ඉදිරිදර්ශන

යුරෝපය තුල කොවිඩ්-19 වසංගතය ඉහල යද්දී ආන්ඩු ජීවිත වෙනුවට ලාභ රකියි

මෙම වසර තුල කෝවිඩ් ආසාදිතයන් මිලියන නවයක් සහ මරන 250,000 ක් ඉක්මවන තත්ත්වය තුල, යුරෝපය දැන් මහත් වූ ව්‍යසනයක අද්දරටම පැමින ඇත. නැවත වතාවක් සිදු වූ වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය, යුරෝපා ආන්ඩු අගුලුලෑම ඉවත් කිරීමට ගත් තීරනය ව්‍යසනකරී ලෙස අපරිනත බව මැනවින් පැහැදිලි කරයි. එහි ප්‍රතිඵලය ලෙස වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය මගින්, විශේෂයෙන්ම යුරෝපය තුල සෞඛ්‍ය පද්ධතිය සම්පූර්නයෙන් කඩා වැටීමේ තර්ජනයක් මතු කරයි.

එක් දිනක් තුල, දැනට යුරෝපයේ මරන 2000ක් සහ නව ආසාදන 200,000ක් වාර්තා වන අතර දල වශයෙන් මෙම සංඛ්‍යා දෙගුන වීමට ගත වන්නේ දින දහයක් පමනි. මෙම තත්ත්වය නොනැවත් වුවහොත් වෛරසයේ දැඩි බලපෑමට ලක් වූ රටවල රෝහල් පිරී ඉතිරී ගොස්, මහජනයාට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීම සඳහා ගත වනු ඇත්තේ සති කිහිපයක් පමනි. මේ වනවිටත් කොවිඩ්-19 ආසාදනය වූ  රෝගීන්ගෙන් ප්‍රන්සයේ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා  ප්‍රතිකාර කරන රෝහල් වල ඇඳන් වලින් භාගයක් ද, ස්පාඤ්ඤයේ රෝහල ඇඳන් වලින් කාලක් පමන ද පිරී ඇත. දැනට දෛනිකව විසිදාහක පමන ආසාදිතයින් වාර්තාවන බ්‍රිතාන්‍යය,ඉතාලිය ,පෝලන්තය, වැනි රටවල ද එසේම දැනට ආසාදිතයින් දාහතර දහසක් පමන වාර්තා වන ජර්මනිය, බෙල්ජියම වැනි රටවල් සිටින්නේ වැඩිම වුවහොත් ප්‍රන්සයට සති කිහිපයක් පිටුපසිනි.

යුරෝපය දැන් ගමන් කරන්නේ, විසිවන සියවසේ ලෝක යුද සමයට පසු අත්දකින මහා පරිමානයෙන් මනුෂ්‍ය ජීවිත අහිමි වීමක් කරාය. මිලියන ගනනක ජනයාගේ ජීවිත දැඩි අවදානමක පවතියි. මාර්තු මාසෙදි ජර්මන් බුද්ධි අංශය සකස් කල වාර්තාවකට අනුව වෛරසය එලෙස ව්‍යාප්ත වුවහොත් මිලියනයක පමන මහජනයා ජර්මනිය තුල මිය යන බව වාර්තා කර ඇත. ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, ජාතික රූපවාහිනී මගින් ප්‍රකාශ කර ඇත්තේ, හදිසි පියවර වහා නොගතහොත් ප්‍රන්සය තුල ලක්ෂ හතරක ජනයා මිය යනු ඇති බවයි.

රට අගුලු දමා මේ මහා විනාශය නැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ නැවත නැවත සිදු කරන ඉල්ලීම් හා මහජනයාගේ වර්ධනය වෙමින් ඇති කෝප සහගත මනෝගතීන් වලට මුහුන පා සිටින යුරෝපා ආන්ඩු අගුලු දැමීම සම්බන්ධයෙන් නැවත සලකා බලන බව ප්‍රකාශ කර ඇත. පසුගිය සතියේ අයර්ලන්තය හා වේල්සය අගුලු ලෑමේ නිවේදනය නිකුත් කල පසුව, ඊයේ රාත්‍රියේ මැක්රොන් විසින් සති 4ක අගුලුලෑමක් ප්‍රකාශයට පත් කලේ

