ඉදිරිදර්ශන

දෝෂාභියෝග වීඩියෝව ‘කැපිටල්’ ගොඩනැගිල්ලට ට්‍රම්ප් විසින් උසිගැන් වූ ප්‍රහාරයේ පරිමානය හා තීව්‍රතාව හෙලිකරයි

ඩිමොක්‍රටික් කොංග්‍රස් මන්ඩල කලමනාකරුවෝ ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි සෙනෙට් විමර්ශනය ආරම්භ කලේ, 2021 ජනවාරි 6 වන දින ඒ්ක්සත් ජනපද කැපිටල් ගොඩැනැගිල්ලට එල්ල කෙරෙුනු ප්‍රහාරයේ මහා පරිමානය හා තීව්‍රතාවය හෙලි කරන විනාඩි 13ක වීඩියෝ පටයක් සමගිනි. එම අවස්ථාවේ දී කොන්ග්‍රසය හා සෙනෙට් සභාව යන මන්ඩල දෙකම රැස් වී තිබුනි.

වීඩියෝව මිලියන ගනනක් නරඹන්නන් කම්පනයට පත් කරනු ඇත. මේ දක්වා, සිද්ධියේ වීඩියෝ දර්ශන අසම්පූර්න කොටස් විකාශනය කර ඇත්තේ, බොහෝ විට වඩාත් ප්‍රචන්ඩකාරී දර්ශන අතහැර දමමිනි. ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගේ සංඛ්‍යාව, මැර පිරිස කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුනු විට භාවිතා කල දරුනු ප්‍රචන්ඩත්වය සහ කොන්ග්‍රස් සභිකයින්, සෙනෙට් සභිකයින් සහ උප ජනාධිපතිවරයා පවා දඩයම් කිරීමට එයට තිබූ අධිෂ්ඨානය කවරදා වත් මෙතරම් පැහැදිලි හා හා සංකේන්ද්‍රිත රූපාකාරයකින් ජනතාව වෙත ඉදිරිපත් කෙරී නොමැත.

එපමනක් නො ව, වීඩියෝ ප්‍රදර්ශනය ට්‍රම්ප් විසින් ෆැසිස්ට් කල්ලිය උසිගැන්වීම සහ ඉන් පසුව ඇති වූ ප්‍රචන්ඩ ප්‍රහාරය අතර ඍජු සම්බන්ධය හෙලිදරව් කලේ ය.

සෙනෙට් දෝෂාභියෝග නඩු විමර්ශනය: ජනවාරි 6, වීඩියෝ මොන්ටේජ්

මෙම මැර පිරිසට පන්දහසකට අධික පිරිසක් සම්බන්ධ වූ අතර එයට මිලිටරිය හා පොලීසියේ විශාල සංඛ්‍යාවක් සහ අන්ත දක්ෂිනාංශික මිලීෂියා කන්ඩායම්වල සාමාජිකයෝ ද ඇතුලත් වූහ. කැරලිකරුවෝ ප්‍රහාර එල්ල කිරීමටත්, ට්‍රම්ප්ට සතුරු යැයි සිතන අය ඝාතනය කිරීමටත් සූදානම් ව සිටියහ.

වීඩියෝව සිද්ධ වූ දේ පිලිබඳ ඉතා පැහැදිලි ආඛ්‍යානයක් දිග හරියි. එය ආරම්භ වන්නේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා පැනීමට පෙර ට්‍රම්ප්ගේ කතාවෙනි. “අපි [චන්ද] සොරකම නවත්වන්නෙමු!” යි ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ, තමා “අතිවිශාල” ජයක් ලැබූ අතර මැතිවරනය සොරකම්කල බව පුනුරුච්චාරනය කරමිනි. “ඔබට වංචාවට ඡන්දය දිය නොහැක,” ඔහු පවසයි. “ යමෙකු ඔබ වංචාවකට හසු කල විට, ඔබට වෙනස් නීති රීති අනුව යාමට ඉඩ තියෙනවා.”

