එක්සත් ජනපදයේ ඡන්ද ගනන් කිරීම දෙවන රාත්‍රිය දක්වාම දික්ගැසෙමින් පවතිද්දී

බයිඩන් පටු මැතිවරන විද්‍යාල ජයක් කරා ලඟා වෙමින් සිටින අතර රිපබ්ලිකන් පක්ෂය සෙනෙට් සභාවේ පෙරමුන ගනියි

බදාදා දිනයේදී රූපවාහිනී නාලිකාවන් විස්කොන්සින් සහ මිචිගන් ප්‍රාන්ත හිටපු උප ජනාධිපතිවරයාගේ පැත්තට බර වන බව ද ෆොක්ස් නිව්ස් සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් යන මාධ්‍ය ඇරිසෝනාව ද ඔහුගේ ජයග්‍රහනය බර බව පවසද්දී එක්සත් ජනපද ජනාධිපතිවරනයේදී ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජයග්‍රහනය ප්‍රකාශ කිරීම තනි ප්‍රාන්තයක ඉරනමට සිඳවිනි. දැන් ඡන්ද ගනන් කිරීම ඉදිරියට කරගෙන යාමට ඉඩ හරින්නේ නම් සිදුවීමට වැඩි සම්භාවිතාවක් ඇති ප්‍රතිඵලය වන බයිඩන්ගේ පටු ජයග්‍රහනය, බොහෝ මත විමසීම්වලදී පුරෝකථනය කෙරී ඇති පරිදි ඉලක්කම් දෙකකට අඩු මැතිවරන විද්‍යාල පරතරයක එකක් වනු ඇත.

මැතිවරන විද්‍යාල 264ක් ලබාගත් බයිඩන් දැන් ධවල මන්දිරය ජයගැනීමට අවශ්‍ය වන මැතිවරන විද්‍යාල ගනන වන 270ට වඩා හයක් පසුපසින් සිටින අතර ට්‍රම්ප්ට ඇත්තේ මැතිවරන විද්‍යාල 217කි. පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා, ජෝර්ජියා සහ නෙවාඩා යන ප්‍රාන්ත හතරක ඡන්ද ගනන් කිරීම අඛන්ඩව සිදු වන අතර තවමත් අවසන් වී නැත. පලමු ප්‍රාන්ත තුන තුල ට්‍රම්ප් පෙරමුන ගෙන සිටියද, තැපැල් ඡන්ද හෝ නාගරික මධ්‍යස්ථානවල තවමත් ගනන් කල යුතු ඡන්ද, මූලික වශයෙන් ඩිමොක්‍රටිකයන් සතුය.

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් 2020 නොවැම්බර් 4 වන බදාදා ඩෙල් නුවර විල්මින්ටන්හිදී කථාවක් පවත්වයි. (ඒපී ඡායාරූප/කැරොලින් කැස්ටර්)

වැඩිවශයෙන් පෙන්සිල්වේනියාවට අයත්, ෆිලඩෙල්ෆියා සහ පිට්ස්බර්ග් ප්‍රදේශවල, බදාදා පුරා ගනන් කෙරුනු තැපැල් ඡන්ද මගින් ට්‍රම්ප්ගේ රටපුරා වැඩි ඡන්ද 700,000 සිට 212,000 දක්වා අඩු කෙරුනු අතර ඡන්ද 900,000 කට වඩා තවමත් ගනන් කෙරී නොමැත. ගනන් කිරීම නවත්වන ලෙස ඉල්ලා ට්‍රම්ප්ගේ උද්ඝෝෂනය විසින් ගොනු කරන ලද නඩු කිහිපය අතර එකකින් හෝ කඩාකප්පල් නොවුනහොත් මෙම ක්‍රියාවලිය සිකුරාදා දක්වා දික් ගැසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජෝර්ජියාවේ, බයිඩන්ට විශාල වශයෙන් ඡන්දය ලබා දුන් ඇට්ලන්ටා ප්‍රදේශයේ විශාල ඡන්ද ප්‍රමානයක් ගනන් කිරීම අඛන්ඩව සිදුවන විට ට්‍රම්ප්ගේ වැඩි ඡන්ද 100,000 සිට 38,000 දක්වා හැකිලී ගියේය. උතුරු කැරොලිනාවේ ට්‍රම්ප්ගේ වැඩි ඡන්ද 77,000 ක් වූ නමුත් ප්‍රධාන වශයෙන් නාගරික මධ්‍යස්ථාන වන චාලට්, වින්ස්ටන්-සැලම්, ග්‍රීන්ස්බෝරෝ, අෂෙවිල් සහ රැලේ-ඩර්හැම් ප්‍රදේශවල ඡන්ද 250,000 ක් පමන ගනන් කල යුතුව තිබුනි. මීට අමතරව, තැපැල් ඡන්ද නොවැම්බර් 3 වනවිට තැපැල් කරනු ලැබ ඇති නම් ගනන් කිරීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා උතුරු කැරොලිනාවට දිගටම ලැබෙනු ඇත.