කෙසේ වෙතත් මේ නිල නිවේදනයන්, තරුනයින් හා අත්ය්‍යවශ්‍ය නොවන කම්කරුවන් හට වෛරසයෙන්  ආරක්ෂා වීම සඳහා නිවසේ රැඳී සිටීමේ නියෝග නොවේ. මීට ඉහත දී යුරෝපා ආන්ඩු ඉතා අපරිනත ආකාරයෙන් අගුලු ලෑම ඉවත් කිරීම හා මෙවර මෙම නව අගුලුලෑම් වල අරමුන වන්නේ පාසැල් ලමුන් පාසල් වලටත්, තරුනයින් රැකියා ස්ථාන වලටත් යවා මූල්‍ය ප්‍රභූව සඳහා ලාභය උත්පාදනය කිරීමේ ක්‍රියාවලිය බලාත්මක කිරීමයි.

කම්කරු පන්තිය වෙත අප අනතුරු අඟවන්නේ යුරෝපා ආන්ඩු විසින් යෝජිත මෙම අගුලූලෑම් මගින් ගෝලීය අර්බුදය නවත්වන්නේවත් ව්‍යසනකාරී ජීවිත විනාශය වලක්වන්නේවත් නැති බවටයි. ජනතාව මේ ගෝලීය වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සැබෑ නිවසේ රැඳී සිටීමේ ප්‍රතිපත්තියක් ඇති කර ගැනීමට යුරෝපා ආන්ඩුවලට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන හා ජාත්‍යන්තර ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේය.

සංස්කෘතික ආයතන හා අවන්හල් මාසයක කාලයක් පුරා වසා දමමින් ජර්මනිය හා ප්‍රන්සය පාර්ශවීය අගුලුලෑමක් කරා යොමු විය. ඇන්ජලා මර්කල් ගේ "තීරන පත්‍රිකා" ප්‍රකාශ කරන්නේ - "පාසැල් හා ලදරු පාසැල් විවෘත තබමින් කර්මාන්ත, වෙලඳ හා කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාරයක් ආරක්ෂාකාරීව හැකි තාක් කල් විවෘතව තැබීම සහතික කිරීමයි. මැක්රොන් ප්‍රකාශ කලේ "පාසැල් විවෘතව තැබෙනු ඇත, දිගටම වැඩ කෙරෙනු ඇත සහ වැඩිහිටි නිවාස වලටද යා හැකිය" යනුවෙනි. තත්ත්වය මෙසේ හෙයින් වෛරසය දිගට ම පැතිරෙනු ඇත.

යුරෝපය පුරා දැඩි සංවරන සීමා පනවා ඇති සියලු රටවල අත්‍යාවශ්‍ය නොවන කර්මාන්ත හා පාසැල් විවෘතව තබා ඇත. අයර්ලන්ත ආන්ඩුව සති හයක අගුලුලෑමක් ප්‍රකාශයට පත් කරමින් නිවසේ සිට කිලෝමීටර් 5ක දුරකට සංචාරනය සීමා කර ඇත. කෙසේ වෙතත් මාර්තු මාසයේ අගුලු ලෑමට වෙනස්ව සියලු පාසැල්, ඉදිකිරීම් ස්ථාන , කර්මාන්තශාලා විවෘතව තබන අතර කොරෝනා වෛරසය පැතිරීමේ දැඩි අවදානම් සහිත මස් ඇසුරුම් කර්මාන්ත පවා විවෘතව තබා ඇත.

අගුලුලෑමේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා යැයි හඟවමින් යුරෝපා ආන්ඩු සියල්ල ඔවුන්ගේ මිනීමරු “රංචු ප්‍රතිශක්තිය” නැමැති ප්‍රතිපත්තිය යටතේ වෛරසය සමස්ත ජනතාවට සම්ප්‍රේෂනය වීමට පසුබිම සකසමින් සිටියි.

