලය ඔහු විසින් විස්තරාත්මකව හෙලිදරව් කරන ලදී.

ස්කාලිස්ට පහර දෙමින් ඇනක්බයාන්-යුරෝපාහි පලවූ සිසොන්ගේ සම්මුඛ සාකච්ඡාවේ ඡායාරූපය

 සිසොන්  සහ ඔහුගේ ආධාරකරුවන්, ආචාර්ය ස්කාලිස්ට එරෙහිව කෝපාවිෂ්ට ප්‍රහාර එල්ල කරමින් ඊට ප්‍රතිචාර දැක්වීය. දුතර්තේගේ ඝාතක කල්ලි වලට සහාය දක්වන වන ඔහු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නියෝජිතයෙකු වන බවට අපහාසාත්මක චෝදනා ඇතුලු තර්ජන ඔහුට එල්ල කරන ලදී.  ආචාර්ය ස්කාලීස් සහ අධ්‍යයන, කතා කිරීමේ නිදහස  ආරක්ෂා කරන ලිපි අප වෙත එවන ලෙස අපි පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

සිසොන් ට ප්‍රතිචාර දක්වමින් ස්කලිස් මුලින් සැප්තැම්බර් 10 වන දින ෆේස්බුක්හි පල කල සටහන් අපි පහත පලකරමු:

පිලිපීනයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (සීපීපී) ප්‍රධානී ජෝමා සිසොන්  මට පහර දෙමින් තවත් දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මේ වතාවේ අනක්බයාන් සමඟ සම්මුඛ සාකච්ඡාවක ස්වරූපයෙන්. ඔහු කරකවන බොරු කියවීම ආත්මය කම්පා කරවන කාර්යයකි. තර්ක කරන කාලයේ සත්‍යය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන ඔහු තම ක්‍රමය ලෙස යොදාගන්නේ,  නොගැලපීම් පිලිබඳ මිනීමරු වාචාලකමයි.

සිසොන් ඔහුගේ ස්ටැලින්වාදය දෙගුන කර පෙන්වයි. ඔහු " ස්ටාලින්ගේ දැවැන්ත ජයග්‍රහන" හුවාදක්වයි අනක්බායන්, ඈත්ව සිටීමේ කිසිදු උත්සාහයකින් තොරවම මේ ප්‍රකාශය  පලකර ඇත. ජොසෆ් ස්ටැලින් හුවාදක්වන ප්‍රකාශය පලකරමින් අනක්බායන්, සීසීපීයේ දේශපාලන පිලිවෙත අනුගමනය කරන මෙම  තරුන සංවිධානය ඇසුරු කිරීම ගැන සිහිපත් කරන්නේ "රතු මුද්‍රාව" ලෙසය. 

සිසොන්  සිය ප්‍රේක්ෂකත්වයෙන් මෙසේ විමසයි, “ස්ටාලින් සහ මාඕගේ විශිෂ්ට ජයග්‍රහන ප්‍රතික්ෂේප කරන ස්කාලීස් කෙබඳු ඉතිහාසඥයෙක් ද?” මම හිතන්නේ පිලිතුර ඔහු: 20 වන සියවසේ අතිශය බිහිසුනු චරිත සමහරක් සඳහා ක්ෂමාලාපකයෙකු නොවේ.

ස්කාලිස් හා ට්‍රොට්ස්කිවාදීන් දුතර්තේගේ ආධාරකරුවන් ලෙස මඬගසමින් සිසොන් විසින් බෙදාගනු shared ලැබූ අනුරූපය

සිසොන්  දැන් එක් සමූහ ඝාතකයෙකු වන දුතර්තේට දුන් සහයෝගය සැඟවීමට උත්සාහ කරයි, නමුත් ඔහු නිර්ලජ්ජිතව තවත් අයෙකු වන ස්ටාලින්ට අහස උසට ප්‍රශංසා කරයි. මෙම දේශපාලන පිලිවෙත මත පදනම් වූ සංවිධානවල වැඩ කිරීමෙන් මානව හිමිකම් ආරක්ෂා කල හැකි යයි සිතන ඕනෑම අයෙකු මුලාවට පත්ව සිටියි.