මැතිවරන අංක ගනිතය අනුව, ට්‍රම්ප් තමා ඉදිරියෙන් සිටින ප්‍රාන්ත තුන ජයග්‍රහනය කල යුතු අතර, ඔහුට හිටපු උප ජනාධිපතිවරයාට වැඩි ඡන්ද සුලු ප්‍රමානයක් පැවැති එක් ප්‍රාන්තයක බයිඩන්ගේ වාසිය අභිභවා ජය ගත යුතුය. විස්කොන්සින්හි ඡන්ද ගනන් කිරීම අවසන් වී ඇති බැවින් මෙය කල නොහැක්කක් බව පෙනේ. ඩෙට්‍රොයිට්, ග්‍රෑන්ඩ් රැපිඩ්ස් සහ ෆ්ලින්ට් හි ගනන් නොකරන ලද ඡන්ද ලැයිස්තු ගත කිරීමේ තතු තුල බයිඩන්ගේ මිචිගන්හි වැඩි ඡන්ද හැකිලීමට වඩා ඡන්ද වැඩිවෙමින් පවතී. ඇරිසෝනා සහ නෙවාඩා හි ඉතිරිව පවතින ඡන්ද තැපැල් ඡන්ද පත්‍රිකා වන අතර මේවා ඩිමොක්‍රටිකයන්ට වඩා වාසිදායක වේ.

මුලු ඡන්දවලින් සියයට 0.6 ක් පමන වන වැඩි ඡන්ද 20,533 ක් බයිඩන් ලබා ගැනීමත් සමග විස්කොන්සින් ප්‍රාන්ත ලේකම්වරයා ඡන්ද ගනන් කිරීම ඵලදායී ලෙස අවසන් කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව, ට්‍රම්ප් උද්ඝෝෂනය නිවේදනය කලේ තමන් නැවත ගනන් කිරීමක් අපේක්ෂා කරන බවයි. නාගරික ලිපිකරුවන්ගේ තොරතුරු ඉදිරිපත් කිරීම් මත පදනම්ව අවසන් ප්‍රතිඵල ප්‍රාන්ත රජය විසින් නිල වශයෙන් සහතික කරන තෙක් දෙසැම්බර් 1 වනදා දක්වා නැවත ගනනය කිරීම සිදු නොවේ.

තැපැල් ඡන්ද පත්‍රිකා පරීක්ෂා කර ලැයිස්තුගත කර ඇති ඩෙට්‍රොයිට් හි මධ්‍යස්ථාන වෙත රිපබ්ලිකානු නිරීක්ෂකයින්ට ප්‍රමානවත් ලෙස ප්‍රවේශවීමට ඉඩ දී නැතැයි පවසමින් ට්‍රම්ප්ගේ උද්ඝෝෂනය මිචිගන් හි ඡන්ද ගනන් කිරීම නවත්වන ලෙස ඉල්ලා නඩු පවරා ඇත. ට්‍රම්ප් විසින් පත් කරන ලද ඇමී කොනේ බැරට් කෙටි කලකට ඉහත විනිසුරු පදවිය ගත් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනයට කෙලින්ම (නඩුවක්) ඉදිරිපත් කිරීම ඇතුලුව නඩු ගනනාවක් පෙන්සිල්මීනියා ප්‍රාන්තය තුල පවරා තිබේ. මැතිවරන දිනය වන විට යවන ලද තැපැල් ඡන්ද සිකුරාදා දක්වා භාර ගැනීමට පෙන්සිල්වේනියාවට අවසර දීමට පෙරදී ලබා දුන් තීන්දුව ආපසු හරවන ලෙස එම නඩුව අධිකරනයෙන් ඉල්ලා සිටී.

