ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ දී සසජාතශි සාර්ථක වාර්ෂික මහා සභා රැස්වීමක් පවත්වයි

මෙල්බර්න් හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංසදය (සසජාතශි) ඔක්තෝබර් 2 වන දින වාර්ෂික මහා සභා රැස්වීමක් ඔන්ලයින් ක්‍රමයට සාර්ථක අන්දමින් පැවැත්වී ය. සමාජවාදී සමානතා පක්ෂයේ තරුන සංගමය විසින් කැඳවන ලද මෙම අවස්ථාවට මෙල්බර්න්, ආර්එම්අයිටී සහ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාල වලින් මෙන්ම වික්ටෝරියා ප්‍රදේශයේ කම්කරුවන්, තරුනයින් සහ සිසුන් ඇතුළු 25 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙල්බර්න්හි සිව්වන වතාවට කොරෝනා වයිරස් අගුලු දැමීමේ ප්‍රතිඵලයක් ලෙස කායික දේශපාලන ක්‍රියාකාරකම්වල සීමාවන් තිබියදීත්, සිසුන් දස දෙනෙකුගේ ගනපූරන අවශ්‍යතාවය ඉක්මවා යාමට සසජාතශි සංසදයට හැකි විය. 2018 අවසානයේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයට අනුබද්ධ වීමෙන් පසු ව සංසදය දැන් එහි යලි අනුබද්ධ වීමේ අවශ්‍යතා සපුරා ඇත.

“විශේෂයෙන් වර්තමාන තත්වයන් යටතේ අපගේ සංසදය විශ්වවිද්‍යාලය තුල පැවතිය යුතු බවට අපට ශිෂ්‍යයින්ගෙන් ඉහල ප්‍රතිචාරයක් ලැබුණා,” තේරීම් භාර ජනාධිපති ජේසන් වෝඩ්ල් පැවසී ය.

“තරුණයින් සහ කම්කරුවන් ඔවුන්ගේ අනාගතය ගැන කනස්සල්ලට පත්ව සිටින අතර, ඔවුන්ට අධ්‍යාපනය, නායකත්වය සහ මගපෙන්වීම සඳහා අව්‍යාජ සමාජවාදී ඉදිරිදර්ශනයක් සහිතව දේශපාලනිකව මැදිහත් වීම ඉලක්ක කරගත් එකම සංවිධානය සසජාතශි” බව ඔහු පැවසීය.

නව විධායක මන්ඩලය තේරී පත්වීමෙන් පසු වෝර්ඩ්ල් රුසියානු සමාජවාදී විප්ලවවාදියෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ අතර එයට උනුසුම් ප්‍රතිචාර ලැබුනි. වෝඩ්ල් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් රචිත “ට්‍රොට්ස්කිගේ අවසන් වසර” කොටස් හයක ලිපි මාලාවේ අංගයන් උපුටාගනිමින් රුසියානු විප්ලවය තුළ ට්‍රොට්ස්කිගේ භූමිකාව සහ දෙවන ලෝක යුද්ධයට පෙරාතුව පැවති කාල පරිච්ඡේදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂනය, ෆැසිස්ට්වාදයේ නැගීම සහ විශේෂයෙන්ම ස්ටැලින්වාදය - මීට වසර 80 කට පෙර ට්‍රොට්ස්කි ඝාතනය කල ප්‍රති-විප්ලවවාදී ව්‍යාපාරය කෙටියෙන් සමාලෝචනය කලේ ය.

වාර්තාවෙන් පසුව පැවති සාකච්ඡාවේ දී සහභාගිවන්නන් රුසියානු විප්ලවයේ ඓතිහාසික කරුනු, ට්‍රොට්ස්කිගේ ජීවිතය සහ යුද්ධයේ අන්තරාය, එක්සත් ජනපද මැතිවරනය සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවෘත ෆැසිස්ට් ව්‍යාපාරය ඇතුළු සමකාලීන ගැටළු පිළිබඳව ප්‍රශ්න ඇසූහ.

ලයිලා

සමාජ ලේකම් ලෙස තේරී පත් වූ මනෝ විද්‍යාව හදාරන 20 හැවිරිදි ලයිලා, රැස්වීම “ඇස් අරවන එකක්” බව පැවසුවාය.

“ට්‍රොට්ස්කි ඝාතනයේ 80 වන සංවත්සරය පිළිබඳ වාර්තාව සිත්ගන්නා සුලුයි. ට්‍රොට්ස්කිට මෙතරම් විශාල අනුගාමිකයන් සිටියේ කෙසේද? මම සසජාතශි සමඟ සම්බන්ධ වීමට පෙර මම ඔහු ගැන පෞද්ගලිකව දැන සිටියේ නහැ. “ඔහු ගැනවත්, ලෙනින් ගැනවත්, රුසියානු විප්ලවය ගැනවත් මට කිසි විටෙකත් ඉගැන්වූයේ නැහැ. මට එය පුදුමයක් නොවෙයි. මොකද ඒක සාමන්‍ය පටිපාටියේ නැහැ. ඔවුන්ට ඉගැන්වීමට අවශ්‍ය දේ ඔවුන් උගන්වනවා. මේවා ගැන දැනගැනීම ඒ ඒ පුද්ගලයාට පැවරෙනවා. එසේ නොවේ නම්, ඔබේ ඔලුව හොඳටම පුරවලයි තිබෙන්නේ.”

