එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් ලෝක උරුමයක් ලෙස නම්කොට ඇති සිංහරාජ වන සංරක්ෂිතය තුලින්, යුද හමුදාවේ මෙහෙයවීමෙන් මහා මාර්ගයක් තැනීමට එරෙහිව පරිසරවේදීන් ඇතුලුව, මහජනතාවගෙන් දැඩි විරෝධයක් මතුව ඇත. මෙම ව්‍යාපෘතිය නිසා, රක්ෂිතයේ පරිසර පද්ධතියට විශාල හානිකර බලපෑමක් ඇතිවනවා පමනක් නොව, එය සම්පූර්නයෙන්ම ලංකාවේ පරිසර නීතිය උල්ලංඝනය කිරීමක්ද වන බව පරිසර ක්‍රියාකාරීන් ප්‍රකාශ කරයි.
සිංහරාජ රක්ෂිතයේ එක් මායිමක පිහිටා ඇති ලංකාගම ගම්මානය, දෙනියාය නගරය හා සම්බන්ධ කරමින් මේ මහා මාර්ගය ඉදිකරන්නේ, එම ගැමියන්ගේ ගමනාගමන පහසුව සඳහා යයි ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ප්‍රකාශ කරන නමුත්, ප්‍රදේශවාසීන් හා පරිසරවේදීන් පවසන්නේ, එහි සැබෑ අරමුන, රක්ෂිතය ආශ්‍රිතව දියත් කිරීමට සැලසුම් කර ඇති පුද්ගලික ව්‍යාපාර සඳහා පහසුකම් සැපයීම වියහැකි බවයි.
සෞඛ්‍යය හා අධ්‍යාපනය ඇතුලු මහජන අවශ්‍යතාවන් සාහසිකව නොසලකා හරිමින් පොදු වියදම් දැවැන්ත පරිමානව කපාහරින ආන්ඩුවක්, ඈත පිටිසර කුඩා ගම්මානයකට මාර්ග පහසුකම් සැපයීම ප්‍රමුඛතාවක් කරගෙන ඇතැයි, සිතන මතන කවරෙකු හෝ විශ්වාස නොකරනු ඇත. මේ වනාහි, දශක ගනනාවක සිට ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු විසින්, පුද්ගලික ලාභ අවශ්‍යතාවයන් සඳහා දිවයිනේ පිහිටි අතිශයින් සංවේදී පරිසර පද්ධතීන් වලට එල්ලකරමින් සිටින මාරක ප්‍රහාරයේ කොටසකි.
සිංහරාජ වන රක්ෂිතය, වනජීව හා වෘක්ෂලතා සංරක්ෂන අඥා පනත යටතේ, “ආරක්ෂිත ප්‍රදේශයක්” ලෙස නම් කොට ඇති, සංරක්ෂන කටයුතු හැර අන් කිසිඳු, ඉදිකිරීම් කාර්යක් සඳහාය අවසර නොමැති ප්රදේශයකි. ඉතා ඉහල ජෛව විවිධත්වයකින් යුතු ඝර්ම කලාපීය වැසි වනාතරයක් වන එහි, පෘථිවි පරිසර පද්ධතියට සමස්තයක් වශයෙන් ඇති වැදගත් කම සලකා 1988දි යුනෙස්කෝ මගින් “ලෝක උරුමයක්” ලෙස නම් කරන ලදී.
ව්‍යාපෘතිය සම්බන්ධ අදහස් ප්‍රකාශ කරමින් “වැසිවනාන්තර රැකගන්නෝ” සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මාධ්‍යයට පවසා තිබුනේ හමුදාව මේ මෙම ව්‍යාපෘතිය සදහා කිසිඳු අවසර ගැනීමේ පටිපටිපාටියක් පිලිපැද නොතිබූ බවයි, “අප විමසූ සමහර නියාමන ආයතන, මේ ව්‍යාපෘතිය ගැන කිසිම දැනුවත් වීමක් වෙලා තිබුනේ නැහැ.” “මෙම මාර්ගයෙන් සැලකිය යුතු කොටසක් දිව යන්නේ පුරාතන වැසි-වනන්තර පද්ධතියක් තුලින්, ඒ වගේම එය දැවැන්ත නායයාම් සිදුවිය හැකි, අංශක හැටක බැවුම් සහිත ප්‍රදේශයක්” ඔහු වැඩි දුරටත් පැවසීය.
ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙක් හා නීතිඥයෙකු වන ජගත් ගුනවර්දන, මාධ්‍යට පවසා සිටියේ මේ ව්‍යාපෘතිය දෙආකාරයකින් ලංකාවේ පරිසර නීතිය උල්ලංඝනය කරන බවයි. “පලමුව ඕනෑම ප්‍රදේශයක හෙක්ටයාරයකට වඩා වැඩි වනවැස්මක් ඉවත් කරන ඕනෑම ව්‍යාපෘතියකට, 'පාරිසරික බලපෑම අධ්‍යනයක්' සිදුකර, අවසර ගත යුතුමයි ... දෙවැන්න ජාතික වනජීව උරුමයක් වන ප්‍රදේශයක, කිසිඳු ඉදිකිරීමක් සිදුකරන්න තහනම්.” ගුනවර්ධන තවදුරටත් පවසා සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ව්‍යාපෘතිය තාවකාලිකව නවතා ඇති බව හමුදාව හා මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර ඇතත්, එලෙස තාවකාලිකව නවතා පසුව යලි ආරම්භ කරන විනාශකාරී ව්‍යාපෘති පිලිබඳ කුප්‍රකට වාර්තාවක් ශ්‍රී ලංකාව සතු බවයි.
ආන්ඩුව විසින් ම ශ්‍රී ලංකාවේ පරිසර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් මේ වන විනාශය සිදුකරන්නේ, දේශපාලන අනුග්‍රහය සහිතව පුද්ගලික පාර්ශවයන් සිදුකරන වන-රක්ෂිත හෙලිපෙහෙලි කිරීම්ද තීව්රලෙස ඉහල යමින් ඇති පසුබිමකය. පසුගිය මාසය තුල පමනක්, ”රාමසා” ප්රඥප්තිය යටතේ “ගෝලීය වැදගත් කමක් ඇති තෙත් බිමක් ලෙස” නම් කර ඇති ආනවිලුන්දාව වන රක්ෂිතයේත්, පුත්තලම දිස්ත්‍රික්කයේ වනාත-විල්ලුව වන රක්ෂිතයේත් අක්කර සියයකට අධික බිම් ප්‍රමානයක් හෙලි කෙරී ඇති බව වාර්තා වී ඇත.
නැගෙමින් ඇති මහජන විරෝධය ගසා කෑමට සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ධනපති හා ව්‍යාජ වාම පක්ෂ මාන බලමින් සිටී. මේ වන විනාශය, වර්තමාන රාජපක්ෂ පාලනයේ “දුෂන හා වංචා” වලට සිඳුවමින්, පරිසර ආරක්ෂකයන් ලෙස පෙනීසිටීමට ඔවුහු උත්සාහ දරති. නමුත් සත්‍යය නම්, ශ්‍රී ලංකාවේ රක්ෂිත ප්‍රදේශ, ධනපති අවශ්‍යතාවයන් සඳහා විනාශ කිරීමේ පිලිවෙත ඉදිරියට ගෙන යාමට මේ සියලු පක්ෂ ඍජුව හෝ වක්‍රව සම්මාදම් වී ඇති බවයි.
* චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමය තුල, ලංකාවේ කඳුකර කලාපයේ පිහිට එකම “දැඩි රක්ෂිතය” වන, හක්ගල දැඩි රක්ෂිතයේ අක්කර සිය ගනනක්, පුද්ගලික සමාගමක් වන අඹේවෙල කිරි ගොවිපොල වෙත අනියම් ආකාරයෙන් පවරා දුනි.
* වර්ගවාදී යුද්ධය අවසාන සමයේ, කිසිඳු නිසි ක්‍රමවේදයකින් හෝ අවසරයකින් තොරව, නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවේ විශාලතම වන රක්ෂිත ප්‍රදේශය වන විල්පත්තු ජාතික වනෝද්‍යානය තුලින් කිලෝමීටර 35ක මහා මාර්ගයක් ඉදි කෙරුනි.
* යාල ජාතික වනෝද්‍යානය තුල හා එහි බෆර් කලාපයේ හෝටල් හා ඊනියා “පරිසර හිතකර සංචාරක කඳවුරු (Eco-Camps)" ඉදි කිරීම සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුව හා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යන පාලනයන් දෙක යටතේම බදු පදනම යටතේ ඉඩම් ලබා දුනි.