“අපි සටන් කරනවා, අපි දැඩි ලෙස සටන් කරනවා,” ට්‍රම්ප් තර්ජනය කරයි. 'ඔබ දැඩි ලෙස සටන් කරන්නේ නැත්නම්, ඔබට තවදුරටත් රටක් ලැබෙන්නේ නෑ.' කැපිටල් ගොඩනැගිල්ලට යෑමේ සැලැස්ම, “අපගේ රිපබ්ලිකානුවන්ට - දුර්වල අයට උදව් ලබා දීම, මන්ද ශක්තිමත් අයට අපගේ කිසිවක් අවශ්‍ය නැති නිසා - අපි උත්සාහ කරන්නේ අපේ රට ආපසු ලබා ගන්න ඔවුන්ට අවශ්‍ය ආඩම්බරය හා නිර්භීතකමේ ස්වභාවයක් ලබා දීම” බව ඔහු පවසයි.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් වලට සමගාමිව ගොඩනැගිල්ලේ සීමාව වටා සිටි දුර්වල ආරක්ෂකයින් ඉක්මවා යමින්, අන්ත දක්ෂිනාංශික මිලීෂියා සාමාජිකයන් සහ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් දහස් ගනනක් කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රචන්ඩ ලෙස පහර දෙන දර්ශන සමඟ දිග හැරේ. පිරිස අතර පුද්ගලයන් “බිල්ඩිම ගනු!”, “සොරකම නවත්වනු!”, “ද්‍රෝහීයෝ!” “ට්‍රම්ප් වෙනුවෙන් සටන් කරනු!” හා “යූඒස්ඒ! යූඒස්ඒ! ' යැයි මොර දෙනු ඇසිය හැක.

බාධක බිඳ දැමීමෙන් පසු, මිලිටරි විලාසිතාවේ ආම්පන්න වලින් සැරසුනු බොහෝ පුද්ගලයන් ඇතුලු, මැර පිරිස, ජනේල කඩා, ගොඩනැගිල්ල හාත්පස විසරී යමින්, වෙන් ව පිහිටි කොංග්‍රස් සභා ශාලාව හා සෙනෙට් සභා ශාලාව වෙත ප්‍රචන්ඩ ලෙස කඩා පනිති.

සමහරු මෙහෙයුම හසුරුවමින්, ගොඩනැගිල්ල තුලට ඒ්මට හා ගොඩනැගිල්ල සිසාරා යාමට මිනිසුන්ට මඟ පෙන්වමින් සිටිති. එක් අයෙක් කැපිටල් පොලිසියේ සාමාජිකයෙකුට මෙසේ කියයි, “අපි උඹලට වැඩියි. අපේ මිලියන ගානක් එලියේ ඉන්නවා, උඹලාගේ ලොක්කා, ට්‍රම්ප්ට අපි ඇහුම්කන් දෙනවා.” අභ්‍යන්තර බාධක මඟහරවා ගැනීම සඳහා ඔවුන් එක් පොලිස් නිලධාරියෙකු ප්‍රචන්ඩ ලෙස දොරේ හප්පමින්, පොදි ගැසුනු තල්ලුවක යෙදී සිටිනවාත් සමග, තවකෙක් මෙසේ කෑ ගසයි: “අපට පෙරමුනට අලුත් දේශප්‍රේමීන් ඔ්නෑ!”

සෙනෙට් සභිකයන් තවමත් එහි සිටින අතර, කැරලිකරුවන් සෙනෙට් සභා ගර්භයට ලං වෙත් ම, “මැතිවරන විද්‍යාල” ඡන්දයට කොන්ග්‍රස් සහතිකය දීම සඳහා මුලසුන හෙබවූ, එවකට උප ජනාධිපති මයික් පෙන්ස් විවේචනය කරමින් ට්‍රම්ප් ට්වීට් පනිවිඩයක් යවා තිබේ. කැරලිකරුවන් සමඟ සන්නද්ධ හිරවීමක් මධ්‍යයේ කොන්ග්‍රස් සාමාජිකයින් කඩිමුඩියේ ඉවත් කරනු ලැබේ. කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටත එක් විරෝධතාකරුවකු අපට “තුවක්කු 30,000 ක්” ඔනෑ යැයි කෑ ගසන විට තවත් අයෙකු “ඊලඟ ගමනට” යැයි පිලිතුරු දෙනවා වාර්තා වී ඇත.

කැපිටල් ගොඩනැගිල්ලට කඩා පැන පැය දෙකකට පසු ව - මේ වන විට ප්‍රාන ඇපකරුවන් අල්ලා ගැනීමට හා ගොඩනැගිල්ලේ පාලනය සුරක්ෂිත කිරීමට කැරලිකරුවන් අසමත් වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබුනි - ට්‍රම්ප් “වංචනික මැතිවරනය” හෙලා දකිමින්, “සුවිශේශී” කැරලිකරුවන්ගෙන් “ගෙදර යන්න'යි ඉල්ලමින් වීඩියෝවක් නිකුත් කලේ ය.

ජනවාරි 6 සිදුවීම් පිලිබඳ වාර්තාමය සාක්ෂිවලින් සමහර කරුනු පැන නගී.