එක්සත් ජනපද මැතිවරනය ගැන ලයිලා පැවසුවේ, “මම හිතන්නේ ට්‍රම්ප් යනු ඒකාධිපතියෙකුගේ පරිසමාප්ත අර්ථ දැක්වීමයි. ඔහු බලය අත්හැරීමට කැමති නැත ,බියජනකම කොටස එයයි.බලයේ තවදුරටත් රැඳී සිටීමට ඔහු ඕනෑම දෙයක් කරයි. ඔහු තම අනුගාමිකයන්ට පවසා ඇත්තේ මිනිසුන් බිය ගැන්වීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වලින් පිටත සිටගෙන සිටින ලෙසයි. එය නීති විරෝධීයි. ”

ලෝක යුද්ධයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව තමා සැලකිලිමත් බව පැවසූ ලයිලා, “මම හිතන්නේ යුද්ධය පිළිබඳ ප්‍රශ්නය එතරම් අභව්‍ය දෙයක් නොවේ. පූර්න පරිමාන යුද්ධයක් මා මවිතයට පත් කරන්නේ නැහැ. මම හිතන්නේ එය ඉතා විනාශකාරී වනු ඇති. තාක්‍ෂනය සහ ආයුධ ඉතා දියුනු ඒවා වන අතර අපව සම්පූර්නයෙන්ම විනාශ කරනු ඇත. මම හිතන්නේ නැහැ අපට ප්‍රකෘති ස්වභාවයට පැමිනිය හැකියි කියා - එය ඩිස්ටෝපියානු ලෝකයක් වනු ඇත. ”

තවත් සසජාතශි සාමාජිකයෙකු වන මූසා පැවසුවේ “රැස්වීම ඉතා හොඳයි. පසුගිය වසරට වඩා වැඩි පිරිසක් සහ වෙනස් මුහුනු රැසක් එහි සිටි බවයි.

“හොඳ දෙය නම් ලෙනින්, ට්‍රොට්ස්කි සහ සත්‍යවශයෙන්ම සිද්ධ වුයේ කුමක්ද යන්න සාකච්ඡා කිහිපයක් තිබීමයි.” ස්ටැලින් ගැන ලෙනින් කල අනතුරු ඇඟවීම වැදගත් ය - ඒ පිලිබඳව ප්‍රශ්නයක් මතු විය. මුසා සඳහන් කළේ, සම්මේලනය “දේශපාලනිකයි - එය නීරස රැස්වීමක් වුයේ නැහැ, ක්‍රියාකාරකම් පිළිබඳ මලානික වාර්තාවක් වුයේද නැත, ස්ටැලින් සහ ලෙනින් පිලිඹඳ අදහස් හා සාකච්ඡා රැස්වීමේ වටිනා අංගයක් විය. මට මේ ගැන වැඩිදුර පර්යේෂන කිරීමට අවශ්‍යයි. ”

ඇෆ්ගනිස්ථාන සංක්‍රමනිකයෙකු ලෙස මූසා එක්සත් ජනපද මැතිවරනය සහ යුද්ධයේ අන්තරාය පිළිබඳව අවධානය යොමු කළේය. “ඩිමොක්‍රටිකයන් - ඔවුන් රිපබ්ලිකානුවන්ට වඩා වෙනස් නොවේ. මට කිසිම වෙනසක් නොපෙනේ. ඒවා මට වෙනස් නොවේ, ”ඔහු පැවසීය.

මූසා

“ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානය ගැන අදහස් දැක්වුයේ ‘අපට සතියකින් ඇෆ්ගනිස්ථානය ලෝක සිතියමෙන් පිසදා දැමිය හැකියි කියායි,’” මූසා තවදුරටත් පැවසීය. “ඔවුන් මිනිසුන් දෙස බලන ආකාරය මෙයයි, මේ වතාවේ ඇෆ්ගනිස්ථානය, ඔවුන්ට කොහෙත් එකයි. ජෝ බයිඩන් පැවසුවේ “ඇෆ්ගනිස්තානය සාමයට කැමති නැත, ඔවුන්ගේ ඉතිහාසයේ ද සාමයක් නැත, ඔවුන් සැමවිටම එකිනෙකා සමඟ සටන් කරයි, එබැවින් අපි ඔවුන්ගේ රටේ සාමය ගැන තැකීමක් නොකල යුතුය, මන්ද එය ඔවුන්ට අවශ්‍ය දේ නොවේ. නැවත කියතොත්, ඔවුන් මිනිසුන් දෙස බලන ආකාරය මෙයයි, එබැවින් ට්‍රම්ප් හා බයිඩන් එකිනෙකාට වඩා වෙනස් වන්නේ කෙසේද, ඔවුන්ගේ කිසිදු වෙනසක් නැත.”