සෞඛ්‍ය ප්‍රතිපත්තිය පාලනය කිරීමට ධනපති පන්තියට තවදුරටත් ඉඩදිය නොහැක. විද්‍යාත්මක ප්‍රතිපත්තියක් මත පදනම්ව මේ සිදු කල හැකි එකම විප්ලවවාදී බලවේගය වන යුරෝපයේ කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පදනම්ව වෘත්තී සමිති නිලධාරිවාදයෙන් ස්වාධීනව මූල්‍ය ප්‍රභූවේ සාපරාධී ධනය මහජනයාගේ සුභ සිද්ධිය සඳහා අත්පත් කර ගත යුතුව ඇත.

මෙම වසන්ත සමයේදී අගුලු ලෑම ප්‍රථමයෙන් සිදු කරනු ලැබූවේ කම්කරු පන්තිය විසිනි. ඉතාලියේ පසුගිය මාර්තුවේ වාහන, ලෝහ සහ ඉංජිනේරු කර්මාන්ත හරහා පැතිර ගිය වෘත්තිය සමිති වලින් ස්වාධීන වූ වර්ජන රැල්ල පසුව ස්පාඤ්ඤය, ප්‍රන්සය සහ මහා බ්‍රිතාන්‍යයේ සැපයුම් ජාලය සම්පූර්නයෙන්ම අවුරමින් යුරෝපය පුරා කර්මාන්ත ඇන හිටවන ලදි. කොවිඩ්-19 වසංගතය සමස්ත ජනගහනය පුරා පැතිර ගිය, පසු කම්කරු පන්ති ව්‍යාපාර නිසා බියට පත්, යුරෝපා ආන්ඩු වහාම තම ක්‍රියාමාර්ග වෙනස් කරමින් අගුලු දැමීම කරා ගියේය.

මෙම අත්දැකීමේ දේශපාලන පාඩම් උකහා ගැනීම ඉතා අවශ්‍ය වේ. කම්කරු පන්තිය විද්‍යාත්මක පදනමක් මත වූ ප්‍රතිපත්තියක් සඳහා තම හැකියාව ප්‍රදර්ශනය කලත් එය ස්වයංසිද්ධ ව්‍යාපාරයකි. වර්ජන අවසන් වූ වහාම මූලික අගුලුලෑම කල නමුත් තවමත් රාජ්‍ය බලය, බැංකු හා කර්මාන්ත පාලනය ඇත්තේ මූල්‍ය ප්‍රභූවේ හා වෘත්තිය සමිති නිලධාරිවාදය අතේය. යුරෝපයේ සමස්ත ජනතාව මෙහි වන්දිය ගෙවමින් සිටින්නේ ය.

ආන්ඩු මහ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට අරමුනු නොකල අතර සුපිරි ධනවතුන්ගේ ධනය ආරක්ෂා කිරීමේ නිරතව සිටියහ. බ්‍රිතාන්‍ය පවුම් මිලියන 645 ක බැංකු ඇපකරයක්ද, යුරෝ කලාපය තුල යුරෝ බිලියන 1.25 ක ඇපකරයක්ද, යුරෝපා සංගමය මිලියන 750ක ඇපකරයක් ද අනුමත කලහ. මින් ඉතා කුඩා කොටසක් විරැකියා රක්ෂනය හා කුඩා ව්‍යාපාරික නය සඳහා හැරුනු විට ඉතිරිය සුපිරි ධනවතුන්ගේ බැංකු ගිනුම් වලට ඇපකර ලෙසද, කොටස් වෙලදපොල ආයෝජන සඳහා මෙන්ම ඇමරිකාව හෝ චීනය සමඟ තරග කිරීම සඳහා යුරෝපා සංගත ශක්තිමත් කිරීම සඳහාද විය.

