ලෝක ප්‍රකට වෛරස විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස්ගෙන් ධනපති ක්‍රමයට එරෙහි අධිචෝදනාවක්

වෛරස පිලිබඳව ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන දැනට හොංකොං විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු මහාචාර්ය මලික් පීරිස් අන්තර්ජාල තාක්ෂනය ඔස්සේ ආසියා පැසිෆික් අධ්‍යන ආයතනය විසින් දෙසැම්බර් මුල් සතියේ සංවිධානය කරන ලද සමුලුවකදී හා ශ්‍රී ලංකාවේ කායික රෝග විද්‍යායතනය සංවිධානය කරන ලද සජීවී සම්මුඛ සාකච්ඡාවක දී "කෝවිඩ්-19 වසංගතය" විද්‍යාත්මක පදනමක පිහිට වීමට ගත් උත්සාහය කම්කරු පන්තියට දැවැන්ත ආලෝකයක් සපයයි. එමෙන්ම එය සමස්ත ධනපති ක්‍රමයට එරෙහි අධිවෝදනාවකි.

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන දැනට හොංකොං ක්ෂුද්‍රජීව විද්‍යා දෙපාර්තමේන්තුව, හොංකොං විශ්ව විද්‍යාලය, වෛද්‍ය පීඨය, හොංකොං සභාපති මහාචාර්ය - මලික් පීරිස්- ස්තූතිය විකිපීඩියාවෙත

සමුලුව ආරම්භයේ දීම 1918 පැතිර ගිය ස්පාඤ්ඤ උන වසංගතය සම්බන්ධයෙන් "වසංගතයේ පාඩම්" නමින් ප්‍රකට science නැමැති සඟරාවක තැබූ සටහනක් උපුටා දැක්වීය:

"වසංගතය ලෝකයේ සිසාරා පැතිර යන්නේ අන් කිසි කලක නොවූ විරූ ලෙසය. මෙය මාරාන්තික වසංගතයකි. ගංවතුර, සාගත, භූමි කම්පා, ගිනි කඳු පුපුරා යෑම්, මානව වර්ගයා සඳහා දැවැන්ත බියජනක හා සම්පූර්නයෙන් විනාශකාරිය. නමුත් අන් කවර කලකවත් මෙවැනි මහා විනාශයක් එකෙනෙහිම හදිස්සියේ කඩා පාත්වී සමස්ත ග්‍රහලෝකය සිසාරා විනාශකාරී ව ව්‍යාප්ත වන මහා විපත්තියක් අත්දැක නැත."

අනතුරුව ඔහු ඔහු ප්‍රකාශ කලේ, වසර සියයකට පසු "වෛද්‍ය විද්‍යාව හා තාක්ෂනය දැවැන්ත පරිමානව දියුනු වී ඇති තත්ත්වයකදී වුවද මනුෂ්‍ය වර්ගයා මුහුන දෙන තත්ත්වයේ වෙනසක් නොමැති" බව සහ "අද දින ද එම වාක්‍ය ඛන්ඩයන්ට ගැලපෙන සේ ලෝකය සසල කර ඇති" බවයි.

"විද්‍යාව හා තාක්ෂනය දැවැන්ත පරිමානව දියුනු වී ඇති තත්ත්වයකදී වුවද මනුෂ්‍ය වර්ගයා මුහුන දෙන තත්ත්වයේ වෙනසක් නොමැත්තේ" ඇයිද යන්න ගැඹුරින්ම විමසා බැලිය යුතු කරුනකි.

ශත වර්ෂයකටත් පෙරාතුව පැමිනි එම දරුනු වසංගතය මනුෂ්‍ය වර්ගයාට ඉතා පැහැදිලිව කියාදුන් පාඩම වනුයේ, වසංගත නැවත පැමිනිය හැකි බව සහ එවැන්නකට මුහුනදීම සඳහා සියලු බුද්ධිමය සහ ආර්ථික සම්පත් ගෝලීය පරිමානව ඒකාග්‍ර කොට මෙහෙයවා ගැනීමේ හදිසි සහ අත්‍යවශ්‍ය බවයි.

ඒ අනුව, වසංගත ආශ්‍රිත ජාත්‍යන්තර පරිමාන විද්‍යාත්මක පර්යේෂන, වසංගත අවස්ථාවන්ට මුහුනදීමට ප්‍රමානවත් දැවැන්ත රෝහල් ධාරිතාවන්, ප්‍රශස්ත මහජන සෞඛ්‍ය සේවාවන් සහ මහජන අධ්‍යාපනික වැඩ සටහන් සැලසුම් කරමින් ඒ සඳහා බිලියන සංඛ්‍යාත මුදල් අඛන්ඩව යෙදවිය යුතුව පැවතින.