ඒඩන් අපරාධ නීතිය පිලිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටින අතර ඔහු සසජාතශි හි උප සභාපති ලෙස කටයුතු කරයි. ඔහු සංගමයට සහයෝගය දක්වමින් මෙසේ පැවසීය, “මම හිතන්නේ ධනවාදයට විකල්පයක් ගැන මිනිසුන් උනන්දු වන්නේ නම්, ඔවුන්ට එය විශ්වවිද්‍යාල තුල කතිකාවක් ඇතිකිරීමට අයිතියක් ඇතැයි මම සිතනවා. යෞවනයන් මේ සඳහා යොමු වී සිටින අතර ඔවුන්ට මෙම තොරතුරු දැනගැනීමට සහ අවංකව කථා කිරීමට අවස්ථාව තිබිය යුතුය”

එක්සත් ජනපදය හා චීනය අතර වැඩිවෙමින් පවතින යුද ආතතීන් පිළිබඳව ඒඩන් පැවසුවේ, “ට්‍රම්ප් තවමත් කෝවිඩ් වෛරසය හඳුන්වන්නේ ‘චීන වෛරසය’ යනුවෙනි. එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ පැවැත්ම [ආසියා - ෆැසිපික් කලාපය තුල]ගොඩනගා ගැනීමට ය. නමුත් චීනය ද [කලාපය තුල ]ගොඩ නැගෙමන් සිටියි. ඕස්ට්‍රේලියාවට එක්සත් ජනපදය සතුටින් තබා ගැනීමට අවශ්‍ය බව පෙනේ, ඔවුන් අපගේ මිලිටරි හවුල්කරුවන් වන අතර චීනය අපගේ විශාලතම වෙලඳ හවුල්කරුවා වේ. ඔවුන් එකිනෙකාට එරෙහිව කටයුතු කලහොත් නම් මෙහි කුමක් සිදුවේද? ”

ඒඩන්

එක්සත් ජනපද මැතිවරනය පිලිබඳව ද ඔහු කනස්සල්ල පල කරමින් කියා සිටියේ, “වසංගතය අතරතුර ඡන්දය ප්‍රකාශ කිරීම උත්ප්‍රාසාත්මකව දුෂ්කර කරවන පරිදි ට්‍රම්ප් තැපැල් සේවය අහෝසි කලා. එය මහා අපබ්‍රංසයක්. මුළු රටම අර්බුදයක සිටින අතර රජය සහ ට්‍රම්ප් බලයට පත්වීම ගැන පමනක් සැලකිලිමත් වන බවක් පෙනෙනවා. ට්‍රම්ප් සහ බයිඩන් අතර පැවති විවාදය එදා මෙදා තුර පති විවාද අතුරින් නරකම එක විය හැක.”

“ඒ විවාදය ප්‍රාථමික පන්තිවල ලමයි කරන විවාදයක් වගේ. මම දැක්කා දිගින් දිගට ම ට්‍රම්ප් බිඩෙන්ගේ ලමයි ගැන සඳහන් කරමින් ඔහුට සිය වතාවකට වැඩිය බාදා කරනවා. විවාදයේ පූරක සුදු ස්වෝත්තමවාදීන් හෙලා දකින්නැයි ට්‍රම්ප්ට දිගින් දිගට ම කියද්දි ට්‍රම්ප් ඒක මග හැරියා. ට්‍රම්ප් ප්‍රවුඩ් බෝයිස්ලට ආයාචනය කල ආකාරය නින්දිතයි. ඕස්ට්‍රේලියාවත් මේ අද්දැකීමෙන් වැඩි ඈතක නෙවෙයි ඉන්නේ.”

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කුඩා සහ විකල්ප සංගම් විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක විමෙන් වලකා දැමීමේ අරමුන ඇති ව ප්‍රජාතන්ත්‍රවීරෝධී මහ සභා රැස්වීම් රෙගුලාසි පනවා ඇත. මෙල්බර්න් සසජාතශි ශාඛාව මෙම ප්‍රජාතන්ත්‍රවීරෝධී පියවරයන්ට එරෙහි ව තම මහ සභා රැස්වීම ගොඩ නැගීමටත්, එනයින් විශ්ව විද්‍යාලය තුල ට්‍රොට්ස්කිවාදී ඉදිරි දර්ශනයේ ක්‍රියාකාරීන් වීමට සිසුන්ට දිගින් දිගටම ඉඩ අවකාශ සැලසීමටත් සටන් වදී.

[මෙම ලිපිය 2020 ඔක්තෝබර් 11 වැනි දින ඉංගිරිසි බසින් පල විය.]

Loading