සමහර ප්‍රකාශ ගැන සවිස්තරාත්මක පිලිතුරක් ලිවීමට මම අදහස් කරමි. ඒ සඳහා යම් වැඩ කොටසක් කිරීමට ඇත. බොරු කීමට වඩා සත්‍යය පැවසීම සැමවිටම අපහසුය. ඔබ කරුනු පරීක්ෂා කර සාක්ෂි සැපයිය යුතුය.

පිලිපීන තරුන හා කම්කරු කොටස්, ඔහුගේ අසත්‍යයන් කිසි විටෙකත් පරික්‍ෂා නොකරන නූගත් මෝඩයන් බව සිසොන් විශ්වාස කරන බව පෙනේ.  සිද්ධීන් පිලිබඳ සාක්ෂි පදනම් කරගත් පරීක්‍ෂනයක් පවත්වන බැරෑරුම් විශාරදයකු සහ වාචාලකම් දොඩවන දේශපාලන නායකයෙකු අතර වෙනස හඳුනාගැනීමට නොහැකි තරමේ.

සිසොන් සහ ඔහුගේ සහචරයා ට්‍රොට්ස්කිගේ සහ මාගේ ප්‍රතිරූපය පිලිබඳ සම්මුඛ සාකච්ඡාව ප්‍රවර්ධනය කරන්නේ, සිය ෆැසිස්ට්වාදී හස්ත ආචාරය සහිතව පෙනී සිටින රොද්‍රිගෝ දුතර්තේ ඉදිරිපත් කරමිනි. සීසන් නැවතත් කියා සිටින්නේ මම ඝාතක කල්ලියේ රහස් නියෝජිතයෙකු බවයි. 2016 දී මෙම ෆැසිස්ට් ආචාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මම නොව සිසොන්  බව මම සෑම කෙනෙකුටම මතක් කරමි.

මම මගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඔබ මෙම ලිපිය බෙදා ගැනීමට තෝරා ගන්නේ නම් තෝරාගත යුත්තේ, මගේ වචන මිස මෙම භයානක  ප්‍රතිරූපය නොවිය යුතු බවයි.

සීපීපීය සෑම විටම දුතර්තේට විරුද්ධ වූ බව ප්‍රතික්ෂේප කල හැක්කේ “ට්‍රොස්කි සහ ව්‍යාජ ඉතිහාසඥයෙකුට පමනක්” යයි සිසොන්  තරයේ කියා සිටී. මෙය දැවැන්ත බොරුවකි. කොමියුනිස්ට් පක්ෂය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය දුතර්තේට ලබා දුන් සහයෝගය ඉතා සූක්ෂම ලෙස විස්තර කරන මගේ දේශනයේ පිටපතට සබැඳියක් ඇතුලත් කරමි. අදහස් දැක්වීමේදී සිසොන්  විසින් අනක්බයාන් සමඟ කල අපහාසාත්මක සම්මුඛ සාකච්ඡාවට සබැඳියක් ද තබමි.

සීසන්ගේ මූලික තර්කය නම්: ස්ටාලින් හරි ය; මම සෑම විටම නිවැරදි ය; අපි කවදාවත් දුතර්තේට සහාය දුන්නේ නැහැ යන්නයි. ඔහු පක්ෂයට නව බලවේග දිනා ගැනීමට අපේක්ෂා නොකරයි. මේ ආකාරයේ වාචාල කතා වලින් කිසිවෙකු දිනාගන්නට නොපුලුවන. ඔවුන්ගේ නායකත්වය විසින් නැවත නැවතත් කරන ලද පාවාදීම් කෙරෙහි පිලිකුලෙන් එය හැරයාම වැලැක්වීම පිනිස, දැනටමත් මහජන ව්‍යාපාරයේ සිටින අයට යම් ආකාරයක ද්‍රෘෂ්ඨිමය නිදහසට කාරනා ඉදිරිපත් කිරීමට සිසොන් උත්සාහ කරයි.

ඔහුගේ වාචාලකම කෙතරම් දරුනු වුවත් සිසොන්  ආක්‍රමනකාරී පැත්තේ නොසිටියි. මේවා මංමුලා සහගත, කොන් වූ මිනිසෙකුගේ තර්කය. සෑම පැත්තකටම දමාගසන ඔහු, සමූහ ඝාතන සහ පාවාදීමේ උරුමය ආරක්ෂා කරන්නේ මලානිකව යන උද්දාමයකිනි. 

Loading