පලමුවෙන්ම, ජනවාරි 6වැනි දින සිදුවීම්වල බරපතලකම අඩු කිරීමට දරන සෑම උත්සාහයක්ම වීඩියෝවෙන් බිඳ දැමෙනු ලැබේ. වීඩියෝ ඉදිරිපත් කිරීම ප්‍රහාරයේ දෘශ්‍ය ප්‍රදර්ශනයකට පමනක් සීමා වී තිබුන ද, පෙනී යන්නේ කුමන්ත්‍රනයක සංවිධානාත්මක උත්සාහයකි. කුමන්ත්‍රනය මෙහෙයවනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්ම වන අතර, ඔහුගේ කතාවේ දී ප්‍රහාරය සඳහා සංඥාව පෞද්ගලික ව දක්ෂිනාංශික මැර පිරිසට ලබා දුන් බවට සැකයක් නැත.

වාර්තා චිත්‍රපටය -ඩිමොක්‍රටිකයන්ගේ සීමිත අරමුනුවලට අනුකූලවම- පුළුල් දේශපාලන නිගමනවලට එලඹීමෙන් වැලකුන ද, ප්‍රහාරයේ පැහැදිලි අරමුන වූයේ කැපිටල් ගොඩනැගිල්ලේ පාලනය අල්ලා ගැනීම, මැතිවරන විද්‍යාලයේ බයිඩන්ගේ බහුතරය තහවුරු කිරීම වැලැක්වීම හා ප්‍රතිඵල ඵලදායී ලෙස අහෝසි කිරීම, සහ ජනාධිපති ඒකාධිපතියෙකු ලෙස ට්‍රම්ප් බලයේ තබා ගැනීම සඳහා කොන්දේසි නිර්මානය කිරීම යි.

මැතිවරනයේ ප්‍රතිඵල සනාථ කිරීම සඳහා කොන්ග්‍රසය රැස්වන ජනවාරි 6වැනි දින, ක්‍රියාත්මක වීමට සුදුසු ම අවස්ථාව යැයි ට්‍රම්ප් හා ඔහුගේ සහචර-කුමන්ත්‍රනකරුවන් විසින් තෝරා ගන්නා ලදී. දෝෂාභියෝග චෝදනා විභාග කරමින් සිටින බොහෝ සෙනෙට් සභිකයින් විසින් ප්‍රවර්ධනය කරන ලද, “කොල්ල කෑ මැතිවරනයක්” පිලිබඳ වංචනික චෝදනා උපයෝගී කරගනිමින් මෙම ප්‍රහාරය මාස කිහිපයක් තිස්සේ ප්‍රවේශමෙන් සූදානම් කෙරුනි.

පහරදීමට සූදානම් වීම හා ප්‍රහාරය අතරතුර පැය කීපයේ දී සිදු වූ දේ පිලිබඳ ව වීඩියෝව ඇග කිලිපොලන චිත්‍රයක් ඉදිරිපත් කරයි. එහෙත් ඩිමොක්‍රටිකයන්ගේ ඉදිරිපත් කිරීම ප්‍රහාරය පෙලඹවීම යටින් පවතින දේශපාලන මූලෝපය ගැන සලකා බැලීම මග හැරියේ ය.

වීඩියෝවෙන් ලේඛනගත කර ඇති සිදුවීම්වලින් පැන නගින ප්‍රශ්නය වන්නේ, ඝාතනය කිරීම සහ / හෝ ප්‍රාන ඇපකරුවන් අල්ලා ගැනීමෙන් හා රජයේ ව්‍යවස්ථාදායක ශාඛාව වසා දමමින්, කැරලිකරුවන් කොන්ග්‍රසයේ පාලනය අල්ලා ගැනීමට සමත් වූයේ නම් කුමක් සිදු වීමට ඉඩ තිබුනි ද? යන්න යි.

කුමන්ත්‍රනය පිලිබඳ සවිස්තරාත්මක පරීක්ෂනයකින් තොර ව, මෙම ප්‍රශ්නයට නිශ්චිත ව පිලිතුරු දිය නො හැක. එහෙත් ට්‍රම්ප් මෙම ප්‍රතිඵලය සඳහා සූදානම් වී -එය මත විශ්වාසය තබා - සිටි බව ඔනෑවටත් වඩා පෙනේ. අරමුන සාක්ෂාත් කර ගෙන තිබුනේ නම්, ට්‍රම්ප් නිසැකව ම ආන්ඩුවේ ව්‍යවස්ථාදායක ශාඛාවට එරෙහි තමන්ගේ පහරදීමෙන් ඇති වූ දේශපාලන අර්බුදය ගසාකෑමට ඉඩ තිබුනි.