එසේම බදාදා නොපැමිනිවූවන්ගේ ඡන්ද ගනන් කිරීම ප්‍රමාද කිරීමේ හෝ අවහිර කිරීමේ වෑයමක් ලෙස, ට්‍රම්ප්ගේ උද්ඝෝෂනය විසින් ජෝර්ජියාවේ චැතම් කවුන්ටි හි නඩු පැවරිය. ප‍්‍රචාරක නිලධාරීහු පැවසුවේ ප‍්‍රාන්තයේ තවත් කවුන්ටි දුසිමකට සමාන නඩු ගොනු කිරීමට සලකා බලන බවයි.

2016 දී ඔහුගේ මිලියන තුනක ඡන්ද හිඟය ඉක්මවා ඇති මහජන ඡන්දය අහිමි වීම ඇතුලුව මැතිවරනයෙන් ඔහුගේ පෙනෙන පරාජය පිලිගැනීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීම, දේශපාලන අවිනිශ්චිතතාවයේ දිග්ගැස්සුනු කාල පරිච්ඡේදයකට, අධිකරන මැදිහත්වීමකට සහ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ෆැසිස්ට් ආධාරකරුවන් බලමුලු ගැන්වීම අරමුනු කරගත් ප්‍රකෝපකාරීත්වයකට තුඩු දිය හැකිය.

කොන්ග්‍රස් මැතිවරනවලදී ඩිමොක්‍රටික් පක්ෂය ජනාධිපති තරඟයේදී බයිඩන්ට වඩා දුර්වල ප්‍රතිඵල ලබා ගති. සෙනෙට් සභාවේදී ඩිමොක්‍රටිකයින්ට පාලනය ලබා ගැනීම සඳහා ආසන තුනක වාසියක් අවශ්‍ය වූ නමුත් මේ වන විට කොලරාඩෝ සහ ඇරිසෝනා හි රිපබ්ලිකන් ආසන දිනා ගත් නමුත් ඇලබාමාහි සෙනෙට් සභික ඩග් ජෝන්ස්ගේ ආසනය අහිමි වීමෙන් සමස්ථයක් ලෙස ආසන එකක් පමනක් ඩිමොක්‍රටික් පක්ෂය ලබාගෙන ඇත.

බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇති මිචිගන්හි බලයේ සිටින අනෙක් ඩිමොක්‍රටික් සෙනෙට් සභික ගැරී පීටර්ස් බදාදා පස්වරුවේ ඔහුගේ රිපබ්ලිකන් අභියෝගකරු ජෝන් ජේම්ස්ට වඩා ඉදිරියෙන් සිටියේය. බලයේ සිටින රිපබ්ලිකන්වරු ඇලස්කාව, අයෝවා, කැන්සාස්, මේන්, මිසිසිපි, මොන්ටානා, උතුරු කැරොලිනා, දකුනු කැරොලිනා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවල හොඳින් මුදල් වියදම් කරන ලද ඩිමොක්‍රටික් අභියෝගකරුවන් පරාජය කල අතර සෙනෙට් බහුතර නායක මිච් මැක්කොනෙල් කෙන්ටුකි හි පහසුවෙන් නැවත තේරී පත්විය.

රිපබ්ලිකානුවන්ට වාසිදායක වෙමින් ප්‍රතිඵලය 50-48 වන සෙනෙට් සභාවක් විය හැකි අතර ආසන දෙකක් තවමත් ජෝර්ජියාවේ තීරනය කිරීමට නියමිතය. ජෝර්ජියාවේ වසර හයක ධූර කාලයක් සඳහා වූ තරඟයේදී සෙනෙට් සභික ඩේවිඩ් පර්ඩියු සිය ඩිමොක්‍රටික් අභියෝගකරු ජෝන් ඔසොෆ්ට අභිභවමින් සිටි නමුත් ලිබටේරියානු අපේක්ෂකයෙකු සියයට 2.3 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. පර්ඩියු සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් (මෙය ලියන විට ඔහුට සියයට 50.4 ක් ලැබී තිබිනි), අපේක්ෂකයින් දෙදෙනාට ජනවාරි මාසයේ දී නැවතත් අන්‍යෝන්‍ය තරඟයට ඉදිරිපත් වීමට සිදුවනු ඇත.