ස්වභාවික පරිසර පද්ධතීන්ට හා රක්ෂිත ප්‍රදේශ වලට එල්ලවෙමින් ඇති මේ ප්‍රහාරය හුදෙක් ඒ හෝ මේ පාලන තන්ත්රයේ “වංචා හා දුෂන” නිසා පැන නගින්නනක් නොව, ධනපති ක්රමයේ නිර්මිතයකි. 19 වන ශතවර්ශය මැද භාගයේ සිටම, ධනපති කාර්මික නිෂ්පාදනය ප්රසාරනයේ ප්‍රතිඵල ලෙස වන-විනාශය, පතල් කැනීම්, හා ජල හා වායු දුෂනය ආදි බරපතල තර්ජන පරසර පද්ධතීන්ට එල්ල වීමට පටන් ගැනිනි.
එම යුගයේ වර්ධනීය අවධියක පැවති ධනපති ක්‍රමය තුල, මේ ගැටලුු වලට විසඳුම් සෙවීම සඳහා දියුනු ධනපති රටවල් වනසංරක්ෂන නීතිරීති, හා පරිසර ආරක්ෂන නීති ගෙන ඒමට යම් උත්සාහයක් දැරිනි. එම රෙගුලාසි යම් පමනකට ශ්‍රී ලංකාව වැනි යටත් විජිත රටවලට ද හඳුන්වා දෙන ලදී. නමුත්, මේ නීතිරීති හා ක්‍රමවේදයන් සහිතවම වුවද, ධනපති ක්‍රමය ප්රසාරනය වුයේ වනාන්තර, තෙත්බිම් හා අනෙකුත් ස්වාභාවික සම්පත් වල දැවැන්ත විනාශයක් මතිනි.
පුර්ව කාර්මික යුගයේ පැවති වනාන්තර වලින් සියයට 70ක් පමන ප්‍රමානයක් හා තෙත් බිම් වලින් සියයට 50කට අධික ප්‍රමානයක්ද මේ වනවිට සම්පූර්නයෙන්ම විනාශ වී ඇත. 1970 ගනන් වල පශ්චාත් ලෝක-යුද උත්පාත කාලය අවසන් වීමෙන් පසු, ලෝක ධනපති ආර්ථිකයේ ගැඹුරු වූ අර්බුදයත්, නිෂ්පාදනය පෙර නොවූ විරු ලෙස ගෝලීයකරනය වීමත් නිසා, පරිසරයට එරෙහි ධනපති ක්රමයේ ප්‍රහාරය නව පරිමානයක් අත්පත් කරගෙන තිබේ.
පෙර පැවති වන සංරක්ෂන නීති ඍජුව හෝ වක්‍රව උල්ලංඝනය කිරීම, රක්ෂිත ප්‍රදේශ කුඩා කිරීම හා අහෝසි කිරීම, හා රක්ෂිත ප්‍රදේශ තුල යටිතල ව්‍යුහයන් ඉදිකිරීමට හා සංචාරක කරමාන්තය සඳහා විශේෂ අවසරයන් ලබාදීම ආදිය නව ප්රවනතාවක් ලෙස දියුනු හා පසුගාමී ධනපති රටවල එක ලෙස සිදුවෙමින් පවතින බව, මෑත පලවු පරිසර විද්‍යාත්මක ලිපි හා පරිසර සංවිධානවල වාර්තා පෙන්වා දෙයි.
මෙම ගෝලීය සන්තතීන්ගෙන් ගාමකය ලබන ශ්‍රී ලංකාවේ රක්ෂිත ප්‍රදේශ වලට එරෙහි ප්‍රහාරය, පරිසරවේදීන් පවසන ආකාරයට රටේ පරිසර නීතිය ක්‍රියාත්මක කිරීමෙන් නවතාලිය නොහැක. ඉදිරි වසර දෙක තුල ඩොලර් බිලියන 14ක විදේශ නය වාරික ගෙවීමේ අර්බුදයට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුව මුල්‍ය ප්රාග්ධනයේ ඕනෑම අවශ්‍යතාවක් ඉටුකර දීමට කැපවී සිටි. ධනපති නීතිය ඇතුලු ධනපති රාජ්‍යයේ සියලු ආයතන බැඳී ඇත්තේ ලාභ ක්‍රමය ආරක්ෂා කරදීමට මිස මහජන සුභසාධනය හෝ පරිසරයේ තිරසාර භාවය රැකීමට නොවේ. අමු අමුවේ පරිසර නිතිය උල්ලංඝනය වෙද්දීත්, නියාමන ආයතන අකර්මන්‍යව සිටින්නේ මේ නිසාවෙනි.