ප්‍රහාරය උසිගැන්වීමෙන් පසු ධවල මන්දිරයට පසුබැස ගොස් සිටි ට්‍රම්ප්, හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට “සේනාධිනායකයාට” පැවරුනු අසාමාන්‍ය බලතල යොදා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබුනි. මයිකල් ෆ්ලින් වැනි ඉහල උපදේශකයින් මීට පෙර ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ බලය පැවරීම නැවැත්වීම සඳහා යුද නීතිය ප්‍රකාශයට පත් කරන ලෙසයි. එහි අර්ථය වන්නට ඉඩ තිබුනේ, කොන්ග්‍රසය වසා දැමීමෙන් ඇති වූ රික්තයක් තුල, තථ්‍ය ජනාධිපති ආඥාදායකත්වයකි.

දෝෂාභියෝගයේ ව්‍යවස්ථානුකූලභාවයට පවා විරුද්ධ වෙමින් රිපබ්ලිකන් පක්ෂය ට්‍රම්ප් පිටුපස එක්සත් වීමට ඉඩ තිබුනි. වොෂිංටනයේ සාර්ථකත්වයෙන් ධෛර්යමත් වී මිචිගන්, වර්ජිනියා හා පෙන්සිල්වේනියා වැනි ප්‍රාන්තවල අන්ත දක්ෂිනාංශික මිලීෂියාවන් විසින් ද එවැනිම මෙහෙයුම් සංවිධානය කිරීමට ඉඩ තිබුනි. පහලින් එන මහජන විරෝධය දිරිගැන්විය හැකි ඕනෑ ම දෙයක් කිරීමට බිය වූ ඩිමොක්‍රටිකයින්, “එක්සත්කම” සහ “ද්වි පාර්ශවීයත්වය” යන නාමයෙන් යම් එකඟතාවකට පැමිනීමට ඉඩ තිබුනි.

දෝෂාභියෝග විමර්ශනයේ දී, රිපබ්ලිකන් පක්ෂයේ සියල්ලන් ම පාහේ (සෙනෙට් සභිකයින් 50 න් 44 ක්ම) පෙල ගැසුනේ, එයට නීතිය තුල නිසකව ම පදනමක් නොමති, ට්‍රප්ම් තව දුරටත් තනතුරේ නො සිටින බැවින් විමර්ශනය ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කල ට්‍රම්ප්ගේ නීතිඥයින්ගේ විකාර සහගත තර්ක සමඟිනි.

ජනවාරි 6 සිදුවීම් හදිසි අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. “එය මෙහි සිදුවිය නොහැක,” එනම්, එක්සත් ජනපදය ෆැසිස්ට්වාදයෙන් හා ආඥාාදායකත්වයෙන් නිදහස් යැයි කියනු ලබන වාක්‍යය අසත්‍ය බව ඔප්පු වී ඇත. ෆැසිස්ට් කැරැල්ලක් සිදු විය හැකිවා පමනක් නො ව, එය සිදු වී ඇති අතර එය සාර්ථක වීමට බොහෝ ආසන්න විය. එමෙන් ම මෙය අවසාන උත්සාහය නො වේ.

දෝෂාභියෝගය සඳහා ද්වි පාර්ශවීය ඡන්ද විමසීමක දී තමන් සමග එක්වීමට රිපබ්ලිකන් පක්ෂයේ සිටින තම “සගයන්ට” ඒත්තු ගැන්වීම කෙරෙහි ඩිමොක්‍රටිකයින් අවධානය යොමු කර ඇති තාක් දුරට, ඔවුහු විමර්ශන කටයුතුවල ප්‍රධාන අරමුන විය යුත්තේ කුමක් ද යන්න මග හරිමින් සිටිති.එනම් කුමන්ත්‍රනයේ සියළු තීරනාත්මක අංශ පිලිබඳ පරිපූර්න හෙලිදරව් කිරීම, සියල්ලටම වඩා, එහි සංවිධායකයින් වූයේ කව්රුන් ද, සැලසුම් කිරීමේ දී එක් හෝ තවත් මට්ටමකට සහභාගී වූ අය කව්රුන් ද හා එහි අරමුනු වූයේ මෙනාවා ද යන්න.සෙනෙට් ඡන්ද විමසීමේ ප්‍රතිඵලය කුමක් වුවත්, ට්‍රම්ප් හා ඔහුගේ සියලු කුමන්ත්‍රනකරුවන් අත්අඩංගුවට ගැනීම සහ අපරාධ නඩු පැවරීම සඳහා මාර්ගය පැහැදිලි කරන කරුනු අනාවරනය කර ගැනීම මෙම ක්‍රියාදාමයේ අරමුන විය යුතුය.

Loading