නමුත් පසුගිය දශක කීපය පුරාම, ලෝකයේ සෑම ධනපති රාජ්‍යයකම සෞඛ්‍ය ක්ෂේත්‍රය අඛන්ඩව කප්පාදුවට ලක්කෙරී ඇත. එහි ප්‍රතිඵලය ලෙස මෙම සරල වෛරසයට මුහුනදීමට කිසිදු රටක් සමත් වී නැත. උදාහරනයක් ලෙස බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය සතුව 1984 දී රෝහල් ඇඳන් 2,97,364ක් තිබී ඇති අතර එය අද (2020) ඇඳන් 1,18,451ක් දක්වා සියයට 60 කට වඩා කප්පාදු කර ඇත.

මහජන ජීවිත වලට ඉහලින් මහ ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා තබන ලොවපුරා ධනපති ආන්ඩු සියල්ල අනුයන "රංචු ප්‍රතිශක්තිකරනය", එනම් සියලු මහජනයා වසංගතයට නිරාවරනය කොට එයට ඔරොත්තු දිය නොහැකි මිලියන ගනනාවක් මරනයට ඇද දැමීමේ පිලිවෙත යටතේ, අවම වශයෙන් වෛරසය ව්‍යාප්ත වන ආකාරය ගැන හෝ එහි අන්තරායකාරී ස්වභාවය පිලිබඳ සංයුක්ත අධ්‍යාපනයක් මහජනතාවට ලබා නොදෙයි.

ඒ වෙනුවට, වසංගතයේ ව්‍යසනකාරිත්වය සෑම අතින්ම වසං කරන අටුවා වලින් මාධ්‍ය පිටාර ගලායන අතර එයටම සරිලන පරිදි ඊනියා විද්‍යාඥයන්ගේ ව්‍යාජ-විද්‍යා තර්කනයන් එකක් පසුපස එකක් ලෙස ඉදිරිපත් කෙරේ. මේ සියල්ලෙහි අරමුන වනුයේ, ආර්ථිකය දිගටම විවෘතව පවත්වා ගනිමින් ධනපති ලාභෝත්පාදනය අබාධිතව පවත්වාගෙන යාමයි.

මෙම පසුබිම තුල මහාචාර්ය පීරිස් ගේ දේශනය ඉහත කුතර්කයන්ට අතුල් පහරක් වන අතර, තම විද්‍යාවට අවංක වන ලොවපුරා විද්‍යාඥයන් දිරිගන්වන සුලුය.

මහාචාර්යවරයා තම දේශනයට ප්‍රවිෂ්ටය ගනිමින් වෛරසය හා එහි ව්‍යාප්තිය ගැන පැහැදිලි කලේය. රෝගයට නිරාවරනය වූ පසු එය වැලඳීමට දින 5ක 6ක කාලයක් ගත විය හැකි බව ඔහු පැවසීය. රෝග ලක්ෂන පහල වීමට පෙර, එනම් රෝගය වැලඳී සාමාන්‍යයෙන් දින තුනක් පමන කාලය තුල රෝග ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. මේ නිසා කායික දුරස්ථභාවය, අත් සේදීම, ප්‍රමිතිගත මුහුනු ආවරන පැලඳීම, විශාල වශයෙන් සෙනග එක්රොක් වන අවස්ථාවන්හි ශබ්ද නගා කතා කරන, සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම්, පාසැල් සහ සමාජ ශාලා වසා දැමීම, ව්‍යාප්තිය පාලනය සඳහා අතිශය තීරනාත්මක බව පීරිස් පැහැදිලි කලේය.

නමුත් මෙයට විපරීත ව, කම්හල් සහ පාසැල් විවෘත කර මෙම මාරක වෛරසයට වැඩිහිටියන් සහ දරුවන් නිරාවරනය කිරීමට ලෝකයේ සෑම ධනපති ආන්ඩුවක් ම කර බදු වී ඇත.