ධනපති ක්‍රමය හා පරිසරය අතර මතුවිය යුතුව තිබු මේ අනිවාර්ය ගැටුම 19 වන ශතවර්ෂයේ අග භාගයේදීම හඳුනාගත් කාල් මාක්ස් එය විස්තර කලේ “නිෂ්පාදකයා නිෂ්පාදනයෙන් පරත්වාරෝපනය කිරීමෙන්” පැන නගින පරස්පර විරෝධයේ කොටසක් ලෙසය. ධනපති ක්‍රමය තුල සියලු නිෂ්පාදන කටයුතු සිදු කරන කම්කරු පන්තියට නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවීමට කිසිඳු අයිතියක් නැත. නිෂ්පාදන මාධ්‍යයන් හිමි සහ ඒවා මෙහෙයවන ධනපතියාට, තම නිශ්පාදන ක්‍රියාවලියෙන් පැන නංවන පරිසර ගැටලු සම්බන්ධයෙන් කවර හෝ උත්සුකයක් නොමැත. ඔහු උත්සුක වන්නේ හුදු ලාභය කෙරෙහි පමනි. එබැවින්, මෙය ධනපති නිෂ්පාදන සම්බන්ධතා තුල කිසිසේත්ම විසඳිය නොහැකි පරස්පරයකි.
වන විනාශය ඇතුලු, අද මානව වර්ගයා මුහුන දී ඇති සියලු පරිසර අභියෝග විසඳාලීමට එකම ශක්‍ය මග වන්නේ, සැබෑ නිශ්පාදකයන් වන කම්කරු පන්තිය, ධනපතීන් අස්වාමික කොට, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පොදු අයිතිය තමන් අතට ගෙන, එය විද්‍යාත්මක හා ප්රජාතන්ත්රවාදී පාලනයකට යටත් කිරීම මගින්, නිෂ්පාදනය හා පරිසරය අතර අද මතුවී ඇති පරස්පර විරෝධතාවන් විසඳා ලීමයි.
මානව නිෂ්පාදනය, පරිසර පද්ධතීන් හා ක්‍රියාවලින් සමග සුසංයෝගී කිරීම සඳහා අවශ්‍ය වන මුලික විද්‍යාත්මක සංකල්පයන් දැනටමත් කලල මට්ටමෙන් මතුවී ඇති අතර ඒවා ප්‍රායෝගික මට්ටමකට වර්ධනය කල හැක්කේ, පුද්ගලික ලාභය වෙනුවට, සැබෑ මානව අවශ්‍යතාවන් වෙනුවෙන් නිෂ්පාදනය සිදුකරන ජාත්‍යන්තර සමාජවාදී නිශ්පාදන-ආර්ථික ක්‍රමයක් තුල පමනි.
ධනපති ක්‍රමය තුල මාරාන්තික මට්ටමකට වර්ධනය වී ඇති අනිත් සියලු සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුද මෙන්ම පරිසර අර්බුදය විසදීමද කම්කරු පන්තිය තමන් අතට ගත යුතුය. ශ්‍රී ලංකාව තුල නම්, දැන් ආර්ථිකයේ විවිධ අංශ හරහා වර්ධනය වෙමින් ඇති කම්කරු අරගල, හා ගොවිජනතාවගේ හා ශිෂ්‍යයන්ගේ අරගල තුලට පරිසර ගැටලු පිලිබඳ ඉල්ලීම් අන්තර්ග්රහනය කරගත යුතුය.
පරිසර ගැටලු වලින් පීඩා විඳින ප්‍රජාවන්, ව්‍යාජ-වාම හා සිවිල් සංවිධාන තොරොම්බල් කරන ධනපති ආන්ඩුවලට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කර, සමස්ත ධනපති ක්‍රමයට එරෙහි අරගලයකට කම්කරු පන්තිය සමග ඒකාබද්ධ විය යුතුය.
කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවත් පරිසර අර්බුද වලට ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයකින් මැදිහත් වී සටන් කර ඇත. ශ්‍රී ලංකාවේ මීතොටමුල්ල කසල කන්ද මගින් ජනිත කල අර්බුදය, ඇමරිකාවේ ෆ්ලින්ට් හි ජලදුෂන පිලිබඳ ප්රශ්නය, හා ලෝකය පුරා ඇවිලෙමින් ඇති ලැව්ගිනි ආදී ප්‍රශ්න, මෙලෙස ජාත්‍යන්තර කමිටුව මැදිහත්වූ පරිසර ගැටලුවලින් කිහිපයකි.
මේ ගැන වඩාත් දැනුවත් වීමට, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන ලෙසත්, ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය සමග සම්බන්ධ වන ලෙසත් අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා පරිසර අර්බුද වලින් පීඩා විඳින සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.