ශ්‍රී ලංකාවේ සසප, COVID-19 ට එරෙහිව සටන් වදින සමාජවාදී ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කරන අන්තර්ජාල (ඔන්ලයින්) රැස්වීමක් පවත්වයි

COVID-19 වසංගතය ඇති කර තිබෙන සමාජ ව්‍යසනයට එරෙහිව කම්කරු පන්තිය විසින් සටන් කල යුතු ක්‍රියාමාර්ගය සාකච්ඡා කිරීමට, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ එක්ව, ප්‍රසිද්ධ අන්තර්ජාල- ඔන්ලයින්-   රැස්වීමක් පවත්වයි. ඔක්තෝබර් 28 වන දින රාත්‍රී 7 ට ආරම්භ වන රැස්වීම, පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව තුලින් සජීවීව විකාශය කෙරේ.

 ගෝලීයව සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති  වසංගත ආසාදිතයින්, මේ වන විට මිලියන 41  හා  මරන මිලියන 1.1 ඉක්මවයි. තම ආන්ඩුව වසංගතය පාලනය කර ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කල ප්‍රකාශය, මේ මාසයේ දී රට පුරා සිය ගනනක් COVID-19ට ගොදුරුවීමත් සමඟ පුපුරා ගියේය. පැතිරීමේ සැබෑ ප්‍රමානය  ආන්ඩුව විසින් වසන් කර ඇතත්, නිල දත්ත වලට අනුව කොරොනා වෛරස් ආසාදන 8870 ලඟා වී ඇති අතර සක්‍රීය රෝගීන් 4808 කි.

මාර්තු මාසයේදී කෙටි හා ආවාට ගියාට කල අගුලු දැමීම් වලින් පසුව අප්‍රේල් මාසයේදී, ලක්ෂ ගනනක් කම්කරුවන් “නැවත වැඩට” දක්කනු ලැබින. මෑත දිනවල, COVID-19 ආසාදන, ගුරුවරුන්, සිසුන් මෙන්ම රෝහල්, බැංකු, ප්‍රවාහන සේවා, වරාය සහ විදුලි බල මන්ඬලයේ සේවකයින් ද ආරක්ෂක අංශ සහ පොලිස් නිලධාරීන් අතර ද සොයාගෙන ඇත.

අන්තරායන් යට ගැසීමට ආන්ඩුව අධිෂ්ඨානවත් ය. මහා ව්‍යාපාරිකයින්ට තම ලාභ ගැරීම දිගටම කර ගෙන යාමට ඉඩ සලසන අතර ආන්ඩුව, බොහෝ ආසාදන වාර්තා වුන ගම්පහ දිස්ත්‍රික්කයේ සහ තවත් ප්‍රදේශ කිහිපයක සීමිත අගුලු දැමීම් පමනක් ක්‍රියාත්මක කර ඇත. 

මේ වසරේදී රටේ ආර්ථිකය සියයට 6.8 කින් හැකිලෙන බව ලෝක බැංකුව පෙන්වා දීම හමුවේ ආර්ථිකය බරපතල නය අර්බුදයකට මුහුන දෙයි. මෙම අර්බුදයේ බර කම්කරුවන් හා ග්‍රාමීය දුප්පතුන් මත පැටවීමට ආන්ඩුව උත්සාහ කරන අතරම, එහි කප්පාදු පියවරයන්ට එරෙහිව නැගී එන මහජන විරෝධය මැඩපැවැත්වීම සඳහා ආඥාදායක පාලන ක්‍රම සූදානම් කරමින් සිටී.

සසප අන්තර්ජාල රැස්වීම, කම්කරු පන්තිය සඳහා, වසංගතය ද ආන්ඩුවේ ප්‍රතිගාමී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ද හේතුවෙන් ඇති කෙරෙන විනාශයට එරෙහිව සටන් වැදිය හැකි සමාජවාදී වැඩපිලිවෙලක් සාකච්ඡා කරනු ඇත. සසප පමනක් මෙම වැඩසටහන වෙනුවෙන් පෙනී සිටින අතර පක්ෂයට බැඳෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. ඔක්තෝබර් 28 බදාදා රාත්‍රී 7 ට පැවැත්වෙන අපගේ අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන්න

රැස්වීමේ විස්තර:

දිනය සහ වේලාව: ඔක්තෝබර් 28 බදාදා රාත්‍රී 7ට

 facebook.com/sep.lk තුලින්

Loading