මාලු හෝ මාංශ ආහාරයට ගැනීම මගින් වෛරසය ව්‍යාප්ත විය නොහැකි බවත්, පෑලියගොඩ මාලු වෙලඳපොලේ ව්‍යාප්තිය සිදුවී ඇත්තේ අධික තදබදය සහ උස් හඬින් කථා කිරීම වැනි සාධක වල බලපෑමෙන් බවත් අයිස් වැනි සීතල මතුපිටක් මත වෛරසය දිගු කලක් පැවතිය හැකි වුවත් ආහාර පිසීමේදී වෛරසය පහසුවෙන් විනාශ වී යන බවත් ඔහු කීවේය.

ක්ලෝරීන් වැනි රසායන ද්‍රව්‍ය යොදා ආහාර වර්ග සේදීම මගින් වෛරසය විනාශ විය හැකි බව පැවසූ ඔහු ආහාර ප්‍රධාන රෝග ව්‍යාප්ති මාර්ගයක් නොවන බව සඳහන් කරන ලදී.

රෝග ලක්ෂන පහල වී දින 10 කට පසු ව්‍යාප්තිය විරල බව තහවුරු වී ඇති බැවින් දින 14කට පසු රෝහල් වලින් හෝ නිරෝධායන මධ්‍යස්ථාන වලින් රෝගීන් නිදහස් කල හැකි බව මහාචාර්යවරයා පැවසීය. නමුත් ප්‍රතිශක්තිය අඩු හා බලගතු ලෙස රෝගයට ගොදුරු වූවන් ඊට පසුවද රෝගය ව්‍යාප්ත කරන බව ඔහු අවධාරනය කලේය. එබැවින් ලංකාවේ සම්මතයක් ලෙස දින 14 කට පසු සියලු රෝගීන් නිවෙස් කරා යැවීම මගින් සමාජයට අනතුරක් නිර්මානය කරයි.

හුමාලය ඇල්ලීම, ලුනු හා විවිධ දෑ මගින් උගුර සේදීම ආදියෙන් ප්‍රතිඵලයක් ඇති බවට කිසිදු පර්යේෂනයක් මගින් තහවුරු වී නැති බව පීරිස් පැවසීය. මන්දයත් වෛරසය උගුරට පැමින ස්වල්ප මොහොතකදී උගුරේ සෛල අභ්‍යන්තරයට ඇතුලු වන බැවින් හුමාලය මගින් එම සෛල විනාශ නොවන බවත් සෛල විනාශ වන ඉහල උෂ්නත්වයක් හෝ සාන්ද්‍ර රසායන ද්‍රව්‍ය මගින් ශ්වසන සෛල විනාශ කලහොත් වෙනත් සංකීර්න ශ්වසන සංකූලතා ඇතිවිය හැකි බව අවධාරනය කරන ලදී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය ඇතුලු නඩය දුම් මුට්ටි හා විවිධ ව්‍යාජ ප්‍රතිකාර විධි කරලියට ගෙන එමින් ජනතාව මංමුලා කිරීමට උත්සාහ දරද්දී මෙම විද්‍යාත්මක ඥානය සමාජගත කිරීමට පීරිස් දරන ප්‍රයත්නය ප්‍රශංසනීය ය.

විවිධ ඖෂධ වර්ග සඳහන් කල මෙම සම්මානනීය මහාචාර්යවරයා සමහර ඖෂධ භාවිතය රෝගය බරපතල කල හැකි බවට සාක්ෂි පවතින බැවින් හිතුමතේ ඖෂධ භාවිත නොකරන ලෙසට අනතුරු ඇඟවීය.

වැඩිහිටියන්ට, දියවැඩියාවෙන් හා ශ්වසන ආබාධයන්ගෙන් පෙලෙන පුද්ගලයන්හට රෝගයේ වැඩි අවදානමක් ඇති මුත්, පාසැල් ලමුන් ද ඇතුලුව කිසිදු තැනැත්තෙකු ආරක්ෂිත යැයි කිව නොහැකි බව ඔහු හුවා දක්වන ලදී. පාසල් වසා තැබුවේ නම් ඇමරිකානු මරන වලින් සියයට 60 ක් වලක්වාගත හැකිව තිබූ බවට විද්‍යාඥයන් ඉදිරිපත් කරන මතය පීරිස්ගේ අදහස සමග සමපාත වෙයි.

කෝවිඩ්-19 ආසාදිත රෝගියෙක් හදිසියේ මිය යා හැකිදයි නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දුන් මහාචාර්යවරයා, මෙම වෛරසය ක්‍රියා කරමින් ක්ෂනික මරනයක් සිදුකල නොහැකි බවත් එය අතිශයින්ම විය නොහැක්කක් බවත් අවධාරනය කරන ලදී. එම නිසා රෝගීන් තම නිවෙස්වල මිය යෑම, රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂන අවම මට්ටමේ පැවතීමේ, ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පවත්නා දැවැන්ත මානව හා භෞතික සම්පත් හිඟයේ සහ හමුදාමය නිරෝධායනයට ඇති බියෙහි හා පිලිකුලෙහි ප්‍රතිඵලයක් බව පැහැදිලිය.