දෙවන තරගය සඳහා මෙවැනි අන්‍යෝන්‍ය තරඟයක් දැනටමත් ආරම්භ කර ඇති අතර, එය අසනීප තත්ත්වය හේතුවෙන් ඉල්ලා අස්වූ සෙනෙට් සභික ජොනී ඉසැක්සන්ගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක සඳහා වේ. පිලිවෙලින් සියයට 32 ක් සහ සියයට 26 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ඩිමොක්‍රටික් පාක්ෂික රෆායෙල් වර්නොක් සහ පත් කරන ලද රිපබ්ලිකන් සෙනෙට් සභික කෙලී ලොෆ්ලර් නැවතත් අන්‍යෝන්‍ය තරඟයට ඉදිරිපත් වීමට නියමිතය.උප ජනාධිපතිකම සඳහා කමලා හැරිස්ට සෙනෙට් සභාවේ කරටකර යන ඡන්දයක් ලබා දෙමින් බයිඩන් ජනාධිපති ධුරය දිනා ගන්නේ නම්, නව කොන්ග්‍රසය එක්රැස් වෙන විටදීත්, නව ජනාධිපති පදවියට පත්වීමට දින 15 කට පෙරදීත් 2021 ජනවාරි 5 වන දින ජෝර්ජියාවේ පැවතීමට නියමිත තරඟ දෙකේ ප්‍රතිඵල අනුව ඉහල මන්ත්‍රී මන්ඩලයේ පාලනය තීරනය වන්නේ ය.

ඩිමොක්‍රටිකයෝ නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ පාලනය රඳවා ගත් නමුත්, මැතිවරන පූර්ව මත විමසීම් මගින් පුරෝකථනය කරන ලද පරිදි ඇත්ත වශයෙන්ම ඔවුන්ට ආසන 10-20ක් ලබා ගැනීමට වඩා සමහර විට දුසිම් භාගයක් පමන ආසන අහිමි විය. මිනසෝටා හි කොලින් පීටර්සන්, අයෝවා හි ඇබී ෆින්කෙනෝවර්, දකුනු කැරොලිනාහි ජෝ කනිංහැම්, ඔක්ලහෝමා හි කෙන්ද්‍ර හෝන් සහ නිව් මෙක්සිකෝවේ ක්සොචිට්ල් ටොරස් ස්මාල් ඇතුලු අවම වශයෙන් ඩිමොක්‍රටික වත්මන් නායකයන් හත් දෙනෙකු පරාජයට පත්ව ඇත. පලමු ධූර කාලයේ බලයේ සිට මෙවර (මැතිවරනයේදී) දකුනු ෆ්ලොරිඩාවේ ආසන අහිමි වූ වත්මන් ඩිමොක්‍රටිකයින් දෙදෙනෙකු වන, ඩෙබී මුකර්සෙල්-පවෙල් සහ ඩොනා ෂලාලා, දැඩි කොමියුනිස්ට් විරෝධී ව්‍යාපාර මෙහෙයවූ කියුබානු-ඇමරිකානු රිපබ්ලිකානුවන් විසින් පරාජය කරන ලදී.

ඡන්ද ගනන් කිරීම බදාදා දිගටම සිදු කෙරෙමින් තිබියදී පසුපසින් සිටින අනෙකුත් ඩිමොක්‍රටිකයින් අතර නිව්යෝර්ක්හි මැක්ස් රෝස් සහ ඇන්තනි බ්‍රින්ඩිසි, පෙන්සිල්වේනියාවේ සුසාන් වයිල්ඩ් සහ කොනර් ලෑම්බ් (මෙහි විශාල වශයෙන් තැපැල් ඡන්ද ගනන් කිරීමට ඉතිරිව ඇත) සහ කැලිෆෝනියාවේ හාර්ලි රූඩා වෙති.

රිපබ්ලිකානුවන්ට දැන් හිමිව තිබුනු ආසන පහක් පමනක් ඩිමොක්‍රටිකයින්ට ජයගත හැකි බව පෙනෙන්නට ඇත. මේවාට උතුරු කැරොලිනාවේ විශාල වශයෙන් ඩිමොක්‍රටික් දිස්ත්‍රික්ක ලෙස ප්‍රතිනිර්මානය කෙරුනු ආසන දෙකක් ද, නගරාසන්න ප්‍රදේශ ඩිමොක්‍රටික කැරොලින් බෝර්ඩොක්ස් ජයගත් හෙයින් ඉවත් වීමට බල කෙරුනු බලයේ සිටි රිපබ්ලිකානුවාට සතුවූ ජෝර්ජියාවේ ඇට්ලන්ටාහි ආසනයක් ද, තවමත් බොහෝ ඡන්ද ගනන් කිරීමට තිබියදී ආසන්න ඡන්ද ප්‍රමානයකින් ඩිමොක්‍රටික් අභියෝගකරුවන් ඉදිරියෙන් සිටින ඇරිසෝනා සහ කැලිෆෝනියාවේ ආසන ද පවතී.