ලෙ මොන්ඩෙ හි කොලමක සඳහන් කරන පරිදි ලොව ප්‍රධාන ධනේශ්වර රටවල් අතර වෙලෙඳපොල අරබයා වැඩෙන ගෝලීය පොරය නිවසේ රැඳී සිටිමේ ප්‍රතිපත්තියට ඉඩ නොදෙන අතර මහා පරිමාන මරන ඉල්ලා සිටියි. “යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් අධ්‍යයනය කරමින් සිටින කර්මාන්තශාලා යලි රට තුලට ගෙන්වීම, ප්‍රධාන නව තාක්ෂනයන් පාලනය, සැපයුම් මාර්ග විවිධාංගීකරනය කිරීම ආදිය දැන් පරම ප්‍රමුඛතාවයේ තිබේ. “මෙම හේතුව නිසාම ට්‍රම්ප් ආන්ඩුව චීනයේ නැගීම වැලැක්වීම සඳහා සිය රටේ ජනගහනයෙන් කොටසකගේ ජීවිත බිලි දෙමින් පලමුව ව්‍යාපාර යන දරුනු තෝරාගැනීම කරමින් සිටියි” යනුවෙන් කොලම ලියයි.  

යුරෝපානු ධනපති පන්තියත් මේ ප්‍රතිපත්තිය හඹා යයි. යුරෝපා සංගමයේ ඇපකර සඳහා සහයෝගය පලකල ස්පාඤ්ඤයේ පොඩොමොස්, ජර්මනියේ වාම පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තීය සමිති, ආන්ඩුව සමග සහයෝගයෙන් යුතුව නැවත වැඩට දැක්වීමේ ක්‍රියාවලියේ නිරතව සිටියි. දරුවන් රෝගය පතුරුවා නොහරින්නේය, දීර්ඝකාලීන අගුලු දැමීමක් තුලදී කම්කරුවන්ට සහ කුඩා ව්‍යාපාරවලට උදව් කිරීමට මුදල් නැතිවේය යනාදී දෑ, සුපිරි ධනවතුන්ට ලබාදුන් දැවැන්ත මහජන මුදල් සම්භාරයෙන් ලාභය ඉපැයීම සඳහා කම්කරුවන් වැඩට දැක්කීමට තල්ලුව දෙන විට ඊට වඩා නින්දිත බොරුවක් තවත් නැත.

යුරෝපියානු ධනවාදී රාමුව තුල මෙම ගෝලීය වසංගතය නතර කිරීම හා විද්‍යාත්මකව නිවසේ රැඳී සිටීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම කිසිදු ලෙසකින් කල නොහැක්කක් බව ඔප්පු වී ඇත. මේ සඳහා ධනවාදයට එරෙහිව සමාජවාදී ප්‍රතිපත්ති මත පිහිටුවා ගත්, යුරෝපය පුරා කම්කරු පන්තියේ දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් අශ්‍යව ඇත. මූල්‍ය ප්‍රභූවේ බලය මුලිනුපුටා දැමීම, වෘත්තීය සමිති වල සහයෝගයෙන් නය ඇපකර ලබාගැනීමට නීති විරෝධීව, සුපිරි ධනවතුන් සඳහා ලබාදුන් මහජන මුදල් ජනසතු කිරිම, සෞඛ්‍ය සේවය දැවැන්ත ලෙස දියුනු කිරීම, වසංගත අනතුරෙන් බේරී සිටීමට කම්කරුවන් හා සුලු ව්‍යාපාර සඳහා සහයෝගය ලබාදීම ආදිය වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම එම අරගලයට ඇතුලත් කර ගනියි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ යුරෝපා ශාඛාවන් කර්මාන්තශාලා වල , පාසල්වල සහ කාර්යාලවල ස්වාධීන ආරක්ෂක කමිටු ගොඩනගා ගෝලීය වසංගතය මධ්‍යයේ ධනේශ්වරය ක්‍රියාත්මක කරන අපරාධකාරී ප්‍රතිපත්තිවලට එරෙහිව මහා පරිමාන වැඩවර්ජනයක් සඳහා කැඳවුම් කරයි. එය මූල්‍ය වංශාධිපතිත්වය යලි පවරා ගැනීමට මෙන්ම තාර්කික, විද්‍යාත්මක පදනමක් මත මහජනතාවන්ගේ අවශ්‍යතා වලට ආමන්ත්‍රනය කිරීමට මග පාදනු ඇත. මේ සඳහා කම්කරු පන්තිය විසින් යුරෝපා සංගමය පෙරලා දමා යුරෝපා රටවල එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් නිර්මානය කිරීම අවශ්‍ය වේ.

[මෙම ලිපිය ඔක්තෝබර් 29 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින. ]

Loading