එන්නතක් ඉදිරි මාස කිහිපය තුලදී බහුල ලෙස භාවිතයට ගන්නා තෙක් කායික දුරස්ථභාවය රැක ගන්නා පියවර සියල්ල ගත යුතු බව ඔහු අවධාරනය කලේය. එහි නිගමනය වනුයේ, එතෙක් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසැල් වසා දැමියයුතු බවයි. එසේ වසා දමන නිෂ්පාදනයන්හි සියලු කම්කරුවන්ට පූර්න වැටුප් ලබාදිය යුතු අතර, එකී පියවර මගින් රැකියා සහ ආදායම් මාර්ග අහිමිවන අයට පූර්න වන්දි හිමිවිය යුතුය. මීට සමගාමීව අවශ්‍ය තාක්ෂනික පහසුකම් නොමිලේ ලබා දෙමින් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම අත්‍යවශ්‍ය වෙයි.

එන්නත් භාවිතයට ගැනුන ද රෝග ව්‍යාප්තිය සිදුවන බව ද පීරිස් සඳහන් කලේය. ස්වභාවිකව ආසාදනය වූ විට උගුර ඇතුලු සමස්ත ශරීරයටම ප්‍රතිශක්තිය ලැබෙන මුත් එන්නත මගින් උගුර ප්‍රතිශක්තිකරනය නොවන බැවින් එන්නත ලැබූවත්, රෝග වාහකයා ලෙස ව්‍යාප්තිය සිදුකල හැකි බව අවධාරනය කෙරින.

එන්නත මගින් මනුෂ්‍ය ශරීරයේ සෛලවල විපර්යාස ඇති කරමින් අනාගතයේ විවිධ ජානමය විකෘතීන් ඇතිවිය හැකි බවට පවතින මතය මහාචාර්යවරයා සාකල්‍යයෙන්ම ප්‍රතික්ෂේප කලේය. මිනිසා ඇතුලු දියුනු සත්වයන්ගේ කායික සෛලවල අභ්‍යන්තර සංඝටක දෙකක් වන DNA සහ RNA අතරින් ජානමය ලක්ෂන දරා සිටින්නේ DNA පමනකි. එන්නත නිර්මානය කර ඇත්තේ වෛරසයේ mRNA භාවිතයෙනි. RNA වලට DNA කෙරෙහි බලපෑමක් ඇතිකල නොහැකිබව විද්‍යාත්මකව සනාථ කෙරී ඇති බැවින් එන්නත ලබා දීමෙන් එවන් විකෘතීන් ඇති නොවන බව ඔහු විද්‍යාත්මකව පැහැදිලි කලේය.

වසංගතයට එරෙහිව සටන් කිරීමට රාජ්‍යයන් හොඳින් සූදානම් විය යුතු බව පැවසූ පීරිස්, වසංගතය නැවත වරක් පෙන්වා දී ඇත්තේ ශක්තිමත් මහජන සෞඛ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා දැවැන්තව ම ආයෝජනය කල යුතු බව නැවත නැවතත් අවධාරනය කරන ලදී.

ඔහු වසංගතයෙන් ඔබ්බට යමින් අනෙකුත් ගෝලීය ව්‍යසනයන්ට ද අවධානය යොමු කරමින් මෙසේ අදහස් දැක්වීය:

"Covid -19 වසංගතය ව්‍යසනකාරීය. දරුනු ය. නමුත් අවසානයේ දී මානව වර්ගයා වඳවී නොයනු ඇත. නමුත් ඊටත් වඩා දරුනු තත්ත්වයන්ට මානව වර්ගයා අද දිනයේ මුහුන දී සිටී. වසංගතය මගින් ප්‍රකාශයට පත්ව ඇත්තේ, විද්‍යාව ඕනෑවටත් වඩා හෙලිදරව් කර ඇති මෙවැනි ව්‍යසනයන්ට මුහුන දීමට බලාපොරොත්තු විය යුතුය යන සත්‍යයයි. නමුත් දේශපාලනඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආර්ථික විශ්ලේෂකයින් ඒවා නොසලකා හැර ඇත."