වඩා වැදගත් දෙය නම්, පෙන්සිල්වේනියා, ඔහියෝ, ඉලිනොයිස්, නෙබ්‍රස්කා, ආකන්සාස් සහ වොෂිංටන් ද, රිපබ්ලිකානුවන්ට විවෘත ආසන හිමි වර්ජිනියා, ඉන්දියානා, ටෙක්සාස්, කොලරාඩෝ මොන්ටානා සහ කැලිෆෝනියා යන ප්‍රාන්තවල නායකයන් ඇතුලුව රිපබ්ලිකන් පක්ෂයට හිමි ආසන දුසිමකට ආසන්න ප්‍රමානයකට එරෙහිව ඩිමොක්‍රටිකයන්ගේ අභියෝග අසාර්ථක වෙමින් පවතින බව පෙනේ.

මාධ්‍ය තුල “ටෙක්සෝඩස්” ලෙස පට බැඳුනු ටෙක්සාස් හි රිපබ්ලිකන් පක්ෂයේ වත්මන් සාමාජිකයන් හත් දෙනෙකු විශ්‍රාම ගියද, විශාල ප්‍රාන්තයේ එක ආසනයක්වත් පැති මාරු නොවිනි. වත්මන්, ඩිමොක්‍රටික හා රිපබ්ලිකානු යන සෑම අපේක්ෂකයෙකුම නැවත තේරී පත් වූ අතර, රිපබ්ලිකානුවෝ පුරප්පාඩු වූ සෑම ආසන හතෙන් සියල්ලම දිනා ගත්හ.

මිචිගන්හි එලිසා ස්ලොට්කින්, මේන් හි ජැරඩ් ගෝල්ඩන්, නිව් ජර්සි හි ඇන්ඩි කිම්, ටොම් මාලිනොව්ස්කි සහ මිකී ෂෙරිල්, පෙන්සිල්වේනියාවේ ක්‍රිසි හූලාහාන්, වර්ජිනියාවේ ඉලේන් ලුරියා සහ කොලරාඩෝ හි ජේසන් ක්‍රෝ ඇතුලු 2018 දී ප්‍රථම වරට තේරී පත් වූ සීඅයිඒ ඩිමොක්‍රටිකයෝ 11 දෙනාගෙන් බොහෝ දෙනෙක් නැවත තේරී පත්වූහ. වර්ජිනියාවේ අබිගායිල් ස්පැන්බර්ගර් ඡන්ද 450,000 කින් යන්තම් වැඩි ඡන්ද 5,000 ලබාගෙන ඇගේ රිපබ්ලිකන් විරුද්ධවාදියාට වඩා ඉදිරියෙන් සිටින්නීය. නිව් යෝර්ක්හි මැක්ස් රෝස් දරුනු ලෙස පසුබැස සිටියදී පෙන්සිල්වේනියාවේ කොනෝර් ලෑම්බ් එදින තමන්ට ලැබෙන ඡන්ද හිඟය පියවා ගැනීම සඳහා තැපැල් ඡන්ද ගනන් කරන තෙක් බලාපොරොත්තුවෙන් සිටියේය.

බයිඩන්ට ආසන්න දැවැන්ත ජයක් මෙන්ම සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටිකයින් අත්පත් කර ගනිමින් නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සැලකිය යුතු වාසි ද ලැබේ යනුවෙන් පුරෝකථනය කල මත විමසුම් සංවිධානවල විශ්වසනීයත්වය, ජනාධිපතිට සහ කොන්ග්‍රසයට දී ඇති ඡන්ද ප්‍රතිඵලය මගින් පුපුරා ගොස් ඇත. 2016 පරාජයෙන් වසර හතරකට පසු, සංගත මාධ්‍ය සඳහා වැඩ කරන ජනමත විමසන්නන්ට, තේරුම් ගැනීම කෙසේ වෙතත්, පැහැදිලිවම ධනවාදයේ ගැඹුරු වන අර්බුදය නිසා වැඩකරන ජනතාව අතර ජනිත වී තිබෙන කෝපය මැන බැලීමට හැකියාවක් නැත.

[මෙම ලිපිය නොවැම්බර් 4 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

Loading