"අප ජීවත් වෙමින් සිටින්නේ අපගේ ග්‍රහලෝකයේ පැවැත්ම පුපුරා යෑමේ සීමාවට ම අවතීර්න වී ඇති තත්වයක බව විද්‍යාව තවදුරටත් හෙලිදරව් කරනවා."

ඕසෝන් ස්ථරය දුර්වලවීමේ තර්ජනය, ජීව විද්‍යාත්මක විවිධත්වය විනාශ වීමේ තර්ජනය, සීමාව ඉක්මවූ පරිසර දූෂනයේ තර්ජනය ආපසු හැරවිය නොහැකි මට්ටම් කරා ලඟාවී ඇති ගෝලීය උෂ්නත්වය ඉහල යෑමේ තර්ජනය දැවැන්ත දේශගුනික විපර්යාස උදාහරන ලෙස ඔහු ගෙනහැර දැක්වීය.

"ඒ වගේම අපිට වසංගතය ශ්‍රේෂ්ඨ පාඩමක් උගන්වා තදින් ඒත්තු ගන්වා ඇත්තේ, විද්‍යාව විසින් දශක ගනනාවක් අවධාරනය කරන ලද පරිසරයේ පැවැත්ම අවදානමට ලක්වීම පිලිබඳ සංකීර්න ගැටලු මගහැර ග්‍රහ ලෝකයේ පැවැත්ම තහවුරු කල නොහැකි බවත්, මානව සංහතියේ පැවැත්ම සුරක්ෂිත කිරීමට නම් ගැටලුවලට විද්‍යාත්මක ප්‍රවේශයකින් ආමන්ත්‍රනය කල යුතු බවත්" ඔහු අවධාරනය කරන ලදී.

කෙසේ නමුත් මහාචාර්යවරයා ප්‍රකාශ කරන පරිදි ශක්තිමත් මහජන සෞඛ්‍ය සේවයක් ගොඩනගා පවත්වාගෙන යෑමට හෝ සකලවිධ ගෝලීය ව්‍යසනයන් මැඩ පවත්වා ග්‍රහලෝකයේ තුලිතභාවය පවත්වාගැනීමට, පුද්ගලික ලාභය අරමුනු කරගත් සහ එකිනෙකට ප්‍රතිමල්ලව වූ ජාතික රාජ්‍යයන් තුල මුල්බැස ඇති ලෝක ධනේශ්වර පද්ධතිය ඓතිහාසිකව අපොහොසත් ය.

ධනපති පාලකයන් මෙම වසංගතය හමුවේ කම්කරුවන් වැඩට දක්කා මිලියන 22 කට අධික සංඛ්‍යාවක් මරනයට පත් කරද්දී, තම වත්කම් සියයට 22 කින් වැඩිකරගැනීමට ඇමරිකාවේ මුල්පෙලේ ධනපතියන් දසදෙනා අවුරුද්දක් තුල සමත්වී ඇත. එලෙසම ප්‍රධාන ඇමරිකානු ධනපතීන් 651 දෙනා ඩොලර් ට්‍රිලියනයකින් තම ධනය මාස හතක් තුල වැඩි කරගෙන ඇත.

ලංකාවේ ආන්ඩුව ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 440 ක් වැය කර ඇතිමුත් සෞඛ්‍යයට වෙන්කර ඇත්තේ ගියවර ට වඩා රුපියල් බිලියන 30කට අඩුවෙන් රුපියල් බිලියන 157 කි.

මහජන සෞඛ්‍යය සඳහා වන ජාත්‍යන්තර විශ්ලේෂන කන්ඩායමක් සොයාගෙන ඇත්තේ වසංගතයෙන් මියගිය ලෝක මහජනතාවගෙන් සියයට 99 ක් පමන මරනයෙන් මුදාගත හැකිව තිබූ බවයි. ගෝලීය රාජ්‍ය හා පෞද්ගලික කර්මාන්තශාලා100ක්, පරිසර දූෂනයට වගකියන සමස්ත කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් සියයට 71 කට වගකිව යුතුයි.

වසංගත මෙන් ම ගෝලීය උෂ්නත්වය වැනි සකලවිධ තර්ජනයන්ට මුහුන දිය හැක්කේ සමස්ත නිෂ්පාදන මාර්ග ජාත්‍යන්තර පරිමානව කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතු කොට ට්‍රිලියන ගනන් මුදල් ආයෝජනය කිරීමෙන් පමනකි.

Loading